Showing posts with label ආගම්. Show all posts
Showing posts with label ආගම්. Show all posts

Saturday, October 6, 2012

නිවන් යන්න කැමතිද?

ඔන්න පංසලක හාමුදුරු නමක් උන්නලු,  මේ පංසල ලස්සනට චාම්ව තියෙන නිසා මෙකට දෙවි කෙනෙක් වැඩියලු.. ඉතිං ලොකු හාමුදුරුවන්ට කතා කරලා ඒ දෙවියෝ කිවාලු.. ඔබවහන්සේට මම නිවන් අවබෝද කරගන්න වරයක් දෙනවා කියලා, ලොකු හාමුදුරුවො ටිකක් කල්පනා කරලා කිවාලු. මට විතරක් අපරාදෙනෙ. ගමේ දායකයන්ටත් දෙමු කියලා.. ඉතිං දෙවියොත් වැඩේට සෙට්ලු.. ඔන්න ගංඨරෙ කාරිය එහෙම ගහලා ගමේ ඇත්තන්ව ගෙන්නුවාලු පංසලට,
      දෙවියො කිවාලු හා එහෙමනම් එක එක්කෙනා එන්න ඉස්සරහට නිවනට යවන්න කියලා. මුලින්ම ඔන්න සුමනදාස අවාලු..
අනෙ දෙයියෝ මං මේ සිමෙන්ති වගේකුත් ගෙනාව ගේ හදන්න තියෙනවා. එක කරලා දාලම නිවන් දකිනවා කියලා අයින් උනාලු..

ඊලගට වාරේ අවෙ අමරාට ලු.. අනේ දෙවියනෙ අපෙ ලොකු කෙලීව කසාද බදින්න කොල්ලෙක් ඉන්නවා. ඒ කාරිය ටික කරලා දාලම මං නිවන් දකිනවා කියලා අයින් උනාලු..


ඊලගට ග්‍රාම සේවක මහත්තයාට වාරය.. අනේ දෙයියෝ මේ මට අපු පැමිණිලි ටිකක් තියෙනවා.. ඒ ටික ඉවරයක් කරලම එන්නම්..

ඊලගට සියදෝරිස්.. අනේ අපේ ඉඩමෙන් කැල්ලක් අල්ලන් අර මනුස්සයෙක්. ඒකෙ නඩුවෙ තීංදුව මේ මාසෙ දෙනවා කිවෙ. ඒක බලලම මං එන්නම් දෙයියො!

ඔහොම ඔහොම ඔක්කොම එක එක එව්වා කියලා අයින් උනාලු.. දැන් ආවෙ හාමුදුරුවන්ගෙ වාරෙලු..
එහෙනම් ඉතිං ලොකුහාමුදුරුවො වත් නිවන් යවන් නම් නේද ? කියලා දෙවියො ඇහුවාලු..
අනේ දෙවියනේ පංසලෙ ආවාසගෙයි වහල කඩං වැටිලා ඒක ලබන ඉරිදා හදන්න ඉන්නෙ.. දැම්ම නම් නිවන් දකින්න බෑ මට..!!       
   දෙවියංගෙ ඇස්දෙක O_O මෙහෙම උනාලු.. ශුශ් ගාලා දුමක් ඇවිල්ලා දෙවියෝ වාශ්ප උනාලු.. !






 පලී: අපේ සමහර FB එකෙ ඉන්න උදවියත් ඔහොම්මයි.. දෙන්නෙ 1000 ටෝක්ස්.. කරන්න ගියාම .. වෙන වැඩ
"තොප්පි දමාගැනිමෙන් වලකින්න"


..





.

Wednesday, February 8, 2012

භවතු සබ්බ මංගලං

ලංකාවේ විවාහ චාරිත්‍ර ඇත, අනන්තවත් ඇත.. සමහරක් දැ නම් මට බලං සිටිය නොහැකි ආකාරයෙ විකාරයංය.. පෝරුවට නැග හැම මගුලම කර රටටම හෙලි කරන්නෙ.. ඔන්න අපි නිත්‍යානුකුලව සංසර්ගයෙ යෙදෙන්නට යනවා යන්න හුවාදැක්වීමටයැයි මාගෙ කුඩාමොලයට සිතේ.. උදාහරණයක් ලෙස ගත්කල තම බිරිදගේ වටෙ රෙද්දක් ඔතා ඈ පිරිසිදු තැනැත්තියක් යැයි ආ හැමෝටම පෙන්නති.. සුදු රෙද්ද යනු පිරිසිදු බව ඔප්පු කරන්න ඩොකෙක් දෙන වාර්ථාව වෙයි.. එසේ බලද්දි ලංකාවට ස්ත්‍රිංගේ පිරිසිදු බව ඔප්පු කරන ඩොකාලා අවශ්‍ය නැත.. සුදු රෙද්ද තිබ්බාම ඇතිය.. ස්ත්‍රී දූශණ නඩුවකදි නඩුකාරයා ඉදිරියෙ සුදුරෙද්දක් ඔතා පෙන්නු කල නඩුව දිනුම්ය..

කෙසේ නමුත් විවාහ උත්සවයකදී විවාහවන දෙපලට  "භවතු සබ්බ මංගලම්" ගාතව කියා ආශිර්වාද කරති.. එනම් නිත්‍යානුකුල සංසර්ගයෙ යෙදි, දරුවන් සඳා පවුල් ජිවිතයක් ගෙනියැමට දෙන ආශිර්වාදයකි..
භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ බුද්ධානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ ධම්මානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ සංඝානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ

“සුභ මංගල්‍යයක් වේවා, සියලුම දෙවියන් රකිත්වා, සියලු බුද්ධානුභාවයෙන් සියලු ධම්මානුභාවයෙන් සියලු සංඝානුභාවයෙන් ඔබට සෙත සැලසේවා”

නමුත්
එම ගාථාව සිංදුවක පසුබිමට දමා ගීතයක් ගායනා කිරිම අපේ රටේ මොලෙ ගලවා ධර්මචක්‍රය ගහ ගත් පොරවල්ලාට හෙන කැසිල්ලකට කාරනාවක් වී ඇත.. මෙම කැසිල්ල සැදි ඇත්තෙ බුදු දහමට සිද්දවෙන අපහාසයට නොව.. ගායකයා ක්‍රිස්තියානි ආගම් කාරයෙකු වීමය..!
ක්‍රිස්තියානි උං හා මුස්ලිම් උං පමනක් හම්බානෙක බුද්දාගමට ගරහති.. සිවුර පෙරවන් සිටින සමහර සංගපාලලා ගැන කවුරුවත් කතා කිරිමට කැමති නැත.. පිටිදුවෙ සිරිදම්ම නැමැත්තා කාලයක් නැටූ විගඩම් හෙලිවීය.. ඒ ගැන FB හි පොරටෝක් දීමට එකෙක් වත් ආවෙ නැත.. නමුත් මාස කිහිපයක් පැරණි සිංදුවක් අල්ලං උගුර කඩං කෑ ගසති.. ජනාදිපතිට ලියුම් යවති..
  ශ්‍රී දළදා මාලිගාවෙත් වංචා දූශණ කරන උං සිටී නම් රටෙ අනික් තැන් ගැන කතා කර වැඩක් නැත.. මෙවන් රටක ඉපදීමට අපි හෙන පිංකර ඇත..නමුත් කාලකන්නීන් ටිකක් දැක ගැනීමටද අපි පවු කර ඇත..
කෙනෙක් ඇසුවහොත් පුද්ගලිකව මම කැමතිම බැන්ඩ් එක ලෙස Daddy බෑන්ඩ් එක තෝරන්නෙ කිසි පැකිලිල්ලකිං තොරවය.. මේ වකවානුවේ යම් නිර්මාණයක් කලෙ නම් සාර්ථකව කලේ එම බැන්ඩ් එකෙ උංය.. "ටිකෙන් ටික" ගීතයත් එවැනි ගීතයකි.. මා තවමත් ප්‍රිය කරන ගීතයකි.. මට එම ගීතය කටපාඩම්ය.. එහි රැප් එකක් නැත..  රැප් එකක් තිබ්බෙ නම් මට එම ගීතය  කියාගත නොහැක..
දළදාමාලිගාවෙ පාරම්පරික හේවිසි නාදය ලංකාවෙ සිංදු කීයකට නම් යොදාගත්තද ? ඒ ගැන කවුරුන් කතා කරාද? 
මෙහි ඇති ලොකුම දේ ඉරිසියාව හා ආගම්වාදය ලෙස මට සිතේ.. මෙච්චර කාලෙකට කාටවත් මෙම අයිඩියා එක අවෙ නැත.. ඉතිං අනික් සංගීත කාරයින්ට පට්ට ජේ ය..

තවද මෙම සිංදුව ගැන විචාරය කරන උං පවසන්නෙ මෙම ගීතය තුලිං සෘංගාරාත්මක කාමුක ගතියක් එන බව පවසති.. එවන්නංගෙ මොලේ ක්‍රියාකාරිත්වය මොංටිසෝරි කුඩාදරුවන්ට වඩා ලාබාලයැයි මට හැගේ.. ඒ අමුතුම  සෘංගාරායකි.. තම බිරිදගෙ නලල් තලය සිප ගැනීම හා ඇ වඩාගෙන කරකැවීම සෘංගාරා රසය වේ..      භාගෙට ඇදගත් ගණිකාවං වටේ තියං අතපය ලෙව කන වීඩියෝ අනන්තවත් ලංකාවේ ඇත.. උං ගංජා ගහති අරක්කු බොති ඒ ගැන සිංදු කියති.. තෙරෙන්නෙ නැති රටබයිලා ගසමිං රැප් කර අඩති.. අපිත් උඩපනිති නටති.. ඒවා ටීවි වලද උඩදමාගෙන පෙන්නති.. මේවායෙ එන්නෙ සෘංගාරා රසය නොවේය..!!
නමුත් මේ ක්‍රිසිතියානි එකාගෙ ගීතයේ මේ හැමදේම ඇත.. මෙය බුද්දාගමට කල අපහාසයකි.. මෙවං උං උළතැබිය යුතුය.. මෙහි ඇත්ත නැත්ත තෙරෙන අපිත් එල්ලි සියදිවි හානි කරගත යුතුය.. එකෙක් නැගිටින විට අනිකා කකුලෙන් අදිති.. එකිනෙකාට ඉරිසියා කරති.. එය නැවැත්විය නොහැක..

මෙසේ කෑ ගහසන්න මටද පස්චාත්බාගයේ අමාරුවක් ඇත.. ඒ කුමක් නිසාද මම නොදනිති..!!

පාලී: (කොල්ලන්ට පමණි)
මෙන්න මචං අර සෘංගාරය උතුරණ සිංදුව.. බලලා සව්‍යංවිංදනයේ යෙදෙන්න පුලුවන්ද බලන්න.. :)



ඉතිං සැමට භවතු සබ්බ මංගලං..!!

..



ද බනී-

Saturday, July 16, 2011

රැවුල වැවීම තුලිං තම්බියෙක් වීම හා FB මගිං විඥ්ඥාණය පහල කරවීම..!

 අනම් මනම් ඔන්නැහැ.. මේ  පිටියෙ අප්පු කියන මහත්තයයි අනුෂ්ක ලක්මාල් කියන කොල්ලයි එක්ක ගිය චැට් එකක්.. මං හොරකම් කරලා දැම්මා මේකේ :D
බලන්නකො අපේ මිනිස්සුන්ගේ දේශප්‍රේමය..!!
 

පිටියෙ අප්පු  අඩෝ තම්බියා

Anushka Lakmal  eh ? මං සිංහල ඩෝ

පිටියෙ අප්පු ඒවුනාට තෝ රැවුල වවලා තියෙන්නෙ තම්බියෙක් වගේනෙ

Anushka Lakmal ඇයි මුස්ලිම් උන්ට විතරද රැවුල වහන්න හොද ?

පිටියෙ අප්පු එවුනාට තම්බියෙක් විදියට හැසිරෙන එක නෝන්ඩි නෙ

Anushka Lakmal නැ කිසිම නෝන්ඩියක් නෑ


පිටියෙ අප්පු ලැජ්ජ නැද්ද ළමා දූෂක , ස්ත්‍රී දූෂක , මිනීමරු , කල්ලිවාදී මානසික රෝගියෙක්ව අදහනවා කියල ප්‍රසිද්ධියෙ පෙන්නන්න ?

Anushka Lakmal
lol කිසිම ලැජ්ජාවක් නැහැ.. මොකද මං මුස්ලිම් කියන මානසිකත්වයෙන් ඉන්නෙ නැහැ

Anushka Lakmal ඒ වගේම උඹලා වගේ, ජාතී වාදය ඇදගෙන කැ ගහන්නෙත් නැහැ

පිටියෙ අප්පු උඹලට ජාතිවාදය මතක් වෙන්නෙ උඹෙ අල්ලපු ගෙදරට තම්බියෙක් ආපු දාට එතකල් මතක් වෙන්නෙ නෑ අල්ලපු වත්තෙ මුස්ලිම් පල්ලියක් හැදුන දාට එතකල් මතක් වෙන්නෙ නෑ බය වෙන්න එපා අපි ඒ වගකීම ජාතිය වෙනුවෙන් ඉටු කරනවා

Anushka Lakmal
මාර දේශප්‍රේමයනේ.. එහෙනම් අර පාර්ලිමෙන්තුවේ කරන විගඩම් නවත්තලා ඉන්න ඉස්සෙල්ලාම මොකද මුස්ලිම් ජාතිය රට විනාස කරනවා කියන එක නෙවේ

පිටියෙ අප්පු
    ඒකට මට බලය නෑ 

Anushka Lakmal
අන්න අතන ඉන්න උණුයි ඒක කරන්නෙ පාර්ලිමෙන්තු හැත්ත

පිටියෙ අප්පු මට බලය තියෙන විදියටයි මම වැඩ කොරන්නෙ

Anushka Lakmal බලය නැත්නම් කැ ගහන්නෙ මොකද ? දැන් මුස්ලිම් ජනතාව මරන්නද හදන්නෙ ? නියමයි නියම දේශප්‍රේමය

පිටියෙ අප්පු මම එහෙම මතයක් කොහෙවත් කියල නෑ

Anushka Lakmal බය වෙන්න එපා අපි ඒ වගකීම ජාතිය වෙනුවෙන් ඉටු කරනවා ඕක කිවේ මං නෙවේ නේ ? වගකීම කියන්නෙ මුස්ලිම් ජනතාව රටිං පන්වන එකද ?

පිටියෙ අප්පු ඒකෙන් මුස්ලිම් අය මරනවයි කියල අදහස් වෙනවද ?

Anushka Lakmal පොඩි අදහසක් එනවා නැතිව වෙන කරන්න දෙයක් නැහැ නේද ?

පිටියෙ අප්පු වෙන කොරනන් ගොඩක් දේවල් තියෙනවා

Anushka Lakmal ඔව් එකම දේ අරාබියට වීසා දෙන එක තමා
 
පිටියෙ අප්පු නෑ

Anushka Lakmal එහෙනම් ?

පිටියෙ අප්පු මිනිස්සුන්ගෙ විඥ්ඥාණය එළිපෙහෙළි කරන එක


Anushka Lakmal සිංහල උංගෙද ?

පිටියෙ අප්පු ඔව්

Anushka Lakmal දැන් සිංහල මිනිස්සුන්ගේ විඥ්ඥාණය පහල කරවන්න කියන්නෙ මොනාද ? අර මට කලින් කියපුවාද ?

පිටියෙ අප්පු ඇත්තටම මුස්ලිම් උන්ගෙත් විඥ්ඥාණෙ එළි වෙනවා

Anushka Lakmal
ඔයාලා free රැවුල කප්පනවාද සිංහල මිනිස්සුන්ගෙ ?

පිටියෙ අප්පු හයියෝ ඔබතුමා නම් නියම තම්බියෙක්

Anushka Lakmal මුස්ලිම් උන්ගේ විඥ්ඥාණෙ පහල කරවන්න දගලන්න එපා

පිටියෙ අප්පු
ඔව් ඔව්

Anushka Lakmal පහල වෙනකම් ඉන්න දෙන්න

පිටියෙ අප්පු මාත් ඔබතුමාගෙ විඥ්ඥාණෙ පහල කොරවන්න යන්නෙ නෑ

Anushka Lakmal නෑ මගේ විඥ්ඥාණෙ පහල කරවන්න ඔනී නැහැ

පිටියෙ අප්පු
මොකද ඔබතුමාත් තම්බියෙක් නේ ඒක තමයි ඔබතුමා තම්බියානේ

Anushka Lakmal
රැවුල වැවුවා කියලා තම්බියෙක් වෙනවා කියන්න තරම් පික්සුවක් තියෙන මනුස්සයෙක්ද විඥ්ඥාණෙ පහල කරවන්න හදන්නෙ ?


පිටියෙ අප්පු
නෑ ඔබතුමාගෙ තියෙන්නෙ තම්බි මනසක් කියල මට විද්‍යාමාන වුන නිසා
 
Anushka Lakmal lol මං කොණ කපාගෙන නැ මචං

පිටියෙ අප්පු
ඒකත් කොර ගනින්

Anushka Lakmal මාර කතාවක්නේ ඔබතුමා කියන්නෙ රැවුන වවන හැම පිරිමියාම මුස්ලිම් වෙනවද ? ඒක මාර අප්‍රභංස කතාවක් නේද ?

පිටියෙ අප්පු උඹ බය වුනා නේද ?හූ

Anushka Lakmal
අපෝ නැහැඋදේ පාංදර ලේ ටික පිරිසිදු උනා
 
පිටියෙ අප්පු හැක් හැක් හැක් බය වීමෙන්ද ?

Anushka Lakmal නෑ හිනාවෙන්

පිටියෙ අප්පු මට ඕන වුනේ මුස්ලිම් අයගෙ රැවුල වැවිල්ලයි , ඔබතුමාගෙ රැවුල වැවිල්ලයි , ස්ටයිල් දෙකම එකයි කියන්නයි

Anushka Lakmal නෑ මං රැවුල වවන්නෙ ස්ටයිල් එකකට නෙවේ පසු වාසී රැසක් අපේක්ශාවෙන්
 
පිටියෙ අප්පු ගෑණු 4ක් ගන්නද ?


Anushka Lakmal
අද කාලේ හැටියට ගෑනු 4 ක් තියා 1 කෙනෙක් වත් නඩත්තු කරගන්න පුලුවන් කියලද හිතන්නෙ ?

පිටියෙ අප්පු ඔය තම්බිලා කොරන්නෙ නැගෙනහිර පැත්තෙ හරි හරියට පවුලක ළමයි අඩුම 10 යි

Anushka Lakmal ඔව් ඒ ආගම ජනප්‍රිය කරන්න කියලා දෙන උල්පන්දම් වල ප්‍රතිපලනේ ඔව්වා.. ආසාවත් එක්ක දෙක මික්ස් උනාම ආගමේ ජනප්‍රියත්වයත් වැඩි වෙනවා ඒ ආගමට තව එකෙක් වැඩි වෙනවා ඒ වගේම අර මිනිහාගේ ආසාවත් ඉශ්ඨ වෙනවා

පිටියෙ අප්පු
ඒක ආගමක් නෙවි

Anushka Lakmal
එහෙමනම් ?

පිටියෙ අප්පු ආගමක් කියල ඉදිරිපත් කෙරුවට මගෙ ප්‍රොෆයිල් එකෙ තියෙනවා සාක්කි කැමති කෙනෙක්ට බලන්න පුළුවනි ඒ අනුව ගත්තොත් ඕක ත්‍රස්තවාදයක් පැහැදිලිවම සමාජයෙක් ප්‍රතික්ෂේප කළ යුතු ත්‍රස්තවාදයක්

Anushka Lakmal
වෙන්න පුලුවන් මට පේන විදියට ඔය ආගමේ බහුතරයක් මෝඩයින් රට කැත කරන්නෙ උන් කිවොත් හරි නමුත් මට මුස්ලිම් යාලුවෝ ඉන්නවා ඔයා කියන්නෙ ආගමක් වෙනුවෙන් උන්ව තරහා කරගන්නද ? නමුත් උන් ආගම මත්තෙ නැහෙන්නෙ නැහැ උං පංසල් හිටං යනවා මේ ලගදි එකෙක් මාත් එක්ක පිරිත් ගෙදරක නයිට ගැහැව්වා උං කිවේ නැ මේක මචං විකාරයක් කියලා

පිටියෙ අප්පු
එහෙම උන් ඉන්නවා මගෙ යාළුවොත් එයාලට තමයි මැදහත් අය කියන්නෙ

Anushka Lakmal
එහෙමනම් ඔයා පොදුවේ කතා කරන්නෙ ඇයි ?

පිටියෙ අප්පු නමුත් අපිට තියෙන ප්‍රශ්නේ අන්තවාදී උන් එක්කයි උන් ලංකාවෙ පන්සල් වනසනවා සිංහල උරුමය වනසනවා ඒවා ඉවසන්න බෑ

Anushka Lakmal උදාහරණ තියෙනවද ?

පිටියෙ අප්පු
කූරගල බුද්ධංගල දෙවනගල මුහුදු මහා විහාරය කිරලාගල මරදානෙ පන්සල් කීයක් දැන් නැද්ද ?

Anushka Lakmal
පිලිගන්නවා උං ඕවා විනාස කලේ කොමද ? කඩලා බිදලාද ?

පිටියෙ අප්පු ඩෝසර් කරලා

Anushka Lakmal
හෙහෙහෙ

පිටියෙ අප්පු
දීඝවාපියෙ කළා වගේ තමයි

Anushka Lakmal
ඩෝසර් කරනකම් අපේ සිංහල උන් බලං උන්නද ?

පිටියෙ අප්පු
ඒ කාලෙ කොළඹ හිටියෙ සිංහලයො නෙවි ඒකයි පුරස්නේ උන් තම්බිලට -beep- දුන්නා

Anushka Lakmal
ආ ආ ආ දැන් එතකොට මේ හුගක් ඉස්සර කතාවක් අල්ලන් නේ ඔයා කතා කරන්නෙ ?

පිටියෙ අප්පු ඔව් ඉතිං උන්ට මොකක්ද තියෙන අයිතිය කොයි කාළෙ හරි ලංකාවෙ උරුමය වනසන්න ? කවුරු දුන්න අයිතියක්ද ?

Anushka Lakmal
සිංහල අපිම තමා අයිතිය දීලා තියෙන්නෙ

පිටියෙ අප්පු
හැබෑව

Anushka Lakmal
මොකද අර කලින් කිවේ ෘෘ දුන්නා කියලා ඒ වගේම ලංකාවට එන්න දුන්නෙත් අපිමනේ

පිටියෙ අප්පු
ඔව්

Anushka Lakmal
සිංහල අපි

පිටියෙ අප්පු
දැං තව දුරටත් ඉවසුවොත් තව අවුරුදු 20 කින් මුන් බහුතරය වෙනවා රටේ ඊට පස්සෙ ඉතිං ලංකාව පකිස්තානයක් තමයි
බංග්ලාදේශයක් තමයි ඒක වෙන්න යන එක නවත්තන එක තමයි අපේ අරමුණ

Anushka Lakmal දැන් ඔයා ඔය විංඤඤානය පහල කරන්න ක්‍රියාමාර්ග ගත්තද ?

පිටියෙ අප්පු
ඔව්

Anushka Lakmal මොනාද ඒ ? fb එකෙන් මිනිස්සු දැනුවත් කරන එකද වෝල් වල ලියලා ? 

පිටියෙ අප්පු
  මම භාවිතා කරන්නෙ ඉන්ටර්නෙට් එක
මොකද මගේ හැකියාව අනූව ඒක තමයි කළ හැකි එකම දේ


සෑයූ: ආගමට අපහාස වන අයුරින් කමෙන්ට් කලොත් එව්වා මකනවා හරියේ..!! 





Piratebunny෴

.