Showing posts with label Life. Show all posts
Showing posts with label Life. Show all posts

Saturday, October 6, 2012

නිවන් යන්න කැමතිද?

ඔන්න පංසලක හාමුදුරු නමක් උන්නලු,  මේ පංසල ලස්සනට චාම්ව තියෙන නිසා මෙකට දෙවි කෙනෙක් වැඩියලු.. ඉතිං ලොකු හාමුදුරුවන්ට කතා කරලා ඒ දෙවියෝ කිවාලු.. ඔබවහන්සේට මම නිවන් අවබෝද කරගන්න වරයක් දෙනවා කියලා, ලොකු හාමුදුරුවො ටිකක් කල්පනා කරලා කිවාලු. මට විතරක් අපරාදෙනෙ. ගමේ දායකයන්ටත් දෙමු කියලා.. ඉතිං දෙවියොත් වැඩේට සෙට්ලු.. ඔන්න ගංඨරෙ කාරිය එහෙම ගහලා ගමේ ඇත්තන්ව ගෙන්නුවාලු පංසලට,
      දෙවියො කිවාලු හා එහෙමනම් එක එක්කෙනා එන්න ඉස්සරහට නිවනට යවන්න කියලා. මුලින්ම ඔන්න සුමනදාස අවාලු..
අනෙ දෙයියෝ මං මේ සිමෙන්ති වගේකුත් ගෙනාව ගේ හදන්න තියෙනවා. එක කරලා දාලම නිවන් දකිනවා කියලා අයින් උනාලු..

ඊලගට වාරේ අවෙ අමරාට ලු.. අනේ දෙවියනෙ අපෙ ලොකු කෙලීව කසාද බදින්න කොල්ලෙක් ඉන්නවා. ඒ කාරිය ටික කරලා දාලම මං නිවන් දකිනවා කියලා අයින් උනාලු..


ඊලගට ග්‍රාම සේවක මහත්තයාට වාරය.. අනේ දෙයියෝ මේ මට අපු පැමිණිලි ටිකක් තියෙනවා.. ඒ ටික ඉවරයක් කරලම එන්නම්..

ඊලගට සියදෝරිස්.. අනේ අපේ ඉඩමෙන් කැල්ලක් අල්ලන් අර මනුස්සයෙක්. ඒකෙ නඩුවෙ තීංදුව මේ මාසෙ දෙනවා කිවෙ. ඒක බලලම මං එන්නම් දෙයියො!

ඔහොම ඔහොම ඔක්කොම එක එක එව්වා කියලා අයින් උනාලු.. දැන් ආවෙ හාමුදුරුවන්ගෙ වාරෙලු..
එහෙනම් ඉතිං ලොකුහාමුදුරුවො වත් නිවන් යවන් නම් නේද ? කියලා දෙවියො ඇහුවාලු..
අනේ දෙවියනේ පංසලෙ ආවාසගෙයි වහල කඩං වැටිලා ඒක ලබන ඉරිදා හදන්න ඉන්නෙ.. දැම්ම නම් නිවන් දකින්න බෑ මට..!!       
   දෙවියංගෙ ඇස්දෙක O_O මෙහෙම උනාලු.. ශුශ් ගාලා දුමක් ඇවිල්ලා දෙවියෝ වාශ්ප උනාලු.. !






 පලී: අපේ සමහර FB එකෙ ඉන්න උදවියත් ඔහොම්මයි.. දෙන්නෙ 1000 ටෝක්ස්.. කරන්න ගියාම .. වෙන වැඩ
"තොප්පි දමාගැනිමෙන් වලකින්න"


..





.

Thursday, August 30, 2012

සාස්තරේ..

අද හවස අපේ බාප්පා සිරා කතාවක් කිවා.. සාස්තරයක් අහන්න ගිහින් වෙච්ච සීං එකක්..
අපේ මිනිස්සුන්ට සාස්තර කියන එක හරි ලොකුයිනේ.. ඉතිං මේකයි කතාව.
මේක උනේ 1978 විතරලු.. තාත්තලාග වෙළක් තිබිලා තියෙනවා. එකෙ මැණික් ඉල්ලමක් අහු වෙලා.. ඉතිං මිනිස්සු දම්මවලා හාරලා හාරලා.. කිසිම මැණිකක් අහු වෙලා නැහැ.. ඉතිං මේකට මොකද උනෙ කියලා බලන්න ඒකාලෙ සුප්‍රසිද්දම සාස්තර කියන තැනකට ගියාලු සාස්තරේ අහන්න..
ඉතිං ඔන්න බාප්පයි. අපේ තාත්තයි.. තව වැඩ කරපු දෙන්නෙකුයි එක්ක ගිහින් සාස්තරපලට

ඔන්න දැන් ඒ සාස්තර කියන ආච්චි, එහෙනම් මං කියන එව්වා ලියාගන්න පස්සෙ මගෙන් අහන්න එපා කිවෙ මොනාද කියලා දැන් ඔන්න ආරූඩ වෙලා කියන් කියන් යනවාලු..

අච්චි: ඕ මේ අය ඇවිල්ලා ඉන්නෙ නැති වූ යමක් හොයාගෙන.. ඕ ඕ... එහෙම නේද?
තාත්තා: නැනැ එහෙම දෙයක් නෙවේ
ආච්චි: ඕ ඕං ම්ම්ම් මේ ඇවිල්ලා ඉන්නෙ භූමි දෝශයක් ගැන සොයා ගන්න නේද.. ඒ භූමියට කොඩිවිනයක් කරලා තියෙනවා කියලා පෙන්නුම් කරනවා.. ඕ ඕ.. එහෙම නේද?
තාත්තා: නැනැ එහෙම දෙයක් නෙවේ..
ආච්චි: මෙතැන කවුරු හරි මත් වතුර බීපු කෙනෙක් ඉන්නවා ඒකයි මේ හරියට පෙන්නෙ නැත්තෙ..
ඒකාලෙ බාප්පයි තාත්තයි එහෙම බොන්නෙ නැහැලු.. එත් එතැන සැකේට හිටිය කෙනෙක්ව එළියට යවලා..
ඔන්න ආයෙ දැන් අහනවාලු සාස්තරේ හරියන්නැහැමලු

ඉතිං ඔහොම ආච්චි එක එක දේවල් කියනවාලු කියනවාලු.. ඒත් මැණික් ඉල්ලම ගැන වචයනක් කිවේ නැහැලු.. 
දැන් ආච්චිට කේන්ති ගිහින් දෙවියන්ට බැන බැන අහනවාලු.. ඒත් කොහෙත්ම කියා ගන්න බැරි වෙලා.. ඊට පස්සෙ ආරුඩෙන්ම කිවාලු.. සත්‍යක් කියවුනේ නැත්නම් බුලත් පඩුරු අරන් යන්න කියලා.. ඉතිං ආරුඩෙත් ඉවර වෙලා.. තාත්තයි බාප්පයි සල්ලිත් අරන් එළියට ආවාලු..

එළියට එන්න හදද්දි අර ආච්චි ඇහුවාලු..
මුකුත්ම කියවුනේ නැතෙයි?
නැහැ කිසිම දෙයක් කියවුනේ නැහැ කියලා තාත්තා කියලා..
ආච්චි අහනවාලු එහෙනම් මොනා ගැනද අහන්න ආවේ කියලා..
තාත්තා ඒපාර විස්තරෙ කියලා.. මෙහෙම ඉඩමක මැණික් ඉල්ලමක් තියෙනවා ඒත් මැණික් නැ කියලා..

ආච්චි එක පාරටම කිවාලු ඉතිං හත් දෙයියනේ මං භූමියක් ගැන කිවානේ..??

පාලී: කතාව තේරුනේ නැත්නම් 3 වැනි පරිඡ්චේදෙ කියවලා බලන්න!!


වෙලා තියෙන්නෙ තාත්තයි බාප්පයි මැණික් හැරුවාට ඒ ගැන වැඩිය හොයලා නැහැ.. එතැන ඉන්න මැණික් ගැන දන්න එකා.. හොද මැණික් ටික අරගෙන තාත්තට සාමාන්‍ය ගානට වටින ගල් කැලි වගයක් දීලා මාරු වෙල..!!



Wednesday, August 8, 2012

ආදරය

ආදරය කියන දේ එක එක අය එක එක විදියටයි දකින්නෙ.. මේ විකාර පොස්ට් එක, ඒ ගැන කතා කරන්නයි..!



  • 2 වසරෙ පොඩි එකෙක් <හිතන්නෙ> අපෝ ඊයා..
  • බිස්නස් කාරයෙක් <හිතන්නෙ> සල්ලි උල්පතක්
  • දෙමාපියන් <හිතන්නෙ> මිනිමැරුමක් වගෙ
  • ඉස්කොලෙ ගුරුවරු <හිතන්නෙ> ලෝකෙ තියෙන වැරදිම වැඩේ
  • 10 වසරෙ දික්කලිසම් අදින කොල්ලො <හිතන්නෙ> කෙල්ලෙක් දාගන්න එක තමා ගේම..
  • මල්ලි <හිතන්නෙ> XXX
  • අලුත් කෆල් එකක් <හිතන්නෙ> ශහ් මෙක තමා ජිවිතෙ
  • පරන කෆල් එකක් <හිතන්නෙ> මොන කරුමක්ද මෙක 
  • බැදපු එවුන් <හිතන්නෙ> ජිවිතෙම ඉවරයි.
  • පොලිසිය <හිතන්නෙ> ස්ත්‍රී දූශණ වගේ
  • නීතීඥයො <හිතන්නෙ> නඩු නඩු
  • හාමුදුරුවො <හිතන්නෙ> කාමෙසුමිච්ඡාචාරා
  • කෙල්ලො <හිතන්නෙ> කොල්ලො අපෙ පස්සෙන් එන්න ඔනි..
  • ෆිල්ම් හදන උන් <හිතන්නෙ> පේමන්ට් එකෙ හරි විකුණ ගත්තැහැකි
  • බ්ලොගර්ස්ල <හිතන්නෙ> හිට් තියෙන්නෙ මෙව්වටනෙ.. 


ද හාවා..෴


.

Tuesday, July 10, 2012

දිරච්ච ගස

 හැමදාම උදේට නැගිට්ටාම
ජනෙලෙන් පෙන්නෙ මට
දිරච්ච ගහමයි..
වෙලාවකට මහ මුස්පෙන්තුයි වගෙ හිතුනට
ඒකත් අපෙ ජීවිතේට සමයි නේද කියලත් හිතෙනවා
ඒකෙ සුන්දරත්වය මං විදින ගමන් එක එක දේ කල්පනා කරනවා
කොලයක් ඇහැට දකින්න නැතත් ඒක කුරුල්ලන්ට හෙවන ගේනවා
එයාගෙ පුංචි අත් විහිද ගෙන
කොල නැතත් සෙවන හදන්න අර අදිනවා..
හිතන්න
අපෙ ජීවිතෙත් මේ ගහම නේද..?
අපි ජිවත් වෙන්නෙ ඇයි?
වෙන කෙනෙක් පෝශණය කරන අරමුනෙන් නෙවෙද?
අපිත් ජිවත් වෙනවා තමා..
එත් අපි පිට අයව ජීවත් කරවන්න උත්සාහා ගන්නවා කියලා හිතෙන් නැද්ද?
අනිත් ගස් වලට වඩා කුරුල්ලො කැමති මේ දිරච්ච ගහට
මේ තියෙන්නෙ ඒ ගස
මේක ලියන කොටත් මේ ගහෙ කුරුල්ලො ගොඩක් ඉන්නවා..
මැරෙන්න යන ගහට සලකන කුරුල්ලො එතැන ඇත්ද?
නැත්නම්
ඔන්න උඹ මැරියන් අපිට උඹෙන් හෙවන විතරක් දියන්
කියන කුරුල්ලොත් ඇති නේද?
අපේ ජිවිතෙත් එහෙම නෙවෙද?
මකුළු අම්මා බලන්න
දරුවන්ට ආදරෙන් එයාව විනාශ වෙනකම් බලන් ඉන්නවා..
මේ ගහත් එහෙමයි..
එයා විනාශ වෙනවා..
ඒත් තාම දරුවන් රැක ගන්න හෙවන හදන්න හදනවා..

අපිත් දිරච්ච ගස් වැනිය..
අවශ්‍ය වන්නෙ දිරච්ච බව නොව.. කරන්න හැකි දේ ගැනය!!

Monday, June 11, 2012

විවාහය

ඇගේ අතින් අල්ලා මා වෙරල තීරයේ පිය නගන්නට විය.. මිනිසුන් අපදෙස ඔනැකමින් බලනවායැයි මට විටක සිතෙ.. මගේ සුරතලියගේ හුරතලය, ලස්සන, මේ සියල්ලටම මිනිසුන්ගෙ හිත මෙන්ම ඇසත් යොමුවෙනවායැයි මට හැගේ.. මට මහත් හිසරදයක් මෙන්ම ඉරිසියා ගෙන එන්න එයමය..
කාලකන්නි!!
මුංට කරන්න වැඩ නැතිවද මංදා අපි දිහා බලන්නෙ..
වාසනාවට අද බංකුවක් තියෙනවා.. අපේ රාජදාණිය අටවාගැනිමට බංකුව වෙතට විගස පියනගන්න උනෙමි..
හෝව් අයියෙ හොව් වාඩිවෙන්න එපා.. ඒ ඇගෙ කට හඩයි..
ඇයි ඇයි නංගි ?
නැ මේ කාක්බෙට්ටක්..
ඇක්කා.. මම කඩදාසිකැබැල්ලක් ගෙන පිසදමන්න විය.. මා ඉන්නෙ වෙන ලොවකමදැයි මට නැවත සිතෙන්නට විය.. ඈ මට අනතුරු නොඈගෙව්වා නම්, එම නැවුම් වසුරපිඬ මාගෙ පස්චාත්භාගයේ ගැවෙනවා නොවනුමානය!! ඇගේ දෙනෙත් තීක්ශණය, වට පිටාවෙහි අවඳාණය ඇ කිසිවිටෙක අතනොහරිති..!

අයියෙ මට බඩගිනී.. ගෙනාපුවා කමුද ? හා කමු.. මම බැගයෙන් ගත් රෝල්ස් එක ටිශූ එකක ඔතා ඇ වෙත දුන්නෙ පුල් ඩීසල් ලුක් එකකිනි.. ඈද සිනහවක් දමා එය උදුරා ගත්තෙ, පාරෙ ඉස්ටිකර් වෙච්ච පුසෙක් දුටු කපුටෙක් මෙනි.. සොරි කපුටියක් මෙනි.. වල් පල් දොඩමින් එය ගිල දමන්නට විය.. අවසාන කැල්ලට ලං ඌ කල කලින් තිබූ පිරිසිදු ඩීසන් බව පහව ගොස් ඌරන්ට මොන සෞඛ්‍යදැයි රොල්ස් කැබැල්ල අතට ගෙන කන්නට විය.. නැතිනම් මාගෙ සිහිවිකල් භව නිසා ටිශූ එක නොදැනුවත්ම බඩට යාමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් වැඩිවිය හැක..

කතා කරන්න බොහෝ දේ ඇත.. ඇගෙ වතුර බෝතලයෙන් වතුර බොන ගමන්..
නංගී ඉතිං මොනා හරි කියන්නකො..
ඔයාම කියන්න අයියේ..
මට බැහැ නංගි.. ඔයා කියන්න..
ම්ම්ම්ම්.. අපි ගැන කවද්ද අයියෙ ගෙදරට කියන්නෙ..?
ම්ම්ම්ම් ඒක නම් ලොකු ප්‍රශ්ණයක් තමා නංගි.. අපි තව ටිකක් ඉවසමුද?
හා අයියෙ.. කොහොමත් තාම ශිෂ්‍යත්වෙත් ඉවර නැහැනෙ..
හ්ම්ම්..
මේ නංගි.. අපි බදිමුද?
පිස්සුද අයියෙ.. තාම මගෙ චූටි මගුල ගත්තෙත් නැහැනේ..
හ්ම්ම්ම්ම්ම්ම්...


..................................................................
හම්බානෙක මනංකල්පිතයි..!
කතා දෙකක එකතුවකි.. අන්තිම කතාවෙ කෘතු මම නොදනිති..


ද බනී...


..

Thursday, May 10, 2012

මාමංඩී

මෙහෙම ඉදලා බැ අයියෙ.. ඉක්මනට ගෙදර ඇවිල්ලා අපෙ අප්පච්චිට කියන්නකො..
ගෙදර කවුරු හරි මෙහෙම ඉන්නවා අපිව දැක්කොත් ?

ඒ ඇගේ හැමදාම play වෙන track එක.. මට ඕක හිසරදයක් වෙලා තියෙන්නෙ.. එත් වෙලාවකට හිතෙන්නෙ මගේ නොහැකියාවදෝ කියලත්..

හරි හරි නංගි.. මං ලඟදිම ඇවිත් අහන්නම්..

ඔයා හැමදාම ඔහොම කියල මගඅරිනවා.. මොකක්ද අයියෙ.. කතා කරන්න බයද ඔයා ?

බය ? පිස්සුද මං බය නැ.. මං එන්නම්..

හරි ඔයා ඉරිදා එන්ඩ ඔනි අපෙ ගෙදර.. අප්පච්චි ගෙදර ඉන්නවා..

හ්ම්.. හරි මං එන්නම්කො..
මම ඇගේ නලල් තලය සිපගන්නට විය.. එහි පහසට ඇගේ තොරතොංචියක් නැති කට වැහෙන බව මා හොදාකාරයෙන්ම දැනන් උනිමි...
.......

සුපුරුදු පරිදි රාත්‍රියේ මා facebook හි සැරි සරමින් උන්නෙමි.. එක එක අයගේ ලයික් කමෙන්ට් බල බලා කරන්නෙ කාලය කාදැමිමක් යැයි සිතුනත්.. එයට මා ඇබ්බැහි වී ඇත.. එහෙත් රාත්‍රියට කලයුත්තක්ද නැත..

මේ අතර වාරයේ මගේ chat box එකෙන් pop සද්දය ඇසි මම බැලිය..

#.හලෝ මල්ලියා.. කොමද ජිවිතේ ??

#.ආ රීරි යකා අයියේ.. :D කොහොමද ජිවිතේ ?

#.ඔන්න ඔහේ ඉන්නවා මල්ලියේ..

#.අයියා කාලෙකින් බ්ලොග් එක ලිවෙත් නැ නේ ?

#.ඔව් මල්ලි වැඩ වැඩි.. මේ ළමයින්ගෙ වැඩයි හැම මගුල්ම..

#.හික් හික් හික්.. එහෙම තමා අයියේ හිරෙ විලංගුවේ වැටුනා වගේ තමානෙහ් ?
අර කියන්නෙ විවාහය රස අඹයකි.. එය උරන්නා අමු මෝඩයෙකි කියලත් :D

#.ඒක හෑබව.. හික් හික්.. මල්ලි මම යන්ඩ කියලා..වැඩ වගයක් තියෙනවා.. අපේ ගෙදර එක්කෙනත් කතා කරනවා.. මං ගිහින් බලලා එන්නම්..

#. හරි හරි අයියේ පස්සෙ සෙට් වෙමු.. මාත් හෙට ගමනක් යන්න ඔනි.. වැඩ වගේකට.. හෙනම් ගුඩ් නයිට් ඇ.. ටටා බායි..!!

#. හරි මලේ ටටා බායි..!!

...............
හිතෙ කවදාවත් නැති චකිතයක්.. වෙනදට ඉරිදා මෙහෙම නැහැනෙ.. ෆන් එකේ ඉන්න දවස.. හ්ම්ම් ලොකු පිම්මක් පනින දවසක්..

මම හෙමින් හෙමින් ඇගේ ගෙදරට පියනැගුවෙමි.. ඒ ඇගේ ඉල්ලිම ඉටුකිරීමටය..
අද හොද උවහොත් අපිට කිසි කරදරයක් නැතිව එක් විය හැක..!!

ගෙට්ටුව විවෘත්තව ඇති බැවින් මම දොරකොඩටම ගොස්.. ගෙදර කවුදැයි සංවරව ඇසිය..
අද ෆුල් ඩීසන් වියයුතුමය.. නැත්නම් ලකුණු කැපෙනවා ශුවර්ය..

ඉක්බිති මැදිවියේ කාන්තාවක් පැමිණ ඇයි පුතා යැයි ඇසිය..
මාගේ කකුල් දෙක මැඩ්ලින් ගහන්නට විය. දැකලා පුරුදු මුහුණකි...
මේ මේ ඇන්ටි.. අංකල් ඉන්නවද..?
ආ ඉන්නවා.. ඔහොම ඉන්න මං එන්න කියන්නම්..
හ්ම්..
ගතඌයේ ස්වල්ප මොහොතකි..
මගේ හදවත නැවතී ගොස් ඇති සේයක් දැනිනි.. විශ්වයම මා වටා කැරකැවෙමින් ඇත.. මියගොස් ඇත්දැයි බැලිමට මම අත කොනිත්ත ගත්තෙමි.. එහෙත් මම ජිවතුන් අතරය.. මේ මා දකින්නෙ සිහිනයක්ද නොවෙය..
දෙයියනේ..
රීරි යකා අංකල්... ??



පාලි: ජිවිත කතාව නම් නෙවේ ඇ :D





ද බනී..෴

..

Tuesday, April 24, 2012

සිග්නල් දාන්න දන්නවද..?

මුලින්ම කියන්න ඔනේ 22 ගෙට් එක නම් එළ.. අලුත් සෙට් එකක් අදුර ගත්තා .. ඒත් අර මගේ ශොර්ට් ටයිම් මෙමරි  ලූස් සීං එක නිසා.. ගොඩක් අය අදුර ගන්න බැරි උනා එයාලා කියන කම් :D

කතාව:
මේක අද හවස උනේ.. මගේ ලේ රත්වුන සීං එකක්..

වෙලාව හවස 5.30 විතර..  මගේ කකුලේ ඇගිල්ලට බෙහත් දාගෙන ඇවිත් වාහනේට නැගලා එන්න පිටත් වෙන්න හදද්දි.. වාහනේ නැවැත්තුවෙ දකුණු පැත්තෙ ඩොක්ටර්ගේ කාර් එකට ඉස්සරහින්.. අනික් පැත්තෙ ඉඩ නැති නිසා.. මම හොදට පාර බලලා වාහනේ පාරට ගන්න හදද්දි.. මෝටර් සයිකලයක් ඇවිත් ගෑවි නොගෑවි ගියා.. ආපු වේගෙට උන්ට කොන්ට්‍රෝල් කරගන්න බැරි උනා.. එතැන වංගුවත් එක්ක..
ඒත් මං ආවේ මෝට සයිකලයක නෙවෙ.. රෝද  4 ක වාහනේක.. ඒක ඔනි එකෙක්ට පේන්න ඔන පේන්නෙ නැත්නම් ඌ පොට්ටයෙක්.. අනික මේ එළිය තියෙන වෙලාවේ.. මං ඩක් ගාලා බ්‍රේක් කලේ නැත්නම් උං දෙන්නා අනිවා වාහනේ වැදිලා විසික් වෙනවා..

වැරැද්ද උංගේ අතේ තියෙද්දි පිටි පස්සෙ ආපු පොර බැහැලා ඇවිත් මට සද්දෙ දානවා.. මට වාහනේ පදින්න උගන්නන්න එනවා..
සිග්නල් දැම්මෙ නැලු.. පාරට ගද්දි බලන්න ඔනිලු.. ලයිශන් තියෙනවද අහනවා.. ගහන්න වගේ..
ටික වෙලාවක් යද්දි වටේටම මිනිස්සු ආවා.. හැම මනුස්සයෙක්ම මගෙන් අහනවා මොකද පුතා ප්‍රශ්නේ කියලා.. අරුන් මට අතක් හරි ඉස්සුවා නම් අර ඒ ගමේ මිනිස්සුන්ගෙන් ස්ටිකර් වෙන්න වදිනවා. !

මං උගෙන් අහපු ප්‍රශ්ණ.. 

01. මට නම් ලයිශන් තියෙනවා.. මහත්තයාට ලයිශන් තියෙද ?
 ඔව්
02. රෝද 4 ක වාහනයක් කලින් පැදලා තියෙනවද?
 ඔව්
03. සිග්නල් සුවිච් එක තියෙන්නෙ වමේද දකුණෙද?
  වමේ..
04. එහෙනම් මහත්තයා මට සිග්නල් ගැන උගන්වන්න එන්නෙ කොහොමද? 
  වටේ උන් හොද හූවකින් සංග්‍රහ කලා මැන්ස්ට.. අයියා පාට් ඔක්කොම ඉවරයි..

මේ මනුස්සයෝ.. සිග්නල් එක දැම්මාම වාහනේ පාරට අරන් රෝදෙ කෙලින් උන ගමන් සිග්නල් සුවිච් එක ඔටෝ ඕෆ් වෙනවා.. මේක රෑ උනා නම් වාහනේ පාර්කින් ලයිට් දාලා තියෙනවා.. රතු ලයිට් වලින් වාහනේ පේනවා.. ඔයාල පොට්ට නැනේ නේද?
වැරැද්ද කරලත් සද්ද දාන්න එන්නෙ මොකද?

සොරි සර් සොරි කියලා මිනිහා යන්න ගියා.. මෝටසයිකලේ පැද්ද පොර සද්ද දැම්මා නම් කමක් නැ.. පිට පස්සෙ හිටිය එකයි කැ ගහන්න ආවෙ.. අන්තිමේ නොන්ඩි වෙලාම ගියා..

ප්‍රශ්ණ වලදි අත පය දිග ඇරලා වැඩක් නැ.. මනුස්සයාව අදුර ගෙන වචනෙන් ගැහුවාම ඇති.. :)

පාලි: රෝද 4 ක වාහනයක් තිබ්බ කියලා මෝට බයිසිකලය හෑල්ලු කලේ නැත.. නීතිය නම් නීතිය හැමෝටම පොදු විය යුතුය.. රෝද 2- 3 -4 - 6- 10 උනත්.. හික්මීමක් හා සංවරව වාහනේ පදවන්ඩ ඔනී.. නැතිව ඕවා තියෙන්නෙ හරක් වහේ ඔහේ යන්නන් වාලේ යන්න නෙවේ..,

කතාව ඒ හැටි වැදගත් නැතිව ඇති.. එත් ඔහොම සද්ද දාන්න එන උන්ට ගහ ගන්නෙ නැතිව වචනෙන් ගහන්න පුරුදු වෙන්න ;)



ආයෙ සෙට් වෙමු..!!

..
...

Saturday, April 7, 2012

ඉරණම්කාරී


අනේ පිං අයියේ.. මාව බේර ගත්තට..
ඔයාගෙ නම මොකක්ද නංගි ?
සෙනුරි..
හරි නංගි පස්සෙ කතාකරමු.. ඔයාගෙ ගෙදර නම්බර් එක මොකක්ද?
මම ඈ දුන් නම්බර් එකට කතාකලා.. ගැහැනු කටහඩක්
හෙලෝව්?
මේ සෙනුරිගෙ කවුද?
ආ අම්මා.. ඇයි ඇයි එයාට මොකද ? කවුද මේ කතා කරන්නෙ ?
ආ අම්මෙ.. එයා මේ කලන්තෙ හැදිලා .. පාරෙ හිටියා.. පාර කියන්න මං ගෙදරට එක්ක එන්න..
අනේ දෙයියනේ..
අපේ දුරකතන ඇමතුම විනාඩි කිහිපයකින් අවසන් විය.. මම ඈගේ නිවස යැයි කී තැනට පැමිණිලා..
ගෙට්ටුව ලග කාන්තාවක් හා පිරිමියෙකු කලබලෙන් බලන් ඉන්නවා..

මේ සෙනුරිගෙ අම්මද?
ඔව් මහත්තයා.. ඔයා කවුද..? කෝ සෙනුරි..
සෙනුරි කාර් එකේ ඉන්නවා.. එයාට පොඩි කරදරයක් වෙලා..
මොකක්? ඒ කාන්තාව හඩාවැලපී කාර් එක දෙසට දුවන්නට විය.. මා ඇගේ පසු පසින් දිවගියෙමි

.................
මොකක්ද දෙයියනේ අපිට මේ උනේ..??? අනේ මගේ අහිංසක කෙල්ල..

කලබල වෙන්න එපා අම්මෙ.. ගිය දේ ගියා..
මට පාරෙ යද්දි විලාපයක් ඇහුනා.. සද්දෙ එන පැත්තට දිව්වා.. මම එනකොට පිරිමි 4 දෙනෙක් එයාව වටකරගෙන හිටියේ.. මං එනකොටත් එයාව විනාශ කරලා ඉවරයි..
සමහර විට උං මෙයා මරන්නත් හිතන් ඉන්න ඇති.. උං එක්ක මම ගහගත්තා.. උන් මටත් ගහලා පැනගත්තා..

................
මාස කිහිපයකට පසු..




අම්මෙ මං සෙනුරිව විවාහ කරගන්න කැමතී.. අම්මලා මොකද කියන්නෙ?

මොකක් ? මහත්තයෝ මේ කෙල්ලව අනාත උනා.. මහත්තයා ඒක දැන දැන ඇයි මේ අමාරුවෙ වැටෙන්න යන්න හදන්නෙ..?

ඒක අම්මා ගැටලුවක් කරගන්න එපා.. මට එයාගේ පිරිසිදු බව ගැන අදාල නැහැ.. අනික මම දැක දැක ඒ දේ සිද්ද උනේ.. මට සෙනුරි ගැන සැකයක් නැහැ.. එයා අනාත උනා.. සමාජෙන් කොන් වෙන්න දෙන්න බැහැ.. මං එයා බලා ගන්නම්..

අනේ මම දන්නැ මහත්තෝ.. මහත්තයා පුදුම මනුස්සයෙක්.. මේ පිනම ඇති බුදුබව ලබන්න..!! ඈ දෑත් එක්කර මට පිං දෙන්න විය..
...............

තවත් මාස කිහිපයකට පසු..

මචං වෙඩින් එකෙ වැඩ සිරාවට උනානේද?

ඔව් බං.. මං හිතුවට වඩා හොදට උනා..

සෙනුරි පට්ට ලස්සනයි මචං.. උඹෙ ලක් එක.. එත් බං.. ඇයි rape කරපු කෙල්ලෙක්ම බැන්දෙ උඹ ?
 මං උඹෙ හොදම යාලුවා වෙලත් ඒකට හෙතුවක් කීවේ නැනේ ???

සෙනුරිව කවුරුවත් rape කලේ නැ බං.. ඒක මමයි කලේ..
එයා මගේ GF.. :)

නිමි...෴

Thursday, March 29, 2012

නඩයකට සෙට් විය..!!

පටන් ගන්නෙ කොහෙන්ද මංදා.. දවස් 3 ක් කරපු හරිය මේකෙ ලියන්නත් බැ.. කෙටියෙන් ලියලා දාන්නම්..
        හුගක් කාලෙකට පස්සෙ අපේ ගෙදර කට්ටිය සමඟ පිට බස් එකක ට්‍රිප් එකක් යන්න දාගත්තා.. අපෙ ගෙවල් කිට්ටුව අදුරන ඇන්ටි කෙනෙක් තමා මේක සංවිදාණය කරලා තිබ්බෙ.. ඉතිං අපේ තාත්තත් යං කියලා අපිත් ලැස්තිකරව ගත්තා.. අපේ බාප්පලයි ගෙදර අයත් සෙට් උනා.. ගමන තිබ්බෙ මෙහෙම..

කන්දෙවිහාරය > කළුතර බෝධිය > කැළණිය විහාරය > මහනුවර දළදාමාලිගාව > සිරිපාදය..

ඉතිං උදේ පාන්දර 4 ට විතර ගමන පිටත් වෙලා කන්දෙවිහාරෙත් වැදගත්තා.. උදෙම්ම නැගිට්ටාම පැයක් ඇතුලත කන්න බඩගිනි වෙන ලෙඩක් මට තියෙන නිසා මං තිං කැ ගහන්න ගත්තා බඩ ගිනී කියලා :D  අනේ ඉතිං මං නිසා මුලු නඩේම උදෙපාන්දර කනවා :P
කන්දෙවිහාරෙ ඒවට පහසුකම් හදලා තියෙනවා කිසි කරදරයක් නැ..

එතැන වැඩකටයුතු ඉවර කරලා අපි ආවෙ කළුතර බෝදියට.. නමුත් එතැන නවතින්නෙ නැතිව දිගටම යන්න යෝජනා උන නිසා, පඬුරු දාලා කෙලින්ම කැළණියට ගීයා.. කෙලින්ම කීවට ඉතිං වංගුත් තිබ්බා :D
 අපේ ඩ්‍රයිවර් උන්නැහෙත් ට්‍රිප් වලට කියාපු උංදැ.. ගෝලයත් ඒ හා සමානයි.. ගෝලයා කිවට ඒ මනුස්සයාටත් ඩ්‍රයිවින් හැකි.. ඔන්න ගාල්ලෙ අය ට්‍රිප් යනවා නම් කියන්න එ බස් එක සෙට් කරලා දෙන්නම්.. ගානත් අඩුයි.. ගාල්ල මහනගර සභාවේ ඉන්ජිනෙරු ඒකකයේ බස් එක :D අපේ බාප්පාලාගෙ වර්ක්ශොප් එකෙ බස් එක නිසා තමා අරන් ආවේ ඒක..හැබැයි ඉදිරියට නම් ගනන් වැඩි කරන කතාවක් කිවා..!

එව්වා වැඩක් නැ.. ට්‍රිප් එකෙ රසමුසු තැන් හා දුක හිතෙන දේවල් තමා මට මේකෙ ලියන්න ඔනේ උනේ..

අපි 3 වැනියට ආවේ කැළණියට,  එතැන ගිහින් බාප්පත් එක්ක තර්ක කර කර වටේ ඇවිද්දා.. තර්කය තිබ්බෙ කැළනිය විහාරය වටේ තියෙන අමුතු කහපාට පාශාණය හා ඒක කරපු කාලසීමා.. ඉතිං ඇවිදලා කරලා අපි ගියා විහාරය ඇතුලට.. ඇතුලට ගියාම මගේ කැමරාව දැක්ක හාමුදුරු නමක් පැනලා කියාපි හාහා පුතා පොටොස් නම් ගන්න එපා කියලා.. මං එහෙමයි හාමුදුරුවනේ කියලා මාරු උනා.. අහන්නත් තිබ්බා පොටොස් දිය වෙනවද ෆ්ලැශර් එලියට කියලා.. එත් මයේ මොකො කියලා මං ඇතුල බලලා එලියට එන්න ආවා..
ඒත් මට ප්‍රශ්ණ කොටියයි.. විහාර ගෙයි මැද චිත්‍ර හරිම සරලයි.. වටේ ඒවා සංකීර්ණයි.. 
මං බාප්පාගෙ කනට කරලා ඇහුවා.. මොකක්ද මෙහෙම වෙන්න හේතුව කියලා.. බාප්පා.. මං දන්නෙ කොහොමද දරුවො ඔව්වා.. අන්න අර හාමුදුරුවන්ගෙන් අහන්න..
මල සේකයි.. අර මට ෆොටො ගන්න එපා කිව හාමුදුරුවො.. ඒත් ඉතිං ප්‍රශ්ණයක් තියාගෙන එතැනින් යන්න හොද නැති නිසා මං ගියා අහන්ඩ.. හෆ්ෆෙ කියන්න දෙයක් නැ හරිම හොද හාමුදුරු නමක්..

මහත්තයෝ මේක කොටස් දෙකකට හදලා තියෙන්නෙ.. එකක් නුවර යුගයේ චිත්‍ර.. ඒවා අවුරුදු 1800 ගානක් පරණයි.. මේ එළියෙ තියෙන ඒවා ඊට අවුරුදු 100 කට පස්සෙ කරපුවා.. ඒකයි ඒවා සංකිර්ණ හා කලාත්මක අතින් උසස්..

කිවත් වගේ කතාව ඇත්ත..
ඔන්න කොහෙන්දෝ ඉදන් අපෙ බාප්පත් පාත් වෙලා.. මගේ කතාවට බාදා කරලා..

බාප්පා: හාමුදුරුවනේ අර ටිවි එකෙ රෙඩියෝ එකේ එහෙම කිව අර අලුතින් කරපු මැණික් පුටුව කොයි?

හාමුදුරුවො: මැණික් පුටුව ? හොහ්.. ඒක හොද මැණික් පුටුව.. අනේ මහත්තයෝ මහත්තයාලත් මේ මාධ්‍යයෙන් ලොකුවට පෙන්නන දේවල් වලට රැවටෙනවානේ.. එකත් අතකින් මහත්තයා සාදාරණයි.. ඕකෙ පෙන්නන්නෙ ඇත්ත වගේනෙ.. ඒක මහත්තයෝ කොන්ක්‍රට් පුටුවක්.. මේ ඉමිටෙශන් ගල් වගයක් අල්ලලා.. මං කිවා ඒක ගෙනාපු හාමුදුරුවන්ට.. වහාම අරන් යන්න කියලා.. මහත්තයෝ මේක පූජනීය තැනක්.. බුදුන් වැඩිය තැනක්.. මෙතැන්ට ඔනි කොන්ක්‍රිට් පුටෘවක් නෙවේ.. එක්කො ඔන්න ඕක හදපං කලුවර ලීයෙන්.. එක්කො මොනා හරි වටින දේකින්.. එහෙමනෙ වෙන්න ඔනි.. කොන්ක්‍රිට් කියන්නෙ වටින දෙයක් නෙවෙ..

බාප්පා: ඒක ඇත්ත හාමුදුරුවනේ.. සමාජේ දැන් මිනිස්සුන්ව මුලා කරලා.. පුජනීය දේවල් විකුණලා.. රට මොන පැත්තට යනවද මංදා..

හාමුදුරුවො: මහත්තයෝ මේක අපේ රටේ ප්‍රදාණ උන්ගෙ වැරදි.. උන් කියන්නෙ මොකක්ද අපෙ උන් කරනවා.. දැන් මේ පුතා හැදුනේ පන්සලේ.. ගුණ ධර්ම දන්නවා.. හොදට හැදිලා තියෙනවා.. මූ දන්නවා සමාජේ ඉන්න ඔනි හැටි.. මූට පෙනවා සමාජෙ වැරදි .. ඒත් නරකට හැදිච්ච එකා නරකමයි.. ඌට බලය ලැබුනු තැන .. ඒක විනාස කරලා.. රටත් විනාස කරලා.. තමනුත් විනාස වෙනවා..

බාප්පා: එහෙයි.. එතකොට හාමුදුරුවනේ තියෙනවා කියන ඇත්ත මැණික් පුටුව ?

හාමුදුරුවෝ.. ඒක මහත්තයො බලන්න ඔන්නම් වෙහෙර වහන්සෙ කඩාගෙන ඇතුලට යන්න.. එක්කො ඒක ඉස්කැන් කරලා බලන්න..

අපි ටක් ගාලා හාමුදුරුවන්ට වැදලා එතැනින් මාරු උනා.. 

බාප්පා: එයාගෙ පුතාලා දෙන්නා පැත්තට හැරිලා ඔන්න තෙරුනානෙ.. කොමද එදා මතකද.. අම්මා ටිවි එක දාගෙන.. අපිට මැච් එක බලන්න දුන්නෙත් නැනෙ? ලොකුවට අහන් හිටියා පුටුව බලන්න.. ඔය කරලා තියෙන්නෙ.. අම්මපා මේක හාමුදුරුවො ලව්වම පැහැදිලි කරන්න ඔනි.. අන්න ගිහින් කියන්න අම්මට පුටුව පෙන්නනවා කියලා හාමුදුරුවන්ට කිවාම..

ඉතිං අපේ බාප්පාගෙ පුතා මේක කිවාම ඇඹරෙනවා.. ඌට යන්න කම්මැලි කමට.. නඩෙ ගාව ඕක කියන්නත් එපැයැ.. ඉතිං මං වැඩෙ බාර ගත්තා.. මං හෙමිට ගිහින් පුංචි අම්මටයි අපේ අම්මටයි කිවා. අන්න ගිහින් බලන්න මැණික් පුටුව පෙන්නනවා කියලා.. මේක ඇහුනා විතරයි නඩේ හිටය ඔක්කොම ගෑණු කට්ටිය .. මෙන්න යනවා පුටුව බලන්න.. මං හෙන ගේමක් දීලා හිනාව තද කර ගත්තෙ.. කට්ටියම ගිහින් මූන පුම්බගෙන ඔරව ඔරව එනවා..

මැණික් පුටුව දැක්කයි?
පැය 2-3 ක් යනකන් මාත් එක්ක කවුරුවත් කතා කලේ නම් නැ :D

සත්‍ය අවබෝද කරන්න පුජා භුමියේ ඉදන් බොරුවක් කිවට ඒක පවක් නෙවෙ කියලයි මගේ මතය නම්..!!
................
එතැනින් ඇවිල්ලා අපි නුවරත් ගිහින්.. කෙලින්ම සිරිපාදෙට ගියා..

ඔතැන ඉදන් තමා මට කලකිරෙන දේවල් ටික වෙන්න ගත්තෙ..

නඩේ කට්ටිය එකි නෙකාගෙ අදහස් වලට විරුද්ද වෙමින් හිතෙ හැටියට වැඩ කරන්න ගත්තා.. නඩේ ගුරාට කැ ගහලා කන්ඩායම සෙට් කරගන්න ඒ හැටි හැකියාවක් තිබ්බෙ නැ.. උන්දැත් වයසයි..
ඉතිං තාත්තා කිවා.. අපේ ගෙදර අයයි.. බාප්පලාගෙ ගෙදර අයයි.. එකට යමු කියලා.. එහෙම කියලා අපි 4 ට විතර නගින්න ගත්තා..
අපි එක්ක ඔය ට්‍රිප් එකට කට්ටිය එකතු කරපු අත්තම්මාගෙ පොඩි දුවයි.. එයාගෙ දුවයි ආවා.. ඉතිං අපි කට්ටිය හෙමින් හෙමින් කරුනාකරනවා.. මොකද අපේ අම්මට හා පුංචි අම්මට ඒ හැටි ඉක්මනට යන්න අමාරුනිසා... කොහොම කොහොම හරි කරුණාකරා..
ටිකක් දුර ගියාම.. පාර 2ට බෙදෙන තැනක් හම්බෙනවා.. එතැන එක මිනිහෙක් ඉදන් කියනවා.. මේ පැත්තෙන් යන්න.. සමන් දෙවියන්ගෙන් ආරක්ශාව අරගෙන යන්න කියලා.. අපේ අම්මලා තාත්තලත් යන නිසා.. මාත් ගියා ඒ පැත්තෙන්.. පාට පාට රෙදි වලින් හදාපු පොඩි පංසලක්..
හාමුදුරුවො 3 නමක්.. ඒ හාමුදුරුවෝද නැත්නම් නිකං සිවුර පෙරව ගත්ත උන්ද මංදන්නැ.. එකෙක්ගෙ මූනෙන් කපටි කම වැහෙනවා.. ඒ කතාකරපු විලාසෙට මට දෙන්න තිබ්බා දත් ඇන්ද ගැලවෙන්න..
"පිංවතුනී.. මෙතැන අපි කරන්න යන්නෙ සිරිපාදේ වාර කාලයට හා අවාර කාලය කියන දෙකටම විවෘතව තිබෙන පංසලක් හදන්න.. ඒකට ඔබලාගේ ආදාරය අවශ්‍යයි.. ඒ සඳහා මේ ජිවන් කරපු නූලක් ගැට ගසා ගන්න.."
අම්මපා ඉතිං මගේ ඇගේ මාලු නටනවා.. මුං සමන් දෙවියන්ගෙ ආරක්ශාව කියලා මොකක්දො මගුලක් ගැටගහන්න හදනවා.. ඒකත් නිකං කඩේ රු 20 නූල.. මුං ලග රු 100 යි.. 
ඒකත් හා කියමුකො තව එකෙක් නිකං කිංඩියට වගේ කියනවා.. ඔය පඩුරු දැම්මා නොදැම්මාට කා එක්කවත් අපේ අමනාපයක් නැ කියලා.. අනේ මංදා මට යක්ශ කෙන්තියි..

ඇත්ටම ඒක පංසල් කඩයක්.. පංසලුත් තියෙනවා පංසල් කඩත් තියෙනවා..  මිනිස්සු සල්ලි මත්තෙ නැහෙනවා.. තමන් දෙන ආදාරයක් ගන්නවා මිස.. ඉල්ලන සිරිතක් බුදුහාමුදුරුවොවත් දේශණාකරලා නැහැ.. අනික සිරිපාදෙ කියන්නෙ ලංකාවේ උසම පූජනීය ස්ථාණය.. ඕකට  රජයෙන් ආදාර දෙන්න බැරිද පංසලක් හදන්න ?


ඉතිං එතැනටත් බැන බැන ආවා ඉස්සරහාට... සිරිපාදේ හරියටම නගින්න පටන් ගන්නෙ මකර තොරණ ගාවින්.. එතැන ටිකක් ඉස්සරහාට ගියාම සැතපෙන පිලිමෙ.. එතැනට තමා හැමෝම බාරහාර වෙලා යන්නෙ.. මෙන්න එතැනත් හාමුදුරුවො කෙනෙක්.. හැමෝටම අඩගහල වැදගන්න කිවා.. ඒ වගේම හැමොටම බිම වාඩි වෙන්නත් කිවා.. දැන් ගාතාවගයකුත් කියලා කියලා දේශණ වගේකුත් දීලා.. එක පාරට කියාපි.. මේ සමන්දෙවියන්ගෙ අඩවිය.. බාරහාර වෙලා ගියෙ නැති 11 දෙනෙක් මේ වාරෙ බිලිගත්තා.. ඒක නිසා හැමොම බාර වෙලා යන්න කියලා.. මිනිස්සුත් සූ ගානවා..
ඒක කිව විදියට හිත පොඩ්ඩක් හරි ගැස්සෙන් නැත්නම් ඒක පුදුමයක්.. මට දැන් හරිම අමාරුයි දණගහගෙන ඉදලා.. කකුල් දෙක රිදෙනවා.. ඒ අස්සෙ හාමුදුරුවො කැ ගහනවා නැගිටින්න එපා එක්කෙන්ක් වත් කියලා.. අපි බන අහන්න හරි ගාතා කියන්න හරි තමන්ට පහසු ඉරියව්වකින් ඉන්න ඔනි.. නැතිව හාමුදුරවන්ට ඔනි ඉරියව්වෙන් නෙවෙ.. එහෙම එක විදියකට ඉන්න ඔනි කියලා නීතියක් නැ කොහෙවත්.. අනික තමන්ට ඉන්න විදිය අපහසු නම් ඒ ගාතා වලට හිත යන්නෙත් නැ.. හිතන්නෙ නැගිටින්නෙ කොයි වෙලෙද කියලා.. මටත් උනේ ඒ ටකමයි.. ඔනි මගුලක් කියලා දඩස් ගාලා මං නගිට්ටා.. මිනිස්සු මගේ දිහා බලනවා.. මටත් ලැජ්ජයි.. මං එහෙන්ම නැගිටලා වැද ගත්තා.. මෙන්න 2-3 දෙනා නැගිටිනවා..
ඊට පස්සෙ හාමුදුරුවො කියාපි .ඔය හැමොම පඩුරු දාලා යන්න කියලා.. රු 20 ට වඩා පඩුරු දාන හැමොටම සමන්දෙවියන්ගෙ මුද්‍රත වර්ණ ඡායාරූපයක් නොමිලේ කියලත් මට කියනවා ඇහුනා.. අනේ ඉතිං මිනිස්සු ඒකත් අරගත්තා..
සාසනේට ගිය කලක්..!!

(අනේ දෙයියනේ කියලා මට හීරිම් තුවාලයක් වත් නැතිව මං ශ්‍රීපාදෙ වැදගෙන ගෙදර ආවා.. පලවෙනි පාර ගියා වගේ කකුල් රිදෙන්න ගත්තෙත් නෑ..)

 එතැනිනුත් ගැලවිලා
සීත ගඟුලේ කෝඩු කාරයෝ ටික බස්වලා.. එතැන කරන්න ඔනි දේවල් කරලා.. අපි උඩට එන්න ආවා.. ටිකක් දුර ඇවිත් මහන්සි නිසා කඩේකින් තේ එකක් බොන්න ගියා.. තේ බීලා ඉවර උනාම අපේ ගෙදර අයට විතරක් රු 250 තේ 5 ට.. 1ක් 50 යි..
ඒක හරිම අසාදාරණ මිලක්.. හේතුව ඇහුවාම කිවේ වතුර අදින්න අමාරුයි සීනි තේ කොල ගෙන්න අමාරුයි කියලා.. ඒත් එක කොප්පෙකට වැටෙන වතුර සීනි තේ කොල ප්‍රමාණෙ අනුව.. රු 50 කියන්නෙ අන්තිම අසාදාරණ මිලක්.. දැන් බීප දේ දෙන්න බැරි නිසා අපි සල්ලි දීලා ආවා..  ටිකක් දුර ඇවිල්ලා බලද්දි බාප්පලා කට්ටිය මිසින්.. ඒක කොහොම උනාද කියලා කියන්න අපිට තෙරෙන්නෙත් නැ..
ඒකට විද්‍යාත්මක හේතුවක් ඇති.. මිනිස්සු නම් කියන්නෙ සමන් දෙවියො තම තමන්ගෙ කට්ටිය එහෙම වෙන් කරනවා කියලා.. ඇත්තටම ඒක ගමනටත් පහසුයි.. මං හිතන විදියට නම් එතැන වෙන්නෙ අපි වැඩිපුරුම හොයන්නෙ අපේ ලඟම අය ගැන නිසා.. මට අම්මා තාත්තා යද්දි බාප්පලා එක්ක යන්න බැහැනේ.. අන්න ඒ වගේ.. මං වැඩි පුර බලන්නෙ අම්මා තාත්තා හා අක්කයි මල්ලියි ගැන.. ඉතිං අපි ඒ කට්ටිය එක්ක යනවා.. අනික් අයත් එහෙම හිතනවා.. ඉතින් කන්ඩායම 2 ට කැඩෙනවා..

ඔහොම තවත් ටිකක් දුර නැග්ගාම අර අපි එක්ක ආපු නැන්දයි එයාගෙ දූයිත් අපෙන් වෙන් වෙලා.. දැන් කොහෙන් කියලා හොයන්නද.. අපි 5 දෙනා ආවා උඩටම.. එතැනට ආවාම තව තැනක මල් විකුණනවා..
ආ ගන්න ගන්න මල්.. මෙතැන තමා අවසාන කඩේ.. මෙතැනින් අරන් යන්න.. අර මැලවිච්ච මල් වගයක් විකුණනවා.. මලක් රු 20 ද කොහෙද.. අපිත් ඉතිං අවසන් කඩේනෙ.. මල් අරගෙන ගියා.. මෙන්න තව ටිකක් උඩට යද්දි ඔනි තරම් මල් කඩ තියෙනවා.. අරු කියලා තියෙන්නෙ අමූලික බොරු..
ඔච්චර පූජනීය තැනක ඉදන්.. එහෙම කරන්න තරම් ඒ මිනිස්සු පිරිහිලා..

ඉතිං අපි මල් තියලා වැදලා කියලා ආවා.. එතැන උඩ ඉන්න දෙන්නැ මිනිස්සුන්ට බහින්න කියනවා.. සෙනග වැඩි නිසා.. අපි ශ්‍රීපාද පද්මයට නමස්කාර කරන්න ගියාම පොලිසියෙන් කිවා අනික් පැත්තෙන් යන්න කියලා.. ඒ කියන්නෙ පිට පස්ස පැත්තෙන් ගිහින් නමස්කාර කරන්න.. මාත් ඉතිං කලින් ගියෙ ඉස්සරහින් නිසා වෙනසකට කියලා අනික් පැත්තෙන් ගියා.. පිරිමි අයට විතරයි එන්න දෙන්නෙ.. මමයි මල්ලිය තාත්තයි.. එතැනින් ගිහින් වදින්න හදන කොට බහින්න තියෙන පැත්තෙන් මිනිස්සු කලබලේ ඇවිල්ලා වදිනවා.. අපිට වදින්නත් නැ බහින්නත් නැ.. ඒ අස්සෙ ගෑනු අයත් ඇවිත්.. මිනිස්සු හරිම ආර්ත්මාර්තකාමි වෙලා..
අනික් මිනිස්සු දුක් විදගෙන පෝලිමෙ ඇවිත් වදින්න හදනවා.. මේ මිනිස්සු ලෙසිවට බහින පැත්තෙන් නගිනවා..

ඒකෙන් මං බලන්නම හිටපු දෙයක් මට අමතක උනා.. ශ්‍රීපාද පද්මය ඉස්සරහින් ගිහින් එතැන බිත්තියේ තියෙනවාලු වීදුරු කැල්ලක් දාලා හදාපු පොඩි සිදුරක්.. එකෙන් ඇහැ තියලා බැලුවාම මැණික් ගල් වගයක් පේනවා.. බාප්පා නම් කීවේ ඒක තමා ඇත්ත ශ්‍රීපාදය කියලා.. මීට අවු 20 කට විතර කලින් බාප්පා එතැන බැලුවාම මැණික් ගල් 6 කට වඩා තිබිලා තියෙනවා..
නමුත් මේ පාර බලද්දි 1කම 1ක මැණිකයිලු පෙනුනේ.. ලාවට LED බල්බ් එකක් වගේ.. එළියක්..
 අපේ දේශප්‍රේමී මහත්හොරු ටික ඒ මැණික් ගල් ටිකත් අරගෙනද දන්නෙ නැහැ.. :)
ශ්‍රීපාදයේ යන්න ඉන්න කෙනෙක් නොවරදාවම එතැන බලන්න.. ඒක හරි වටිනවා.. මට 2පාරක් ගිහිල්ලත් බලා ගන්න බැරි උන එක නම් හරිම අපරාදයක් :-/

ඉතිං එතැනින් පහලට ඇවිත් අපි නැවතත් පල්ලම් බහින්න උනා.. යනවා යනවා යනවා.. හරිම හෙමින්..  එක අතකින් හෙමින් යන එකත් හොදයි.. මොකද අපෙ අම්මට පඩි බහින්න හරියට අමාරු උනා.. ටිකක් පහලට බැහැලා බලද්දි තමා වැඩෙ තෙරුනේ..
නගින පැත්තෙ එකට 3-4 දෙනා.. බහින පැත්තෙ අයට ඉඩ නැහැ.. ඉතිං උඩ මිනිස්සු බහින්න ප්‍රමාද වෙනවා කියන්නෙ අරගොල්ලා නගින්න හිටගෙන ඉන්න එපැයි..  3-4 දෙනෙක් මෝඩ වැඩ කලාම.. අනික් අයත් ඒකට පට් ගාලා අනුවර්තණය වෙනවා.. අනේ මංදා ලංකාවෙ උන්දැලාගෙ හැටිය.. කොච්චර කිවත් කවුරුවත් තෙරුම් ගත්තෙ නැ.. එත් ඔය සීතලේ ගුලිවෙලා හිටය කපල් වලට නම් ලොකු පල්ලම ඒක.. හික් හික් .. :D


තව තැනකදි අපි පඩි ටිකක් පලල් තැනක් බලලා එක්කෙනා එක්කෙනා උඩට වෙන්න පඩි පෙලෙ වාඩි උනා අමාරුම නිසා.. කාලකන්න පොලිස්කාරයො දෙන්නෙක් ඇවිල්ලා කැ ගහන්න ගත්තා.. ඔතනින් නැගිටනවා.. ඔතැන හිටියාම අනික් මිනිස්සු යන්නෙ කොහොමද කියලා.. තිරිසන්නු..!!



අපි පාංදර 5.30 ට විතර වගේ ඉරසේවයත් බලාකියා ගත්තා.. අපේ නඩේ අනික් අය උඩට නැගලා .. රෑම බැහැගෙන.. එහෙම යන ගමනේ තෙරුමක් නැ.. කොහොම හරි අපේ ගෙදර අයයි බාප්පලාගෙ ගෙදර අයයි තමා ඉරසේවය දැක්කෙ.. අනික් අය දැකලා තිබ්බෙ නැහැ...

බස් එකට ඇවිල්ලා බැලුවාම අර නැන්දයි දූයි ඉන්නවා.. ඒ නැන්දාගෙ දූට උඩදි බඩගින්නක් ඇවිල්ලා.. ඉතිං අතේ සතයක් වත් තිබිලා නැහැ.. (හරිම දුප්පත මිනිස්සු දළුකඩලා තමා ජිවත් වෙන්නෙ.. මනුස්සයත් දාලා ගිහිල්ලා)
ඉතිං අර දූ අඩනවාලු අනේ මගේ අම්මෙ මට වතුර ටිකක් හරි අරන් දෙන්න කියලා.. ඉතිං මේ නැන්දා කඩේකට ගිහින් වතුර ටිකක් ඉල්ලලා.. කඩේ උන් වතුර දෙන්න බැහැ කියලා.. ඒකටත් සල්ලි ඉල්ලලා..
මේ මිනිස්සුන්ගෙ මනුස්සකම් වලට මොනා වෙලාද?
අර නැන්දා අඩ අඩ දූවත් වඩාගෙන  පහලට බැහැලා.. බස් එකට ඇවිල්ලා තමා වතුර දීලා තියෙන්නෙ..
මට ඔය කතාව කියද්දිත් හිත මොකදෝ වෙලා ගියා.. එත් අර තිරිසන් මිනිස්සුන්ට එහෙම හැගීමක් ආපු නැති එක ගැනයි පුදුමේ.. උන්ගෙ හිත් ගල්වෙලා සීතලට..

මේ හැම දේකින්ම මට එක දෙයයි තෙරුනේ.. චූටිම චූටි කඩදාසි කැල්ලක් පස්සෙ මිනිස්සු දුවන දිවිල්ල.. කවදාවත් හතිවැටෙන්නෙ නම් නැ.. අන්තිමේ මැරුනාම අරන් යන්න දේකුත් නැහැ.. !!

................

කතාව දිග වැඩී.. ගන්න යමක් ඇති කියලා හිතනවා...
සිරිපාදෙ ගැන කලින් පාරක් ලියලා ඒකට තාම බැනුම් අහනවා.. මේ පාර කුණුහරුප තිබ්බොත් නම් ඒවා ඩිලිට් කරනවා :)

සසර කලකිරුනු මම
ද බනී...


..

Sunday, March 25, 2012

දෙයියනේ කියලා 100 යි..


13 + 53 + 20 + 13 = 99 + මේකයි = 100 යි..

ඉහත සමීකරණය වගේ එකෙන් ඔයාලට පේනවා වෙලා තියෙන වින්නැහියක තරම.. ඒ කියන්නෙ මං මේකත් එක්ක පෝස්ට් 100 ක් ලියලා O_O

දෙයි හාමුදුරුවනේ අවුරුදු ම 4 ක් ගියානෙ මට පෝස්ට් 100 ලියා ගන්ඩ.. සෙල්ලන්ද :-D  

මුලින්ම ස්තූති කතාව.. 

බ්ලොග් කියන්නෙ මේකයි.. මේකෙන් කරන්නෙ මෙන්න මේ අහවල් වැඩේ.. හා බ්ලොග් එක අටව ගන්න උදව් කල.. ඩැනි මහතාට මාගේ හෘද්‍යාංගම ස්තූතිය මුලින්ම පුද කර සිටිනවා....!!


ඊ ලගට මෙච්චර කල් කමෙන්ට් කල, නොකල.. මාගේ ලිපි බලලා.. හිනා උන.. දුක් උන.. සතුටු උන.. 
බැන්න, නොබැන්න තර්ජන ගර්ජන කල .. සියල්ලන්ටම හිස නමා ස්තූති කරමි.. 


ඊ ලගට.. මගේ ලොකුම ශක්තිය.. "උඹ" දැන් උනත් උඹ මේක කියවන්නැත්නම් මචං. මේ බ්ලොග් එක මං කරලා වැඩක් නැ.. උඹ තමා මාව මෙතැනට ගෙනාවේ..  තැන්ක්ස් මචං..!!


ඉතිං මචං.. මට ඇඩෙනවා.. මයේ ඇහේ කදුලු.. සතුටු කදුලු.. බොලාලා හිනා වෙන්ඩෙපා.. හාවා ඇඩුවා කියලා.. :'D

දැන් තිං මං නාකි බ්ලොග් කරුවෙක්.. ඒ ගැන හම්බානෙක සතුටුයි.. :D

ඉතිං.. ආයේ කියනවා.. උදව් කරපු හැමෝටම ස්තූතියි.. මේ බ්ලොග් අවකාශෙම මට උදව් කරලා ඇති.. ඒ එක්කෙනා එක්කෙනා මෙතැන නම් කරන්න විදියක් නැ.. උඹලා හැමෝටම ස්තූතියි..!!

:D :D

නාකි වෙච්චි මං
ද බනී.෴



..

Friday, March 9, 2012

ඇල්බට් මංත්‍රී තුමා..

ඔන්න අද හවස අපේ ගෙදරට මනුස්සයෙක් ආවා.. ව්‍යාපාර සම්බන්ද වැඩකට.. ඉතිං මේ මනුස්සයා මොනාදෝ මොනාදෝ කියවලා කියවලා අන්තිමෙ කිවා.. පුතා දන්නැ.. අහවල් මනුස්සයා මගේ යාලුවා.. තාත්තා හිටියා නම් හොදට අදුරනවා.. ඔහොම අනම් මනම් කියලා මාව අන්දන්න හැදුවෙ.. මං තිං හා අංකල් එහෙමනම් තාත්තා ඉන්න වෙලාවක එන්නකො කියලා ශෙප් එකෙ කැපුනා..
     ඉතිං උන්දැ ගියාට පස්සෙ අපේ මැණිකා.. මැණිකා කිවෙ මයේ ගෑනී නෙවෙ.. අපේ ගෙදර වැඩ කරන මනුස්සයෙක්.. (ඔය උන්දා ගැන කතා 2-3 කුත් මං ලියලා ඇති..)   ඉතිං මිනිහා මං ලගට කිට්ටු වෙලා කිවා.. පුතා දන්නැ.. අරූ අර රටබයිලා ගැහුවට ඔය ඇල්බට් කියන පොර මහ මෝඩ ගහක්.. කියලා කතාව පටන් ගත්තා..

 කතාව:-
    මේ ඇල්බට් කියන මනුස්සයා ඡංදෙ ඉල්ලන්න ගිහින්.. ඉතිං ගමේ මිනිස්සුන්ට හොදට සලකලා.. අනේ ගමේ හැම වයසක මනුස්සයෙක්ම එයාගෙ අම්මා තාත්තා වගේලු ඒ දවස් වල.. කෙල්ලො කොල්ලො තමන්ගෙ ළමයි වගේලු.. තවත් සමහරු සහෝදරියො වගේලු.. නැදැයෝ ගොඩාආආඅයි ලු..
 ඉතිං ඉතිං ඔන්න ඡංදෙ දවසත් කිට්ටු වෙලා.. හැමොම ඡංදෙ දාල ඇවිත් වෙන්ඩ මංත්‍රිතුමාගෙ ගෙදරට සෙට් උනාලු.. එදා ඉතින් රජ පාටිලු.. අනම් මනම් බයිට් ජාතිද.. ලොකු ලොකු බීම ජාතිද.. අත පය දෙකම දිග ඇරලා වියදම් කරලා.. හැටක් විතර සෙනගත් ඉන්නවාලු ගෙදර.. වෙන මොකටද ? සතුටට සතුටට..
ඉතිං ඔහොම  කකා බිබි ඉන්න කොට ඡංද ප්‍රතිෆලත් ඇවිල්ලා.. දැන් ඔන්න වෙන්ඩ මංත්‍රිතුමාගෙ කකුල වෙව්ලනවාලු.. බිම හාරනවාලු.. ලගින් ඉන්න උන් හයියෙන් මිරිකනවාලු..
         ඔව් අහවල් ආසනයේ අහවල් මංත්‍රී.. මංත්‍රී ඇල්බට් මහතා.. ඡංද 14 ක් ළබාගෙන ඇත...
වෙන්ඩ මංත්‍රීට හීන් දාඩිය දාලා.. අර කකා බිබි උන්නු සෙනගටත් මොකදෝ උනාලු..

විනාඩි පහක් විතර නිශ්ශබ්දව  හිටිය මංත්‍රි තුමා..

සිකේ.. දවල්ට කන්න දෙන්න ගෙනාපු බත් පාර්සල් 50...?


පස්සෙ ඇහිකුංඨකයා මැරිච්ච නයා වගේ ගෙදරටම වෙලා උන්නාලු මේ මනුස්සයා.. කාලයක් පිස්සු වගෙත් තිබ්බාලු.. පවු ඉතිං..


පාලි: සාමාන්‍යයෙන් මගේ පොස්ට් එකකට කමෙන්ට් වැටෙන්නෙ 20 කට අඩු සංඛ්‍යාවක්.. ඒත් විවෙචන හා ආගම වගේ දේවල් වලදි කමෙන්ට් වැඩි මොකද? කවදාවත් දැකලා නැති අයත් කමෙන්ට් කරනවා.. මරු :D

Wednesday, February 8, 2012

භවතු සබ්බ මංගලං

ලංකාවේ විවාහ චාරිත්‍ර ඇත, අනන්තවත් ඇත.. සමහරක් දැ නම් මට බලං සිටිය නොහැකි ආකාරයෙ විකාරයංය.. පෝරුවට නැග හැම මගුලම කර රටටම හෙලි කරන්නෙ.. ඔන්න අපි නිත්‍යානුකුලව සංසර්ගයෙ යෙදෙන්නට යනවා යන්න හුවාදැක්වීමටයැයි මාගෙ කුඩාමොලයට සිතේ.. උදාහරණයක් ලෙස ගත්කල තම බිරිදගේ වටෙ රෙද්දක් ඔතා ඈ පිරිසිදු තැනැත්තියක් යැයි ආ හැමෝටම පෙන්නති.. සුදු රෙද්ද යනු පිරිසිදු බව ඔප්පු කරන්න ඩොකෙක් දෙන වාර්ථාව වෙයි.. එසේ බලද්දි ලංකාවට ස්ත්‍රිංගේ පිරිසිදු බව ඔප්පු කරන ඩොකාලා අවශ්‍ය නැත.. සුදු රෙද්ද තිබ්බාම ඇතිය.. ස්ත්‍රී දූශණ නඩුවකදි නඩුකාරයා ඉදිරියෙ සුදුරෙද්දක් ඔතා පෙන්නු කල නඩුව දිනුම්ය..

කෙසේ නමුත් විවාහ උත්සවයකදී විවාහවන දෙපලට  "භවතු සබ්බ මංගලම්" ගාතව කියා ආශිර්වාද කරති.. එනම් නිත්‍යානුකුල සංසර්ගයෙ යෙදි, දරුවන් සඳා පවුල් ජිවිතයක් ගෙනියැමට දෙන ආශිර්වාදයකි..
භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ බුද්ධානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ ධම්මානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ සංඝානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ

“සුභ මංගල්‍යයක් වේවා, සියලුම දෙවියන් රකිත්වා, සියලු බුද්ධානුභාවයෙන් සියලු ධම්මානුභාවයෙන් සියලු සංඝානුභාවයෙන් ඔබට සෙත සැලසේවා”

නමුත්
එම ගාථාව සිංදුවක පසුබිමට දමා ගීතයක් ගායනා කිරිම අපේ රටේ මොලෙ ගලවා ධර්මචක්‍රය ගහ ගත් පොරවල්ලාට හෙන කැසිල්ලකට කාරනාවක් වී ඇත.. මෙම කැසිල්ල සැදි ඇත්තෙ බුදු දහමට සිද්දවෙන අපහාසයට නොව.. ගායකයා ක්‍රිස්තියානි ආගම් කාරයෙකු වීමය..!
ක්‍රිස්තියානි උං හා මුස්ලිම් උං පමනක් හම්බානෙක බුද්දාගමට ගරහති.. සිවුර පෙරවන් සිටින සමහර සංගපාලලා ගැන කවුරුවත් කතා කිරිමට කැමති නැත.. පිටිදුවෙ සිරිදම්ම නැමැත්තා කාලයක් නැටූ විගඩම් හෙලිවීය.. ඒ ගැන FB හි පොරටෝක් දීමට එකෙක් වත් ආවෙ නැත.. නමුත් මාස කිහිපයක් පැරණි සිංදුවක් අල්ලං උගුර කඩං කෑ ගසති.. ජනාදිපතිට ලියුම් යවති..
  ශ්‍රී දළදා මාලිගාවෙත් වංචා දූශණ කරන උං සිටී නම් රටෙ අනික් තැන් ගැන කතා කර වැඩක් නැත.. මෙවන් රටක ඉපදීමට අපි හෙන පිංකර ඇත..නමුත් කාලකන්නීන් ටිකක් දැක ගැනීමටද අපි පවු කර ඇත..
කෙනෙක් ඇසුවහොත් පුද්ගලිකව මම කැමතිම බැන්ඩ් එක ලෙස Daddy බෑන්ඩ් එක තෝරන්නෙ කිසි පැකිලිල්ලකිං තොරවය.. මේ වකවානුවේ යම් නිර්මාණයක් කලෙ නම් සාර්ථකව කලේ එම බැන්ඩ් එකෙ උංය.. "ටිකෙන් ටික" ගීතයත් එවැනි ගීතයකි.. මා තවමත් ප්‍රිය කරන ගීතයකි.. මට එම ගීතය කටපාඩම්ය.. එහි රැප් එකක් නැත..  රැප් එකක් තිබ්බෙ නම් මට එම ගීතය  කියාගත නොහැක..
දළදාමාලිගාවෙ පාරම්පරික හේවිසි නාදය ලංකාවෙ සිංදු කීයකට නම් යොදාගත්තද ? ඒ ගැන කවුරුන් කතා කරාද? 
මෙහි ඇති ලොකුම දේ ඉරිසියාව හා ආගම්වාදය ලෙස මට සිතේ.. මෙච්චර කාලෙකට කාටවත් මෙම අයිඩියා එක අවෙ නැත.. ඉතිං අනික් සංගීත කාරයින්ට පට්ට ජේ ය..

තවද මෙම සිංදුව ගැන විචාරය කරන උං පවසන්නෙ මෙම ගීතය තුලිං සෘංගාරාත්මක කාමුක ගතියක් එන බව පවසති.. එවන්නංගෙ මොලේ ක්‍රියාකාරිත්වය මොංටිසෝරි කුඩාදරුවන්ට වඩා ලාබාලයැයි මට හැගේ.. ඒ අමුතුම  සෘංගාරායකි.. තම බිරිදගෙ නලල් තලය සිප ගැනීම හා ඇ වඩාගෙන කරකැවීම සෘංගාරා රසය වේ..      භාගෙට ඇදගත් ගණිකාවං වටේ තියං අතපය ලෙව කන වීඩියෝ අනන්තවත් ලංකාවේ ඇත.. උං ගංජා ගහති අරක්කු බොති ඒ ගැන සිංදු කියති.. තෙරෙන්නෙ නැති රටබයිලා ගසමිං රැප් කර අඩති.. අපිත් උඩපනිති නටති.. ඒවා ටීවි වලද උඩදමාගෙන පෙන්නති.. මේවායෙ එන්නෙ සෘංගාරා රසය නොවේය..!!
නමුත් මේ ක්‍රිසිතියානි එකාගෙ ගීතයේ මේ හැමදේම ඇත.. මෙය බුද්දාගමට කල අපහාසයකි.. මෙවං උං උළතැබිය යුතුය.. මෙහි ඇත්ත නැත්ත තෙරෙන අපිත් එල්ලි සියදිවි හානි කරගත යුතුය.. එකෙක් නැගිටින විට අනිකා කකුලෙන් අදිති.. එකිනෙකාට ඉරිසියා කරති.. එය නැවැත්විය නොහැක..

මෙසේ කෑ ගහසන්න මටද පස්චාත්බාගයේ අමාරුවක් ඇත.. ඒ කුමක් නිසාද මම නොදනිති..!!

පාලී: (කොල්ලන්ට පමණි)
මෙන්න මචං අර සෘංගාරය උතුරණ සිංදුව.. බලලා සව්‍යංවිංදනයේ යෙදෙන්න පුලුවන්ද බලන්න.. :)



ඉතිං සැමට භවතු සබ්බ මංගලං..!!

..



ද බනී-

Friday, February 3, 2012

අල වුනු හීන වලට විසදුම්

පොඩි කාලෙ ඉදන්ම අපිට හීන තියෙනවා.. වැසිකිලි බරක් තරම් උසට..ගාල්ලෙ ඉදන් අනුරාදපුරෙ වගෙ දුර ගමනක් යද්ද බස් එකේදි වැසිකිලි බරක් අවොත් දැනෙන සනීපෙ ගැන අමුතුවෙන් කියන්න ඔනෙ නැනෙ..ඉතිං ඔය හැම දේකටම වඩා වැසිකිලි බර උසයි..!! මහ මෙරටත් වඩා :D

මේ ලගදි දවසක මොංටිසෝරි කොන්සර්ට් එකක විඩියො එකක් බැලුවා.. බැලුවා කියන්නෙ PC එකෙ දාලා පෙන්නන්න උනා.. 
ඕක අම්මලා තාත්තලාට හරි වැදගත් උනාට මට නම් නිකං කහනවා වගෙ ඔක බලන්න.. මං ඉතිං අහක බලං උන්නා.. මෙන්න පොඩි එකෙක් කතා කරනවා.. අවසානයෙ කියනවා.. එයාගෙ හීරෝ බැට් මැන් කියලා...
මට බකස් ගාලා හිනා ගියා..  අපෙ ගෙදර ඔක්කොම මට එරෙව්වා.. මං මොනා කරන්නද හිනා ගියාට..
සමහර විට ඒ පොඩි එකා බැට් මැන් කියන්නෙ මොකාද කියලවත් දන්නවද දන්නැ..ටිච කියන දේ කරන්න එපැයැ.. මට මතකයි අපි නම් ඉස්සර මොන්ටිසොරියෙ වැඩ කරන්නෙ ටිච දෙන රයිට් එකට වඩා ටිචගෙ උම්මා එකට :D ඕං ඉතිං කියයි පොඩි කාලෙත් වල් කම කියලා.. ඔවා ඉතිං නොතෙරෙන කමටනෙ.. :D

මාතෘකාවෙ හැටියට මේක නෙවෙ කතාව.. මේක ඇවිල්ලා අපෙ ප්‍රසිඩන්ට් මාමා ලංකාවාසීංට දීපු හීන හා අලවුනු හීන වලට විකල්ප..!!
ඔය අතරින් ටිකක් වැඩිපුර කතා කරපු අපි දැකපු දේවල් ගැන කතා කරමු.


01 හම්බන්තොට වරාය
       ඕකට වරාය කිවාට.. තාම නැවු අවෙ නැනෙ හරියකට.. ඉතිං මං යෝජනා කරන්නෙ ඒ පැත්තෙ කොල්ලො කුරුට්ටන්ට.. බල්ටි ගහලා වතුරට පනින්න.. තව නානාප්‍රකාරයෙ ජල ක්‍රීඩා කරන්න, හංස බොට්ටු පදින්න.. ඔය වගෙ එක එක දෙවල් දාලා ආසියාවෙ ලොකුම ස්විමිං පූල් එක කරමු කියලා.

02 රංමිණිතැන්න ටෙලිසිනමා ගම්මානය
        ඇත්තටම මේකෙ අපෙ ලංකාවෙ නලුනිලියො ටික දැම්මොත් උංගෙ තියෙන සුදත් ගිහිල්ලා අන්තිමට කරන්න වෙන්නෙ අප්‍රිකාවෙ වගේ ගොත්‍රික ජාතින් ඉන්න ෆිල්ම් විතරයි.. ඉතිං මං යෝජනවා කරනවා ඕකෙ ෆිල්ම් කරන එක නවත්තලා.. පිට රට ඉන්න සුද්දො සුද්දියන්ට අවුව තපින්න තැන් හදලා දෙමු කියලා..! ඇයි 7 දෙයියනෙ උං මුහුදු අයිනෙ ඉදන් කොයි තරම් දුකක් විදිනවද හම කලුකරගන්න
පොඩි ටිකට් එකක් කැඩුවාම ඕකට ගිය වියදම කවර් කරගත්තැහැකිනේ..

03 වීරවිල ගුවන් තොටුපොල
       ඔය හියිවෙ එකෙ රේස් පදින ලොකු මහත්තුරුයි සාමාන්‍ය පාරෙ බෙල්ල කඩා ගන්න දගලන අපි වගේ හිච්චි කොල්ලන්ටයි තියෙන ලොකු අඩුපාඩුවක් තමා, තියෙන විසෙ ඇරගන්න කාර් ට්‍රැක් එකක් නැති වෙච්චි එක.. ඉතිං මං කියන්නෙ ප්ලේන් පාර්ක් කරන්න කටුනායක තියෙන නිසා.. ඕකෙ කාර් ට්‍රැක් එකක් හැදුවා නම් හරිනෙ පොඩි පොඩි වැඩ කැලි දාලා අතල් එකක් ගන්න.. එතැකොට පාරෙ වෙන අනතුරුත් අඩු වෙලා අනික් මිනිස්සුන්ටත් කරදරයක් නැනෙ.. ඔය නාමල් අංකල්ගෙ රෙස් වලට කොළඹ ටවුම හිරකරන්න ඔනෙත් නැනෙ..

04 ක්‍රිකට් ක්‍රීඩාංගනය
      ඕකෙ ක්‍රිකට් ගැහැව්වොත් අපෙ ක්‍රිකට් ටීම් එක එතැනම කරවල වෙනවා.. එක නිසා මම යොජනා කරන්නෙ මහා පරිමාන කරවලා වේළනා ගාරයක් හදමු කියලා.
"kingපක්ශ පිරිසිදු කරවල"

05 නොරොච්චොල් ගල් අගුරු බලාගාරය
     (මුලින්ම මේකට දෙයක් හිතුනෙ නැ.. ඔන්න ආයෙ කල්පනා කරාම හරිනේ..)
මෙකෙන් කරන්න තියෙන්නෙ රටෙ ඔක්කොම කුණු ටික ගිහින් දානවා ඔතැනට.. පස්සෙ ගල් අගුරු වෙනුවට ප්ලාස්ටික් කැලි කඩ දාසි හැම මගුලම දාලා ගිනිතියනවා. අනික් පැත්තෙන් විදුලිය ගන්නවා.. කුණුත් පිච්චෙනවා.. විදුලියත් ලැබෙනවා.. සිම්පල් ප්ලැන් එකක්

06 මිහිං ලංකා
    මේකෙන් කරන්න වෙන්නෙ ලංකාවෙ හරි පිට රට හරි උංට රටවටෙ ට්‍රිප් එකක් දාලා එන්න චැන්ස් එකක් දෙන එක තමා.. තව මේකට හෙලිකොප්ටර් 2-3 ක් අරං සුදු පාට කරලා.. සුදු වැන් වෙනුවට රෙන්ට් කරන්නත් හැකිනෙ ? නැද්ද මං අහන්නෙ?

අනේ මංදා තව එව්වා ඇති මතක් වෙන්නෙත් නැ.. ඔය කමෙන්ට් එකකිං ලියලා යන්නකො එහෙම මතක් උනොත්.. මං මේක අප්ඩෙට් කරන්නම්..

ඉතිං මං කියන්නෙ.. ජනාදිපති මාමට ආයෙ ඔහොම හීන දෙන්න කලිං.. ඕක හරියටම ප්ලැන් කරලා.. ගන්න පුලුවන් තරම් හැම තැනින්ම ආදාර අරං ඔය කරන මගුලක් කරන්න.. ඊලගට හදලා ඉවර වෙලා අපිව සර්ප්‍රයිස් කරන්න වගේ "ටරා" ගාලා ඔපන් කරන්න.. 
අපිට උනත් එතැකොට තමා කික් එකක් එන්නෙ.. නැද්ද මං අහන්නෙ ?


පාලී: මාව උස්සන්න සුදු වැන් නම් එවන්න එපා.. මැරෙන්න කලිං ආසාවක් තියෙනවා හෙලිකොප්ටරෙක යන්න.. එක නිසා අරමිහිං ලංකා සුදු හෙලිකොප්ටර් ප්‍රජෙක්ට් එක පටන් ගෙන ඒකෙ මුල්ම මගියා විදියට මාව ගන්න..

එහෙනම් ජය  වේවා..!!

 ද බනී..

Saturday, January 21, 2012

මගෝඩි මැණිකා

මේකත් අර මගෝඩි මැණිකාගෙ කතන්දර ටිකක්.. මගෝඩි මැණිකා එපිසොඩ් 1ක කියෙව්වෙ නැත්නම්.. හොයාගෙන බලන්න.. මේ ලිපියට පස්සෙ, ලිපියට, පස්සෙ ලිපිය :D :D (link එක දැම්මාම මුං කම්මැලි වෙනවා) :D

මං කිවානෙ මේ මැණිකා කියන පොර රටෙ හැම තැනකම වගේ එක එක රස්සාවල් කරලා තියෙනවා කියලා, ඒ රස්සාවල් අතරට එකතු වෙන්න ඔනි තව එකක් තමා මූ "සුදුවා" පෙරලා.. එහෙම නැත්නම් ඔය කවුරුත් දන්න "කසිප්පු"
           ඔය කසිප්පු පෙරන එකත් ලොකු ගේමක් දීලා කරන්න ඔනි ජොබ් එකක්නෙ.. ඒ වගෙම හැම අතින්ම දක්ශ වෙන්ඩ ඔනි, තාක්ශණික දැනුම, කිරුම් මිණිම් කටයුතු, වගේම මලල ක්‍රීඩා වලට දක්ශ වෙන්න ඔනි, 
තාක්ශණික දැණුම ඔනි වෙන්නෙ ඕවා පෙරන ක්‍රියාවලියට..  කිරුම් මිණුම් වැඩ ඔනි වෙන්නෙ. ඕවා පෙරද්දි දාන මැරිච්ච සත්තු, නරක් වෙච්ච පළතුරු, සීනි වගේ දේවල් කිරලා මැණලා දානෙක..
දැන් ඉතිං මේක කියවන අපේ ටියුබ් ලයිට් බබාලා බලනවා ඇති මොකටද මේ  මලල ක්‍රීඩා ඔනි වෙන්නෙ කියලා..  ඔය මලල ක්‍රීඩා වලිං මේකට අවශ්‍ය වෙන්නෙ දෙජාතියයි.. ඒ තමා ගම හරහා දිවීම ඉසව්ව හා බර ඉසිලීම ඉසව්! ගම හරහා දුවන්නෙ ඉතිං කාකි කබායක් දැක්කොත් කියලා අමුතුවෙන් කියන්ඩ ඔනි නැනේ.. බර උස්සන්න ඔනි වෙන්නෙ ඔය පෙරන ජාති  කිසි ගේමක් නැතව උස්සං එහා මෙහා යන්න.. ! ඔය කාකි කබා නැතිව නිකං සරං කෑල්ලක් ගහන් එන අයත් ඉන්නවාලු.. ඒවා නම් ඔට්ටු නෑ නේද ?
ඔන්න වැඩ බැරි උනත් ගම ගාල්ලෙ කියලා, නරක කෝචොක් කරන උන්ට හූවක් තියලා පස්ස පැත්ත කරකවලා පෙන්නන්න පුලුවං මට දැන්..! මේ ලගදි පත්තරෙ තිබ්බා අපේ ගම කිට්ටුව ඉස්කොලෙක පරන ටොයිලට් වලක කසිප්පු වගයක් තිබිලා අහු උනා කියලා.. (නැනැ කසිප්පු වල ඇතුලෙ ඉදන් පෙරලා නැ.. පෙරපුවා හංගලා තියෙන්නෙ වල ඇතුලේ)
ඒකෙ හොදම හරිය වෙන්නෙ මෙතෙක් කල් පාරම්පරිකව ආපු තඹ බට තාක්ශණය වෙණුවට මිලෙන් අඩු රේඩිරේටර් වගයක් භාවිතා කරලලු සිසිලන වැඩ වලට.. කෝම කලාද කියලා නම් මම් දන්නැ ඔන්න..!
     දැන් තාම මාරම සීං එක වෙන්නෙ.. මේ කතාවට කසිප්පු කතාවක් ආවෙ කොහොමද ? ඒක ගනන් ගන්න එපා ඒක වෙනම කතාවක්.. ඔය දන්නැති උදවියට දැනගන්න තමා කීවෙ.. මේවා බලලා google කරලා එහෙම හොයනවා නෙවෙ කසිප්පු පෙරන්න ඕං!! :D
දැන් ඔයා ඔය කසිප්පු සීං එක හිතෙන් අයින් කරගන්ඩ හරිද.. මොකද මං කතාව කියන්න යන්නෙ..

ඔන්න අපේ කතා නායකයා.. කවුද ? කසිප්පු ? නැඈඈඈඈඈඈඈ...  මැණිකා මැණිකා..! ඉතිං ඔන්න ඔය මැණිකා උන්නාලු පිටකොටුවෙ පෙව්මන්ට් එකේ කඩේක..  හරිද ? ඉතිං මේකා  කරන තරමක් කරන්නෙ මගෝඩි වැඩනේ... ඔන්න දවසක් මේකලාට බොන්න නෑලු, නුවරින් ඇවිත් පෙව්මන්ට්‍ එකෙ බඩු විකුණන උං සෙට් එකක් ඉන්නවාලු.. මුං බොන්නෙ හොද හොද ස්පෙශල් බ්‍රැන්ඩ්ලු..  මුංට දැන් ඉරිසියාවෙත් බැහැලු, ඇයි දෙයියනේ මුං වේලෙනවා. අරුන් බොනවා..
බලං ඉන්න බැරිම තැන මැණිකයි උගෙ යාලුවො ටිකයි ගහලා ප්ලැන් එකක්, මුං කරලා තියෙන්නෙ හිස් අරක්කු බෝතලයක් අරං ඒකට කහට දාලා, දැන් අර නුවරිං ආපු උං කිට්ටුව තියං බොනවාලු, කලිං ප්ලැන් කරගත්ත විදියට  2-3 දෙනෙක් යැව්වාලු වැඩකට..

ඔන්න එක පාරටම අර කලින් යවපු සෙට්‍ එක දුවගෙන එනවාලු.. ඒ.... පොලීසියෙන් පොලීසියෙන් කියලා.. ඉතිං මැණිකයි අර කහට බිබි හිටපු අනික් උණුයි දුවන්න අරං.. ඒක දැකපු නුවර උණුත් අර ඔක්කොම ජාති ටික දාලා දුවලා.. ඉතිං රවුමක් ගහං ආපු මැණිකලාගේ සෙට් එක අර නුවර උංගෙ බෝතල් සිගරට් බයිට්‍ටික අරන් උංගෙ කාඹරේට මාරු වෙලා... :D

.........

ඔන්න තව දවසක් ඒත් අර උඩ විදියටම මැණිකලා සෙට් එක වේලෙනවාලු.. කොරගන්න දෙයක්ම නැලු.. බිස්නසුත් අන්තිම සවුත්තුයිලු.. මුංගෙ අතීජාත මිත්‍රයෙක් ඉදලා තියෙනවා හාවා කියලා, (මේ මං හාවා නෙවේ ඕං) කොළඹ හෝටලේක  තමා වැඩ කරලා තියෙන්නෙ.. මේ හොටලේ අයිති සුද්දෙක්ටලු.. ඉතිං මේ සුද්දා හරිම බය එකෙක්ලු අනිවින කොඩිවින කියන දෙවල් වලට.. එදත් මුං ටික ප්ලැන් කරලා සුද්දාව අංදලා ගානක් කඩා ගන්න.. මුං කරලා තියෙන්නෙ කහ නූල් වගේකුයි මල් ටිකකුයි තව පොඩි බෝතලේකුයි ගෙනැල්ලා සුද්ද නිතර යන එන හොටලේ තැනක තියලා..
ඉතිං මේක දැක්ක සුද්දා අම්බානෙක බය වෙලා.. දැන් අර හාවාට දහ අතේ වදිනවාලු මොකක් හරි කරන්ඩ කියලා.. මූ කියලා ආ මේකට අපේ ගමේ නියම ඇදුරෙක් ඉන්නවා.. මං ඌ එක්ක එන්නම් කියලා.. ඉතිං සුද්දත් එක පයින්ම කැමති වෙලා මූට ගමනට යන විය හියදම් එහෙම දීලා  :D
ඉතිං මූ ඕකත් අරන් ඇවිත් මැණිකලා එක්ක හොදට බීලා..
ඉතිං දැන් කොඩිවිනේ කපන්නත් එපැයැ, කෝ ඇදුරෙක් ? මුං කරලා තියෙන්නෙ මැණිකාව ඇදුරා කරලා.. අර සුද්දා දන්නවද ඔය මංතර යංතර ගුරුකම්.. ඉතිං මැණිකා ඇවිල්ලා හෝ ගාලා වැඩ පටන් ගෙන කොඩිවිනේ කපන්න.. ඉතිං ඔහොම පැය භාගයක් විතර බොරුව කරලා.. අන්තිමට වැඩේට 50000 ක් ගත්තාලු..
මුං මාස ගානක් කිසිම කරදරයකින් තොරව ඉදලා තියෙනවා සුද්දාට පිංසිද්ද වෙන්න :D

මං නම් මේ වගේ දංත ඩොකෙක් දැකලම නැ :D

එහෙනම් ඉතිං අපි ගොහින් එන්නම්..
බග්ස් බනී...!!


.

Thursday, January 19, 2012

රිප්ලයි ත්‍රෙඩ්..

දැන් අලුත්ම  ත්‍රෙඩ් එක තමා ඔය බ්ලොගර් වල රිප්ලයි බට්න් එක..
            එක දවසක් උදේක නිකං කල්පනා උනා බ්ලොග් එකේ රිප්ලයි කරන්න ලේසි ක්‍රමයක් තිබ්බා නම්
wordpress.org වල වගේ කියලා.. ඉතිං එහෙම කල්පනා කරද්දි නිකං ගූගල් කරලා බැලුවා.. මෙන්න තියෙනවා එළ එකක්..  ඉතිං දාලා බැලුවා.. මරු ඒක.. හැබැයි කමෙන්ට් එකකට රිප්ලයි කරාම.. ආයෙ රීලොඩ් වෙලා එන කොට නම් එපා වෙනවා.. :-/ නමුත් වරදකුත් නැ.. ටිකක් ෆන් ගත්තැහැකි රිප්ලයි වලදි ;)
මෙන්න හවස් වෙද්දි සෝරොවා කියනවා උගෙ බ්ලොග් එකට ඉබේම ඇවිල්ලාලු ඔය රිප්ලයි බට්න් එක.. මේකා බොරුවක් කිවාවත්ද ? එත් 2-3 ක් බලද්දි බ්ලොග් වලට මෙක ඇවිල්ලා O_o
Google ලා මගේ ස්ටේට්‍ එක කියෙව්වා වත්ද ?  :D
ඒ වෙනකොටත් මම 3-4 දෙනෙක්ගෙම බ්ලොග් වලට ඕක දාලා දීලා තිබ්බෙ..(දාලා දුන්නා කියන්නෙ තිං ලිංක් එක දුන්නා ;)

නිකං වාදබයිල මොකටද දාන විදිය එකින් එක පිලිවෙලට බලමු



01:මුලින්ම ඔයා මේකට යන්න


http://www.bloggertrix.com/2011/11/how-to-add-reply-option-to-blogger.html

02: ඒකේ කියලා දීලා තියෙන විදියට කරන්න

දැන් හරිනෙ
මෙහෙම තමා දාන්නෙ.. :D

ඒ හැටි අමාරුවක් නැනේ.. බලන්ඩකො කරලා .. ලේසි වැඩක්.. :D



බොහොම අමාරුවෙන් ලිපිය ටයිප් කලේ.. කෝඩ් එක දාන්න එහෙම හෙන කට්ටක් කැවා :P
ලයික් කරලා කමෙන්ට් කරලා ශෙයාර් කරලා යන්ඩ ඇ.. :D
අවුලක් උනොත් වහාම හාවා අමතන්න..!! :D


Wednesday, January 18, 2012

ඩීජෙපාල නොහොත් ධර්මපාල


මේ මං අදුරන බුවී කෙනෙක්ගෙ ගෙදර උන සීං එකක් මේක.. අර කලිං තාත්තියා කතාව කිවෙත් එයාම තමා..ඉතිං මේ කතා සෙට් එක කිවෙත් එයාමයි.. මේකෙ ලියලා දාන්න හිතුවා :D

එයාගෙ වචනෙන්ම මේක ලියන්නම්.. :) නැනැ copy, past කරන්නම් :D

ඔන්න අපේ ගෙදර මනුස්සයෙක් ඉන්නවා ධර්මපාල කියලා
ඉස්සර මිනිස්ට්‍රි එකේ හිටියා දැන් පත්වීම ගෙදරට
මේ මනුස්සයා හෙන පණ්ඩිතයි
ඒවගේම අලි මෝඩයි
හොර වයිෆ් කෙනෙක් ඉන්නවා
එයාගේ නම ජෝති
ඒ නිසා මේ මනුස්සයට කියන්නේ ඩීජේපාල කියලා
ඔන්න ඉතින් දැන් කතාව
------------------------------------------------

ඔන්න 2012 ලෝක විනාසෙ ගැන එක දවසක් කොහෙන් හරි දැකලා මෙහෙ කතා උනා ඕක
මේ මනුස්සයත් කොහොන්දෝ ඕක අහන් ඉදලා පැන්න මැදට
අම්මාගෙයි මෙයාගෙයි කතාවක් මේ

ඇත්තට මැඩම් දැන් ඔය ලෝක විනාසෙ කියන එක වෙන්නෙ කොහොමද?
අර ග්‍රහවස්තු ගැටීමකින් වෙනවා කියලා කියන්නෙ දර්මපාල
එතකොට මැඩම් ඕක වදිනවද පෘථිවියේ?
එහෙම තමා කියන්නෙ නම්..
ඉතින් මැඩම් ඒකට මෙහෙම කලා නම් හරිනෙ
කොහොමද ධර්මපාල?
මෙහෙමනෙ මැඩම්
මිනිස්සු කෝටි ගානක් ඕක වදින තැනට එකතු වෙලා තල්ලු කලා නම් ඉවරනේ එකටම එතකොට වදින් නෑනේ ?

:D :D (දසත සිනා රැලි හූ හඩවල් නැගෙන්නට විය )
අපේ අම්ම කිව්ව අපෝ ධර්මපාල කාටවත් ඇහෙන්න ඕක කියන්නෙපා සර්ට ඇහුනොත් යන්න කියයි ඔය ගොං කතා නොකිය කියලා

----------------------------------
ඉතිං ඔය කතා අහං ඉදලා මං මගේ ගොන් මොලේට ආපු ප්‍රශ්ණයක් ඇහුවා

මං: මොකක් ? ඔය මනුස්සයා මිනිස්ට්‍රියේ නේද වැඩ කලා කීවෙ ? එහෙම එකෙක් ඒ වගේ තැනක රස්සාව කලේ කොහොමද ?

අපේ බුවී: ඔව් එයා ක්ලීනර් කෙනෙක් :D
..................................
හොදි ඕන්නැ :D

..................................
මේ මනුස්සයා ඉරිදට තමා හොර එක්කෙනා බලන්න යන්නෙ
නෝනා තෙල්දෙනියෙ
යන් නෑ නෝන බලන්න
ලමයි බැදලා
ඉතින් සෙනසුරාද හවසට මේ මනුස්සයා හොඳට කොන්ඩෙ කපල එනවා ඩයි පාරක් එහෙම දාගෙන
:D
එතකොට අපේ අම්මිට මීටර් වැඩේ
හවසට ඇවිල්ලා මැඩම් හෙට මං නිවාඩුවක් ගන්නද?
ඇයි ධර්මපාල කොහෙ හරි යන්නද?
නෑ... මැඩම් මේ... නෑ... ඔව් මේ හෙට පොඩි වැඩක්..
අනේ දර්මපාල මං නොදන්න ඔයාගේ වැඩේ දැන් 66ක්ද කොහෙද නේද ? ඔය වයසට මනුස්සයෙක් සංවර වෙන්න ඕන නේද ?
ආයේ ඒකෙ දෙයක් නෑ මැඩම් මං තව මේ හොද ෆිට් එකේ ඉන්නෙ....!!!
:D

අපේ බුවී: ඒ මනුස්සයගෙ තව කතා කෝටියක් තියනවා
මම: ආ කියන්න බලන්න..

අපේ බුවී: ඔන්න මේකත් එදාම එකක්

මැඩම් කියන්න බලන්න මොකටද පොල්කටු එකතු කරන්නෙ කියලා
විසිතුරු බඩු හදන්න, පොල් කටු අඟුරු වලටනෙ දර්මපාල
නෑ මැඩම් නෑ
එහෙනම් මොනාටද ?
නෑ මැඩම් ඕවා එකතු කරන්නෙ පිට රට යවන්න ඕවගෙන් සීඩි තැටි හදනවා
:D :D
----------------------------------

එහෙනම් හා මැඩම් කියන්න පොල් ඉරටු මොකටද?
ඉදල් වලටනෙ මනුස්සයො..
තව ඒවගෙනුත් ඔය එකේක ඒවා හදනවා
නෑ මැඩම් නෑ ආයෙත් මැඩම් වැරදිනෙ
එහෙනම් මොනාටද?
මැඩම් ඉරටු පිට රට යවන්නෙ තෙල් ගන්න
අපේ අම්මා හයියෙන් හිනා උනා
[:D]
මොන රටේද දර්මපාල?
රට නම් මතක නෑ මැඩම්
අනේ මනුස්සයෝ මම අහල තියෙනවා පොල් තෙල්, බඩඉරිඟු තෙල් අනන් මනන් හැබැයි අදමයි ඇහුවේ ඉරටු තෙල් ගැන

..
අපේ බුවී: ඉරටු කතා වලින් පස්සෙ අපෙ අම්ම කිව්වා මෙහෙම........

දැන් දර්මපාලට අලුත් කෙනෙක් නේද ඉන්නෙ ඇයි ඒ මනුස්සයා සයන්ස් ටීචර් කෙනෙක්ද කියලා ඔය බක පණ්ඩිතකම් කියන්නෙ ?
---------------------------------
 
මම: එයාට ඩිජේපාල කියන්නෙ ඇයි ?
අපේ බුවී: ජෝති එකෙන් ජේ දර්මපාල ඩී කම්බයින්ඩ් කරලා ඩීජේ පාල :D


ගිහින් එන්නම්
ද බනී.. ;)

...

Saturday, January 14, 2012

ගියර් ඔයිල් ??

මේ කතාව ඇවිල්ලා අපේ ගෙදර වැඩ කරන සේවක මහත්තයෙක් කරපු මගෝඩි වැඩක් ගැන කතාවක්..
මේ පොරගේ නම ඇවිල්ලා රත්නපාල.. හැබයි ඔය නම කීවට කවුරුවත් වැඩිය දන්න නමක් නෙවේ. ප්‍රසිද්ද වෙලා තිබ්බෙ "මැණිකා" කියන නමින්.. මැණිකා කිවාට මේකා කෙල්ලෙක් නෙවෙ.. ළමයි දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්..
අපේ ගෙදර අවු 7 තිස්සෙ වැඩ කරනවා.. ඔය රත්ණපාල කියන නම දැනගත්තෙ මම මීට මාස 10 විතර උඩදි තමා.. ඒ කලිං වැඩ කරපු තැන මහත්තයෙක් ඇවිල්ලා රත්ණපාල කියලා ඇමතුව නිසා.. මං බැලුවා කවුද මේ රත්ණපාල කියන්නෙ කියලා.. මේං එනවා ඔලුව කහා කහා මැණිකා :D

ඔය නම කොච්චර ප්‍රසිද්ධ කිවෝත්, ඔන්න මේ මනුස්සයාගෙ ලොකු පුතා.. 1ක වසරට බාර දෙන්න ඉන්ටර්වීව් එකට ගියාලු, ලොකු සර් අහනවාලු පුතා.. පුතාගෙ තාත්තාගේ නම මොකක්ද කියලා.. කොල්ලා ගත් කටටම කිවාලු මැණිකා කියලා :D

කොච්චර මගෝඩි වැඩ කලත් හරිම හොද මනුස්සයෙක්.. හැබැයි බිව්වාම නම් ගන්න දෙයක් නැ අපි එවෙලෙට කියන්නෙ පෙත්තප්පු කියලා.. ඇගිල්ලෙන් ඇන ඇන කතා කරන්න එන්නෙ..
ඒ වගේම තමා ඔනි දෙයක් ටික් ගාලා ඉගෙන ගන්න දක්ශ කමක් තිබ්බා.. රටපුරාම ගිහිල්ලත් තිබ්බා.. එක එක ආයතන වල වැඩ කරලත් තිබ්බා

කොළඹ පේමන්ට් එකේ
බංඩාරවෙල කඩේක
අපේ ගමේ ලයිට් කණු හදන කෙනෙක් ලග
මිණී පෙට්ටි සාප්පුවක
ජර්මන් ටෙක් එකේ කැන්ටිමේ
හලාවත පැත්තෙ කඩේක
ලයිට් කණු ගෙනියන 10 වීල් ක්‍රේන් එකක
මැලිබන් බිස්කට් ඒජන්සියක
ගමේ ලැන්ඩ් මාස්ටරයක
ආයෙ කොළඹ බේකරියක
දැන් ඔය අන්තිමට ඇවිල්ලා ඉන්නෙ අපේ ගෙදර..

ඉතිං පුදුම අත්දැකීම් සම්බාරයක් තියෙන මනුස්සයෙක්..  ඉතිං මෙහෙම කටු කාපු මනුස්සයා මීට මාස කීපයකට කලිං ගෙනවා ත්‍රීවීල් එකක්, ඒ තමංගේ නෝනාගෙ මොකක්දෝ පඩියකින් මොනා හරි ජිල්මාට් එකකුක් දාලා ෆිනැන්ස් එකකුත් දාලා වාරික වශයෙන් ගෙවන්න තමා අරන් තිබ්බෙ.. ඉතිං මේක ගෙනැල්ලා ඉන්ශුවරන්ස් කරපු දවසට පස්සෙ දවසේ කඩේකට යන්න ඇවිත්, ගිහින් එන ගමන් වාහනේ වංගුවකදි අනික් පැත්ත ගහලා,, සයිඩ් එක චප්ප වෙලා තිබ්බා..
ආයෙ මාසෙකින් විතර ගල් වැටක හප්ප ගත්තා.. ආයේ තව ත්‍රීවිල් එකක මජ්ගාඩ් එකේ හප්ප ගෙන ගිහින් තිබ්බා.. පිටි පස්ස තලාගෙන ගෙදර ගැරජ් එකට දාන දාන හැම පාරකම... ඉන්ශුවරන්ස් එකේ උන්ටත් එපා වෙලා බනිනවාලු :D
මේ ඔක්කොම බේබදුකම නිසා, මොකද ඔය හැම එකක්ම වෙලා තියෙන්නෙ බීලා ඉන්න වෙලාවක..

ඉතිං මේ ලගදි මම ගියා මේ මනුස්සයලාගෙ ගෙවල් පත්තෙ.. ගෙවල් පැත්ත කියන්නෙ අපේ තාත්තාගෙ ගම ඉතිං ඒක.. මං බාප්පලාහාට ගිහින් එන ගමං මැණිකලහාටත් ගොඩ උනා.. ගියපු ගමං මේකා කියාපි.. පුතෙ බලන්නකො ත්‍රීවිල් එකෙන් අමුතු සද්දයක් එනවා.. මට නිකං අමුත්තක් දැනෙනවා කියලා.. මං කිවා එහෙනම් තෙල් අඩු ඇති බලන්න කියලා මං ගෙදර ආවා. ඒත් මේකා තෙල් බලලා නැ. ඊට පහු වෙනිදාම ටොකොස් ගාලා සද්දයක් අවාලු , වාහනේ නැවතිලා.. කොම හරි තල්ලු කරං ඇවිල්ලා ගැරජ් එකකටම දාලා.. ගලවද්දි වාහනේ එන්ජින් oil කලදක් නැලූ.. පිස්ටන් rings ඔක්කොම කැඩිලා.. බොර් එකත් කපාගෙන ගිහිල්ලා.. ලොකු වියදමක් කරලා හදලා.. ඊට පස්සෙ ක්ලච් ප්ලෙට් එහෙම දාලා, පිස්ටන් දාලා වාහනේ හදනවාලු, දැන් මේකට මාර කම්මැලි කමක් ඇවිල්ලා කොහොම හරි බොන්න යන්න ඔනිලු.. ඒත් සල්ලිත් නැලු.. වාහනේ හැම කෑල්ලකටම වියදම් කරන්නෙ නෝනාගෙ සල්ලි වලින්ලු..
බැරිම තැන මෙයා වාහනෙ හදන පොරට කියලා මල්ලි ගෙදර ගිහින් එන්නම්.. උඹ ඕක හදපං කියලා.. ගෙදර ඇවිත් නොනාට කියනවාලු

මැණිකා: මේ ඒයි.. වාහනේට ගියර් ඔයිල් ගේන්න අමතක උනානේ
ඒයි: ආ දැන් අර මං ඔයිල් අරන් දීලා ආවෙ ?
මැණිකා: ඒ මොනදා ඒ.. ඒ එන්ජිං ඔයිල්නෙ.. දැන් ඔනි ගියර් ඔයිල්
ඒයි: හරි දැන් කියක් යනවද ?
මැණිකා: 350 ක් වත් යයි ඉතිං..
ඒයි: මොනා කරන්නද ආ අරන් ගිහින් දාන්න..

ඉතිං මැණිකා රු 350 අරන් ඇවිල්ලා ඒකෙන් හොදට බීලා :D

ඊට අල්ලපු ගෙදර ඉන්නෙ වම්බොට්ටා කියලා කොල්ලෙක්.. මූ අවාලු මැණිකා හොයාගෙන.. අර නැන්දාගෙන් ඇහවාලු කෝ මැණිකා කියලා.. අන්න ගියර් ඔයිල් ගේන්න ගියා කිවාලු
වම්බොට්ටා අහලා මොකටද ගියර් ඔයිල් කියලා.. ඉතිං විස්තරෙ කිවාම නැන්දට පස්සෙ තමා සීන් එක තෙරිලා තියෙන්නෙ.. ත්‍රීවිල් වලට ගියර් ඔයිල් දාන්නෙ නැහැනෙ.. ඉතිං ගෙදර ආවාම හොදට දෙහි කපලා.. :D

මේ මනුස්සයාගෙ කතා ලියනවා නම් මට වෙනම "මැණිකා" කියලා බ්ලොග් එකක් පටන් ගෙන ලියතැහැකි :D ඒ තරමට රස කතා තියෙන මනුස්සයෙක්.. මේ කතාවත් මට අද කීවෙ.. කොච්චර මගෝඩි වැඩ කලත් ලැජ්ජ නැතිව එව්වා කියන අපූරුව තමා මරු :D


.............


මේ කතාව ඇවිල්ලා අපේ අයියා කීවේ.. අයියාගෙ ශොප් එකට ආවාලු මනුස්සයෙක්.. අනේ මල්ලි මට ජොබ් එකක් හොයලා දෙන්ටකෝ කියලා.. ඉතිං හා අයියා මම් බලන්නම් කියලා අයියත් පොරොන්ද උනාලු.. ඉතිං ඔන්න අයියාගෙ යාලු ඩොකෙක්ට කතා කරලා.. ඩොකා කැමති වෙලා වාහනේ ඩ්‍රයිවර් හැටියට ගන්න.. ඉතිං අර පොරට කිවාම හෙන හැෆීලු.. ඉතිං ජොබ් එකට ගිහින් පලවෙනි දවසේම.. ඩොකා ඇහුවාලු ඩ්‍රයිවර් උන්නැහැහේ වාහනෙ තෙල් වතුර බැලුවද කියලා.. මේ මනුස්සයා ඔව් කියලා..
ඔහොම දවස් 2-3 ක්ම ඇහුවාලු.. හරි මහත්තයා ඔක්කොම හරී කියනවාලු.. එත් කවදාවත් ඩොක්ටර් දැකලා නැලු තෙල් බලනවා.. දවසක් ඩොක්ට උදේ වැඩට යන්න එන්න කලිං උදේ කිවාලු අරින්න බලන්න බොනට් එක කියලා, ඉතිං මෙයා ඇරලා දොර.. ඩොක්ටර් කිවාලු ගන්නවා බලන්න oil කූර කියලා..
ඉතිං අර අංකල් ටිකක් වෙලා ඔලුව කසලා.. ඩොක්ටර්ගෙන් හෙමීට අහනවාලු.. ඩොක්ටර්.. කොහෙද මේකෙ ඔයිල් කූර තියෙන්නෙ කියලා..
*&#(*@^#*@&@#)@#@*&#^@%#

ඩොක්ටර් කියපු ටික අයියා මට කීවෙ නැලු :D

පස්සෙ ඔය ඩොකා ඇවිල්ලා අපේ අයියට කැ ගහලා.. බලපං උඹ කල වැඩේ මරු පොරක් තමා මට එව්වෙ කියලා..
එදායින් පස්සෙ අයියා කාටවත් ජොබ් නම් හොයලා දුන්නැලු..
..........


එහෙනම් ගිහින් එන්නම්
Bunny...෴



.

Monday, January 9, 2012

තාත්තියා.. ඔයාට අද බයෝ ක්ලාස් නේද ?

මිනිස්සු හැටියට අපිට ආදරෙ ඔනිනේ නේද ? ඉතිං ඔය ආදරෙ ප්‍රකාශ කරන්න, පෙන්නන්න මිනිස්සු 1ක 1ක ක්‍රම යොදා ගන්නවානේ.. අද කතා දෙක ඔය ආදරෙ පෙන්නන්න භාවිතා කරන වචන සම්බන්දව..

මම නුවර ඉදං ඇවිල්ලා ගාල්ලට එන්න කොළඹින් බස් එකක් ගන්න යනකොට දැක්කා අකුරැස්ස කොළඹ A/C බස් එකක්.. ලේසියෙන්ම ගේ ගාවින් බැහැ ගන්න පුලුවන් නිසාත්, සෙනග අඩු නිසාත්, බස් දෙකක චාටර් කන්න ඔනි නැති නිසාත්.. ඩික් ගාලා ගිහින් වාඩි උනා..
         බස් එක නම් ඒ හැටි නරකක් නැ.. ටීවි එකකුත් තිබ්බා හැබැයි වැඩ කරන පාටක් නම් නැ.. ඔනි මගුලක් කියලා මාත් හෙඩ් සෙට් එක ගහගෙන සිංදුවක් අහන්න හදන කොටම ස්වීට් කෙල්ලෙක් ඇවිල්ලා වාඩි උනා මගේ ශීට් එකට අල්ලපු ශීට් එකෙ.. (අපි කලුයිනේ)
අෆෝ ටික වෙලාවක් යද්දි තමා මීටර් උනේ.. මෙයා ගිය ආත්මෙ ලවුඩ්ස්පිකර්, බෆල් රෙන්ට් කරපු කෙනෙක් හරි පිනට දීපු කෙනෙක් හරි විත්තිය..
මගේ හෙඩ් සෙට් එක කැලේ.. මරු වොයිස් එක.. අපේ පංසලේ අලි ඝාංඨාරේ පරාදයි.. ටිකක් එහා මෙහා කැරකිලා මගේ පැත්ත බලලා කියනවා..

අයියායායායා.... මේ බස් එක අද්දන්නෙ කීයටද අයියායායායා...?
(අනෙ මගේ යෞවුවන කාලේ.. මගේ කන.. සික්..)

ආ කොමද දන්නැ නංගි, 5.45 වගේ වෙද්දි යාවී..

වෙලාවට ලාවට හිනා වෙලා මොකක්දෝ මල්ලෙන් ඇදලා ගත්තා.. කෙලියා තාප්පෙටම හැන්ඩ් ෆොන් එකක්.. එන පොට නම් හොද නැ.. මල් කැඩිල්ලක් වගේ.. මම තව ටිකක් හෙඩ් සෙට් එක තදකර ගත්තා..

වයධම්මා සංඛාරා කිවාලු, අරකිගේ සුඛිත මුදිත කංකලු මිහිරි ස්වරයෙන් මගේ කන පිනා යන්න වැඩි වෙලා ගියේ නැ..

මං කිවානේ.. මං මේ බස් එකේ ඉන්නෙ..
ඔයාට විශ්වාශ නැත්නම් මට කරන්න දෙයක් නැ..
ආආආ..
බ්ලා බ්ලා බ්ලා... 
අනේ මහත්තයෝ මාව අමාරුවේ නම් දාන්න එපා..
මට බැ තනියෙම එන්න.. අනේ හරියටම ඇවිල්ලා ඉන්න හොදේ..
ආ පොඩ්ඩක් ඉන්නවාකො..

මෙන්න මට කවුද අනිනවා.. මං හැරිලා බැලුවා.. අෆ්ෆට සිරි.. අර ලවුඩ්ස්පීකරේ.. මම් ඔලුවෙන් මොකද ඇහුවා..

අනී අයියායායායා.. මේ ෆොන් එක කොන්දා අයියාට දෙන්නකෝඕඕඔ...

නොදොකිං අම්මපා මෙහෙමත් වදයක්..
මං අරූ බොහොම අමාරුවෙන් හොයලා ෆොන් එක දුන්නා.. සිකේ මෙහෙමත් වදයක්.. ඌත් මොනාදෝ මොනාදෝ කියලා ෆොන් එක දුන්නා. මං ආයෙ අර ලවුඩ්ස්පිකරේට ෆොන් එක දුන්නා..

ආ දැන් හරිනේ ? දැන් විශ්වාශයිනෙ මම් බස් එකේ ඉන්නෙ කියලා ??

තව මොනාදෝ මොනාදෝ කිවා මට මතකත් නැ..පුදුම කටේ සද්දයක්.. එතැන හිටපු ආච්චිටත් බකස් ගාලා හිනා ගියා.. මම් බොහොම අමාරුවෙන් හිනාව නවත්තන් උන්නෙ..
        මං හිතන්නෙ ඒ කෙල්ලගෙ අයියා කතා කලේ.. කෙල්ල කිවාට ඇන්ටි ටයිප්.. ගාල්ල කිට්ටු වෙද්දි එතැන හිටිය කොල්ලො දෙන්නත් එක්ක කදේ දාගෙන උන්නෙ.. අනේ මංදා මේ කෙල්ලන්ට මොනා වෙලාදෝ කියලා..

ඒ කරදරෙන් ඉවර වෙලා ආයෙ මගේ සිංදුව අහන්න හද්දි මට ලාවට ඇහෙනවා පිටි පස්සෙන්.. මෙහෙම

නෝනේ..
පාලුයි ?
මං කතාකරනවානෙ අම්මා..
වැඩි කල් ඔහොම ඉන්න දෙන්නැ රත්තරං..
...
ඉතිං කියන්න අම්මා
මේකෙ සල්ලිත් කැපෙනවානේ..
ආ තමුසෙ හිතන්නෙ මං කොළඹ ඉදං වෙන ගෑණු එක්ක යනවා කියලද ?
තමුසෙ හිතන්න එපා මං එහෙම මිනිහෙක් කියලා..
නැ අම්මා මං තමුසෙ ගැන විතරයි හිතන්නෙ. . .
ඉතිං මොනා හරි කියන්න අම්මා..
කතා කරන්න බැරි නම් තියන්න
...
ටික වෙලාවක් යන කම් සද්ද නැ.. මං හිතන්නෙ කට් කරන්න ඇති..
ආයෙ සිංදුව අහන්න හදනකොටම..

තරහද අම්මා ?
මං හිතුවා තරහ උනයි කියලා
මට තමුසෙ ගැන විතරමයි හිතෙන්නෙ..
මං ඉක්මනට තමුසෙ ලගට එන්න වැඩ පිලිවෙලක් යොදලයි තියෙන්නෙ
ලොක්කා කිවා එහෙම හදලා දෙන්නම් කියලා.. බය නැතිව ඉන්න අම්මා..
මං තියන්නම් එහෙනම්.. ජේසු පිහිටයි..

ඕක මේ km බර ගානක් දුර කතාවක්.. කෙටියෙන්ම කීවේ..

තව අපි ගොඩක් කට්ටිය අහලා තියෙන කතාවක් තමා මේක
............
ඔන්න පිටිසර ගමක කොල්ලෙකුයි, තවත් පිටිසර ගමක කොල්ලෙකුයි දැකලා දැන හදුන ගත්තාලු.. ටිකක් වෙලා යද්දි කෙල්ලත් කතා නැලු..කොල්ලත් කතා නෑලු
බැරිම තැන කෙල්ලා ඇහුවාලු..

ඇයි අයියා දොඩං නැත්තෙ ?

කොල්ලා කියාපි..

අවාරෙනේ නංගී.. කියලා
.............

මේක වෙලා තිබ්බෙ නුවර පැත්තෙ ක්ලාස් එකක.. මේ ගැණු ළමයට හොදට සිංහල ලියන්න පුලුවන් උනාට බ්ලොග් එකක් ලියන්න පුදුම කම්මැලි කමක් තියෙන්නෙ.. :D
ඉතිං මට කිවා මේක මගේ බ්ලොග් එකේ ලියන්න කියලා..

ඒ විශන් එකේ ක්ලාස්
ඔන්න අපි පහලට ගියා අත හෝදන්න
ඉතිං
ගර්ල් කෙනෙක් ෆෝන් එකෙන් කතාව
හයියෙන්
ආහ් තාත්ති කොහෙද ඉන්නේ
නෑ නෑ මම ක්ලාස් එකේ
විශන් එකේ අනේ...

ඔව් මේ කෑවා
"තාත්තියා ඔයාට අද බයෝ ක්ලාස් නේද"
හා පන හා මීට් වෙමු හවසට


...

එහෙනම් අද ඉදං මේ පොස්ට් එක ආදර්ශයට අරගෙන තමංගෙ ආදරණීය නෝනට, වෙන්ඩ වයිෆ්ට, ගැණුළමයට.. ආදරෙන් කතා කරන්න ඔනි හරිද :D

පාලී: කෙල්ලො නම් කොල්ලාට තාත්තී නොකීවට කමක් නැ :D



....

Saturday, January 7, 2012

මල වෙඩිමයි.. අවු 3 යි.. O_o

ජය වේවා bunny.. ඔල්ද බෙස්ට් වල් හාවා..!!මයි කන්ගඩුලෙශන් බනියා..
අම්මට හුඩු #@*% බනියා.. එළ ඇ..

ස්තූතියි ස්තූතියි
ස්තූතියි ස්තූතියි
ස්තූතියි ස්තූතියි..

අද ඇත්තටම සතුටු දවසක්.. මං ඉතිං ඒක සැමරුවා.. පාටියකුත් දුන්නා.. රු 200 ගත්තෙ වතුර එක දෙන්න, ඒක වෙනම කතාවක්..  :D :D
අද සතුටු වෙන්න හෙතුව.. මයේ බ්ලොග් එකට අවු 3 ක් පිරෙන්නෙ අදට.. මේ අවුරුද්දෙ කිසිම පොස්ට් එකක් නොදා නලිය නලිය උන්නෙ මේක දාන්න ඔනී නිසාමයි..
අද තිබ්බ gtg එක ගැන දැම්මෙ නැත්තෙත් ඒක නිසාමයි :D එහෙම බැලුවාම නිකං ආර්ත්මාර්තකාමි වගේ.. ඒත් තිං මොනා කරන්නද නේද ? :D

      බ්ලොග් එක ගැන කවදා ලියන්න බැරිද.. ඒ වගේද අද දවස.. 7 වෙනිදා. අම්මේ අමතක වෙන්නැ ජිවිතෙට.. මයේ කකුලෙ තාම වැලි අෆ්ෆා.. හෝද ගන්නත් ලෝබයි :D




 ඇත්තට අද ගහන්න තරම් මඩ නැ (මගේ ගිණුමට බර ගානක් පගාව ඇවිල්ලා තියෙන්නෙ ::D:D)

උදේ පාංදර අලි ජංජාලෙ.. මම් කුකුලා කරේ තියාන හරියට 8 වෙද්දි ගාල්ලෙ බස්ටැන්ඩ් එකේපාලම උඩට අවා.. සෙට් එකක් උන්නා.. කොම කොම හරි දවල් වෙද්දි ඔක්කොම වගේ අවා.. මායි පොඩි මැනුයි ගියා කෑම ඔඩර් එක බාර දෙන්න.. ගිහිං එද්දි පාලම උඩ උන්න අපේ ඇවුන් ටික පොලිසියෙන් එලවනවා..
අනේ බුදු පුතේ වදින්නම්.. පාලම අලවලා වගේ තියෙන්නෙ.. වැඩිය ඕක උඩ ඉන්න එපා.. කඩා වැටුනොත් අපරාදෙනේ කියලා..
මට තිං මේක දැක්කාම මලේ මල.. මම් පොලිස්කාරයාට ගහන්නත් ගියා.. ඔය නලිං කාරියවසම් තමා පැනලා අල්ල ගත්තෙ එපා බං එපා.. පවු අරුං කියන කතාව ඇත්ත තමා කියලා.. නලියා නැත්නම් අරූ අද දැඩිසත්කාරේ.. ඉතිං අපි පහලට බැස්සා..

උදෙන්ම ආපු සෙට් එක.. :D
ඊට පස්සෙ ආපු උංගේ නම් ටික ගන්න ඔනි නිසා.. මම් හදපු ඩොක් එකේ ප්‍රින්ට‍ අවුට් එකක් ගන්න කියලා කඩවල් 2-3 කට ගියා.. කොහෙද.. එකක් වත් ඇරලා නැ.. අන්තිමේ ඇතැරලා දාලා අවා එන්න.. ඇවිල්ලා නිකමට වගේ ලැප් එක අදින්න බෑග් එක ඇරියා.. අම්මට සිරි.. ලැප ගෙනැල්ලා නැනේ O_o
අයියේ මෙන්න මේකෙ තියෙන එක ප්‍රින්ට් කරග්න ඔනි කියලා එතැන කඩේ ලැප අදින්න ගියා නම් කොන්ක්‍රිට් කියලා බලන්නැ එතැන පලං යනවා අනිවා :D
අපේ ගැණු ළමයි උන්න නිසා තිං අතිං ලියව්වා අන්තිමේ :D
 
නොකියා ඉන්න බැරි කතා ටිකකුත් තියෙනවා..

වෙනි අයියා අලි පාර්සලයක් දුන්නා.. දීලා කියනවා.. මචං හාවා.. උඹ අර x අදුරනවද ? ඔව් බං අයියෙ මොකද සීං එක? අඩෝ මේ ලවු ලෙටර් එක දියං බං..
අඩෝ මෙච්චර අලි පාර්සලයක් ? ඔව් බං පොතක් ඇතුලෙ දාලා තියෙන්නෙ ගෙදරිං දැක්කොත් හරි නැනෙ.. :D

.........
ඔක්කොම නටලා ෆන් අරන් කාපු බීපු තැන් අස් කරලා දාලා, ගෙදර එන්න එන කොට තමා මාරම අප්සට් එක :-/

අඩෝ අසෙලයා ගියේ නැනේ ?
ඌ පල්ලෙහා බං.. නැ බං ඌ පාගලා ගියා උඩ ඇත්තෙ..
පල ඩෝ ඌ උඩ කියක් ඔට්ටුද..
1000 ක් ඔට්ටුයි.. ඌ පහල..
නැ යකෝ ඌ උඩ ගියා දැක්කෙ නැද්ද ඌ ඉස්සර වෙලා ගියා..
හරි හරි යමල්ලා ගිහින් බලමු..
 .. අම්මට සිරි හාවා..  අපි මෙච්චර බැස්සද බං?
ඒක තමා මේ මාත් කල්පනා කලේ..
ටිකක් දුර ශොට් කට් එකෙන් පැමිණි.. වෙනි, බුල්ටො, හාවා etc :D
යනවා යනවා පඩිපෙලේ ඉවරයක් නැ.. එන කොට මතකයි මුල්ම හරියෙ තිබ්බෙ කලුගල්.. එක තැනකවත් කලු ගල් නැනෙ.. ඔක්කොම පඩිපෙල් ? මගුලයි මේං අලි ගේට්ටුවක්..?
අම්මට උඩු.. මෙතැනට කොහෙන්ද යකෝ ගේට්ටුවක් අවේ ? O_O
යකෝ  උදේ ආ ඩිංගට පඩි පෙලකුත් දාලා ගේට්ටුවකුත් දාලද ?
නැ යකෝ තොට එච්චර වෙරිද ? නොදොකිං මුසලයා.. මේ බලහං මේ පඩි දිය සෙවෙල් කාලා..

අම්මට සිරි ඔව් නේන්නන්..
අඩෝ පාර වැරදිලා ඩෝ .. මගුලයි.. කමක් නැ ඕම පැනපං ගෙට්ටුවෙන්.. 
අනේ ඉතිං දන්න සියල්ල වැඩ දාලා ගෙට්ටුවෙන් පැන්නා මාත්.. (අඩෝ වැටෙන් පැන්නා කියලා කියලා තිබ්බොත් මරනවා හරියේ) :D :D
.........

අද අවාසනාවන්තම සිද්දිය උනේ අපේ කිඩෝ මලයට.. ඇත්තම කිවොත් ඌ තමා හැමදේම හොයලා බලලා කෙරුවේ.. ඌට ඉතිං ගෙදරින් එන්න දුන්නැනෙ.. :-/

පසු විපරම් වලිං හොයා ගත්ත විදියට කේස් එක මේකයි.. කිඩොට එන්න එපා කියලා කේස් එක දාලා තිබ්බත් තව ටිකක් නාහෙන් ඇඩුවා නම් එන්න දෙනවා.. ඒත් මේ අපේ අභිතයා වැඩේ කාලානේ..

ඇන්ටි.. කිඩෝ පුතා එවන්න අපි පරිස්සම් කරගන්නම්..
අනේ පුතේ ඒක නම් කරන්න අමාරුයි..
බය වෙන්න එපා ඇන්ටි "සිහිනයත්" එනවා කිවානේ..

ආ සිහින පුතා එනවද ? ඒ පුතාට ටිකක් විසේ නේද ? එහෙනම් එවන්න බැ කොමත්..

.......


ඉතිං අද දවසේ සුපිරිම ෆන් එකක් ගත්තා.. ආපු හැමෝටම ස්තූතියි..
ආයේ අපි සෙට් වෙමු..!

ආයෙ කියන්න ඔනි.. මගේ බ්ලොග් එක හදන්න උදව් කරපු ඩැනියාට එහෙම ස්තුතී කරන්න ඔනි.. ඌ නිසා තමා මම් බ්ලොග් ලියන්නෙ..
තව මේක බලන, මට කමෙන්ට් කරන "උඹ" . "උඹ" නිසා තමා මං මේක ලියන්නෙ..!! :)

එහෙනම් මට ජය වේවා.. !! ලෝක විනාසේ උනේ නැතෝත් තව අවු කිපයක් මේක අදින්න ඔනි :D


..

Sunday, December 25, 2011

හාවාගේ සුනාමි මතක සටහං..

මහ ලොකු දෙයක් කියන්න නැති උනත් සුනාමියෙන් මට තියෙන අත්දැකීම කියලා දාන්න හිතුනා.. ඒ ඔක්කොටම හේතුව පොඩි මෑන්ගෙ ලිපිය දැකලා ආපු අදහසට..


ඊයෙ ඒ කියන්නෙ 2004 දෙසැම්බර් 26 වැනිදා තිබ්බ "ඊයේ" .. අපේ පවුලේ අයයි, අයියාගෙ පවුලේ අයයි ගොඩක් සතුටෙන් උන්න දවසක්.. නැදැයෝ රොත්තක් එක්කාසු උනාම එන සතුට කියන්න ඔනි නැනේ..
ඉතිං අපි ඔක්කෝමලා එදා රෑ සාකච්ජා කරලා තිබ්බෙ අද වගේ දවසක ඒ කියන්නෙ 2004 දෙසැම්බර් 26 වෙනිදට යන්න හිතාගෙන උන්නු ගමන ගැන, ඒ කොහෙවත් නෙවේ කලුතර බෝධිය වදින්න,
 අයියා ගවයින් නිදහස් කරගැනීමේ පිංකමකට ආදාර කරලා තිබ්බා ඉතිං ඒ ආදාර කල අයට එදාට එන්න කියලා ලියුම් ඇවිල්ලා තිබ්බා.. ඉතිං ඔන්න ඕකට තමා අපි යන්න ලැස්ති උනේ..

කතා කරගත්තා වගේම පාංදර 4 ට විතර නැගිට්ටෙ 5 ට වත් ගෙදරින් පිටත් වෙන්න ඔනී කියලා හිතා ගෙන.. කවුරු කවුරුත් ලකලැහැස්ති වෙද්දි 5 කෑලිවත් නැ ඔක්කොම සෙට් කරගත්තාම 6.30 විතර වෙලා.. පරක්කු උණ එක පරක්කු උණානේ කියලා අපේ තාත්තත් ගිහිල්ලා පංසලට.. තාත්තාගේ මොන දේ කලේ නැතත් ලොකුම රාජකාරිය පෝය දාට ගිහිං පංසලේ අඩු පාඩු බලන එක.. ප්‍රදාණ දායක මහත්තයා විදියට තාත්තට ලොකු වගකීමක් බැදිලා තිබ්බා.. තාත්තා ඒක දේව කාරියක් විදියට සැලකුවේ..  කවුරු කවුරුත් තාත්තට බනින්න උන්නා ප්‍රමාදය නිසා.. කොහොම කොහොම හරි ගොඩක්ම පරක්කුයි..
        මේං එනවා තාත්තා ඇවිල්ලා විස්තරේ කියන්නත් තව පැය භාගයක් විතර ගත්තා.. හයියෝ මාර කට්ටක් කාලා..
එදා සිල් ඇත්තන්ට උදේ දානේ නැහැලු, දෙන්න නියම වෙලා තිබ්බ කට‍ටියටත් මොකක්දෝ කරදරයක් වෙලා.. ඉතිං තාත්තා කඩේට ගිහින් අඩුම කුඩුම ගෙනැල්ලා, අයේ උයන්න අය හොයාගෙන ගිහින්, ගමේ ඔය උයන පිහන වැඩ වලට දක්ශ කට්ටියක් උන්නා ගමේ කෙලවරටම.. ඒ අය හොයන්න ගියාම කුකුලෙක් කොටන්න ඇවිල්ල තාත්තට, එතැන තිබ්බ කූඩයකින් තාත්තා කුකුලා වහලා තමා අර ගෙදරට ගිහින් ඒ කට්ටිය එක්කාසු කරගෙන ඇවිල්ලා උයලා දානේ දෙන්න කියලා ඔක්කෝම හදලා තමා තාත්තා ගෙදර ඇවිල්ලා තියෙන්නෙ..

 ඉතිං දැන් ඔක්කෝම හරි,  ඔන්න මමයි අයියයි ලොකු අක්කයි, අයියාගෙ තව යාලුවෙකුයි 4 දෙනා කාර් එකට නැගලා ඉස්සර වෙලා ආවා, අනික් කට්ටිය වෑන් එකේ එන්න හිටියේ.. අපි කොහොම හරි ගෙදර ඉදං 3km විතර ආවා.. පාර අයිනේ ලොකූ බෝගහක් තියෙනවා, එතැනදිම මාතර බස් එකක් ලයිට් ගහලා අපිව නවත්තලා කැ ගැහුවා යන්න එපා යන්න එපා මුහුද ගොඩ ගලනවා කියලා..

අපි හිතුවේ බොරු කියලා.. මාතර බස් එකක් අපේ පාරේ යන්න විදියකුත් නැ, බස් එකේ මිනිස්සුත් කියනවා යන්න එපා යන්න එපා කියලා, කාර් එකේ A/C අඩු උනාද මංදා.. මට ඉහෙන් කනෙන් දාඩිය දාන්න ගත්තා.. කවදාවත් අහලා දැකලා තිබ්බ දෙයක්ද.. ? අපි දඩස් ගාලා බෝ ගහ ගාවින්ම හරවගෙන ආයෙ ගෙදර යන්න අවා.. අපි එන කොට ගෙදර අය අඩ අඩා ඉන්නවා, කෝල් ගන්නත් බෑ සිග්නල් නැති නිසා,

ඒ අයත් වාහනේ එළියට ගන්න හදන කොටම CEB එකේ කැබ් එකේ කට්ටියක් ඇවිල්ලා ගෙට්ටුව හරස් කරලා නවත්තලා කියලා යන්න එපා මුහුද ගොඩ ගලනවා කියලා, ඒ අයගේ කැබ් එකක් අතුරුදහන් වෙලා.. අර වොල්කි ටොල්කි එකට පනිවිඩ හෝ ගාලා එනවා.. මෙහෙන් ගහගෙන ගිහිල්ලයි අරහෙන් ගහගෙන ගිහිල්ලයි.. පනිවිඩ කෝටියියි..

කොහොම හරි අපි ඒ විදියට බේරුනා.. අර පාන්දර 5 ට ගමන යන්න පිටත් උනා නම්. අද මේක ලියන්න මම නැති වෙන්න පුලුවන්..  එදා දවසේ හරි අමුතු බාදක තොගයක් ආවා අපේ ගමනට..
මම් නම් හිතන්නෙ ඒ හැම දෙයක්ම ආගමානුකූලව ජීවත් වුනු නිසා වෙන්න ඇති..

      එදා හවස අපේ ගමනට යන්න ආපු මාමලාගේ ගෙදර නැන්දයි එයාගෙ පුතයි ගිහින් දාන්න අපි ආවා උඩුගම තිබ්බ ගමකට.. එයාලා දාලා එන කොටම ලයිට් ගහගෙන ආපු වෑන් එකක් නවත්තලා තිබ්බ බස් එක අස්සෙන් ඉස්සර කලා.. ආපු වේගෙට අපේ වාහනේ දොරත් ගලවගෙන දඩෝං ගාලා හැප්පුනා.. ඒ වාහනේ පැත්තම ඉවරයි.. අපේ ඉස්සරහා මූණයි දොරයි තැලිලා ගිහින් තිබ්බා.. තාත්තාගෙ අතෙන් ලේ ගලනවා හෝ ගාලා.. අපේ මල්ලි ගොඩක් චූටියි.. එයා විලාප තියලා අඩනවා..

බැහැලා ගිහින් අපි කතා කලා.. මොකක්ද මනුස්සයෝ කලේ වැරැද්ද තමුන්ගේ නේද ? අපේ මාමා පොලීසියේ කියලා මතක් උනේ ඒ වෙලාවේ.. ඒ මනුස්සයා වෙව්ලනවා..
තාත්තා ලේ බෙරෙන අතත් එහෙන්ම තියාගෙන කතා කලා.. ඇයි කලබලෙන් දැම්මෙ ?

අනේ මහත්තයෝ අපේ නංගිගේ දරුවා නැති වෙලා.. වතුර පාරට අහු වෙලා.. මේ හිනිදුම ඉස්පිරිතාලේ ඉන්නවා කියලා ආරංචියක් ආවා ඒ හොයන්න යන ගමං..

ඉතිං මනුස්සයෝ තමංගේ නංගිගේ දරුවා වෙනුවෙන් තමන්ගෙ ජිවිතෙත් නැති කරගෙන අනුන්ගෙ ජිවිතත් නැති කරන්නද හදන්නෙ ? අපේ තාත්තා පුදුම අනුකම්පාවකිං කතා කලේ..
එදා හැමෝටම විපතක් වෙලා තිබ්බ නිසාත්,, ජීවිත ගොඩක් නැති උන නිසත් තාත්තා කැ ගහන්න බනින්න ගියේ නැහැ.. 

කොහොම කොහොම හරි ගොඩක් පරක්කු වෙලා ඉන්ශුවරන්ස් එකෙනුත් ඇවිත් පොලිසියෙනුත් ඇවිත් මනින වැඩ එහෙම කරලා අපි එන්න ආවා.. රෑ වෙලා. පොලිසියේ ටිවී එකේ සුනාමියේ විඩියෝ පෙන්නනවා.. අර ගාල්ලෙ මනුස්සයා වීඩියෝ කල එක ITN එකේ පතුරු ගහනවා..
අන්තිමේ පොලිසියෙන් අර මනුස්සයාට කිවා අපේ වාහනේ හදා ගන්න සල්ලි දෙන්න කියලා.. එහෙම දෙන්න උනා නම් පනස්දාහක් වත් දෙන්න වෙන වෙනවා.. තාත්තා කිවා.. හරි මේ කලබල ඉවර උනාම අපි ඒක මොනා හරි කරගම්මු.. ඔයා අපේ ගෙදර ඇවිල්ලා යන්න කියලා ඇඩ්රස් එක දුන්නා.. හැමොටම කරදරයක් උණ වෙලාව නිසා තාත්තා අනුකම්පා කරලා කියන්න ඇති..

ඒත් ගොඩක් කල් බැලුවා ඒ මනුස්සයා පලාතකවත් ආවෙ නෑ.. සල්ලි ගන්න බලාපොරොත්තුවක් තිබ්බෙ නැහැ.. ආයෙ පොලිසී ගිහින් ඒ මනුස්සයා හොයන්න උනන්දු උනෙත් නැ.. ඉන්ශුවරන්ස් එකෙන් සල්ලි දීලා තිබ්බා වාහනෙ හදන්න..

27 වෙනිදා තමා එපාම කරපු දවස.. මිනිස්සු හෝ ගාලා එනවා ලෑලි හොයන්න

අනේ මහත්තෝ අපේ නෝනා නැති වෙලා.. බොඩි එක දෙන්න පෙට්ටියක් ඉල්ලනවා.. පෙට්ටි නෑ කොහෙවත්. ලෑලි ගෙනියන්න ආවා පෙට්ටියක් හදාගන්න..
       ඔහොම 20 කට වැඩි පිරිසක් ආවා ලෑලි ගෙනියන්න.. ඒ එක්කෙනෙක්ගෙන් වත් සල්ලි ගන්නෙ නැතිව තාත්තා තිබ්බ තිබ්බ හැම ලෑලිකැලි හොය හොය දුන්නා..
ඒ වෙලාවේ ඒ මිනිස්සුන්ගෙ හිත් වල තිබ්බ දුක නැති කරන්න ගොඩක් වෙලා එක එක දේවල් කියලා හිත් හදන්න ගත්තා..
චූටි ළමයින්ට.. වයසක අයට.. තරුණ අයට.. එක එක සයිස් වලිං ලෑලි.. බොහොම කලකිරීමකිං දුකකිං අපි කරන්න පුලුවන් උදව් කලා..
පෙට්ටි නැති, අදුර ගන්න බැරි ගොඩක් අයගේ මිනී බැකෝ වලිං ලොකු වලවල් හාරලා සමූහ මිනී වලවල් වලට දාලා වහලා දාලා තිබ්බා...

දවස් ගානක් යන කම් කරන්ට් එක තිබ්බෙ නැ.. අයියලාගෙ ගෙදර අය පිටත් කෙරෙව්වා.. අයියයි අක්කයි දවස් 2-3 ක් ඉන්න නැවතුනා අපේ ගෙදර.. ඒ අයත් කොළඹ පාරින් යන්න බැරි නිසා ගොඩක් ලොකු රවුමක් ගහගෙන ගිහින් තිබුනේ.. යන කොට පංසලක් තිබිලා ඒකෙ අනාත වෙච්චි අය හුගක් උන්නාලු.. අක්කාගෙයි අයියාගෙයි බෑග් වල තිබ්බ හැම ඇදුමක්ම ඒ අයට බෙදලා දීලා තිබ්බා...

ඉතිං ඔන්න ඕවා තමා මගේ මතක සටහං.. ගොඩක් අයට සුනාමිය අමතක වෙලා ගිහින් ඇති.. ඒත් මගේ හිතේ තාමත් ඒවා චිත්‍රයක් වගේ ඇදිලා තියෙනවා...


bunny.෴