ඇත්තටම අපි වාහනයක් ගත්තාම.. අපිට ඔනි ඔනි විදියට පදින්න බැනෙ නෙද ? එක දන්නවානෙ..
එව්වායෙ ගියර් තියෙනවා.. ඒ ඒ වාහනෙට නියම රිතියක් තියෙනවා ඒකට අනුව වැඩ කරන්න ඔනි..
ඉතිං ගියර් ජාති දෙකක් තියෙනවා..
01 Manual gear (ශ්‍රමික ගියර)
02 Auto gear (සව්‍යංක්‍රීය ගියර)
01 Manual gear (ශ්‍රමික ගියර)
මුල් අවදියේ පටන්. මේවනතෙක්ම පැමිණෙන තාක්ශණයක් තමා මේ මැනුවල් ගියර ක්‍රමය.. මේකෙදි වාහනයට බ්‍රෙක් එක හා ඇක්සලෙටරය ට අමතරව තව ක්ලච් එකක් එනවා.. ගියරයක් මාරු කරද්දි මේ ක්ලච් එක පාගන්න ඔනි.. ක්ලච් එකෙන් කරන්නෙ එන්ජිම හා ගියර් බොක්ස් එක අතර සම්බන්දය ඇති කිරිම හා විසන්දි කිරිම.. ක්ලච් එක පාගද්දි එන්ජිම එක්ක සම්බන්දය නැති වෙනවා.. ඇතැරියාම නැවත සම්බන්ද වෙලා එන්ජිම හා ගියර් බොක්ස් එක තුල දැතිරෝද කැරකෙන්න ගන්නවා..
මේ ක්ලච් එක පාගන්නෙ නැතිව ගියර් දාන්න පුලුවන්.. නමුත් ඉතාවෙගයෙන් කැරකෙන දැතිරෝදයක් අතරට තවත් දැතිරෝදයක් රින්ගවන්න ගියොත් මොකද සිද්ද වෙන්නෙ ? ඒවා සීරිමකට ලක් වෙන එක මෙන්ම.. කරාරාරාරාස්ස්ස්ස් ගාලා මහ ශබ්දයක් එන එක.. සාමාන්‍යයෙන් මට එහෙම උනොත් අපෙ තාත්තා නම් කියන්නෙ බලහං පුතෙ ගියර් බොක්ස් එක බිමදැයි කියා..!!
මේ ක්‍රමයෙදි ගියර් වර්ග 1 සිට 4 දක්වාත් 1 සිට 5 දක්වාත් 1 සිට 6 දක්වාත් .. විවිද විවිද ක්‍රම වලින් එන වාහන තියෙනවා..
1සිට4 එන වාහනක් විදියට ඩීමෝ බට්ටා වාහනය සලකන්න පුලුවන්..
ගොඩක්ම වාහන වල එන්නෙ 1 සිට 5 දක්වා...
ඔය පාරෙ යන බවුසර්.. කන්ටෙනර් පෙට්ටි ගෙනියන ප්‍රයිම්මුවර්.. (long vehicles) වල නම් 1සිට6 දක්වාම ගියර් ආපුවා මං දැකලා තියෙනවා.. මීට අමතරව සෑම වාහනයක පාසාම මේ ගියර් වලට අමතරනවා R එකක් එනවා.. ඒ කියන්නෙ රිවස් එකනේ..? නැතිනම් ඉතිං වාහනෙ N එකට දාලා (නිවුටල්) පිටිපස්සට තල්ලු කරන්න උනත් ඇහැකි.. !!
වාසි අවාසී
වාසි විදියට ගත්තොත් තියෙන්නෙ.. අපිට අවශ්‍ය තැනදි අපිට ඔනි ඔනි ආකාරයට ගියර් මාරුකරගන්න පුලුවන් කම..
ආයේ තල්ලු කරලා ස්ටාට් කරන්න පුලුවන් වීම.. මොකද මේවා වැඩකරන්නෙ කේබල් හෝ ලිවර් මගින්.. සියල්ලම යාන්ත්‍රික ක්‍රමෙකට.. ඉතිං 2 ගියරයට වගේ දාලා.. හොද තල්ලුවක් දැම්මොත්.. ඩික් ගාලා ස්ටාට් කරගන්න පුලුවන්.. හැබැයි ඉතිං එන්ජිමෙ දොශයක් නැත්නම් තමා..!
අවාසි විදියට තියෙන්නෙ ක්ලච් එක පාග පාග ගියර් මාරු කරන එක මල කරදරයක් වගෙම කකුල රිදෙන එක..!!
-මැනුවල් ගියර් තුල ගියර් වර්ග-
මෙතැනදි අපි සලකලා බලන්න ඔනේ දෙයක් තමා.. වාහනේ තියෙන තත්වය අපි හිතමු තැනිතලාවක 60kmh වෙගයකින් පාගලා යනවා.. අපි එහෙනම් අනිවා 5 ගියරයට දාගන්න ඔනිනේ ?
අපි හිතමු ලොකු පල්ලමක් කියලා.. අපි ඔය පල්ලමේ 5 ගියර් එකෙ අවොත් මොකද වෙන්නෙ ? අනිවා අපි දැඩිසත්කාරෙ.. එහෙම නැතිනම් හදීසි අනතුරු ඒකකයේ නේද ?
ඉතිං අපි සාමාන්‍යයෙන් පල්ලමක වගේ කරන්නෙ.. පල්ලම දරුණු නම් first gear එකෙ (1 ගියරය) දාගෙන තමා පල්ලම බහින්ටෝන.. එතකොට එන්ජිම ස්ලෝ වෙලා.. වාහනය අමුතුම හිර ගතියකට එනවා.. හරියට බ්‍රෙක් එක පාගගෙන කන්ද බහිනවා වගේ.. එතකොට බ්‍රෙක් එකට කිසි අමාරුවක් නැතිව ආරක්ශාකාරීව කන්ද බැහැ ගන්න පුලුවන්..
(අතුරු කතා)
මේක සිද්ද උනේ ගාල්ලෙ ඉන්ජිනේරු පැකල්ටිය ඇතුලේ පල්ලම බහිද්දි.. එදා ප්‍රදර්ශණයක් තිබ්බා.. අපිත් ඉතිං ඔකේ සහභාගිවෙලා උන්නෙ.. ඉතිං මායි සර්කෙනුකුයි ආවා පල්ලෙහාට එන්න.. මෝට බයික් එකක සර් කිවා මට පදින්න කියලා.. ඉතිං මාත් නැගලා.. සරුත් දාගෙන කන්ද බහිනවා... ඉතිං ගෙට්ටුවෙන් මිනිස්සු හෝගාලා එනවා.. කොකටත් කියලා බ්‍රෙක් ගහන්න බලද්දි.. අම්මට සිරි වෙන්න මෙන්න යකෝ බයික් එකේ බ්‍රෙක් නැහැ.. ඉස්සරහා බ්‍රෙක් බැලුවා.. ඒක නිකං ක්‍රි:පු 4 වන සියවසේ කේබල් එකක් වගේ.. දිරලා ගිහින්.. බ්‍රෙක් කියලා නාමයක් නැ.. මට ඉබේටම සර් කියවුනා.. සර්ට ගානක් වත් නැ.. අම්මපා මැරෙන්න බය නැද්දමද මංදා.. මට නම් ඉතිං අවසානය කියලා තමා එදා හිතුනේ.. මොනා කරන්නද.. දඩස් ගාලා දැම්මා ප්‍රස්ට එකට.. බයික් එක ගැස්සිලා වගේ ගියා.. වෙන කරන්න දෙයක් නැ.. නවත්ත ගන්නත් එපැයැ.. හෙමින් හෙමින් කන්ද බැස්සුවා.. බ්‍රෙක් එක නැතිව.. ආපු වෙගෙට පාගලා ගිහින් තව දෙතුන් දෙනෙක් යට කරගෙනත් ගිහින්.. දඩෝන් ගාලා ගෙට්ටුවෙ වැදුනා නම්.. අනේ අම්මෙ.. මැරෙන එක සැපයි.. කෙල්ලො ඉස්සරහා එහෙම නොවී :D.. සෝ කිසි අවුලක් උනේ නම් නැහැ..
එත් අපේ සමහර උදැවිය.. නිසි තැනට ගියර් මාරුකරගන්න බැරිව තමා අඩුකඩාගන්නෙ..
02 Auto gear (සව්‍යංක්‍රිය ගියර)
මේ ජාතිය ගත්තාම ටිකක් අලුත් තාක්ශණයක්.. මුල් කාලෙ වාහන වල නොතිබ්බත්.. මං 14 ශ්‍රී කාර් එකක දැකලා තියෙනවා.. ඒ කාර් එකේ රවුමක් ගිහින් තියෙනවා..ඔයාලට උනත් එහෙම රවුමක් යන්න පුලුවන්.. පාරෙ යන කොට වාහනයක් නවත්තලා තිබ්බොත් වටෙ කැරකිලා රවුමක් ගහන්න පුලවන්නෙ නෙද ? ...කෝම හරි ටිකක් මෙලො රහක් නැති ගතියක් තමා දැනෙන්නෙ.. තත්පර කීපයක් ඇතුලත සැලකිය යුතු වේගයකට (පික්අප්) එන්න බැරි උනත් නරකම නැ.. ඊලගට නිකරුණේ තෙල් පිච්චිලා යන ගතියක් මට නම් දැනුනා..
නමුත් එන්න එන්න තාක්ශණේ දියුනු කරලා.. දැන් නම් මැක්සා.. විශේෂයෙන්ම මේ ලගදි ජනප්‍රිය උන දෙමුහුන් (hybrid) වාහන වල නම් පික්අප් ගැන කියලා වැඩක් නැ සුපිරියි.. හේතුව තමා එන්ජිමට අමතරව බැටරියෙන් ක්‍රියාත්මක වෙන විදුලි මෝටරයක් අන්තර් ගත වීම... ඇක්සලෙටරය.. එහෙම නැතිනම් ගෑස් එක පෑගීම සන්වේදක (sensors) මගින් ගණනය කරලා.. ඒ වගෙම වාහනය තියෙන තත්වය (eg; කන්දක,තැනිතලාවක) බලලා.. වාහනය දාවනය විය යුත්තෙ, එන්ජිමෙන්ද, බැටරියෙන්, නැතිනම් ඔය දෙකෙන්මද කියලා තීරණය කරනවා.. එතකොට පික්අප් එකත් සිරා මෙන්ම.. ඉන්දන පිරිමැස්ම අතිනුත් ඉහලයි..! කොටින්ම කිවොත් මේ ගියර් ක්‍රියාත්මක වෙන්නෙ පරිගනකයක් ආදාරයෙන්..
Auto gear ලිවරය අපිට එහා මෙහා හොලවන්න පුලුවන් උනත්.. රථය දාවනයේදි එහෙම කරන්න අවශ්‍ය නැහැ.. ඒ වගෙම වාහනයට ක්ලච් එකක්ද නැ.. හේතුව ඒවා සිදුවෙන්නෙ Auto නිසා.. auto ගියර් ලිවරය දිහා අපි බැලුවාම එක එක විදියේ සංකේතයන් වගයක් තියෙනවා..
P කියන්නෙ Parking
R කියන්නෙ Reverse
N කියන්නෙ Neutral/No gear
D කියන්නෙ Drive
L or B කියන්නෙ Low or Brake
S කියන්නෙ Sport
Auto Gear වල වාසි අවාසි..
ප්‍රදානතම අවාසිය තමා.. මේ වාහන තල්ලු කරලා ස්ටාට් කරන්න බැරි කම.. හේතුව මේ ගියර ක්‍රියාත්මක වෙන්නෙ පරිගණකයක් අදාරයෙන් නිසා.. ඒ පරිගනකය ක්‍රියාත්මක වෙන්න විදුලිය අත්‍යාවශ්‍ය විම..
තව දෝශයක් හට ගැනුනොත්.. ලංකාවෙ ඉන්න මජං හූරන බාස්ලා ඕක කන එක.. මං මෙකෙන් කනවා කියලා අදහස් කලේ.. ලිවර් එක ගලවලා බඩගින්නට කනවා වගෙ දෙයක් නෙවෙ.. ඔව්වා ගලවලා දාලා ලෙඩෙ වැඩි කරන එක.. හොදම උදාහරණයක් තමා.. අපි වැරදි විදියට වාහනෙ බැටරි වයර් එක ගැලෙව්වොත්.. එහෙම නැතිනම් යම් විදියකින් ශෝට් උනොත්.. අනිවාර්යයෙන්ම අර පරිගනක මෘදුකාංගය අවුල් වෙනවා.. නැතිනම් දෝශ හටගන්නවා.. ඒ වෙලාවට කරන්නෙ.. ගියර් පද්දතිය ගලවලා සුද්ද කරන එක නෙවේ.. ඊට අදාල විසදුම හොයා ගන්න ස්කැන් එකක් කරන එක.. ඒකට සාමාන්‍ය මජං බාස්ලා හරියන්නෙ නැනෙ නේද ?... හොදම දේ රථයට අදාල නියොජිත ආයතනයටම බාර දෙන එක..
තව දෙයක් මෙව්වායෙ ගියර් ඔයිල් හැම 30000km වලින් හෝ අවුරුදු 2 කට සැරයක් අනිවා මාරු කරන්න ඔනි...!! වාහනයට අදාල නියම තෙල් වර්ග තියෙන නිසා.. ටිකක් මිලෙන් අදිකයි..!
වාසි විදයට ගත්තොත් තියෙන්නෙ.. අපිට කරදරයක් නැති කම තමා.. මොකද අවශ්‍ය තැනට ක්ලච් එක පාග පාග ගියර් දාන්ටොන නැහැනෙ..!

P
R
N
D
L or B
S

මේක ලියන්න හිතුනු හේතුව ගැන තවමත් කල්පනා කරන මම
PirateBunny
..