Wednesday, January 9, 2013

ඉංගිරීසි

කාලෙකින් ආවා කියන්නෙ මට මගෙ බ්ලොග් එකෙ URL එක හොයා ගන්නත් මාර ගේමක් දෙන්න උනේ..
වනේ වන හතුරෙක්ටවත් වෙන්න නරක වැඩක් ඒක!! :D

බොරු ආටෝප මොකටද ආයුබොවන්ඩ
කතාව මේකයි..
ඕං මං තුමා ඉක්කොලෙ ගියාලුනෙ ඉස්සර.. ඉතිං අපි නිල් කලිසම් ගහන කාලෙ.. ඕං දවසක් අපේ පංතියට එන්න උන්න මිස් හෝ සර් ආවෙ නෑ.. ඉතිං ඒ වෙනුවට වෙන සර් කෙනෙක් ආවෙ.. ඒ සර් කරන්නෙ ඉංග්‍රීසි.. ඉතිං ඕං සර් ඇවිල්ලා මොන මොනාදෝ වගයක් කියනවා කියනවා.. අපිත් අහන් ඉන්නවා.. සර් අපෙ මුන බැලුවාම අපි හිනා වෙනවා.. ඔලුව වනනවා.. එක විකාරයයි!

ඉතිං ඕං සර් එක පාරටම වන්ස් අපෝන ටයිම් කියලා කතාවක් පටන් ගත්තා.. දැං තිං කියනවා කියනවා කියනවා.. හම්මෙ ඉංගිරීසි වැක්කෙරෙනවා.. අපිත් විරිත්තනවා හිනා වෙනවා.. හයියූ බලන්ඩ ඔනි ලග උන්නා නම්.. ඉතිං කතාව කියලා ඉවර උනා විතරයි අපෙ පංතියෙ උන්න ටිකක් බ්‍රයිට් බුවෙක් හක හක ගාලා හිනා වෙනවා..
අපිත් අංදුං කුංදුන් මේ යස අගේට උන්න එකාට මොන යකා ගැහුවද ?
මං කනට කරලා.. යකෝ තෝ මොකද මූසලයො මර ලතෝනි තියං හිනා වෙන්නෙ ඇ?
එතැකොට බුවා කියපි!
ඇයි බං, සර් කීවේ ජෝක් කතාවක්නෙ?






ගිහින් එන්නම් :D

17 comments:

  1. හයියු....ගනන් ගන්න එපා අනේ අපිටත් ඔහොම තමා..... හික්....

    ReplyDelete
  2. දැනුත් ඔහොම තමා බං මට නම්.. හි හි

    ReplyDelete
  3. හි හි ඕවගේම වැඩක් මටත් උනා

    ReplyDelete
  4. අපොයි ඉංග්‍රීසි..ඒවා කතා කරන කොට ප්‍රංශද සංස්කෘතද නැත්නම් වෙන මොකක්වත්ද කියලා අදුර ගන්නත් ටික වෙලාවක් යනවා...හි හි..
    කළු සුදු

    ReplyDelete
  5. ඉංග්‍රීසි නම් මොනවද අෆ්ෆා... (දිව දොට්ට)

    ReplyDelete
  6. ඒ වෙලාවට බොරුවට හිනා වෙන්න ඕනේ බං (අත්දැකීමෙන්)

    ReplyDelete
  7. ඒ වෙලාවට කිති කවාගෙන හරි හිනාවෙන්ටෝනේ :P

    ReplyDelete
  8. ඇයි අපේ එකෙක් ඒලෙවල් වලදී ජෙනරාල් ඉන්ග්ලිෂ් පොතේ මුල් පාඩම කියවන්න පටන් ගත්තා. මුලින්ම තියෙන්නේ "Hi!" කියලානේ. මූ පටන් ගත්තා "හී" කියලා. අවුරුද්දම ඉවරයි පටන් ගත්ත තැනින්. :D

    ReplyDelete
  9. මාත් දවසක් ගණන් මිස්ගෙ කණ්ණාඩි කේස් එකෙන් වයිට් බෝඩ් එක මැකුවා,ඩස්ටර් එක කියල හිතල..සැකේ,එහෙමත් ලැජ්ජාවක්.මේක තව හොදයි.කට්ටියටමනෙ වුණේ..D

    ReplyDelete
  10. ඇයි බං ඉංග්‍රීසි නොදන්න එකා ඉංග්‍රීසි ජෝක් එකකට තුන් පාරක් හිනාවෙනවා කියලා අහලා නැද්ද?

    ReplyDelete
  11. Anushka (bunny) ‏@anushk4
    Dear Mr ජනාදිපති තුමනි. කාර් වගේ DSLR කැමරා බදු රහිතව දෙන්ඩ බැරිද? #PresidentTweets
    Collapse Reply Retweet Favorite More
    6:55 AM - 14 Jan 13 · Details

    meaka oya neada malli damme, oyata mathakada oya gaththa fujifinefix cam eka dunna kena, ehenam mata mail ekak danna mama oyata reply karannam oyage request ekata janadipathigen karapu, ea wagema meaka dakapu gaman me coment eka deleate karanna.

    wimukthi.thenuwara@yahoo.com

    ReplyDelete
  12. Bunny ගේ සිතුවිලි රටට දාගෙන යන්න මාත් ඕන කලබරයක් කියල ඔන්න ගොඩ වැදුනා...

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.