Wednesday, February 8, 2012

භවතු සබ්බ මංගලං

ලංකාවේ විවාහ චාරිත්‍ර ඇත, අනන්තවත් ඇත.. සමහරක් දැ නම් මට බලං සිටිය නොහැකි ආකාරයෙ විකාරයංය.. පෝරුවට නැග හැම මගුලම කර රටටම හෙලි කරන්නෙ.. ඔන්න අපි නිත්‍යානුකුලව සංසර්ගයෙ යෙදෙන්නට යනවා යන්න හුවාදැක්වීමටයැයි මාගෙ කුඩාමොලයට සිතේ.. උදාහරණයක් ලෙස ගත්කල තම බිරිදගේ වටෙ රෙද්දක් ඔතා ඈ පිරිසිදු තැනැත්තියක් යැයි ආ හැමෝටම පෙන්නති.. සුදු රෙද්ද යනු පිරිසිදු බව ඔප්පු කරන්න ඩොකෙක් දෙන වාර්ථාව වෙයි.. එසේ බලද්දි ලංකාවට ස්ත්‍රිංගේ පිරිසිදු බව ඔප්පු කරන ඩොකාලා අවශ්‍ය නැත.. සුදු රෙද්ද තිබ්බාම ඇතිය.. ස්ත්‍රී දූශණ නඩුවකදි නඩුකාරයා ඉදිරියෙ සුදුරෙද්දක් ඔතා පෙන්නු කල නඩුව දිනුම්ය..

කෙසේ නමුත් විවාහ උත්සවයකදී විවාහවන දෙපලට  "භවතු සබ්බ මංගලම්" ගාතව කියා ආශිර්වාද කරති.. එනම් නිත්‍යානුකුල සංසර්ගයෙ යෙදි, දරුවන් සඳා පවුල් ජිවිතයක් ගෙනියැමට දෙන ආශිර්වාදයකි..
භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ බුද්ධානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ ධම්මානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ සංඝානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ

“සුභ මංගල්‍යයක් වේවා, සියලුම දෙවියන් රකිත්වා, සියලු බුද්ධානුභාවයෙන් සියලු ධම්මානුභාවයෙන් සියලු සංඝානුභාවයෙන් ඔබට සෙත සැලසේවා”

නමුත්
එම ගාථාව සිංදුවක පසුබිමට දමා ගීතයක් ගායනා කිරිම අපේ රටේ මොලෙ ගලවා ධර්මචක්‍රය ගහ ගත් පොරවල්ලාට හෙන කැසිල්ලකට කාරනාවක් වී ඇත.. මෙම කැසිල්ල සැදි ඇත්තෙ බුදු දහමට සිද්දවෙන අපහාසයට නොව.. ගායකයා ක්‍රිස්තියානි ආගම් කාරයෙකු වීමය..!
ක්‍රිස්තියානි උං හා මුස්ලිම් උං පමනක් හම්බානෙක බුද්දාගමට ගරහති.. සිවුර පෙරවන් සිටින සමහර සංගපාලලා ගැන කවුරුවත් කතා කිරිමට කැමති නැත.. පිටිදුවෙ සිරිදම්ම නැමැත්තා කාලයක් නැටූ විගඩම් හෙලිවීය.. ඒ ගැන FB හි පොරටෝක් දීමට එකෙක් වත් ආවෙ නැත.. නමුත් මාස කිහිපයක් පැරණි සිංදුවක් අල්ලං උගුර කඩං කෑ ගසති.. ජනාදිපතිට ලියුම් යවති..
  ශ්‍රී දළදා මාලිගාවෙත් වංචා දූශණ කරන උං සිටී නම් රටෙ අනික් තැන් ගැන කතා කර වැඩක් නැත.. මෙවන් රටක ඉපදීමට අපි හෙන පිංකර ඇත..නමුත් කාලකන්නීන් ටිකක් දැක ගැනීමටද අපි පවු කර ඇත..
කෙනෙක් ඇසුවහොත් පුද්ගලිකව මම කැමතිම බැන්ඩ් එක ලෙස Daddy බෑන්ඩ් එක තෝරන්නෙ කිසි පැකිලිල්ලකිං තොරවය.. මේ වකවානුවේ යම් නිර්මාණයක් කලෙ නම් සාර්ථකව කලේ එම බැන්ඩ් එකෙ උංය.. "ටිකෙන් ටික" ගීතයත් එවැනි ගීතයකි.. මා තවමත් ප්‍රිය කරන ගීතයකි.. මට එම ගීතය කටපාඩම්ය.. එහි රැප් එකක් නැත..  රැප් එකක් තිබ්බෙ නම් මට එම ගීතය  කියාගත නොහැක..
දළදාමාලිගාවෙ පාරම්පරික හේවිසි නාදය ලංකාවෙ සිංදු කීයකට නම් යොදාගත්තද ? ඒ ගැන කවුරුන් කතා කරාද? 
මෙහි ඇති ලොකුම දේ ඉරිසියාව හා ආගම්වාදය ලෙස මට සිතේ.. මෙච්චර කාලෙකට කාටවත් මෙම අයිඩියා එක අවෙ නැත.. ඉතිං අනික් සංගීත කාරයින්ට පට්ට ජේ ය..

තවද මෙම සිංදුව ගැන විචාරය කරන උං පවසන්නෙ මෙම ගීතය තුලිං සෘංගාරාත්මක කාමුක ගතියක් එන බව පවසති.. එවන්නංගෙ මොලේ ක්‍රියාකාරිත්වය මොංටිසෝරි කුඩාදරුවන්ට වඩා ලාබාලයැයි මට හැගේ.. ඒ අමුතුම  සෘංගාරායකි.. තම බිරිදගෙ නලල් තලය සිප ගැනීම හා ඇ වඩාගෙන කරකැවීම සෘංගාරා රසය වේ..      භාගෙට ඇදගත් ගණිකාවං වටේ තියං අතපය ලෙව කන වීඩියෝ අනන්තවත් ලංකාවේ ඇත.. උං ගංජා ගහති අරක්කු බොති ඒ ගැන සිංදු කියති.. තෙරෙන්නෙ නැති රටබයිලා ගසමිං රැප් කර අඩති.. අපිත් උඩපනිති නටති.. ඒවා ටීවි වලද උඩදමාගෙන පෙන්නති.. මේවායෙ එන්නෙ සෘංගාරා රසය නොවේය..!!
නමුත් මේ ක්‍රිසිතියානි එකාගෙ ගීතයේ මේ හැමදේම ඇත.. මෙය බුද්දාගමට කල අපහාසයකි.. මෙවං උං උළතැබිය යුතුය.. මෙහි ඇත්ත නැත්ත තෙරෙන අපිත් එල්ලි සියදිවි හානි කරගත යුතුය.. එකෙක් නැගිටින විට අනිකා කකුලෙන් අදිති.. එකිනෙකාට ඉරිසියා කරති.. එය නැවැත්විය නොහැක..

මෙසේ කෑ ගහසන්න මටද පස්චාත්බාගයේ අමාරුවක් ඇත.. ඒ කුමක් නිසාද මම නොදනිති..!!

පාලී: (කොල්ලන්ට පමණි)
මෙන්න මචං අර සෘංගාරය උතුරණ සිංදුව.. බලලා සව්‍යංවිංදනයේ යෙදෙන්න පුලුවන්ද බලන්න.. :)



ඉතිං සැමට භවතු සබ්බ මංගලං..!!

..



ද බනී-

111 comments:

  1. අනේමන්ද බන් එක එක අයගේ ආසාවල් නේ අහන එවුන අහනවා - නැති එවුන නිකන් ඉන්නවා..අනික එකක් කියන්නම් සින්දු තහනම් කරලා මේ රටේ සංස්කෘතිය හදන්න පුළුවන් කියලා හිතනවානම් පිස්සු..මොකද සින්දු වලින් නම් නෙවයි මෙහෙ සංස්කෘතිය නැති වෙන්නේ

    ReplyDelete
  2. පිස්සු මගුල්....මේවා තහනම් කරන්න කලින්,ඔය හාමුදුරු වේශයෙන් ඉන්න අයගේ වැඩ අපේ කනේ වැටෙන්නේ නැතිවෙන්න රට හදන්න පුළුවන් නම තමයි මේක නියම බෞද්ධ රටක වෙන්නේ....බෞද්ධ රටක් කියල නිකන් මේවගේ සින්දු තහනම් කරලා මෝඩ පාට් දාන්න ගියොත් අපිව බෞද්ධයෝ නෙමෙයි, ගොන් හරක් ටිකක් වගේ තමයි පෙන්නේ... මෙහම ගියොත් හබ්බයන්ගෙයි, බෞද්ධයන්ගෙයි වෙනසක් නැතිවෙනවා...ශ්‍රද්ධාව අවශ්‍යයයි...නමුත් එය පමණ ඉක්මවා ගියකල, බුද්ධිය යටපත්වී මෝඩ වැඩ කිරීමට පෙළබේ...හබ්බයන්ට වී ඇත්තේද මෙයයි....!!

    එහෙම උනොත් අපි විහින්මයි බෞද්ධ අපිට වල කපාගන්නේ !

    ReplyDelete
    Replies
    1. ඒ කථාව ඇත්ත පොඩ්ඩෝ. අපේ ගොඩක් අය කරන්නේ මේවා ෂෙයාර් කරලා පොරවල්ලා වෙන්න, බුකියේ වීරයෝ වෙන්න යන්නේ. මේකේ නම් මට පේන විදියට අපහාසයක් වෙලා නෑ. අනික බුදුන් වහන්‍සේ කියපු දේ වටහ ගත්ත කෙනෙක් මේවා කරන්න යන්නෙත් නෑ. ඔය ලොකු හාමුදුරුවර ඉන්නේ ටී වී වල බණ කියලා. ඒ අයත් හරියට ධර්මට වටහාගෙන නෑ. එහෙම වටහාගත්තානම් මේ ව‍ගේ මොඩ වැඩ කරන්නෙත් නෑ. එහෙම දේවල් හරියට උනානම් අපි මීට වඩා වාසනාවන්තයි

      Delete
    2. පොඩ්ඩා.... හරියට හරි බං... ඔන්නඔය වෙන්ස්ස අඳූනගත්තෙ නැති එකයි කේස් එක...

      Delete
    3. aththatama ubalata lajjawak kiyala deyak nadda aththatama ubala oya karanne me kalakanniyawa araksha karana ekai uuwa dirimath karana ekai ehew eke me kalakanni daddy yatanewei uuta kade yana thopilatai hena henagahanna onee thamangema agama pawadena deshakdroohiyo thuu nodakin !!! uapadina athmayak athmayak paasa ubala balloma wela ipadiyan rata winasa karana ballo

      Delete
    4. machoo horek unath geta paninna kalin muttiyak daala balanava.
      muttiya kudu unoth uu duvanava.
      mekath ehem muttiyak.
      api meka kudu nokaloth mun heta getama paninava.
      hambayange dahama varadi unaata un aagamak vidiyata saarthakai.
      uba balapan lagadima hambayo ape ratath unge karangannava.
      hariyata bangalaadesheta karaa vage, burume, maaladivaine kalaa vage

      Delete
  3. මම ඔකාගේ සිංදු අහන්න ආස නෑ..ඉතින් මට ඒ ගැන කිසි අමාරුවක් නෑ.. :D

    ReplyDelete
  4. මචං බොරුවට කෑ ගහන්න එපා,
    උඹට අමාරුවක් නැත්තං උඹත් ප්‍රසිද්ධිය උදෙසා මේ වගේ බ්ලොග් වල ගිහින් හම්පඩ වුන ටොපික් වලට අයිටීඑන් සිංහලෙන් මෝඩ ඉන්ටප්‍රිටේෂන් දාන්නෙ නැතුව වෙන එකක් දාපං.
    තෑන්ක්ස්.
    උඹලට ඉතින් ධර්ම චක්‍ර තියා කිසිම චක්‍රයක් නෑනෙ,
    පිරිත් රැප් කරල කීවත්
    එක එක්කනාගෙ වැරදි කියල ඒවා සාධාරණීකරනය කරයි.
    උඹට වඩා මම මියුසික් දන්නවා,
    ඩැඩී බෑන්ඩ් එක දක්ෂයි,
    මේකෙත් මියුසික් ග්‍රේට්.
    ඒත් වැඩේ කැතයි,
    ඒක මොන ආගමක එකෙක් කරත් ඒක වැරදියි කියන්න ඕන,
    මේ කමෙන්ට් එක කෑති නම් පබ්ලිෂ් කරපන්,
    නැතත් කමක් නෑ,
    පාඩමක් හරි ඉගෙන ගනින්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත නමින් කිව්වනම් නරකද ඔය ටික??? මටනම් කිසිම කැතක් නෑ. මොකද බුදු දහම හරියට දන්න මිනිහට ඕක ගානක් නෑ. බාගෙට දැනගෙන බුදු වෙන්න යනකොට ඔහොම වෙනවා.

      Delete
    2. අනේ පලයං බං යන්න.. උගේ බ්ලොග් එකේ උගේ අදහස් ලියන්නෙ නැතුව උඹලගෙ අච්චිගෙ ඒව ලියන්නද... වඩේ කැතයි කියල හිතෙන්නෙ උඹ වගේ හාල්පාරුවොන්ට තමයි.. විවෘත මන්සකින් බලපං..

      බෞද්ධ දර්ෂනේ කියන්නෙ නොකදා කියල ඉගනගනිං.. ම්ම දන්ම්නව මම මෙතන කොහොම කිවුවත් උඹ ගොනෙක් වගේ කෑගහනව කියලා ආයෙත්... ඒක නිසා උඹ කෑගහුවත් නැත්ත මම කමෙට් කරන්නෙ නෑ ආයෙ.. උඹවගේ කොන්ද පන නැති උන් (ඇනෝ එන්නෙ ඒ නිසා වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි )තමයි මේවට කෑගහන්නෙ.. අර රංග කියන්න වගේ යතුරු පුවරු විරුවරු වෙන්න හදන්නෙ..

      Delete
    3. ඇත්ත නමින් කිව්වනම් නරකද ඔය ටික??? මටනම් කිසිම කැතක් නෑ. මොකද බුදු දහම හරියට දන්න මිනිහට ඕක ගානක් නෑ. බාගෙට දැනගෙන බුදු වෙන්න යනකොට ඔහොම වෙනවා.

      -----
      ඇයි මල්ලි ඇත්ත නමින් කිව්වොත් ඔය මාව දන්නවද ? ඇවිත් තෑග්ගක් දෙන්න ද අහන්නේ ? ... නිකන් මෝඩ චූන් දාන්නේ නැතුව හිටපන්

      Delete
    4. පළමු ඇනෝ වෙමි,
      මචංලා,
      මං මේ ආවෙ උඹලගේ රුචිකත්වය කන්ට නෙවේ,
      ඒත් මෙතන තියන අවුල සමහර බෞද්ධයෝ වන මෝඩයන් රැඩිකල් කතා කීමයි,
      ඇයි ගයාන් පෙරේරට බැරි තමන්ගෙ ආගමේ කෑල්ලක් සිංදුවට දාගන්න,
      මෙතන තියන්නෙ මාකටින්,
      මේ මනුස්සයා මඩ ගහන්න් හිතලම කරාද අපි දන් නෑ,
      ඒත් වැඩෙ වැරදියි, ඒක සාධාරණීකරණය කරන්න එපා,
      පොඩි මෑන් වැඩිහිටියොන්ගෙ කතා වලට පැනල බලෙන් දෙන්න එපා,
      දන්නෙ නැත්තං කටවහන් ඉන්න,
      මමත් මේ ස්ංදුව පළවෙනියට ඇහුවෙ පට්ට ගීතයක් කියල තමා,
      මියුසික් අතින් නියමයි,
      ඒත් ඒ රසේට මුලා වෙලා ඉන්නකොට දැනුන් නෑ මෙතන් වෙන්න අපේ බුදු දහමට හානියක් කියල,
      පොඩ්ඩක් හිතල බලපල්ලා,
      කවුරුකරත් වැඩේ වැරදියි,
      හොඳයි මේක ඇදුන එක,
      මොකද මේ වරදම නන්දාමාලනිත් කරා,
      ඔක්කොටම තේරුම් ගන්න වැඩේ ඇදුන එක හොඳයි,
      මේ ධර්මය තියන්නෙ සිංදු හදන්නවත් එහෙමත් නැත්තං මගුල් වල කියන්නවත් නෙවේ,
      උඹලා පොඩි කාලේ කිරි බොනවනෙ,
      ඒ කිරි දෙන්නෙ උඹල හැදෙන්න, වැඩෙන්න,
      අම්මා ඒක දෙන්නේ ආදරෙන්,
      හිතපන් උඹල කිරි බොන දර්ශනයක් මේ වගේ ලස්සන සිංදුවක් අස්සට එබ්බුවොත්?
      ඒකත් මාකට් වෙයි,
      ඒත් ඒ අම්මගෙ කිරි වලට අපහාසයක් නෙවේ ද?
      එතකොටත් උඹල කටවහන් ඉන්නව ද?
      අන්න ඒ වගේ තමා වටිනාකම තේරෙන එකාටත් දැන්නෙන්නෙ,
      බුදුහාමුදුරුවො පිරිත් සූත්‍ර දේශනා කළේ
      ඒවට මියුසික් දාල සිංදු කියන්නවත්,
      වෙන එකකටවත් නෙවේ,
      ඒ මේ සංසාරදුකින් අත්මිදෙන්ට,
      නිකන් මෝඩයෝ වෙන්න එපාඅ,
      අන්‍යාගමිකයො උඹලට හිනාවෙයි දෙපැත්තෙන්ම,
      උං කියයි "අඩෝ එළ පෝස්ට් එක" කියල,
      ඊට පස්සෙ උඹලත් රැඩිකල් වෙන්න, මේ වගේ පෝස්ට් දායි,
      පොඩි මෑන්ලා වගේ අයත් ඇවිත් ඒවට එළ එළ කියයි,
      අන්තිමට හිංදු, මුස්ලිම් කතෝලික ආගම් වල තියන ඒවා ශුද්ධ විදිහට තියනකොට,
      උඹල වගේ මෝඩයොන්ගෙ උල් පන්දම් වල පිහිටෙන්,
      බුදුහාමුදුරුවො අමාරුවෙන් දුක් විඳල අවබෝධ කළ මේ ධර්මය,
      ඩැඩීල වගේ බෑන්ඩ් කාරයො ලස්සනට මියුසික් දාල සේල් කරයි,
      උඹල හරක් වගේ,
      "අඩෝ එළ සිංදුව" කියල අහයි.
      පොඩ්ඩක් මොළේ කල්පනා කරපල්ල,
      මේ තරහට නෙවේ කියන්නෙ,
      ඇත්තටම දුකයි,

      ["අනේ පලයං බං යන්න.. උගේ බ්ලොග් එකේ උගේ අදහස් ලියන්නෙ නැතුව උඹලගෙ අච්චිගෙ ඒව ලියන්නද... වඩේ කැතයි කියල හිතෙන්නෙ උඹ වගේ හාල්පාරුවොන්ට තමයි.. විවෘත මන්සකින් බලපං..

      බෞද්ධ දර්ෂනේ කියන්නෙ නොකදා කියල ඉගනගනිං.. ම්ම දන්ම්නව මම මෙතන කොහොම කිවුවත් උඹ ගොනෙක් වගේ කෑගහනව කියලා ආයෙත්... ඒක නිසා උඹ කෑගහුවත් නැත්ත මම කමෙට් කරන්නෙ නෑ ආයෙ.. උඹවගේ කොන්ද පන නැති උන් (ඇනෝ එන්නෙ ඒ නිසා වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි )තමයි මේවට කෑගහන්නෙ.. අර රංග කියන්න වගේ යතුරු පුවරු විරුවරු වෙන්න හදන්නෙ.."]


      ඇයි උඹ මෙච්චර ආවේගෙං කෑ ගහල තියන්නෙ?
      මොකද්ද අරමුණ?
      පොඩ්ඩක් හිතල බලපං,
      පොර වීමේ ආසාව,
      මං මේ කියන්නෙ තේරෙන සිංහලෙන් තරහෙන් නෙවේ,
      මට නම් පැහැදිළි අරමුණක් තියනවා,
      ඒ තමා උඹලගෙ ඇස් පෑදීම්,
      ඒත් උඹට එහෙම එකක් කියන්න පුළුවන් ද?
      යතුරු පුවරු වීරයෝ,දුසිල්වත් භික්ෂූන් නිසා වෙන්නේ බුදු සසුනටම හානි වෙන එක,
      මම ඔය කොටස් දෙකටම අයිති නෑ,

      "බෞද්ධ දර්ෂනේ කියන්නෙ නොකදා කියල ඉගනගනිං"

      උඹ මේක ඉගෙන ගනින්,
      මම මහ දියුණු එකෙක් නෙවේ,
      ඒත් ඕක දන්නවා,
      උඹ පුළුවන් නම් හොයල කියපන්,
      මේ ගාථා කීවේ මගුල් වලට කියන්න හෝ සිංදු කියන්න කියල.
      නිකං බොරු වැඩ එපා,
      උඹට වැඩ නෑ කියල පේනවා,
      බ්ලොග් තියන්නෙ මිනිස්සුන්ට වැදගත් දෙයක් දෙන්න,
      ඒත් උඹල ඒව ලියන්නෙ මෙහෙම බොරු රැඩිකල් කම් පෙන්නන්න,
      ඒකරල බ්ලොග් ලියන කෙල්ලො සෙට් කරගන්න බීච් වල විකාර කරන්න,
      ඇයි මචං තේරුම් ගන්නෙ නැථ්තෙ ඔය හිතේ සොබාවේ?
      ඕකට ඕනම පොරත්වය,
      තව එකක් උඹ යට කමෙන්ට් එක කියවල බලපං උඹ කොච්චර මෝඩ ද කියල,
      ලැජ්ජ නැද්ද?
      උඹ මහා ප්‍රසිද්ධ බ්ලොග් කාරයෙක්,
      ඒත් "අමාරුවක්" ගැන එළි පිට දානවා,
      ඇත්තටම කිසිම වැඩක් නෑනෙ,
      ඒ නිසා සිංදුව ලස්සනයි නම් කට වහගෙන අහල හිටපන්,
      පිරිත් රැප් කරත් ඒත් කටවහන් හිටපන්,
      කැක්කුමක් තියන එක ඒ ගැන කියාවි,
      ඒත් උඹල මෝඩකම බෙදන්න එපා!
      ඔන්න ඉවරයි,
      මං ගියා.
      කිසිම තරහක් නෑ,
      කැමති නම් මේකටත් රැඩිකල් බස්වහරකින් රිප්ලයි එවපන්,
      නැත්තං පැත්තකට වෙලා මේ කියපුව ඇත්තද කියල උඹේ මොළේ පාවිච්චි කරල හිතපං.

      Delete
    5. ela machan.
      munta ithin aagamak jaathiyak kiyala ekak nahane ban.
      heta mun thun soothre rap kalath aekath saadaaranai kiyai

      Delete
    6. අනේ පච හලන්නෙ නැතුව හිටපං බං! :P

      Delete
  5. උඹෙන් දැකපු විශිෂ්ඨම ලිපියයි මේ.... අනිත් ආගම් වලනින් බුද්දාගම වෙනස් වෙන්නෙ ඇයි කියල නොදන්න ඔය ධර්මචක්‍ර ගහගනිපු යැයි පෙන්බබ මෝඬ යක්කු ඕව කරන්නෙ ආගම විකුණන නිසා උන්ට ලැබෙන පොඩි පොඩි ලාභ ප්‍රයෝජන නිසයි... මූනුපොතේ මමත් ඔය ලිපියක් දැක්කා.. ඉරාජ් විසින් කියූ සිද්දිමණීලා ගීතය ඒ පසුභිමින් ඇහෙන යම් මුස්ලිම් ආගමික ගායනයක් නිසා තහනම්කරා කියලත් ලියල තිබුනා...

    ඒ ගීතයේ ක්සිම වරදක් නෑ... තිබුනෙ ආගම් වල එකමුතුවක් වගේ එකක්..
    ඒත් මුස්ලිම්වරුන් ඔවුන්ගෙ ආගම ගැන දකින් විදිය නිසා ඒ ගීතය තහනම් කර්නනකටයුතු කරා..

    අනික මුද්දාගම කිවුවට එයා අගාමක් විදියට නෙවෙයි ධර්ෂණයක් විදියටයි අදහන ඕනෙ කියල මේ අපේ ගොන් හැට්ය්හ්තට දන්නෙ නෑ..

    ඔය ගීතයට අම්බානෙක බැනල පොඩි කොමිට් කෑලි දෙක තුනක් දාල කවුරුහරු හාමුදුරුනමක් ටී වී එකේ බැන්නොතින් බුදු අම්මේ අපේ උන්දැලට ඊට වඩා දෙයක් නෑ.. අන්න අර හාමුදුරුවො කිවුවෙ.. ඔය පිට ආගම කාරයො අපේ ආගම කනවා කියල රෙදි ලිහාගෙන කෑගහන්නෙ.. හාමුදුරුවො ජනප්‍රිය භාවය තියාගන්න ඊලග වැඩසටහනටත් එන්න රොකින් බණ කියන කියල පිලිගන්න අපේ උන්දලගෙ මොලේ සූධානන් නෑ...

    එහෙම කියන උන්ට මොහිදින් බේග් හරි ලොකුයි.. ඌ තරම් බුද්ධාගම විකුණගෙන කාපු වෙන බල්ලෙක් නෑ.. ලස්සනට බුදු ගුණ ගීත කියන නිසා අපේ උන්ට හරි ලොකුයි ඒත් මිනිහා තනිකරම මුස්ලිම් භක්තිකයෙක් අහන්න ඕනෙ දේවල් දීල බුද්දාගම විකුණගෙන කෑව කියන්න අපේ උන් සූදානම් නෑ..

    පහත් ලාභ තකාගෙන බුද්දාගම විකුනන්න හදන බොරු කාඩ්බෝඩ් වීරයො ඕකුන්... බුද්දගාම කියන්නෙ මොකද්හ කියල කවදාවත් දැනගෙන ඉදියෙත් නෑ.. දැනගන්නෙත් නෑ..

    ඔය මහා සස්ත්‍රපති වාහෙලන්ට වඩා බුද්ධාගම ගැන සාමාන්‍ය මිනිහට අවබෝදයක් තියෙනව ජියලයි මම හිතන්නෙ... ඒත් අර ලොකු ලොකු පට්ටන්දරවල ජන්ප්‍රියත්වයට භයවෙලා නැමිලා අපේ මිනිස්සුත් වලටම තල්ලු වෙනවා...

    වැඩැක් නෑ බං බනී අපේ පුකේ අමාරුව තමයි මේවට කෑගන එකනං..

    ReplyDelete
    Replies
    1. ඕකට කරන්න දෙයක් නැ බං
      දන්නා කලෙක ඉදන් බුද්දාගම කියලා පන්සීයපනස් ජාතකේ ඉගැන්නුවම ඔහොම වෙනවා.මුන් හිතන් ඉන්නේ බුද්දාගම කියන්නේ බනකතා වල කියවෙන දේවල් විතරයි කියලා.
      එහෙනම් අර නන්දා මාලිනි කියන "බුදුහිමියන්ටත් කලියුගයේ " කියන සින්දුව තහනම් කරන්න ඕන නේ

      Delete
    2. මේක දැකපු වෙලාවෙ කමෙට් එක කොටාගෙන කොටාගෙන ගියා හිතට ආව වේගෙට.. අකුරු සෑහෙන්න වැරදියි නෙවෙ... කමක් නෑ අදහස තේරෙනවනම් එච්චරයි... :)

      Delete
    3. ලෙසටම කියල තියෙනව පොඩී.....

      Delete
    4. අනේ මම නම් බ්ලොග් ලියන කෙනෙක් නෙමේ.. මම මෙක මූනු පොතෙ දකල තමඉ මෙතනට අවෙ.. එත් මෙතන තියෙන්නෙ බුධාගමට අපහස කරපු දේට වඩා සදචරත්මක ප්‍රශ්නයක් නෙද?? අව්ල තියෙන්නෙ බුධගම ගැන හරි අදහසක් නැති ඩෑඩී වගෙ කෙනෙක් ඒ සූත්‍රයෙ හරි තේරුම දන්නෙ නතුව ඒ සින්දුව මැද්දට ඕක දාපු එක නේද?? පරම්පරාවල් අලුත් වෙන කොට පරන දේට හිනා වෙනව තමඉ.. ඒත් ඒ අපි හින වෙන්නෙ අපේ මුතුන් මිත්තො තේරුමක් ඇතිව කරපු දේවල් වලට.. ඒවට තමඉ අපේ උරුමය කියන්නෙ.. පෝරුව උඩට වෙල අපි කරන හැම දෙටම යම් තේරුමක් දීල තියෙනව.. ඒව කරන්න කමති නැති අය නොකර ඉන්න ඒක අව්ලක් න.. එත් ඒවට බනින හිනවෙන එක හරි න.. සින්ඩුව ගැන කියනවනම්, ගයන් මාධ්යට අවිත් කිව්වොත් එ සුත්‍රය එතනට දම්මෙ මෙ තෙරුම නිස කියල ඔය කත ඔක්කොම විසඩේ.. අනික ඔයලට වටින දෙයක් කවෘ හරි අඉති නැති කෙනෙක් අරගෙන එක එය එයගෙ පාවිච්චියට ගන්නවනම් එතකොට තරහ යනව නෙද?? එ වගෙම සුත්‍ර දේශනවක් කියන්නෙ අපිට සින්දුවකට වඩ එහ ගිය ගෞරවන්විත දෙයක් කියන එකත් මතක් කලොත් හොන්ඩඉ..

      Delete
  6. ඇත්තටම ඩැඩිගේ ඔය සින්දුව මාර ලස්සනයි. (මට හැම සින්දුවටම එහෙම හිතෙන්නේ නෑ කියලා දන්නවනේ බනියා) ඉතින් ඕක තහනම් කොරන කම් මේ ධර්මචක්‍රය කරේ තියන් ඉන්න උපාසක උත්තමයන්ට ඉන්න බෑ. අනික ලයනල් රන්වල මහත්මයට ගාතා රැප් කරන්න හොඳයි නම් මේ වගේ එකකට ඔය ගාතාව පොඩ්ඩක් දා ගත්තම මොකද වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කොහෙද පොන්නයෝ ලයනල් රන්වල ගත rap කලේ ?

      Delete
    2. ‍රැප් කියන්නේ වේග රිද්ම පද මාල කියන එක නේ ? ලයනල් රංවලලත් වෙග රිද්ම පද මාල පාවිච්චි කරනවා ‍රැප්ම නොවුනට

      Delete
  7. mamanam kiyanne daddy la dinum unta ona wenna atthe famous wenna ekata tama oya podi poruwa kallak add karaganna athe dan ape moda hattha oka thanam karala unge value eka vadi karapu eka tama une.
    anith eka duppath minusunta kanna naha hamuduruwo hora kanawa .hamadama lamay rape wenawa ehema thiyeddi eka prase mekane..

    Ane ape rata..

    ReplyDelete
  8. පොඩි මෑන් තමන්ගෙ ප්‍රතිචාරයේ කියන්න ඕන ටික නියමෙට කියලා තියෙනවා..
    මේ ලිපිය සමහර අයට දිරවන්නෙ නැති වුනාට විවෘත මනසකින් බලනව නම් මේ සිංදුවෙ ඇති මගුලක් නෑ...
    බුද්ධාගම කියන්නේ ආගමක් නෙවෙයි දර්ශනයක්... අපේ සංඝයියලායි උපාසකම්මලායි ඇමති ගොල්ලොයි උන්ගේ බඩ වඩා ගන්න ආගම විකුණන් කනවා..
    Da Vinci Code ලංකාවට ආ වෙලාවෙ ඒක තහනම් කරන්න පුදුම අමාරුවක් කට්ටියට තිබුණෙ.. ඒ චිත්‍රපටිය ඉංගිරිසියෙන් ගියේ... ලංකාවෙ කී දෙනාද ඉංගිරිසි චිත්‍රපටි බලන්නෙ.. අන්තිමට ප්‍රචාරෙ වැඩි වෙලා බලන්න තියෙන ආසාව තවත් වැඩි වුනා..
    ඔන්න ඕකයි තත්ත්‍වය.. රෙදි ගලවගෙන නටන නැටුං, කුණුහරුප රැප්, පවුල් කඩාකප්පල් කරගන්න අනුබල දෙන ටෙලිනාට්‍ය මුංට හොඳයි... මේ සිංදු නරකයි... සමහර සිංදු නම් තියෙනවා තහනම් කළ යුතු... නමුත් මේ සිංදුවේ ඇති දෙයක් නෑ...
    යම් දෙයක් 100% ක් දන්නා පුද්ගලයාට වඩා බාගෙට දන්නා පුද්ගලයා හානිදායකයි කියලා කවුද කියලා තිබුණෙ මේ නිසා... මුං දන්න මගුලක් ඇත්තෙත් නෑ.. ඒ නිසාම ආගමත් විනාස කරනවා... මේක නිකංම යන්න ඇරිය නං ඕන නං ටික දෙනෙක් මේ සිංදුව අහලා යන්න යයි... ටික කලකින් අමතක වෙයි... දැන් ඉතින් හැමෝම ඒක ගැන කතාව...
    මමක් මේ ගැන ලියැවිච්ච ලිපි කීපයක්ම බැලුවා.. එක එක්කෙනා එක එක විදියේ කතා කියනවා. මට නං පේන්නෙ මේ ගැන කතා වෙන එකත් අනවශ්‍ය දෙයක්...
    ලංකාවෙ මිනිස්සු වෙසක් කාලෙට "පාරමිතා බල පූජිත පූරිත - බුද්ධ දිවාකරයානෝ“ සිංදුවටත් නටන එකේ මේවට විරුද්ධ වෙනකොට හිනා යනවා...
    ඒ විතරක් නෙවෙයි... මේවට විරුද්ධ වෙන්න වෙන්න අපි තලේබාන් කාරයොන්ටත් වඩා අන්තවාදී තත්ත්‍වයකට ගමන් කරනවා...

    ඇල්කෙමියා

    ReplyDelete
    Replies
    1. machan uba aththatama bauddayekda kiyala mata sakayak thiyanava.
      uba niyama bauddayeknam thunuruvan kiyapan balanna.
      yakoo budu haamuduruvoth samahara than valadi daduvama anumatha karala thiyanava.
      mehema munta hama ekatama ida dunnoth heta mun budupilima udath nagagena sindu kiyai.

      Delete
    2. කොතනදිද බුදුහමුදුරුවෝ දඩුවම අනුමත කරේ.?

      Delete
  9. ඔක්කොම පොර ටෝක් බුදු දහම හෑල්ලුවට ලක් කරන්න කවුරුහරි මොනව හරි කරල බෞද්ධයෙක් දෙන්නෙක් හරි කමක් නෑ ඒකට විරුද්ධව කතාකලොත් තමයි.
    අල්ලාහ්ට යාඤ්ඤා කරන කොටසක් තිබුන කියල ඉරාජ්ගේ “සිත්ති මනීලා” ගීතය මුස්ලිමුන් එකතුවෙලා තහනම් කරනකොට අනුන්ගෙ මොලේ ඇතුලෙ තියන ඒව හොයන මේ ලිපියෙ කතෲගෙ මොලේ ස්නායු ප්‍රශ්නයක් තිබුනද දන්නෑ...
    කොහොම වුනත් දළදා මැදුර ටීශර්ට් වල ගහපු ඔටාරාට ශ්‍රී ලංකාවෙ ගරු අධිකරණයෙන් විශාල දඩයක් නියම කල එකේ මේක ඊටත් එහාගිය වැරැද්දක් බවයි මගේ හැඟීම. නිර්ගමිකයො මොනව කිව්වත් මේරටේ බුදුදහමට ප්‍රමුඛස්ථානයක් ලබාදීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයෙන්ම බැඳී තිබෙනවා. එනිසා ඒ නිසා අරයගෙයි මෙයාගෙයි "සංගීත පර්යේශන" වලට ගාථා යොදාගන්න ඉඩක් මේ රටේ නෑ.

    ReplyDelete
    Replies
    1. අනික ඔය ගථාව අයින් කරා කියල ගීතයට හානියක් වෙන්නේ නෑ නේ......

      Delete
  10. මම සාමාන්‍යයෙන් අළුත් සින්දු අහන්න වැඩිය කැමති නැහැ
    මේ සින්දුවට අදාලව මේල් බර ගානක් සහ මුහුණු පොතේ එක පෝස්ට් ආවත් මම එකක්වත් බැලුවේ නැහැ
    උඹ දාල තියෙන ලින්ක් එක හරහා මම ඒ සින්දුව මේ දැන් ඇහුවා
    ඒ සින්දුවෙන් අර ගාථාවට කිසිම හානියක් වෙලා නැහැ කියල තමයි මට තේරුනේ
    එය සින්දුවට නිසි පරිදි යොදාගෙන තියෙනවා කියල මට හිතුනා

    ඇත්තටම ඒ ගාථාව විකෘති කලානම් හෝ වැරදියට එය යොදා ගත්තනම් විරුද්ධ වෙන එක සාධාරණයි....
    ඒත් මෙතනදිනම් වැරදි වැටහීමක් ඇති කරගෙන වගේ

    ReplyDelete
  11. මගෙ අදහස .... මමනම් මෙ සින්දුවට කැමති කතොලිකයෙකු උනත් සිංදුවෙන් හරි ගයාන් මංගල චාරිත්‍රය බුදුගුන සිහිකරලා පෙන්වන එකට

    ReplyDelete
    Replies
    1. සිරා පොයින්ට එකක් මචෝ, එත් ඌ ඒක සෙට් කරල තියෙන තැන තමා පොඩ්ඩක් අවුල්... Positive thinking ද මොකක් ද එකක් සුද්දාගේ මෙවුව එකෙ තියෙනවා උබ දැකපු ඒ point එකට...

      Delete
  12. “එම ගාථාව සිංදුවක පසුබිමට දමා ගීතයක් ගායනා කිරිම අපේ රටේ මොලෙ ගලවා ධර්මචක්‍රය ගහ ගත් පොරවල්ලාට හෙන කැසිල්ලකට කාරනාවක් වී ඇත..“

    මරු වචන සෙට් එක බනී අයියේ....
    මුන්ට බුදු හාමුදුරුවොම ඇවිල්ල දේශනාකලත් සත්‍ය අවබෝධ වෙන්නෙ නෑ....මොකද මුන් අල්ලන් ඉන්නෙ බුදු දහමෙ නැට්ටෙන්නෙ...

    ReplyDelete
  13. කවුරු හරි එකෙක් පෝස්ට් එකක් කොහේ හරි දාල කිව්වම මේක බුද්දාගම විනාශ කරනව කියල අපේ ඉන්න යතුරු පුවරු වීරවරු සෙට් එක රෙදි උස්සන්... කුණුහරුප වපුරගෙන යනවා බුද්දාගම රැකගන්න... එක්කො ෆේස් බුක් එකේ.. බ්ලොග් එහෙක.. එතනින් එලියේ සද්ද නෑ.

    මේ ගීතයේ එහෙම කිසිම වැරද්දක් මම එදා දැක්ක්කෙත් නෑ.. අද දකින්නෙත් නෑ.. මල් ගහන... හිරෙන් පැනල ගේම් දෙන.. සින්දු එක්ක බලද්දි මේක උපරිමයි.

    කවුද කියල තිබ්බ මේ සින්දුවෙන් රාගය ඇති වෙනව කියල.. සංසාරේ එහෙව් එකෙක්ව මඟුල් ගෙදරකටවත් වද්ද ගන්න පුළුවන් කමක් නෑනේ...

    පටු විදියට හිතන අන්තවාදියො වෙන්න එපා... බුද්දාගම කියන්නේ අන්තවාදී දහමක් නෙමෙයි.

    ගයාන්.. ඩැඩී උබල සෙට් එකටම ජය.


    PISSA. ( palaamalla.blogspot.com )

    ReplyDelete
  14. හප්පා මමත් දැක්කා පහුගිය ටිකේ වසංගතයක් වගේ මේක ගැන FB එකේ හැම එකාම වගේ ෂෙයා(ර්) කරලා තියෙනවා.. ලොකු රචනාවක් නිසා කියවන්න ගියේ නෑ මුල් දවස් වල.. ඒත් ඊයේ කියෙවුවා.. හැබැයි මුල් ටික විතරක්.. කියවද්දී මට තේරුනා ඒක ලියලා තියෙන්නේ කිසි අවභෝධයකකින් නෙවෙයි වගේ.. හරියට නිකං ගයාන් හිට් වුන එකට ඉරිසියාවෙන් කරපු දෙයක් වගේ..

    දැං ඔය කියන විදියට මේකේ රාගය ඇවිස්සෙන්නේ කොතනින් ද කියලා මට නම් හිතාගන්න බෑ.. ඇයි හත්දෙයියනේ අර ඕන තරම් තියෙන්නේ ජංගි කෑලි විතරක් ඇඳගෙන නටන සිංදු.. ඒවගෙන් වත් රාගේ ඇවිස්සෙන්නේ නැති එකේ මේ සිංදුවේ කොතනින් ඔහොම සීන් එකක් වෙනවද කියලා මට නම් තේරෙන්නේ නෑ..

    භවතු සබ්බ මංගලම් කේස් එකට කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමා.. මම නම් දැක්කේ නෑ මේ සිංදු වේ රැප් එකක් තියෙනවා.. අනික ඇත්ත මඟුල් ගෙදරකදී ඕක කියලා මධුසමයට යනව නම් සිංදුවක ඕක කිවුවම මොකක්ද අවුල කියල තමා මට හිතාගන්න බැරි..

    පෞද්ගලිකව මම මේ සිංදුව ආපු මුල් කාලේ එච්චර කැමැත්තක් දැක්වුවේ නෑ.. හැබැයි මේ සීන් එක නිසාම ඕක අහලා අහලා මට දැං ඒක සිරා... :D

    ReplyDelete
    Replies
    1. ඔය වෙලා තියන්නෙ වැඩේ....
      මෙහෙම තමා වෙන්නෙ,
      නියමයි,
      මේක තමා කට්ටියට කරන්න ඕන :)
      "පෞද්ගලිකව මම මේ සිංදුව ආපු මුල් කාලේ එච්චර කැමැත්තක් දැක්වුවේ නෑ.. හැබැයි මේ සීන් එක නිසාම ඕක අහලා අහලා මට දැං ඒක සිරා... :D"

      Delete
  15. උඩ තියෙන comments ඔක්කොම නම් කියවන්න උනේ නැහැ. පුද්ගලිකව මම ගයාන්ගේ සින්දු වලට කැමති නැහැ. නමුත් ඔය සින්දුවට විරුද්ධ වෙලා පොර ටෝක්ස් දාන එකෙක්වත් පන්සිල්වත් පිළිපදිනවද කියල සැකයි. කතා කරොත් මහා බෞද්ධයෝ. අරෙහෙ සිවුරු පොරවන් කට්ටියක් කරන්න ඕනේ වැඩ ඔක්කොම කරනවා. ඒ ගැන කතා කරන්න එකෙක්ට කොන්දක් නැහැ. මේ පොඩි කොල්ලෙක් උගේ කොලුකමට කරපු දෙකට මැරෙන්න හදනවා. "මෙම කැසිල්ල සැදි ඇත්තෙ බුදු දහමට සිද්දවෙන අපහාසයට නෙවෙයි. ගායකයා ක්‍රිස්තියානි ආගම් කාරයෙකු නිසයි..." ඇත්ත... මේක හදපු එකා නෙවෙයි ආගම්වාදී. මේකට විරුද්ධව කෑ ගහන එවුන්. අනේ ක්‍රිස්තියානි කාරයෙක් වෙලත් එය අපේ බුදු බණ තමයි ආදර්ශෙට අරන් තියෙන්නේ කියල හිතල අයි ඔය සින්දුව බලන්න බැරි...

    ReplyDelete
  16. පට්ටයි බනියෝ....තම්බ්ස් අප්.....+++++++++++++++++

    ReplyDelete
    Replies
    1. මොකක් කිව්වා ? තම්බි අප් ? නංගි තම්බියෙක් එක්ක වැඩේට සෙට් වෙලා වගේ

      Delete
  17. අදහන්න වටින කතාව...රෙඩ් රම් එකක් කටේ හලන්න හිතෙනවා

    ReplyDelete
  18. කොහොමහරි කට්ටිය නියමෙට සිංදුවට පබ්ලිසිටි එකක් දෙනවා

    ReplyDelete
  19. මේකෙන් බුද්ධ දර්ශනයට නම් මොකුත් වෙන්නෙ නෑ... ඒත් ඉතිං ඇයි ගාථා කෑල්ලක් පාවිච්චි කලේ කියන ප්‍රශ්නෙ තමයි තියෙන්නෙ... එතනට ඊට වඩා ගැ‍ලපෙන නිර්මාණයක් කරන්න තියෙන නොහැකියාවද?...

    ඇනෝ කෙනෙක්ට ඇරෙන්න මට විතරද මන්ද මේක එල වැඩක් කියල පේන්නෙ නැත්තෙ.. දුවන්න වදීද දන්නෙ නෑ ;)

    ReplyDelete
  20. අපේ ආගම ඇදගෙන මෝඩ චූන් ගන්න උන් ලෝකෙ වෙන කොහේවත් නෑ. කාලයක් බුදු පිලිම වලින් රැස් විහිදෙනව කියල ඒව බලන්න පොර කෑව.

    ඊටත් කලින් දොළුකන්දෙ හොරෙක් පස්සෙ ගියා. ඊට පස්සෙ පිටිදූවෙ සිරිධම්ම හිමි ආව. දැන් අලුත්ම එක ඩැඩිගෙ සින්දුව. ඉස්සරහට තව මොන ගොන් පාට් අල්ලගෙන කෑගහවිද දන්නෙ නෑ.

    වැඩිය ඕන නෑ හාමුදුරුවො දේශපාලනේට ඇවිල්ල නාගත්ත හැටි පේනවනෙ.මෙන්න මේ වගෙ ගොන් පාට් නිසා තමයි බුදු දහම පිරිහෙන්නෙ. අපේ මිනිස්සුම ඒක විහින් නැති කරගන්න හදනව. ඩැඩිගෙ මේ සින්දුවෙත් අපේ ආගමට කිසිම අයුරකින් හානියක් වෙලා කියල මම හිතන්නෙ නෑ.

    මේ පැත්තට ආවමද කොහෙද ජය වේවා....!!!

    ReplyDelete
    Replies
    1. ඔයා හරිම අවංකයි...
      පිස්සෙක් වග නමෙන් වගේම වචනයෙනුත් ඔප්පු කරනවා :)

      Delete
    2. අනේ ඔයා මාරයි අනේ "බල්ලොත් එක්ක බෑ" බලන්න යමුද සෙට් වෙලා 2ත් එක්ක.

      Delete
  21. යම් කිසි ප්‍රකාශයක් හරි යෙදුමක් හරි අපහාසයක් වෙන්නෙ ඒ දෙය අපහාස කිරීමේ චේතනාවෙන්ම යොදාගත්තොත් විතරයි. අනිත් කාරණාව තමයි මේකට පාලි ගාථා පාඨය දාගන්නෙ නැතුව සිංහලෙන් කිව්ව නම් කිසි කෙනෙක්ට ගානක් වත් නෑ.එතකොට වැරැද්ද තියෙන්නෙ භාෂාවෙ ද?, බුදු දහමට අපහාසයක් වෙන්නෙ පාලි පාඨ යොදා ගත්තොත් විතරද? අනිත් අතට බුදු දහම පවතින රටවල ඒ ඒ අයට උචිත විදියට පාලි සූත්‍ර සකසා ගන්නවා. මේ විදියට බලන කොට ඒවත් වැරදි ද?

    මෙන්න ලින්ක් එක... එක එක රටවල පිරිත් සහ ගාථා කියන හෝ දේශනා කරන විදිය...

    http://www.buddhanet.net/audio-chant.htm

    ReplyDelete
    Replies
    1. එක එක රටවල එක එක ඒවා කරනව කියල අපිත් ඒක කරන්න ඕන ද?
      මොළේ පාවිච්චි කරන්න,
      ඔය දාල හියන වෙබ් සයිට් එකේ මුල් පිටුවට ගිහින් බලන්න,
      ඕක තනිකර වෙළඳ කඩයක්.

      Delete
    2. මට නම් පුදුම දුකයි මේ වෙබ් සයිට් එකේ තියන ඒවා ගැන?
      ඇයි ඔයාල මේව වැරදියි නොකිය අනුන් කරන වැරදි පෙන්නල සාධාරණීකරණය කරන්නේ?

      Delete
    3. 1 ඇනෝ - බුදු දහම සාර්ව කාලීනයි , සාර්ව භෞමිකයි.. ඒ ඒ රට වල මිනිස්සු තමන්ට හුරු විදියට ඒ ඒ සුත්‍ර දේශනා කරනවා. අපිට ඒක වැරදියි කියන්න බැහැ.අපිට වගේම ඒ ඒ රට වල මිනිස්සුන්ට තියන අයිතිය. මොන style එකෙන් කිව්වත් හරියට කියනවා නම් පිරිතේ ගුණ ලැබෙනවා. අනිත් අතට මේ site එක වෙලඳ කඩයක් ද නැද්ද කියන එක අදාල නෑ. ඒ හැම එකකම තියෙන්නෙ සිංදු නෙවෙයි ඒ ඒ රටවල හාමුදුරුවරු පිරිත් සූත්‍ර දේශනා කරන විදිය.

      2 ඇනෝ - ඇයි දුක් වෙන්නෙ, අපි පිරිත් කියනවා වගේ ඒ ඒ රටවල පිරිත් කියන විදිය තමයි මේ. මෙතන කිසිම වැරදි දෙයක් පෙන්නලා නෑ.

      බුදු දහම අන්තවාදී ආගමක් නෙවෙයි, ඒක පුලුල් දර්ශනයක්. බුදු හාමුදුරුවෝ පැහැදිලිව දක්වලා තියනවානෙ ශික්ෂාපද විදියට නොකල යුතු දේවල්, ගිහියන්ට, භික්ෂූන්ට වෙන වෙනම. අපි හරියට ඒ සීලය රැකගන්නවා නම් ඒක තමයි බුදු දහමේ උන්නතියට හේතු වෙන්නේ. එහෙම නැතුව දවසේ මුල් වරුවේදිම සිල්පද පහම බිඳලා, කොහෙවත් යන එකෙක්ගෙ සින්දුවක තියන පාලි පාඨයක් අල්ලගෙන කෑ ගහන එකෙන් තමන්ටවත් ආගම දහමටත් කිසිම ප්‍රයෝජනයක් වෙන්නෙ නෑ...

      Delete
  22. අනිවා බනියා, මේකනේ බන් ඔය කේස් එක දැන් ඔය PORN වගේ දේවල් අතීතයේ ඉදන් සිරි ලකේ තහනම් නේ. ඉතින් බන් පොඩි කිස් එකක් දීලා වැළඳ ගත්තාම දැන් ඉන්න එවුන්ට පේන්නේ ඒක නව නිංගිරාවක් වගේ. ඒ වුනාට රෑට රෑට ගෑණූ ළමයෙක් දෙන්නෙක් පන්සල පැත්තේ ගිහින් කීයක් හරි ඉල්ල ගෙන ආවට නම් කමක් නෑ......ඕවා ඇවිල්ලා පින් අතේ වැඩ නොවෑ....

    ReplyDelete
  23. දවසක් සැරියුත් හාමුදුරුවො පාරෙ යනකොට සැරියුත් හාමුදුරුවන්ගෙ හිසට පොල්ලකින් ගහනවා...
    සැරියුත් හිමි සැලුනද?? නෑ උන් වහන්සේ බෝම සන්සුන් ගමනින් ගියා..
    අර පුද්ගලයා යලිත් ඒ වගේ දෙයක් කලෙත් නෑ...
    දැං මේ ධර්මය ගැන ඇලිල ඉන්න ඇත්තො දන්නවද කිසිම දර්ශනයකට ආගමකට අඩුතරමෙ බුදු දහමටවත් ඇලීම තමුන්ගෙ සසර දිගු කරගන්න හේතු වාසනා ගෙන එනව කියන කාරනාව...
    එක්තරා අලුතින් මහණ වුනු කෙනෙක් දිගින් දිගටම බුදුන් වහන්සේගේ මුහුන බලාගෙන ඉන්නවා බාවනා කරන්නෙ නැතුව..ඉතින් බුදුන් වහන්සේ ඒ කෙනා දිහා බලල වෙල් ඩන් කිව්වෙ නෑ..පිංවත මා දැකිය හැක්කේ මාෙග් ධර්මය දැකීෙමන් කියලයි කිව්වෙ..
    ඉතින් ධර්මය දැකීම කියන්නෙ පොත් අස්සෙ තියෙන සූත්‍ර ඔලුව අස්සට ඔබා ගැන්ම නෙමෙයි ප්‍රතිපත්තිමය වශයෙන් අනුගමනය කිරීම...
    බුදුන් වහන්සේගෙ කාලෙ නිඝන්ඨ පිරිස බුදුන්ට නොකල දෙයක් නෑ..ඒත් උන් වහන්සේ එක් වචනයක් ඒ අයට විරුද්ධව කිව්වද? මේ අහන්නෙ පේස්බුක් බෞද්ධයින්ගෙන්...කිව්වද නෑ...
    එහෙනම් ඇයි ඔබ තුමාල ධර්ම පොත් වහල මූනු පොත ඇරන් තම්බින්ට ගහල වෙනත් ආගමිකයන්ට ගහල කලා නිර්මාණවලට ගරහල ධර්මයෙන් පිට යන්නෙ??
    හරියට ලක්ෂණ පොකුණක සෙමෙන් වතුර බොන්නට අවකාශ තිබියදීත් එහි පැන දිය බුං ගසමින් මඩ කරගන්නවා වගේ නේද???

    ReplyDelete
    Replies
    1. බුදුරජාණන් වහන්සේ විරුද්ධ වියයුතු දේට විරුද්ධ වෙලා තියනව. ඒකට උදාහරණ මම මෙතන පල කරන්නෙ නෑ. මොකද කිව්වොත් කුණුගොඩක් මැද්දෙ වටිනා මාණික්‍යයක් ගෙනල්ල අතහරින සිරිතක් නැති නිසා.

      සමාජයේ අසම්මතයි කියල යමක් තියනවනම් ඒක නොකලයුතුයි කියලයි බුද්ධ දේශනාව.
      ගයාන් පෙරේරා රැකගන්න පෙරට එන අය නොදන්නව වුනාට ජය මංගල ගාථා යෙදිය යුත්තේ කවරාකාරයෙන්ද යන්න සම්මතයක් සමාජයේ තියනව. ඒක නිසා ඊට පිටින් කරන විගඩම් වලට සමාජයේ විරුද්ධත්වයක් එනවනම් ඒක නවත්වන්න බෑ.

      Delete
    2. siraa machan, koheda munta aeva thaerenavada?

      Delete
  24. මේ සිංදුව දැන් පුදුම ජනප්‍රියතාවයක් ලබලා තියෙන්නේ මේ සිද්දිය නිසාම, මේක අද ඊයේ ආපු සිංදුවකුත් නෙමේ නේද, මට නම් ඒ සිංදුවේ පේන වරදක් නම් නෑ

    ReplyDelete
    Replies
    1. sinduvak ekapaarak ahuva paliyata aeka janapriya venne naha.
      mokada me sinduva ahapu godak aya meka ahuve sinduva lassana nisaa nevei, me siddiya nisaaa

      Delete
  25. මම කොහොමත් ඩැඩී බෑන්ඩ් එකේ සිංදු වලට ආසනෑ . . . ඒක නිසා මේ සිංදුව අහන්නෙ නැතුව මොකුත් කියන්න බෑ

    ReplyDelete
    Replies
    1. එල කතාව ඕනයා. සමහරු මේ සින්දුවට බනින කට්ටියට රිදෙන්න මේ සින්දුවට අසලු , "අප්පච්චි" බෑන්ඩ් එකලු කැමතිම බෑන්ඩ් එක. ලොලේ ලොල්.

      Delete
  26. http://freeanushka.blogspot.com/2011/05/blog-post.html
    මේ වගේ මෝඩ බ්ලොග්කාරයෝ එලවන්න ඕන,
    බලන්න මේ මනුස්සය කලින් ලියල තියන ඒවා,
    මේ මනුස්සය එක්කො බෞද්ධයෙක් නෙවේ,
    එක්කො උප්පැන්නෙන් බෞද්ධ වුන එකෙක් හ්ට් වැඩි කරගන්න මේ වගේ රැඩිකල් කතා දාන්නෙ.
    මෝඩ හාවෙක්,
    ලැජ්ජාවක් තියනව නම් මේ විකාර නවත්තනවා,
    ස්වාමීන්වහන්සේ නමක් හම්බ වෙලා කරපු වැරද්ද කියල සංවර වෙනවා,
    තමුන් කරල තියන්නෙ අප්‍රමාණ පවක්.

    ReplyDelete
    Replies
    1. ඉතිං බුද්දිමත් මහත්තයෝ.. මහත්තයාගෙ උප්පැන්නෙ නමක් නැද්ද? නම පෙන්නන්න ලැජ්ජයි නේ ? සිකෙ.. කොන්දක් නැති උකුණෙක් වගෙනේ.. ලැජ්ජයි..!

      Delete
    2. මම් මේ සක්‍ර දෙවියන්ගෙන් වරම් ලත් උපුල්වන්...sorry ඉස්සෙල්ලා ඇනෝ කමෙන්ට් එකට, පුරුද්දට වැටුනේ... ඉස්සෙල්ලා කියපු විදියට ස්වාමීන්වහන්සේ නමක් හම්බ වෙලා කරපු වැරද්ද කියල සංවර වෙනවා හොඳයි... මල් කූඩයක් අරගෙන කුන්ඩසාලෙ පැත්තෙ ගියොත් හොඳා.....යි.

      Delete
    3. @උපුල්වන් -" ස්වාමීන්වහන්සේ නමක් හම්බ වෙලා කරපු වැරද්ද කියල සංවර වෙනවා හොඳයි... මල් කූඩයක් අරගෙන කුන්ඩසාලෙ පැත්තෙ ගියොත් හොඳා.....යි."


      අප්‍රමාණ පවක්. ???? ( mokak da pawa ?? )

      To UPULONE - dan ithin prashnayak ahuwama nama naa kiyala P*** dennathuwa uttarayak liyannakooo

      Delete
  27. කට්ටිය බනිනවනම් බනින්න සෑහෙන්න ඉන්නවා කලා ශූරී අල්හජ් මොහිදීන් බෙග් මහත්මයා "බුද්ධං සරනං ගච්චාමී" කියලා ඒකටම තනුවක් දාලා කියනකොට ඒක හොඳයි. දැන් කට්ටිය ඒ සිංදුවට නටනකොට ඔය එක්කෙනෙක් වත් අඩු ගානෙ කතාකරන්නෙවත් නෑ. ඒහෙම නේද ?

    ReplyDelete
  28. සිරාවටම මචං ඔය මුණු පොතේ මේ දවස් වල නැගල යන එක එක මගුල් ශෙයා කිරිල්ල නම් මටත් පෙන්න බෑ..පොරවල් වෙන්න කරනවා රැල්ලට...මටත් ඔය ශෙයා කරපු එකක් බැලුවම වීඩියෝ එකේ එහෙමටම අවුලක් පෙනුනේ නෑ..මේක මේ සිරා අගම්වාදයක්.. කලින් නොතිබුන අවුල් දැන් කොහෙන්ද පාත් වෙලා..
    මෙහෙම ගියොත් නම් ආයෙත් ලොකු විනාශයක් වෙන්න බැරි කමක් නෑ.. ලෝකේ මෙතෙක් වෙලා තියෙන යුද්ධ වලින් ගොඩක්ම දරුණු ඒවා වෙලා තියෙන්නේ ආගම මුලික කරගෙන ඇතිවුන අවුල් නිසා..

    ReplyDelete
  29. ජය මංගල ගාථා යනු කුමක්ද? විවේචනයට පෙර මෙයත් කියවන්නේනම් වැඩක් වෙයි

    http://www.budurashmiya.net/2010/12/blog-post.html

    ReplyDelete
  30. අපෝ උඹනම් මහ දේශ ද්‍රෝහියෙක්. උඹව මේ රටින් පිට කරන්න ඕන!
    ලොල් ලොල් ලොල්....

    අර සිංහල බෞද්ධයා කියාගන්නා ෆේක් ප්‍රොෆයිල් ගෘප් එකක් තියනවා ආගමක් දහමක් නැති එකෙක් කරන. අන්න ඒ වගේ එවුන්ගෙ රෙදි ගලවන්න ඕන මේ වගේ සාමයෙන් ආගම්බේද නැතුව ඉන්න හදන අපිව අවුලුවනවට.

    ReplyDelete
  31. බෞද්ධයෙක් කියල ඇත්තටම බෞද්ධයෙක් විදියට හිතන කෙනෙක්Thursday, February 09, 2012 11:43:00 AM

    නිරවුල්ව හිතන නියම බෞද්ධයෝ ලංකාවේ ඉන්නවා කියලා අන් අයට දැනගැනීමට සැලැස්වුවාට ස්තුතියි. භවතු සබ්බ මංගලං...

    ReplyDelete
  32. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  33. අනේ මම නම් බ්ලොග් ලියන කෙනෙක් නෙමේ.. මම මෙක මූනු පොතෙ දකල තමඉ මෙතනට අවෙ.. එත් මෙතන තියෙන්නෙ බුධාගමට අපහස කරපු දේට වඩා සදචරත්මක ප්‍රශ්නයක් නෙද?? අව්ල තියෙන්නෙ බුධගම ගැන හරි අදහසක් නැති ඩෑඩී වගෙ කෙනෙක් ඒ සූත්‍රයෙ හරි තේරුම දන්නෙ නතුව ඒ සින්දුව මැද්දට ඕක දාපු එක නේද?? පරම්පරාවල් අලුත් වෙන කොට පරන දේට හිනා වෙනව තමඉ.. ඒත් ඒ අපි හින වෙන්නෙ අපේ මුතුන් මිත්තො තේරුමක් ඇතිව කරපු දේවල් වලට.. ඒවට තමඉ අපේ උරුමය කියන්නෙ.. පෝරුව උඩට වෙල අපි කරන හැම දෙටම යම් තේරුමක් දීල තියෙනව.. ඒව කරන්න කමති නැති අය නොකර ඉන්න ඒක අව්ලක් න.. එත් ඒවට බනින හිනවෙන එක හරි න.. සින්ඩුව ගැන කියනවනම්, ගයන් මාධ්යට අවිත් කිව්වොත් එ සුත්‍රය එතනට දම්මෙ මෙ තෙරුම නිස කියල ඔය කත ඔක්කොම විසඩේ.. අනික ඔයලට වටින දෙයක් කවෘ හරි අඉති නැති කෙනෙක් අරගෙන එක එය එයගෙ පාවිච්චියට ගන්නවනම් එතකොට තරහ යනව නෙද?? එ වගෙම සුත්‍ර දේශනවක් කියන්නෙ අපිට සින්දුවකට වඩ එහ ගිය ගෞරවන්විත දෙයක් කියන එකත් මතක් කලොත් හොන්ඩඉ..

    ReplyDelete
  34. උඹ මොනවගේ මානසික මට්ටමක එකෙක්ද කියලා උඹේ අනික් පෝස්ටුත් බැලුවම පේනවා. අනේ බං උඹත් කරන්නේ තැටිය රත් වෙච්ච වෙලාවෙ රොටිය පුච්චගන්න එකනේ. හා හා කමක් නෑ.. කමෙන්ට් වලට හිට්ස් වලට කවුරුත් ආසයිනේ නේද? අනේ උඹයි මමයි දන්න ආගම් වාදේ. නොදන්න කෙහෙල්මල් වලට කට නොදා ඉඳපන්. මේ වගේ දේවල් වලට තමයි උඹලත් පොරවල් වෙන්න එන්නේ.

    අර පහු ගිය දවස් වල පල්ලි වල වෙච්ච අපරාර සීන්, එතකොට අගරදගුරුතුමා රජයට තර්ජණය කරපු වෙලාවෙ... ඒ වෙලාවල් වල උඹලා කොහෙද හිටියේ? උඹල තමයි නියම කාඩ්බෝඩ් වීරයෝ. උන්ට විරුද්දව උඹල කට අරින්නේ නැහැ. මොකද උඹලා උන්ට බයයි. ඒත් මේ වගේ ලිපි ලිවුවා කියලා වෙන අහේනියක් නැහැ. බය වෙන්න දෙයක් නැහැ. ඉතින් සයිබරේ පොරවල් වෙන්න මේක තමයි උඹලට තියෙන නියම චාන්ස් එක. හොදයි හොඳයි උඹලත් ඒ ආතල් එක ගනිල්ලකො.
    සුනිල් පෙරේරා කාලයක් නටපු නාඩගම් ගැන රටටම මතක ඇති. පුතාගෙත් කල්ක්‍රියාව ඊට දෙවනි නැහැ. උන් මොන රෙද්දක් කරගත්තත් අපිට කමක් නැහැ. උන්ට ඔච්චර පස්සපැත්තෙ අමාරුවක් තියේ නම් උන්ගෙ ගීතිකා ටිකක් කන්න තිබ්බනේ. අනික අර උඩ තව කවුද පොරවල් ටිකක් ලියලා තියෙනවා බෙර පද ගත්තලු සින්දු වලට. බෙග් මහත්තයා සින්දු වල බුද්ධං සරණං ගච්චාමි කියනවලු. බුද්දං සරණං ගච්චාමි කියන සින්දුවයි ඒකේ අර්ථෙයි එක්ක මේ හුජ්ජ සින්දුව අහලකින් වත් තියන්න පුලුවන්ද? උඹලටත් ඉතින් කොහේ හරි යන බයියෙක් මේ වගේ දෙයක් කරොත් ඒවා සිරා.

    පුලුවන්නම් පොරක් වෙන්න ලියපල්ලා අගරදගුරු උන්නාන්සේගෙ ක්‍රියා පිලිවෙල ගැන. මේ පහල තියෙන සින්දුව ගැන. හහ් හහ් හහ්... අපි නොදන්න උඹ...

    http://www.youtube.com/watch?v=2r3M8dh1PJQ

    (උඹ මේක කියවන නිසා පබ්ලිෂ් කරත් මකල දැම්මක් මට කමක් නෑ)

    ReplyDelete
    Replies
    1. "එතකොට අගරදගුරුතුමා රජයට තර්ජණය කරපු වෙලාවෙ"
      මං ඒ සීං එක ගැන විස්තර දන්නෙ නැහැනෙ මහත්තයො.. එහෙම දැනන් උන්නත් මට රජය සම්බන්ද දේවල් වලට නම් කතා කරන්න කිසි උවමනාවක් නැ.. මොකද මේ රජයෙන් කාටවත් සහනයක් නෑ ඒක හැමෝටම පොදුයි.. මට ඔය අගරදගුරුද කවුද කෙනා ගැන විස්තරයි, එයා රජයට බැන්න දේවල් ටිකයි ගැන පොඩ්ඩක් විස්තර හොයලා දෙන්න.. ඔන්න මම පොස්ට් එකක් දාන්නම්..
      නමුත්
      මම කතා කරන්නෙ මේ බෞද්ධයන් වන අපි අපි ගැන.. බෞද්ධාගමේ කොහෙද කියලා තියෙන්නෙ මිනිස්සුන්ට වෛර කරන්න කියලා ? ඉරිසියා කරන්න කියලා ?
      මෙතෙන්දි වෙලා තියෙන්නෙ ඔය දෙක නෙවෙද ? මෝඩයො වගේ කැ ගහන්නෙ මම නෙවෙ.. ඔයාලා..!!

      මං නම් පොරක් නෙවෙ.. ඔයා පොරක්ද කියලා බලන්න තිබ්බා කොන්දක් ඇතිව ප්‍රොෆයිල් එකෙන්ම ආව නම් නේද ?
      කොන්දක් නැනෙ.. මොනා කරන්නද..
      ජය වේවා..!!

      Delete
    2. මහත්තයාගෙ බ්ලොග් එකට හිට් නැද්ද ? හිට් 500-1000 එවන්නද? ලේසි ක්‍රමයක් තියෙනවා
      හිට් වලිං බ්ලොග් එකේ ගුණාත්මක බව මනින උං ගැන මං හොදාකාරව දන්නවා :)
      හිනා යනවා ඔව්වාට. ;)

      Delete
    3. එතකොට bunny නැත්නම් bonny කියල බොරු නමක් දාගන ප්‍රොෆයිල් එකක් හදාගන අවොත් උට තමයි කොන්දක් තියෙන්නේ. අනේ බන් උබල තම පොඩි වැඩි මේවා කතා කරන්න.

      Delete
    4. මම මාගේ කලින් කමෙන්ට්ස් වලින් පුකදීම පිලිබඳ , බනි මහතාගෙන් සමාව අයදිමි , උඹ හරි කොල්ලෝ ..! චියර්ස් ...!

      Delete
  35. වල් හාවෝ උඹේ අර ධර්මචක්‍ර කතාවට මම නම් උඩින්ම කැමති....ඔන්න ඕක තමා අද අපේ රටට වෙලා තියෙන හෙනේ.....බුදුහාමුදුරුවෝ දේශනා කරේ ධර්මය අවබෝධ කරගන්න කියලා....ඒත අපේ උන්නාන්සෙලා ඒක අදහනවා.....
    සිංදුව ගැන කිව්වොත් ඔය ප්‍රශ්න ඔක්කෝම ආවේ වී‍ඩියෝවත් එක්ක බලන්න ගිය හින්ද‍නේ....වීඩියෝව නැතුව ඔය සිංදුව ගැන කතා කරොත් මම නම් කියන්නේ කිසිම වැරුද්දක් නෑ....හැබැයි අපේ ලොකු උන්දලා අනික් උන්ට ලොකුම එව්වත් දෙන හින්දා මම නම් හිතන්නේ ඕක ගොඩක් වෙලාවට තහනම් වෙයි....

    ReplyDelete
  36. "මා තවමත් ප්‍රිය කරන ගීතයකි.. මට එම ගීතය කටපාඩම්ය.." අනේ පො**යෝ... ඕකට තම කියන්නේ දී කිරට බළල්ලුත් සාක්කි කියල...
    අසනක්‍ය කල්ප හතරක් පෙරුම් පිරි ගොතම ශ්‍රමනයන් අනුස්මරණය කරමින් සුභ පතන්නේ හෙළ චරිත්රනුකුලව පෝරුවක් මතට නැගී දෙදෙනෙකු වෙනුවෙන් පමණි, එය රාගයක් හෝ ගීතයක ස්වරුපයක් ගේන්නේ නැහැ.. මෙම පොන්න සින්දුවෙන් කරන්නේ රාගය විනාස කල ඒ ශ්‍රමනයන් සිහි කරන ධර්මය හැල්ලුවට ලක් කිරීමයි... මෙතන ගීතයේ ප්‍රශ්නයක් නෑ... මේ ලෝකයේ තියෙන එකම සත්‍ය ධර්මය සිංදුවකට ආදේශ කිරීමක් මෙතන වෙන්නේ...එකෙන් මේ ධර්මයේ වටිනාකම ට නිගරුවක්...

    එකයි බෞධයන් මෙය විවේචනය කරන්නේ...!!

    ReplyDelete
    Replies
    1. එල කතාව. Daddy කියල බෑන්ඩ් එකට නම දාගන තියෙන්නේ මුන්ට සිංහල නම් නැද්ද දන්නේ නැහැ. මුටත් ඉතින් ලොකු ඇති තමන්ගේ ආගමට ගරහන බෑන්ඩ් එක .. මොකද නම English නේ . හික්

      Delete
  37. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  38. මටනම් මේ ගීතයේ වැරද්දක් පෙන්න නැහැ දැන් සමාජයේ තියෙන දේවල් එක්ක බලපුවම

    ReplyDelete
  39. Sira post 1 macho.........mona agamakin marry kalath macho,agamika charithra iwara unata passe yanne honeymoon 1tai....natuwa dana pinkam karanna yanne nane....ethana tiyena atta sinduwakin kiwwama ape eun 2 pagagena kagahanawa.....munge tharka walata anuwa baluwama agamanukulawa bandoth honeymoon yana ekath thanam karanna ona.......sirawata ape kalakanni hamadema diha balanne patu konayakin....ekai methana tiyena lokuma prashnaya....anith 1 tamai kisi therum nathi takata takata kiyana kottu gahana beat tiyena sindu ahala ape eunta me wage sinduwak ahunamath magicne........ekai oya pagagena dagalanne.....

    ReplyDelete
  40. මේක එළ සිංදුවක්නේ...

    ReplyDelete
  41. මට නං මේ සින්දුව මාසෙකට විතර කලින් මුලින්ම අහපුවෙලාවෙ මේ වගේ එකක් තුන්හිතකින්වත් හිතුනෙ නෑ. දැන් යන විදියට නං මේක තහනං කොරයි වගේ.

    ReplyDelete
  42. මේක කස්ටියට ඇහුනෙ මෙච්චර පරක්කු වෙලාද ? අනේ මන්දා.. මට පලවෙනි දවසෙම ඇහුනා, හිතුනා, මෙච්චර සීන් ඇදෙයි කියල හිතුනනම් මුල්ම පෝස්ටුව දාන්න තිබුන නොවැ..

    ReplyDelete
  43. meka muslim rataka unaanam moova melahakatath marala.
    but mehe ehema une naha.
    oonama narakak mulinma patanganne hodak vidiyata.
    pitidoove scene ekedi api pora talk nodunne uda balaagena kela gahaganna bari nisai.
    varada kauru kalath varadak.
    aeka kauda kale kiyana eka apita vadagath naha.
    magulaka chaarithra thiyanava, aekena kiyanne naha api sansargeta yanava kiyana eka looketa kiyanava kiyala.
    ehenam ithin mukuth nokara nikanma adata yana ekada hari?

    ReplyDelete
  44. kollo heta moo budu pilimayak uda nagagena sinduvak kivvoth aekath hodada?

    ReplyDelete
  45. ඒ මචං උඹ චාටර් වෙලා නේද දැන්?
    ආයවත් පඩ ශෝ එක තියාගෙන කෙලන්ට පේන්ට බ්ලොග් එකක් ලියන්න ඕන නම් හිට්ස් ඕන නම් දේශපාලනේ වගේ එකක් ගැන ලියපන් :)

    ReplyDelete
  46. මෙන්න මේක අහලා බලන්න

    හරි ඩුක හිතෙන ලස්සන සිංදුවක් නේද?
    ඕක හදපු කොල්ලන්ට අත දෙන්න කවුරුවත් නැහැ.නැත්තං තව හොද ඒවා කරන්න උන් ලෑස්තියි.

    ReplyDelete
  47. මට හිතෙන විදියට මෙතන ප්‍රධානම ගැටලුව වුනේ අනවබෝධයෙන් කල රූපරචනය.

    ReplyDelete
  48. // අල්ලාහ්ට යාඤ්ඤා කරන කොටසක් තිබුන කියල ඉරාජ්ගේ “සිත්ති මනීලා” ගීතය මුස්ලිමුන් එකතුවෙලා තහනම් කරනකොට අනුන්ගෙ මොලේ ඇතුලෙ තියන ඒව හොයන මේ ලිපියෙ කතෲගෙ මොලේ ස්නායු ප්‍රශ්නයක් තිබුනද දන්නෑ... //

    // Da Vinci Code ලංකාවට ආ වෙලාවෙ ඒක තහනම් කරන්න පුදුම අමාරුවක් කට්ටියට තිබුණෙ.. ඒ චිත්‍රපටිය ඉංගිරිසියෙන් ගියේ... //

    // කවුරු හරි එකෙක් පෝස්ට් එකක් කොහේ හරි දාල කිව්වම මේක බුද්දාගම විනාශ කරනව කියල අපේ ඉන්න යතුරු පුවරු වීරවරු සෙට් එක රෙදි උස්සන්... කුණුහරුප වපුරගෙන යනවා බුද්දාගම රැකගන්න... එක්කො ෆේස් බුක් එකේ.. බ්ලොග් එහෙක.. එතනින් එලියේ සද්ද නෑ. //

    ගයාන්ගේ ගීතය අනුමත නොකරමි. ඒ එවන් බෞද්ධ ගාථාවක් ගීතයට බලෙන් එබ්බවීම කිසිසේත්ම සුදුසු නැති බැවිනි.

    Finally it's just Marketing!

    ReplyDelete
    Replies
    1. පට්ටයි විසිතුරු....තම්බ්ස් අප්.....+++++++++++++++++

      Nisupa

      Delete
  49. ගයාන් පෙරේරා ගයන 'ටිකෙන් ටික' ගීතය සහ එහි තැනෙක යෙදෙන 'භවතු සබ්බ මංගලම්' ආශිර්වාද පාඨ ගැන නොයෙක් දෙනා නොයෙක් අදහස් පළ කර තිබේ. වැඩි දෙනාගේ පහසුව පිණිස යම් පැහැදිලි කිරීමක් කිරීම යෝග්‍ය යැයි මට සිතේ.

    1. මේ ගීයට ප්‍රස්තුත අත්දැකීම නම් දෙම...ාපියන් හා අනෙකුත් අයගෙන් නැඟුණු නිරන්තර බාධා අවහිර කම් මැද ගොඩ නැඟුණු ප්‍රේම සම්බන්ධතාවකින් පසු විවාහ වීමට වරම් ලද තරුණයකු අතීතාවර්ජනයක යෙදී ටිකෙන් ටික තමන් මේ ...සියලු බාධක කෙසේ නම් මඟ හරවා ගෙන අද මෙසේ පරිසමාප්තියට පැමිණියේදැයි තමාටම සිහි එළවා ගත නොහී නඟන උදාන ගීයකි.

    2. ශ්‍රී ලංකාවේ අද පවතින විවිධ විවාහ උත්සව චාරිත්‍ර විධි වලින් වඩාත්ම ප්‍රචලිත වන්නේ බහුතරයක් සිංහල බෞද්ධයින් විසින් අනුගමනය කෙරෙන මංගල පෝරු, අෂ්ටක කීම් ආදියෙන් අලංකෘත විවාහ උත්සවයි. මෙකී උත්සවවල මා දැක ඇති නොවරදින හා අමතක නොවන අංග අතර පෝරුවේ චාරිත්‍ර අතර කියැවෙන අෂ්ටක ද, 'බාහුං සහස්ස' ආදී වශයෙන් ගැයෙන ජය මංගල ගාථා ද, ඉන් අනතුරුව කෙරෙන 'භවතු සබ්බ මංගලම්' ආදී වශයෙන් එන ආශිර්වාද කිරීමද අවසානයේ බොහෝ දෙනා දැන් 'going down' ලෙස හඳුන්වන මනාල යුවළ වෙන්ව යන අවස්ථාව ලං වන විට ගැයෙන, මිනෝන් රත්නම් ගේ 'කැදැල්ලෙ ඇතිවූ කිරිල්ලී වගේ' නම් ගීතයද ඇතුළත්ය. මේවා කොතෙක් නම් දුරට විවාහ උත්සව සමග බැඳී ඇත්දැයි කිවහොත් වෙන්ව අසන විට පවා අපට විවාහ උත්සවයක් සිහි ගන්වන තරම්ය.

    3. ගයාන් පෙරේරාට තම ගීතය අතර තුර විවාහ උත්සවයක් නිරූපණය කෙරෙන නාද රටාවක් අවශ්‍ය වුණි නම් ඒ සඳහා 'භවතු සබ්බ මංගලම්' ආශිර්වාද පාඨය තෝරා ගැනීම මට නම් අහම්බයක් ලෙස නොපෙනේ. එය කියැවෙන්නේද සාමාන්‍යයෙන් අෂ්ටක කීමේදී යොදා ගැනෙන වයස්ගත අයෙකුගේ කටහඬිනි. මෙය රැප් කිරීමක් ලෙස සමහරුන් පවසන්නේ ඇයි දැයි මට නම් නොතේරේ.

    4. 'භවතු සබ්බ මංගලම්' පාඨය සෙත් පිරිත් වල අගදී ද, වෙනත් සෙත් පැතීම් වලදී ද, පිරිත් නූල් ගැට ගැසීමේදී ද, විවාහ මංගල්‍ය හා වෙනත් උත්සව වලදී ද, ගිහි පැවිදි දෙපාර්ශවයම විසින් භාවිතා කැරෙන, අද වන විට ආගමික පාඨයකට වඩා සංස්කෘතික අංගයක් බවට පත්ව ඇති පාඨයකි.

    5. මේ ගීය අඩංගු වීඩියෝ පටය කාමුක දර්ශන අඩංගු යැයි යම් හිමි නමක් ප්‍රකාශ කර තිබෙනු දුටිමි. මෙසේ පවසන්නෝ මෑතක දී රූපවාහිනී ටෙලි නාට්‍යයක් දැක නැත්තෝ විය යුතුය. මේ වීඩියෝ පටයෙහි ගීතයට අදාළ නොවන හා සාමාන්‍ය සංවර බවෙහි සීමාවන්ගෙන් ඔබ්බට යන සමාජයීය වශයෙන් අනුචිත කිසිම දසුනක් මට නම් නොපෙනේ. 'භවතු සබ්බ මංගලම්' පාඨය ගැයෙන්නේද සාමාන්‍ය විවාහ උත්සවයකදී ගැයෙන ගාම්භීර හා ගෞරවාන්විත ස්වරයෙනි.

    6. අන්‍යාගමිකයින් බුදු දහම ගිල ගැනීමට බලා ඉන්නවායැයි හුඹස් බියක් අද බහුතරයක් පොතේ බුදුනුවන් අතර මුල් බැස ගෙන ඇත. බෞද්ධාගමට වැඩිම හානිය සිදුවන්නේ බුදුන් වදාළ දහම තමුන් අනුගමනය නොකර හැම දේටම අනුන්ට ඇඟිල්ල දික්කරන්නට පුරුදුවී ඇති මෙවන් පොතේ බුදුනුවන් නිසාය.

    7. මේ ගීතයට නැගෙන චෝදනා ගයාන් පෙරේරා කිතුනුවකු වීම සහ තරුණ පරපුර අතර ඔහු ජනප්‍රිය ගායකයකු වීම නිසා ඇති වූ ඊර්ෂ්‍යාව මුල් කරගෙන ඇති වූවක් විය හැකිය

    - Ims Sathyaprasad -

    ReplyDelete
    Replies
    1. //අද වන විට ආගමික පාඨයකට වඩා සංස්කෘතික අංගයක් බවට පත්ව ඇති පාඨයකි.//

      කවද ඉදන්ද බවතු සබ්බ මංගලම් ගතව සංස්කෘතික අංගයක් උනේ ? එක ගාථාවක්, මම කියන්නේ ගාථාවක් කියන එක ගිටාර් ගගහ කියන එක හරි නැහැ කියල. ඔයගොල්ල වගේ වෙනත් ආගම වල කට්ටියට තේරෙන්නේ නැහැ කොඉ තරම් වරද්දකද කරලා තියෙන්නේ කියල.

      Delete
    2. ඊ මේල් කවිකාරි ගේ පැහැදිලි කිරීමට එකගයි !

      බාහුං සහස්ස මභිනිම්මිත සා යුධං තං
      ගිරිමේඛලං උදිතඝෝර සසේන මාරං
      දානාදි ධම්ම විධිනා ජිතවා මුනින්දෝ
      තං තේජසා භවතු තේ ජයමංගලානි

      දසක් මවා ගෙන අතුන් අවියෙන් සමත් වී
      ගිරිමේඛලා ඇතු නැගි සිටි මාර සේනා
      දනාදි දම් විදි බෙලෙන් දිනූ ඒ මුනින්දා
      ඒ තේජසිං ජයමඟුල් ඔබටත් ලැබේවා

      ඇනොනිමස් ටයි කියන්නේ ..ඔව් ඒක ගාථාවක්..ඒකෙ තෙරුම සුබ පැතීමක් ..ආශීර්වාදයක් .. යහපත් ප්‍රාර්ථනාවක් ..එම ගාථාව විකුර්ති කරල නැහැනේ ..නියම අර්ථය එන්න කොහොම කීවත් ප්‍රස්නයක් නෑ නේද..ඒක නිස ගීතයෙ වරදක් දකින්නේ නෑ මමත්..අනික ඔය ගාථාව යන්නේ පසුබිම් වාදනයකින් ..නැතුව ගිටර් ගහ ගහ කියන්නේ නෑ නෙහ්

      Delete
  50. බුදු රජාණන් වහන්සේගේ කාලයේ එක්තරා නළුවෙක් උන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. ඇවිල්ල උන වහන්සේගෙන් ඇහුවා, ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස මම නැටුමෙන් ගැයුමෙන් මිනිසුන් ප්‍රීතියට පත් කරනවා ඉතින් මට ගොඩක් පින් සිද්ධ වෙනවා නේද කියල. බුදුන් වහන්සේ ඊට කිසිම පිළිතුරක් දුන්නේ නැ. ඉතින් මේ නළුවා නැවත නැවතත් උන් වහන්සේගෙන් මේ ගැන විචාරනවා. අන්තිමේදී බුදුන් වහන්සේ දේශනා කරනවා, ඔබගේ රගුං ගැයුම් නිසා මිනිසුන් ප්‍රීතියට හෝ ශෝකයට පත් වෙන්න පුළුවන්. නමුත් ඒ සියලුම දේ කෙලෙස්. ඒ නිසා ඔබට සිදුවන්නේ පාපයක්.
    මේ සින්දුව හදපු, ගයපු අයට වගේම මේ බ්ලොග් පිටුව පවත්වාගෙන යන හා එම මෝඩ අදහස් වලට ප්‍රතිචාර දැක්වූ සියලු දෙනා කරගෙන තිබෙන්නේ තමන්ගේ පව් මිසක් පින් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. පට්ට මචන්,
      එහෙම ගායනා කරන්න ඇවිත් තියෙන්නේ පංචසිඛ කියන තරුණයෙක්.. කොනඩා පහක් ගෙතු නිසා එයාට පංචසිඛ කියල කියා තිබෙනවා... සූරියවච්චසා කියල ලස්සන ගෑනු ලමෙක් එක්කලු යාලු වෙලා තියෙන්නේ.. අන්තිමේදී බුදුන් ගෙන් අහනවලු මාගේ ගායනය ඉතාම මිහිරියි කියනව මිනිසුන්, ඒක මාත් දන්නවා, ඒත් ඇයි කියා දන්නේ නෑ කියලා...
      එවිට ලොවුතුරා බුදුන් පුදුම ලස්සන උත්තරයක් දෙනවා දෙයියනේ !!!!!

      Delete
  51. තව දෙයක් මේ මෝඩ හාවාගේ නොදන්නාකමට දැනගැනීමට කියන්නේ. මගුල් ගෙදරකදී භවතු සබ්බ මංගලම් ගාථාව කියන්නේ ඉදිරියේදී ගත කිරීමට යන ජීවිතය යහපත් වේවා කියල සුබ පතන්න. නැතුව ඔබ කියල තියන අදහසට නෙවේ.

    ReplyDelete
  52. //උදාහරණයක් ලෙස ගත්කල තම බිරිදගේ වටෙ රෙද්දක් ඔතා ඈ පිරිසිදු තැනැත්තියක් යැයි ආ හැමෝටම පෙන්නති.. සුදු රෙද්ද යනු පිරිසිදු බව ඔප්පු කරන්න ඩොකෙක් දෙන වාර්ථාව වෙයි.//

    ගොන් බනියෝ, සුදු රෙදි ඔතන්නේ නැහැ පොරුවේදී, රෙද්දක් ඔතන්නේ පිරිසිදු බවක් කියන්න නෙවි ගොනෝ. අනාගතේදී සියලු සැප සම්පත් දෙනෙව කියන එක සංකේතවත් කරන්න. බ්ලොග්ගේර් එකෙන් නිකන් දුන්නට බ්ලොග් එකක් ලියනකොට හොයල බලල ලිඉයපිය. තමුන්ගේ නොදැනුවත් කම ප්‍රදර්ශනය නොකර. කැමතිම බෑන්ඩ් එක dadi නේ, එකෙන්ම තේරෙනවා තෝ දන්නා තරම.

    ReplyDelete
    Replies
    1. මං කැමතිම බැන්ඩ් එක dadi නෙවෙ Daddy :-)
      තර්ක කරලා වැඩක් නැ මචං.. :-)

      Delete
    2. dadi? O.o එහෙම බෑන්ඩ් එකක් තියේද මචන් ?

      Delete
  53. වැඩක් නෑ බං කතා කරලා..මේ ලංකාවනේ..ඉතින් කවදා හැදෙයිද?ඔය ලාංකිකයන්ගේ සාමාන්‍ය ලක්ෂණ..හැම දේම විවේචනය කර කර ඉන්න එක තමා වැඩේ.අනිත් එක ඔය කෑගහන අයගෙන් බහුතරයක් සයිබර්(Cyber) බෞද්ධයෝ.එයාලා බ්ලොග් වලටයි සමාජ ජාල වෙබ්අඩවි වලටයි සීමා ‍වෙච්ච අය.ඔය එකෙක්ටවත් කොන්ද පන නෑ පාරට බැහැලවත් කෑගහන්න.ඒත් මේවා වලදි නම් ගස් ගල් වුනත් පෙරලෙන්න කෑ ගහයි.මෙයාලට කියලා ඉතින් වැඩකුත් නෑනේ කරන්න අමුතුවෙන්.වෙන රටවල් එක්ක බලද්දි ලැජ්ජයි මේ වගේ දේවල් වෙනවා දකින්න.ජාතිය ආගම ගැන හැබෑ කැක්කුමක් තියෙන කෙනෙක් කවදාවත් මෙහෙම බොරුවට කෑ ගගහා ඉන් නෑ.මෙයාලා මේ ඔක්කොමලා පොරවල් වෙන්නනේ මේ දගලන්නේ.අනිත් එක තරුණ පරපුරේ රසාස්වාදයයි ඔය ගොඩක් පප්පලාගේ රසාස්වාදයයි අහසයි පොලවයි වගේනේ ඔන්න ඕකත් එක හේතුවක්.

    ReplyDelete
  54. හොඳ ලිපියක් බනියෝ..මමත් බෞද්ධයෙක් තමයි..ඒත් නොකියම බැරි දෙයකුත් තියෙනවා..මගුල් ගෙදරකට ගිහින් අශ්ඨක කියන වෙලාවටත් අහුමුළු වලට වෙලා ශොට් දාන සමහරු මේ ගාථා පේලි ටික මුල්ම වතාවට අහන්න ඇත්තෙත් මේ සින්දුවෙන් වෙන්න පුලුවන්.එහෙව් රටක බෞද්ධ දර්ශනයේ අගය මතක් වෙන්නෙ පිංදු කෑල්ලක් දැක්කම තමයි.

    ඇත්තෙන්ම මටනම් මේ සිංදුව අහද්දි ශෘංගාරාත්මක රසයක් නෙවෙයි දැනුනෙ...හරිම නිවුනු රසයක්..ගීතය පුරාම කියවෙන්නෙ ආදරයෙන් බැඳුනු යුවලක් එයාලට මූණ දෙන්න සිද්ධ වුණු දහසක් බාධක හමුවේ නොසෙල්වී එයාලගෙ ආදරය දෙමාපියන්ගෙ කැමැත්තත් දිනාගෙන..විවාහය කියන ස්ථිර සංධිස්ථානයකට ගෙනාපු හැටි ගැනයි..ඒකෙන් ශෘංගාරාත්මක රසයක් මතු වෙනව කියන එක විහිලුවක්.මටනම් මේ ගාථා ඛණ්ඩය එතනට අගේට ගැලපෙනව වගෙයි හිතෙන්නෙ..මොකද ඒ වගේ ස්ථීර සම්බන්ධයකට තමයි ඒ වගේ ගාථාවකින් ආරක්ශාවක් වුවමණා.

    ඒත් ඉතින් ආගම් වාදය ඉහට ගහපු පටු ආකල්ප තියන අයට නම් මේක මහ ලොකු අපරාධයක් වගේ පෙනෙයි.පුදුමෙකුත් නෑ.ඕව ඉතින් අද ඊයෙ ඉඳන් සිද්ධ වෙන දේවල් නෙවෙයිනෙ.. :)

    ReplyDelete
  55. සිංදුවෙ නෙමෙයි ප්‍රශ්නෙ ... වීඩියොඉ එකෙයි. "බවතු සබ්බ මන්ගලම්" කියන්නෙ බඳින කොටනෙ ... එත් මූ වීඩියොඉ එකෙ දාල තියෙන්නෙ ලොවෙ කරන සීන් එකක් නේ.....

    ReplyDelete
  56. නියම බ්ලොගියක්..බනියා නිරවුල්ව හිතන නියම බෞද්ධයෙක් කියල සිතේ..ඔබේ අදහසට මං එකගයි..මේ කොමෙන්ට් සහ article එක කියවද්දි හම්බුන නියම අදහස් දෙකක්...

    එකක් පොඩි මෑන් කියපු "බුදුදම කියන්නේ ඇදහීමක් නෙවේ දර්ශනයක්" කියන එක..මං හිතන්නේ හුග දෙනෙකුට ඕක තෙරිල නෑ

    අනික බනියගේ "“එම ගාථාව සිංදුවක පසුබිමට දමා ගීතයක් ගායනා කිරිම අපේ රටේ මොලෙ ගලවා ධර්මචක්‍රය ගහ ගත් පොරවල්ලාට හෙන කැසිල්ලකට කාරනාවක් වී ඇත..“ කියන එක !!

    ඔබට තුති බනියෝ..ස්තූතියි අවංක පැහැදිලි කිරීමට !!

    ReplyDelete
  57. චේතනාවම තමයි කර්මය වෙන්නේ කියලා සම්මා සම්බුදුහාමුදුරුවන් කියලා තියෙනවා
    ඒ වගේ ගාථාවක් ඇත්තටම ඒ වගේ ආදරයක් ආරක්ශා කරන එකට ඇයි විරුද්ද වෙන්නේ කියන එකට උත්තරේ කුහක කමද ඊර්ෂයාව ද කියන එක හරියටම හිතාගන්න බෑ

    ReplyDelete
  58. මෙතන ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ, ඔක්කොමලාට තමාගේ ආගම ගෑන බොරු කෑක්කුමක් තියෙන එක. ඔය මහ ලොකුවට කියන එක මනුස්සයෙක්වත් පන්සල් යන එවුන්ද කියල සෑකයි. ගයාන් පෙරේරා වෑරද්දක් කරල තිබ්බ නම් එයාට සුදුසු දඩුවම කර්මය විසින් ලබාදෙයි. අනික මතක තියගනින් බල්ලො බිරුවට කදු පහත් වෙන්නෙ නැහෑ... උඹ්ලා වගේ පොන්නොයොන්ට කිසි දෙයක් කරගන්න බැහෑ කියලා අනුන්ට ඉරිසියා කරන්න එපා සක්කිලියො!

    ReplyDelete
  59. //මෙවන් රටක ඉපදීමට අපි හෙන පිංකර ඇත..නමුත් කාලකන්නීන් ටිකක් දැක ගැනීමටද අපි පවු කර ඇත..//
    //නමුත් මේ ක්‍රිසිතියානි එකාගෙ ගීතයේ මේ හැමදේම ඇත.. මෙය බුද්දාගමට කල අපහාසයකි.. මෙවං උං උළතැබිය යුතුය.. මෙහි ඇත්ත නැත්ත තෙරෙන අපිත් එල්ලි සියදිවි හානි කරගත යුතුය..//
    //මෙන්න මචං අර සෘංගාරය උතුරණ සිංදුව.. බලලා සව්‍යංවිංදනයේ යෙදෙන්න පුලුවන්ද බලන්න.. :)//

    මෙන්න මචං මසුරමක්. දාගනින් කටේ.

    ReplyDelete
  60. ඔබේ දැනුම ඉතා අල්ප මාත්‍රික වේ, එයින් අදහස් වන්නේ එදා රෑට කරන දෙය නොව මුලු ජීවිතාන්තය දක්වා මෙ ලැබු වාසනවන්ත දිවියට කැලලක් නොවී ජීවත් වන බවට තමාව ලොවට දායාද කල දෙමාපියන් ඉදිරියේ ආශීර්වාදය ලබා ගැනීමකි...
    ඔබට අෂ්ඨක කියවීමට පුලුවන් වූ දවසක මෙහි සියලු අර්ථය තේරෙනු අත,
    මෙම චාරිත්‍රය ඇත්තේ අප ජාතියේ පමණි, මේ සියලු ගථා සහ කවි මුල සිට නිවැරදිව ගායනා කලහොත්, එහි ගැබ්වී ඇත්තේ සිද්ධාර්ථ කුමරුන් හා යශෝධරා විවාහය කෙරුනු ඇයුරුම වේ....

    මෙම ආශීර්වාදක ගාථාවන් ට පෙර, මවගේ කුසයෙ ගැබ් ගෙන කලලයක් ලෙස ජීවත් වූ සමයේ පටන්, මේ මොහොත දක්වා තම මවු පියාණන් මනමාලියක් ලෙස ඇයව පෝරුවට නැංවීම දක්වා කල කී දැ ඉතාමත් විස්තර සහිතව ගයනු ලබයි...

    ඔබගේ ළමුන් විවාහ වන දියනයේ ඔබට මෙය වැටහෙනු ඇත, මෙහි එදින රාත්‍රියට කරන අරුත පමණක් වැටහෙන්නේ මොලය පුන්චි නිසා නොව, අප ජාතියේ සිරිත් විරිත් වල අරුත් සොයා බලීමට වත් හැඟීමක් නො එන පජාතකයින්ටම වේ.... නමුත් ඔබට නිසැකවම බටහිර ගීත බොහොමයක අරුත කීමට හැකියාව ඇතැයි කියා මට හැඟේ...

    තවද මොනා හරි දෙයක් ඔලුවට ගිය විගස, එය හරි හෝ වැරදි හෝ වේවා ඔබගේ මතයේ සිටිනා පිරිස බහුතරයක් යැයි විශ්වාසයක් පවතී නම්... එයට කොමෙන්ටු වැටී තමා පොරක් වෙන බ්ලොග් මානසිකත්වයෙන් පසුවන නිසා වේ.... එය අද සමාජයෙ සාමන්‍ය දෙයක් බැවින් ඔබගේ උපත ගැන ඔබ කණගාටු විය යුතු නොවේ....

    අප ලොව උතුම්ම ජාතිය යැයි සැලකීමට කාරනා සොයා බැලීමේදී මෙම සිරිත උසස් තැනක් ගනී... මෙය ඉන්දියාවෙන් ආවෙය කියා කියන පරයොන්ටද මෙම සිරිත...ඉන්දියාවේ, මොන පලාතෙ ද පැවතෙන්නේ යයි මා අසා සිටිමි...අපේම මුතුන් මිත්තේකුගේ ලිඟුව වටේ අවිදිමින් කරන චාරිත්‍රයට වඩා.... මෙය ඉතා උසස් බව නම් "මාගෙ කුඩාමොලයට සිතේ.."

    මෙම ගථා රත්න නිවැරදිව බොහෝ අයෙක් නොගයන්නේ... ඉතාමත් නිවැරදි සම්පූර්ණ ගථා කිවුවහොත් මනමාලිය ඉන් පෙර කිසියම් කැලලක් ජීවිතයට හොර රහසේ එක් කර තිබේ නං ඇයට මෙම ගාථා ආශීර්වාදයක් නොව වස් වැදීමකට ලක් විය හැකි බවට ද පැරන්ණන් ගේ මතයක් තිබෙන නිසාවෙනි.....

    එතරම් ප්‍රභල කරුණු කාරනා මෙම උත්සවයේදී මතක් කර සිරිතක් ලෙස අප ජාතියක් ලෙස කරගෙන ආවෙමු.. මෙය ගයාන්ට බනින්නට අවස්තාවක් කරගන්නා අයද සිටි... නමුත් ඇතැම් අයට ඉබේටම බැනෙන්නේ මෙහි සියලු අරුත් දන්නා බැවින් ද කිව හැක...

    තෙරුවන් සරණයි!

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.