Showing posts with label අයියාගේ කතා. Show all posts
Showing posts with label අයියාගේ කතා. Show all posts

Thursday, March 22, 2012

පාවෙන රුපියල

ද බනියයි, අයියයි.. අයියා කිවේ මස්සිනා.. අපි දෙන්නා ගියා අද හවස computer බඩු තියෙන කඩේකට usb වයර් එකක් ගන්ඩ.. අර ඩොංගල් එක එහෙම ගහලා ජනෙලෙන් එළියට දාන්ඩ පුලුවන් ජාතියෙ වයර් එකක් ගන්න :D
ඉතිං ඕක අරන් එන ගමන් මං නිකමට ඇහුවා..

අයියේ.. අයියා ව්‍යාපාරිකයෙක් විදියට, අද රටේ මේ රුපියල පාවෙනවා කියන කතන්දරය ගැන මොකද හිතන්නෙ ? ඒකෙන් අයියට වෙන පාඩුව කොහොමද..?

අයියා : ඔව් ඇත්තටම මල්ලි කාලයකින් අහපු හොද ප්‍රශ්ණයක්.. ඕක පා උනා කියල මට ගැටලුවක් නැනෙ.. මොකද මං රුපියලේ කාසි වැඩි හරියක් භාවිතා කරන්නැනෙ.. අපි කොළ තමා පාවිච්චි කරන්නෙ.. ඉතිං මට ඕක පාවුනාට කිසි ගැටලුවක් නැහැ..
අනික ඔයාට කියන්න මල්ලි.. ඕක කවදාවත් වෙන්න බැරි වැඩක්නේ.. රුපියල කොහොමද පාවෙන්නෙ මල්ලි ? රුපියල කියන්නෙ බර දෙයක්නේ.. ඕක පාවෙන්නැනේ..?
නමුත් මේ රජයෙන් පොඩි මරිසි වැඩක් කලා.. රුපියලේ ඝණකම ටිකක් අඩු කලා.. අන්න ඒ කාසිය නම් ලොකු හුළගකට පාවෙන්න බැරි නැහැ..!!


මම : ඔව් ඇත්තටම අයියේ ඒ උත්තරය නිසා මට අයියාගෙ අධ්‍යාපනික මට්ටම ගැන හුගක් පැහැදීමකට ලක් උනා..

අයියා : ඒකනෙ මල්ලි.. මේ කාලින මාතෘකාව ගැන තව මොනාද දැන ගන්ඩොන ?


මම : නැ තව කිසි දෙයක් නැ අයියෙ.. ඕක තමා මට තිබ්බ ලොකුම ගැටලුව.. දැන් කිසි බයක් නැ..

අයියා: ඒකනෙ මල්ලි.. මල්ලිට කියන්නෙ මං ඒ කාලේ ෆැකලට්ටි ගියානේ..


මම : කොහෙද ?

අයියා : බලාගෙන මල්ලි ඉස්සරහා වංගුවක්...  පේරා පේරා..

මම: ආ අහ් පේරා පැකල්ටි ගියාද අයියා ?


අයියා : නැනැ මං කිවේ ෆැකල්ටිය ඇතුලට යන්න දුන්නෙ නැ මොකද ඒකෙ ගෙට්ටු දාලා තිබ්බානේ..
මං ගියේ ෆැකල්ටි ඒක ඉස්සරහා තිබ්බ කඩේට.. තේ එකක් එහෙම බොන්ඩ..

මම : ආ අහ්..

අයියා : ඉතිං මල්ලි මං කල්පනා කරන්නෙ.. ෆැකල්ටි එක ඉස්සරහාට ගිහින් ඔහොම දැනුමක් ලැබුනා නම්.. ඇතුලට ගියා නම් මොනවයින් මොනවා වෙයිද..??


ද බනී෴



පාලි : අද උදේ ලියන්න ගත්තෙ වෙන දෙයක් ගැන.. එත් කලබලේ මේක ලියලා දැම්මා.. මට මේක අහද්දි හිනා ගියා.. ඉතිං හිනා යයි කියලා හිතනවා.. හිනා ගියෙ නැතොත් කිචි කවාගන්ඩ ඇ :D


සිරිපාද ගමන හා එහි සිදුවෙන අකටයුතුකම් ගැන පොස්ට් එක බලාපොරොත්තු වන්ඩ..!!

Tuesday, January 17, 2012

හොරු ඇල්ලීමෙ මන්තරය..

    එකල සුංදර ගමක් ඌ තෙල්දෙණිය ගැන තාත්තා කියද්දි මට මතක් වෙන්නෙ ලස්සනට උස ගස්වල දම් පාට මල් පිපිලා, ඒ මල් පාර පුරාම වැටිලා ලස්සන රෙදි පාපිස්සක් වගේ, රූස්ස අතු මුලු නගරයම හෙවන කරනවා සිසිල් කරනවා.. තාත්තා කියන විට මට ඒක දැනෙන විදිය මේ බ්ලොග් එකේ අකුරු කරන්න මට තේරෙන්නෙ නැ.. ඒ තරම්ම සුංදරත්වයක් ඒ නගරයේ තිබිලා තියෙනවා.. ඒ මල් පාපිසි උඩින් සිසිල් සුවය විදිමින් යන්න අපි පිංකරලා නැති හැටි.. 
                  සම්පත්  අතින් ඉහලම අගයක ඒ නගරෙ මිනිස්සු ඉදලා තියෙනවා..ඒ වගේම සහෝදරත්වය.. දෙමල සිංහල කිසිම භේදයක් තිබිලා නැ..  හැමදාම උදේ ඉදන් රැ වෙනකම් එහා මෙහා දුවන මිනිස්සු කිසිම කම්මැලි කමක් නැතිව තම තමන්ගෙ රාජකාරි කරගන්න පුලුවන් වටපිටාවක් තිබිලා තියෙනවා..
පිරිසිදු හුලං, මල් පිපිච්ච ගහ කොල.. කුරුල්ලො.. සත්තු.. මට මැවිලා පේනවා..
ඉතිං මේ කතාවත් ඒ නගරෙ කොණක සිද්ද වෙච්චි කතාවක්

වර්ශය: මතක නැ
ගම:  නුවර,තෙල්දෙණිය..
ස්ථාණය: වික්ටෝරියා ඩෑම් එක හදන හරිය..
        අපේ තාත්තා ගෙදරින් ගිහින් නුවර පදිංචි වෙලා තියෙන්නෙ ඔය තෙල්දෙණිය කියන ගමේ.. වැඩි කලක් යන්න මත්තෙන් යාලුවො රොත්තක් තාත්තාට ඉදලා තියෙනවා. තාත්තා ජිවත් වෙන්න කරලා තියෙන්නෙ ලී වෙළදාමම තමා..
ඒ කාලෙ තාත්තා ලග සේවකයෝ 80 විතර වැඩ කරාලු.. වික්ටොරියා ජලාශෙ හදන නිසා ගොඩක් වැඩ තිබිලා.. ඒ ප්‍රජෙක්ට්‍ එකට කැපෙන ගස් අයින් කරන වැඩ එහෙම..
ඉතිං ලොකු ලී මඩුවක් තිබිලා තියෙනවා.. දවසක් උදේ තාත්තා නැගිටිලා බලද්දි ලොකු කොස් ලෑල්ලක් අඩුයිලු..
දැනට උනත් තාත්තාට මරු මතකයක් තියෙනවා, දෙයක් තිබ්බෙ කොතැනද ඒක හරියටම මතකයි.. ඉතිං තරුණකාලෙ ඕක මහ කජ්ජක්ද
තාත්තා ඒකාලෙ උන්න විශ්වාශම ගෝලයා උණු සිරිපාලට කතා කරාල...

තාත්තා: සිරි පාල කෝ මෙතැන තිබ්බ කොස් ලෑල්ල ?
සිරිපාල: අනේ දන්නැ ගාලු (තාත්තාට ඒ කාලෙ හැමොම කීයලා තිබ්බෙ ගාලු කියලා, ඒ ගාල්ලෙන් ආපු නිසා)
තාත්තා: වෙන්න බැහැනේ.. මට හොදටම මතකයි මෙතැන ලෑල්ලක් තිබ්බා කියලා..
සිරිපාල: ඉතින් කවුද ඕක ගත්තෙ?
තාත්තා: ම්ම් මම දන්නෙත් නැහැ.. බලමු අපි අල්ලගමු හොරා.. උඹ ඕක කාටවත් කියන්නෙ එහෙම නෑ ඕං..!
සිරිපාල: එහෙමයි..

ඉතිං තාත්තා කල්පනා කරාලු හොරා අල්ල ගන්න විදියක්.. ටිකක් දවල් වෙලා සිරිපාලට කතා කරලා කිවාලු, හවසට ඔය වැඩ කරන හැමෝම වගේ සෙට් වෙන කඩ මංඩියට ගිහින්, හීං අඩියක් ගහලා ඉන්න කියලා.. ඒ වගෙම කරන්න ඔනී දේත් කිවාලු.. මූත් බොස් කියපු දෙනේ.. හරි බොස් කියලා සිරිපාල අඩිය ගහන තැනට ගිහින්..
ඔන්න දැන් හවස් වෙලා.. කට්ටියම හීනියට අඩියක් ගහන්න අරං...

තාත්තා ඔතැනට ඇවිත්..
       සිරිපාල..තමුසෙ මොකද මෙතැන කරන්නෙ ? කෝ මම කීව ඉරටු 3 සුද්ද කරලා තෙල් ගෑවද ?
ඔහොම බීලා ඉන්න උන් එක්ක මේ මතුරන වැඩ කරන්න බැ මනුස්සයෝ.. පොඩ්ඩක් පේ වෙලා කරන්න ඔනි.. මුං දන්නැ මයේ හැටි.. මම ඔය හොරාව ලේසියෙන් යවන්නැ.. ඔන්න බලපංකො අද හවස වෙද්දි.. ඕකා කටින් ලේ දාගෙන ගම වටේම ගිහින් තමා ඔය කොස් ලෑල්ල අරන් එන්නෙ...! මුං දන්නෙ නැ ගාල්ලෙ උංගෙ හැටි..!!
එහෙම කියලා තාත්තා එන්න ඇවිත්.. පැයක් යන්න කලිං ඔන්න වැඩ කරන එකෙක් එනවාලු ඔලුව කහ කහ..
අනේ මුදලාලි.. අර වැඩේ කරන්න එපා.. මමයි ලෑල්ල ගත්තෙ.. මම ආයෙ ඒක ගෙනැල්ලා තියන්නම්.. අනේ මුදලාලි.. වදින්නම්.. මතුරන්න නම් එපා..

තාත්තටත් ඉතින් හරි සතුටුයි.. වැඩේ හරි ගියානේ.. ඉතිං සමාව දීලා.. ඔය ලෑල්ල නැති උන එක ලොකු පාඩුවක් නොවුනත්.. අනික් උන් කරන එක නවත්තන්නයි තාත්තට ඔනි වෙලා තිබිලා තියෙන්නෙ..

බාප්පා කියපු විදියට නම් තාත්තා ලග ඉදලා තියෙන්නෙ  ලෝක අංඩපාලයෝ ටිකක්.. ඒත් ඔය සීමාවේ හොරකමක් නම් වෙලා නැහැ කවදාවත්.. ඒ වගේම උන් තාත්තාට පන දෙන්න උනත් ඉදලා තියෙන්නෙ.. තාත්තාගෙ කකුල කැඩිලා ඉන්න වෙලාවේ අතට පයට එක එක මිනිස්සු උදව් කරලා.. අපේ මස්සිනා.. නැත්නම් අපේ ලොකු අක්කාගෙ මහත්තයා, උන්දැත් පොඩි කාලේ තාත්තා ලගට එනවාලු බලලා යන්න.. ඒ මොකටවත් නෙවේ තාත්තාට ලැබෙන මිදි ඇපල් ටික කාලා යන්න :D

ඒත් පස්සෙ ඔය ගම වික්ටොරියා ජලාශෙට වැහිලා ගිහින්.. මිනිස්සු ඇඩුවාලු එදා.. ඒත් කරන්න දෙයක් නැති නිසා මහවැලියෙන් දීපු ඉඩම් වලට ඇවිල්ලා.. තාත්තටත් එතැනින් ඉඩමක් ලැබිලා..  ඒක අදටත් ප්‍රසිද්ද ගාලු වාඩිය කියලා.. ඔය ගාලු වාඩියෙත් හරි අපූරු කතා සෙට් එකක්ම තියෙනවා..
ඉඩ තියෙන හැටියට ලියලා දාන්නම් ...

 එහෙනම් අපි ගියා
 ද bunny.... ;-)




.

Sunday, December 25, 2011

හාවාගේ සුනාමි මතක සටහං..

මහ ලොකු දෙයක් කියන්න නැති උනත් සුනාමියෙන් මට තියෙන අත්දැකීම කියලා දාන්න හිතුනා.. ඒ ඔක්කොටම හේතුව පොඩි මෑන්ගෙ ලිපිය දැකලා ආපු අදහසට..


ඊයෙ ඒ කියන්නෙ 2004 දෙසැම්බර් 26 වැනිදා තිබ්බ "ඊයේ" .. අපේ පවුලේ අයයි, අයියාගෙ පවුලේ අයයි ගොඩක් සතුටෙන් උන්න දවසක්.. නැදැයෝ රොත්තක් එක්කාසු උනාම එන සතුට කියන්න ඔනි නැනේ..
ඉතිං අපි ඔක්කෝමලා එදා රෑ සාකච්ජා කරලා තිබ්බෙ අද වගේ දවසක ඒ කියන්නෙ 2004 දෙසැම්බර් 26 වෙනිදට යන්න හිතාගෙන උන්නු ගමන ගැන, ඒ කොහෙවත් නෙවේ කලුතර බෝධිය වදින්න,
 අයියා ගවයින් නිදහස් කරගැනීමේ පිංකමකට ආදාර කරලා තිබ්බා ඉතිං ඒ ආදාර කල අයට එදාට එන්න කියලා ලියුම් ඇවිල්ලා තිබ්බා.. ඉතිං ඔන්න ඕකට තමා අපි යන්න ලැස්ති උනේ..

කතා කරගත්තා වගේම පාංදර 4 ට විතර නැගිට්ටෙ 5 ට වත් ගෙදරින් පිටත් වෙන්න ඔනී කියලා හිතා ගෙන.. කවුරු කවුරුත් ලකලැහැස්ති වෙද්දි 5 කෑලිවත් නැ ඔක්කොම සෙට් කරගත්තාම 6.30 විතර වෙලා.. පරක්කු උණ එක පරක්කු උණානේ කියලා අපේ තාත්තත් ගිහිල්ලා පංසලට.. තාත්තාගේ මොන දේ කලේ නැතත් ලොකුම රාජකාරිය පෝය දාට ගිහිං පංසලේ අඩු පාඩු බලන එක.. ප්‍රදාණ දායක මහත්තයා විදියට තාත්තට ලොකු වගකීමක් බැදිලා තිබ්බා.. තාත්තා ඒක දේව කාරියක් විදියට සැලකුවේ..  කවුරු කවුරුත් තාත්තට බනින්න උන්නා ප්‍රමාදය නිසා.. කොහොම කොහොම හරි ගොඩක්ම පරක්කුයි..
        මේං එනවා තාත්තා ඇවිල්ලා විස්තරේ කියන්නත් තව පැය භාගයක් විතර ගත්තා.. හයියෝ මාර කට්ටක් කාලා..
එදා සිල් ඇත්තන්ට උදේ දානේ නැහැලු, දෙන්න නියම වෙලා තිබ්බ කට‍ටියටත් මොකක්දෝ කරදරයක් වෙලා.. ඉතිං තාත්තා කඩේට ගිහින් අඩුම කුඩුම ගෙනැල්ලා, අයේ උයන්න අය හොයාගෙන ගිහින්, ගමේ ඔය උයන පිහන වැඩ වලට දක්ශ කට්ටියක් උන්නා ගමේ කෙලවරටම.. ඒ අය හොයන්න ගියාම කුකුලෙක් කොටන්න ඇවිල්ල තාත්තට, එතැන තිබ්බ කූඩයකින් තාත්තා කුකුලා වහලා තමා අර ගෙදරට ගිහින් ඒ කට්ටිය එක්කාසු කරගෙන ඇවිල්ලා උයලා දානේ දෙන්න කියලා ඔක්කෝම හදලා තමා තාත්තා ගෙදර ඇවිල්ලා තියෙන්නෙ..

 ඉතිං දැන් ඔක්කෝම හරි,  ඔන්න මමයි අයියයි ලොකු අක්කයි, අයියාගෙ තව යාලුවෙකුයි 4 දෙනා කාර් එකට නැගලා ඉස්සර වෙලා ආවා, අනික් කට්ටිය වෑන් එකේ එන්න හිටියේ.. අපි කොහොම හරි ගෙදර ඉදං 3km විතර ආවා.. පාර අයිනේ ලොකූ බෝගහක් තියෙනවා, එතැනදිම මාතර බස් එකක් ලයිට් ගහලා අපිව නවත්තලා කැ ගැහුවා යන්න එපා යන්න එපා මුහුද ගොඩ ගලනවා කියලා..

අපි හිතුවේ බොරු කියලා.. මාතර බස් එකක් අපේ පාරේ යන්න විදියකුත් නැ, බස් එකේ මිනිස්සුත් කියනවා යන්න එපා යන්න එපා කියලා, කාර් එකේ A/C අඩු උනාද මංදා.. මට ඉහෙන් කනෙන් දාඩිය දාන්න ගත්තා.. කවදාවත් අහලා දැකලා තිබ්බ දෙයක්ද.. ? අපි දඩස් ගාලා බෝ ගහ ගාවින්ම හරවගෙන ආයෙ ගෙදර යන්න අවා.. අපි එන කොට ගෙදර අය අඩ අඩා ඉන්නවා, කෝල් ගන්නත් බෑ සිග්නල් නැති නිසා,

ඒ අයත් වාහනේ එළියට ගන්න හදන කොටම CEB එකේ කැබ් එකේ කට්ටියක් ඇවිල්ලා ගෙට්ටුව හරස් කරලා නවත්තලා කියලා යන්න එපා මුහුද ගොඩ ගලනවා කියලා, ඒ අයගේ කැබ් එකක් අතුරුදහන් වෙලා.. අර වොල්කි ටොල්කි එකට පනිවිඩ හෝ ගාලා එනවා.. මෙහෙන් ගහගෙන ගිහිල්ලයි අරහෙන් ගහගෙන ගිහිල්ලයි.. පනිවිඩ කෝටියියි..

කොහොම හරි අපි ඒ විදියට බේරුනා.. අර පාන්දර 5 ට ගමන යන්න පිටත් උනා නම්. අද මේක ලියන්න මම නැති වෙන්න පුලුවන්..  එදා දවසේ හරි අමුතු බාදක තොගයක් ආවා අපේ ගමනට..
මම් නම් හිතන්නෙ ඒ හැම දෙයක්ම ආගමානුකූලව ජීවත් වුනු නිසා වෙන්න ඇති..

      එදා හවස අපේ ගමනට යන්න ආපු මාමලාගේ ගෙදර නැන්දයි එයාගෙ පුතයි ගිහින් දාන්න අපි ආවා උඩුගම තිබ්බ ගමකට.. එයාලා දාලා එන කොටම ලයිට් ගහගෙන ආපු වෑන් එකක් නවත්තලා තිබ්බ බස් එක අස්සෙන් ඉස්සර කලා.. ආපු වේගෙට අපේ වාහනේ දොරත් ගලවගෙන දඩෝං ගාලා හැප්පුනා.. ඒ වාහනේ පැත්තම ඉවරයි.. අපේ ඉස්සරහා මූණයි දොරයි තැලිලා ගිහින් තිබ්බා.. තාත්තාගෙ අතෙන් ලේ ගලනවා හෝ ගාලා.. අපේ මල්ලි ගොඩක් චූටියි.. එයා විලාප තියලා අඩනවා..

බැහැලා ගිහින් අපි කතා කලා.. මොකක්ද මනුස්සයෝ කලේ වැරැද්ද තමුන්ගේ නේද ? අපේ මාමා පොලීසියේ කියලා මතක් උනේ ඒ වෙලාවේ.. ඒ මනුස්සයා වෙව්ලනවා..
තාත්තා ලේ බෙරෙන අතත් එහෙන්ම තියාගෙන කතා කලා.. ඇයි කලබලෙන් දැම්මෙ ?

අනේ මහත්තයෝ අපේ නංගිගේ දරුවා නැති වෙලා.. වතුර පාරට අහු වෙලා.. මේ හිනිදුම ඉස්පිරිතාලේ ඉන්නවා කියලා ආරංචියක් ආවා ඒ හොයන්න යන ගමං..

ඉතිං මනුස්සයෝ තමංගේ නංගිගේ දරුවා වෙනුවෙන් තමන්ගෙ ජිවිතෙත් නැති කරගෙන අනුන්ගෙ ජිවිතත් නැති කරන්නද හදන්නෙ ? අපේ තාත්තා පුදුම අනුකම්පාවකිං කතා කලේ..
එදා හැමෝටම විපතක් වෙලා තිබ්බ නිසාත්,, ජීවිත ගොඩක් නැති උන නිසත් තාත්තා කැ ගහන්න බනින්න ගියේ නැහැ.. 

කොහොම කොහොම හරි ගොඩක් පරක්කු වෙලා ඉන්ශුවරන්ස් එකෙනුත් ඇවිත් පොලිසියෙනුත් ඇවිත් මනින වැඩ එහෙම කරලා අපි එන්න ආවා.. රෑ වෙලා. පොලිසියේ ටිවී එකේ සුනාමියේ විඩියෝ පෙන්නනවා.. අර ගාල්ලෙ මනුස්සයා වීඩියෝ කල එක ITN එකේ පතුරු ගහනවා..
අන්තිමේ පොලිසියෙන් අර මනුස්සයාට කිවා අපේ වාහනේ හදා ගන්න සල්ලි දෙන්න කියලා.. එහෙම දෙන්න උනා නම් පනස්දාහක් වත් දෙන්න වෙන වෙනවා.. තාත්තා කිවා.. හරි මේ කලබල ඉවර උනාම අපි ඒක මොනා හරි කරගම්මු.. ඔයා අපේ ගෙදර ඇවිල්ලා යන්න කියලා ඇඩ්රස් එක දුන්නා.. හැමොටම කරදරයක් උණ වෙලාව නිසා තාත්තා අනුකම්පා කරලා කියන්න ඇති..

ඒත් ගොඩක් කල් බැලුවා ඒ මනුස්සයා පලාතකවත් ආවෙ නෑ.. සල්ලි ගන්න බලාපොරොත්තුවක් තිබ්බෙ නැහැ.. ආයෙ පොලිසී ගිහින් ඒ මනුස්සයා හොයන්න උනන්දු උනෙත් නැ.. ඉන්ශුවරන්ස් එකෙන් සල්ලි දීලා තිබ්බා වාහනෙ හදන්න..

27 වෙනිදා තමා එපාම කරපු දවස.. මිනිස්සු හෝ ගාලා එනවා ලෑලි හොයන්න

අනේ මහත්තෝ අපේ නෝනා නැති වෙලා.. බොඩි එක දෙන්න පෙට්ටියක් ඉල්ලනවා.. පෙට්ටි නෑ කොහෙවත්. ලෑලි ගෙනියන්න ආවා පෙට්ටියක් හදාගන්න..
       ඔහොම 20 කට වැඩි පිරිසක් ආවා ලෑලි ගෙනියන්න.. ඒ එක්කෙනෙක්ගෙන් වත් සල්ලි ගන්නෙ නැතිව තාත්තා තිබ්බ තිබ්බ හැම ලෑලිකැලි හොය හොය දුන්නා..
ඒ වෙලාවේ ඒ මිනිස්සුන්ගෙ හිත් වල තිබ්බ දුක නැති කරන්න ගොඩක් වෙලා එක එක දේවල් කියලා හිත් හදන්න ගත්තා..
චූටි ළමයින්ට.. වයසක අයට.. තරුණ අයට.. එක එක සයිස් වලිං ලෑලි.. බොහොම කලකිරීමකිං දුකකිං අපි කරන්න පුලුවන් උදව් කලා..
පෙට්ටි නැති, අදුර ගන්න බැරි ගොඩක් අයගේ මිනී බැකෝ වලිං ලොකු වලවල් හාරලා සමූහ මිනී වලවල් වලට දාලා වහලා දාලා තිබ්බා...

දවස් ගානක් යන කම් කරන්ට් එක තිබ්බෙ නැ.. අයියලාගෙ ගෙදර අය පිටත් කෙරෙව්වා.. අයියයි අක්කයි දවස් 2-3 ක් ඉන්න නැවතුනා අපේ ගෙදර.. ඒ අයත් කොළඹ පාරින් යන්න බැරි නිසා ගොඩක් ලොකු රවුමක් ගහගෙන ගිහින් තිබුනේ.. යන කොට පංසලක් තිබිලා ඒකෙ අනාත වෙච්චි අය හුගක් උන්නාලු.. අක්කාගෙයි අයියාගෙයි බෑග් වල තිබ්බ හැම ඇදුමක්ම ඒ අයට බෙදලා දීලා තිබ්බා...

ඉතිං ඔන්න ඕවා තමා මගේ මතක සටහං.. ගොඩක් අයට සුනාමිය අමතක වෙලා ගිහින් ඇති.. ඒත් මගේ හිතේ තාමත් ඒවා චිත්‍රයක් වගේ ඇදිලා තියෙනවා...


bunny.෴

Friday, September 9, 2011

සැම්සං අයියා..

අනේ මංදන්නැ.. ලියනවාට වඩා අමාරු කමෙන්ට් වලට රිප්ලයි කරන එක (කම්මැලිකම) :D

අදත් අවා ඔපයක් උස්සගෙන :DD මේක මේ නුවර අපේ අයියාලාගෙ ගමේ ඉන්න පොරක් ගැන.. අයියා කිව කතාවක් :D

අයියාගෙ වර්ක්ශොප් එක තියෙන්නෙ නුවර අහවල් ටවුන් එකේ තැනක.. ඒක ඉස්සරහාම ඉන්නවා අයියලා මල්ලිලා 3 දෙනෙක්.. කඩ කාඹර 3 ක එක එක දෙවල් විකුණනවා..

ලොකුම අයියා මොටර් ස්පෙයාර් පාට්ස්  (සිංහලෙන් කීවොත් වාහන අමතර කොටස්.)
දෙවැනියා වාහන බැට්රි..
තුන් වැන්නා ටයර්/ටියුබ්..

ඔතැන මොලෙ තියෙන එකම එකා තමා ලොකු අයියා.. ඒත් හැමදාම බයිට් වෙන්නෙත් පොරමයි :D

ඔන්න අපේ අයියයි තව යාලුවො සෙට් එකකුයි අර අංකල් එක්ක කතා කර කර ඉන්නවාලු.. ඔතැනට එනවාලු අර සැම්සං අයියා.. සැම්සං අයියා කවුද කියලා අපෙ අයියා අදුරනවාලු.. එත් අර කඩේ අංකල්ට මීටර් නෑලු මේ කවුද කියලා.. (එයා අයියලා ඉන්න ටවුමේ කඩෙ දාන උන්නාට ඉන්නෙ පිට පලාතක)

 මේ සැම්සං කියන්නෙ ලොකේ කාලා කෙල ගහපු බුවෙක්ලු.. දැන් අයියලා ටිකත් ඉන්න නිසා අංකල්ව බයිට් කරන්නත් එක්ක ගොලුවෙක් වගෙ කතා කරන්න ගත්තාලු..

අංකල්: මොනාද මහත්තයා ඔනි ?

සැම්සං: ලොලාලාලිඕලාලඕලාලා

අංකල්: මොනා ?

සැම්සං: ලාලලිඕලාලාලිඕ ඕ ඕ (හස්ත මෘද්‍රාවෙන් පෙන්වනවාලු ඔනි දේ)

අංකල්: ස්ටීරිං විල් එකක්ද ?

සැම්සං: ලාලාලලිඕඕලාලිඕලා..

අංකල්: ස්ටිරින් වීල් නම් නැ මහත්තයා..

සැම්සං: ලාලාලිඕඕලාලිලෝඔලා..

අංකල්: බලහල්ලාකො පුතේ මේ #### මොනවා ඉල්ලනවාද මංදා.. මට තෙරෙන්නැනේ :-/ (මේක මහ හයියෙන් කියලා.. ගොලුවන්ට ඇහෙන්නෙ නැ කියලානෙ හිතන්නෙ) :D

අපේ අයියලාට මැරෙන්න හිනාලු :D

සැම්සං: ලාලාලිලොලලාලිසලාලාලොලා..

අංකල්: ආ ස්ටිරිං වීල් කවරයක්ද ඔනි ?

සැම්සං: ලාලාලාලාලිලාලාඕඕ :D

අංකල්: ආ මෙන්න (අංකල්ට හෙන හැපීලු ඉතිං.. ගොලුවෙක් එක්කත් කතා කරනේ) :D

සැම්සං: ලාලාඕඔලාලිඕඔලා ? (අරකේ ගාන ඇහුවාලු)

අංකල්: රු:0.00/= දෙන්නකො..


සැම්සං: මොකක් ? බුදු අම්මො...!!! ගනන් වැඩි නැද්ද ?



අංකල් බනිනවාලු සැම්සංට පලු යන්න :D

............................................................................................................................................................

ඔන්න දවසක් සැම්සං ගියාලු කතරගම.. තනියෙම ගිහින් තියෙන්නෙ මොකක්ද වැඩ වගයකටත් එක්ක..

ඉතිං මූට යන ගමන් අවාලු කක්කා බරක් (කක්කා කියන්නෙ කැත කතාවක් නෙවෙනෙ :D)

ඉතිං ඔන්න මෙයාගෙ වෙලාවටම කැම කඩේක නැවැත්තුවාලු  බස් එක.. ඉතිං මේ පොර දුවලා ගිහින්
වැසිකිලියක පැලපදියම් උනාලු.. දැන් නිදහසේ වැඩෙ කරගෙන එළියට අවාලු (හෝදගෙන) :D

ආච්චි ගහයි ෆුට් බොලෙන් කිවාලු.. බස් එක ගිහින්..!!

දැන් මුට හෙන අප්ස්ට්ලු.. කක්කා බර නිසා කලබලෙට බැග් එකත් බස් එකෙ දාලා ඇවිත් තියෙන්නෙ.. දැන් අතේ සල්ලිත් නැලු.. කරකියා ගන්න දෙයක් නැතිව ඉන්න කොට පයින්ම ගිහින් බස්ටැන්ඩ් එකට.. ගිහින් කල්පනා කර කර ඉන්න කොට.. ලොකු බැග් එකක් එහෙම එල්ල ගෙන.. අවුරුදු 26 විතර කොල්ලෙක් ඉන්නවාලු..  ඔන්න මූට හෙන පොයින්ට් එකක් පැදිලා.. කොළඹට පැන ගන්න..

මූ දන් ගිහින් ගොලු බාසාවෙන්ම අර කොල්ලාට කියනවාලු වෙච්ච සිද්දිය..
මූ කියලා තියෙන්නෙ.. කොළඹ ඉන්න එයාගෙ නංගිගේ දූට කටයුත්තක් බලන්න ආපු ගමන් මේ අකර තැබ්බෙ උනා කියලා.. ඒ පාර කොල්ලාගෙන් විස්තර එහෙම අහලා.. මු කියනවාලු පුතා හොද කෙනෙක්.. අපෙ දූටම ගැලපෙනවා.. යංද ඇහුවාලු කොළඹ.. දූව පෙන්වන්න..
දැන් කොල්ලාට සෝ හැපිලු.. ආයෙ ඉතිං ඇවිල්ලාම අඩ ගහද්දි කවුද බැ කියන්නෙ.. අනික කොළඹ වැඩට යන්න ඉන්න එකා.. එච්චර අමාරුවකුත් නැනෙ.. ඉතිං ඔන්න දෙන්නා බස් එකකට නැග්ගාලු.. වෙන්ඩ නැයා නිසා.. නොන්ඩි වෙන්නත් බැනෙ.. කොල්ලා කොළඹට ටිකට් දෙක්ක අරං.. සැම්සං ට පට්ට හැපිලු..
දැන් ඔන්න කොළඹට එන කම්ම ගොලුවා වගේ කතා කර කර එනවාලු.. ඔන්න දැන් කොළඹටත් ඇවිත්.. දැන් සැම්සං කියනවාලු.. කොල්ලාට.. මට චූ බරයි.. මං චූ කරලා එන්නම් ඔතැනම ඉන්න කියලා.. කොල්ලත් හා කියලා කිවාලු.. සැම්සං ටොයිලට් එක පැත්තට යනවා වගේ ඇවිල්ලා.. දුවලා ගිහින් නැග්ගාලු නුවර බස් එකකට.. :D

සැම්සං කියන්නෙ හෙන ප්‍රසිද්ද පොරක්.. නුවර ඔනි එකෙක් අදුරන ඩයල් එකක්.. ඉතිං බස් එකෙ උනුත් අදුරනවාලු.. මු සිං එක කිවාම .. නිකන් එක්ක ඇවිල්ලා නුවරට :D

අනේ අර කොල්ලාට අබ සරණයි :D


ඉතිං මෙහෙම පොරවල්ලත් ඉන්නවා සමාජෙ.. සැම්සංට වැරදිලා හරි කතා කෙරුනා නම්.. අර කොල්ලාගෙන් කන්න පුලුවන් හම්බානෙක :D

ඒ වගෙම .. ඔනිම කතාවක් කියන්න පුලුවන්.. චුට්ටක්වත් හිනා වෙන් නැතිව.. ගිය පාර නුවර ගියාම අයියා පොරව මට පෙන්නුවා.. දැක්කාමත් හිනා යනවා.. මාරම ඩයල් එකක් :D

එහෙනම් අපි කැපෙනවා..
PirateBunny