Tuesday, January 17, 2012

හොරු ඇල්ලීමෙ මන්තරය..

    එකල සුංදර ගමක් ඌ තෙල්දෙණිය ගැන තාත්තා කියද්දි මට මතක් වෙන්නෙ ලස්සනට උස ගස්වල දම් පාට මල් පිපිලා, ඒ මල් පාර පුරාම වැටිලා ලස්සන රෙදි පාපිස්සක් වගේ, රූස්ස අතු මුලු නගරයම හෙවන කරනවා සිසිල් කරනවා.. තාත්තා කියන විට මට ඒක දැනෙන විදිය මේ බ්ලොග් එකේ අකුරු කරන්න මට තේරෙන්නෙ නැ.. ඒ තරම්ම සුංදරත්වයක් ඒ නගරයේ තිබිලා තියෙනවා.. ඒ මල් පාපිසි උඩින් සිසිල් සුවය විදිමින් යන්න අපි පිංකරලා නැති හැටි.. 
                  සම්පත්  අතින් ඉහලම අගයක ඒ නගරෙ මිනිස්සු ඉදලා තියෙනවා..ඒ වගේම සහෝදරත්වය.. දෙමල සිංහල කිසිම භේදයක් තිබිලා නැ..  හැමදාම උදේ ඉදන් රැ වෙනකම් එහා මෙහා දුවන මිනිස්සු කිසිම කම්මැලි කමක් නැතිව තම තමන්ගෙ රාජකාරි කරගන්න පුලුවන් වටපිටාවක් තිබිලා තියෙනවා..
පිරිසිදු හුලං, මල් පිපිච්ච ගහ කොල.. කුරුල්ලො.. සත්තු.. මට මැවිලා පේනවා..
ඉතිං මේ කතාවත් ඒ නගරෙ කොණක සිද්ද වෙච්චි කතාවක්

වර්ශය: මතක නැ
ගම:  නුවර,තෙල්දෙණිය..
ස්ථාණය: වික්ටෝරියා ඩෑම් එක හදන හරිය..
        අපේ තාත්තා ගෙදරින් ගිහින් නුවර පදිංචි වෙලා තියෙන්නෙ ඔය තෙල්දෙණිය කියන ගමේ.. වැඩි කලක් යන්න මත්තෙන් යාලුවො රොත්තක් තාත්තාට ඉදලා තියෙනවා. තාත්තා ජිවත් වෙන්න කරලා තියෙන්නෙ ලී වෙළදාමම තමා..
ඒ කාලෙ තාත්තා ලග සේවකයෝ 80 විතර වැඩ කරාලු.. වික්ටොරියා ජලාශෙ හදන නිසා ගොඩක් වැඩ තිබිලා.. ඒ ප්‍රජෙක්ට්‍ එකට කැපෙන ගස් අයින් කරන වැඩ එහෙම..
ඉතිං ලොකු ලී මඩුවක් තිබිලා තියෙනවා.. දවසක් උදේ තාත්තා නැගිටිලා බලද්දි ලොකු කොස් ලෑල්ලක් අඩුයිලු..
දැනට උනත් තාත්තාට මරු මතකයක් තියෙනවා, දෙයක් තිබ්බෙ කොතැනද ඒක හරියටම මතකයි.. ඉතිං තරුණකාලෙ ඕක මහ කජ්ජක්ද
තාත්තා ඒකාලෙ උන්න විශ්වාශම ගෝලයා උණු සිරිපාලට කතා කරාල...

තාත්තා: සිරි පාල කෝ මෙතැන තිබ්බ කොස් ලෑල්ල ?
සිරිපාල: අනේ දන්නැ ගාලු (තාත්තාට ඒ කාලෙ හැමොම කීයලා තිබ්බෙ ගාලු කියලා, ඒ ගාල්ලෙන් ආපු නිසා)
තාත්තා: වෙන්න බැහැනේ.. මට හොදටම මතකයි මෙතැන ලෑල්ලක් තිබ්බා කියලා..
සිරිපාල: ඉතින් කවුද ඕක ගත්තෙ?
තාත්තා: ම්ම් මම දන්නෙත් නැහැ.. බලමු අපි අල්ලගමු හොරා.. උඹ ඕක කාටවත් කියන්නෙ එහෙම නෑ ඕං..!
සිරිපාල: එහෙමයි..

ඉතිං තාත්තා කල්පනා කරාලු හොරා අල්ල ගන්න විදියක්.. ටිකක් දවල් වෙලා සිරිපාලට කතා කරලා කිවාලු, හවසට ඔය වැඩ කරන හැමෝම වගේ සෙට් වෙන කඩ මංඩියට ගිහින්, හීං අඩියක් ගහලා ඉන්න කියලා.. ඒ වගෙම කරන්න ඔනී දේත් කිවාලු.. මූත් බොස් කියපු දෙනේ.. හරි බොස් කියලා සිරිපාල අඩිය ගහන තැනට ගිහින්..
ඔන්න දැන් හවස් වෙලා.. කට්ටියම හීනියට අඩියක් ගහන්න අරං...

තාත්තා ඔතැනට ඇවිත්..
       සිරිපාල..තමුසෙ මොකද මෙතැන කරන්නෙ ? කෝ මම කීව ඉරටු 3 සුද්ද කරලා තෙල් ගෑවද ?
ඔහොම බීලා ඉන්න උන් එක්ක මේ මතුරන වැඩ කරන්න බැ මනුස්සයෝ.. පොඩ්ඩක් පේ වෙලා කරන්න ඔනි.. මුං දන්නැ මයේ හැටි.. මම ඔය හොරාව ලේසියෙන් යවන්නැ.. ඔන්න බලපංකො අද හවස වෙද්දි.. ඕකා කටින් ලේ දාගෙන ගම වටේම ගිහින් තමා ඔය කොස් ලෑල්ල අරන් එන්නෙ...! මුං දන්නෙ නැ ගාල්ලෙ උංගෙ හැටි..!!
එහෙම කියලා තාත්තා එන්න ඇවිත්.. පැයක් යන්න කලිං ඔන්න වැඩ කරන එකෙක් එනවාලු ඔලුව කහ කහ..
අනේ මුදලාලි.. අර වැඩේ කරන්න එපා.. මමයි ලෑල්ල ගත්තෙ.. මම ආයෙ ඒක ගෙනැල්ලා තියන්නම්.. අනේ මුදලාලි.. වදින්නම්.. මතුරන්න නම් එපා..

තාත්තටත් ඉතින් හරි සතුටුයි.. වැඩේ හරි ගියානේ.. ඉතිං සමාව දීලා.. ඔය ලෑල්ල නැති උන එක ලොකු පාඩුවක් නොවුනත්.. අනික් උන් කරන එක නවත්තන්නයි තාත්තට ඔනි වෙලා තිබිලා තියෙන්නෙ..

බාප්පා කියපු විදියට නම් තාත්තා ලග ඉදලා තියෙන්නෙ  ලෝක අංඩපාලයෝ ටිකක්.. ඒත් ඔය සීමාවේ හොරකමක් නම් වෙලා නැහැ කවදාවත්.. ඒ වගේම උන් තාත්තාට පන දෙන්න උනත් ඉදලා තියෙන්නෙ.. තාත්තාගෙ කකුල කැඩිලා ඉන්න වෙලාවේ අතට පයට එක එක මිනිස්සු උදව් කරලා.. අපේ මස්සිනා.. නැත්නම් අපේ ලොකු අක්කාගෙ මහත්තයා, උන්දැත් පොඩි කාලේ තාත්තා ලගට එනවාලු බලලා යන්න.. ඒ මොකටවත් නෙවේ තාත්තාට ලැබෙන මිදි ඇපල් ටික කාලා යන්න :D

ඒත් පස්සෙ ඔය ගම වික්ටොරියා ජලාශෙට වැහිලා ගිහින්.. මිනිස්සු ඇඩුවාලු එදා.. ඒත් කරන්න දෙයක් නැති නිසා මහවැලියෙන් දීපු ඉඩම් වලට ඇවිල්ලා.. තාත්තටත් එතැනින් ඉඩමක් ලැබිලා..  ඒක අදටත් ප්‍රසිද්ද ගාලු වාඩිය කියලා.. ඔය ගාලු වාඩියෙත් හරි අපූරු කතා සෙට් එකක්ම තියෙනවා..
ඉඩ තියෙන හැටියට ලියලා දාන්නම් ...

 එහෙනම් අපි ගියා
 ද bunny.... ;-)




.