Showing posts with label ඉස්කෝල කතා. Show all posts
Showing posts with label ඉස්කෝල කතා. Show all posts

Thursday, June 28, 2012

විවාදය..

        මේක මේ අම්බානෙක පරන කතාවක්.. මං ඉස්කොලෙ යන කාලෙ O/L කලැසියෙ ඉන්දැද්දි වෙච්චි සීං එකක්..
ඔන්න අපෙ සිංහල සර් ඇවිල්ලා කීවා
ළමායීඊඊඊ හෙට අපි විවාදයක් පවත්තනවා!! ඇගයීමක් විදියට අරන් ලකුණුත් දෙනවා..
ඒකට සූදානම් වෙලා එන්න ඔනී .. මං ගෑණු ළමයි හා පිරිමි ළමයි වෙන වෙනම කංඩායම් දෙකට දානවා.. මාතෘකාව තමා
රූපවාහිනිය හොඳයි හා රූපවාහිනිය නරකයි. කියන එක!
කොමින් කෝම හරි තුංඩු උඩ දාලා පිරිමි ළමයින්ට ලැබුනෙ රූපවාහිනිය හොදයි කියන මාතෘකාව යටතේ කතා කරන්න.. කල්ල මරේ.. ඕකට ආයෙ පාඩම් කරන්නත් ඔනියැ.. සිං සිං ගාලා වචන එනවානේ.. අනික මහ මොන්ටිසෝරි මාතෘකා දෙකක්නෙ.. ඔක 2 වසරෙ එකෙක් ගෙන් ඇහුවත් උත්තර දේවි..
3-4 දෙනෙක් බැ බැ කියලා කනුකුණු ගෑවට මං නම් උන්නෙ ෆුල් හැෆි එකෙ.. දෙන්නම් ජම්බු කියලා..
ගෙදර ඇවිල්ලා google කරලා ටිවී එක හදපු බුවා හොයා ගත්තා.. මං හිතන්නෙ මයෙ ජිවිත කාලේකට ඉස්කොලෙ වැඩකට කියලා google කරලා හොයා ගත්තෙ ඔය වචනෙ විතරමයි!!
කොච්චර පොර ටෝක්ස් දුන්නත් සාමාන්‍ය දැනීම නම් බිංදුවේ.. ඇයි දෙයියනෙ මං පන දාගෙන ඕක හොයලා මල්ලිගෙන් වීරයා වගෙ ඇහුවා..
අඩෝ උඹ දන්නවද ටීවි එක හොයාගත්තු  මැන්ස්ගෙ නම ?
මල්ලි: ජෝන් ලොගී බෙයාඩ් ද ?වස ලැජ්ජාව.. මූ සිස්සත්තෙට වැඩියෙන් පාඩම් කරලද කොහෙද..
මං එතැනින් ශේප් එකෙ මාරු උනා..
ඔන්න දවස..
ළමයි පංතියෙ දෙකට බෙදුනා.. ගැණු ළමයි එක පැත්තක.. අපි එක පැත්තක.. වැඩේ නැගලම යනවා.. එක එක අය එක එක ටෝක්ස් දෙනවා.. සමහරු තර්ක බිදිනවා..
මගෙ වාරෙත් ආවා.. මං දුන්නා අලි ටෝක්ස් නිකං තුරුම්පු එක පාර හලපු බුවා වගෙ ලුක් එකක් අරන්.. සරුත් පුල් මාන්දමිකව අහගෙන ඉන්නවා..
චූටි චූටි වලිත් යනවා..
ඔය අතරෙ කෙල්ලෙක් නැගිටලා කියාපි.. 
           අද සමාජෙ අන්තිමටම පිරිහිලා.. කෙල්ලෙක්ට පාරෙ බැහැල යන්න බැහැ.. මොකද අසභ්‍ය දර්ශණ ටීවි එකෙ පෙන්නලා.. කොල්ලො ඒක අත්හදා බලනවා.. මේ ටීවි කියන ජාතිය රටින් අතු ගාලා දාන්න ඔනේ..

ඔන්න ඔව්වා නම් මට දිරවන්නැ හරියෙ.. අහිංසක විදියට අපි සූරපප්පා හේම බලාගෙන ඉන්න කොල්ලො.. නිකං 2.50ට දාලානෙ කතාව.. මගෙ උශ්ණත්වය 200 ටත් එහා නැග්ගා.. කණ රත් වීගෙන අවා.. මූන රතු උනා..මාව නැගිටුනා..

සර්.. ඔය කීව එක හරි කියමු.. ඒත් සර්.. ඔවාගෙ ඉන්නෙ මුන්මනෙ ??

ඉතිරි කොටස සෝචනීයයි.. ඒ ගැන කතා කරලා වැඩක් නැහැ..

සිංහල සර්ගෙන් සිංහ(ලෙන්) ම අහ ගත් මම
ද හාවා..෴


..

Thursday, April 5, 2012

බ්‍රිටිශ් කවුන්සිල්

මේක මේ මං හිච්චි එකා සංදියේ සිද්ද වෙච්ච දෙයක්.. ඒ කාලෙ මං ගියේ ගමේ ඉස්කෝලේට.. හැමදාමත් එකම ඉස්කොලෙට තමා ගියේ.. 
ඔහොම ඉතිං අර කැලේ පිපුනු මල් කැලේට පරවෙන්නා සේ අපි ඔහේ පරවෙවී පරවෙවී හිටියා.. කරදඩු උස් මහත් වෙලා.. දිග කලිසම් ගහන වයසට ආවාම.. අපේ ඉස්කොලෙට අලුතින් ටීච කෙනෙක් ආවා..
අනේ මං දන්නැ ටීචගේ රූපෙට කොල්ලො වසී වෙලා උන්නෙ.. ඒ වගේයැ නයගරා දිය ඇල්ලෙන් වැටෙනවා වගේ ටීචගේ කටෙන් හැලෙන ඉංගිරිසී .. හම්මෙ බලන් ඉන්ඩ ආසයි.. ඒ ටීච මට මතක කාලෙක සිංහලෙන් නම් කතා කරලා තිබ්බෙ නැ..
අපිත්
හ්ම් ටීච.. ඔකේ ටීච.. හරි ටීච.. යස් ටීච කිය කියා තමා උන්නෙ..

ඕම ඉතිං කාලයක් ගියා.. ටීච හා අපි එකතු වෙලා ඉස්කොලෙ ඇතුලේ ඉංග්‍රීසි ක්ලබ් එකක් හැදුවා.. ඒකෙන් එක එක දේවල් කලා.. කොරල්පර සංරක්ශණ වැඩද.. පංසල් ගැන විස්තර හොයන වැඩද.. හෆ්ෆච්චියෙ එක විකාරයයි.. කොම කොම හරි අපි බ්‍රිටිශ් කවුන්සිල් එකත් එක්ක සෙට් වෙලා වැඩ කරන තත්වෙටම ආවා.. එහෙන් අපිට තෑගි භෝගත් නොවඩුව ලැබුනා..

එකෝමත් එක මහ මූසලද දවසක.. දවල් 10 ට විතර.. එකෙක් ඇවිත්.. මචන් හාවෝ.. කියද්දිත් මට ඇඩෙන්න වගේ :(
මචන් හාවෝ.. අන්න ටීච ක්ලබ් එකට ඔක්කොටම එන්න කිවා ..
මොන මගුලක්ද?
මාත් ගියා..
ළමයි.. අපිට බ්‍රිටිශ්කවුන්සිල් එකෙන් දවස් 7 ක කෑම්ප් එකකට එන්න කියලා තියෙනවා.. මෙතැන හොදටම ඉංග්‍රිසි දන්න අයව මං තොර ගන්නවා.. කියලා අනේ මාවත් එක්ක තව කොල්ලෙකුයි කෙල්ලො 3 දෙනෙකුයි තෝර ගත්තා.. මොන කරුමයක් පලිසං දුන්නද මංදා :( මං දන්න ඉංගිරිසියකුත් නැ.. මොකට තෙරුවද මංදා.. කොහොමෙන් කොහොම හරි අපි ගියායැ කියමුකො.. දවස් 7 නම් සුපිරී ආයේ කියලා වැඩක් නැ..
කන්නද බොන්නද.. එක එක ජාතියේ සෙල්ලම්ද.. එත්.. මහ නරකම දේ.. එතැන එකෙක් වත් සිංහල දන්නැනෙ :S  අනික ඒ රටෙන් ආපු සුද්දො ටික ඉට හපන්.. මොනාදෝ අහනවා.. අපිත් හිනා වෙනවා.. :D
දවස් 2 ගියාට පස්සෙ අපි හිටපු හැමොම එක්ක හොද හැටි ෆිට් උනා.. අපරාදෙ කියන්න බැ ගාල්ලෙ කොල්ලො ටික නම් සිරා ඇ..
ඔය අතරෙ මාතර ප්‍රසිද්ද බාලිකාවකින් ආපු බාලිකාවියන් වගේකුත් උන්නා.. අනේ අම්මපා අර කොළඹ රටේ බවලත් උදවිය ගාවවත් නැ ඒ තරම් රැස්පට්..!! ෆුෆ්..

කොම හරි මහ මූසල හවසක.. අර මාතර බාලිකාවියක් උඩ තට්ටුවේ ඉදන් පහලට එබිලා..


Excuse me…
හෑ ?

hey.. you..
මොකා ?

you you...
මම ? මගුලයි.. මට කතා කරන්නෙ..

What time is it?

මේ මොන වින්නැහියක්ද වෙන්න යන්නෙ.. මට ගොනාට වගේ තෙරුනා මේ අහන්නෙ වෙලාවම තමා කියලා.. මොන කරුමයකට මං අලි ඔරලොසුවක් අතේ ගැට ගහන් උන්නද ?

දැන් මොනා කරන්නද ? දෙන්නම් ජම්බු කියලා..

ආ නංගි ... දැන් වෙලාව 2.45 යි..

fuf.. කෙල්ල ගැස්සුවා ගැස්සිල්ලක්..

කොල්ලො ටිකෙන් විසිල් ගොඩයි බල්ලටි ටිකයි.. !!

අඩො හාවා.. පට්ට මචං.. ඕකිගෙ අලි ඔලුවයි පංඩිත කමයි.. හොදම වැඩේ..

අම්මේ කමෙන්ට් ගොඩයි ලයික් ගොඩාආආඅයි.. :D

....... උන් දන්න එකක්යැ මට ඉංගිරිසියෙන් වෙලාව කියන්න බැ කියලා... අනික 2 - 3 වගේ නම් කොම හරි කියතැහැකි.. 2.45 කොම කියන්නද? :D


කොහොම උනත් වැඩ බැරි උනත් ගම ගාල්ලෙ කතාව ඔප්පු නොකර.. ජාමෙ බේරගෙන ගන්න තියෙන උපරිම ෆන් එකත් අරගෙන.. අපි ගෙවල් බලා ආවා.. අර කෙල්ල මට හිටිය සතියෙම ඔරවපු එකමයි කලේ.. :D මං මොනා කරන්නද.. දන්න සිංහලෙන් ඇහුවා නම් ඉවරනේ :D



පාලි : කොහොම උනත් අපේ ඉස්කොලෙ දකුණු පලාතෙ එකම ප්‍රදිපා පාසල විදියට නම් කෙරුනා..
ඉංග්‍රීසි මාද්‍යයෙන් උගන්වන්න හැම පහසුකමක්ම ලැබුනා.. ඒ ගැන පට්ට සංතෝසයි..




....

Friday, November 18, 2011

තාප්පෙ මගේ...!!

මේකත් රහ කතාවක්.. මොකදෝ මංදා ඩැඩී බැන්ඩ් එකේ අලුත් සිංදු ටික අහද්දි මට එක එක කතා මතක් වෙනවා.. හැබැයි කිසිම ගැලපීමක් නැ සිංදු ටිකට... හික්හික් :D

මේකයි කතාව. .
ඔන්න ඉස්කොලේ මහත්තයෙක් උන්නාලු හොදද.. එහෙම කිවාම මතක් වෙන්ටොන.. රු 100 ක් වගේ පර්ස් එකේ දාගෙන ඉන්න, සපත්තු දාලා  දිග කලිසම ගහලා ශර්ට් එක ඇදපු ඉස්කොලෙ මහත්තුරු නෙවෙ.. අර නැශණල් එක සිංහලෙන්ම කිවොත් ජාතික ඇදුම ඇදගෙන ඉස්කොලෙ එන්නෙ ඉස්සර කාලෙ.. (මං නිකන් දැකලා වගේ කතාව;) හික් හික්..
අන්න එහෙම මහත්තයෙක් හරිද..  ඉතිං මේ මහත්තයාගේ ගෙදර තාප්පෙ සුදුම සුදු පාටයි ලස්සනට තිබ්බාලු.. හරිම චාම් මනුස්සයෙක් නිසා ලස්සනට සුදු පාටට පිංතාරු කරලා තමා තිබිලා තියෙන්නෙ..

ඔන්න දේශපාලණ සමයක් අවාලු.. ඔය ලොක්කා හොයන වැඩේ.. "ජනාදිපතිවරණය.." ඉතිං ගමේ කොල්ලන්ටත් ඔය උණ ගැහැව්වාලු..
උදේ පාන්දර ස්කොලේ මහත්තයා දත් බුරුසුවත් කටේ ගහගෙන පාර පැත්තට අවාලු..

ස්කොලේ මහත්තයාගෙ කටේ තිබ්බ බුරුසුව බිම වැටිලා අෆෝයි ගැවුනාලු.. අර සුදුම සුදු පාට තාප්පෙ කාලු පාටට ලොකුවට ලියලාලු..
ජේ.ආර්. අපිට.... අපි ජේ.ආර්. ට.....

දැන් ඉතිං මොනා කරන්නද කියලා ස්කොලෙ මහත්තයා තරහා ගන්නෙත් නැතිව ආයෙ හුණු පැකට් එකක් ගෙනැල්ලා තාප්පෙ ගාලා දම්මාලු.. කැත යන්න..

ඔන්න ඊට පහු වෙනිදා උනාලු.. කෝකටත් කියලා ගිහින් තාප්පෙ දිහා බැලුවාලු.. හත් වලාමේ අදත් ලියලා.. මොකක්ද ?
ජේ.ආර්. අපිට.... අපි ජේ.ආර්. ට.....
 
ඉස්සර ඉස්කොලෙ මහත්වරු හරි නිහතමානි අහිංසක උදවිය නේ ඉතින් තරහා ගන්නෙ නැතිව ආයෙ කලින් වගේම හුණු ගාලා දැම්මාලු..  
ඔන්න ඒ දවස ගෙවිලා ගිහින් රැ වෙලා නිදාගෙන පාන්දර නැගිටලා නිකමට වගේ ගිහින් බැලුවාලු තාප්පෙ ආයෙ මුකුත් ලියලද කියලා.. හිතුවා වගේම හරියටම හරිලු ආයෙ ලොකුවට ලියලාලු කලින් වගේම... 
ජේ.ආර්. අපිට.... අපි ජේ.ආර්. ට.....
 දැන් නම් ඔන්න ඉස්කොලේ මහත්තයාගෙ ඉවසීමේ සීමාව අන්තිමට ඇවිල්ලා සූස්.... ගාලා සද්දෙකුත් අවාලු අර සිංදු කියන කේතලෙන් වගේ.. දැන් කරකියා ගන්න දෙයක් නැතිව කල්පනා කර කර ඉන්න කොට අවාලු මරු අයිඩියා කැල්ලක්. කලින් වගේම හුණු ටිකක් ගෙනැල්ලා තාප්පෙ ගාලා ඒක උඩින් ලිවාලු ලොකුවට මෙන්න මෙහෙම..
ජේ.ආර්. තොපේ.. තාප්පෙ මගේ...

ආයෙ කොල්ලො කවදාවත් තාප්පෙ මුකුත් ලියන්න අවේ නැහැලු :D

එහෙනම් හැමෝටම සුභ අනාගතයක් හොදේ ;-)


PirateBunny෴

.
.
.

Thursday, November 10, 2011

පොඩි උනාට දඟ නෑ පැටියෝ..

මේකත් මේ ඉස්කොලෙ යන කාලේ ගත්ත ෆන් එකක් තමා.. :D කතාවක් කිවාට 2 ක්ම.. 

මුලින්ම මේක උනේ අපි 6 වසරෙදි විතර.. අපේ ඉස්කොලෙට කොහෙදො ඉදන් ආවා එකෙක් දිනුක කියලා.. මූ ටිකක් අර ලැජ්ජා අදික අමුතුම ඩයල් එකක්.. බයිට් වෙන එකෙත් සීමාවක් නැ.. හැබැයි මියුසික් වලට නම් උපං හපනෙක්.. ඒ කාලෙ iraj ගේ සිංදු එහෙම ගෙදරදි පුරුදු වෙලා ඇවිල්ලා ඉස්කොලෙද මූ ප්ලේ කරනවා.. මං හිතන්නෙ අපේ සංගීත මිස්ටවත් බෑ ඒ හැටි හොදට ඕගන් ප්ලේ කරන්න.. මුල්ම සීං එක උනේ ස්පොර්ට් මීට් දවස්වල..
  ඔන්න අපි ඉතිං අනම් මනම් ක්‍රීඩා ප්‍රැක්ටිස් කරන්න කියලා යනවා පිට්ටනියට.. ඔය කිවට මං නම් එක තරගයකටවත් යන්නැ :D මොකද මන් මිඩියා යුනිට් එකේ හිටපු එකෙක් නිසා.. ඔය දවසක් අපි පිට්ටනියෙ කැලේ පැත්තට වෙන්න එක එක හට් ගහගෙන ඉන්නවා පංති පංති.. ඒකත් හරි අපුරු කාලයක්. ඉතිං ඔන්න අපේ එකෙක් ඉන්නවා චතුරංග කියලා.. නාහෙට අහන්නැති එකෙක්.. ඌයි මායි තව 10 විතර සෙට් එකක් උන්නා.. ඔය දිනුකයා හිටියේ B එකේ.. අපි A එකෙනෙ.. අපි වටවෙලා ඉද්දි දිනුකයා අවා අපි ලගට.. ආ මචංලා ගාගෙන.. කවුරුත් නැති අතරෙ දෙන්නම් ජම්බු කියලා අපිත් ඌව සෙට් කරගත්තා.. මේං චතුරංගයා කියාපි අඩොව්.. මං අලුත් මැජික් එක්ක ඉගෙන ගත්තා බං.. පට්ට ආතල් හොදේ.. සිරාවට ? කියහංකො ඒ දිනුකයා.. හිටහං කියලා මූ පොතකිං කාඩ්බොඩ් කැල්ලක් වගේ මොකක්ද මගුලක් අරන් එකෙන් හැදුවා පුනිලයක්.. ඒ පාර කාගෙන්දො එකෙක්ගෙන් රු 2 කේ කාසියක් ඉල්ලගෙන.. කාටද පුලුවන් මේ ගොට්ට කලිසමේ ගහගෙන රු 2 නලලේ තියලා හරියටම ගොට්ටට දාන්න පුලුවන් ? එක එකා දැන් කරන්න දඟලනවා.. එකෙක්ට වත් බැ.. ඔන්න ඊලග වාරේ දිනුකයාගෙ..

ගත්තා ගොට්ට.. කලිසමේ සිපර් එකට උඩිං ගැහැව්වා දැන් ඔන්න නලල උඩින් තිබ්බා රු 2.. අෆොයි.. කොහෙන්දෝ දන්නැ පාත් උනා වතුර බෝතලයක්.. ඔක්කොම වතුර අර ගොට්ට ඇතුලේ.. :DDD

මට පවු කියලත් හිතුනා අරු අඬ අඬා අරුගෙ පස්සෙන් එලවනවා :D කෙල්ලො අතින් කට තදකරගෙන බක බක ගාලා හිනා වෙනවා :P

...

මේක උනෙත් 7 වසරෙදි ස්පොර්ට් මිට් එක දවසකමයි.. අරූට කොච්චර බයිට් කලත් මතක නැති එකා.. ඔහොම දවසක් ආයෙ ඌව අපි ඉන්න තැනකට අපු වෙලාවෙ.. එකෙක් කලිසමෙන් ඇදලා ගැලෙව්වෙ නැතැ මුගේ.. අර ඉලස්ටික් කලිසම් නිසා සිරිස් ගාලා ගැලවිලා ආවා :D ආයෙ ඔන්නැ සුවක් අවා ඒ වගෙම විලාපයක්.. මල මගුලයි.. මූ යටට මුකුත් ඇදලා නැනේ.. ඉස්සරහා කෙල්ලො සෙට් එකක් :D

මූ කෙලින්ම කලිසම උස්සගෙන ගිහින් නැවතුනේ විනය බාර සර් ගාව.. හැබැයි අපි එදා මදිනොකියන්න කැවා :-/

පාලි: මෙව්වා කියවලා ඉස්කොලෙ ගිහින් කරනවා එහෙම නෙවේ ඕං..!! (අනික දැන් කාලෙ උන් ඔව්වාට අහුවෙන්නෙත් නැ) :D

.. එහෙනම් අපි කැපුනා..
Pirate Bunny෴

..

Wednesday, November 2, 2011

ඔලුව පලා ගැනීම..

 අර නපුරු නදී දන්නවද ? අර ගලායන ජීවිතේ ලියන්නෙ.. අන්න එයාගේ පොස්ට් එකේ මං දැක්කා තිබ්බා කාගෙදෝ අහිංසකයෙක්ගෙ ඔලුවක් පලලා :D ඉතිං ඔය සම්බන්දව මටත් ජිවිතාවර්ජන 3 ක්ම තියෙනවා :D

මං මෙහෙම උන්නාට මගේ ඔලුවේ පැච් 3 ක් තියෙනවා :D ඔය හිටපු ගමන් ගොන් වැඩ කරන්නෙත්.. මෝඩ වැඩ කරන්නෙත් ඕකෙ ප්‍රතිඵලයක් නිසාදෝයි මට නිකමට වගේ හිතෙනවත් එක්ක :D

හාවා පොඩි එකා කාලේ
පළමු පැල්ම ඇති උනේ ඉස්සර මට තාත්තා දීලා තිබ්බා නැවකින් ගෙනාව කප්පියක්.. මං ඕක තල්ලු කර කර තමා සෙල්ලම් කරන්නෙ.. මට ඔනිනනම් අවු 3 2/1 වෙන්ටැති  එච්චර බරකුත් නැති නිසා ඕක මගේ ප්‍රදාණ සෙල්ලම් භාංඩය.. අනික ඒකෙ කෑලි ගලවන්නත් බැරි නිසා තාත්තාට තව සෙල්ලම් බඩු අරන් දෙන්න ඔනි කමක් තිබ්බෙත් නැ.. ඇයි ඉතිං ඒක කැඩෙනවායැ :D.. ඉතිං හැමදාම තල්ලු කර කර ඉන්න බැරි නිසාම මං ඒක එලියට අරන් ගියා වෙන සෙල්ලමක් කරන්න හිතාගෙන.. මෙන්න තියෙනවා අලි කානුවක්.. ඒකෙ  වතුර හෝගාලා ගහං යනවා.. ඉතිං මං කලේ කානුව උඩ තිබ්බ මඩුවේ ලණුවක් ගැට ගහලා වරුවක් විතර දගලලා දගලලා අර කප්පිය උඩට අරං ගැට ගහ ගත්තා.. අර ඇලේ වතුර ගන්න :D  ශිට්..වැඩි වෙලාවක් ගියේ නැ.. දඩෝං.. කප්පිය මගේ ඔලුව උඩ.. රතුපාටට මොනාදෝ එනවා.. හුටා වෙන මොනා එන්නද.. ලේ...!! මං හොරාට අතින් වහ ගත්තා පැලිච්ච තැන.. හෙමීට ගෙට රිංගලා ඇදට වෙලා නිදා ගත්තා.. මෙන්න තාත්තා එනවා දුවගෙන.. අන්තිමෙ මාව උස්සන් ගිහින් බෙහෙත් දාගෙන ආවා.. තාත්තා දැකලා මං ඔලුවට අත තියාගෙන ගෙට රිංගනවා.. පස්සෙ ලේ පාර දිගේ තමා හොයාගෙන ඇවිල්ලා තියෙන්නෙ.. තාත්තා එදා දැක්කෙ නැත්නම් මං ලේ ගිහිල්ලම මැරෙනවා :D

...

දෙවැනි පැල්ම ඇති උනේ අර නදී අක්කා වගේ නපුරු කෙල්ලෙක් නෙවේ කොල්ලෙක් ගහපු ගල් පාරකට.. මං 2ක වසරෙදි.. අපේ පංතිය තිබ්බෙ A අනික් පංතිය B.. B එක එක්ක අපි හෙනම ෆිට්.. C එකේ උන් මහ වසවර්ති රැලක්..! ඉතිං හැමදාම C එකත් එක්ක ගහ ගන්නවා :D අපිට විදෙශාදාර වගේ B එකෙන් සහයෝගය ලැබෙනවා..  :D අනේ මං නම් හැබැයි කවදාවත් ඔය වලියකට ගිහින් තිබ්බෙ නැ.. අන්තිම අහිංසකයි බොරු නම් අහලා බලන්න ඔනි කෙනෙක්ගෙන් :P
ඉතිං ඔය වලියක් අන්තිමේ පංති කාඹරෙන් එළියට ගියා.. ඒ ගිහින් පිට්ටනියට යන කම් ගියා.. මාත් ඉතිං ඕක බලන්න පස්සෙන් ගියා...
ශෘශෘශෘශෘශෘශෘශඌඌඌඋ උඩිං ආපු රොකට් ලොංචර් එකක් වගේ අලි කලුගලක් ටොකොස් යන ශබ්දය නිකුත් කරමින් මගේ ඔලුව උඩට පත බෑ උනා.. හුටා.. මට තරු විසික්කා උනා.. ඔලුව හිරි වැටිලා ගියා :D මට මොනා උනාද මංදා.. රිදෙන්නෙත් නැහැ.. එකෙක් ඇවිත්.. අඩේ ඔන්න යකෝ ලේ බේරෙනවා කිවා.. ඔන්න එතැකොට නම් මං අම්බානෙක බය උනා..  ඉතිං මං මිස්ටවත් කියන්න ගියේ නැ.. අපේ පංතියේ එකෙක්මයි ගහලා තියෙන්නෙ වැරදිලා ගහලා තියෙන්නෙ.. මිස්ට කිවොත් අපි දීර්ඝකාලීනව ගෙනාව සටනට Dot එක තියන්න වෙන නිසා..
      පඩිපෙලෙන් වැටුනා කියලා ඇගේ දූවිලි ටිකකුත් ගාගෙන ගොඩින් ශේප් කරගත්තා :D මිස් ඒපාර බෙහෙත් දම්මවලා ගෙදරට කොල් කරලා තාත්තා ඇවිත් මාව එක්කගෙන ගියා.. :D කෝම කෝම හරි අපි 8 වසරට විතර එන කම් ඔය වලි තිබ්බා.. ගහගෙන ඉවර වෙලා අන්තිමේ ගැණ ළමයි ගේන වතුර වලිනුත් ගහ ගන්නවා.. :D ඔන්න ඒක තමා අපේ හෙන හුරාට තිබ්බෙ.. ගැණු ළමයි අන්තිමේ අර ගඩාෆි අංකල් පාවා දුන්නා වගේ අපිව පාවලා දුන්නා :-/

..

තුන්වැනි පැල්ම ඇති උනේ අපේ ගේ පිටිපස්සෙ කාණුවක් තිබ්බා. මං කුස්සියේ ඉදන් වේගෙන් ඇවිල්ලා දොර ලගින් පැන්නා පෙව්මන්ට් එකට.. හුටා.. දියසෙවෙල් කාපු පෙව්මන්ට් එකේ මං ලිස්සලා ගිහින් දඩෝං කානුවේ.. මට දැන් කරකියා ගන්න දෙයක් නැ.. කොච්චර දැගලුවත් එළියට එන්න බෑ මං හිර වෙලා කාණුවේ.. ඒ පාර කෑ ගැහැව්වාම අපේ මාමා කෙනෙකුයි තාත්තයි ඇවිල්ලා බොහොම අමාරුවෙන් උඩට ගත්තා.. කාණුවේ වැටිලා තිබ්බ කොන්ක්‍රීට් වලට හයි වෙච්ච ගල් වගේක ඔලුව ඇනිලා පැලිලා තිබ්බා.. කොම හරි බෙහෙත් දාගෙන අවා..

හැබැයි කවදාවත් මට තාත්තා ඔලුව පලාගන්නවා කියලා බැනලා නම් නැ.. මට මතකයි අම්මාට කියනවා මේකා ඔලුව තලා ගන්නැතිව පලා ගත්ත එකම මදෑ කියලා.. :D

Sunday, July 10, 2011

මේ ## තලගොයා සර්..!

මේක ඇවිල්ලා මං වැස්සට වැරදිලා ඉස්කොලෙට ගිය දවසක වෙච්ච සීං එකක්.. කට කහනවාට වැස්සට කිවාට එදා හොට රතුවෙන්න පායපු දවසක්...

සුර්්‍යා පායලා දිලෙන්නෙ.. පරිසරේ සුංදරයි ලස්සනයි..

අනම් මනම් ඔන්නැ.. කතාව මේකයි
             (වැරදිලා වත් එකෙක් හරි අහන්න එපා මේක බනියාට උන එකක්ද කියලා.. එහෙම උනොත්.. මේ හාවා නරක හාවා කියන්න එපා හරියේ) :D :D

ඔන්න බනියයි.. බනියාගේ අති(ප)ජාත පාපමිත්‍ර සේනාවයි.. ආතල් එකේ ක්ලාස් කට් පාරක් දාලා කයියක් ගගහා ඉන්නවා..

කට්ටා: හම්මට සිරි.. මචං උබලාට කියන්න විද්‍යාව තමා යකෝ මගේ ජිවිතේ කෑවේ..!

නුවන්: ඒ මොකද බං ?

කට්ටා: උබට කියන්න බං.. මං දවසක් ගහක් යට උන්නා මචං සිරාවට සිංදුවක් කියාන හරිද..

සුප්පු: නෑ..ඉතිං කාක්කෙක් කක්කා කලාද ?

කට්ටා: නැ යකෝ.. මගේ ඔලුවට වැටුනා මචං.. හෙන චූටි ගොබොල්ලක්..

නුවන්: අම්මට සිරි.. ඒක තමා මචං... මං නිකමට එත් බැලුවා උබට අනක් එනවාද කියලා.. ඔලුව තාම ගෙඩි ගැහිලානේ ?

කට්ටා: නැ බොල.. මට ඒක වැටිච්ච ගමන්ම සිහි උනේ.. අර ඇපල් ගහක් යට උන්න එකා.. ඌ බං වැරදිලාහරි.. පොල්, කොස්, වරකා, දුලියන් වගේ ගහක් යට උන්නා නම් ? අපිට මෙහෙම දුකක් නැනේ බං..!

නුවන්: උබේ කතාවත් හරි බං. ඔය අනම් මනම් ඔලුවට දාගත්තු උන් නැත්නම්.. බං අපි මෙහෙම කටු කනවද ?

බනී: අඩොව්.. අර බලපල්ලා.. තලගොයෙක්..

කට්ට: අම්මට සිරි.. මොනාද හාරන්නෙ ඌ.. බිත්තර වගයක් නේද ?

නුවන්: ශිකේ පවුකාර සතා.. මොනාද දන්නැ බිත්තර කනවා.. ඉක්.. අප්පිරියිය..! :-/

සූප්පු: අඩෝ කට වහගනිල්ලා.. ඕක තමා ආහාර දාමය..!

කට්ටා: අනේ කට වහගනින් සූප්පුවෝ.. අහාර දාමය කියලා කොහොමද.. ඌ මහ පවක් කරගන්නෙ..
(කට්ටා ඌව එලවන්න ලැස්තිවෙයි)

බනී: ඔන්න ඔහොම ඉන්න දියං බං.. ඕක එලව්වාට ආයේ එනවානේ..

කට්ටා: එහෙම කොහොමද යකෝ ? බලපං ඔය බිත්තර වල අයිති කාරිය..  කොච්චර දුකක් වේදනාවක් විදලාද බිත්තරයක් දාගන්නෙ ? ඌ මිනිහා එක්ක "මෙව්වා" කරලා.. මාස ගානක් බලන් ඉදලා.. පැටියෙක් බිහිකර ගන්න දගලන්නෙ.. මේ යකා ඒකිගේ හීන ඔක්කෝම බොද කරන්න නේ හදන්නෙ ?

බනී: හාහා කට වහගනින්.. අපෝ උබේ කට නම් අම්මපා...!

ආ ළමයි.. විද්‍යාව පාඩම මෙතැනද කරන්නෙ ? 

කට්ටා: බලපං මචං මේ #ස තලගොයා.....

අඩෝ විද්‍යාව සර් යකෝ...............!!!!!


පා:ලී: 
      කට්ටාට එදා සර් අතින් සිදු ඌ දේ තවමත් අප දන්නෙ නැත.. කට්ටාගේ සියලුම වචන සැට් එක සර් විසිං අසා තිබිනි.. බ්ලොග් එක්ක තුල කුණුහරුප ලිවිය හැක.. ඒත් හාවා හොද එකා නිසා ඒ කිසිවක් නොලියෙව්වෙමි (මුගේ බොරු, සිංඩිවලින් එලවනවා නේ;)

සෝ කතාව තෙරුනාද මංදා.. තෙරුන් නැතත් මට කරන්න දෙයක් නැනේ ඉතිං.. මොනා කරන්නද නේද ? :D හික් හික් :D

නෑ:ප:ලි :  "මෙව්වා" යන වචනයට වෙනත් සුද්ද සිංහලයේ ඇති අගනා වචනයක් දන්නෝ ආදේශ කරගත්වා..!!! සර්ට මල පැන්නේ ඒකටයැයි අපිට ආරංචී විය..!


PirateBunny෴

.