Tuesday, February 2, 2010

fedora මත පහසුවෙන් ඡායාරූප convert කරමු.

මෙන්න බනීට තවත් එළ මෘදුකාංගයක් හම්බඋනා. මේක ඡායාරුප අපිට කැමති කැමති ප්‍රමානයකට ලොකු පොඩි කරන්නයි,එහි දාරිතාව අඩුකරගන්නයි මේකෙන් පුලුවන්.මේකේ විශේෂත්වය මේකෙ ඔයාට ලැබෙන්නෙ සම්පුර්ණයෙන්ම නොමිලේ. (GPL-General Public License) ඉතින් කිසි  කරදරයක් නැතිව පාවිච්චි කරන්න පුලුවන්.
අනික දාරිතාව අතින් ඉතාම කුඩා මෘදුකාංගයක් (17kb ද කොහෙද :D). මෘදුකාංගය පොඩි උනාට වැඩනම් පොඩි නෑ :) මේකෙන් එක වර පොටෝ 100ක් උනත් එක වර convert කරගන්නත් පුලුවන්.ඔය Flickr වගේ එකකට පොටෝ අප්ලෝඩ් කරනවනම් මේක බොහොම වැදගත් වෙන්න පුලුවන්. 
     වැඩි විස්තර ඔනනම් මෙන්න මෙතන්ට යන්න. 
                                     කතාව ඇති.
                      
     අපි මේක මුලින්ම install කරගමු. ඒ සදහා පහත විදානයන් terminal එකේ ලබා දෙන්න.

[anushka@Bunny ~]$ su -
 Password:
[root@Bunny ~]# yum install nautilus-image-converter



මේ තද නිල් පාට කරපු ටික විතරක් ඔයා terminal එකේ type කරන්න නැත්නම් copy past කරගන්න
(terminal එක මත  past කරනකොට ctrl+Shift+ v යන buttons තදකරන්න)
     

මේක ubuntu වගේ os තුලත් වැඩකරනවා ඇති මම නම් අත්හදා බැලුවෙ නෑ. මේ පහත විදානය Ubuntu පාවිච්චි කරන අයට
         
sudo aptitude install nautilus-image-converter


දැන් ඔන්න ඔක්කොම හරි. ඊලගට අපි අපේ ඡායාරූප තියෙන තැනට ගොස් ඒය මත Right click කරන්න. ඉන්පසු ඒකේ තියෙන Resize Image කියන එක Click කරන්න.



දැන් පහත අකාරයේ මෙවලම් ටිකක් දිස්වේචි.





මේකේන් අපිට කැමති ආකාරයට size එක හදාගෙන resize button එක click කරන්න එතකොට අපේ කලින් ඡායාරුපය තිබුනු තැනටම Resize වුනු ඡායාරුපයත් save වේවි.


මේකේ තියෙන Rotate Image කියන එකෙන් ඔයාට පුලුවන් ඡායාරූප Rotate කරගන්න.(පොඩි අවුලකට තියෙන්නෙ මේ Rotate Image මෘදුකාංගය Resize Image එකටම අපු එකක්ද කියලා මට මතක නැහැ :D ඉතින් කලබල වෙන්න ඔන්නැ අත්හදා බලන්න මම එකත් කොකටත් කියලම තමා දැම්මෙ.)


ඉතින් ආයේත් මේවගේ මොකක් හරි ගැජට් එකක් හම්බුනෝතින් කියන්නම්කෝ. එතකම් අයුබෝවන් !






.