Monday, November 21, 2011

මා දුටු "ගාමනී"

මුලින්ම කියන්ටොන අපේ තාත්තා මං දන්න විදියට ඒකාලේ ඡංදේ දුන්නෙ UNP එකට.. අපිත් පොඩි කාලේ ඉදන්ම නිකන්ම UNP උනා.. මොකද වැඩිපුරම දකින්නෙ කොළපාට කොඩි නිසා.. දේශපාලනය කියන්නෙ මොන මගුලක්ද කියලවත් දන්නැති අපි පාටක් අල්ලගෙන ඉස්කොලේ එවුන් එක්ක මරාගත්තා.. ඒ තාත්තලාගේ පැත්ත ගන්න ඔනි නිසා.. !!
    කාලය ඔහොම ගෙවිලා ගියා.. UNP කියන එකේ තෙරුම දැනෙන්න ගත්තා.. ඒ විතරක් නෙවේ.. අනික් පක්ශ, පාට මිනිස්සු ගැන එක එක කතා, කට කතා අහන්න දකින්න ලැබුනා.. නිල් පාට පැත්ත හරි රතු පාට පැත්ත හරි මොන පාට හරි උනත්.. මට කොළපාට තරම් එක පාටක් වත් අල්ලව්වෙ නැ.. ඒ තරමට මං තාත්තාව විශ්වාශ කරා.. දේශපාලණ පක්ශයකට මාව නිකන්ම තල්ලු වෙලා ගිහින් තිබ්බා.. මට ඒක නවත්ත ගන්න බැරි උනා.. මං කොළපාට උනා..! (නැනැ හම තළෙලුයි)

පසු කාලිනව වෙනසක් උනා.. යුද්දය ඉවර උනා.. අලුත් කෙනෙක් රජ කම ගන්න අවා.. මගේ දේශපාලණ උණ වැඩි උනා.. පාරෙ තියෙන පොස්ටර් එකක් නැර බැලුවා.. මට ඔහු වීරයෙක් වගේ පෙනුනා.. මං එයාගේ පැත්ත ගත්තා.. තාත්තත් එයාගෙ පැත්තට නිකන්ම ඇවිල්ලා තිබුනා..

ඉතිං මම ජෙනරාල් සරත් ෆොන්සේකා මහත්තයාගේ පැත්ත ගත්තා.. එතුමාගේ ගුණ වර්ණනා කලා.. අනික් පාටවල් වලින් සමාජයේ මිනිස්සු මිරිකේද්දි අපිට ෆොන්සේකා මහත්තයා වීරයෙක් වෙන්න ගත්තා.. ජීවිතෙට දැකලවත් තිබුනේ නැති මනුස්සයා මට වීරයෙක් වෙන්න වැඩි කාලයක් ගියේ නැ.. "යුද්දෙ ඉවරකලේ ඒ මනුස්සයා.." අන්න එහෙමයි අපි හැම තිස්සෙම ඒ මනුස්සයාගැන හිතාගත්තෙ..!

නමුත් ඔය සියල්ලම අවසං වී එතුමා හිරේට යනකම් වත් මට ඡංද බලය තිබුනේ නැ..! නමුත් මගේ ඡංදය සරත් මහත්තයාට වෙන්වෙලා තිබ්බා...!



ලොකු ටෝක්ස් නැති චේද තුන හතරකින් මට පෙන්නන්න උවමනා කලේ මං කැමති දේශපාලන පක්ශය ගැන..

+මචං බනියා උඹ ගාමනී බැලුවද ?
 

*නැ බං උඹ ලග තියෙනවද ?

+ඔව් ඕයි මේක අරන් පලයං සිරා කතාව..

*අඩේ මං ෆිල්ම් හෝල් එකේ බලන්න යන්න උන්නෙ බං.. මැක්සා ඇ..
මං පෙන් එක උදුරගෙන ගෙදර එන්න පිටත් උනා.. ..
      දඩිබිඩියේ ගෙනැල්ලා දාලා බැලුවා.. මගේ ලේ රත්වෙන්න වෙලා ගියේ නැ.. සදරු අයියාගෙ යාලුවාගෙ කතාව මට මතක් වෙන්න වැඩි වෙලා ගියේ නැහැ.. මගේ ඇගේ ලේ නලියලා ඇගේ මයිල් කෙලින් වෙලා තරහෙන් ෆෝවර්ඩ් කලේ බයටම.. මොකද මට ලේ හෙල්ලෙන එව්වා බලන්න බැරිකමට, ගැහැනුන්ගෙ පිරිමින්ගෙ බෙලිකපන එකට.. ඒ වගේම අර ළමයා පොලවේ ගහන සිද්දියට.. මගේ හිත සලිත වෙන්න මහ වෙලාවක් ගියේ නැ.. සඳරු අයියා කියන්න වගේ
          "මම මීට දින කීපයකට උඩදී අපේ එහා ගමේ සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරපු ගාමනී චිත්‍රපටිය බැලුවා .ඒත් ඒ චිත්‍රපටිය තුළ තිබුණේ මගේ ගමට හුඟක්ම සමාන පරිසරයක් විතරයි . චිත්‍රපටියේ පළමු විනාඩි විස්ස නම් සියේට සීයක්ම ඇත්ත සිදුවීමක්. ඒත් අනික් ටික කතාවක්ම විතරයි"

ඇත්තටම මුල් විනාඩි 20 තුල කතාව සත්‍ය එකක් කියලා තෙරුම් ගත්තෙ සඳරු අයියාගෙ කතාවෙන්.. ෆිල්ම් එකේ දී ප්‍රේක්ශකයාගෙ හිරි ගඩු පිප්පෙන්න, මයිල් කෙලින් වෙන්න, ලේ රත් වෙන්න තියෙන එකම හරිය ඔය ටික විතරයි..
ඔය ටික බලද්දි අපිට මොකක්ද මතක් වෙන්නෙ ? "යුද්දය" නේ ? ඔනී පොඩි එකෙක්ට යුද්දය ගැන දැනෙන්න කරපු සාර්ථක නිර්මාණයක් විදියට මං ඕක දකිනවා.. ඒ වගේම අපේ මහ උන්ගේ හිත වෙනස් කරගන්න බලකරන චිත්‍රපටියක් විදියට මම දකිනවා..

මට කතා කරන්න ඔනේ උනේ මේ චිත්‍රපටිය ෆිල්ම් හෝල් වල යද්දිත් අපි අතරට ආවේ කොහොමද ?
එක වෙබ් අඩවියක දැක්ක විදියට මෙකේ නිර්මාතෘ කියලා තිබ්බෙ පිටපත ලබාදෙද්දි ඒකෙ තව පිටපතක් හොරෙන් අරගෙන අන්තර්ජාලයට මුදා හැරලා කියලා.. එහෙම වෙන්න පුලුවන්ද ?
චිත්‍රපටියක අවසාන ෆිල්ම් රෝල.. එහෙම නැත්නම් DVD එකක් කියලා හිතමු.. නිශ්පාදක තුමා, ඔන්න මචං ඕක ෆිල්ම් හෝල් වල දාලා මට කීයක් හරි හොයලා දියං කියනවද ? නැහැනේ, වගකීමකින් ඊට වගකිවයුතු පාර්ශවයකට නෙ ලබාදෙන්නෙ චිත්‍රපටි ශාලා වලට බෙදන්න.. ඒ මනුස්සයාත් කීයක් හරි හොයාගන්න වැඩේ නැතිකරගෙන ෆිල්ම් එක එළියට දාවි කියලා හිතනවද ?
      ඔය බෙදාහරින්නා හැර චිත්‍රපටි ශාලා හිමිකාරයින්ට ඔවාගේ පිටපත් ගන්න නම් ගන්න තියෙන එකම ක්‍රමය මගේ දැනිමේ හැටියට චිත්‍රපටිය දාවණය වෙද්දි කැමරාවක් අල්ලං ඉදලා වීඩියෝ කරගන්න එක විතරයි.. (මීට අමතර ක්‍රමයක් තියෙනවා නම් මාව නිවැරදි කරන්න) නමුත් මං බලපු වීඩියෝව හොද තත්වයක තිබ්බා.. ඒක ටොරන්ට් එකකින් භාගත්ත එකක් කියලා සාක්ශි තිබ්බා.. එහෙනම් ඒක කැමරා කොපියක් නෙවෙ.. නමුත් මට දැනුනේ ඒක කැමරා කොපියක් බව අගවන්න බොරු අසාර්ථක උත්සාහයක යෙදිලා තිබ්බා..
      මෙන්න මට හිතෙන විදිය.. මේකට මුලුමනින්ම දේශපාලණික බලපැමක් මත හෝ දේශපාලකයින්ගෙ උවමනාව මත සිද්ද වෙච්ච චිත්‍රපටියක් විදියටයි මම දකින්නෙ, මං එහෙම කියන්න හේතුව මේකයි
        ජිවිතේට "ගෝනගල" ගම දැකලා නැති කොළඹ උන්ට තමා මුලින්ම මේ චිත්‍ර පටිය අහුවෙන්නෙ.. මොකද අන්තර්ජාලෙම ජිවත් වෙන මිනිස්සු වැඩි හරියක් ඉන්නෙ කොළඹ පැත්තෙ නිසා.. ඔබට මතක ඇති කාලයක රජයට කොළඹ නගර සභාව දිනාගන්න පුලුවන් උනාද ? නැහැනේ නේද ? ඒ මොකද යුද්දය කලේ කොහොමද ඒකට උර දුන්නෙ කවුද ඔය සියල්ලම ගැන හිතන්න මොලයක් තිබ්බ උන් ටිකක් උන්නෙ ඔය කොළඹ නිසා.. ඕකට සාක්ශියක් විදියට මට තියෙන්න මේ දවස්වල සෝශල් නෙට්වර්ක් වල වෙන කතා බහා FB, Twitter ඉන්න උදවියට ඕක මං පැහැදිලි කරන්න ඔන අරුමයක් නෙවේ.. තව රූපවාහිනි මාද්‍ය.. කොටින්ම අපේ ගමේ ඇන්ටනාව අඩි 40 උස්සව්වත් පෙනුන චැනල් දෙකයි ඒ රූපවාහිනි හා ITN  ඔය දෙකම කලේ මොකක්ද ? ආන්ඩුවේ වැරදි වහලා නිවැරදී දේම විතරක් මිනිස්සුන්ට පෙන්වන එක.. ඉතිං උතුරෙන් මෙහා ඉන්න මිනිස්සු රජයේ හොද විතරක් දකිමින් සිහින ලෝකයක තනිවෙනවා..  ඒ වගේම බිස්නස් කරන උදවිය.. බිස්නස් කරන අයට ලොකුම සහනයක් දීලා තිබ්බෙ UNP එකෙන්.. මේ දැන් ඉන්න රජතුමාගේ පක්ශයෙන් කවදාවත් සහනයක් තිබ්බෙ නැ.. හොයපල්ලා.. අපිට දියල්ලා කියන මතය උඩයි ඒ අය උන්නෙ.. අපේ තාත්තා UNP උනෙත් ඕක නිසා වෙන්නැති..ඒක නිසා කොළඹ බලප්‍රදේශය කවදාවත් රජතුමාගේ පක්ශයට දිනාගන්න බැරි උනා..

        ඉතිං මේ චිත්‍රපටිය යොදාගෙන අර කොළඹ උදවියගේ හිත වෙනස් කරන්න උණු කරන්න අපූරු විදියට දේශපාලණික උපක්‍රමයක් භාවිතා කලා,  "ගාමනී" එලියට දාලා එක.. රු 150 ට පෙව්මන්ට් එකේ විකුණන ෆිල්ම් එක ගන්න ටිවි එකේ ගාමනී ට්‍රේල එක දැක්ක ඔනි එකෙක්ට හිතෙනවා නිතැනින්ම..

      ඒ වගේම ටොරන්ට් එකක් අමාරුවෙන් බාගන්න එකා ඕක දන්න දන්න හැමොටම දීලා හෙන ආසාවෙන් පොර වෙනවානේ.. පෙන් එකෙන් ඕක වෙන එකෙක්ට දෙන එකේ එකම තෘප්තිය ඒක තමා..
ඉතිං ෆිල්ම් හෝල් වල ප්‍රදර්ශණය වෙද්දිත්, ගාමනී රට පුරා තියෙන ප්ලෙයර් වල.. කොම්පියුටර වල ප්ලේ වෙන්න වැඩි කාලයක් ගියේ නැ..

ඔය චිත්‍රපටියට ගිය වියදම කෝටි 3ක් කියලා හිතමු.. ඕක දේශපාලකයෙක්ට මහලොකු ගානක්ද ? මෝයකටෙන් පොල් ලෙල්ලක් ගියා වගේ ඕක.. ගාමනී අන්තර්ජාලෙට දාලා ඉවර වෙලා, ඔන්න මචංලා අපි ෆිල්ම් එක නෙට් එකට දැම්මා කියලා තව පබ්ලිසිටියක් දෙන්නත් එක්ක නඩුවකුත් දැම්මා.. චිත්‍රපටිය විකිණීම තහනම් කියලා.. අපි ඒක නිසානේ දන්නෙ අඩේ ඩවුන්ලෝඩ් කරගන්න ටොරන්ට් ඇති කියලා..
ඔය නඩුව දැම්මට ඕක එලියට දාපු උන්, විකුණපු උන් එකෙක් වත් පොලිසියෙන් අල්ල ගත්තද ?

දැන් ඔක්කොම හරි.. යුද්දය ඉවර කල එක නම් මාර පිනක්.. ගෝනගල ගමේ වගේම අනික් දුශ්කර ගම් වලත් මිනිස්සු ආයෙ අඩන එකක් නැ ඔන්න ඔහොමයි ඕක බලපු හුගක් අය හිතනවා ඇත්තෙ.. එතැනදි නිකන්ම මතක් වෙන්නෙ ගොඩක් අයට අපේ රජතුමා.. රජතුමනි මේ හාවාට නම් එහෙම හිතුනේ නෑ ඕං..!  යුද්දයෙන් අඩපු මිනිස්සු තාම අඩනවා.. ඒ බඩගින්නට.. අඩනවා නෙවේ ඇඩෙනවා..
      මට ඔනි ඔනි දේ මේකයි කියලා දෙපාරක් ඇඩුවාම දුක හිතිලා අරන් දීපු තාත්තට මට කැමරාව අරන් දෙන්න විදියක් නැ පුතෙ කිවාම මගේ පපුව හෝස් ගාලා ගියා.. ඒක කලේ ඔබයි රජතුමනි..!

      ඉතිං මේ ආන්ඩුව අර ගන්න බැරිවෙච්ච ඡංද කෑලි ටික ගන්න අසාර්ථක උත්සාහයක යෙදුනා කියලයි මේ හාවට හිතෙන්නෙ..

ආයෙ මතක් කරනවා මං සරත් ෆොන්සෙකාගේ පැත්ත ගත්තා කියලා උඩින්ම කියලා තියෙනවා.. ඒ වගෙම මේ ආන්ඩුව පිලිකුල් කරනවා කියලත් බය නැතිව කියනවා.. ඇයි මට මොනා කරන්නද ? වැඩිම උනොත් කොන්දක් නැති ඇනොනිමස් කෙනෙක් කුණුහරුපයක් දෙකක් කියලා දාවි.. ඒ උනා කියලා මාව මරන්නද ? මැරෙන්න උනත් මට කිසි බයක් නැ..

මට හිතුනන විදිය වැරදි සම්පුර්ණ අසත්‍ය විකාර කතාවක් වෙන්නැති.. ඒ ගැන බය නැතිව කමෙන්ට් කරන්න.. මොකද මේ අන්තර්ජාලෙ ඉන්නෙ අපි අපි විතරයි.. මට බැන්නට මං  තරහා නැ කා එක්කවත් :)

එහෙනම් ජය..!!
PirateBunny෴
...

40 comments:

  1. තනි අලියා(logout වී සිටිමි!එ්කයි!)Monday, November 21, 2011 6:49:00 PM

    උඩ දාගෙන වර්ණනා කරන දේවල් වල අඳුර දැකීමට කරන උත්සාහය ගැනනං අවංකවම සතුටුයි. හැබැයි මම චිත්‍රපටි වල සීනි කිරන්න නං යන්නෑ. මොකද මම චිත්‍රපටි ගැන දන්න දෙයක් නෑ!

    දේසපාලනේ ගැනනං කියන්න තියෙන්නෙ... මොකා අාවත් අපි පරාදයි කියල විතරයි!

    ReplyDelete
  2. නිර්මාණයේ අයිතිකරුවන් තමන්ගේ ගාන හොයාගන්න පාසැල් ළමුන් බුරුතු පිටින් ෆිල්ම් හෝල්වලට අරගෙන ගියා කියලත් ආරංචියි.

    ReplyDelete
  3. හ්ම්...
    පෝය ලඟද මංදා.
    උඹ කියන්නෙ සහතික ඇත්ත බං. මේ රජයෙ එවුන් ඡන්ද එනකොට කිව්වෙ කළගුණ සලකලා උංට ඡන්දෙ දෙන්න කියලා. ඒ උනාට උංට කළගුණ සලකන්න උගන්නන්න ඕන. රජ කාලෙ සෙන්පතියො, රජ්ජුරුවො සටන් මෙහෙයවන්න යුධ පෙරමුනේ හිටියා. එහෙම නැතුව මේ කාලෙ රජතුමා, සෙන්පතියා කියලා කියා ගන්න එවුන් A/C කාබර වල ඉදං අණ දුන්නා වගේ අණ දුන්නෙ නෑ. සංවර්ධනය කරනවයි කියලා උං සංවර්ධනය වෙන එකයි කරන්නෙ. ව්‍යාපෟතියකට කෝටි 5ක් යනවයි කියලා උං කෝටි 3ක් සාක්කුවට දා ගන්නවා. සුනාමි වංචාවට අතටම මාට්ටු වෙච්ච හොරානෙ බං.
    මහ ලොකුවට උපන්දින දවසෙ ජනරාල්ව නිදහස් කරනවයි කිව්වලු. අනෙ මගෙ කට. ඇට නැති දිවවල්නෙ බං තියෙන්නෙ.
    අනික මුංට මාර විදියෙ අහඹු සිදුවීම් වෙන්නෙ. මැතිවරනෙන් 2/3 ගැනීම, උගෙ උපන්දින දවසෙම තීන්දුව දීම, මුංට විරුද්ධව කතා කරන අය අතුරුදහන් වීම, මුංට විරුද්ධව කතා කරන අය ඝාතනය වීම.......

    ReplyDelete
  4. ගාමිණි බලල නැති නිසා මට ෆිල්ම් එක ගැන නම් අදහසක් නැහැ.
    ඔයා කිව්වා වගේ යටි කුට්ටු වැඩක් ඇත්තටම උනාද නැද්ද කියන්නත් දන්නේ නැහැ. නමුත්, මේ තියෙන පාණ්ඩුව ඒ වගේ මගඩියක් කරන්න හොඳටම ඉඩ කඩ තියෙනවා කියන එක නම් දන්නවා!
    මට නම් හිතෙන්නේ ඔය පාණ්ඩුව බලයට පත්වීමේ වගකීමෙන් ලොකු කොටසක් ලංකාවේ මිනිස්සු ගන්ට ඕනේ.
    මම පිට රටක හිටියත්, ජනාධිපතිවරණෙ කාලේ හිටියේ ලංකාවේ. එකේදී වුනු දේවල්, රජයේ මාධ්‍ය හැසිරුණු හැටි දැක්කම සැහෙන්න කලකිරුන. වැඩිපුර කලකිරුණේ මිනිස්සු මෙච්චර අන්ධද කියල.
    තාමත් ලංකාවේ මගේ සමහර යාලුවෝ මහ රජතුමා කිය කිය වැඳ වැඳ ඉන්නවනේ.

    ReplyDelete
  5. othendi prashne.. hemadema nikan kanna balan inna ekai.. ubala maha rajata wiruda wela gaththe ponsekage peththa eth ponseka kawda kiyalawath danne ne.. hema ekatama irisiyawai kuhaka kamai.. kagewath desa palanayak nethuwa film1 beluwama ape de gena adarayak hithei ubatath..

    ReplyDelete
  6. මමත් ගාමනී බැලුවා.චිත්‍රපටි විචාරයක් කරන්න තරම මට දැනුවත්කමක් නෑ.හොද චිත්‍රපටියක් කාලෙකට පස්සෙ.ඒ ටිකනම් තේරුනා.ඔයා ඔය කියන විදිහට නෙමේ ඔය චිත්‍රපටිය පිට උනේ මම දන්න විදිහටනම්.ෆිල්ම් 1 හදපු කෙනා හරි කවුරුහරි වගකිවයුත්තෙක් චිත්‍රපටියෙ කොපි 1ක් ගොඩක් ආමි කෑම්ප්වලට දීල තියෙනව .ඒ කියන්නෙ කාගෙන්වත් උස්සල නෙමේ නීත්‍යානුකූල විදිහටම.ඉතින් ඔය ෆිල්ම් එක බලන්න ආසකරන කවුරුත් ඕකෙන් කොපි එකක් ගන්න එක ආයෙත් අහන්න දෙයක් නෙමේනෙ.ඔන්න ඔය කොපි තමා දැන් රට හැමතැනම තියෙන්නෙ.ඕක හම්බුන කෙනෙක් මෙ දවස්වල හැමෝම කතාවෙන ගාමනී අන්තර්ජාලෙට එකතු නොකර ඉදි කියල හිතනවද පුලුවන්කමක් තියෙනවනම්.මගේ දැනුමෙ හැටියට ඔන්න ඕකයි වෙලා තියෙන්නෙ.මොකද මට හම්බුන කොපි එකත් ඔය විදිහෙන් පිටවුන එකක්.

    ReplyDelete
  7. මමනම් ෆිල්ම් එක බැලුවෙ කිසිම දේශපාලණික මතයක ඉඳගෙන නෙවෙයි. ඒක නිසා මන් දැක්කේ ෆිල්ම් එකේ තියෙන ෆිල්මින් විතරයි. ඇත්තටම දේශපාලනේ කියන්නෙ මහා ජරාවක්. ඒක නිසා ඒ ගැන කිසිම කැමැත්තක් මගේ නෑ. කෙනෙක් කියයි. ජීවත් වෙද්දි එහෙම බෑ. පවතින දේශපාලණික පසුබිම ගැන දැනුමකින් ඉන්න ඕන..... අනම් මනම් කියලා. වෙන්න ඇති. ඒත් මම අනුරාධනේ. ෆිල්ම් එකනම් උපරිමයි. ෆිල්මින් පැත්තෙන් සාර්තක නිර්මාණයක්. අඩුවකට කියලා දැනුනේ අර අංගම්පොරකාරයගේන් ලබුන දායකත්වය ටිකක් මදි කියලා දැනුන එක විතරයි. මොකද සටන් වල ෆර්ෆෙක්ට් ගතිය තිබ්බෙ නෑ. එඩිටින් වලිනුත් ඒකට පොඩි අසාදාරනයක් වෙලා කියලා හිතුනා. හැබැයි ඒ අරුනම සමස්තයක් ලෙස ෆිල්ම් එක සිතමා කර්මාන්තය තුල හොඳ මාවතක් පෙන්වන ෆිල්ම් එකක්.
    මම බැලුවෙ හෝල් එකේ නිසා අර හොර කොපි එක හොර එකක්ද නැද්ද කියන්නත් දන්නෙ නෑ. උඹ ඔය කියන දේ වෙන්නත් පුලුවන්. නොවෙන්නත් පුලුවන්. ඒ මොනවා උනත් මන් බලන්නෙ ෆිල්ම් එක විතරයි. දේශපාලනේ නෙවෙයි.
    තමුන්ගෙ මට්ටම් තම්මැට්ටම් කියනවනෙ මල්ලි. :D

    ReplyDelete
  8. චිත්‍රපටියේ විචාරයට සහ දේශපාලන දැක්මට එකඟයි...

    ReplyDelete
  9. දැන් උඹට ඡන්ද බලය තියෙනවද බන්...

    දේශපාලණයෙදි පැත්තක් ගන්න එපා බන්... මොකද කිසිම පැත්තක අවංකවම හොඳයි කියන්න පුළුවන් උන් නෑ... මමත් උඹ වගේම තාත්ත හින්ද කොළ පාට වෙලා හිටපු එකෙක්...

    ReplyDelete
  10. ඇත්ත තමයි ... දේශපාලනයෙදි පැත්තක් ගන්න බෑ.
    උඹ හිතනවද මලයො ... මහින්ද නැතුව [මම එයාට කඩේ යන එකෙක් නෙවෙයි] පොන්සේකා හරි වෙන එකෙක් හරි පත් වෙලා හිටියනම් රටට හරියයි කියල. එහෙනම් ඔයිට හපන් වෙනව බන්. ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ තියෙයි.
    මොකා රජ කළත් අපිටයි කෙළවෙන්නේ. උඹල තාම පොඩියි. ෆිල්ම් එකක් බලල ඕව තේරුම් ගන්න අමාරුයි.

    ReplyDelete
  11. ආ බනිය මල්ලි විචාරයක් ලියලා වගේ..හොඳයි ඈ..අන්න එහෙමයි ඉන්න ඕන...සමහරු ඔය වගේ ඒවා ලියන්නේ ලිංගය හංගගෙන අණ්ඩකෝෂ වලින් සංසර්ගයේ යෙදෙන ආකාරයටනේ...ඒත් උඹ මොනවා උනත් උඹේ දැක්ම කියලා වැඩේ කරලා තියෙන එක ගැන බොහෝමත්ම සතුටුයි...

    අනික ඉතිං උඹේ චන්දේ උඹට ඕන හැටියට උඹ කැමති ඕනම කෙනෙකුට දෙන්න අයිතියක් වගේම ඒ කෙනාගේ හෝ පක්ෂයේ හොඳ දකින්නත් ඒ ගැන කතා කරන්නත් අයිතිය තියෙනවා... ඒක මේ විදියට බය නැතිව පාවිච්චි කිරීම ගැන උඹ ආඩම්බර වෙන්න ඕන.මොනවා නැතත් උඹේ තාත්තා උඹව කෙලින් කතා කරන්න පුළුවන් විදියට හදලා තියෙනවා.

    දැන් ඔය උඹ දැක්ක ටිකම මම අනිත් පැත්තට දැකලා තියෙනවා. මොකද මං ඉපදුනේ 77න් පස්සේ තිබුණ ආණ්ඩුව යටතේ..ඉතිං අපේ තාත්තත් උඹලගේ තාත්තා උඹට පෙන්නුවා වගේ මටත් හුග දේවල් පෙන්නුවා මලේ... ඉතිං අපි දෙන්නම ඒ තාත්තලා පස්සේ ගියාට අපේ වරදක් නැහැ..මොකද උඹලගේ තාත්තා හැම දේම කරන්නෙත් උඹලට කන්න අඳින්න දෙන්නනේ..අපේ තාත්තත් එහෙමම තමා..අර උඹට කැමරාව දක්වාම හැම දේම අරං දීපු කතාව ගැන ඇහුවම තමා මට අපේ තාත්තා ගැන දුක හිතුනේ.. උන්දැට අපිට කැමරා තියා ෆිල්ම් රෝලක්වත් අරං දෙන්න වත්කමක් තිබුනේ නැහැ...81 වර්ජනෙන් පස්සේ රස්සාව නැති වෙලා බොහෝම දුක් විඳපු මනුස්සයෙක් උන්දෑ... මං පුංචි කාලේ හැදුනේ උඹට වගේ සැප සම්පත් ඇතිව නෙවෙයි මලේ.. එහෙම මිනිස්සු කොට්ඨාශයකුත් තව මේ රටේ ඉන්නවා... ඔය උඹ කියන කොළඹ ඉන්න හැම දේම දන්න මිනිස්සුන්ගේ චන්දේට වඩා මේ රටේ බලවත් ඒ ගංවල ඉන්න පුංචි මිනිස්සුන්ගේ චන්දේ තමා තාමත්... උන් මෝඩයෝ කියලවත් අයිටී එන් එක කියන දේම කරේ තියං යනවා කියලවත් හිතන්න එපා...ඒ හැම මිනිහටම උඹටයි උඹේ තාත්තටයි වගේම කියන්න කතාවක් තියෙනවා.. මේ මට වගේම...

    ReplyDelete
  12. Gaamanita udagedi deepu ayage kalkiriyaawa methnin balanda.
    http://youtu.be/tWz367iJeq0

    ReplyDelete
  13. හිතුමතේ ඉතින් ඔන්න එහෙමයි කියලා කිසිම පක්ශයකට නම් ගැති වෙලා නැ.. ගාමණි කියන ‍ෆිල්ම් එකට මම ලකුණු දෙනවානම් ඇත්තටම ඒ මගේ ජිවිතේ අත්දැකිමකට සම්බන්ධ නිසායි.. ඒ කථාව ඔන්න බනි හිතුමතේ බ්ලොග් එකේ.. (තරහ වෙන්න එපා ඇඩ් නෙමේ)

    හිතුමතේ දකින විදිහට නම් මහින්ද ජනාධිපති තුමාවත් ජෙනරාල් සරත් ෆොන්සේකා හිටපු හමුදාපති තුමාවත් විතරක් මේ මේ හැම එකකම ක්‍රෙඩිට් එක යන්නේ නැ.. රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක තුමත් මේ දේ වල් වලට උදව් කලා.. රට රටවල තිබුනු එල්ටිටි හිතවාදින්ව දුර්වල කරන්න ලොකු උදව්වක් උනා කියලා හිතුමතේ හිතනව..

    සමහරවිට මම වැරදිත් ඇති...

    ReplyDelete
  14. මමත් ගාමනී බැලුවේ කිසිම දේසපාලන වින්දනයක් ලබා ගන්න හිතලා නම් නෙවෙයි . අපි පොඩි එකා කාලේ දැක්ක සිදුවීම මතකෙට ගන්නයි මම නම් ඔය චිත්‍රපටිය බැලුවේ .

    අපේ දිහෑ තියන ෆිල්ම් හෝල් එකේ ෆිල්ම් එකක් බලා ගන්න තියන පහසුව මතකෙට ආපු නිසාම මමත් ඔය ෆිල්ම් එක බැලුවේ පරිගණකයට වෙලා තමයි .

    දේසපාලනේ ගැන මම වැඩිය කතා බහ කරන්න යන්නේ නෑ . අන්තිමට කට ඇවිස්සිලා ඕව කොහෙන් කොහෙන් කෙලවර වේවිද කියලා කවුද දන්නේ ?

    සත්තයි !! දේසපාලනේ ගැන කතා කරන්න නම් මම ගූ බයයි

    ReplyDelete
  15. සංතෝසයි. මමත් උඹේ මතයේම සිටින කෙනෙක්මි. ඒ සඳහා උඹ සඳහන් කරඇති කරුනු බොහෝදුරට මටත් බලපා ඇත.

    ReplyDelete
  16. @බනියා - චිත්‍රපටිය බලලා නැති නිසා මොකුත්ම කියන්න බැරුවා , හැබැයි අන්තර්ජාල පිටපත් ගැන දේශපාලන විග්‍රහය නම් බොහොම රස්වත්

    @මාරයා - අයිටීන් එක කරේ තියාගෙන යන ඔය ගංවල ඉන්න ඔක්කොම මිනිස්සු න්ට මාරයාට වගේ දුක්බර කථා නැහැ , ගැටලුව තියෙන්නෙ ඒ මිනිස්සුන්ගෙ නොදැනුවත්කම . තමන්ගේ ගෙදරට පේන අයිටීන් එකේ තියන දේට වඩා පිටින් දෙයක් ඒ සමහරක් අයට ලඟා වෙන්න්නෙම නැති තරම් , අර්ධ නාගරික ප්‍රදේශයක ඉන්න මම ඔය කාරණය පහුගිය ජනාධිපතිවරන කාලේ හොඳට දැක්කා . කොහොම උනත් ඒ ඇයින්ගේ ඡන්දෙයෙන් රටේ නායකයො තීරනය වෙන නිසා තමයි සම්පත් වලින් පිරුණු භූමියක් වෙලත් තාම මකබැවිලා ඉන්නෙ , දවසෙන් දවස ගල් යුගයට යන්නෙ , හණමිටි අදහස් කර පින්නාගෙන ගෝත්‍රවාදය වපුරන එවුන් වැජබෙන්නේ , නිල් කොල බේදයක් නැතුව ඒ අය තෝරන්නේ එකම ජාතියේ බොරු ෂෝ කාරයො සහ තමන්ගේ චින්තනයට ගැලපෙන මිනිස්සු විතරයි , තමන්ට වඩා සිතුවිලි වලින් ඉදිරියෙන් ඉන්න උගත් කමක් තියන අලුත් විදිහට තියන මිනිහෙක් ප්‍රාදේශීය සභාවකට හරි ගියොත් වැරදීමකින් තමයි .

    ReplyDelete
  17. යකෝ අවරුදු ගානක් ITN එකෙන් කරන්න බැරි වෙච්ච වැඩේ පැය කිහිපයක ෆිල්ම් එකකින් කරලනේ. කොළොඹ ඈයෝ ඒ තරම් මෝඩද ?

    ReplyDelete
  18. බනිය කියල තියන විදිහට තවම UNP පාලනයක්, පාලකයෙක් මොන වගේද කියල දන්නේ නැහැ. උබේ වයසේ ඉන්න ගොඩක් එඋන්ට තියන ප්රශ්නයක් තම ඕක. ඔය වයෙසේ කොල්ලෝ කෙල්ලෝ හිතාගන ඉන්නේ මහින්ද කියන්නේ දරුණුම සහ නරකම පාලකයෙක් කියල. 88 89 බීෂණ කලේ තරුණ ජීවිත දහස් ගණනක් නැති උනා. JvP සහ UNP තමා එකට වග කියන්න ඕනේ. අපේ පොඩි මමාවත් අමි එකෙන් නොයෙන ගමනක් අරන් ගියා . ඒ මනුස්සයව අරන් ගියේ ගෙදර රුසියානු සාහිත්ය පරිවර්තන තියාගන හිටිය කියල. ලෙනින්ගේ පොත් වලයි මැක්සිම් ගෝර්කිගේ පොත් වලයි වෙනසක් තියනවා කියල ඒ අරන් ගිය එඋන්ට තේරුනේ නැහැ. ඒ එදා, අද මඩ news site කීපයක් block උනාට උබම කියන විදිහට සෝශල් නෙට්වර්ක් වල වෙන කතා බහා FB, Twitter ඉන්න උදවියට ප්රශ්නයක් නැහැ.

    ඉතින් බනියෝ ගිනි පෙනේල්ලෙන් බැට කාපු එකා කණමැදිරි එළියටත් බයලු. එකා නිසා ෆොන්සේකා චන්දෙ ඉල්ලන්නේ කාත් එක්ක එකතු වෙලාද කිඅල දැන ගත්ත ගමන් මම හිතා ගත්ත යුද්දේ ඉවර කරන්න කියල චන්දයක් දීපු මනුස්සයටම යුද්දේ ඉවර කලාටත් චන්දයක් දෙන්න.

    මොනවා උනත් මම ප්රර්ථනා කරනවා ඊලග චන්දෙන් UNP එක දිනන්න කියල . ඊට පස්සේ එකයි මේකයි වෙනසක් නැහැ කියල බනියලට තෙරුනහම දේශපාලනය ගාව ගන්නේ නැතුව ෆිල්ම් එකක්වත් බලන්න ඇහැකි .

    ReplyDelete
  19. මමත් ඔය ෆිල්ම් එක බලන්න ආසාවෙන් හිටියේ. තම හොයා ගන්න බැරි වුනා. මමනම් ඔය ෆිල්ම් එක බැලුවත් බලන්නේ ෆිල්ම් එකක් බලන මානසිකත්වයෙන් විතරයි.

    දැන් කාලේ රටේ තියෙන වටපිටාව අනුව ගොඩ දෙනෙක් හිතන දෙයක් තමයි මහා රජානෝ ෆොන්සේකාව හිර කරන් ඉන්නේ ඇයි කියලා.
    මටත් එහෙම හිතෙනවා, එයාව ජනපති සමාවකින් නිදහස් කලානම් ගොඩක් වටිනවා.

    බනී මල්ලි ඔයාගේ ඔය කැමතිම කොළ පාටෙන් කරපු මෙන්න මේ දේවල් අමතක නැති මිනිස්සු කොටසකුත් රටේ ඉන්නවා,
    යුද්දේ හරියට කරගෙන යනවා දැකලා ඒක නවත්තන්න "ඩෙන්සිල් කොබ්බෑකඩුව" ඇතුළු පිරිස මරපු හැටි,
    ටයර් සෑයවල් වල මිහිදන් වෙච්ච දහස් ගණන් තරුණ ජීවිත.
    (එතනින් පස්සෙ ආපු කිසිම රජයක් ඒ තරම් මර්ධනයක් අනුගමනය කලේ නැහැ)
    අපේ රටේ තිබුණු යුද්ධය වර්ධනය කිරීමට විවිධාකාරයෙන් සහය දීම

    කොළඹ උන් හිතාගෙන ඉන්නේ ගම්වල ඉන්නේ බයියෝ කියලා. ගම්වල ඉන්න ගොඩක් මිනිස්සු දැන් සැටලයිට් TV එහෙම බලන්නේ.... :)

    ගම් වල මිනිස්සු සරලව ජීවත් වෙන නිසා කොළඹ අයට තරම් ලොකු ප්‍රශ්න නැහැ. තේ, රබර් එහෙම තියෙන මිනිස්සු තමන්ගේම කුඹුරුත් කරගෙන (කිලෝ 50 රූ.350 ට දෙන පෝර ටිකත් කුඹුරට දාගෙන) ඉන්නකොට මේ ඔයාලට දැනෙන ප්‍රශ්න එයාලට දැනෙන්නේ නැතුව ඇති.
    මිනිස්සුන්ගේ අදහස් මහා ලොකුවට වෙනස් කරන්න TV වලට බැහැ. 94 දී පෙරමුණු ආණ්ඩුව දිනපු වෙලාවේ එයාලගේ සහයට කිසිම චැනල් එකක් තිබුනද. රජයේ සහ පුද්ගලික චැනල් ඔක්කොම තිබුනේ කොළ පාටට සහයට. එහෙම වෙලත් කොල පාට චන්දෙ පරාද උනා.

    මමත් මුල්ම චන්ද හතරකදී 2ක් රතු පාටටත්, 2ක් කොළ පාටටත් තමයි දුන්නේ.
    ඒත් අන්තිමට දීපු ජන්දේ ඔය පාට දෙකේම කුළයෙන් බැහැර වෙච්ච නිල් පාටට දුන්නා, ඒක වැරදුනේ නැහැ. යුද්දේ නතර කරන්න මම ගහපු කතිරෙත් දායක වුනා කියන සතුට මට තාමත් තියෙනවා.
    එතනින් පස්සෙ පහුගිය ජන්ද බර ගානක් මට මිස් උනා, ඒ උනත් මම තාම මහින්දට කැමතියි. එයාට වඩා හොඳ කෙනෙක් ඇවිත් තරඟ කරනකන්

    මට කොල පාට ටිකක් එපා වෙන්න ලොකු හේතුවක් උනා "කොල පාටට බඩයන කට්ටිය" අනිත් පාටේ අය කරන කියන හැම දේම වැරදියට දකින එක. ඒකෙන් වෙන්නේ පාවෙන ජන්ද කාරයෝ ඒ මිනිස්සු ගැන අපුලක් ඇති කර ගන්න එක විතරයි.

    ආපහු කොල පාට රජයක් දකින්න ආසනම් විරුද්ධ අයගෙත් හොඳ දේවල් අගයලා, හැමදේකටම පාට ගාවගන්නේ නැතුව.
    වෙනසක් කරන්න පුළුවන් කියලා කෙනෙකුට දැකපු ගමන් හිතෙන නායකයෙකුත්(1994 දී චන්ද්‍රිකා සහ 2005 දී මහින්ද ආවා වගේ) අරගෙන එන්න.
    අන්න එදාට හැමෝම කොල පාට එක්ක ඉඳීවි...
    විකල්පයක් නැතුව නිකන් බොරුවට උඩ පැනල වැඩක් වෙන්නේ නැහැ.

    එහෙම නැතුව මහින්ද රජය කියන ගෙරිහමට උඩදාගෙන තැලුවට වැඩක් වෙන්නෙත් නැහැ, හුරේ කියන්න ඉන්නේ සදා කොල පාට කට්ටිය විතරයි....

    Coppied:
    මට ඔනි ඔනි දේ මේකයි කියලා දෙපාරක් ඇඩුවාම දුක හිතිලා අරන් දීපු තාත්තට මට කැමරාව අරන් දෙන්න විදියක් නැ පුතෙ කිවාම මගේ පපුව හෝස් ගාලා ගියා..
    -------------------------------------------------------
    බනිගේ පරණ පෝස්ට්(ඇඩ්) බැලුවහමනම් මේ කියන කතාව පොඩ්ඩක් පිළිගන්න බැරි තත්ත්වයක් මට තියෙන්නේ.
    ලී මෝල...
    හයිබ්‍රිඩ් කාර් වලට බඩු වැටෙන්නේ නැහැ කියලා හෝර්නට් බයික් පදින්න හදපු හැටි...

    එහෙම වෙන්නනම් බනිය අඩුම ගානේ hasselblad(Rs50Lak) වගේ පුංචි කැමරා එකක් වෙන්න ඇති තාත්තාගෙන් ඉල්ලන්න ඇත්තේ.

    http://www.bhphotovideo.com/c/product/766903-REG/Hasselblad_70490520_H4D_200MS_Digital_Camera.html

    ReplyDelete
  20. @ලොකු පුතා - 94 වෙනකොට තිබුනු වටපිටාව අදට වෙනස් , ප්‍රේමදාස ඇති කරපු අඳුරු යුගය වෙනස් කරන්න ඕනි කියන එක මිනිස්සුන්ගේ ඇඟට දැනිච්ච දෙයක් , 2005 කථාව ගොඩක් වෙනස් මහින්ද මහත්තය දිනුවේ ඡන්ද ලක්ෂ දෙකකටත් අඩුවෙන් , උතුරේ ඡන්ද වැටුනා නම් ? . ගම්වල ඉන්න අය සැටලයිට් දාගෙන වැඩිපුරම බලන්නෙත් අයිටීන් එක (හේතුව අර බුරු මෙගා නාට්‍ය ) , ගෙදර කාන්තා පක්ෂයෙන් බේරිලා පිටරට චැනල් එකක මැච් එකක් බලන එක තමයි සැටලයිට් එකෙන්ගන්න එකම වැඩේ , අනික මේ වෙනකොට නම් අයිටීන් එක සහ අනික් පෞද්ගලික මාධ්‍ය අතර තියෙන්නෙ චූටි වෙනසක් , කඩේ යාම සහ කැත නැතුව කඩේ යාම !

    ReplyDelete
  21. @ලොකු පුතා:
    hybrid කාර් එක මගේ නමටවත් මට වත් නෙවේ ගත්තෙ, ඒක අපේ පවුලේ වාහනේ,, තාත්තාට අවු ගානක ඉදන් තිබ්බ ආසාවක් .. නැතිව මට කෙල්ලො දාගන්න ඔනී කමට අරන් දුන්නා නෙවේ.. සාමාන්‍ය මනුස්සයෙක් වාහනයක් ගන්නවා වගේම ලීසිං එකකුත් දාලමයි ගත්තෙ.. ඔයා හිතන් ඉන්න විදියට මං කෝටිපතියෙක් විදියට හැසිරෙනවා නම් ඒ වැරදිලා.. කවදාවත් මට දේපල පෙන්නලා කෙල්ලො යාලුකර ගන්න ඔනි නැහැ.. මේ බ්ලොග් ලියන, ගොඩක් අය මාව දැකලා ඇති.. මාව පුද්ගලිකව හොදටම දන්න අයත් ඇති.. එඑ ඔනි කෙනෙක්ගෙන් අහන්න මං අර කියන විදියට සල්ලි කාර තාත්තලාගෙ නාස්තිකාර පුතෙක් විදියට හැසිරිලා තියෙනවද කියලා.. :)
    ඇත්තම කීවොත් මං ඉල්ලුවේ Canon 60D කැමරාවක්.. ලක්ශ 1.75 වගේ ගානක් වෙන්නෙ.. ඔය කාර් එක ගන්න කලින් ඉදන්මයි මං කැමරාව ඉල්ල ඉල්ල හිටියෙ..බොරු ඔනි නැ අර ලිංක් එකේ තියෙන කැමරාව දැක්කෙ අදමයි :-)
    මං ජිවිතේ ලොකු ගොන් කමක් කරගත්තා මේ බ්ලොග් එකේ මං කරන්නෙ මොනාද රස්සාව ගැන අනම් මනම් ලීවා.. මං ඒකෙ දෙවැනි පෝස්ට් එක දාන්නෙ නැත්තෙත් ඔන්න ඔය හිතාගෙන ඉන්න විදිය හින්දමයි :)
    ඔය ලොකු සල්ලි කාරයෝ වගේ මං හැසිරිලා නැ, මටයැ කියලා මෝටසයිකලයක් නැ, හොනට් බයික් එකක් මං අල්ලලවත් නැ.. මං තාමත් පුට්සයිකලෙන්, පයින් යන මනුස්සයෙක්..!!

    @all
    මට මේකෙ දෙයක් ලියන්න බැරි උනා.. ඒක කරගත්ත ලොකුම ගොන් කම, මට ඡංද බලය තිබුනත් මං පලමු ඡංදයවත් දුන්නෙ නැ.. මුල්ම දවසේ මං බයෙන් උන්නෙ තාත්තාගෙන් හැම තිස්සෙම තට්ටු කර කර ඇහුවා තාත්තෙ මං ඡංදේ දාන්න ඔනිමද කියලා.. තාත්තා එකම දෙයයි කිවේ ලොකු පුතේ උඹ ඔය ඡංදේ දැම්මත් එකයි නැතත් එකයි.. එක දේශපාලුවෙක්ගෙ පස්සෙන් ගිහින් වැද වැටෙන්න නම් එපා කියලා..
    මට දේශපාලකයෙක් ගෙන් උදව් ඔනි නැත්නම් මං මොකටද ඡංදේ දීලා උංගේ බඩවල් පුරවන්නෙ ?
    මේ මිනිස්සු හුගක් දෙනෙක් කතා කරන්නෙ අර දේශපාලුවෝ ටික විදින සැප ඒ මිනිස්සුන්ටත් නොවඩුවම ලැබෙනවා කියලා හිතන්..
    අනේ මංදා.. !!

    ReplyDelete
  22. බනී මල්ලි මොකද කමෙන්ට් මකලා?
    කෝ අර ජනක කියන කෙනා දාපු කමෙන්ට්.එයින් එකක් පේනවානං අනිකත් පේන්න ඕනිනේ.ඒ කියන්නේ ස්පෑම් වෙලා වෙන්න බැහැ.ඇයි මල්ලි විරුද්ධ මතවාද උහුලන්න අමාරුද?තව ටිකකින් ඔය ලොකු පුතාගේ එකත් මකයි නේද?
    ඕක තමා මල්ලි UNP අනුගාමිකයින්ගේ ලක්ෂණය.ගණන් ගන්න එපා.ඔයා කියන කතා දැක්කම ඔයාගේ බොළඳකම තේරුම් ගන්න පුළුවන්.ඒක ප්‍රශ්නයක් නෙවී.එහෙම බොළඳ කොල්ලෙක් මෙහෙම හිතන එකත් ලියන එකත් අරුමයක් නෙවෙයි.ලංකාවේ දේසපාලනේ ලී මුදලාලිගෙන් ඉගෙන ගන්න කලින් පාරට බැහැලා රවුමක් ගහලා බලන්න එතකොට තේරෙයි උඹලා වගේ සැප කුක්කන්ට කැමරා අරන් දෙන්න බැරි උනාට අහිංසක දුප්පත් අම්මලගේ තාත්තලගේ දරුවෝ දැන් තමා කාලා බීලා ටිකක් හරි සංතෝසෙන් ඉන්නේ කියලා.

    ReplyDelete
  23. @Anonymous මං ඔය කතාවට නම් සම්පුර්ණයෙන්ම විරුද්දයි. මං කියලා නැ මං UNP අනුගාමිකයෙක් කියලා.. පෝස්ට් එක හරියට කියවලා ඉන්න ඉස්සෙල්ලා..

    මං මේච්චර කාලෙකට කමෙන්ට් දෙකයි මකලා තියෙන්නෙ.. ඒ ඔහේ වගේ කොන්ද පන නැති එකෙක් දාපු ඇනොනිමස් කමෙන්ට‍ දෙකක් විතරයි..!!
    ඔය ජනක කියන කෙනාගේ කමෙන්ට් එක මට ඊමෙල් එකට ඇවිල්ලා තියෙනවා.. ස්පැම් උනාද කියලා බලන්නම්....!!

    ReplyDelete
  24. ඔන්න "ජනක" කියන කෙනාගේ කමෙන්ට් වලට මොකද උනේ කියලා බලන්න.. :)

    http://i.imgur.com/OvcLb.png

    ReplyDelete
  25. මනී බල්ලි,

    35mm රීල්‍ එකේ තියෙන චිත්‍රපටිය දැන් එවෙලෙම DVD එකටත් ට්‍රාන්සර් කරගන්නවා ලේසියට. මේක කරන්නේ පස්සෙකාලෙක DVD එක අවුට් කරනකොට ගන්න. මොකද FILM එක DVD එකට ගන්න එක ටිකක් අමාරු වෙලාව යන ලොකු උපකරණ ඕන වෙන වැඩකි. ඕක දෙපාරක් කරන්න සංස්කරණ මැදිරිගන්න එක අමාරුවැඩක් නේ. එත් ඉතින් මේ කොපිය පරිස්සම් කරගත්තෙ නැත්තම් සොරි.

    කාට උනත් ඉතින් පෙන් එකකට ගියොත් ඉවරයි. ඒත් ඉතින් යනවා. කරන්න දෙයක්නෑ. ඹබර වලල්ල පෙන්නනකොට අතුල ලියනගේ අතෙත් DVD එක තිබුනා. එත් කොච්චර පරිස්සමින් තියාගත්තත් කොහොම හරි කොපිය ගහලා ඉන්නටනෙට් එකටත් ඒක ආවානේ. මහන්සි‍‍යේ හැටියට එක අසාධාරණ වැඩක්.අඩුගානේ DVD රිලීස් එක එනකං වත් කොපි නොකර ති‍යාගන්න වෙනවා. ඕක තමයි වැඩේ..

    ReplyDelete
  26. මම ගිය අව්රුද්දෙ හා හා පුරා කියල චන්දෙ දාද්දී මගේ තාත්තා මගේ ළග හිටියේ නැහැ, එත් මම දෙයක් විශ්වාස කළා.එයා හැමදාම හිටියේ කොළ පක්ෂේ.. ජීවිතේ මම වැඩියෙන්ම ගරු කරන පුද්ගලයා මගේ තාත්තා නිසා මම කොළ පක්ෂෙට තමයි මුල්ම චන්දෙ දුන්නේ. එත් ඒ පක්ෂේ පැරදුනා ම මම අම්මගෙන් ඇහුවා ඇයි අම්මේ මං පැරදුනේ කියලා.. අම්මා කියුවා පුතේ ඔයාවත් තාත්තා වත් පරාද නැහැ. මේ රටේ නීතිය කියන දේ ශක්තිමත් උණු දාට ඔයාල දිනනවා කියලා කියුවා. ගාමිණී චිත්‍රපටය මම බලලා නැහැ. එක බලලම මම මේකට ආපහු පොස්ට් එකක් දාන්න එන්නම්.

    ReplyDelete
  27. අපේ මහරජාට ජය වේවා...

    අපේ මහරජාට ජයාවේවා....

    ෆොන්සේකා.. භංගවේවා...

    ReplyDelete
  28. මහා රජාගේ එකාදිපති පාලනයට මාගේ විරෝදය :/

    ReplyDelete
  29. මම ඡන්දේ දාන්නේ නැත. දේශපාලනේ මට තිත්තය.

    දේසපාලුවෝ පඩි ගන්නේ අපේ සල්ලි වලිනි.
    දේසපාලුවෝ පාරවල් බිල්ඩින් ආදිය හදන්නේ අපේ සල්ලිවලිනි
    ඉන්පසු අහවල් පාරට කෝටි මෙච්චරයි, අහවල් බිල්ඩිමට මෙච්චරයි කියා පොර ටෝක් දෙන්නේ අපිටය. හරියට උංගේ සල්ලිවලින් හැදුවා වගේය.

    හොඳම එක ඒක නෙමේය
    හදපු අටමගලය විවෘත කරන දා අපේ සල්ලි වලින්ම ගැසූ ස්ටේජ් එකකට නැග අපේම සල්ලිවලින් සූදානම් කරන ලද සංග්‍රහයත් බුක්ති විඳ අනතුරුව අපේ සල්ලිවලින් පඩි ගත් දේසපාලුවෝ අපේ සල්ලිවලින් සෑදූ ඉදිකිරීම ගැන අව්වේ හිටගන කතාව අසාගන සිටින (සියලු දේට සල්ලි වියදම් කල) අපටම පොර ටෝක් දෙති....

    ReplyDelete
  30. 77-94-2008 නෙමෙ මේ 2011 ඇවිත් තියෙන්නෙ..
    එදා උන්නු උණ් වෙනස් වෙලා..
    අද තියෙන උලව් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක්වත් වෙන කෙංගෙඩියක්වත් නෑ..තිෙයන්න රාජපස්ස අන විතරයි...
    මොන බම්බුව කතාකරන්න ගියත් අර පරණ 89-83-94 වගේ අවුරුදු අදින්නෙ මොන කෙහෙම්මලකටද කියල මට තේරෙන්නෙ නෑ...
    දැං ඔය කලිං යූ ඇන්පී කාරයොන්ගෙන් බාගයක් ආන්ඩුවෙ හග්ගෙඩි කෑලිත් ආන්ඩුවෙ...
    මෙතනදි අනේ අපේ අප්පා කොල..අපිට 89දි තුවාල උනා කියල ඉඳල වැඩක් නෑ...
    මැරුණු ඉතිහාසෙ නැතුව සරල වරථමානයෙන් හිතන්න ඕනි..
    එදා මහින්ද කොයි තරම් වලිකාල යුද්දෙ දින්නත් එතනින් එහාට රට ගෙනියන්න එයාට බෑ කියල ඕනි සුට්ටං බබෙකුට තේරෙනව...
    එහෙව් එකා චන්දෙ ඉල්ලනකොට අර බනිය පුතා වෙච්ච නිසා ඉල්ලන ඉල්ලන කැමර් අරන් මූ නරක් කරන තාත්ත වගේ මිනිස්සුත් මහින්දටම චන්දෙ දෙන එක වැරදියි..
    දෙන්න වෙන එකෙක් නැත්තං අර ටැක්ටර් කුඩ මේස වලං පොත් කන්නාඩ් ලාම්පු කලගෙඩි පිහි කොම්පියුටර් වගේ මාක් ගොඩක් තියෙන්නෙ??
    යුද්දෙ කාලෙ යුද්දෙට හරියන එකා දිනවන එක හරි කියමු..යුද්දෙ ඉවරවෙලා යුද්දෙට හරියන එකා සිලෙක්ට් කරනව කියන්නෙ ...බඩ යෑම තියෙනකොට බඩ යන්න බෙහෙත් බොනව වගේ වැඩක්...

    ReplyDelete
  31. බනී,
    මම උඹට නාස්තිකාර පුත්‍රයෙක් කියල හංවඩු ගැහුවා නෙමෙයි
    ඇත්තටම මම උඹ ගැන දන්නේ උඹ ලියල තිබුන දේවල් වලින් විතරයි
    ඒක අතෑරලා දාපන්,
    උඹට 60D එකක් ගන්න ඕනෙනං 1.75 ක් දීලා ගන්න එපා
    රට ඉඳල එන අය ඕනේ තරම් ඉන්නවනේ මේ බ්ලොග් අවකාශයේම, ඒ කාට හරි කියල හරි වෙන යාළුවෙකුට හරි කියල ගෙන්න ගන්න බලපන් පුළුවන් වෙච්ච දවසක
    ජපානේ 60D(Body) එකේ ගාන 94,000/- යි, ඇමරිකාවේ 99,830/- ක් වෙන්නේ(අද දවසේ මිළගණන්)
    අනිත් රටවල් වලත් මේ වගේම තමයි, ගොඩක්ම වැඩි නැහැ

    ReplyDelete
  32. @amila chathuranga said...

    //යුද්දෙ කාලෙ යුද්දෙට හරියන එකා දිනවන එක හරි කියමු..යුද්දෙ ඉවරවෙලා යුද්දෙට හරියන එකා සිලෙක්ට් කරනව කියන්නෙ ...බඩ යෑම තියෙනකොට බඩ යන්න බෙහෙත් බොනව වගේ වැඩක්... //

    උබ හරියටම හරි මචන්. එක තමා අවුරුදු 40 ක යුද ඉතිහාසයක් තියන ජෙනරාල්ට චන්දෙ නොදී අවුරුදු 40 ක් දේශපාලනේ කරලා, අමාත්‍යංශ කීපයක ඉදල රට කරවන්න තරම් පරිනිත වෙච්ච මහින්දට මම චන්දෙ දුන්නේ.

    //එදා මහින්ද කොයි තරම් වලිකාල යුද්දෙ දින්නත් එතනින් එහාට රට ගෙනියන්න එයාට බෑ කියල ඕනි සුට්ටං බබෙකුට තේරෙනව...//

    උබ කියන්නේ, ජනාදිපති වරනේ මාද්‍ය සකච්චවලදී මාද්‍ය වේදියෙක් රටේ ප්‍රශ්නයක් , නැත්නම් අමාත්‍යංශයක ප්‍රශ්නයක් අහපු වෙලාවට වටපිට බලල, ලග ඉන්න කෙනෙක්ගෙන් අහල එහෙමත් නැත්නම් දන්නා කෙනෙක්ගෙන් අහල කියන්නම් කියපු ෆොන්සේකාට රට ගෙනියන්න බෑ කියල සුට්ටන් බට්ටන්ට තේරෙන්නේ නැහැ කියලද ? යකෝ එහෙනම් අර දෙරණේ 360 ට ඇවිත් චා වෙච්ච පබාටත් පුළුවන්නේ රට කරවන්න.

    ReplyDelete
  33. ෆිල්ම් එක ගැන මොකුත් නොකියා ඉන්නම් මන්...එත් මේ ටික සම්පූර්න ඇත්ත...
    "යුද්දයෙන් අඩපු මිනිස්සු තාම අඩනවා.. ඒ බඩගින්නට.. අඩනවා නෙවේ ඇඩෙනවා.."

    ReplyDelete
  34. ඕක මරු ‍ෆිල්ම් එක...ඕක තිරගත කරපු දවසෙම වාගේ තම අනතර්ජාලයට මුදා හැරලා තියේන්නේ...මම ත් ‍ෆිල්ම් හෝල් ගානේ යන්නේ නැතිව ගෙදර ඉදලම බැලුවා ඕන්...කැම් කොපි නෙවේ..ඔරිජිනල් කොපියක්..ටොරෙන්ට්ස් ෆයිල් එකක් විදිහට තමා තිබ්බේ...ඕක එලියට දාන්න ඇත්තේ සමහර විට මෙහෙම හේතුවක් නිසා වෙන්න ඕනේ..ඕක හදපු දවසේ ඉදලා කියන්නේ හැමෝම නැරබිය යුතුම ‍ෆිල්ම් එකක් කියලා..බලකර ලාමනේ කියන්නේ...ඉතින් දැන් ඔහොම කිව්වට හැමෝම යන්නේ නෑනේ ‍ෆිල්ම් හෝල් ගානේ රස්තියාදු වෙන්න..ඒ නිසා හැමෝටම ගෙදර ඉදන් බලන්න පුලුවන් වෙන්න තමා මේ විදිහට කරලා තියෙන්නේ..අනික සී.ඩී ගහලා විකුනලත් තියෙනවානේ...මම කියන එක ඇත්ත වෙන්න බැරිද යාලුවනේ???????

    ReplyDelete
  35. This comment has been removed by the author.

    ReplyDelete
  36. බනියගෙ එක කතාවක්නම් සහතික ඇත්ත. තාම සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා කියන්නෙ මිනිස්සුන්ගෙ හිතෙන් මකල දාන්න බැරි චරිතයක්. ඡන්ද බලය හම්බෙලා අවුරුදු 20කට විතර පස්සෙ අපේ බාප්ප දාපු එකම ඡන්දෙත් එතුමාටම තමයි. අවුරුදු විසිගානක් ගාටවත් නොගිය ඡන්ද ගන්නව කියන්නෙ එයාට මිනිස්සුන්ගෙ තියන ගවුරවය පේනවනෙ.

    මාත් කාලයක් තාත්තගෙ බලය ජවය අරං අලිය වෙනුවෙන් කෑගැහුව. හැබැයි දැන් තීරණය කවදාවත් දිනන් නැති පක්ෂෙකට ඡන්දෙ දෙනව කියන එක. (ස්වාධීන කණ්ඩායම් වගේ) සේරම උන් එකයි.

    ReplyDelete
  37. කුළුදුල් නිර්මාණය වශයෙන් උත්සහය අගය කරන්න ඕනේ. ඒත් ජාතිවාදය ඉස්මතු කරන්න උත්සහ කිරීමක් ඒ චිත්‍රපටියෙන් මතු වෙනවා කියන එක තමා මගේ අදහස. ඒ නිසා බුවාගේ අදහසට මාත් එකඟයි

    මේ වගේ පශ්චාත් යුධ කාලීන සමාජයකට අවශ්‍ය වන්නේ යුධ කාල සීමාවල සිදුවුනු දෑ පෙන්වන චිත්‍රපටිවලට වඩා සංහිදියාව පෙන්වන චිත්‍රපට.

    ඒ අතින් බලද්දී පශ්චාත් යුධ කාලයේ නිර්මාණය වුණු 'ඉර හඳ යට, ගාමනී' චිත්‍රපට දෙකම ඒ කාර්යයෙන් එතරම් සාර්ථක බවක් පෙන්වන්නේ නැහැ

    "මේ තමා අත්තම්මගේ පෙට්ටගම බ්ලොග් අඩවියේ ගාමනී ගැන තිබුණු පෝස්ට් එකට මම දාපු කමෙන්ට් එක. මේකටත් අදාල කරගන්න පුලුවන්"

    ReplyDelete
  38. තමෙ මේක බලන්න උනේ නෑ. මමත් කපන කොටන දේටල් වලට කැමති නෑ. ඒ නිසයි මම බයෝ වලට කොච්චර ආස උනත් මැත්ස් කරන්නේ..

    ReplyDelete
  39. Bunnya...,
    CBK dinaddi, Mahiyangane ewun witarak UNP 1ta dunneth oya kiyana hethu hindamada?
    Waradi nam mawa niwaradi karapan.

    Thanks for your post.

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.