Sunday, March 20, 2011

Hanthana Linux zzzz :-D

         මේක මේ කාලෙක ඉදන්ම දාන්න උන්න පොස්ට් එකක්.. කොහෙද ඉතිං අර වඩුවාගේ ගෙදර පුටුව නැ.. බාලගිරි දෝසේ අද නෙවේ හෙට වගේ කල් දම දමා උන්න එකක්.. (වෙන මුකුත් නෙවේ කම්මැලිකම)


ඉතිං අවසරයි.. මා මෙතනට පැමිණියේ හන්තාන ලිනක්ස් සම්බන්දයෙන් වචන ස්වල්පයක් ඔබ හමුවේ තැබීමටයි..

         මෙහෙමයි මේකත් ලිනක්ස් පාදක කරගත්තු මෙහෙයුම් පද්දතියක්..
මේකේ බේස් එක කරගත්තෙ අපි fedora කියන මෙහෙයුම් පද්දතිය.. විශේෂයෙන්ම මේක ගන්න හේතු උනේ ආරක්ශාව අතින් ටිකක් තදේට ඉන්න නිසා :-D   ඊලගට අපි මේක තව චූටි කරලා හැදුවා හන්තාන CD එකක්.. චූටි කරා කිවේ CD එකට කොම හරි ඔබාගන්නත් එපැයැ.. ඉතිං කලේ XFCE කියන අතුරු මුහුනත දාලා.. අද්‍යාපණික මෘදුකාංග දාලා..
           විශේෂයෙන්ම මේක වැදගත් වෙන්නෙ ඉස්කෝල වලට.. මොකද ඉතිං ඉස්කොල වල තියෙන මැශින් ගැන දන්නවානේ..(මහන මැශින් නෙවේ මේ කොම්පීතර් :D ) අන්තර්ජාල පහසුකම් නැ.. වෙන ලිනක්ස් OS එකක් දැම්මට Mp3 බලන්න බැ.. ඔය යාලුවෝ එක්ක අනම් මනම් Video බලන්න බැ ;-) නේද ? :P        අනික ඉතිං ඉස්කොලේ මැසිමකින් මොනා හරි ඉගෙන ගන්නවා නම් ඉතිං අඩුගානේ පිරියඩ් 8 ම කට්කරගන්න බලාපොරොත්තු වෙන්ටෝන...මොකද මැශිම ලෝඩ් කරගන්න පිරියඩ් එකයි.. මෘදුකාංගේ ලොඩ් වෙන්න පිරියඩ් එකයි.. චිත්‍රයක් ඇන්දා කියමු.. ඒක අදින්න පිරියඩ් 4 දාමු.. ඔන්න ඇදලා සෙව් කරන්න පිරියඩ් එකයි.. ක්ලොස් කරන්න පිරියඩ් එකයි.. ශට්ඩවුන් කරන්න නම් තිං ;-) තත්පරයයි.. (බිත්තියෙන් ඔෆ්කරන්න බැරියැ :P හිහ් හිහ් හිහ් )
       මොනා උනත් ලංකාවේ ආර්තිකේ හැටියට හැම පාසලකටම ලොකු ලොකු මැශින් දෙන්න බැහැනෙවැ.. අනික ඉතිං එව්වාට දාන මෘදුකාංග වලට ඊට වඩා වියදම් දරන්ට එපැයැ ;-)
ඉතිං ඔය IT (Itin Takaran) කරද්දි බනියලත් ඔය දුක්ක දෝමනස්සයන්ට මූන දුන්නා... ඒ වගෙමයි අපි පිහිටවා ගත්තු SLUG (දක්ශිණ ලිනක්ස් සංසදය) එකෙන් කල ලිනක්ස් වැඩමුලු වලටයි ගියාම අන්තර්ජාල පහසුකම් නැති උනාම එන කට්ටයි නිසා..  අපිටම කියලා මෙහෙයුම් පද්දතියක අවශ්‍යතාවය අපිට ආවා.. ඉතිං ඒක නිසා ඩනිශ්ක අයියාගේ අදහසකට අනුව අපි හන්තාන ලිනක්ස් LiveCD එකක් විදියට දොරට වැඩම්මව්වෙ..

දැන් මේ ඔක්කොම තව තවත් දියුනු කරලා Live DVD එකක් නිකුත් කලා..
එකෙනම් තියෙන්නෙ Gnome කියන අතුරු මුහුනතයි KDE කියන එකයි.. තව අලුතින්ම ආව Gnome Shell කියන එකයි.. (මං නම් පුද්ගලිකව කැමති Gnome වලට :)

ඉතිං මේකේ හිතාගන්න බැරි තරම් මෘදුකාංග දාලා තියෙනවා..  ඔයාලත් උස්තාහා කරලා බලන්න... මෙන්න මෙතනින් බාගන්න පුලුවන්..
මේක පිලිබද
වැඩිවිස්තර දැන ගන්න ඔනි නම් මෙතන බලන්න

ඉතිං රු 60000/= විතර මිල කරන පොඩි මැශිමකට.. තව රු50000/= ක් විතර මෘදුකාංග වලට වියදම් කරලා රජයේ පාසල් වලට දෙන මැශින් වලින්.. ඔය මෘදුකාංග වලට යන වියදම අඩු කරන්න ලිනක්ස් දැම්මොතිං තව එක පාසලකට හරි IT ලැබ් එකක් දෙන්න පුලුවන් නේද ?


බලාබලාලාබලාලබාබලා.....

මේ ගැන වැඩි විස්තර දැන ගන්න ඔන්නම් මෙන්න මෙතනින් ගිහිල්ලා ඩනිශ්ක නවින් අයියාගේ බ්ලොග් එකේ බලන්න..ඩනිශ්ක අයියා තමා මෙකේ මුලසුන අරගෙන වැඩ කරන්නෙ.. බනියත් හන්තාන එකට සම්බන්දයිලු.. මොනා කරනවද කියලා බනියා නම් දන්නැ..

ඒ වගේමයි හෙන සෙටාර් එකක් මෙක වටේ ඉන්නවා.. :-D දැනට ඉස්කෝල 3-4 ක්ම සම්පුර්ණයෙන්ම පාවිච්චි කරන්නෙ හන්තාන.. ඒ වගේම  ඉන්ටර්නෙට් කැෆේ 2 ක් විතර තනිකරම හන්තාන :-)

ඉතිං ඒ ආඩම්බරයත් හිතේ තියාගෙන මං සමුගන්නවා.. ඉතිං ඔයත් උත්සාහ කරලා බලන්න.. මොනා හරි ගැටලුවක් තියෙනවා නම් ඩනිශ්ක අයියාම අල්ල ගන්න හොදේ :P මං නම් ඉතිං බිසි නෙවැ :P

ආ අමතකම උනා.. මේක ඩවුන්ලොඩ් කලා කියලා සතයක්වත් ඔනේ නැ හොදේ  :D පුලුවන් නම් යාලුවන්ටත් බෙදලා දෙන්න.. ඉස්කොලේ ගිහිල්ලා හොරාට ඉස්කොලේ මැශිමකටත් දාන්න.. සර් හො මිස් කවදාවත් බනින එකක් නැ :-)
(බැන්නත් මටයැ :P :P :P )

පා:ලි: ඉදිරියට හන්තාන මත ඉදන් වැඩ කරගන්න විදියේ පොඩි පොඩි බ්ලොග් පොස්ට් ටිකක් දාන්නයි කල්පනාවා.. ඔය අලංකාර කටයූතුවලට කැමතියි නෙවැ.. හෙනම් රැදී ඉන්න බනී එක්ක.. අපි කැපුනා

හෙනම් ටටා..!!

Thursday, March 10, 2011

මරණ පෝස්ටර්..

            හලෝ  ළමයි.. ඕං කාලෙකිං මේ පැත්තෙ හාවා ආවා .. :D අද නම් වැල් වටාරම් කියන්නැ.. මේක මට වැටිච්චි  බකට් එකක් ගැන කතා පිංචක්..

  මේක උනේ මං වැරදිලා ඉස්කොලේ ගිය දවසක.. එදා අනේ මගේ කරුමෙටද මංදා ෆිරියඩ් දෙකක් තියෙනවා ඒ දෙකටම ටිචර්ස්ලා නැති දවසක්...
    ඉතිං කලාස් එක දෙවන ලෝක යුද්දෙ වගේ.. එහාට මිසයිල යනවා මෙහාට යනවා.. එක එක ජාතියේ හෙලිකොප්ටර් කෆිර්.. හැබැටම දෙවන ලොක යුද්ද කාලේ එච්චර තාක්සනේ දියුනු වෙලා තිබ්බා නම්.. අනිවා ඔව්වා කරපු උං මේ ලොකේ පලුවයි ඉතිරි කොරන්නෙ.. ඒකත් අර කාන්තාර කොටස් ටික වෙන්ටෝන..!! 
         ඉතිං මේ විගඩම් බලන් ඉන්න බැරි තැන බනියායි බනියාගේ ගැන්සියේ උන්න නුවන් කොලුයි සෙට් වෙලා පොඩි පහේ මඩ වියාපාරයක් දියත් කොලා.. ඒ තමා අපිට ගේම දෙන්න උන්න එකෙක්ට මරණ පොස්ටර්  ගහන්න :D (කොච්චර කිවත් ඇහැව්වෙ නැ කාඹරයක් ඇති කියලා මේකා ගේමමනේ දෙන්න හදන්නෙ)
කෝමත් අපේ සැටැර් එකෙන් ගුටි කනවා කියන්නෙ.. ඌට මරණපොස්ටර් අනිවාර්යයි නෙවැ.. හිහ් හිහ් හිහ් :D  (අනේ මං නම් නැ ඔව්වාට මං හෙනම අහිසංකයා.. ඊටත් පොඩ්ඩක් එහා අහිංසකද කොහෙද)

 මට තියෙන්නෙ තිං ඔය කලා කටයුතු බාරව වැඩ කොරන්න තමා.. කොඩි වැල්, තොරන්, බැනර්, තව සැරසිලි හා මරණපොස්ටර්.. ඔව්වාට තිං ගමේ ගොඩේත් බනියාව ඕනිමයි.. බනියා නැති මලගෙදර හරියට මල ගෙයක් වගේ :D :D

ඉතිං මේ ගමෙන් ලැබුනු ආභාශය බනියා උපරිමෙන්ම ඉස්කොලෙදිත් පාචිච්චි කොලා..

ඉතිං ඕං දැන් බනියයි බනියාගේ යාලුවායි උපරිමෙන්ම හො ගාලා වැඩ.. පොටෝ එක අදිනවා.. ඒකේ දිනේ දානවා.. අනම් මනම් වැඩ..

හනේ ඔය අතරෙ තමා බනියාටයි නුවන් කොලූටයි කණ කොකා අඩන්නෙ..

ඕං බනියාට දැනෙනවා.. මගේ මේ සියුමැලි දිග කන් දෙක අපාය සයිඩ් එකටම ඇදෙන ගතියක්.. අනේ අපායේ නිල රථයේ යතුර ස්විච් එක කැරකැවෙනවා..

හෆොයි.. ප්‍රින්සිපල්... O_O

ආයේ හන්ගන්න දෙයක් නැ.. වැඩේ අතේ මාට්ටු..

ප්‍රින්සිපල්. : නැගිටපියව්..

B-N      : නැගිටියි.

ප්‍රින්සිපල් : මොකක්ද තොපිලා මේ අදින්නෙ ?

බනී      : සැ සැ සැ සෑර්.. ම ම ම මරණ පොස්ටරයක් (මුගෙ කන් පොට්ටද කොහෙද. අච්චර   ලස්සනට ඇන්ද එක පෙන්නැත්තෙ අනිවා මෙකාගෙ කන් පොට්ටයි..)

ප්‍රින්සිපල් : කාටද තොපිලා මේක ඇන්දෙ ?

නුවන්    : සර් ඩස්පියාට.. නැනැනැ මේ චතුරන්ගට..

ප්‍රින්සිපල් : ශා.. උබලාට හොදට චිත්‍ර අදින්ට පුලුවන් නේද ?

(අප්පට බොල මූ මොකාටද එන්නෙ ?)

B.N      : (කුප්ප හිනාව මිශ්‍රව..) ඔව් සැර්.. අපි චිත්‍ර කොරන්නෙ :D

ප්‍රීන්සිපල් : ආ එහෙමද ? යමල්ලා ඔෆිස් එකට.. උබලාට වැඩක් තියෙනවා දෙන්න..

ඕං තිං බනියයි නුවනුයි ඔලුව කශ කශ ඔෆිස් එකට ගියා.. අපි නම් පශ්ශාත් භාගයේ උපතිං ආ නිමාව ගැන අදහස අතැරගෙනයි ගියේ... හුට්ටප්පරයයි, වේවැල නෑ.. ඒ වෙනුවට මේං ප්‍රින්සිපං ගේනවා A4 කොල මිටියක්..

ප්‍රින්සිපල්.. : මෙතනින් ගන්නවා ගනන් කරලා කොළ 100 ක්.. අරන් දෙන්නා 50 - 50 බෙදා ගන්නවා.. දැන් මෙතන පුටු දෙකෙන් වාඩි වෙලා,  බනියාගේ මූන නුවන්.. නුවන්ගේ මූන බනියා ඇදපිය මේ කොළ වල.. ඇදලා බොලාලාගේ "විපත" කොටසට ඉඩ තියලා හදාපිය මරණ පොස්ටර්..!! උබලා අදින අදින පොස්ටර් මට ගෙනැල්ලා බාර දෙන්න ඔනි..! ආයේ උබලා ඉස්කොලෙන් අස් වෙන දවසට මං මෙව්වා බොලාලාගේ දෙමාපියන්ට බාර දෙන්නම්..!!

"අනිච්චාවත සංඛාරා" .. මෙවන් විපතක් කිසිවෙක්ටත් අත් නොවේවා..! 

අනේ අම්මෙ ගුටි කැවා නම් මීට වඩා සතුටුයි.. මොන කරුමයක්ද දෙයියනේ චිත්‍ර අදිනවා කියන්නෙ මරන් කැවා හා = වැඩක් නේ :-/

ඉතිං කෝම කෝම හරි ඉස්කොලේ ඇරෙන්න මත්තෙන් අපි පොස්ටර් ටික බාර දුන්නා..
ඉතිං ප්‍රින්සිපල් සර් හිනා වෙලා කාරිය අපිට හොද ඔවදන් මාලාවක්ම දීලා අපි ගෙවල් වල පිටත් කෙරුවා..
එදා සර් අපිට ගහලා එලවලා දැම්මා නම්.. මීට වඩා දෙයක් ආයේ කරන්න ඉඩ තිබ්බා.. නමුත් මේ දඩුවම මතක් වෙද්දි නම් ඇග හිරි වැටිලා යන තරම් මට...

අද අපේ ප්‍රින්සිපල් සර් මොකක්දෝ වැඩක් තාත්තා එක්ක කතාකරන්න අපේ ගෙදර ආවා.. මට සර් දැක්කාම ඕක තමා මතක් උනේ.. ඉතිං මං තකහනියක්ම බ්ලොග් එකේ ලියලා දැම්මා.. නැතිව ඉතිං තව මාස 2-3 කිං නෙවැ බ්ලොග් එක පැත්තෙ පශ් පාගන්නෙ :D

ඉතිං කැම ඔතන් එන කොලේ පොලිතින් උණ පලියට ඒක ගිල්ලවන ප්‍රිංසිපල්ලා ඉන්න රටක.. අපේ සර් නම් ....... ?
මට වචන නැ සර්.. 
සර්ට දිර්ගායුශ..! 

හැමදාමත් පික්ශු නටන මං
Bunny

.