Thursday, April 5, 2012

බ්‍රිටිශ් කවුන්සිල්

මේක මේ මං හිච්චි එකා සංදියේ සිද්ද වෙච්ච දෙයක්.. ඒ කාලෙ මං ගියේ ගමේ ඉස්කෝලේට.. හැමදාමත් එකම ඉස්කොලෙට තමා ගියේ.. 
ඔහොම ඉතිං අර කැලේ පිපුනු මල් කැලේට පරවෙන්නා සේ අපි ඔහේ පරවෙවී පරවෙවී හිටියා.. කරදඩු උස් මහත් වෙලා.. දිග කලිසම් ගහන වයසට ආවාම.. අපේ ඉස්කොලෙට අලුතින් ටීච කෙනෙක් ආවා..
අනේ මං දන්නැ ටීචගේ රූපෙට කොල්ලො වසී වෙලා උන්නෙ.. ඒ වගේයැ නයගරා දිය ඇල්ලෙන් වැටෙනවා වගේ ටීචගේ කටෙන් හැලෙන ඉංගිරිසී .. හම්මෙ බලන් ඉන්ඩ ආසයි.. ඒ ටීච මට මතක කාලෙක සිංහලෙන් නම් කතා කරලා තිබ්බෙ නැ..
අපිත්
හ්ම් ටීච.. ඔකේ ටීච.. හරි ටීච.. යස් ටීච කිය කියා තමා උන්නෙ..

ඕම ඉතිං කාලයක් ගියා.. ටීච හා අපි එකතු වෙලා ඉස්කොලෙ ඇතුලේ ඉංග්‍රීසි ක්ලබ් එකක් හැදුවා.. ඒකෙන් එක එක දේවල් කලා.. කොරල්පර සංරක්ශණ වැඩද.. පංසල් ගැන විස්තර හොයන වැඩද.. හෆ්ෆච්චියෙ එක විකාරයයි.. කොම කොම හරි අපි බ්‍රිටිශ් කවුන්සිල් එකත් එක්ක සෙට් වෙලා වැඩ කරන තත්වෙටම ආවා.. එහෙන් අපිට තෑගි භෝගත් නොවඩුව ලැබුනා..

එකෝමත් එක මහ මූසලද දවසක.. දවල් 10 ට විතර.. එකෙක් ඇවිත්.. මචන් හාවෝ.. කියද්දිත් මට ඇඩෙන්න වගේ :(
මචන් හාවෝ.. අන්න ටීච ක්ලබ් එකට ඔක්කොටම එන්න කිවා ..
මොන මගුලක්ද?
මාත් ගියා..
ළමයි.. අපිට බ්‍රිටිශ්කවුන්සිල් එකෙන් දවස් 7 ක කෑම්ප් එකකට එන්න කියලා තියෙනවා.. මෙතැන හොදටම ඉංග්‍රිසි දන්න අයව මං තොර ගන්නවා.. කියලා අනේ මාවත් එක්ක තව කොල්ලෙකුයි කෙල්ලො 3 දෙනෙකුයි තෝර ගත්තා.. මොන කරුමයක් පලිසං දුන්නද මංදා :( මං දන්න ඉංගිරිසියකුත් නැ.. මොකට තෙරුවද මංදා.. කොහොමෙන් කොහොම හරි අපි ගියායැ කියමුකො.. දවස් 7 නම් සුපිරී ආයේ කියලා වැඩක් නැ..
කන්නද බොන්නද.. එක එක ජාතියේ සෙල්ලම්ද.. එත්.. මහ නරකම දේ.. එතැන එකෙක් වත් සිංහල දන්නැනෙ :S  අනික ඒ රටෙන් ආපු සුද්දො ටික ඉට හපන්.. මොනාදෝ අහනවා.. අපිත් හිනා වෙනවා.. :D
දවස් 2 ගියාට පස්සෙ අපි හිටපු හැමොම එක්ක හොද හැටි ෆිට් උනා.. අපරාදෙ කියන්න බැ ගාල්ලෙ කොල්ලො ටික නම් සිරා ඇ..
ඔය අතරෙ මාතර ප්‍රසිද්ද බාලිකාවකින් ආපු බාලිකාවියන් වගේකුත් උන්නා.. අනේ අම්මපා අර කොළඹ රටේ බවලත් උදවිය ගාවවත් නැ ඒ තරම් රැස්පට්..!! ෆුෆ්..

කොම හරි මහ මූසල හවසක.. අර මාතර බාලිකාවියක් උඩ තට්ටුවේ ඉදන් පහලට එබිලා..


Excuse me…
හෑ ?

hey.. you..
මොකා ?

you you...
මම ? මගුලයි.. මට කතා කරන්නෙ..

What time is it?

මේ මොන වින්නැහියක්ද වෙන්න යන්නෙ.. මට ගොනාට වගේ තෙරුනා මේ අහන්නෙ වෙලාවම තමා කියලා.. මොන කරුමයකට මං අලි ඔරලොසුවක් අතේ ගැට ගහන් උන්නද ?

දැන් මොනා කරන්නද ? දෙන්නම් ජම්බු කියලා..

ආ නංගි ... දැන් වෙලාව 2.45 යි..

fuf.. කෙල්ල ගැස්සුවා ගැස්සිල්ලක්..

කොල්ලො ටිකෙන් විසිල් ගොඩයි බල්ලටි ටිකයි.. !!

අඩො හාවා.. පට්ට මචං.. ඕකිගෙ අලි ඔලුවයි පංඩිත කමයි.. හොදම වැඩේ..

අම්මේ කමෙන්ට් ගොඩයි ලයික් ගොඩාආආඅයි.. :D

....... උන් දන්න එකක්යැ මට ඉංගිරිසියෙන් වෙලාව කියන්න බැ කියලා... අනික 2 - 3 වගේ නම් කොම හරි කියතැහැකි.. 2.45 කොම කියන්නද? :D


කොහොම උනත් වැඩ බැරි උනත් ගම ගාල්ලෙ කතාව ඔප්පු නොකර.. ජාමෙ බේරගෙන ගන්න තියෙන උපරිම ෆන් එකත් අරගෙන.. අපි ගෙවල් බලා ආවා.. අර කෙල්ල මට හිටිය සතියෙම ඔරවපු එකමයි කලේ.. :D මං මොනා කරන්නද.. දන්න සිංහලෙන් ඇහුවා නම් ඉවරනේ :D



පාලි : කොහොම උනත් අපේ ඉස්කොලෙ දකුණු පලාතෙ එකම ප්‍රදිපා පාසල විදියට නම් කෙරුනා..
ඉංග්‍රීසි මාද්‍යයෙන් උගන්වන්න හැම පහසුකමක්ම ලැබුනා.. ඒ ගැන පට්ට සංතෝසයි..




....