ඕං බනියා ආවා පරණ අවුරුද්දෙ අලුත් පොස්ට් එකක් දාලා කියලා යන්න.. ඉතිං මේ සුංදර කතාමාලාව මට අහගන්න ලැබෙන්නෙ ඊයේ අපේ අම්මලාගේ ගමේ යන්න ගියාම.. ඉතිං මගදිගේ යද්දි තාත්තා මේක කියව කියව තමා ගියේ :-D
අපේ අම්මාගේ ගම හිනිදුම.. සිංහරාජ කැලේ හා කොට්ටව කැලෙ අතර පිහිටි ලස්සන ගමක්.. දන්නවත් ඇති ක්‍රිතියන් බැතිමත්තුන්ගේ පූජනීය තැනක් තියෙනවා කල්වාරිය කියලා.. අං ඒ කිට්ටුව තමා අපේ අම්මලාගේ ගෙදර තියෙන්නෙ.. පුදුම ලස්සන ගමක්.. සීතල දේශගුනයත් එක්ක.. ඒ වගේම අම්මාලා උන්න ගේ පිටිපස්සෙන් ලස්සන ගිංගඟ ගලා බහිනවා.. සුංදර කමනම් කියලා නිම කරන්න බැහැ.. :-)
ඉතිං අපි නෑදැයින් බලන්න යන මේ ගමනට යන්න සුදානම් උනේ
තාත්තයි
අම්මයි
මල්ලියි
මමයි
තව ගෙවල් කිට්ටුව නැන්දා කෙනෙකුයි
එයාගේ දූයි..
ඕං තාත්තා කතාව පටන් ගන්නවා මෙහෙම
තාත්තා : බලන්න නංගී.. මාත් මෙච්චර දුරකටම අහූ උනානේ, අච්චර නුවර බෝනික්කො වගේ කෙල්ලො ඉද්දි..
නැන්දා : ඒකනේ අයියේ.. අපරාදේ නුවර ඉන්න තිබ්බෙ හික් හික්..
අම්මා : වැඩේමයි.. මාත් මෝඩ කමට රැවටුනානේ..
තාත්තා : අපේ කපුවාට හෙන ගහන්න ඔනේ මට කල අපරාදෙට.. කීවේ නම් කොහොමද ඉඩම් අක්කර ගනන් තියෙන්නෙ දැවැද්ද ඉහටත් උඩිං අනම් මනම්.. බලාන ගියාම මුකුත්ම අරගෙන නැනේ නංගි.. ?
අම්මා : ඉල්ලන්න තිබ්බානේ නැන්දම්මාගෙන් ඔව්වා..
තාත්තා : අනේ ඉතිං ඔය කුණු කංදල් උස්සන් ඇවිල්ලා මොනාට ගොඩගහගන්නවද ? අනික හරියකට බඩුවක් මුට්ටුවක් තිබ්බ එකක්යැ.. අල්මාරී කැල්ලකුයි, කැබිනට්ටුවකුයි දුන්නා..ඒකත් මේ බාලයි..තව අයිස්ක්‍රිම් කන කප් වගයකුත් ලැබුනද කොහෙද.. ඒකට අයිස්ක්‍රිම් දැම්මොත් එක මේස හැදි පාරෙන් කතෑහැකි..
නැන්දා : ඉතිං අයියේ ඔය දැවැදි මොකටද.. මේ අක්කා ලැබුන එකම මදැයැ.. අහිංසක කම උතුරනවානේ..
තාත්තා : අනේ මං නොදන්න අහිංසක කම.. මං දවසක් මෙයාලාගේ ගෙදර ආවා වැඩවගයකට.. මෙයා චූටි ළමයෙක් වගේ අඹ ගහක ගැටගහලා තිබ්බ ඔංචිල්ලාවේ ඔංචිලිපදිනවා.. අනේ ඒ වදුරු නැටුම් දැකලා මාත් රැවටුන්නැතැ..
අම්මා : ඉතිං වැදිරියක්ව බැදගත්තෙ මොකටද ? හොද රිලවියක් හොයාගන්න තිබ්බානේ රිලවාට..
තාත්තා : මොනා කරන්නද අප්පා කරුමේ කරමේ.. මාත් හිතුවා අනේ මං කෝටිපතියෙක් තමා මේකි බැදැගත්තාම වැදිරයක් වගේ උනත් මොකද කියලා.. බලාන ගියාම මොකක් වත් නැනේ.. ?
නැන්දා : ඉතිං අයියේ අක්කා නම් කිවේ දැවැද්ද එපා කිවා කියලානේ..
තාත්තා : එහෙම තමා නංගි නැන්දාම්මා ශෙප් කරගන්න එපැයැ මොනවා කරන්නත්.. ඉතිං මං දැවැද්ද එපා දූ විතරක් දෙන්න කිවා.. ඕකනේ මේ හරහාට හිටියේ.. මොනා උනත් මාමංඩි නම් අහිංසකම මනුස්සයා.. රටක් වටිනවා ඒ උත්තමයා.. මට අර කබල් ලිබඩු ටික හරි දුන්නා..පුතේ මේවා අරන් යන්න කියලා..
අම්මා : ඉතිං මාමන්ඩිටත් කියන්න තිබ්බානේ කබල් ලී බඩු එපා, හොද ඒවා දෙන්න කියන්න කියලා..
තාත්තා : අනේ ඉතිං දූත් දීලා තව ලී බඩුත් ඉල්ලතැහැකිද ? කොහොම හරි මගේ කරුමේ පලිසං දීලා මට හොද නොනා කෙනෙක් ලැබුනානේ..
(අම්මාගේ මූණ රතුවෙලා ලැජ්ජාවෙන් ඇඹරෙනවා.. ) :D
හික් හික්.. මේ කතාවේ ගොඩක් දේවල් අඩුයි.. ඒත් ඔය මගේ මතකෙ තිබ්බ රසවත් සිදූවිම් තමා ඔය ටික.. මේවා මගේ මතකයේ හැමදාමත් රැදිලා තියේවි..
අපේ තාත්තා ලග අම්මා එවපු ලියුම් මිටියක්ම තියෙනවා..ඒවත් හරි අපුරුයි ( මං ඔන්න හොරෙන් බැලුවේ නැ එව්වා) :D :D
ඉතිං ඕක තමා අපේ අම්මාගෙයි තාත්තාගෙයි ප්‍රේමකතාව :D
ඉතිං දැන් එයාලා අවුරුදු 28 විතර වීවාහ ජීවිතයක් ගෙවලා තියෙන්නෙ.. ඒ ටිකේ ඒ දෙන්නා පොඩ්ඩක් රංඩු වෙවී යාලු වෙවී සතුටින් අපිවත් බලාකියාගෙන ජීවත් වෙනවා.. මෙතෙක් කාලෙකට කවදාවත් අපේ තාත්තා අපේ අම්මට ගහන්න අත උස්සලා නැ.. ඉස්සර ආදරේ තාමත් එහෙම්මයි..
එහෙම දෙන්නෙක්ගේ ළමයි වෙච්චි එකට බනීට වගේ බනිගේ අක්කලා දෙන්නාටයි මලයටත් හරිම සතුටුයි..
ඉතිං ඉදිරි කාලයත් ඒ සතුට රැදිලා තියේවි.. :-)
අපේ අම්මටයි තාත්තටයි බුදු සරණයි..!

bunny...