Sunday, February 27, 2011

කැමරා ජීවිතයක ඇරඹුම.. හා නියම මනුස්ස කම..

      හම්මේ.. සති 3-4 ක් ගිහින්ද කොහෙද.. blogspot කියලා දකිත්දිත් කම්මැලියි අප්පා.. :-/
 මේක නම් නොකියාම බැරි කතාවක් නිසා, තාවකාලිකව කම්මැලි IC එක ගලවලා තියලා ලියන්න පටන් ගත්තා :D

මෙන්න මේකයි කතාව.. කාලේක ඉදංම බනියාට කැමරා ගැන මාරම උණක් තිබ්බා... ඕක මාරම දරුණුයි..! ඉතිං නිකන් එව්වා හරියන්නෙත් නැ DSLR...DSLR... එව්වා විතරයි.. හැහ්.. පොල් ගෙඩියක් රුපියල්ම 60 ක් වෙච්චි කාලේක DSLR එකක් කියන්නෙ ගෙයක් හදන සල්ලි නෙවැ :D

ඉතිං තාවකාලිකව ඔය DSLR උණ සම්බන්දව තිබ්බ IC එකත් ගලවලා පැත්තකින් තිබ්බා..
මොන පික්සුද.. නිතර නිතර කැමරාවක් කෝම හරි මගුලක් වෙලා මතක් වෙනවානේ.. අනේ ඉතිං ඒ වෙලාවට කැමරා වලට මිල ගණන් නියම කරපු එකාගේ දෙමාපියං සිහිපත් කරලා නිකා ඉන්නවා.

ඉස්සර නම් DSLR එකක් දැක්කාම කලන්තේ ස්වභාවයක් එනවා.. මං දන්නවා DSLR එකක් තියෙන කෙනෙක් ඒක පරිස්සම් කරන්නෙ දෙවෙනි ගෑනී පරිස්සම් කරනවා වගේ.. :D ඉතිං හැමෝගෙන්ම අනේ බං දියං මචං ඩිංගක් කියලා ආසාවට ඉල්ලන්නත් බයයි.. එව්වා හරියන්නැ.. මගේම එකකට යන්න ඔනි මතේ තමා බනියා උන්නෙ..
ඉතිං ඔහොම කාලයා බනියාට කොචොක් කර කර ඉදිරියටම යනවා..  (අහුවෙයිනේ ඕකා මට)

මේං ගිය බ්‍රහස්පතින්දා (2011..02.24) අපේ ගයාන් කල්හාර මලයා ලිංක් එකක් එවාපී...
අප්පච්චියේ.. කැමර් එකක්.. :-D අපේ තවත් බ්ලොග් ලියන සහෝදරයෙක්.. කැමර් එකක් ගැන දාලා තිබ්බා.. වෙනකවුරුත් නෙවේ සංහිඳ පාමුළ කියලා බ්ලොග් එකක් ලියන විමුක්ති අයියා..
ඉතිං එයා කියලා තිබ්බා කැමර් එකට 12000.. ත් 15000.. දාහත් අතර ගානක් බිඩ් කරලා කමෙන්ට් කරන්න කියලා..
     ඉතිං බනියත් ඒ අයියට මේල් එකක් දාලා.. මගේ දුක්ගැනවිල්ලත් කිවාම ගානක් කියන්න කිවා.. මං මුලින්ම එයාට කීවේ රු18000.. ක් දෙන්නම් කියලා. මොකද ඒ කැමර් එක ඊට වඩා දෙගුණයක් විතර මිලයි.. මේං බනියාට රිප්ලයි එකක් එනවා.. ඇස්දෙක අදහාගන්නත් බැ.. රුපියල සතේටත් ගහමරා ගන්න කාලේ.. මෙහෙම මිනිස්සුත් ඉන්නවාද කියලා බනියාට හිතෙන්න ගත්තා.. ඇස්දෙක පිහිදැමුනේ නිකන්ම වගේ.. (හීනයක්ද කවුද දන්නෙ :D)
   ඒ අයියා කියලා තියෙනවා.. අනේ මල්ලි මට වැඩිපුර සල්ලි එපා.. ඉතිරි සල්ලි වලින් ඔයා ට්‍රයිපෝඩ් එකක් ගන්න... මට 12-15 අතර ගානක් දෙන්න.. ඔයා ගන්නවා නම් මං ලක්ශෙට ඉල්ලුවත් පොරොන්දුව කඩකරන්නෙ නැතිව ඔයාටම කැමර් එක දෙන්නම් කියලා.. ඉතිං මං හැරුන තැපැලෙන්ම 15 දෙන්නම් කියලා යැව්වා මේල් එකක්.. ඔන්න වැඩේ ඕකේ..
ඒ වෙද්දිත් එයාගේ බ්ලොග් එකේ කමෙන්ට් වැටිලා ... 15000, 18000 , 18500, 20000 ත් අතර ගනන්...

    ඒත් මෙන්න මේකයි නියම මනුස්ස කම කියන්නෙ.. එයත් මං වගේම කැමරාවකට හීන මවපු කෙනෙක්.. දැන් එයාට කැමරා දෙක්ක තියෙන නිසා තමා මේක විකුනන්න දාලා තිබ්බෙ.. ඉතිං එයත් මගේ දුක දන්නවා හොදටම.. :-)

ඉට දවසකට පස්සෙ මට රත්නපුරේ ඉදන් ගාල්ලටම කැමර් එක එවලා තිබ්බා.. අංකල් කෙනෙක් අතේ.. ඉතිං මට රත්නපුරේ යනවාට වඩා ඒ අංකල්ට බස් වියදම දුන්නාම ලාබ නිසා මාත් කැමති කියලා එහෙම ගෙන්න ගත්තා..

ඉතිං මේ පොස්ට් එක ඒ මනුස්සකම දන්න විමුක්ති අයියටයි..
මං කවදාවත් නොදැක්ක මේ බ්ලොග් එකේ ලිංක් එක මට පෙන්නපු අපේ කල්හාර මලයාටයි ගොඩාක්ම පිං.. :-)

මේං මේක තමා කැමරාව
කැමර් එක ගැන නම් මං වැඩියමක් ලියන්න යන්නෙ නැ.. ඒ ගැන විස්තර ඔනි තරම් Google Search පාරක් දැම්මාම විස්තර ඒවි...


මාත් කැමරා ගැන වැඩිවිස්තර බලාගන්නෙ මෙන්න මෙතනින්...




ඉතිං ආයේ දවසක හමුවෙමූ .. 
මට ජය වේවා.. :-D

කැමරාවක් ලැබුණ මම
Bunny