Monday, October 24, 2011

ලී මෝලක් දුටුවෙමි..

ලී මෝලක් දුටුවෙමි කිවාට.. හැමදාම උදේ පාන්දර 8 ට වගේ නැගිට්ට මෙට්ටෙන්ම මට පේන්නෙ ලීමෝල.. මොකද ඒක මගේ නැදැයෙක් වෙන තාත්තාගේ වියාපාරේ.. :D  හැමදාම කොක්ක දාලා මඩ ගහලා.. ගියාට මේ මාතෘකාව ගැන ලියන්න කියලා බල කලේ (මරණ තර්ජන) මාරයාම තමා.. :D

ඉතිං ලී මෝලක් ගත්තාම කතා කරන්න මාතෘකා එමටයි.. ඒවා කැටගරි කලොත්.. නැත්නම් ගොනු කලොත් මෙන්න මෙහෙමයි..

01. ගස් කැපීම
02. ඉරීම
03. විකිණීම..

මෙව්වාගෙ උප මාතෘකා වැටෙනවා.. ඒවා කතා කරන කොට බලමු..

01. ගස් කැපීම

මෙකෙන් තමා අපි කඳන් ගේන්නෙ
   කොච්චරවත් හැමදාම දකින්නෙ ලීමෝලක් උනාට මං ඔය ගස් කපන මාතෘකාව ගැන එච්චර දන්නැ.. මොකද අපි ලීමොලක් කරාට ගස් කපන්න යන්නැ.. ඒවා කපන්න වෙනම අය ඉන්නවා.. ඒ අයට සල්ලි දීලා තමා අපි කදන් ගන්නෙ.. ඒවා ගන්නෙ කියුබික් අඩි ගානට.. ගස් වල වර්ගේ හැටියට කියුබික් අඩි යක යම් කිසි වෙළද පොලේ මිලක් තියෙනවා.. ඒ ගානට තමා ගන්නෙ..!!  වෙළද පොලේ මිලක් කිවාට අපි එළෝලු ගන්න පොළ ගැන සිහි කරගන්න එපා.. මොකද කදං ගොඩ ගහගෙන ලාබයි ලාබයි ගාන්නෙ නැනේ.. :D
     ඉතිං අපි එහෙම කඳං කාට හරි කියලා ගෙන්න ගන්නවා.. නැතිනම් අපේ වාහනෙන් ගිහිල්ලා පටවං එනවා.. ලී මෝලක් කියන්නෙ කාර්යබහුල රැකියාවක් විදියට ගස් කපන්න යන කාලය මහ අපරාදයක්.. ඊට ලාබයි ගස් ගන්න එක..

ගහක් කපන කොට උඩ කපන්න එක්කෙනෙකුයි.. යට කපන්න තව කෙනෙකුයි කියලා මිනිස්සු දෙන්නෙක් එනවා.. උඩ කපන කෙනා කරන්නෙ අතු කපන එක.. ගහ අවට ගෙවල් තියෙනවා නම් අතු කඹේකින් බානවා.. යට කපන කෙනා කරන්නෙ පොරවකින් හරි දම්වැල් කියතකින් හරි ගහ නියම ආකාරයට ගෙවල් එහෙම තියෙනවා නම් බේරලා කපන්නේ..

මෙන්න මේ පිංතූරේ තියෙන විදියට තමා කපන්න ඔනේ.. ඔය කඩ ඉරි වලින් ලකුණු කරලා තියෙන විදියට කැපුම් දාලා තමා කපන්නෙ. අංක 1 හා 2 කියන කඩ ඉරි වලින් කපලා.. කොටසක් අයින් කරලා දානවා.. ඒකට කියන්නෙ "අළුව" කියලා..  ඊ ලගට අංක 3 විදියට කෙලින් කැපුමක් දානවා.. ඊට පස්සෙ තියෙන්නෙ දුවන්න තමා :D ඔය ගහ කපන්න කලින් ගොඩක් හොදයි ගහේ මුදුනට කඹයක් දා ගන්න එක.. එතකොට අපිට ඔනි ඔනි පැත්තට ඇදලා ගන්න පුලුවන්නෙ..

ගස් කපද්දි කලුවරට කපන්න එපා කියලා කාලයක් තියෙනවා... ඒ ගැන නම් විද්‍යාත්මක හේතුවක් දන්නැහැ මං.. කලුවරට කැපුවාම ගුල්ලො ගහනවාලු :D මං හිතන්නෙ උන් කලුවරට වෙන්නැති එලියට එන්නෙ..

02. ඉරීම. 


ඉරීම කියන්නෙ මේ කඩදාසියක් ඉරනවා වගේ ඉරන එක නෙවේ.. අවශ්‍ය ගානට කඳෙන් ලැලි හෝ ලී කපලා ගන්න එක.. ඒ වගෙම ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්.. මේකට යන්ත්‍ර සූත්‍ර අවශ්‍යයි අද කාලෙ හැටියට නම්.. මොකද අපි හැමෝම කාර්‍ය්‍ය බහුල වෙලානේ.. ඉතිං හැම දෙයක්ම ඉක්මන් වෙන්න ඔනේ.. ඉස්සර මිනිස්සු ගස් ඉරද්දි යන්ත්‍ර තිබ්බෙ නැනේ.. තිබ්බෙ පට්ටල් ක්‍රමය කියලා දෙයක්..

මේකෙ කරන්නෙ මිනිස්සු හදා ගන්නවා පට්ටලයක්.. කණු 4 ක් ඉංදලා.. එකේ හරහාට ලී එහෙම දාලා අටව ගන්නවා.. ඕක මෙහෙමයි කියලා පැහැදිලි කරන්න බැ.. මං පිංතූරයක් හදුවා පහල බලන්න..


මේකෙ උඩ එක මනුස්සයෙකුත්.. පහල තව මනුස්සයෙකුත් ඉදගෙන ඔය කියත උඩ පහත අදිනවා.. එතැකොට ඉරෙනවානේ කදං.. ඔහොම තමා ඒ කාලෙ ඉරුවේ..

ලංකාවෙ නිශ්පාදීත ප්‍රේම් සෝ මැශිම
දැන් නම් එක එක ජාතියේ යන්ත්‍ර සුත්‍ර තියෙනවා.. අපි පාවිච්චි කරන්නෙ මුල්ම කාලේ ජනප්‍රිය වෙච්ච රෝල් බංකු කියන කියත් වර්ගය.. ඒ වගෙම තව "ප්‍රේම් සෝ" කියලා ලංකාවේ හදන මැශින් එකකුත් තියෙනවා..   රෝල් බංකු කියත ගැන නම් මිනිස්සු ගොඩක් දන්නවා.. නමුත් ප්‍රෙම්සෝ මැශිම ගැන වැඩි කෙනෙක් දන්නැ.. මොකද ඒක එච්චර ප්‍රසිද්ද මැශිමක් නෙවෙන නිසා.. නමුත් මේ වෙන කොට ගොඩක් ලී මෝල් වල මේ මැශිම දකින්න පුලුවන්.. ප්‍රේම්සෝ මැශිම හයි කරන්නෙ නැත්තෙ ගොඩක් වියදම් යන නිසා.. ඒ වෙනුවට දැන් "බෑන්ඩ්සෝ" කියලා කියත් වර්ගයක් එනවා ලාබෙට.. නමුත් ඒකත් ලක්ශ 15 පැනලා.. :D

ප්‍රේම්සෝ මැශිම හයි කරන්න සිමෙන්ති කොට්ට 200 ක කොන්ක්‍රීට් එකක් බිම වලක් හාරලා දාන්න ඔනේ.. ඒ මැශිමේ ලොකු රෝදය තත්පරයට වට 58 ක වේගයකින් කැරකෙනවා ඒකෙ අත එහා මෙහා යන්න සලස්වලා ඒකට අමුනපු කියතෙන් තමා කඳ ඉරෙන්නෙ.. ඒ අත එහා මෙහා යන කොට ඇතිවෙන  ඝර්ශණය අඩු කරන්න තමා එහෙම ලොකු කොන්ක්‍රීට් එකක් දාන්නෙ.. ඉස්සර පට්ටල් ක්‍රමය යාන්ත්‍රික උනා කිවොත් මේ මැශිමට ගැලපෙනවා.. ඇත්තටම ඒ ක්‍රියාවලියම මෝටරයක් හා තව ගියර් පද්දතියක් ආදාරයෙන් තමා සිද්ද වෙන්නෙ..

ප්‍රේම් සෝ මැශිමේ පසුපස  පෙදෙස
ප්‍රේම්සෝ මැශිමේ තියෙන වාසිය තමා.. ඔනේම ලොකු කොටයක් ඉරන්න පුලුවන් වීම හා.. අවම අපතේ යෑම.. රෝල් බංකුවට වඩා මේ මැශිම වාසිදායක වෙන්නෙ ඒකයි.. මොකද මේකෙ කියතේ ඝනකම 3mm වඩා අඩු නිසා.. ඉතිං ලොකු ලීකුඩු ප්‍රමාණයක් වැටෙන්නෙත් නැ..  ඒ වගේම ඔනෑම තද ලීයක් කිසිම කරදරයක් නැතිව ඉරා ගන්න පුලුවන්..
ඒ වගෙම අඩු ශ්‍රම දායකත්වයක් තමා යන්නෙ.. බාසුන්නහේ හා ගෝලයා යන දෙන්නා විතරක් හිටියාම හොදටෝම ඇති..

අවාසියක් විදියට ගත්තොත් තියෙන්නෙ මේකෙන් ලීයක් හෝ ලෑල්ලක් ඉරෙන්න යන වෙලාව වැඩි වෙන එක.. නමුත් අපතේ යන එක වැලකෙන නිසා ඒක ඒකෙන් අවාසියක් වෙන්නෙ නැහැ....

රෝල් බංකු කියත
රෝල් බංකු නිශ්පාදණය කරන්නෙත් ලංකාවෙමයි.. මොරටුව පැත්තෙ මිනිස්සු තමා හදන්නෙ.. 80% විතර ලී වලින් තමා හදන්නෙ.. මේකෙදි කදං ඉරන කොට මිනිස්සු 3 දෙනෙක් ඔනේ. මැද ඉන්නෙ බාසුන්නහේ.. පිටි පස්සෙන් හා ඉස්සරහින් ගෝලයෝ දෙන්නෙක් ඉන්න ඔනේ..

මේකෙ වාසි වලට වඩා තියෙන්නෙ අවාසී තමා :D මුලින්ම අපතේ යන එක වැඩියී.. තව අනතුරු බහුල මැශිමක්.. ශ්‍රමදායකත්වය වැඩී..
මහන්සි වෙන්න ඔනේ..
වාසී විදියට තියෙන්නෙ ඉක්මනට ඉරන්න පුලුවන් එක විතරමයි.. :D



මේ මාතෘකාව ගැන කතා කරන්න දේවල් එමටයි.. පිංතුරත් වැඩී වගේම කරුණුත් වැඩී නිසා මේක කොටස් දෙකකට කඩලා දානවා.. එතැකන් මේක කියවන්න ඉතිරි ටිකෙන් අපි කතා කරන්නෙ ලීමොල් හිමියන් ඔබව යම් යම් වේලාවල් වල අන්දන ආකාරය :D හා තව මැශින් කීපයක් ගැන.. ඒ අතර මං හදපු මැශිමකුත් තියෙනවා.. ඉතිං ඒ ටික ඊලග ලිපියෙන් බලාපොරොත්තු වෙන්නකො :D

Bunny෴