Sunday, August 21, 2011

Car ඩ්‍රීම්ස්..

ඔය චූටි කාලෙ ඉදන්ම මට තියෙන උණක් තමා ලොකු ලොකු වාහන හා.. අලුත් ජාතියේ කාර් එහෙම පැදලා බලන්න.. ඉතිං මෙන්න මේ ලගදි හැදුනා hybrid උණක් :D ඉතිං හෝ ගාලා වෙබ් එක හුරලා හුරලා..   විස්තර හොයන්නත්..    ස්ටේට් හිටං දැම්මා.. :D ඔය ස්ටෙට් එකක හරි අපූරු වලියක් ගියා..   එකෙදි.. හයිබ්‍රිඩ් වාහනේ අඩුපාඩුයි.. අද කාලේ හැටියට තියෙන ලාබම වාහනේ ගැනයි, එක එක අය කියපු කතා තමා මේ :D







Hybrid


වාසී:

01. තෙල් ඉතිරිය. (සාමාන්‍ය වාහනයකට වඩා යාන්තමිං)
02. දුම්පරික්ශාවක් අවශ්‍ය නොවීම.

අවාසී:

01. වහනයක ඔය කියන තරම් අඩුවෙන් petrol කරන්නෙ නැහැ.
02. ඒ පොඩි වෙනසක් නිසා ලොකු risk එකක් අරගන්න එක මෝඩ කමක්.
03. වාහනේ second hand market නැහැ.
04. කැඩුනොත් හරි හැප්පුනොත් හරි sorry ම තමා. හදන්න තියෙන තැන් අඩුයි. ගනන් ඇහුවොත් පිස්සුම හැදෙනව.
05. වාහනේ අම්බානක පාහතයි.
06. කිසිම ගතියක් නැහැ.

07. වතුරේ ගියොත් වාහනේ පිරීමට ඉඩ තියෙනවා.
08. පිට පස්සෙන් හැප්පුනත් පුපුරන්න ඉඩ තියෙනවා..
09. බට් කිරිලි අනම් මනම් බැ.. ජෙනුයින්ම කෑලි දාන්ටොන.

ඉතිං මේ සියල්ලම අහං ඉදලා අංතිමේ බනියා ගත්තා තීරණයක්.. ගන්නවා කියලා බරකරත්තයක් :D
අද කාලෙ හැටියට කොච්චර ලාබදායීද කියලා තීරණය කරන්න පහල බලන්න.. 


Cow Cart

අවාසී:

01. බාල යකඩෙන් ලාඩම් ගැහුවොත් ඉක්මනින් ගෙවී යාම,
02. රට තණකොල සොයා යන්න අවශ්‍ය වීම..
03. වේගය අඩු වීම.



වාසී:


01. වියදම අඩුයි (තෙල් ඔන්නැ..)
02. second hand market එකක් තියෙනවා..
03. කැඩුනත් ගෙදර උනත් හදා ගත්තැහැකි.
04. හැප්පෙන්නෙ නැ.. (හප්පන් ගියොත් මිස)
05. ලේලන්ඩ් ලොරියකටත් වඩා උසයි.. යට වදින්නැ..
06. මාරම ලස්සනයි.. 

07. වතු‍රට‍ ‍මොකුත් වෙන්නෙත් නැ
08. යට එල්ලිලා යන්ඩත් ඇහැකි.
09. පොලිස් කාරයෝ නවතන්නේ නෑ.
10. කවුරුත් උස්සන්නේ නෑ.
 
11. Voice Recognize එකකුත් තියේ. කරත්ත කවි සින්දු ශ්‍රවණ කල හැකිය.
12. පසු කාලීන ආයොජනයක් තියෙනවා.. (ගොම පොහොර ගන්න පුලුවන්) (හයිබ්‍රිඩ් එකේ සල්ලි ෆික්ස් ඩිපොසිට් එකක් දානවා බැංකුවේ)
13. අයිතිකාරයාටම එලවතෑකි
14. Alarm Service.
15. Park Anywhere for free! 
16. No Break Oil or No Gear Oil
17. ආදායම් බලපත්‍ර, ඉන්ශුවරන්ස්, ඩ්‍රයිවිං ලැයිසොං කිසිවක් ඇවැසි නැත..  
18. දුම් පරික්ශාවක් අවැසිම නැත..
19. ටයර් වල හුලං යන්නෙ නැත..
20. Facebook Status වලිත් නැත... 

  අද කාලේ හැටියට වාසී දායකම වාහනය.. කරත්තය.. :D මාත් ගන්නවා කරත්තයක්.. 

පාලි: කරත්තය ඇදගෙන යෑම සදහා ඇබැර්තු ඇත..

ඔන්න කලිංම කිවා.. මං ඩ්‍රයිවර්..!!



අපි කැපෙනවා හෙනම්.. වාහනයක් ගන්න කලිං පොඩ්ඩක් හිතලා බලන්න :D

වාහනයක් ගන්න ගිය මං
PirateBunny



.





  වීශේෂ ස්තූතිය
ශාලිත, බිංකු, ගයාන් කණිශ්ක etc etc

දානේ ගෙදරකදි කල යුතු හා නොකල යුතු දැ..

මේක මේ මං හුග කාලයක් තිස්සෙ ලියන්න උන්න එකක්.. අපි අහිංසක.. හැදියාවක් තියෙන.. තරුණ මහලු ළමයි විදියට.. දානේ ගෙයක් තුලදී.. සංවරව හා.. විනීතව හැසිරෙන්නෙ, ඒ වගේම දානෙ ගෙයක් තුලදි කල යුතු හා නොකල යුතු දේවල් තියෙනවා.. අපි බලමු ඒ මොනාද කියලා.. ..!!



කල යුතු දෑ..

01. දානෙ ගෙදරට යැමට පෙර සීනි 1kg හො ඒ වගේ දෙයක් කඩෙන් ගත යුතුය.
02. බෙර සද්දය ඇසෙන දිසාවට හො.. දානය පැවැත් වෙන තැනට යා යුතුය..
03. ගෙනාපු දේ (සීනි කිලෝ එක etc) දානේ දෙන ගෙදර කෙනෙක්ට දෙන්ටොන..
04. අනිවා දානය වැලදිය යුතුය..!
05. ඩෙසට් එකට බඩේ ඉඩ තියා ගතයුතුමය..!
06. වහාම.. ගෙදර පැමිණිය යුතුය (කාපු බීපු තැන් වල මැස්සෙක් වත් ඉන්නැ)


නොකල යුතු දෑ..

01. සීනි 500g ට වඩා අඩු ප්‍රමාණයක් ගෙන නොයා යුතුය..
02. හාමුදුරුවන් වැලදීමට ප්‍රථම දානය අපි නොවැලදිය යුතුය..!
03. සුප් කියා, හාමුදුරුවෝ අත හේදූ කොප්පයේ ඇති දෑ නොබිය යුතුය..!
04. කන්ද වගේ බත් පිගාන නැති විය යුතුය..
05. ඩෙසට් ජාති 3-4 ක් නොකා සිටිය යුතුය..
06. ශබ්ද පුජාව කරන නලා කරු ඉදිරියේ.. දෙහි වැනි දෑ නොහපා සිටිය යුතුය..!
07. ශබ්ද නගා කතා නොකර යුතුයි..
08. කුස්සිය පලාතෙවත් නොයා යුතුය..!
09. කිසිදා වාහනයකිං දානෙ ගෙදරට නොයා යුතුය.. (වෑන් වගේ)


අනේ මංදා.. ඔන්න ඔව්වා පිලිපදින්ටකො.. සමාජෙ ඉන්න වැදගත්ම පුද්ගලයෙක් වෙන්න හැකි.. :D
මං යනවා ටටා..!
Pirate Bunny