Saturday, April 10, 2010

"හා" නෝනට ගමන් මල්ලක් !!

ඔන්න ඉතින් bunny කොලුවා කාලේකින් අවා මේ පැත්තේ. දැන්නම් මාස 1 1/2 ට විතර කිට්ටු වෙලා ! මොනා කරන්නද අනේ ඉතින් වැඩ වැඩ වැඩ !!

 දැන් ඉතින් කතාවට බහිමු ! මෙකයි කතාව..මම කලින් කිවනේ හා කැල්ලක් සෙට් වෙච්ච කතාව :-P (හාවගේ ගැනු සතා නෙවැ හා කැල්ල කියන්නෙ. :)  අනේ ඉතින් මෙයාව කරේ තියාගෙන ගිහින් දැන්නම් bunny ගේ පිටේ පැත්තක් බකල් ගහලා වගේ ! මොනා කරන්නද ඉතින් බැද ගත්ත බෙරේ ගහන්ටත් එපැයැ :-D අනේ ඉතින් දැන් නුවර එහෙමත් යන්න වෙන කොට බැග් දෙකක් උස්සන් යන්න වෙන නිසා. අපේ කල්හාර මලයා කිවා බැක්පැක් එකක් ගමු කියලා ! එවගෙ ඉතින් හොද හැටි ඇදුම් ටිකටයි නෝනටයි ඉඩ තියෙනවා නෙවැ.. :-)

ඔන්න ඉතින් නිවාඩු දවසක් බලලා මායි කල්හාරයයි ගියා කොළඹ පැත්තෙ පොඩි විසිට් එකක් දාලා බලන්න..
අපිට පොඩි ඉඟියක් දිලා තිබ්බා ඒ කිව්වෙ මේ E-mail එක්ක ඇවිත් තිබ්බා නෝලිමිට් එකේ බැක්පැක් තියේනවා කියලා හරිම ලාබෙට !. අනෙ ඉතින් අපිත් ගියා එකට. නෝදෝකින් විතරක් ගත් කටටම කිවනේ දැන් එවා කරන්නේ නෑ කියලා. කෝකටත් තව ශාඛාවක් තියේ කියලා එකට යන්න කිවා (තැනනම් දන්නෑ මාත් ඔහේ ගියා ;) අනේ නොදෝකින් එතනිනුත් කීවේ  අර කතාවමයි. ඒ මදිවට මොකෙක්ද එකෙක් ඉන්ගිරිසියෙන් කියවන් කියවන් ගියා. මාත් හුම් හුම් ගැවා එච්චරයි අපි ටික් ගාලා එතනින් මාරු උනා :D

ඔන්න ඒපාර අපිට ඩනිශ්ක අයියත් සෙට් උනා බැක්පැක් හොයන වැඩේට. ඔන්න ඉතින් ඔනේ මගුලක් කියලා අපි ගියා මෙවට ප්‍රසිද්ද යුනිටි ෆ්ලාසා එකට. අපි 3 දෙනා බෙදිලා ගියා එක එක කඩ වලට.. අම්මෝ මේවගෙ ගනන් ! ඔන්න අපිට පොඩි බඩ ගින්නක් වගේ අවා නිසා MC එකපැත්තට ගියා කන්න කියලා, කාලා බීලා ඔක්කොම ඉවර කරලා MC එකෙත් පොඩ්ඩක් කැරකිලා බැලුවා. ඔහ් ඔන්න එපාර ඩනිශ්ක අයියට සපත්තු පිස්සුවක් හැදිලා :P සපත්තුවකුත් තේරුවා :-D එකත් අරන් අයේ අවා යුනිටියට. ම්ම් එකේ හිටිය කොල්ලට පොඩි ටොකක් කාරිය දාලා බොහෝම අමාරුවෙන් 6200 කට එකක් ගත්තා :-( මොනා කරන්නද නොනත් පරිස්සම් කර ගන්න එපැයැ :) ඒත් එක්කම තව USB  Hub එකකුත් ගත්තා. ඔක්කොම 7000ක් :-O apoyyy

                                              මෙන්න මෙක තමා මම ගත්ත.

අයේ ඉතින් මම විතරක් බැක්පැක් අරන් හරියනවද ? කල්හාරටත් එකක් ගන්ට එපැයැ. උගෙ බජට් එකට හරියන්න බැග් යුනිටියේ නෑ, ඉතින් දැන් ඩැනී අයියටත් ගෙදර යන්න ඔනේ කිව නිසා එයාට යන්න කියලා අපි ගියා අයේ  මල්වත්ත පාරේ පොඩි විසිට් එකක් දාන්න ! අම්මේ බැග් කඩ වැහි වැහැලා !හිතා ගන්න බෑ අපිටම :-) ඔහොම ඉතින් එකෙන් එක කඩවල් වල ගනන් අහ අහ ගියා..අනේ දැන් අපිටම එපා වෙලා එක එක බැග්  තියෙනවා එකක් තෝර ගන්න බෑ :-)
           කොහොම හරි එක කඩේකින් පැය ගානක් එහා මෙහා කර කව කව බලලා, කතා කරලා එකක් තෝර ගත්තා  ඊට පස්සෙ  කඩේ අයියට් පොඩි දුක හිතෙන ටෝක් එකක් දැම්මා.. :-D  අනෙ ඉතින් ඌ කියාපි ඉස්කොලෙ යන මල්ලිලානේ ඔන්න මල්ලො මෙක මේ *000 ගානට ගන්න කියලා දුන්නා :D එකත් අරන් විගහට ගෙදර එන්න ඔනේ කියලා එන්න හැදුවාම මතක් උනා මගේ පොන් එකට ලැප්ටොප් එකෙන් චාර්ජ් වෙන කෙබල් එක්ක හදා ගන්න ඔනේ නෙද කියලා.

අනෙ ඉතින් එක මම පස්සෙ දවසක විස්තර  ඇතිව  දාන්නම් කොහොමද හදා ගන්නෙ කියලා ! නැත්නම් මෙතන අච්චාරුවක් වෙනවනේ :D

අපොයි දුක හිතෙන කතාව කියන්න බැරි උනානේ :-(

මේ ඔක්කොම අරගෙන ගෙදර එන්න කියලා හිතාගෙන බස් එකක නැග්ගා. අනෙ මගේ අහින්සක පෙන් එක එකේදි හැලිලා :-( මොනවා කරන්නද හිතා හදා ගෙන ගෙදර අවා !

අනෙ ඉතින් මේ කතාව අහන් හිටියට බොහොම ස්තුතියි ඈ :-D
අයේ හමුවෙමුකෝ !!
                                   
                                     සුභ අලුත්වුරුද්දක් වේවා හැමෝටම
                     

                                                                                                 Bunny !