Tuesday, February 9, 2010

Fedora හි තිරය මත සිදුකරන දේවල් රෙකෝඩ් කරගමු .!

            මෙන්න බනීට තවත් එළම එළ මෘදුකාංගයක් හම්බුනා. මේකෙන් පුලුවන් ඔයාලගෙ කම්පියුටර් එකේ තිරය මත පේන දෙවල් රෙකෝඩ් කරගන්න. මේකේ විශේෂත්වය තමයි සම්පුර්ණයෙන්ම නොමිලේ ඒ කියන්නෙ මේක GPL (GPL-General Public License) ඉතින් කිසි අවුලක් නැ ඔයාට. අනික මේක බොහොම කුඩා මෘදුකාංගයක්. (463 kb ) :D  
ඉතින් මේක පාවිච්චි කරලා ඔයාට එක එක වැඩ කරගන්න පුලුවන්. ඔන්නම් මොනව හරි මෘදුකාංගයක් ගැන පාඩමක් වගේ කරන්න පුලුවන්.

                                හරි හරි අපි මේක install කාරා ගාමුකෝ මුලින්ම.
ඔයා  Terminal  එක අරගෙන එකේ ඔය රතු පාට කල කොටස්  ටයිප් කරන්න


[anushka@Bunny ~]$ su -
Password:******

[root@Bunny ~]# yum install gtk-recordmydesktop


මම දන්න තරමින් මේක Ubuntu මත වැඩ කරනවා. 
එකට මේක දෙන්න

sudo apt-get install gtk-recordmydesktop

(Ubuntu පාවිච්චි කරන කෙනෙක් මේක කරලා බලලා කියන්න වැඩද කියලා හොදේ)


දැන් ඔක්කොම හරි ඊලගට මෙන්න මේකට යන්න..
          
                  Applications > Sound & > Video > gtk-recordMydesktop

ඉලගට මෙන්න මෙහෙම එකක් ඒවී..
 

මේකේන්  පුලුවන් දැන් ඔයාට ඔන දෙවල් රේකෝර්ඩ් කරගන්න. එකට කරන්න ඔන මේකේ තියෙන ඔය Record කියන බොත්තම ඔබන එක විතරයි. ඊට පස්සෙ ඔය තිරය නැති වෙලා යනවා ඔන්න දැන් රෙකෝඩ් වෙනවා.. දැන් ඉතින් මේක නවත්වන්නත් ඔනනෙ.  ඒකට කරන් ඔන ඔයාගේ උඩ තියෙන panel එකේ බලන්න පොඩි Button  එකක් ඇති. අන්න එක උඩ click කරන්


ඊලගට මෙන්න මෙහෙම එකක් ඇවිත් නැති වෙලා යාවී..


 ඊලගට එන එකෙන්   කැමති තැනකට Save කරගන්න.. 
ඔන්න දැන් ඔක්කොම හරි.. දැන් බලන්න සේව් කරපු තැන විඩියෝ එක තියෙනවද කියලා :)


මේකේ තව වැඩක් තියෙනවා. මෙන්න මේ පහල තියෙන කොටසේ මවුස් පොයින්ටර් එක තියලා පහලට අදින්න(මෙතන නෙවේ හොදේ ඔයාගේ මෘදුකාංගයෙ) එතකොට රතු පටින් ඇදේවි.

අන්න දැන් බලන්න රෙකෝඩ් කරලා. මොකද වෙලා තියෙන්නෙ ? ඔයා අර ඇදපු කොටස විතරයි රෙකෝර්ඩ් වෙන්නෙ. 
මේකේ  Advanced කියන කොටසින්  වෙනස්කම් කිපයක් කරගන් පුලුවන්. ඉතින් ඔයාලම අත්හදා බලන්නකෝ...

කොහොමද මේක නියමයි නේද ?
ඉතින් මේ ගැන මොනවහරි කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා හොදේ....
ගියපාරනම් කවුද හොද හාවෙක් මට බැනලා තිබ්බා මම අනුන්ගෙ ඒවා කොපි කරලා දානවා කියලා. ඉතින් මගේ මේ බලොග්  එක බලන ඔයාල දන්නවනෙ මම අනුන්ගෙන් කොපිකරලද නැද්ද කියලා.  ඉතින් මමනම් එවගෙන් සැලෙන්නෙ නෑ :) . හැමදාමත් ඔයාලට වටිනා දෙයක් දෙන්න තමා මම උත්සාහ කරන්නෙ.  අයෙමත් මේ වගේ දෙයක් ලැබුනොත් ඔයාලට අනිවා කියනවා... :) 
  
                        ඉතින් අදට අයුබෝවන්!

                                                                                                Bunny !


..