Sunday, December 25, 2011

හාවාගේ සුනාමි මතක සටහං..

මහ ලොකු දෙයක් කියන්න නැති උනත් සුනාමියෙන් මට තියෙන අත්දැකීම කියලා දාන්න හිතුනා.. ඒ ඔක්කොටම හේතුව පොඩි මෑන්ගෙ ලිපිය දැකලා ආපු අදහසට..


ඊයෙ ඒ කියන්නෙ 2004 දෙසැම්බර් 26 වැනිදා තිබ්බ "ඊයේ" .. අපේ පවුලේ අයයි, අයියාගෙ පවුලේ අයයි ගොඩක් සතුටෙන් උන්න දවසක්.. නැදැයෝ රොත්තක් එක්කාසු උනාම එන සතුට කියන්න ඔනි නැනේ..
ඉතිං අපි ඔක්කෝමලා එදා රෑ සාකච්ජා කරලා තිබ්බෙ අද වගේ දවසක ඒ කියන්නෙ 2004 දෙසැම්බර් 26 වෙනිදට යන්න හිතාගෙන උන්නු ගමන ගැන, ඒ කොහෙවත් නෙවේ කලුතර බෝධිය වදින්න,
 අයියා ගවයින් නිදහස් කරගැනීමේ පිංකමකට ආදාර කරලා තිබ්බා ඉතිං ඒ ආදාර කල අයට එදාට එන්න කියලා ලියුම් ඇවිල්ලා තිබ්බා.. ඉතිං ඔන්න ඕකට තමා අපි යන්න ලැස්ති උනේ..

කතා කරගත්තා වගේම පාංදර 4 ට විතර නැගිට්ටෙ 5 ට වත් ගෙදරින් පිටත් වෙන්න ඔනී කියලා හිතා ගෙන.. කවුරු කවුරුත් ලකලැහැස්ති වෙද්දි 5 කෑලිවත් නැ ඔක්කොම සෙට් කරගත්තාම 6.30 විතර වෙලා.. පරක්කු උණ එක පරක්කු උණානේ කියලා අපේ තාත්තත් ගිහිල්ලා පංසලට.. තාත්තාගේ මොන දේ කලේ නැතත් ලොකුම රාජකාරිය පෝය දාට ගිහිං පංසලේ අඩු පාඩු බලන එක.. ප්‍රදාණ දායක මහත්තයා විදියට තාත්තට ලොකු වගකීමක් බැදිලා තිබ්බා.. තාත්තා ඒක දේව කාරියක් විදියට සැලකුවේ..  කවුරු කවුරුත් තාත්තට බනින්න උන්නා ප්‍රමාදය නිසා.. කොහොම කොහොම හරි ගොඩක්ම පරක්කුයි..
        මේං එනවා තාත්තා ඇවිල්ලා විස්තරේ කියන්නත් තව පැය භාගයක් විතර ගත්තා.. හයියෝ මාර කට්ටක් කාලා..
එදා සිල් ඇත්තන්ට උදේ දානේ නැහැලු, දෙන්න නියම වෙලා තිබ්බ කට‍ටියටත් මොකක්දෝ කරදරයක් වෙලා.. ඉතිං තාත්තා කඩේට ගිහින් අඩුම කුඩුම ගෙනැල්ලා, අයේ උයන්න අය හොයාගෙන ගිහින්, ගමේ ඔය උයන පිහන වැඩ වලට දක්ශ කට්ටියක් උන්නා ගමේ කෙලවරටම.. ඒ අය හොයන්න ගියාම කුකුලෙක් කොටන්න ඇවිල්ල තාත්තට, එතැන තිබ්බ කූඩයකින් තාත්තා කුකුලා වහලා තමා අර ගෙදරට ගිහින් ඒ කට්ටිය එක්කාසු කරගෙන ඇවිල්ලා උයලා දානේ දෙන්න කියලා ඔක්කෝම හදලා තමා තාත්තා ගෙදර ඇවිල්ලා තියෙන්නෙ..

 ඉතිං දැන් ඔක්කෝම හරි,  ඔන්න මමයි අයියයි ලොකු අක්කයි, අයියාගෙ තව යාලුවෙකුයි 4 දෙනා කාර් එකට නැගලා ඉස්සර වෙලා ආවා, අනික් කට්ටිය වෑන් එකේ එන්න හිටියේ.. අපි කොහොම හරි ගෙදර ඉදං 3km විතර ආවා.. පාර අයිනේ ලොකූ බෝගහක් තියෙනවා, එතැනදිම මාතර බස් එකක් ලයිට් ගහලා අපිව නවත්තලා කැ ගැහුවා යන්න එපා යන්න එපා මුහුද ගොඩ ගලනවා කියලා..

අපි හිතුවේ බොරු කියලා.. මාතර බස් එකක් අපේ පාරේ යන්න විදියකුත් නැ, බස් එකේ මිනිස්සුත් කියනවා යන්න එපා යන්න එපා කියලා, කාර් එකේ A/C අඩු උනාද මංදා.. මට ඉහෙන් කනෙන් දාඩිය දාන්න ගත්තා.. කවදාවත් අහලා දැකලා තිබ්බ දෙයක්ද.. ? අපි දඩස් ගාලා බෝ ගහ ගාවින්ම හරවගෙන ආයෙ ගෙදර යන්න අවා.. අපි එන කොට ගෙදර අය අඩ අඩා ඉන්නවා, කෝල් ගන්නත් බෑ සිග්නල් නැති නිසා,

ඒ අයත් වාහනේ එළියට ගන්න හදන කොටම CEB එකේ කැබ් එකේ කට්ටියක් ඇවිල්ලා ගෙට්ටුව හරස් කරලා නවත්තලා කියලා යන්න එපා මුහුද ගොඩ ගලනවා කියලා, ඒ අයගේ කැබ් එකක් අතුරුදහන් වෙලා.. අර වොල්කි ටොල්කි එකට පනිවිඩ හෝ ගාලා එනවා.. මෙහෙන් ගහගෙන ගිහිල්ලයි අරහෙන් ගහගෙන ගිහිල්ලයි.. පනිවිඩ කෝටියියි..

කොහොම හරි අපි ඒ විදියට බේරුනා.. අර පාන්දර 5 ට ගමන යන්න පිටත් උනා නම්. අද මේක ලියන්න මම නැති වෙන්න පුලුවන්..  එදා දවසේ හරි අමුතු බාදක තොගයක් ආවා අපේ ගමනට..
මම් නම් හිතන්නෙ ඒ හැම දෙයක්ම ආගමානුකූලව ජීවත් වුනු නිසා වෙන්න ඇති..

      එදා හවස අපේ ගමනට යන්න ආපු මාමලාගේ ගෙදර නැන්දයි එයාගෙ පුතයි ගිහින් දාන්න අපි ආවා උඩුගම තිබ්බ ගමකට.. එයාලා දාලා එන කොටම ලයිට් ගහගෙන ආපු වෑන් එකක් නවත්තලා තිබ්බ බස් එක අස්සෙන් ඉස්සර කලා.. ආපු වේගෙට අපේ වාහනේ දොරත් ගලවගෙන දඩෝං ගාලා හැප්පුනා.. ඒ වාහනේ පැත්තම ඉවරයි.. අපේ ඉස්සරහා මූණයි දොරයි තැලිලා ගිහින් තිබ්බා.. තාත්තාගෙ අතෙන් ලේ ගලනවා හෝ ගාලා.. අපේ මල්ලි ගොඩක් චූටියි.. එයා විලාප තියලා අඩනවා..

බැහැලා ගිහින් අපි කතා කලා.. මොකක්ද මනුස්සයෝ කලේ වැරැද්ද තමුන්ගේ නේද ? අපේ මාමා පොලීසියේ කියලා මතක් උනේ ඒ වෙලාවේ.. ඒ මනුස්සයා වෙව්ලනවා..
තාත්තා ලේ බෙරෙන අතත් එහෙන්ම තියාගෙන කතා කලා.. ඇයි කලබලෙන් දැම්මෙ ?

අනේ මහත්තයෝ අපේ නංගිගේ දරුවා නැති වෙලා.. වතුර පාරට අහු වෙලා.. මේ හිනිදුම ඉස්පිරිතාලේ ඉන්නවා කියලා ආරංචියක් ආවා ඒ හොයන්න යන ගමං..

ඉතිං මනුස්සයෝ තමංගේ නංගිගේ දරුවා වෙනුවෙන් තමන්ගෙ ජිවිතෙත් නැති කරගෙන අනුන්ගෙ ජිවිතත් නැති කරන්නද හදන්නෙ ? අපේ තාත්තා පුදුම අනුකම්පාවකිං කතා කලේ..
එදා හැමෝටම විපතක් වෙලා තිබ්බ නිසාත්,, ජීවිත ගොඩක් නැති උන නිසත් තාත්තා කැ ගහන්න බනින්න ගියේ නැහැ.. 

කොහොම කොහොම හරි ගොඩක් පරක්කු වෙලා ඉන්ශුවරන්ස් එකෙනුත් ඇවිත් පොලිසියෙනුත් ඇවිත් මනින වැඩ එහෙම කරලා අපි එන්න ආවා.. රෑ වෙලා. පොලිසියේ ටිවී එකේ සුනාමියේ විඩියෝ පෙන්නනවා.. අර ගාල්ලෙ මනුස්සයා වීඩියෝ කල එක ITN එකේ පතුරු ගහනවා..
අන්තිමේ පොලිසියෙන් අර මනුස්සයාට කිවා අපේ වාහනේ හදා ගන්න සල්ලි දෙන්න කියලා.. එහෙම දෙන්න උනා නම් පනස්දාහක් වත් දෙන්න වෙන වෙනවා.. තාත්තා කිවා.. හරි මේ කලබල ඉවර උනාම අපි ඒක මොනා හරි කරගම්මු.. ඔයා අපේ ගෙදර ඇවිල්ලා යන්න කියලා ඇඩ්රස් එක දුන්නා.. හැමොටම කරදරයක් උණ වෙලාව නිසා තාත්තා අනුකම්පා කරලා කියන්න ඇති..

ඒත් ගොඩක් කල් බැලුවා ඒ මනුස්සයා පලාතකවත් ආවෙ නෑ.. සල්ලි ගන්න බලාපොරොත්තුවක් තිබ්බෙ නැහැ.. ආයෙ පොලිසී ගිහින් ඒ මනුස්සයා හොයන්න උනන්දු උනෙත් නැ.. ඉන්ශුවරන්ස් එකෙන් සල්ලි දීලා තිබ්බා වාහනෙ හදන්න..

27 වෙනිදා තමා එපාම කරපු දවස.. මිනිස්සු හෝ ගාලා එනවා ලෑලි හොයන්න

අනේ මහත්තෝ අපේ නෝනා නැති වෙලා.. බොඩි එක දෙන්න පෙට්ටියක් ඉල්ලනවා.. පෙට්ටි නෑ කොහෙවත්. ලෑලි ගෙනියන්න ආවා පෙට්ටියක් හදාගන්න..
       ඔහොම 20 කට වැඩි පිරිසක් ආවා ලෑලි ගෙනියන්න.. ඒ එක්කෙනෙක්ගෙන් වත් සල්ලි ගන්නෙ නැතිව තාත්තා තිබ්බ තිබ්බ හැම ලෑලිකැලි හොය හොය දුන්නා..
ඒ වෙලාවේ ඒ මිනිස්සුන්ගෙ හිත් වල තිබ්බ දුක නැති කරන්න ගොඩක් වෙලා එක එක දේවල් කියලා හිත් හදන්න ගත්තා..
චූටි ළමයින්ට.. වයසක අයට.. තරුණ අයට.. එක එක සයිස් වලිං ලෑලි.. බොහොම කලකිරීමකිං දුකකිං අපි කරන්න පුලුවන් උදව් කලා..
පෙට්ටි නැති, අදුර ගන්න බැරි ගොඩක් අයගේ මිනී බැකෝ වලිං ලොකු වලවල් හාරලා සමූහ මිනී වලවල් වලට දාලා වහලා දාලා තිබ්බා...

දවස් ගානක් යන කම් කරන්ට් එක තිබ්බෙ නැ.. අයියලාගෙ ගෙදර අය පිටත් කෙරෙව්වා.. අයියයි අක්කයි දවස් 2-3 ක් ඉන්න නැවතුනා අපේ ගෙදර.. ඒ අයත් කොළඹ පාරින් යන්න බැරි නිසා ගොඩක් ලොකු රවුමක් ගහගෙන ගිහින් තිබුනේ.. යන කොට පංසලක් තිබිලා ඒකෙ අනාත වෙච්චි අය හුගක් උන්නාලු.. අක්කාගෙයි අයියාගෙයි බෑග් වල තිබ්බ හැම ඇදුමක්ම ඒ අයට බෙදලා දීලා තිබ්බා...

ඉතිං ඔන්න ඕවා තමා මගේ මතක සටහං.. ගොඩක් අයට සුනාමිය අමතක වෙලා ගිහින් ඇති.. ඒත් මගේ හිතේ තාමත් ඒවා චිත්‍රයක් වගේ ඇදිලා තියෙනවා...


bunny.෴

Wednesday, December 14, 2011

ඉන්සයිට් ප්‍රේමය..දෙවැනි කොටස (දික්කල කෙටිකතාවක්)

ගයියත් සමඟ මා යන විට ඩොක්ටර් තවත් කෙනෙකු සමඟ කතාවක පැටලී සිටි නිසා අපි බාදා නොකල බලා උන්නෙමු, ආ මහත්තයලා එන්න එන්න මාගෙ දැහැන බිදිමින් දොස්තර මහතා අපිට කතාකරන්නට විය.. මම ගයියත් ඇදගෙන ඔහු වෙත ඇදෙන්නට විය, එන්න අපි මගේ කාඹරේට ගිහින් කතාකරමු.. ඩොක්ටර් ගේ පසු පසින් ඉස්කෝල වත්තෙ හොරා තැඹිලි කඩා අහු ඌ ශිෂ්‍යනායකයින් දෙදෙනෙකු විලසින් අපි කාඹරේට ඇතුලු විය.. පිලිවෙලට බෙහෙත් ජාති ලිපිගොනු අසුරා, ගත හිත මනබදින ආකාරයට කාඹරය අලංකාරව තබා ඇත..
බලහංකො බං පුස්තකාලේයි ෆාමසියයි එකට දාපු සුෆර්මාර්කට් එකක් වගෙනෙ... එළෝලු විතරයි අඩු.. එලෝලු ගනන් ඇති බං, එක්කො මේකෙ වැඩ කරන නර්ස් සුප් එකක් වත් හදන්න ගෙනිච්චද දන්නැ.. ගයියාගේ සුපුරුදු වාචාල කට එළිබසින්නට විය.. කට වහගනින් යකෝ, තොට මෙතැනට ඇවිල්ලත් කට වහං ඉන්න බැනෙ..
එන්න මහත්තයා ඉදගන්න.. නැවතත් ඩොක්ටර්ගේ හඩ,
ලෙඩාට කොහොමද ඩොක්ටර් ?
දැන් එයා යතාත්වෙට පත්වෙමින් පවතිනවා.. ඒ හැටි අමාරුවක් නැහැ..මහත්තයා හිතලා තිබ්බ නේ අකුණක් වැදිලා කියලා ?
ඔව් ඩොක්ටර්
අකුණක් වැදිලා නැහැ.. එයා සීතලකට අහු වෙලා.. බඩ ගින්නත් එක්ක පන නැතිව වැටෙන්න ඇති..  මම හිතන්නෙ එයා ඒ හැටි නීරෝගිව ඉදලා නැ ඔය සිද්දිය වෙන වෙලාවේ... මහත්තයා වෙලාවට ඒ ළමයා එක්කගෙන ආවෙ.. නැත්නම් තත්වේ නරක අතට යන්න ගොඩක්ම ඉඩ වැඩීයි.. අපි සිහිය ආපු ගමන් තව විස්තර හොයලා බලමු.. ඒ ළමයාගෙ ගෙවල් වලට දන්වන්නත් එපැයැ..
හරි ඩොක්ටර් එහෙම හොදයි.. අපි එහෙමනම් ගිහින් එන්නම්..
හරි මහත්මයා.. බොහොම ස්තූතියි මේ ළමයා එක්ක ආවට..
ආ සුලු දෙයක් ඩොක්ටර්.. අනික ඔහොම වැටිලා ඉන්න කෙනෙක් දැක්කාම අහක බලං යතැහැකිද..
අපි ගිහින් එන්නම්... ඔනි වෙලාවක මට කෝල් කරන්න..
එහෙම අපි ඩොක්ටර්ගෙන් සමුගෙන නැවතත් කොරිඩෝව දිගේ එළියට ඇදෙන්නට විය..

ඒ බං.. උඹ මොනාද අර කෙල්ලට ප්‍රථමාදාර විදියට දුන්නෙ ?
මං ඒ හැටි මගුලක් කලේ නැ බං.. පොඩ්ඩක් මසාජ් කලා. එච්චරයි..
අම්මපා උඹ වගේ පොරක් ඇ.. තෝ මෙතැන බොරු කියනවා මසාජ් කලා කියලා..  ඒකිගෙ ඇග අතගාලා.. තව මොන මොනා කලාද කවුද දන්නෙ.. උඹ තමා දවසකට හරි මිනිහා.. ආතල් ඇතිනේ ?
      මේ ගයියෝ.. මගෙන් කුණුහරුප දෙකක් නාහා යමංද ? නැත්නම් තෝ මේහේම ICU එකට යන්න තමයි ඔය දඟලන්නෙ.. කෝකටත් තොගේ කේන්දරෙ බලව්ව ගනින්.. මාරක අපල හදීසි අනතුරු, ඔය වගේ දේවල් තියෙද කියලා..!
හා හා යමං යමං මට අම්බානෙක බඩගිනියි.. ගුටි කාලා මැරෙන්න කලින් කාලා බීලා ඉන්ටොන..
හ්ම් යමං මං ඊයෙ රෑට කැවෙත් නැ..
....

හවස්වරුවේ නැවත අපි ඉස්පිරිතාලයට පැමිණෙන විට ICU එක ලඟ කාන්තාවං දෙදෙනෙකි.. මගේ මුහුන දෙස බලා බයාදූ බැල්මක් හෙලූ ඔහුන් නැවතත් ICU එකේ වීදුරුව දිහා බලන්නට විය..
ඒ අසලිං ඩොක්ටර් පැමිනෙන්නට විය.. ආ මහත්තයාල ඇවිල්ලානේ.. මං හිතුවේ නෑ ඒවි කියලා.. එන්න මහත්තයා.. මට මේ අයව අදුංවලා දෙන්න තියෙනවා..
අම්මා මේ ඉන්නෙ අර ඔයාලාගේ දූව වැටිලා ඉද්දි එක්ක ආපු මහත්තයා, ඩොක්ටර් මාව පෙන්වන්නට විය.. පුදුමයකි මා මෙතෙක් වෙලා බලං ඉද තිබෙන්නෙ අර ගෑණු ළමයාගේ අම්මා දිහා හා ඇයගේ අනික් ලඟ ඤාතී යැයි සිතිය හැකි අයකු සමඟය..
මේ අපේ patient ගේ අක්කා, එය කියූ සැනින් ඇයගේ අම්මා විලාප නගා හඩන්නට විය..
             අනේ බුදු මහත්තයෝ මහත්තයාට පිංසිද්ද වෙනවා මේ කල උදව්වට, මහත්තයාට මේ පිනම ඇති නිවන් දකින්න..
ඒ බං.. මේ ඇන්ටි හදන්නෙ උඹ දැන්ම මරා ගන්න ඔව්වට අහු වෙන්න එපා.. මේ දවස්වල මං අම්බානෙක බිසී මේ කට්ට කැවට.. එහෙම තියං නයිටක් ගහතැහැකිද බං ? ගයියා මට රහසිං කියන්න විය..
අනේ මේ යකෝ කටවහගනින් මගෙන් දෙකක් නාහා.. මම උගේ කකුලට ඇන්නෙමි..!
හරි හරි අම්මෙ දැන් අඩන්න එපා ඔක්කොම හරියාවි.. මං ඇයගේ හිත හදන්නට විය..
ඩොක්ටර් patient ගේ නම මොකක්ද ?
අහ් මට අමතක උනානේ කියන්න.. එයාගෙ නම "කසුනි"
කසුනි....?
 මගේ ගත සිත අඩපන වෙමින් පවතී.. කකුල් දෙක පන නැතිවී වැටේදෝ යන බියට මම අසල ඇති බිත්තියට වත්තම් විය.. මගේ හිත අතීතයේ එක් මූසල කාලාන්තයකට ඇදන් වැටිනි..
ඒ මොකෝ බං ගයියා මගේ පිටට අනින්නට විය.. නැ බං.. මුකුත් නැ..
බොරු කියන්න එපා අරකිගේ නම කිවාම උඹ මොකද අප්සට් ගැහැව්වෙ ?


හරි බං.. මං කියන්නම් නිදහසේ.. මෙතැන බැහැ.. හ්ම් එහෙනම් අපි යමං කොටුව පැත්තට.. මොනා හරි කාලා බීලා කතාකරමු..
මුහුදු හුලං වැදි වැදී නිදහසේ දෙයක් කතා කරන්න කියාපු තැන කොටු තාප්පෙ.. ගයියාගේ යොජනාව මං ස්තීර කරමින් මං කුඩා කල සිටම ආස තැනක් ඌ කොටුතාප්පෙ දිහාවට එන්නට අපි පිටත් විය..

මගේ සිත තවමත් විස්සෝපයෙන් කකියමින් ඇත.. කාලයක් හිතේ තදකරංඋන් බරක් නිදහස් කරගැනීමට මේ කාලයැයි මම සිතන්නට විය..


ඉතිරි කොටසින් නැවත හමුවෙමු...

Sunday, December 11, 2011

ඉන්සයිට් ප්‍රේමය.. (දික්කල කෙටිකතාවක්)

පාර පේන්නෙ නැති තරමට වැස්සය.. වතුර වලවල් වලිං හෙමීට කාර් එක ඉදිරියටම දාවනය කලේ පන ගැහි ගැහිය.. වෙන මොකටවත් නොව බැටරියට වතුර ගියොත් පුපුරයි යන සමාජයෙන් ගෙන ආ බියටමය..! මෙවන් වාහනයක් ගැනීම ගැන මම මටම හිතින් බැන බැන ඉදිරියට ඇදෙන්නට විය.. මා ගමන් ගත් දිශාවේ ඒ හැටි පාරවල් හුරු පුරුදු නොමැති මුත් කෙසේ හෝ වාහණය දාවණය කරවන්නට මම සමත් විය..
වැස්ස තවමත් අඩුවී නොමැත විදුලි කෙටිල්ලද ඒ හා සමානව හරි හරියේ අහස සමග ද්වංද සටනකට පෙලඹී ඇත.. සීතලද ඒහා සමානව මාගේ ඇටකටු හිල් කරමින් ඇගතුලට කාවදින්නට විය.. ජනේලය පහත්කර බැලුවේ මා දැන් ඉන්න ප්‍රදේශය ගැන හෝඩුවාවක් ලබාගැනිමේ අරමුණිනි.. මගේ යටිසිත සමග පොර බැදී මා ඉන්නෙ වෙල්යායක් මැද්දැවේ යැයි තීරණය කරගත්තෙමි.. විගැහින් ජනේලය උස්සා ඉදිරියට ඇදෙන්නට විය..
   ඉදිරියට ඇදෙන මා හට සුදු පැහැති යමක් ඉදිරිපස වීදුරුවෙන් පෙනෙන්නට විය. මගේ ඇස් අදහා ගතනොහැකි විය.. පාර අයිනේ වැටී උන්නෙ කුඩා ගැහැනු දැරිවියකි.. දෙවරක් කල්පනා නොකර මා විගසින් වාහනය නතර කර ඇය කරා ඇදෙන්නට විය, තත්පර කීපයක් යන්නට මත්තෙන් මා තෙමිච්ච කුකුලෙක් මෙන් කීරීමට වැස්ස සමත් විය..
කුඩා ළමයෙකුයි සිතූ මුත් ඇය වයස 18 ක පමණ වන තරමේ පෙනුමක් තිබිනි.. නිතැනින්ම මට වටහා ගත හැකි ඌවෙ ඇයට අකුණු සැර වැදී ඇති බවය.. අවශ්‍ය ප්‍රථමාදාර දී, වහා වහා මම ඇයව වත්තම් කරගෙන වුත් කාර් එකේ පිටි පස අසුනෙන් ඇලකර තබා දුව විත් රියදුරු අසුනේ වාඩී වී විගසින් ස්පිරිතාලය කරා එන්නට විය.. ලඟම ස්පිරිතාලය ඌ කරාපිටියට මම විනාඩි කීහිපයකින් අවේ වාහනේට තිබූ ආසාවන්ද ඇතැරමිනි.. මං උන්නෙ මේ යකඩ ගොඩකට වඩා ජිවිතයක් බේර ගැනීම වටිනවා යන සංකල්පය මතම පමණි..
වහ වහා රෝහල ඇතුලටම වාහනය ගෙනගොස් ලෙඩා බාරදී මගේ විස්තරද ලබාදුනි ඇයව වහාප්‍රතිකාර සඳහා දැඩිසත්කාර ඒකකය කරා රැගෙන යන ලදි....
...
රාත්‍රී 12 පසුකරමින් පවතී.. කුඩා ළමුන් හඩන හඩ වල්, රෑහැයි නාදය අතරිං මගේ හිත අද දවසේ සිදු ඌ දෑ මතක් කරමින් මනසට වදදෙමින් ඇත... ගැහැනියකගේ  විලාප හඩක් මා සිත හිරිවට්ටමින් ඇසෙන්නට විය,
ඈ කවුද ? ඇගේ දෙමාපියන් කවුද ? ඒ ගෙදර අයට මේ පණිවිඩය දෙන්නෙ කෙලෙසද ? අපේ ගෙදර අය මොනවා කල්පනා කරනවා ඇත්ද ?
එසැනින් මට මගේ ජන්ගම දුරකථනය සිහියට නැගිනි,  මගේ ඔනැම කුණුගොඩකට කරගහන්න කිසි විටෙක පසුනොබසින මගේ අතිජාත මිත්‍ර ගයියා සිහි විය, මාගෙ වයසේ නොවූවත් ඌ හා මා අතර ඇත්තෙ දැඩි මිත්‍රත්වයකි..! වහා වහා මම ඔහුගේ දුරකථනයට ඇමතුමක් ගත්තෙමි..
හින හෙන්නෙ මං
මේ විල් තීරේ පිය මැන්නෙ..
ඌ කිඹුලාගේ කැමතිම ගීතය ජංගමයට දමාගෙන ඇත.. මට සියල්ල අමතක වී බකස් ගා හිනායන්නට විය.. මා අසලින් මැදි වියේ නර්ස් නොනා කෙනෙකු මගේ දිහා බලා ඔරවමින් යන්නට ගියෝය..!
වහා හිනාව තදකර ගත් මා 989 වැනි විදුලි බුබුලත් පුපුරවා ගත් තෝමස් අල්වා එඩිසන්ගේ මුහුනත මවාගත්තෙමි..
මොකද යකෝ මේ මහ රෑ නිදා ගන්න දීපියව්කො #@(*#@*&#%@ ඒ ගයියාගෙ හඩ
අඩෝ බං පොඩි අවුලක් උනා.. මම ලාමක හඩින් කියන්නට විය..
     තොපිලත් මොනා හරි අවුලක් දාගන්නෙ අපි නිදාගන්න ගත්තාම... අම්මපා දවාලට නිකං ඉන්නවා ඒ වෙලාවට දාගන්න ලෙඩක් මගුලක්  ඔනි ඉස්කුරුප්පුවක් දාගනින්කො.. මේ මහරැම වදදෙන්නෙ
හරි හරි බං අහපංකො සීං එක.. මාර අප්සට් එක ඕයි.. මං සියලුම විස්තර කියන්නට විය..
අම්මට සිරි.. හිටපං මං ටක් ගාලා එන්න..
නැනැ උඹ දැන් එන්න ඔන්නැ බං, උදේට වරෙන් පොඩ්ඩක් උඹ එක්ක කතා කරන්න ඔනි..
හරි හරි මචං අවුලක් උනොත් කතා කරහං ටක් ගාලා..
හරි මචං සුභ රාත්‍රියක්.. ඔහුගෙ කතාව අවසං කර වහාම ගෙදරට කෝල් එකක් ගෙන සිදු වූ සියල්ලම ලොකු අක්කට පැවසුවේ ඔනැම මොහොතක කලබල නොවී විසදිය හැකි එකම කෙනා ඇය වීම නිසාවෙනි.. ඇයගේ එකම ඉල්ලිම ඌවෙ මට ඉක්මනින් ගෙදර එන ලෙස මුත්, මා ගෙනා රෝගියාගේ විස්තර සොයාගන්නා තෙක් රෝහලෙන් පිටනොඑන්නට මා ඉටා ගත්තෙමි..!

කවුදෝ මගේ උරහිසට අනින්නට විය..
ඕයි නැගිටපං..!
ඒ ගයියාය.. මූ පාන්දරම රෝහලට ඇවිත් ඇත..
ලැජ්ජ නැද්ද යකෝ බංකු උඩ නිදාගන්න උඹට ? මූ මට දොස් නගන්නට විය.. එවිට සිහි ඌවෙ මට බංකුව උඩම නිංද ගොස් ඇතිබවය..
නින්ද ගියා බං මට මෙතැන..

පේනවා පේනවා.. තෝ මෙතන තව ටිකක් හිටියා නම් කක්කා ගියා කියාවි.. අනේ අම්මපා..!!
මලපෙරෙතයා පොලේ ගැහැව්වා වගේනෙ තෝ නිදාගෙන තියෙන්නෙ.. ලැජ්ජ නැද්ද මිනිහෝ ?

ඉතිං බං උඹ කියන්නෙ මෙතැන හොටෙල් එකක් කියලද ? එන එන එකාට රූම්ස් දෙන්න ? මගුලක් කියනවා..

හරි හරි මොකක්ද උනේ දැන් ? නැවතත් ගයියාගේ ලාමක හඩ..

ඇයි බං මං ඊයෙ රෑ කිවේ විස්තරේ.. ඊට එහා මං දෙයක් දන්නැ.. තාම ඩොකෙක් අවෙත් නැ..
වරෙන් යන්න ගිහින් විස්තරයක් අහං එමු.. ගයියා මාව අදින්නට විය..
හිටපං මං මූනට වතුර එකක් දාගෙන එන්න.. කබ කඩ කඩ ඩොකා ලගට යතැහැකිද.. අනික සීනිබෝල බෙහෙත් බඩුත් ඉන්න එකේ....
තෝ $@#@$@ මෙතැන ඇවිල්ල නර්ස් කෙනෙක්ටවත් ඉන්න දෙන්නැනෙ.. බලහං අපි වගේ විනීතව හැසිරියං..
අනේ මගෙන් මුකුත් නාහා ඉදිං.. මං දන්නැද්ද තොගේ හැටි..! හිටපං මං මූන හොදං එන්න.. මං විගහට ගොස් මූන හෝදන් ඩොක්ටර් හමුවීමට ගයියා සමග කොරිඩොව දිගේ ඇදෙන්නට විය..



ඉතිරි ටික පසුවට...෴


.

Sunday, December 4, 2011

1+2 = කීයද ?

මේ අපේ බාප්පා එක්ක චැට් එකක් දාගෙන ඉන්න ගමං බාප්පා කීව කතාවක්.. වැඩි වැල්වටාරම් නැතිව අපි කෙලින්ම බහිමු 89 ට.. ඒකිවේ භීශණ කාලෙ.. මතකද ? මට නම් මතක නැ.. මොකද මං ඉපදිලා තිබ්බෙ නැති නිසා..
      ඒ මගුල් වැඩක් නැ.. කතාව මේකයි.. ඒකාලෙ අපේ රට දැහැමින් මෙව්වා එකෙන් පාලණය කරන් උන්නෙ අතිගරු ජනාදිපති ම නැ ප්‍රේමදාස මහත්තයාලුනේ.. මං දන්නැ උන්නද නැද්ද කියලා මට ශුවරුත් නැ මොකද මං ඉපදිලා නැ.. හරිනෙ ඒ කතා වැඩක් නැ මේකයි කතාව, ඉතිං උන්දැට.. ආ සොරි, එතුමට ඔනි උනාලු  අගමැති කෙනෙක් පත්කොරගන්ට.. කාටද ? ප්‍රේමදාස මහත්තයාට.... ඉතිං ඒකාලෙ මොකක්දෝ කොරමයකට තිබ්බාලුනේ ජනාදිපතිටම අගමැති තෝර ගන්න පුලුවන් විදියෙ බලයක්..
    ඉතිං ඔන්න ඒ බලේ පොරයෝජනයට අරං ඒ කාලෙ මංත්‍රී පට්ටං තිබ්බ මහත්වරු 3 දෙනෙක් ගෙන්නව්වාලු ඉන්ටර්වීව් එකකට.. සිංහලෙන් කිවොත් සම්මුඛ සාකඡ්ඡාවකට.. හරිද.. ඉතිං ඕකට අවේ කවුද දන්නවද ? දන්නැනෙ ?
මුල්ම කෙනා විදියට ඒ කාලෙ අධ්‍යාපන ඇමති ලලිත් ඇතුලත් මුදලි මහත්තයයි
මහවැලි සංවර්ධණ ඇමති ගාමිණී දිසානායක මහත්තයි
ඩී බී නොහොත් ඩිංගිරි බංඩා විජේතුංග මහත්තයයි මේ ඉන්ටර්වීව් එකට අවාලු..
ඔන්න දැන් ප්‍රේමදාස මහත්තයා ප්‍රශ්ණ අහනවලු..

ප්‍රේමදාස: ලලිත්! කියනවා බලන්න 1+2 කීයද ?

ලලිත්:  3 නේ සර් ?

ප්‍රේමදාස: තමුසෙ හරියන්නැ.. යනවා යන්න..! ගාමිණී කියනවා බලන්න 1+2 කීයද ?

ගාමිණීත් ඉතිං ඉගෙන ගත්ත පොරක්ලුනේ.. (මං නම් දන්නැ ඕං)

ගාමිණි: සර් 1 යි 2 යි 1කට තිබ්බාම  12 යි අනික් පැත්ත ගැහැව්වාම 21යි එකතු කලාම 3 යි අඩුකලාම 1 යි..

ප්‍රේමදාස.. නැනැනැ තමුසේ දන්නවා වැඩියි යනවා යන්න !!! ඩිබී තමුසේ කියනවා බලන්න 1+2 කීයද ?

ඩීබී: (රහසිං අහනවාලු) සර් කීයද කියන්න ඔනී ?

ප්‍රේමදාස: අන්න තමුසේ තමා නියම මිනිහා
කියලා අගමැති කරගත්තාලු..

හික් හික් මේක ඇත්ත කතාවක් කියලා තමා අපේ බාප්පා නම් කියන්නෙ.. හැබැයි මට කිසිම වගකීමක් ගන්න බැ මොකද මං ඉපදිලා උන්නෙ නැති නිසා..!!!

පාලි: මේ බ්ලොග් එක දේශපාලනේ පැත්තට යනවා වැඩිද මංදා.. :-/ ඒත් මෙව්වා විහිලු ඇ..!

එහෙනම් අපි කැපුනා
PirateBunny෴


(හසිත හා ඉන්දරේ සහොදරයන්ගේ කමෙන්ට් හමුවේ ටීබි ලෙස තිබූ නම ඩීබි ලෙස නිවැරැදි කරණ ලදි!)

Monday, November 21, 2011

මා දුටු "ගාමනී"

මුලින්ම කියන්ටොන අපේ තාත්තා මං දන්න විදියට ඒකාලේ ඡංදේ දුන්නෙ UNP එකට.. අපිත් පොඩි කාලේ ඉදන්ම නිකන්ම UNP උනා.. මොකද වැඩිපුරම දකින්නෙ කොළපාට කොඩි නිසා.. දේශපාලනය කියන්නෙ මොන මගුලක්ද කියලවත් දන්නැති අපි පාටක් අල්ලගෙන ඉස්කොලේ එවුන් එක්ක මරාගත්තා.. ඒ තාත්තලාගේ පැත්ත ගන්න ඔනි නිසා.. !!
    කාලය ඔහොම ගෙවිලා ගියා.. UNP කියන එකේ තෙරුම දැනෙන්න ගත්තා.. ඒ විතරක් නෙවේ.. අනික් පක්ශ, පාට මිනිස්සු ගැන එක එක කතා, කට කතා අහන්න දකින්න ලැබුනා.. නිල් පාට පැත්ත හරි රතු පාට පැත්ත හරි මොන පාට හරි උනත්.. මට කොළපාට තරම් එක පාටක් වත් අල්ලව්වෙ නැ.. ඒ තරමට මං තාත්තාව විශ්වාශ කරා.. දේශපාලණ පක්ශයකට මාව නිකන්ම තල්ලු වෙලා ගිහින් තිබ්බා.. මට ඒක නවත්ත ගන්න බැරි උනා.. මං කොළපාට උනා..! (නැනැ හම තළෙලුයි)

පසු කාලිනව වෙනසක් උනා.. යුද්දය ඉවර උනා.. අලුත් කෙනෙක් රජ කම ගන්න අවා.. මගේ දේශපාලණ උණ වැඩි උනා.. පාරෙ තියෙන පොස්ටර් එකක් නැර බැලුවා.. මට ඔහු වීරයෙක් වගේ පෙනුනා.. මං එයාගේ පැත්ත ගත්තා.. තාත්තත් එයාගෙ පැත්තට නිකන්ම ඇවිල්ලා තිබුනා..

ඉතිං මම ජෙනරාල් සරත් ෆොන්සේකා මහත්තයාගේ පැත්ත ගත්තා.. එතුමාගේ ගුණ වර්ණනා කලා.. අනික් පාටවල් වලින් සමාජයේ මිනිස්සු මිරිකේද්දි අපිට ෆොන්සේකා මහත්තයා වීරයෙක් වෙන්න ගත්තා.. ජීවිතෙට දැකලවත් තිබුනේ නැති මනුස්සයා මට වීරයෙක් වෙන්න වැඩි කාලයක් ගියේ නැ.. "යුද්දෙ ඉවරකලේ ඒ මනුස්සයා.." අන්න එහෙමයි අපි හැම තිස්සෙම ඒ මනුස්සයාගැන හිතාගත්තෙ..!

නමුත් ඔය සියල්ලම අවසං වී එතුමා හිරේට යනකම් වත් මට ඡංද බලය තිබුනේ නැ..! නමුත් මගේ ඡංදය සරත් මහත්තයාට වෙන්වෙලා තිබ්බා...!



ලොකු ටෝක්ස් නැති චේද තුන හතරකින් මට පෙන්නන්න උවමනා කලේ මං කැමති දේශපාලන පක්ශය ගැන..

+මචං බනියා උඹ ගාමනී බැලුවද ?
 

*නැ බං උඹ ලග තියෙනවද ?

+ඔව් ඕයි මේක අරන් පලයං සිරා කතාව..

*අඩේ මං ෆිල්ම් හෝල් එකේ බලන්න යන්න උන්නෙ බං.. මැක්සා ඇ..
මං පෙන් එක උදුරගෙන ගෙදර එන්න පිටත් උනා.. ..
      දඩිබිඩියේ ගෙනැල්ලා දාලා බැලුවා.. මගේ ලේ රත්වෙන්න වෙලා ගියේ නැ.. සදරු අයියාගෙ යාලුවාගෙ කතාව මට මතක් වෙන්න වැඩි වෙලා ගියේ නැහැ.. මගේ ඇගේ ලේ නලියලා ඇගේ මයිල් කෙලින් වෙලා තරහෙන් ෆෝවර්ඩ් කලේ බයටම.. මොකද මට ලේ හෙල්ලෙන එව්වා බලන්න බැරිකමට, ගැහැනුන්ගෙ පිරිමින්ගෙ බෙලිකපන එකට.. ඒ වගේම අර ළමයා පොලවේ ගහන සිද්දියට.. මගේ හිත සලිත වෙන්න මහ වෙලාවක් ගියේ නැ.. සඳරු අයියා කියන්න වගේ
          "මම මීට දින කීපයකට උඩදී අපේ එහා ගමේ සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරපු ගාමනී චිත්‍රපටිය බැලුවා .ඒත් ඒ චිත්‍රපටිය තුළ තිබුණේ මගේ ගමට හුඟක්ම සමාන පරිසරයක් විතරයි . චිත්‍රපටියේ පළමු විනාඩි විස්ස නම් සියේට සීයක්ම ඇත්ත සිදුවීමක්. ඒත් අනික් ටික කතාවක්ම විතරයි"

ඇත්තටම මුල් විනාඩි 20 තුල කතාව සත්‍ය එකක් කියලා තෙරුම් ගත්තෙ සඳරු අයියාගෙ කතාවෙන්.. ෆිල්ම් එකේ දී ප්‍රේක්ශකයාගෙ හිරි ගඩු පිප්පෙන්න, මයිල් කෙලින් වෙන්න, ලේ රත් වෙන්න තියෙන එකම හරිය ඔය ටික විතරයි..
ඔය ටික බලද්දි අපිට මොකක්ද මතක් වෙන්නෙ ? "යුද්දය" නේ ? ඔනී පොඩි එකෙක්ට යුද්දය ගැන දැනෙන්න කරපු සාර්ථක නිර්මාණයක් විදියට මං ඕක දකිනවා.. ඒ වගේම අපේ මහ උන්ගේ හිත වෙනස් කරගන්න බලකරන චිත්‍රපටියක් විදියට මම දකිනවා..

මට කතා කරන්න ඔනේ උනේ මේ චිත්‍රපටිය ෆිල්ම් හෝල් වල යද්දිත් අපි අතරට ආවේ කොහොමද ?
එක වෙබ් අඩවියක දැක්ක විදියට මෙකේ නිර්මාතෘ කියලා තිබ්බෙ පිටපත ලබාදෙද්දි ඒකෙ තව පිටපතක් හොරෙන් අරගෙන අන්තර්ජාලයට මුදා හැරලා කියලා.. එහෙම වෙන්න පුලුවන්ද ?
චිත්‍රපටියක අවසාන ෆිල්ම් රෝල.. එහෙම නැත්නම් DVD එකක් කියලා හිතමු.. නිශ්පාදක තුමා, ඔන්න මචං ඕක ෆිල්ම් හෝල් වල දාලා මට කීයක් හරි හොයලා දියං කියනවද ? නැහැනේ, වගකීමකින් ඊට වගකිවයුතු පාර්ශවයකට නෙ ලබාදෙන්නෙ චිත්‍රපටි ශාලා වලට බෙදන්න.. ඒ මනුස්සයාත් කීයක් හරි හොයාගන්න වැඩේ නැතිකරගෙන ෆිල්ම් එක එළියට දාවි කියලා හිතනවද ?
      ඔය බෙදාහරින්නා හැර චිත්‍රපටි ශාලා හිමිකාරයින්ට ඔවාගේ පිටපත් ගන්න නම් ගන්න තියෙන එකම ක්‍රමය මගේ දැනිමේ හැටියට චිත්‍රපටිය දාවණය වෙද්දි කැමරාවක් අල්ලං ඉදලා වීඩියෝ කරගන්න එක විතරයි.. (මීට අමතර ක්‍රමයක් තියෙනවා නම් මාව නිවැරදි කරන්න) නමුත් මං බලපු වීඩියෝව හොද තත්වයක තිබ්බා.. ඒක ටොරන්ට් එකකින් භාගත්ත එකක් කියලා සාක්ශි තිබ්බා.. එහෙනම් ඒක කැමරා කොපියක් නෙවෙ.. නමුත් මට දැනුනේ ඒක කැමරා කොපියක් බව අගවන්න බොරු අසාර්ථක උත්සාහයක යෙදිලා තිබ්බා..
      මෙන්න මට හිතෙන විදිය.. මේකට මුලුමනින්ම දේශපාලණික බලපැමක් මත හෝ දේශපාලකයින්ගෙ උවමනාව මත සිද්ද වෙච්ච චිත්‍රපටියක් විදියටයි මම දකින්නෙ, මං එහෙම කියන්න හේතුව මේකයි
        ජිවිතේට "ගෝනගල" ගම දැකලා නැති කොළඹ උන්ට තමා මුලින්ම මේ චිත්‍ර පටිය අහුවෙන්නෙ.. මොකද අන්තර්ජාලෙම ජිවත් වෙන මිනිස්සු වැඩි හරියක් ඉන්නෙ කොළඹ පැත්තෙ නිසා.. ඔබට මතක ඇති කාලයක රජයට කොළඹ නගර සභාව දිනාගන්න පුලුවන් උනාද ? නැහැනේ නේද ? ඒ මොකද යුද්දය කලේ කොහොමද ඒකට උර දුන්නෙ කවුද ඔය සියල්ලම ගැන හිතන්න මොලයක් තිබ්බ උන් ටිකක් උන්නෙ ඔය කොළඹ නිසා.. ඕකට සාක්ශියක් විදියට මට තියෙන්න මේ දවස්වල සෝශල් නෙට්වර්ක් වල වෙන කතා බහා FB, Twitter ඉන්න උදවියට ඕක මං පැහැදිලි කරන්න ඔන අරුමයක් නෙවේ.. තව රූපවාහිනි මාද්‍ය.. කොටින්ම අපේ ගමේ ඇන්ටනාව අඩි 40 උස්සව්වත් පෙනුන චැනල් දෙකයි ඒ රූපවාහිනි හා ITN  ඔය දෙකම කලේ මොකක්ද ? ආන්ඩුවේ වැරදි වහලා නිවැරදී දේම විතරක් මිනිස්සුන්ට පෙන්වන එක.. ඉතිං උතුරෙන් මෙහා ඉන්න මිනිස්සු රජයේ හොද විතරක් දකිමින් සිහින ලෝකයක තනිවෙනවා..  ඒ වගේම බිස්නස් කරන උදවිය.. බිස්නස් කරන අයට ලොකුම සහනයක් දීලා තිබ්බෙ UNP එකෙන්.. මේ දැන් ඉන්න රජතුමාගේ පක්ශයෙන් කවදාවත් සහනයක් තිබ්බෙ නැ.. හොයපල්ලා.. අපිට දියල්ලා කියන මතය උඩයි ඒ අය උන්නෙ.. අපේ තාත්තා UNP උනෙත් ඕක නිසා වෙන්නැති..ඒක නිසා කොළඹ බලප්‍රදේශය කවදාවත් රජතුමාගේ පක්ශයට දිනාගන්න බැරි උනා..

        ඉතිං මේ චිත්‍රපටිය යොදාගෙන අර කොළඹ උදවියගේ හිත වෙනස් කරන්න උණු කරන්න අපූරු විදියට දේශපාලණික උපක්‍රමයක් භාවිතා කලා,  "ගාමනී" එලියට දාලා එක.. රු 150 ට පෙව්මන්ට් එකේ විකුණන ෆිල්ම් එක ගන්න ටිවි එකේ ගාමනී ට්‍රේල එක දැක්ක ඔනි එකෙක්ට හිතෙනවා නිතැනින්ම..

      ඒ වගේම ටොරන්ට් එකක් අමාරුවෙන් බාගන්න එකා ඕක දන්න දන්න හැමොටම දීලා හෙන ආසාවෙන් පොර වෙනවානේ.. පෙන් එකෙන් ඕක වෙන එකෙක්ට දෙන එකේ එකම තෘප්තිය ඒක තමා..
ඉතිං ෆිල්ම් හෝල් වල ප්‍රදර්ශණය වෙද්දිත්, ගාමනී රට පුරා තියෙන ප්ලෙයර් වල.. කොම්පියුටර වල ප්ලේ වෙන්න වැඩි කාලයක් ගියේ නැ..

ඔය චිත්‍රපටියට ගිය වියදම කෝටි 3ක් කියලා හිතමු.. ඕක දේශපාලකයෙක්ට මහලොකු ගානක්ද ? මෝයකටෙන් පොල් ලෙල්ලක් ගියා වගේ ඕක.. ගාමනී අන්තර්ජාලෙට දාලා ඉවර වෙලා, ඔන්න මචංලා අපි ෆිල්ම් එක නෙට් එකට දැම්මා කියලා තව පබ්ලිසිටියක් දෙන්නත් එක්ක නඩුවකුත් දැම්මා.. චිත්‍රපටිය විකිණීම තහනම් කියලා.. අපි ඒක නිසානේ දන්නෙ අඩේ ඩවුන්ලෝඩ් කරගන්න ටොරන්ට් ඇති කියලා..
ඔය නඩුව දැම්මට ඕක එලියට දාපු උන්, විකුණපු උන් එකෙක් වත් පොලිසියෙන් අල්ල ගත්තද ?

දැන් ඔක්කොම හරි.. යුද්දය ඉවර කල එක නම් මාර පිනක්.. ගෝනගල ගමේ වගේම අනික් දුශ්කර ගම් වලත් මිනිස්සු ආයෙ අඩන එකක් නැ ඔන්න ඔහොමයි ඕක බලපු හුගක් අය හිතනවා ඇත්තෙ.. එතැනදි නිකන්ම මතක් වෙන්නෙ ගොඩක් අයට අපේ රජතුමා.. රජතුමනි මේ හාවාට නම් එහෙම හිතුනේ නෑ ඕං..!  යුද්දයෙන් අඩපු මිනිස්සු තාම අඩනවා.. ඒ බඩගින්නට.. අඩනවා නෙවේ ඇඩෙනවා..
      මට ඔනි ඔනි දේ මේකයි කියලා දෙපාරක් ඇඩුවාම දුක හිතිලා අරන් දීපු තාත්තට මට කැමරාව අරන් දෙන්න විදියක් නැ පුතෙ කිවාම මගේ පපුව හෝස් ගාලා ගියා.. ඒක කලේ ඔබයි රජතුමනි..!

      ඉතිං මේ ආන්ඩුව අර ගන්න බැරිවෙච්ච ඡංද කෑලි ටික ගන්න අසාර්ථක උත්සාහයක යෙදුනා කියලයි මේ හාවට හිතෙන්නෙ..

ආයෙ මතක් කරනවා මං සරත් ෆොන්සෙකාගේ පැත්ත ගත්තා කියලා උඩින්ම කියලා තියෙනවා.. ඒ වගෙම මේ ආන්ඩුව පිලිකුල් කරනවා කියලත් බය නැතිව කියනවා.. ඇයි මට මොනා කරන්නද ? වැඩිම උනොත් කොන්දක් නැති ඇනොනිමස් කෙනෙක් කුණුහරුපයක් දෙකක් කියලා දාවි.. ඒ උනා කියලා මාව මරන්නද ? මැරෙන්න උනත් මට කිසි බයක් නැ..

මට හිතුනන විදිය වැරදි සම්පුර්ණ අසත්‍ය විකාර කතාවක් වෙන්නැති.. ඒ ගැන බය නැතිව කමෙන්ට් කරන්න.. මොකද මේ අන්තර්ජාලෙ ඉන්නෙ අපි අපි විතරයි.. මට බැන්නට මං  තරහා නැ කා එක්කවත් :)

එහෙනම් ජය..!!
PirateBunny෴
...

Friday, November 18, 2011

තාප්පෙ මගේ...!!

මේකත් රහ කතාවක්.. මොකදෝ මංදා ඩැඩී බැන්ඩ් එකේ අලුත් සිංදු ටික අහද්දි මට එක එක කතා මතක් වෙනවා.. හැබැයි කිසිම ගැලපීමක් නැ සිංදු ටිකට... හික්හික් :D

මේකයි කතාව. .
ඔන්න ඉස්කොලේ මහත්තයෙක් උන්නාලු හොදද.. එහෙම කිවාම මතක් වෙන්ටොන.. රු 100 ක් වගේ පර්ස් එකේ දාගෙන ඉන්න, සපත්තු දාලා  දිග කලිසම ගහලා ශර්ට් එක ඇදපු ඉස්කොලෙ මහත්තුරු නෙවෙ.. අර නැශණල් එක සිංහලෙන්ම කිවොත් ජාතික ඇදුම ඇදගෙන ඉස්කොලෙ එන්නෙ ඉස්සර කාලෙ.. (මං නිකන් දැකලා වගේ කතාව;) හික් හික්..
අන්න එහෙම මහත්තයෙක් හරිද..  ඉතිං මේ මහත්තයාගේ ගෙදර තාප්පෙ සුදුම සුදු පාටයි ලස්සනට තිබ්බාලු.. හරිම චාම් මනුස්සයෙක් නිසා ලස්සනට සුදු පාටට පිංතාරු කරලා තමා තිබිලා තියෙන්නෙ..

ඔන්න දේශපාලණ සමයක් අවාලු.. ඔය ලොක්කා හොයන වැඩේ.. "ජනාදිපතිවරණය.." ඉතිං ගමේ කොල්ලන්ටත් ඔය උණ ගැහැව්වාලු..
උදේ පාන්දර ස්කොලේ මහත්තයා දත් බුරුසුවත් කටේ ගහගෙන පාර පැත්තට අවාලු..

ස්කොලේ මහත්තයාගෙ කටේ තිබ්බ බුරුසුව බිම වැටිලා අෆෝයි ගැවුනාලු.. අර සුදුම සුදු පාට තාප්පෙ කාලු පාටට ලොකුවට ලියලාලු..
ජේ.ආර්. අපිට.... අපි ජේ.ආර්. ට.....

දැන් ඉතිං මොනා කරන්නද කියලා ස්කොලෙ මහත්තයා තරහා ගන්නෙත් නැතිව ආයෙ හුණු පැකට් එකක් ගෙනැල්ලා තාප්පෙ ගාලා දම්මාලු.. කැත යන්න..

ඔන්න ඊට පහු වෙනිදා උනාලු.. කෝකටත් කියලා ගිහින් තාප්පෙ දිහා බැලුවාලු.. හත් වලාමේ අදත් ලියලා.. මොකක්ද ?
ජේ.ආර්. අපිට.... අපි ජේ.ආර්. ට.....
 
ඉස්සර ඉස්කොලෙ මහත්වරු හරි නිහතමානි අහිංසක උදවිය නේ ඉතින් තරහා ගන්නෙ නැතිව ආයෙ කලින් වගේම හුණු ගාලා දැම්මාලු..  
ඔන්න ඒ දවස ගෙවිලා ගිහින් රැ වෙලා නිදාගෙන පාන්දර නැගිටලා නිකමට වගේ ගිහින් බැලුවාලු තාප්පෙ ආයෙ මුකුත් ලියලද කියලා.. හිතුවා වගේම හරියටම හරිලු ආයෙ ලොකුවට ලියලාලු කලින් වගේම... 
ජේ.ආර්. අපිට.... අපි ජේ.ආර්. ට.....
 දැන් නම් ඔන්න ඉස්කොලේ මහත්තයාගෙ ඉවසීමේ සීමාව අන්තිමට ඇවිල්ලා සූස්.... ගාලා සද්දෙකුත් අවාලු අර සිංදු කියන කේතලෙන් වගේ.. දැන් කරකියා ගන්න දෙයක් නැතිව කල්පනා කර කර ඉන්න කොට අවාලු මරු අයිඩියා කැල්ලක්. කලින් වගේම හුණු ටිකක් ගෙනැල්ලා තාප්පෙ ගාලා ඒක උඩින් ලිවාලු ලොකුවට මෙන්න මෙහෙම..
ජේ.ආර්. තොපේ.. තාප්පෙ මගේ...

ආයෙ කොල්ලො කවදාවත් තාප්පෙ මුකුත් ලියන්න අවේ නැහැලු :D

එහෙනම් හැමෝටම සුභ අනාගතයක් හොදේ ;-)


PirateBunny෴

.
.
.

Wednesday, November 16, 2011

උපං දිනය..

ඊයේ 2011-06-11 රෑ... මං අම්බානෙක සර්ප්‍රයිස් උනා.. මං නිදාගෙන නැගිට්ටා විතරයි..
මට මගේ යාලුවො මරන් කන්න කේන්තියි.. ඩැඩිලාගෙ අලුත් ඇල්බම් එක මයේ ඇන්ඩ්‍රොයිඩෙන් අහ අහා උන්නෙ..
ඉතිං නුඹ ඉතිං නුඹ ඉතිං නුඹ ඇයට කැමති නම්..
සිතින් නුඹ දුරින් හිද.. පලක් නැත පෙම් කරලා...
මගේ දිවියේ..
මෙතෙක් නුදුට.. ආ ආ ආ..
අමුතු සොදුරු.. 
රුවක් එක්ක..  
මා සිත දැවටිලා...

සික් මුං මගේ සිංදු ඇහිල්ලත් කෑවා..!!
ලොකු ලොකු කාර් ජාති අෆ්ෆෙ මං දැකලවත් නෑ එහෙම එව්වා.. මොඩ්ල් එක ගිහින් අහන්න හිතුනත්.. ලැජ්ජාවට කට පියාන උන්නෙ.. ඒත් මට බැරිම තැන ඇහුවා.. අයියා මේක අලුත හදන හයිවේ එකේ වැඩට ගෙන්නව්ව එකක්දැ ? මේ මේ මෙච්චර ටයර් උස ? පික්ශුද මල්ලි.. මේක හමර් එකක්නෙ.. මං සෙල්ලමට වගේ ගත්තෙ.. හුටා.. වස ලැජ්ජාව.. ඊයෙ වගේ දවසක ඔහොම අහලා ආයේ චාටර් කන්න බැනේ කියලා මං කට පියා ගත්තා...
එකෙක් සවුන්ඩ් අටවනවා.. සිංදු දාන්න.. ඕයි උඹ මොකක්ද ඔය කරන්නෙ ? මේ බං ඩීජේ එකක් කරන්න මේ ස්පිකර් දෙක හයිකරන්නෙ..
අනේ මිනිහෝ ඔය ස්පිකර් කටු දෙකෙන් ඩිජේ කරන්නෙ කොහොමද බොල ? දූපිය යන්න..!

හෆ්ෆේ එන සුවද... මං කුස්සිය පැත්තට ඇදුනා.. මගේ අම්මො.. කෑම ජාති.. O_o අම්මේ මොකටද මේ කෑම මෙච්චර ? ඇයි අද ඔයාගෙ උපංදිනේනේ ? හෑ....උපංදිනේ ? සිරාවට ?
අෆ්ෆෙ ලොක් අක්කත් ඇවිල්ලා.. පැනපු ගමං දුන්නානේ මට උම්මා එකක්.. සික්.. කම්ඹුල පුරාම කෙල, මං පිහිද ගන්න ගමං ඇහුවා කෝ පැටවු දෙන්නා කියලා.. අන්න ගෝකාට් එකේ..
හනේ අම්මෙ.. කෙල්ල දැන් ලොකුයි.. මං වඩා ගත්තා.. ඒකි බර අඩුයි කොල්ලට වැඩිය... හික් හික්..
මං ඒකිත් වඩාගෙන ගේ වටේ රවුම් ගහන්න එළියට ආවා..
මගේ කට මොකදෝ උනා.. තව ඩිංගෙන් පොඩි එකත් වැටෙනවා.. මෙන්න යකො.. නාමල් අයියා පයින් එනවා..  ඔව් ඔව් අර නාමල්ට හෙටක් එකේ නාමල් අයියා.. මහින්ද මාමිගේ පොඩි එකා..! අප්පට බොල..
ආ මල්ලි.. හැෆි බර්ත්ඩේ එකක් වේවා.. අඩේ අයියේ කොමද ඉතිං බස් එකෙද ආවෙ ? ඔව් මල්ලි සීසන්නේ.. එකෙන් අවා.. කෝ අයියේ අර අලුත ගෙනාපු ෆෙරාරි එක ? පික්සුද මල්ලි.. පෙට්‍රල් මාර ගනන් නේ.. මං බස් ඒකේ අවා.. කොච්චිත් නැනේ අර ඉන්දියන් කාරයෝ ඒක ගලවන් ලොටනවානේ..!! නැත්නම් යසට එන්න තිබ්බා..
හා හා කමක් නැ වරෙන්කො ගෙ ඇතුලට.. වොශ් එකක් දාලා කතා කරමු.. ඔය බස් වල දූවිලි අෆ්ෆා.. ඔව් මල්ලි CTB නම් අන්තිමයි දැන්..
අම්මෙ මෙන්න මූට තාත්තාගෙ සරමක් වත් දෙන්න..
ආ මේ නාමල් පුතානේ.. එන්න එන්න ..
මේ බං අපි අලුතෙන් හයිබ්‍රිඩ් එකක් ගත්තා.. මේ බං තාත්තාට කියලා ට්‍රැක් එකක් හදලා දියංකො උඹේ ෆෙරාරියෙනුයි මෙකෙනුයි ෆන් එකක් ගත්තැහැකි..
ආ බං සිම්පල්නේ හම්බන්තොට පැත්තෙන් හදාගම්මු ඕක මොකක්ද.. මේ බං ෆෙරාරිය නම් දාන්න බැ බං ටයර් එකක් හෙන මිලයි.. !!
හරි හරි බං ඕක මොකක්ද අපි හයිබ්‍රිඩ් එකේ යමං..

දැන් උඹ ලොක්කෙක් නේද අවු 20 කුත් උනානේ..
හික් හික් අයියා තරම් ලොක්කෙක් නෙවේ අයියේ.. හික් හික්.. අපි තාම හිච්චි උන්නේ..

මේ බං මට මහන්සියි.. උඹ එන උන් එක්ක කතා කර කර ඉදහං.. මං පොඩි ඇලට් එකක් දාලා එන්නම්.. හරි හරි මල්ලි නිදාගනින්කො..
ඩැඩිලාගෙ අලුත් සිංදු ටික නම් මරු..
ඔව් මං.. දවසක් කිව්වා බොරුවක්..
ආදරෙට..ආ ආ ආ...
ඔන මගුලක්යැයි කියලා..ආ ආ ආ 
දැන් යල් පැනලා..තෙහෙට්ටු වීලා.. 
සිත ඇතුලේ සිර කරගත් දුක හොදටම පැහිලා..
මං වෙනස් වීලා .. මං දුරස් වීලා..
ඔබට තේරුම් කරලා.. ඕ ඕ ඕ කියන්න බෑ මට කියන්න බෑ මට.. 
මං පොරොන්දු වීලා...

හෙඩ් සෙට් එකත් කනේ ගහගෙන මං නිදා ගත්තා..
ඕයි ඕයි නැගිටිනවා..
අපේ මලයා බෙරිහං දෙනවා..
මොකද මිනිහෝ නිදාගන්න දෙනවාකො..
අන්න තාත්තා කතා කරනවා.. වැඩ කරන උන් ඇවිල්ලා..
මොකක් ? කෝ පාර්ටිය ?
මොන පාර්ටියද ? මේ ඕයි උදේ 8 ට නැගිටපිය.. මං දඩ බඩ ගාලා කැලැන්ඩරේ බැලුවා..
මගුලයි
2011.11.16 නැහියං..!! තෝ මගේ හීනේ කැවා..

Saturday, November 12, 2011

ආතීශයින්ම ලොකු උන්ට පමණයි (18+)

ආතීශයින්ම ලොකු උන්ට පමණයි (18+)  ගැණු ළමයින් මෙහි ඇති LINK ඔබා බැලීම සපුරා තහනම්..!
 
...............................
me
මාව තාම නලියනවා ඕයි

gkg
වතුරෙකක් බීල වරෙන්

me
බැ
11:11 PM

me
මේ
මොනා හරි කියහංකො
කම්මැලිනේ


me
ඔයි අර අරූනේ


me
හික් හික්

gkg
බලපං හයිබ්‍රිඩ් වලට කෙල්ලො ඔහොම ඇරගෙන එන්නෑනෙ
බයික් වලට විතරයි
හිහ් හිහ් හිහ්

me
ඒ සෙක්සි කෙල්ලො කොට කලිසම් එහෙම ගහගෙන එන්නෙ
"beep" පෙන්න ගන්න ඔනි නිසානේ..
අනික උං දන්නවා
ඔය බයික්කයක් තියෙන කොල්ලො
වැඩිය පාගලා යන්නෙ නැති
සල්ලි කාර තාත්තලාගෙ නාස්තිකාර පුත්තු කියලා
කිසි කෙස් එකක් අනතුරක් නැනෙ ?

gkg
අනතුරු ගැන මෙතන කතාවක් නෑනෙ
:D
me
මොකො නැත්තෙ
රෝද දෙකක් උඩනේ යන්නෙ
බල්ලෙක් හරි පැන්නොත්
බල්ලාගෙ වල් කමටවත්
බඩු පැකට්නේ..?:D

gkg
හයිබ්‍රිඩ් වලට කෙල්ලො පෝස් කරන්නෙ නැති එක ගැනයි කතාව
හික් හික්
:D
කෙල්ලෙක් ඕන නං බයික්කෙ හදාගනින්
ආ මරාල බහින්න නං හොනට් එකක්වත් ගන්න වෙනව
CB125 අමාරුයි

me
හයිබ්‍රිඩ් එකක යන එකෙක් ජිවිතෙට කෙල්ලෙක් ගැන හිතනවද යකෝ ?
ඌ බලන්නෙ කීයක් හරි ඉතිරි කරගන්නනේ
කෙල්ලෙක් දාගත්තාම ඉතිරියක් තියෙද
හික් හික්

 

Thursday, November 10, 2011

පොඩි උනාට දඟ නෑ පැටියෝ..

මේකත් මේ ඉස්කොලෙ යන කාලේ ගත්ත ෆන් එකක් තමා.. :D කතාවක් කිවාට 2 ක්ම.. 

මුලින්ම මේක උනේ අපි 6 වසරෙදි විතර.. අපේ ඉස්කොලෙට කොහෙදො ඉදන් ආවා එකෙක් දිනුක කියලා.. මූ ටිකක් අර ලැජ්ජා අදික අමුතුම ඩයල් එකක්.. බයිට් වෙන එකෙත් සීමාවක් නැ.. හැබැයි මියුසික් වලට නම් උපං හපනෙක්.. ඒ කාලෙ iraj ගේ සිංදු එහෙම ගෙදරදි පුරුදු වෙලා ඇවිල්ලා ඉස්කොලෙද මූ ප්ලේ කරනවා.. මං හිතන්නෙ අපේ සංගීත මිස්ටවත් බෑ ඒ හැටි හොදට ඕගන් ප්ලේ කරන්න.. මුල්ම සීං එක උනේ ස්පොර්ට් මීට් දවස්වල..
  ඔන්න අපි ඉතිං අනම් මනම් ක්‍රීඩා ප්‍රැක්ටිස් කරන්න කියලා යනවා පිට්ටනියට.. ඔය කිවට මං නම් එක තරගයකටවත් යන්නැ :D මොකද මන් මිඩියා යුනිට් එකේ හිටපු එකෙක් නිසා.. ඔය දවසක් අපි පිට්ටනියෙ කැලේ පැත්තට වෙන්න එක එක හට් ගහගෙන ඉන්නවා පංති පංති.. ඒකත් හරි අපුරු කාලයක්. ඉතිං ඔන්න අපේ එකෙක් ඉන්නවා චතුරංග කියලා.. නාහෙට අහන්නැති එකෙක්.. ඌයි මායි තව 10 විතර සෙට් එකක් උන්නා.. ඔය දිනුකයා හිටියේ B එකේ.. අපි A එකෙනෙ.. අපි වටවෙලා ඉද්දි දිනුකයා අවා අපි ලගට.. ආ මචංලා ගාගෙන.. කවුරුත් නැති අතරෙ දෙන්නම් ජම්බු කියලා අපිත් ඌව සෙට් කරගත්තා.. මේං චතුරංගයා කියාපි අඩොව්.. මං අලුත් මැජික් එක්ක ඉගෙන ගත්තා බං.. පට්ට ආතල් හොදේ.. සිරාවට ? කියහංකො ඒ දිනුකයා.. හිටහං කියලා මූ පොතකිං කාඩ්බොඩ් කැල්ලක් වගේ මොකක්ද මගුලක් අරන් එකෙන් හැදුවා පුනිලයක්.. ඒ පාර කාගෙන්දො එකෙක්ගෙන් රු 2 කේ කාසියක් ඉල්ලගෙන.. කාටද පුලුවන් මේ ගොට්ට කලිසමේ ගහගෙන රු 2 නලලේ තියලා හරියටම ගොට්ටට දාන්න පුලුවන් ? එක එකා දැන් කරන්න දඟලනවා.. එකෙක්ට වත් බැ.. ඔන්න ඊලග වාරේ දිනුකයාගෙ..

ගත්තා ගොට්ට.. කලිසමේ සිපර් එකට උඩිං ගැහැව්වා දැන් ඔන්න නලල උඩින් තිබ්බා රු 2.. අෆොයි.. කොහෙන්දෝ දන්නැ පාත් උනා වතුර බෝතලයක්.. ඔක්කොම වතුර අර ගොට්ට ඇතුලේ.. :DDD

මට පවු කියලත් හිතුනා අරු අඬ අඬා අරුගෙ පස්සෙන් එලවනවා :D කෙල්ලො අතින් කට තදකරගෙන බක බක ගාලා හිනා වෙනවා :P

...

මේක උනෙත් 7 වසරෙදි ස්පොර්ට් මිට් එක දවසකමයි.. අරූට කොච්චර බයිට් කලත් මතක නැති එකා.. ඔහොම දවසක් ආයෙ ඌව අපි ඉන්න තැනකට අපු වෙලාවෙ.. එකෙක් කලිසමෙන් ඇදලා ගැලෙව්වෙ නැතැ මුගේ.. අර ඉලස්ටික් කලිසම් නිසා සිරිස් ගාලා ගැලවිලා ආවා :D ආයෙ ඔන්නැ සුවක් අවා ඒ වගෙම විලාපයක්.. මල මගුලයි.. මූ යටට මුකුත් ඇදලා නැනේ.. ඉස්සරහා කෙල්ලො සෙට් එකක් :D

මූ කෙලින්ම කලිසම උස්සගෙන ගිහින් නැවතුනේ විනය බාර සර් ගාව.. හැබැයි අපි එදා මදිනොකියන්න කැවා :-/

පාලි: මෙව්වා කියවලා ඉස්කොලෙ ගිහින් කරනවා එහෙම නෙවේ ඕං..!! (අනික දැන් කාලෙ උන් ඔව්වාට අහුවෙන්නෙත් නැ) :D

.. එහෙනම් අපි කැපුනා..
Pirate Bunny෴

..

Thursday, November 3, 2011

චන්ද්‍රමඩුළු යට සුරංගනාවන්..

හැමදාම මගේ වාද බයිල අහන නිසා මං මේ නිකමට වගේ සිංදුවක් ගැන ලියන්න හිතුවා.. :D මං මේක තෝර ගත්තෙ මේකෙ තේරුමට වඩා රසවත් වගේම වැදගත් කතාවක් මේක තුල තියෙන නිසා.. ගොඩක්ම සරළ ගීතයක් නිසා ඔනිම කෙනෙක්ට සිංදුව දැක්ක ගමං තේරුම තෙරෙනවානේ..
මේකෙ ඇත්ත කතාව මේකයි..
එක එක විද්‍යාත්මක පරීක්ශණ වලින් ඔප්පු වෙලා තියෙනවා.. පොඩි ළමයින්ට බොරු කියලා නලවන එක අන්තිම නරක ප්‍රතිඵළ ගේන වැඩක් කියලා.. ඒත් අම්මලා තාත්තලා කොහොම හරි බලන්නෙ මර ලතෝනි දීලා අඩන එකා කොහොම හරි නිදිකරව ගන්නනේ :D නමුත් මහින්ද අල්ගම මහත්තයා මේක හරි අපූරු විදියට ගීතයකින් පැහැදිලි කරනවා.. පොඩි ළමයින්ට බොරු කියලා නලවන්න ගන්න මහන්සියට වඩා එක පාරින්ම ඇත්ත කියලා නලවන්න පුලුවන්..
      මට ඕකට ඇසින් දුටු සාක්ශියක් විදියට තියෙන්නෙ අපේ ලොකු අම්මාගෙ ලොකු පුතාගේ පුතා.. අවු 3 දි විතර වගේ මට මතකයි.. බෙහෙත් බොන්න අදි මදි කරනවා.. ලොකු අයියා අවා.. ලගට කතා කරලා කිවා පුතේ.. මේ බෙහෙත් හරිම තිත්තයි.. ඒත් ඔයාට සනීප වෙන්න නම් බොන්නම වෙනවා කියලා හරි ආදරයෙන් කිවා.. මෙන්න කොල්ලා දඩස් ගාලා ගිහින් ඉල්ලගෙන බෙහෙත් ටික බීවේ.. මං උඩ ගියා මේ මොකද උනේ කියලා.. :D
     ඒ වගේම තමා අපේ මල්ලිත්.. ඌට කියලා දෙයක් කරගන්න නම් ආදරෙන්ම කතා කරන්න ඔනි.. මෙහෙ වරෙන් යකෝ කිවොත්.. ජීවිතෙට කරන්නැ.. :D

හැබැයි මට තව අවුලක් තියෙනවා.. මේ සිංදුව ලියලා තියෙන්නෙ 1970 ගනන් වල වගේ.. ඒ කාලේ ඕක විද්‍යාත්මකව ඔප්පු උනා නම්.. ඇයි තාමත් අම්මලා තාත්තලා බොරු කියලා ළමයි නිදිකරවන්නෙ ? 


සිංදුව අහලා බලන්න.. හරි අපූරු සිංදුවක්.. 



චන්ද්‍රමඩුළු යට සුරංගනාවන්
දූ සනහන්නට කතා කියනවලු...
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැළවිලි ගී මමයි කියන්නේ...

රන් තැටියට කිරි පැණි පුරවාගෙන
හදහාමී දූ බලන්න එනවලු...
දුවේ එපා ඒ කතා අහන්නට...
හඳහාමී කෙලෙසද මෙහි එන්නේ

කිරි මුට්ටිය නුඹෙ ඟගේ ගියාලූ
ඟගට උඩින් කිරි කොක්කු ගියාලූ...
දුවේ එපා ඒ කතා අහන්නට
මමයි නුඹට ලේ කිරිකර දෙන්නේ...
 
දූ අල්ලන්නට හැන්දෑ යාමේ
මල්ලක් අරගෙන බිල්ලෙක් එනවලු...
ධීර දුවේ මා බිය නොම වන්නේ
සිහළ ලෙයයි නුඹ සිරුර දිවෙන්නේ...

චන්ද්‍රමඩුළු යට සුරංගනාවන්
දූ සනහන්නට ගීත ගයනවලු...
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැළවිලි ගී මමයි කියන්නේ...


පද රචනය - මහින්ද අල්ගම.
සංගීතය - නන්දා මාලිනී.

මොකද දන්නැ සිංදුවේ video එක මෙතැන දාන්න බැහැ.. ඒක නිසා මේ link එකෙන් ගිහින් බලන්න...




Wednesday, November 2, 2011

ඔලුව පලා ගැනීම..

 අර නපුරු නදී දන්නවද ? අර ගලායන ජීවිතේ ලියන්නෙ.. අන්න එයාගේ පොස්ට් එකේ මං දැක්කා තිබ්බා කාගෙදෝ අහිංසකයෙක්ගෙ ඔලුවක් පලලා :D ඉතිං ඔය සම්බන්දව මටත් ජිවිතාවර්ජන 3 ක්ම තියෙනවා :D

මං මෙහෙම උන්නාට මගේ ඔලුවේ පැච් 3 ක් තියෙනවා :D ඔය හිටපු ගමන් ගොන් වැඩ කරන්නෙත්.. මෝඩ වැඩ කරන්නෙත් ඕකෙ ප්‍රතිඵලයක් නිසාදෝයි මට නිකමට වගේ හිතෙනවත් එක්ක :D

හාවා පොඩි එකා කාලේ
පළමු පැල්ම ඇති උනේ ඉස්සර මට තාත්තා දීලා තිබ්බා නැවකින් ගෙනාව කප්පියක්.. මං ඕක තල්ලු කර කර තමා සෙල්ලම් කරන්නෙ.. මට ඔනිනනම් අවු 3 2/1 වෙන්ටැති  එච්චර බරකුත් නැති නිසා ඕක මගේ ප්‍රදාණ සෙල්ලම් භාංඩය.. අනික ඒකෙ කෑලි ගලවන්නත් බැරි නිසා තාත්තාට තව සෙල්ලම් බඩු අරන් දෙන්න ඔනි කමක් තිබ්බෙත් නැ.. ඇයි ඉතිං ඒක කැඩෙනවායැ :D.. ඉතිං හැමදාම තල්ලු කර කර ඉන්න බැරි නිසාම මං ඒක එලියට අරන් ගියා වෙන සෙල්ලමක් කරන්න හිතාගෙන.. මෙන්න තියෙනවා අලි කානුවක්.. ඒකෙ  වතුර හෝගාලා ගහං යනවා.. ඉතිං මං කලේ කානුව උඩ තිබ්බ මඩුවේ ලණුවක් ගැට ගහලා වරුවක් විතර දගලලා දගලලා අර කප්පිය උඩට අරං ගැට ගහ ගත්තා.. අර ඇලේ වතුර ගන්න :D  ශිට්..වැඩි වෙලාවක් ගියේ නැ.. දඩෝං.. කප්පිය මගේ ඔලුව උඩ.. රතුපාටට මොනාදෝ එනවා.. හුටා වෙන මොනා එන්නද.. ලේ...!! මං හොරාට අතින් වහ ගත්තා පැලිච්ච තැන.. හෙමීට ගෙට රිංගලා ඇදට වෙලා නිදා ගත්තා.. මෙන්න තාත්තා එනවා දුවගෙන.. අන්තිමෙ මාව උස්සන් ගිහින් බෙහෙත් දාගෙන ආවා.. තාත්තා දැකලා මං ඔලුවට අත තියාගෙන ගෙට රිංගනවා.. පස්සෙ ලේ පාර දිගේ තමා හොයාගෙන ඇවිල්ලා තියෙන්නෙ.. තාත්තා එදා දැක්කෙ නැත්නම් මං ලේ ගිහිල්ලම මැරෙනවා :D

...

දෙවැනි පැල්ම ඇති උනේ අර නදී අක්කා වගේ නපුරු කෙල්ලෙක් නෙවේ කොල්ලෙක් ගහපු ගල් පාරකට.. මං 2ක වසරෙදි.. අපේ පංතිය තිබ්බෙ A අනික් පංතිය B.. B එක එක්ක අපි හෙනම ෆිට්.. C එකේ උන් මහ වසවර්ති රැලක්..! ඉතිං හැමදාම C එකත් එක්ක ගහ ගන්නවා :D අපිට විදෙශාදාර වගේ B එකෙන් සහයෝගය ලැබෙනවා..  :D අනේ මං නම් හැබැයි කවදාවත් ඔය වලියකට ගිහින් තිබ්බෙ නැ.. අන්තිම අහිංසකයි බොරු නම් අහලා බලන්න ඔනි කෙනෙක්ගෙන් :P
ඉතිං ඔය වලියක් අන්තිමේ පංති කාඹරෙන් එළියට ගියා.. ඒ ගිහින් පිට්ටනියට යන කම් ගියා.. මාත් ඉතිං ඕක බලන්න පස්සෙන් ගියා...
ශෘශෘශෘශෘශෘශෘශඌඌඌඋ උඩිං ආපු රොකට් ලොංචර් එකක් වගේ අලි කලුගලක් ටොකොස් යන ශබ්දය නිකුත් කරමින් මගේ ඔලුව උඩට පත බෑ උනා.. හුටා.. මට තරු විසික්කා උනා.. ඔලුව හිරි වැටිලා ගියා :D මට මොනා උනාද මංදා.. රිදෙන්නෙත් නැහැ.. එකෙක් ඇවිත්.. අඩේ ඔන්න යකෝ ලේ බේරෙනවා කිවා.. ඔන්න එතැකොට නම් මං අම්බානෙක බය උනා..  ඉතිං මං මිස්ටවත් කියන්න ගියේ නැ.. අපේ පංතියේ එකෙක්මයි ගහලා තියෙන්නෙ වැරදිලා ගහලා තියෙන්නෙ.. මිස්ට කිවොත් අපි දීර්ඝකාලීනව ගෙනාව සටනට Dot එක තියන්න වෙන නිසා..
      පඩිපෙලෙන් වැටුනා කියලා ඇගේ දූවිලි ටිකකුත් ගාගෙන ගොඩින් ශේප් කරගත්තා :D මිස් ඒපාර බෙහෙත් දම්මවලා ගෙදරට කොල් කරලා තාත්තා ඇවිත් මාව එක්කගෙන ගියා.. :D කෝම කෝම හරි අපි 8 වසරට විතර එන කම් ඔය වලි තිබ්බා.. ගහගෙන ඉවර වෙලා අන්තිමේ ගැණ ළමයි ගේන වතුර වලිනුත් ගහ ගන්නවා.. :D ඔන්න ඒක තමා අපේ හෙන හුරාට තිබ්බෙ.. ගැණු ළමයි අන්තිමේ අර ගඩාෆි අංකල් පාවා දුන්නා වගේ අපිව පාවලා දුන්නා :-/

..

තුන්වැනි පැල්ම ඇති උනේ අපේ ගේ පිටිපස්සෙ කාණුවක් තිබ්බා. මං කුස්සියේ ඉදන් වේගෙන් ඇවිල්ලා දොර ලගින් පැන්නා පෙව්මන්ට් එකට.. හුටා.. දියසෙවෙල් කාපු පෙව්මන්ට් එකේ මං ලිස්සලා ගිහින් දඩෝං කානුවේ.. මට දැන් කරකියා ගන්න දෙයක් නැ.. කොච්චර දැගලුවත් එළියට එන්න බෑ මං හිර වෙලා කාණුවේ.. ඒ පාර කෑ ගැහැව්වාම අපේ මාමා කෙනෙකුයි තාත්තයි ඇවිල්ලා බොහොම අමාරුවෙන් උඩට ගත්තා.. කාණුවේ වැටිලා තිබ්බ කොන්ක්‍රීට් වලට හයි වෙච්ච ගල් වගේක ඔලුව ඇනිලා පැලිලා තිබ්බා.. කොම හරි බෙහෙත් දාගෙන අවා..

හැබැයි කවදාවත් මට තාත්තා ඔලුව පලාගන්නවා කියලා බැනලා නම් නැ.. මට මතකයි අම්මාට කියනවා මේකා ඔලුව තලා ගන්නැතිව පලා ගත්ත එකම මදෑ කියලා.. :D

Tuesday, November 1, 2011

තුන් සරණය..!!


උදේ පාංදරම අපේ ගලායන ජීවිතය ලියන අක්කා එයාගේ fb වෝල් එකේ දාලා තිබ්බා මෙන්න මේ තුන් සරණය වීඩියෝව..  ඕක අහද්දි දකිද්දි මට මතක් උනේ තාත්තා කියපු කතා දෙක තුණක්..
   ඉස්සර මහියංගනය නුවර පාරේ තිබ්බ වංගු ගැන මතක අය දන්නවා ඇති ඒ වංගුවක් ගන්න බස් ඩ්‍රයිවර් කෙනෙක් කොච්චර නම් දුකක් අවදානමක් ගන්නවාද කියලා.. වැරදිලා හරි ක්ලච් බැලැන්සිං අවුලක් උනොත් ඉන්න වෙන්නෙ ඊලග වංගුවේ තමා :D (දැන් නම් වංගු අඩු කරලා පාර ලස්සනට හදලා..)
        අපේ තාත්තා අවු 18 ගෙදරින් පැනලා ගිහින් සූරිය වැව පැත්තෙ පාරක් කපන එකක වැඩකරලා තිබ්බා.. තාත්තාට තිබිලා තියෙන්නෙ පාර කපන කොට අහු වෙන ගස් ටික කපලා අයින් කරලා දෙන එක.. ඉතිං තාත්තා ගෝලය දාගෙන වැඩ කරලා.. පස්සෙ මදුරුවො කන එක ඉවසන්න බැරිම තැන ගෙදර එන්න ඇවිල්ලා.. මැලෙරියාව හැදේවි කියලා..!!
        ඔහොම සල්ලි ටිකකුත් හොයාගෙන ආයෙ ගිහින් නුවරට.. ඊලගට කරලා තියෙන්නෙ නුවර මහියංගන පාරට බස් එකක් දාලා, ඒකෙ වැඩ කරලා තියෙන්නෙ තාත්තයි තව නුවරින් හොයා ගත්ත ඩ්‍රයිවර් කෙනෙකුයි... මේ මනුස්සයා දන්නැහැලු තාත්තාට ලයිශන් තියෙනවා.. වාහන පදින්න පුලුවන් කියලා.. ඒ කාලේදි තාත්තාට අවු 21 වගෙලු.. බරවාහන  ඩ්‍රයිවින් ලයිශන් අරන් තියෙන්නෙත් අලුතමලු.. ඉතිං තාත්තා දවසක් බලාන ඉන්නවාලු ඩ්‍රයිවර් බස් එකේ ක්ලච් එක උඩ කොයි වෙලෙත් කකුල තියාගෙනමලු යන්නෙ.. ඉතිං දැන් කාලෙ වගෙ නෙවෙනෙ.. ඉස්සර ඩ්‍රයිවින් ලයිශන් ගන්න පුරුදු කරද්දි හැම දේම කියා දෙනවානේ.. තාත්තත් ලයිශන් ගත්ත අලුත වගේ නිසාම මතකයිලු ක්ලච් එක උඩ කකුල තියාගෙන යන්න හොද නෑ නේද කියලා.. ඉතිං අර මනුස්සයාට තාත්තා කියලා ක්ලච් එක උඩ කකුල තියාගෙන යන්න එපා.. ක්ලච් ප්ලෙට් එක යාවී.. අනික කන්දක් නගින නිසා ක්ලච් එක අනිවා පරිස්සම් කරගන්න ඔනී කියලා..
මෑත කාලීණ හුන්නස් ගිරිය පාර හරියෙ යන බස් එකක්
     මේ මිනිහත් හා කියලා ඔහොම අවාලු හුන්නස්ගිරිය හරියට.. හුන්නස්ගිරියේ හරි ප්‍රසිද්ද රොටි කඩයක් තියෙනවා.. ඔකේ රෑ ට්‍රිප් එකේ අනිවා නවත්තනවාලු රොටි කන්න.. දැන් ඔක්කොම රොටි කාලා තේ එකක් බීලා හේම අවාම ඩ්‍රයිවර් උන්දැ නැලු..!!   දැන් මිනිස්සුත් බය වෙලා හොදටම හොයනවාලු.. කිසිම හොඩුවාවක් නැහැලු..  ඉස්සර මිනිස්සු හරි නිහතමානී අහිංසකයිනේ.. දැන් වගේ නම් ගොලයාටත් අල්ලගෙන ගහනවානේ.. ඉතිං මිනිස්සු තාත්තාට කියනවාලු  මහත්තයෝ දැන් මොකද කරන්නෙ කියලා.. මිනිස්සු සීතලේ වෙව්ලනවත් එක්කලු.. තාත්තා කිවාලු හරි කමක් නැ ඔක්කොම නගින්නකෝ කියලා නග්ග ගත්තාලු බස් එකට.. දැන් තාත්තා බස් එක අරගෙන එනවාලු.. ඔහොම 18 වංගුවලට කිට්ටු වෙන කොට ඔන්න ඔය උඩ දාලා තියෙන තුන් සරණය එක මනුස්සයෙක් කියන්න අරගෙන.. මුලු බස් එක පුරාම විහිදිලා යන්න සද්දෙට කියනවාලු.. අනික් මිනිස්සුත් ඒකට සහභාගී වෙලා.. කොහොම හරි රෑ වෙන්න කලින් තාත්තා මහියංගනේට බස් එක ගෙනිච්චාලු.. ඒ වගෙම පාරෙ ඉන්න හැම මනුස්සයෙක්ම එක්ක ගියාලු.. සල්ලි අරගන්නෙ නැතිව.. නමුත් ඒ මිනිස්සු බලෙන් සල්ලි දිලාලු බස් එකෙන් බැහැලා තියෙන්නෙ :) අන්තිමේ ආච්චිලා සියලා පවා වදින්න එනවාලු තාත්තාට :-D

කාලයක් යනකම්ම මිනිස්සු 18 වංගුව කිට්ටු වෙද්දි හා බහිද්දි තුංසරණය කියන්න පුරුදු උනාලු..

පස්සෙ උදේ තාත්තා අවාලු නුවරට.. නුවර ගිහින් බලන කොට අර ඩ්‍රයිවර් ඉන්නවාලු කඩයක තේ එකක් බිබි..
තාත්තා ඌ අල්ලලා දෙකක් ඇනලා කිවාලු..
   යකෝ අපේ තාත්තා මට දෙයක් කියලා දීලා තිබ්බා..ඒ තමා දෙයක් කරන්න පටන් ගන්නවා නම් ඒ ගැන පොඩි හරි දැනුමක් ඇතිව කරන්න කියලා.. අරු දහ අතෙ වැදලා සමාව අරගෙන..
පස්සෙ මිනිහා ගැන කිසිම අරංචියක් හොයා ගන්න බැරි වෙලා.. මිනිස්සු කිවේ පිස්සු හැදිලා මලා කියලාලු..!!
...

දැන් ඔහොම පටන් ගත්ත රස්සාව කරන්න ඔනේ නිසා තාවකාලිකව ගෝලයෙක් හොයා ගත්තාලු ටිකට් කඩන්න.. පළමු දවසෙම හුන්නස්ගිරිය හරියට අවාලු.. ඔකේ අර රොටි කඩේ ලග බස් එක රිවස්කරන නිසා පස්ස බලන්න කියලා.. මූත් හා කියලා බැහැලා ඇවිත්.. හරි හරි අයියා ගන්න ගන්න කිවාලු.. තාත්තාත් රිවස් කරනවාලු.. දඩෝං ගාලා සද්දයක් ඇහිලා.. අරූ උඩ පනිනවාලු හුරේ හැප්පුනා හැප්පුනා කියලා :D

තාත්තාට කොහොම කොහොම හරි හෙන අකරතැබ්බ තොගයක් වෙලා තියෙනවා.. පස්සෙ වික්ටෝරියා ප්‍රොජෙක්ට් එකේ ලී සම්බන්ද වැඩ ලැබුනු නිසා ඔය බස් දිවිල්ලත් නවත්තලා දාලා.. .

........

වික්ටොරියා ප්‍රොජෙක්ට‍ එක ඉවර උනාම ආයෙ තාත්තා වෑන් එකක් අරගෙන හයර් කරන්න ගත්තාලු ගොඩක්ම හයර් ගිහින් තියෙන්නෙ සිරීපාදේ තමා.. සිරිපාදේ යද්දිත් මිනිස්සු කියන්නෙම ඔය තුන් සරණය කවි ටිකලු.. තාත්තාට ඕක දැන් කට පාඩම්.. දැනටත් මහියංගනය පැත්තෙ යන්න ගියාම ඔය
කවි තාත්තා අතින් කියවුන් නැත්නම් හරිම පුදුමයි :D
ඒ වගෙම ඕවා හරු බලගතු හිත මෝහණය කරන කවි.. කිසිම දවසක වාහනේ යද්දි කරදරයක් වෙලා නැහැ.. ලොකුම කරදරය තිබිලා තියෙන්නෙ පොලිසියෙන් ඒ වැඩිපුර මිනිස්සු දාගෙන දාවණය කිරීම  කියලා රු 20 දඩය දෙන නිසා.. :D

තාත්තාගෙ ජිවිත කතාවේ පුදුම රස කතා තොගයක් තියෙන්නෙ.. පුලු පුලුවන් වෙලාවට ලියලා දාන්නම්..
මං මාර අඩම්බර වෙනවා එයා මගේ තාත්තා වෙච්ච එක ගැන..!! :)


..

චූටි රසකතාවක්..

ඔන්න එකෝමත් එක කාලෙක කියලා මට පටන් ගන්න තිබ්බා.. එත් එහෙම කියන්නෙ බබාලාට නේ ? මේක බබාලාගෙ කතාවක් නෙවෙ.. ලොකු කතාවක්.. බබාලට කියලා දෙන්න.. ලොකු අයගෙ කතාවක්..

    මේකයි කතාව.. ඔන්න හොරු රැලක් උන්නාලු හරිද.. මුං ටික ප්ලැන් කරලා කඩයක් කඩන්න යන්න පිටත් උනාලු.. මෙකෙ මහ හොරයි. උගේ ඇසිස්ටන් හොරයි.. තව දෙමල හොරෙකුයි ගියාලු..! මේ දෙමල හොරාට ඒ හැටි සිංහලත් බැලු.. !

ඉතිං හොරු 3 දෙනාගෙ මහ හොරා කිවාලු..

ඇඩොව්.. කේශ් එක ශිරියශ් අරියේ ?  මොකක් හරි ආකුලයක්.. අප්සට්.. එකක් කෙශ් එකක් අවොත්.. අපි සත්තු වෙනවා අරී ?

අරී බොශ් එව්වා හරි.. ඇසිස්ටන් හොරා කිවාලු..!!

ඉතිං ඔන්න කඩේ ලගට අවාලු.. දැන් මුන් හොරාට වහලේ උලු පන්නලා වහලෙන් බැස්සාලු..
    ඉස්සර ඉතිං කඩේ තියෙන්නෙ ගෙදරටම ඇටැච් කරලානේ.. මුදලාලිත් කඩේ ගාවින්ම බූරු ඇදක් දාගෙන නිදිලු..

 ඔන්න හොරු ටික හෙමිට හෙමිට එන කොට.. මහ හොරාගෙ ඇගේ වදිනවාලු තරාදිය..

සරබරාං ගාලා තරාදිය බිම..!

මුදලාලිට මේක ඇහිලා   
         කවුද යකෝ???..

කියලා ඇහුවාලු..

එක පාරටම මහ හොරා
         ඤව්...ඤාව්...!!!
ගැවලු..

ඉතිං මුදලාලි හිතුවාලු හරි පුසා තමා පෙරලන්න ඇත්තෙ කියලා අනික් පැත්ත හැරිලා රෙද්දත් හොදට පොරවන් නිදා ගන්නවාලු..

දැන් කලුවරේ මහ හොරාට අතින් පයින් වත් කියන්න බැනේ තරාදිය මෙතැන කියලා..  කටින් කිවොත් වැඩෙ මාට්ටුත් වෙනවානේ.. සද්ද නොකර උන්නාලු..
කිරි අප්පාට පුසො පැනපි..

ඔන්න අර ඇසිස්ටන් හොරාගෙ ඇගෙත් තරාදිය වැදුනාලු..
සරාoooooo....
මුදලාලි:  කවුද යකෝ???.. 
ඇසිස්ටං හොරා:  ඤව්...ඤාව්...!!!
  ඉතිං මුදලාලි හිතුවාලු ආයෙත් පුසා තමා පෙරලන්න ඇත්තෙ කියලා උඩ බැලි පැත්තට හැරිලා රෙද්ද කකුල් දෙකේ ඉදන් හොදට පොරවන් නිදා ගන්නවාලු..

ඔන්න අර ටැමිල් හොරා අවාලු.. අරුන් දෙන්නාට කියා ගන්න උන්නැ.. වැඩේ අල උනාලු.. සරාං ගාලා සද්දෙ අවාලු..

   
මුදලාලි:  කවුද යකෝ???..

ටැමිල් හොරා: අඩෝව්.. අපිලාට පුසා වගේ කේ ගහන්න බැරි උනාට, අපිලත් රියල් පූසෝ අරී...!!!


....................................


පාලි:

කලින් පොස්ට් එකට රිප්ලයි වත් ඒකෙ ඉතිරි කොටස වත් ලියන්නවත් හිත දෙන්නෙ නැ.. තාක්ශණික ලිපි අඩුවෙන්ම යන නිසා මං එහෙම ලියන්න හිතුවේ.. නැතිව කිසිම යටි අරමුනක් තිබ්බෙත් නැ..  මාර විදියට හිනා ගියා වගෙම ඊට සමානවම හිතත් කලකිරුණා.. අනේ මංදා බ්ලොග් ලියන උන්ට මොනා වෙලාද කියලා.. සමහර විට මං ලිව මාතෘකාව කාටවත් රසයක් නැති නිරස දෙයක් වෙන්ටැති..!!  මට කියන්න ඔනේ.. බ්ලොග් ලියනවා කියන්නෙ බොලද කතා.. කවි සිංදු විතරක්ම නෙවේ කියලා.. මං ඒ පොස්ට් එකට මාර විදියට මහංසි උනා..  අන්තිමේ ප්‍රතිඵලේ කිසිම වැඩක් උන්නැ.. ඉතිං එහෙම තියාගෙන මං මොකටද ආයෙ ඒ වගෙ දෙවල් ලියන්නෙ ? නේද ? මං නම් කියන්නෙ කවුරු හරි ලිපියක් ලිවොත් ඊට අදාල දේ විතරක් කතා කරන්න.. මොකද ජෝක් කරන්න මඩ ගහන්න ෆන් ගන්න ඔනි තරම් සොශල්නෙට්වර්ක් අනම් මනම් තියෙනවානේ නෙද ?




.

Monday, October 31, 2011

කූ..මාර අංකල්ගෙ අලුත්ම වෙස් පෙරලිල්ල..

මේක මේ කලබලේ ලියන්න ගත්තෙ කලින් පොස්ට් එකෙ ඉතිරි කැල්ලත් දාන්න කලින්ම.. මේක මේ මාරයා කරන්න යන ප්ලැන් එකක් හෙලි වෙලා.. බ්ලොග් පාඨකයින් එකෙන් ගලව ගන්න මේක දාන්නෙ..!!

මට මේ ටික වෙලාවකට කලින් දැන ගන්න ලැබුනා මාරයා නොහොත් කූ..මාර අංකල් බ්ලොග් කෙරුවාව 500 න් නවත්තනවා කියලා.. ඒකට හේතු ඇහුවාම මෙන්න මෙව්වා තමා කිවෙ..
ලිවා ඇතිලු
දිගට දිගට ලියන්න ගියාම මෙලො රහක් නැති වෙනවාලු
ඉස්සර වගේ ප්‍රතිචාර නැලු
කෙල්ලො බලන්නෙ නෑලු
කමෙන්ට් කරන හැම කෙල්ලෙක්ම ඉන් අ රිලෙශන් ශිප්ලු..
දැන් වයසත් හරිලු..



 ඉතිං මං කිවා අවුලක් නැ අපි හරි බලනවානේ.. ඔය කොහොම කිවත් බ්ලොග් කෙරුවාව නවත්තන්න බෑ කියලා.. මෙන්න මේකා කියාපි.. ඔව් මල්ලි.. නවත්තන්න නම් බැ.. මාස 2-3 කට සැරයක් වගේ දානවා.. සින්ඩි වලින් රැකගන්නත් එපැයැ කියලා..

ඔන්න ඔතැනදි තමා මට මල්ටි මීටරේට වගේ මිටර් වෙන්නෙ.. කූ..මාර හැරෙන්නෙ පොල් පැලේට කියලා..
මෙකයි මුගෙ ප්ලැන් එක.. ප්ලැන් 2 ක් තියෙනවා..

පළමු ප්ලැන

500 පොස්ට් එකේදි දානවා බ්ලොග් කෙරුවාව නවත්තනවා කියලා.. එතැකොට මොකද වෙන්නෙ ? අනේ අපේ උන්දැලා..

අනේ අයියෙ.. පික්සු කෙලින්න එපා
මාරයා.. මං තෝ මරනවා..
ඇයි අයියෙ එහෙම කරන්නෙ ? අපි අසාවෙන් කියවනවානේ ?
අයියා ලිවෙ නැතොත් අපි ගෙදරට එනවා..
ඇයි මාරයෝ මෙහෙම කරන්නෙ ?
bla bla bla..........

ඔහොම අඩු ගානේ කමෙන්ට් 100 පන්නනවා.. ඉතිං ඔන්න හෙන පබ්ලිසිටි.. ඔක තමා මුල් ප්ලැන් එක..

දෙවැනි ප්ලෑන

මූ හදන්නෙ කොහොම හරි 500 වෙනි පොස්ට් එක ලියලා දාලා කසාදයක් බැද ගන්න.. මට ඔක මිටර් උනේ අර මාස  2-3 කට පස්සෙ පොස්ට් එක්ක දානවා කිවාම.. හේතුව තමා

මුල් මාස වල හොටෙල් ගානේ අනම් මනම් තැන් වල යනවා..
ඊලග මාස වල ෆිල්ම් හොල් වල.. ඔය ලවු කරන්න තියෙන තැන් වල රිංගනවා..
ඊලග මාස වල ක්ලිනික් යනවා..
ඊට පස්සෙ මාස වල ඉස්කැනින් අනම් මනම්..
ඊලගට එන මාසෙ ඉස්පිරි තාලේ..

ආයෙ දරු සුරතල්.. :D :D

ඉතිං ඔය ටයිම් වල කොම බ්ලොග් ලියන්නද නේදැ ? :D :D

ඉතිං අපි යනවා ගෙදරට  මෙන්න මාරයා දරු සුරතල් විදිනවා :D



බ්ලොග් පාඨකයිනි මේ ඔබේ අවදානයටයි.. !!!!

කුමංත්‍රණ කාරී.. යටි අදහස් ඇති මෙවන් බ්ලොග් කරුවන් ගෙන් ඔබත් ගැලවෙන්න.!! :P :P :P

Monday, October 24, 2011

ලී මෝලක් දුටුවෙමි..

ලී මෝලක් දුටුවෙමි කිවාට.. හැමදාම උදේ පාන්දර 8 ට වගේ නැගිට්ට මෙට්ටෙන්ම මට පේන්නෙ ලීමෝල.. මොකද ඒක මගේ නැදැයෙක් වෙන තාත්තාගේ වියාපාරේ.. :D  හැමදාම කොක්ක දාලා මඩ ගහලා.. ගියාට මේ මාතෘකාව ගැන ලියන්න කියලා බල කලේ (මරණ තර්ජන) මාරයාම තමා.. :D

ඉතිං ලී මෝලක් ගත්තාම කතා කරන්න මාතෘකා එමටයි.. ඒවා කැටගරි කලොත්.. නැත්නම් ගොනු කලොත් මෙන්න මෙහෙමයි..

01. ගස් කැපීම
02. ඉරීම
03. විකිණීම..

මෙව්වාගෙ උප මාතෘකා වැටෙනවා.. ඒවා කතා කරන කොට බලමු..

01. ගස් කැපීම

මෙකෙන් තමා අපි කඳන් ගේන්නෙ
   කොච්චරවත් හැමදාම දකින්නෙ ලීමෝලක් උනාට මං ඔය ගස් කපන මාතෘකාව ගැන එච්චර දන්නැ.. මොකද අපි ලීමොලක් කරාට ගස් කපන්න යන්නැ.. ඒවා කපන්න වෙනම අය ඉන්නවා.. ඒ අයට සල්ලි දීලා තමා අපි කදන් ගන්නෙ.. ඒවා ගන්නෙ කියුබික් අඩි ගානට.. ගස් වල වර්ගේ හැටියට කියුබික් අඩි යක යම් කිසි වෙළද පොලේ මිලක් තියෙනවා.. ඒ ගානට තමා ගන්නෙ..!!  වෙළද පොලේ මිලක් කිවාට අපි එළෝලු ගන්න පොළ ගැන සිහි කරගන්න එපා.. මොකද කදං ගොඩ ගහගෙන ලාබයි ලාබයි ගාන්නෙ නැනේ.. :D
     ඉතිං අපි එහෙම කඳං කාට හරි කියලා ගෙන්න ගන්නවා.. නැතිනම් අපේ වාහනෙන් ගිහිල්ලා පටවං එනවා.. ලී මෝලක් කියන්නෙ කාර්යබහුල රැකියාවක් විදියට ගස් කපන්න යන කාලය මහ අපරාදයක්.. ඊට ලාබයි ගස් ගන්න එක..

ගහක් කපන කොට උඩ කපන්න එක්කෙනෙකුයි.. යට කපන්න තව කෙනෙකුයි කියලා මිනිස්සු දෙන්නෙක් එනවා.. උඩ කපන කෙනා කරන්නෙ අතු කපන එක.. ගහ අවට ගෙවල් තියෙනවා නම් අතු කඹේකින් බානවා.. යට කපන කෙනා කරන්නෙ පොරවකින් හරි දම්වැල් කියතකින් හරි ගහ නියම ආකාරයට ගෙවල් එහෙම තියෙනවා නම් බේරලා කපන්නේ..

මෙන්න මේ පිංතූරේ තියෙන විදියට තමා කපන්න ඔනේ.. ඔය කඩ ඉරි වලින් ලකුණු කරලා තියෙන විදියට කැපුම් දාලා තමා කපන්නෙ. අංක 1 හා 2 කියන කඩ ඉරි වලින් කපලා.. කොටසක් අයින් කරලා දානවා.. ඒකට කියන්නෙ "අළුව" කියලා..  ඊ ලගට අංක 3 විදියට කෙලින් කැපුමක් දානවා.. ඊට පස්සෙ තියෙන්නෙ දුවන්න තමා :D ඔය ගහ කපන්න කලින් ගොඩක් හොදයි ගහේ මුදුනට කඹයක් දා ගන්න එක.. එතකොට අපිට ඔනි ඔනි පැත්තට ඇදලා ගන්න පුලුවන්නෙ..

ගස් කපද්දි කලුවරට කපන්න එපා කියලා කාලයක් තියෙනවා... ඒ ගැන නම් විද්‍යාත්මක හේතුවක් දන්නැහැ මං.. කලුවරට කැපුවාම ගුල්ලො ගහනවාලු :D මං හිතන්නෙ උන් කලුවරට වෙන්නැති එලියට එන්නෙ..

02. ඉරීම. 


ඉරීම කියන්නෙ මේ කඩදාසියක් ඉරනවා වගේ ඉරන එක නෙවේ.. අවශ්‍ය ගානට කඳෙන් ලැලි හෝ ලී කපලා ගන්න එක.. ඒ වගෙම ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්.. මේකට යන්ත්‍ර සූත්‍ර අවශ්‍යයි අද කාලෙ හැටියට නම්.. මොකද අපි හැමෝම කාර්‍ය්‍ය බහුල වෙලානේ.. ඉතිං හැම දෙයක්ම ඉක්මන් වෙන්න ඔනේ.. ඉස්සර මිනිස්සු ගස් ඉරද්දි යන්ත්‍ර තිබ්බෙ නැනේ.. තිබ්බෙ පට්ටල් ක්‍රමය කියලා දෙයක්..

මේකෙ කරන්නෙ මිනිස්සු හදා ගන්නවා පට්ටලයක්.. කණු 4 ක් ඉංදලා.. එකේ හරහාට ලී එහෙම දාලා අටව ගන්නවා.. ඕක මෙහෙමයි කියලා පැහැදිලි කරන්න බැ.. මං පිංතූරයක් හදුවා පහල බලන්න..


මේකෙ උඩ එක මනුස්සයෙකුත්.. පහල තව මනුස්සයෙකුත් ඉදගෙන ඔය කියත උඩ පහත අදිනවා.. එතැකොට ඉරෙනවානේ කදං.. ඔහොම තමා ඒ කාලෙ ඉරුවේ..

ලංකාවෙ නිශ්පාදීත ප්‍රේම් සෝ මැශිම
දැන් නම් එක එක ජාතියේ යන්ත්‍ර සුත්‍ර තියෙනවා.. අපි පාවිච්චි කරන්නෙ මුල්ම කාලේ ජනප්‍රිය වෙච්ච රෝල් බංකු කියන කියත් වර්ගය.. ඒ වගෙම තව "ප්‍රේම් සෝ" කියලා ලංකාවේ හදන මැශින් එකකුත් තියෙනවා..   රෝල් බංකු කියත ගැන නම් මිනිස්සු ගොඩක් දන්නවා.. නමුත් ප්‍රෙම්සෝ මැශිම ගැන වැඩි කෙනෙක් දන්නැ.. මොකද ඒක එච්චර ප්‍රසිද්ද මැශිමක් නෙවෙන නිසා.. නමුත් මේ වෙන කොට ගොඩක් ලී මෝල් වල මේ මැශිම දකින්න පුලුවන්.. ප්‍රේම්සෝ මැශිම හයි කරන්නෙ නැත්තෙ ගොඩක් වියදම් යන නිසා.. ඒ වෙනුවට දැන් "බෑන්ඩ්සෝ" කියලා කියත් වර්ගයක් එනවා ලාබෙට.. නමුත් ඒකත් ලක්ශ 15 පැනලා.. :D

ප්‍රේම්සෝ මැශිම හයි කරන්න සිමෙන්ති කොට්ට 200 ක කොන්ක්‍රීට් එකක් බිම වලක් හාරලා දාන්න ඔනේ.. ඒ මැශිමේ ලොකු රෝදය තත්පරයට වට 58 ක වේගයකින් කැරකෙනවා ඒකෙ අත එහා මෙහා යන්න සලස්වලා ඒකට අමුනපු කියතෙන් තමා කඳ ඉරෙන්නෙ.. ඒ අත එහා මෙහා යන කොට ඇතිවෙන  ඝර්ශණය අඩු කරන්න තමා එහෙම ලොකු කොන්ක්‍රීට් එකක් දාන්නෙ.. ඉස්සර පට්ටල් ක්‍රමය යාන්ත්‍රික උනා කිවොත් මේ මැශිමට ගැලපෙනවා.. ඇත්තටම ඒ ක්‍රියාවලියම මෝටරයක් හා තව ගියර් පද්දතියක් ආදාරයෙන් තමා සිද්ද වෙන්නෙ..

ප්‍රේම් සෝ මැශිමේ පසුපස  පෙදෙස
ප්‍රේම්සෝ මැශිමේ තියෙන වාසිය තමා.. ඔනේම ලොකු කොටයක් ඉරන්න පුලුවන් වීම හා.. අවම අපතේ යෑම.. රෝල් බංකුවට වඩා මේ මැශිම වාසිදායක වෙන්නෙ ඒකයි.. මොකද මේකෙ කියතේ ඝනකම 3mm වඩා අඩු නිසා.. ඉතිං ලොකු ලීකුඩු ප්‍රමාණයක් වැටෙන්නෙත් නැ..  ඒ වගේම ඔනෑම තද ලීයක් කිසිම කරදරයක් නැතිව ඉරා ගන්න පුලුවන්..
ඒ වගෙම අඩු ශ්‍රම දායකත්වයක් තමා යන්නෙ.. බාසුන්නහේ හා ගෝලයා යන දෙන්නා විතරක් හිටියාම හොදටෝම ඇති..

අවාසියක් විදියට ගත්තොත් තියෙන්නෙ මේකෙන් ලීයක් හෝ ලෑල්ලක් ඉරෙන්න යන වෙලාව වැඩි වෙන එක.. නමුත් අපතේ යන එක වැලකෙන නිසා ඒක ඒකෙන් අවාසියක් වෙන්නෙ නැහැ....

රෝල් බංකු කියත
රෝල් බංකු නිශ්පාදණය කරන්නෙත් ලංකාවෙමයි.. මොරටුව පැත්තෙ මිනිස්සු තමා හදන්නෙ.. 80% විතර ලී වලින් තමා හදන්නෙ.. මේකෙදි කදං ඉරන කොට මිනිස්සු 3 දෙනෙක් ඔනේ. මැද ඉන්නෙ බාසුන්නහේ.. පිටි පස්සෙන් හා ඉස්සරහින් ගෝලයෝ දෙන්නෙක් ඉන්න ඔනේ..

මේකෙ වාසි වලට වඩා තියෙන්නෙ අවාසී තමා :D මුලින්ම අපතේ යන එක වැඩියී.. තව අනතුරු බහුල මැශිමක්.. ශ්‍රමදායකත්වය වැඩී..
මහන්සි වෙන්න ඔනේ..
වාසී විදියට තියෙන්නෙ ඉක්මනට ඉරන්න පුලුවන් එක විතරමයි.. :D



මේ මාතෘකාව ගැන කතා කරන්න දේවල් එමටයි.. පිංතුරත් වැඩී වගේම කරුණුත් වැඩී නිසා මේක කොටස් දෙකකට කඩලා දානවා.. එතැකන් මේක කියවන්න ඉතිරි ටිකෙන් අපි කතා කරන්නෙ ලීමොල් හිමියන් ඔබව යම් යම් වේලාවල් වල අන්දන ආකාරය :D හා තව මැශින් කීපයක් ගැන.. ඒ අතර මං හදපු මැශිමකුත් තියෙනවා.. ඉතිං ඒ ටික ඊලග ලිපියෙන් බලාපොරොත්තු වෙන්නකො :D

Bunny෴

Saturday, October 22, 2011

විදුලි කප්පාදුව ජන මත විමසුම...

මට මේක ලියන වෙලාවෙ කරන්ට් එක නැ.. බැටරිය තියෙන්නෙ තව මිනිත්තු 30 කට ආසන්න කාලයක්.. මං ඊට කලින් පැය දෙකේ ඔන්ලයින් ජනමතවිමසුමක් ලක් කලා.. මෙ කරන්ට් කප්පාදුව ගැන.. මේ ඒ ඒ අය දරණ අදහස්..!!



ප්‍රවීන බස් රේඩියෝ නිවේදක, බස් පියා නොහොත් වැප් නිසාන්ත මහතා අපි සමග කතාබහට එක් උනා.. මේ එතුමාගෙ අදහස්..


me
: ආ මචං
ඔය පැත්තට කරන්ට් එක තියෙද ?

4:23 PM wap: ඔව් උබට හොද වැඩේ
4:24 PM me: Errr
 wap: ඇයි මචන්
  ඉවරයිද
  මලාද
 me: නැ බං
  කරන්ට් එක නැ
  :D
 wap: හික්හික්
  හොද වැඩේ
4:25 PM me: පල
 wap: තොපි පත් කරගත් ආන්ඩු
:)


4:35 PM me: අපි පත් කරගත්තා කියන්න බැනෙ.. මොකද ආංඩු පත්කරන ඡංදෙදි මට වයස මදි ඡංදෙ දාන්න..
  මේ කරන්ට් එක යන එක ගැන මොකද හිතන්නෙ ?
 wap: මොනවා හිතන්නද
  කැපිල්ලක් නෙමයිනේ
  අලුත් වැඩියාවක් වෙනන් ඇතිනේ
 me: වෙන්න පුලුවන්..
  තව මේ ගැන අදහස් තියෙනවද ?
 wap: ම්ම්
4:36 PM අපිට නම් ගොඩක් වෙලාවට දැනුම් දිලා කපන්නේ
  එහෙම නොවන අවස්තාවක් ඉතින් වෙන්නේ
  අත්තක් කඩන් වැටිමක් වගේ
  සුලු සිද්දි
  ඒ ඇරෙන්න
  එහෙම දේකදි උනත්
  ටින් ගලා ඇවිත් හදනවා
 me: ආ අහ්
  ඒ කියන්නෙ හොද සේවාවක් ලැබෙනවා ?
 wap: අපිට නම් ලැබෙනවා
4:37 PM නැත්නම් මම කොහොමද
  පැය 18 ක් ඔන් ලයින් ඉන්නේ
 me: ජෙනරේටරයක් භාවිතා කරලා පුලුවන්නෙ පැය 18 ඉන්න ?
4:38 PM wap: ම්ම් තාම තෙල් හම්බුනේ නැහැනේද
 me: ඔව් ඒවා අපේ මුනුපුරන්ට හරියන සුරන්ගනා කතන්දරනේ නෙද ?
4:39 PM wap: ම්හ් එහෙම කියන්නත් බැහැ බන් ..පොඩි ඇත්තක් හරි ඇති
  අනික මම දන්න විදිහට
  ඔනෑම තැනක තෙල් තියනවා
  එවා සම්පතක් විදිහට ගන්න පුලුවන්
  නිදි තියෙන්නේ අහම්බෙන්
4:40 PM me: ම්ම්ම්.. ඒ කියන්නෙ මේ ආන්ඩුවෙන් කියපු කතා පිලිගන්න කියලද ?
 wap: ඔව් ඉතින් තෙල් තියනවා
  ඔවා ගන්නවද නැද්ද කියන එක
  විස්වාස කරනන්න බැහැ
4:42 PM me: දැන් එතකොට උඩ කිවෙ මෙවා සුරංගනා කතන්දර නෙවෙලු..
දැන් කියනවා විශ්වාශ කරන්න බැලු
  දිව දේඑ කතාවක් නේ ඒක ?
  දෙකේ/
 wap: සුරංගානා කතා නෙමෙයි
  තෙල් තියනවා
  විස්වාස කරනන් බැරි
  මේවා ලින් විදිහට හදලා
  ගොඩදායිද කියන එක
  තෙල් ගැස් කියන දෙක
  ලෝකේ ඕනම තැනක තියන
4:43 PM සම්බාවිතාවය වැඩියි
 me: හරි වැප් මහත්තයා..
  බොහොම ස්තූතියි කාලය කා ගත්තාට.. මට මේ ටික ගොනු කරලා ලිපියක් ලියන්න තියෙනවා
  තව බැටරි චුට්ටයි තියෙන්නෙ
  :D
 wap: අනේ පල ඒ ටිකත්
 me: :P
4:44 PM wap: :P   .............................
 මී ලගට අප හා එක් උනේ.. බස් රේඩියෝ නිවේදක, හසී හැඩොක් මෙනවිය..!


4:23 PM me: me
ආ මේ..
ඔය පැත්තට කරන්ට් එක තියෙද ?
4:24 PM Hashika: ඔව්
 me: මාර සීං එක
 Hashika: ඇයි?
  ඔයාටනැද්ද?
 me: ඒකනේ
 Hashika: හ්ම්ම්..
 me: :D
4:25 PM Hashika: :P

9 minutes
4:34 PM me: මේ කරන්ට් එක යන එක ගැන මොකද හිතන්නෙ ?
4:35 PM Hashika: අනේ මන්දා අපිය හැම සෙනසුරාදාම උදේ යනවා
  ඉරිදාත් එහෙමයි
  පය කාලක් විතර
  *පැය
4:36 PM me: ලොකු අපරාදයක්නෙ
  හරි
  තව මේ ගැන අදහසක් තියෙනවද ?
 Hashika: හිකිස්‌ මල පනිනවා ඉතින් සල්ලේ වෙලාවට ගෙව්වත් කපනවා
4:37 PM me: දැන් විදුලිය කපන් නැනෙද ?
  කප්පාදුවනේ කරන්නෙ ?
 Hashika: යා
 me: ඔය පැත්තෙ සේවාව හොදඳ ?
4:38 PM මණ්ඩලේ ?
 Hashika: අවුලක් නෑ දැනටනම්
  කෝල් කල ගමන් එනවා කණුවේ කේස් ආවාම
4:39 PM me: ඒ කියන්නෙ හොද සේවාවක් ලැබෙනවානෙ
 Hashika: ඔව්
  :)
 me: හරි බොහොම ස්තුතියි :D
4:40 PM Hashika: හිකිස්‌
 me: ;)
 Hashika: :)


ප්‍රවීන බ්ලොග් රචක, මිස්ටර් සුදු පුසා.. ..
 

4:40 PM me: හලෝ පුසා මහත්මයා
  ඔය පැත්තට කරන්ට් එක තියෙනවද ?
 පූසා: යාර්ස්
  නැත්තම් කොහොමැයි මේ ඉන්නේ
4:41 PM me: මාර සීං එක
4:42 PM පූසා: ඇයි මොකෝ
 me: අපිට කරන්ට‍ එක නැනෙ
4:43 PM පූසා: ඉතිං බං උඹලට නැති උනාය කියලා අපිට කරන්ට් එක නැති වෙන්නේ කොහොමද උඹ කොහෙද ඉන්නේ මං කොහෙද ඉන්නේ :D
4:44 PM me: නැ මට දැන ගන්න ඔනේ
  ඒ පැත්තෙ CEB එකේ තත්වෙ
  අදහසක් තියෙනවද ?
4:47 PM පූසා: නෑ බං
 me: හොදයි.. බොහොම ස්තූතියි..


ප්‍රවීන දේශක, ලිනක්ස් Addicted, හන්තාන ලිනක්ස් නිර්මාතෘ, ප්‍රවීණ බ්ලොග් රචක.. ඩනිශ්ක නවින් (නවියා) මහතා..

me: ආ මේ..
ඔය පැත්තට කරන්ට් එක තියෙද ?

5 minutes
4:28 PM Danishka: ovw

5 minutes
4:34 PM me: මාර සීං එක
4:35 PM Danishka: mokoo
 me: අපිට කරන්ට් එක නැනෙ

5 minutes
4:41 PM Danishka: huta
  මොකො වෙන්න ඔනා
 me: මට දැන ගන්න ඔනේ ඒ පැත්තෙ කරන්ට් එක කැපුවාම සුරුස් ගාලා හදලා දෙනවද කියලා

9 minutes
4:51 PM Danishka: hik
  :D
 me: හිනා වෙන්නැතිව මට පිලිතුරක් හොද ඔනේ..
4:54 PM Danishka: ඒ *beep* පුතාල හදන්න නෙමෙ පොන් එකත් පැත්තකින් තියෙනව බං
4:55 PM me: එහෙමද.. ඒ කියන්නෙ සේවාව දුර්වලයි..
 Danishka: මෙහෙත් ගිහින් ආව
4:57 PM me: මේ විදුලි කප්පාදුව ගැන අදහස් තියෙනවද තව ?

6 minutes
5:03 PM Danishka: මචං දැන් ලයිට් ගිහින් ආව
5:04 PM me: හහ් හහ්.. මේ සම්මුඛ සාකච්ඡාව වෙලාවෙත් කරන්ට් එක යනවා නම්.. ඒ ගැන කවර කතාද.. :D
  බොහොම ස්තූතියි.. :D.........  ..  ඔන්න ඕකයි මහත්වරුණි අපේ රටෙ මිනිස්සුන්ගෙ අදහස්.. :D
   Bunny෴

..