මා දන්නා තරමින් බ්ලොග් මකුණෝ නැත.. සිටී නම් මෙලාහකට මාගේ බ්ලොග් එක මකුණු දැල් වලින් පිරී ඇත.. බොහෝ දෙනෙක් පෝස්ට් එකක් දැමීමට මත්තෙන් මකුණු දැල් කඩනවායි තෙපලන්නේ මකුණුවන්ට ආචාර කිරීමක්දැයි බනියාට සිතුනු වාර අනන්තයය..!
බනියලාට ක්රේන් එකක් ඇත.. ඉන්ගිරිසියෙන් කිවොත් දොඹකරයක් ය.. මෙකෙන් කරන්නෙ මිනිස්සුන්ට උස්සන්න බැරි දේවල් ඉස්සීමය.. (හොරකම් නෙවේ යකෝ) කොටන් උසුලීමට බනියලාගේ තාත්තා මෙය ගත්තේය..
ඒක නෙවේ මොන #%$@ ගේ පුතාද යකෝ මම කියන්න කලින් ප්ලාන්ට් එක ඔන් කලේ ???
තමාගේ ඇවරදි අහිංසක මකුණන් කෙරිහි පැටවීම හෙන කුප්ප වැඩකි..!
එව්වයින් කාරී නැත.. අර කොහෙවත් යන වැපානිසා, නිසා මට බ්ලොග් එක මතක් විය..! ඒකා බස් එකේ තව විගඩමක් පටන් ගෙන ඇත.. එනම් බ්ලොග් සතියකි.. බස් එක යනූ මේ මහපාරේ අතුරු පාරේ දුවන CTB නොහොත් සිලෝන් ටකරන් බස් එකක් හෝ ජිවිතයේ අනියත කියා දෙන පුද්ගලික බස් එකක් නොවේය.. මොකක් හරි මගුලක් කරන්න හදන Google ලාගේ තව විගඩමකි..! එනම් Google Buzz ය ..
එය හරි ආතල්ය.. කාට කාටත් මඩ ගැසීමට ඒ මඩ edit කර කර ගැසීමටද එය අපූරු මෙවලමකි.. මාත් බස් සාමාජිකයෙකි.. රෑ දෙගොඩහා හරියටත් බස් පැදීමට මාත් පුරුදු විය.. තාම බරවාහන ලැයිසොම් නැතත් ඒ බස් එකට පොලිස් මාමලා අත දාන්නේ නැත..! එහෙන් මෙහෙන් Goo-gle ලා කින්ඩි දැම්මත්.. අපි සැලෙන්නේ නැත..
එව්වායින් මෙව්වායින් කතාව රෝන්ග් සයිඩ් එකට යන බව බනියාට හැගිනි.. එව්වා මෙව්වා නැතිනම් බ්ලොග් පෝස්ට් එක පුංචී වේ.. ඒකට මම කැමති නැත.. එම නිසා හෙන බොරු තොගයක් ඇදබා කතාව ලොකු කිරීමට බනියා හෙන සමත්ය..! මොනා උනත් මේ කතාව ගල්පැලෙන ඇත්තයය..!

මේ ඉන්න අතරේ හෙන ලොකු ප්රෙජ්ට් කට්ටක් වැටිනි.. එනම් වහලකට කාප්ප ඉස්සීමටය.. එකල්හී මෙන් ලී දමා වහලවල් ගැසීම දැන් අඩුවී ඇත.. දැන් ගන්නෙ යකඩෙන් තැනූ කාප්පය.. ඒවා හරි බරය.. උස්සන්නට ක්රේන් එකක් ඇවැසිය..! මේ වැඩේ පැවරුනේ බනියාටය.. කොල්ලා වැඩ කාරයා බව තාත්තා දැන ගන්නට ඇත..! (කොලර් එක අදිමින්)
කෙසේ හෝ එම කාප්ප ඉස්සීමට ඇවැසි තැනට සැපත් විය.. හත් ඉලව්වකි..! කාප්ප ඉස්සීමට ක්රේන් එක දිග මදිය.. වහල හෙන උසය.. එක කාප්පයක් තිබීමට හැක.. අනික් දෙක තියන්න දිග මදිය.. එය තියන්න නම් එම ශාලාව ඇතුලට ලොරිය ගතයුතුය.. අනේ හෙනගහපිය වටේටම අඩි 2 ක් විතර උස කොන්ක්රීට් එකක් දමා ඇත.. ස්වීමින් පූල් එකක් සැදීමට සුදුසුයැයි බනියාට සිතිනි..
කොසේ හෝ බාස්ගේ දෙමාපියන්ට පිං දෙමින් උස අඩු තැනක් බලා කොන්ක්රීට් කනු දමා ලොරිය ඇතලට ගත්තෙමි.. ගත්තේ ලොරිය අඹරලාදැයි බනියාට පසෙක් ඌවේ ඇතුලට ආ පසුය.. ආයේ ගැනීම ශුවර් නැතැයි සිතිනි.. අවුලක් නැත එක කාප්පයක් තියා ගත්තේය..හෙන ගහපිය ඕන් වැස්සක් වහිනවා.. මෝඩ බාසා අඩි දෙකක් උඩට කොන්ක්රීට් දැම්මේ අහවල් මගුලකටදැයි කියමින් වටේ පිටේ උං නැවතත් දෙමාපියන්ට පිං දෙන්න පටන් ගත්තෝය.. බාසාගේ වරදක් නැත.. එහි අයිතිකාරයාට ඔය කලින් වැටහිය යුතුය..
වැස්ස පැවුවේය.. නැවතත් වැඩට බැස්සෙමි.. කාප්පය මම උස්සා දුන්නෙමි.. දැන් ඇත්තෙ ගානට තබා වෙල්ඩින් කිරීමටය.. වෙල්ඩින් කරන මනුස්සයා කාප්පෙට වැඳ නමස්කාර කරමින්, අපි හිනා ගස්සා එය දිගේ පාස්සන තැනට බඩගාන්නට විය..
අපි ඉතින් එය පාස්සන්න දී බලා සිටියෙමු.. ස්වල්ප මොහොතකින්
බුදු අම්මෝ ගා සද්දයක් ඇසිනි.. අපි ගනන් ගත්තේ නැත..
ආයෙමත් බුදු අම්මෝ.... බුදු අම්මෝ.... ගා දෙපාරක්ම ඇසිනී.. කවුදෝ කෙනෙක් වෙල්ඩින් ප්ලාන්ට් එක ඕෆ්කරනවා දුටිමි.. හත් ඉලව්වයි අර යකාට කරන්ට් එක වැදිලා..
ඒ මනුස්සයා පෙර පිනකට බේරිණි.. වැටුනා නම් වැටෙන්නේ පහල තිබූ කම්බි 4 ක් උඩටය..
වැරැද්ද ඒකාගේ අතේය.. වැස්ස වේලාවන්හී වෙල්ඩින් කිරීම නුවනට හුරු නැත.. earth වීමට බලන්නෙ ඇග හරහාය.. අනික ඒ බූරු පැටියා අතේ රෙදි අත් මේස් දෙකක් දමාගෙන ඇත.. එයද තෙතබරිතය.. දැන ගත් ආකාරයට අත ගලව ගත හැකි වී නැත.. වෙලාවට වෙල්ඩින් ප්ලාන්ට් එක ඕෆ් කල නිසා ඌ බේරිනී..
හිනා යන කෑල්ල මේකය.. (හිනා යන්නැත්නම් කරුණාකර කිතිකාව ගන්ට)
අරූ ඔක්කොම දමලා ගහලා බිමට පැමිණියේය.. අපි කටක් අරින්න පෙර. ඌ කීවේ,
බලා පල්ලාකෝ මචං ඒකෙත් හැටි.. මොනා කලත් අම්මානේ අපිට අන්තිමට මතක් වෙන්නෙ..
ඒක නෙවේ මොන #%$@ ගේ පුතාද යකෝ මම කියන්න කලින් ප්ලාන්ට් එක ඔන් කලේ ???
..............
කෝමින් කෝම හරි වැඩ අවසන් කර ලොරිය එළියට ගත්තෙමි.. හරි මගුලකි.. ලොරිය වලක වැටී එරිනි.. හැහ්... ඒ අස්සේ ලොරියේ මා සමග පැමිණී එකාගේ කකුලේ ඇණයක් ඇනී ඇත.. කෝම කෝම හරි පැයක් පමණ දගලා ලොරිය ගත්තෙමි.. ලොරියෙම ගොස් බේත් දමාගෙන පැමිණියෙමි..
එදානම් අම්බානෙක බනියා නැහිනි.. හෙම්බත් වී හෙම්බත් වී ගෙදරට පැමිණ ගෙට ගොඩවෙනවාත් සමගම ලිස්සා වැටිනි..
වද දෙන කොට අහවල් උන් වද දෙන්න මදි නොකියන්න.. දෙයියෝ suxs...!!
පා : ලී : මෙකෙන් ගන්න යමක් තියෙනවා නම් ගන්ට ඇහ් :-D
ජීවිතේම අල පාත්තියක් කරගන්න දගලන
මම
Bunny...
.