Showing posts with label Double Dutch. Show all posts
Showing posts with label Double Dutch. Show all posts

Thursday, March 10, 2011

මරණ පෝස්ටර්..

            හලෝ  ළමයි.. ඕං කාලෙකිං මේ පැත්තෙ හාවා ආවා .. :D අද නම් වැල් වටාරම් කියන්නැ.. මේක මට වැටිච්චි  බකට් එකක් ගැන කතා පිංචක්..

  මේක උනේ මං වැරදිලා ඉස්කොලේ ගිය දවසක.. එදා අනේ මගේ කරුමෙටද මංදා ෆිරියඩ් දෙකක් තියෙනවා ඒ දෙකටම ටිචර්ස්ලා නැති දවසක්...
    ඉතිං කලාස් එක දෙවන ලෝක යුද්දෙ වගේ.. එහාට මිසයිල යනවා මෙහාට යනවා.. එක එක ජාතියේ හෙලිකොප්ටර් කෆිර්.. හැබැටම දෙවන ලොක යුද්ද කාලේ එච්චර තාක්සනේ දියුනු වෙලා තිබ්බා නම්.. අනිවා ඔව්වා කරපු උං මේ ලොකේ පලුවයි ඉතිරි කොරන්නෙ.. ඒකත් අර කාන්තාර කොටස් ටික වෙන්ටෝන..!! 
         ඉතිං මේ විගඩම් බලන් ඉන්න බැරි තැන බනියායි බනියාගේ ගැන්සියේ උන්න නුවන් කොලුයි සෙට් වෙලා පොඩි පහේ මඩ වියාපාරයක් දියත් කොලා.. ඒ තමා අපිට ගේම දෙන්න උන්න එකෙක්ට මරණ පොස්ටර්  ගහන්න :D (කොච්චර කිවත් ඇහැව්වෙ නැ කාඹරයක් ඇති කියලා මේකා ගේමමනේ දෙන්න හදන්නෙ)
කෝමත් අපේ සැටැර් එකෙන් ගුටි කනවා කියන්නෙ.. ඌට මරණපොස්ටර් අනිවාර්යයි නෙවැ.. හිහ් හිහ් හිහ් :D  (අනේ මං නම් නැ ඔව්වාට මං හෙනම අහිසංකයා.. ඊටත් පොඩ්ඩක් එහා අහිංසකද කොහෙද)

 මට තියෙන්නෙ තිං ඔය කලා කටයුතු බාරව වැඩ කොරන්න තමා.. කොඩි වැල්, තොරන්, බැනර්, තව සැරසිලි හා මරණපොස්ටර්.. ඔව්වාට තිං ගමේ ගොඩේත් බනියාව ඕනිමයි.. බනියා නැති මලගෙදර හරියට මල ගෙයක් වගේ :D :D

ඉතිං මේ ගමෙන් ලැබුනු ආභාශය බනියා උපරිමෙන්ම ඉස්කොලෙදිත් පාචිච්චි කොලා..

ඉතිං ඕං දැන් බනියයි බනියාගේ යාලුවායි උපරිමෙන්ම හො ගාලා වැඩ.. පොටෝ එක අදිනවා.. ඒකේ දිනේ දානවා.. අනම් මනම් වැඩ..

හනේ ඔය අතරෙ තමා බනියාටයි නුවන් කොලූටයි කණ කොකා අඩන්නෙ..

ඕං බනියාට දැනෙනවා.. මගේ මේ සියුමැලි දිග කන් දෙක අපාය සයිඩ් එකටම ඇදෙන ගතියක්.. අනේ අපායේ නිල රථයේ යතුර ස්විච් එක කැරකැවෙනවා..

හෆොයි.. ප්‍රින්සිපල්... O_O

ආයේ හන්ගන්න දෙයක් නැ.. වැඩේ අතේ මාට්ටු..

ප්‍රින්සිපල්. : නැගිටපියව්..

B-N      : නැගිටියි.

ප්‍රින්සිපල් : මොකක්ද තොපිලා මේ අදින්නෙ ?

බනී      : සැ සැ සැ සෑර්.. ම ම ම මරණ පොස්ටරයක් (මුගෙ කන් පොට්ටද කොහෙද. අච්චර   ලස්සනට ඇන්ද එක පෙන්නැත්තෙ අනිවා මෙකාගෙ කන් පොට්ටයි..)

ප්‍රින්සිපල් : කාටද තොපිලා මේක ඇන්දෙ ?

නුවන්    : සර් ඩස්පියාට.. නැනැනැ මේ චතුරන්ගට..

ප්‍රින්සිපල් : ශා.. උබලාට හොදට චිත්‍ර අදින්ට පුලුවන් නේද ?

(අප්පට බොල මූ මොකාටද එන්නෙ ?)

B.N      : (කුප්ප හිනාව මිශ්‍රව..) ඔව් සැර්.. අපි චිත්‍ර කොරන්නෙ :D

ප්‍රීන්සිපල් : ආ එහෙමද ? යමල්ලා ඔෆිස් එකට.. උබලාට වැඩක් තියෙනවා දෙන්න..

ඕං තිං බනියයි නුවනුයි ඔලුව කශ කශ ඔෆිස් එකට ගියා.. අපි නම් පශ්ශාත් භාගයේ උපතිං ආ නිමාව ගැන අදහස අතැරගෙනයි ගියේ... හුට්ටප්පරයයි, වේවැල නෑ.. ඒ වෙනුවට මේං ප්‍රින්සිපං ගේනවා A4 කොල මිටියක්..

ප්‍රින්සිපල්.. : මෙතනින් ගන්නවා ගනන් කරලා කොළ 100 ක්.. අරන් දෙන්නා 50 - 50 බෙදා ගන්නවා.. දැන් මෙතන පුටු දෙකෙන් වාඩි වෙලා,  බනියාගේ මූන නුවන්.. නුවන්ගේ මූන බනියා ඇදපිය මේ කොළ වල.. ඇදලා බොලාලාගේ "විපත" කොටසට ඉඩ තියලා හදාපිය මරණ පොස්ටර්..!! උබලා අදින අදින පොස්ටර් මට ගෙනැල්ලා බාර දෙන්න ඔනි..! ආයේ උබලා ඉස්කොලෙන් අස් වෙන දවසට මං මෙව්වා බොලාලාගේ දෙමාපියන්ට බාර දෙන්නම්..!!

"අනිච්චාවත සංඛාරා" .. මෙවන් විපතක් කිසිවෙක්ටත් අත් නොවේවා..! 

අනේ අම්මෙ ගුටි කැවා නම් මීට වඩා සතුටුයි.. මොන කරුමයක්ද දෙයියනේ චිත්‍ර අදිනවා කියන්නෙ මරන් කැවා හා = වැඩක් නේ :-/

ඉතිං කෝම කෝම හරි ඉස්කොලේ ඇරෙන්න මත්තෙන් අපි පොස්ටර් ටික බාර දුන්නා..
ඉතිං ප්‍රින්සිපල් සර් හිනා වෙලා කාරිය අපිට හොද ඔවදන් මාලාවක්ම දීලා අපි ගෙවල් වල පිටත් කෙරුවා..
එදා සර් අපිට ගහලා එලවලා දැම්මා නම්.. මීට වඩා දෙයක් ආයේ කරන්න ඉඩ තිබ්බා.. නමුත් මේ දඩුවම මතක් වෙද්දි නම් ඇග හිරි වැටිලා යන තරම් මට...

අද අපේ ප්‍රින්සිපල් සර් මොකක්දෝ වැඩක් තාත්තා එක්ක කතාකරන්න අපේ ගෙදර ආවා.. මට සර් දැක්කාම ඕක තමා මතක් උනේ.. ඉතිං මං තකහනියක්ම බ්ලොග් එකේ ලියලා දැම්මා.. නැතිව ඉතිං තව මාස 2-3 කිං නෙවැ බ්ලොග් එක පැත්තෙ පශ් පාගන්නෙ :D

ඉතිං කැම ඔතන් එන කොලේ පොලිතින් උණ පලියට ඒක ගිල්ලවන ප්‍රිංසිපල්ලා ඉන්න රටක.. අපේ සර් නම් ....... ?
මට වචන නැ සර්.. 
සර්ට දිර්ගායුශ..! 

හැමදාමත් පික්ශු නටන මං
Bunny

.

Sunday, February 27, 2011

කැමරා ජීවිතයක ඇරඹුම.. හා නියම මනුස්ස කම..

      හම්මේ.. සති 3-4 ක් ගිහින්ද කොහෙද.. blogspot කියලා දකිත්දිත් කම්මැලියි අප්පා.. :-/
 මේක නම් නොකියාම බැරි කතාවක් නිසා, තාවකාලිකව කම්මැලි IC එක ගලවලා තියලා ලියන්න පටන් ගත්තා :D

මෙන්න මේකයි කතාව.. කාලේක ඉදංම බනියාට කැමරා ගැන මාරම උණක් තිබ්බා... ඕක මාරම දරුණුයි..! ඉතිං නිකන් එව්වා හරියන්නෙත් නැ DSLR...DSLR... එව්වා විතරයි.. හැහ්.. පොල් ගෙඩියක් රුපියල්ම 60 ක් වෙච්චි කාලේක DSLR එකක් කියන්නෙ ගෙයක් හදන සල්ලි නෙවැ :D

ඉතිං තාවකාලිකව ඔය DSLR උණ සම්බන්දව තිබ්බ IC එකත් ගලවලා පැත්තකින් තිබ්බා..
මොන පික්සුද.. නිතර නිතර කැමරාවක් කෝම හරි මගුලක් වෙලා මතක් වෙනවානේ.. අනේ ඉතිං ඒ වෙලාවට කැමරා වලට මිල ගණන් නියම කරපු එකාගේ දෙමාපියං සිහිපත් කරලා නිකා ඉන්නවා.

ඉස්සර නම් DSLR එකක් දැක්කාම කලන්තේ ස්වභාවයක් එනවා.. මං දන්නවා DSLR එකක් තියෙන කෙනෙක් ඒක පරිස්සම් කරන්නෙ දෙවෙනි ගෑනී පරිස්සම් කරනවා වගේ.. :D ඉතිං හැමෝගෙන්ම අනේ බං දියං මචං ඩිංගක් කියලා ආසාවට ඉල්ලන්නත් බයයි.. එව්වා හරියන්නැ.. මගේම එකකට යන්න ඔනි මතේ තමා බනියා උන්නෙ..
ඉතිං ඔහොම කාලයා බනියාට කොචොක් කර කර ඉදිරියටම යනවා..  (අහුවෙයිනේ ඕකා මට)

මේං ගිය බ්‍රහස්පතින්දා (2011..02.24) අපේ ගයාන් කල්හාර මලයා ලිංක් එකක් එවාපී...
අප්පච්චියේ.. කැමර් එකක්.. :-D අපේ තවත් බ්ලොග් ලියන සහෝදරයෙක්.. කැමර් එකක් ගැන දාලා තිබ්බා.. වෙනකවුරුත් නෙවේ සංහිඳ පාමුළ කියලා බ්ලොග් එකක් ලියන විමුක්ති අයියා..
ඉතිං එයා කියලා තිබ්බා කැමර් එකට 12000.. ත් 15000.. දාහත් අතර ගානක් බිඩ් කරලා කමෙන්ට් කරන්න කියලා..
     ඉතිං බනියත් ඒ අයියට මේල් එකක් දාලා.. මගේ දුක්ගැනවිල්ලත් කිවාම ගානක් කියන්න කිවා.. මං මුලින්ම එයාට කීවේ රු18000.. ක් දෙන්නම් කියලා. මොකද ඒ කැමර් එක ඊට වඩා දෙගුණයක් විතර මිලයි.. මේං බනියාට රිප්ලයි එකක් එනවා.. ඇස්දෙක අදහාගන්නත් බැ.. රුපියල සතේටත් ගහමරා ගන්න කාලේ.. මෙහෙම මිනිස්සුත් ඉන්නවාද කියලා බනියාට හිතෙන්න ගත්තා.. ඇස්දෙක පිහිදැමුනේ නිකන්ම වගේ.. (හීනයක්ද කවුද දන්නෙ :D)
   ඒ අයියා කියලා තියෙනවා.. අනේ මල්ලි මට වැඩිපුර සල්ලි එපා.. ඉතිරි සල්ලි වලින් ඔයා ට්‍රයිපෝඩ් එකක් ගන්න... මට 12-15 අතර ගානක් දෙන්න.. ඔයා ගන්නවා නම් මං ලක්ශෙට ඉල්ලුවත් පොරොන්දුව කඩකරන්නෙ නැතිව ඔයාටම කැමර් එක දෙන්නම් කියලා.. ඉතිං මං හැරුන තැපැලෙන්ම 15 දෙන්නම් කියලා යැව්වා මේල් එකක්.. ඔන්න වැඩේ ඕකේ..
ඒ වෙද්දිත් එයාගේ බ්ලොග් එකේ කමෙන්ට් වැටිලා ... 15000, 18000 , 18500, 20000 ත් අතර ගනන්...

    ඒත් මෙන්න මේකයි නියම මනුස්ස කම කියන්නෙ.. එයත් මං වගේම කැමරාවකට හීන මවපු කෙනෙක්.. දැන් එයාට කැමරා දෙක්ක තියෙන නිසා තමා මේක විකුනන්න දාලා තිබ්බෙ.. ඉතිං එයත් මගේ දුක දන්නවා හොදටම.. :-)

ඉට දවසකට පස්සෙ මට රත්නපුරේ ඉදන් ගාල්ලටම කැමර් එක එවලා තිබ්බා.. අංකල් කෙනෙක් අතේ.. ඉතිං මට රත්නපුරේ යනවාට වඩා ඒ අංකල්ට බස් වියදම දුන්නාම ලාබ නිසා මාත් කැමති කියලා එහෙම ගෙන්න ගත්තා..

ඉතිං මේ පොස්ට් එක ඒ මනුස්සකම දන්න විමුක්ති අයියටයි..
මං කවදාවත් නොදැක්ක මේ බ්ලොග් එකේ ලිංක් එක මට පෙන්නපු අපේ කල්හාර මලයාටයි ගොඩාක්ම පිං.. :-)

මේං මේක තමා කැමරාව
කැමර් එක ගැන නම් මං වැඩියමක් ලියන්න යන්නෙ නැ.. ඒ ගැන විස්තර ඔනි තරම් Google Search පාරක් දැම්මාම විස්තර ඒවි...


මාත් කැමරා ගැන වැඩිවිස්තර බලාගන්නෙ මෙන්න මෙතනින්...




ඉතිං ආයේ දවසක හමුවෙමූ .. 
මට ජය වේවා.. :-D

කැමරාවක් ලැබුණ මම
Bunny

Wednesday, February 2, 2011

උබට මොකටද යකෝ ඒක ?

    හලෝව්.. හරිම කම්මැලයි අප්පා.. බ්ලොග් එක දකින කොට මරන්න වගේ... දවසට මට බ්ලොග් පොස්ට්‍ 100- 200 උනත් ලියතැහැකි කිසි ගින්නක් නැතිව.. කොස්සකට කියලා තියෙන්නෙ කතාවට මුල පුරන හැටි, ඒක නැතිව කෝමද අප්පා පොස්ට් එකක් ලියන්නෙ.. (නෝදෝකිං මේකාගේ පංපෝරිය) මොකාද මංදා කතාවට මුල පුරන්න ඔනී කියලා හොයා ගත්ත එකා.. ඔය අයිස්ටයිං වගේ පංඩිතයෙක් වෙන්න ඇති.. හිහ්.. ඉගෙන ගන්ටම ඔනීද අයිස්ටයිංලා වෙන්න.. අයිස් ගැහුවාම බැරියැ අයිස්ටයිංලා වෙන්න.... :-D
 (මේ කතා අහලා බොලාලා අයිස්ගහනවා හේම නෙවේ ඕං...)

තව මොනා හරි මෙතන පුරවන්ට ඔනී නැත්නම් අද කතාව සූටිම සූටි එකක්  :-D

එක්කො ඔන්න ඔහේ කියලා දානවා..

හ්ම්හ්ම්හ්ම්.. ආ කියන්න බැරි උනා.. බ්ලොග් පොස්ට් ලියනවාට වඩා කම්මැලයි අප්පා කමෙන්ට් වලට රිප්ලයි කරන්න :( මෙව්වා අහලා ඕං කමෙන්ට්‍ නොකර ඉන්නවා හේම නෙවේ..)
(මේකාට යකට ඌණ තාවයද කොහෙද..මෙච්චරටම කම්මැලි කම)

දැන් මං බලාගෙන එක දිගටම බනියා දාපු පොස්ට් වල කමෙන්ට්‍ වලට රිප්ලයි කරලා නැ.. නොදෝකිං මේ ගොන් හාවා..

හරි හරි,.. ඔන්න මට ඔනී විදියට කතාවට මුල පුරව ගත්තා... හිහ් හිහ් හිහ්.. :-D

මේං මේකයි කතාව..

අපේ ඉස්කෝලේ අයියා කෙනෙක් උන්නා.. අමිත්ත කියලා.. මගේ ක්ලාස් මේට්‍ වගේ තමා මැන්ස්.. බට් මම මැන්ස්ට වඩා අවුරුදු 2 අඩුමල්..  (අඩුමල් = බාල)
හේතුව බනියා කවදාවත් තමන්ගේ ක්ලාස් එකේ පැයකට වඩා ඉන්නේ නැ.. යන්නෙම ඔය සයන්ස් ක්ලාස් පැත්තෙ.. මැට්ස් ක්ලාස් පැත්තෙ.. (ඔය කිවාට ඕකා මෙලෝ මගුලක් ඉගෙන ගත්තෙ නෑ)

ඉතින් අදටත් ඔය ලොකු අයියලා සෙට්‍ එක තමා බනියලාගේ යාලුවෝ.. අපේ ක්ලාස් එකේ කියලා එකෙක්ගෙවත් කන්ටැක්ස් නැ... කතා කලත් ඔය පාරකදි අහු උනොත් තමා..
ඉතිං දුකේදී සැපේදී හැම මගුලෙදිම අපි ඔය A/L ක්ලාස් වල අයියලා එක්ක තමා ජිවත් උනේ... ඒක හරි විනෝදයි... විසේසෙන්ම බනියා තමන්ගේ පංති වලින් වෙන් උනේ හේතු ඇතුව..
 එකක් තමා අපේ ක්ලාස් වල උන් කම්පියුටර් කියන වචනේ තහනම් වචනේ කලා..
අනික බනියාව හැමදෙනාම කොන් කලා.. :-( ක්‍රිකට් ගහන්න ගියත් පන යනකම් පිල්ඩිං කරනවා..  බැට්‍ එක අතින් ඇල්ලුවත්, ඒ අල්ලන්නේ පිට්ටනියට අරං යනකම් විතරයි..  වොලිබෝල් ගහන්න ගියත් බලන් ඉන්න තමා වෙන්නෙ. හැම දේකදිම බනියා කොන් උනා.. අදටත් බනියාට හිතා ගන්න බැරි මොකදෝ මෙච්චරටම බනියාව කොන් උනේ කියලා.. ඔය කොන් කිරිලි තාඩන පීඩන අස්සේ බනියා අඩපු වාර ගාන එමටයි.. (දැනටත් මේක ලියද්දි ඇස්දෙක නොදැනීම තෙත්වෙනවා වගේ.) ඒත්  බනියා නෙවේ ඔව්වාට සැලෙන්නෙ.. බනියා ගත්තා තීරණයක්.. 
       ඉන්නේ නැ ක්ලාස් එකේ.. යනවා A/L පංතිවලට.. ඉතිං ඔව්වාගෙන් හිත ගත්තු තැනක් උනේ සයන්ස් ක්ලාස් එක.. ඒකේ අයියලා අක්කලා කවදාවත් බනියාට හිත රිදෙන්න දෙයක් කියලා නැ.. උං මොනා හරි දෙයක් බනියාට කියලා දුන්නා.. ඉතිං මගේ හොදම යාලුවෝ උනේ ඒ අයියලා අක්කලා.. අදටත් මචං බං කියලා කතා කරන්නේ උං එක්ක.. ඉතිං ඔහොම හොදටම පිට් වෙච්ච කෙනෙක් තමා අමිත්ත අයියා කියන්නෙ.. එයාලාගේ ගෙදර අයත් බනියා හොදටම අදුරනවා...
 ඉතිං මේ ලගදි තමා අමිත්ත අයියලාගේ ගෙදර හදලා, ගෙට පෙදිංචියට යන්න දිනයත් ආවේ... ඉතිං ඒ වෙනුවෙන් දානෙකුයි පිරිතකුයි තිබ්බා.. බනියත් ඕය වැඩ කටයුතු වලට උදව් පදව් කරලා.. (මොන උදව්ද, කාපු එකම තමා කල ලොකුම උදව්ව) ඔන්න දැන් පිරිතුත් ඇහුවා නිදිමරාගෙන..

හුටා..එළිවෙන කොට ඉන්න බැ නිදිමතේ වැක්කෙරෙනවා.. හෆොයි..මෙහෙම කොහෙමද දානේ කන්නෙ.. අනික එන මිනිස්සුන්ට කෝමද මූන දෙන්නෙ... හරියන්නැ.. බනියා ගියා ගෙදර... හැහ්... ගියා විතරයි ඇදට වැටුනා.. වැටුනා නෙවේ ඇද හොයාගෙන පාවෙලා ගියදා කොහෙද... කොම හරි 8 ට එලාර්ම් එකත් තියාගෙන පැයක් හරි නිදියනවා කියලා ඕං දොයි...

හැහ් මොන කරුමෙකට එලාර්ම් හැදුවාද මංදා නිදාගන්න නැ.. ආයෙ වැඩි කලා පැයක්.. 9 යට.. හෆොයි නිදාගත්තෙ නැද්ද කොහෙද,,, ආයේ වදිනවා එලාර්ම් එක.. මේ මගුල හරියන්නෙ නැ.. දැන්ම දානෙ ගෙදර ගියේ නැතොත් නොන්ඩිය.. දඩ බඩ ගාලා මූන හෝදගෙන ඕං පාරට බැස්සා.. කොහෙද.. නිදිමතතතතතතතතතායි..... හැහ්.. යනවා යනවා බස් හොල්ට්‍ එක ලගට එන්නෙත් නැ.. අපෝ යනවා නෙවේ ගාටනවා..

ඔන්න දැන් තමා එන්ටර්ද මිශන් කිවාලු

මේං එනවා ඉන්ග්ලිශ් නම්බර් තියෙන වැන් කට්ටක් ඉස්සරහාට, හුටා මේ අදුරන එකෙක්නේ.. මේං මේකා අහපි..

මැන්ස් : හලෝ බනී... කොහෙද මේ යන්නෙ ?

(මොන කරුමයක්ද..මල ජම්ප් වෙච්චි වෙලාවට අහන එව්වාද මේ)

බනී : ඈ යකෝ. තොට මම යන හැම මගුලම කිය කිය යන්ට ඔනීද ?...

(සැ:යූ: මා කල ප්‍රකාශයේ "යකෝ" යන්නට වෙනත් සිංහල වචනයක් යොදාගෙන තිබිනි.. වල් හාවා යන කාර්ඩ් එක තවත් ඉස්තීර වන නිසා.. එය නොදා "යකෝ" යන්න ආදේශ කලෙමි..)

අරයකාගේ ඩීසල් වාහනේට මම හරියට ලංකා සුපර් පෙට්‍රල් දැම්මා වගේ.. අරූ ආ වේගෙටත් වඩා පාගලා යනවා...
හුටා.. ටින්ටඩ් කරපු වීදුරු අස්සෙන් මට තැඹිලි පාටට රෙදි වගයක් පේනවා... හෆොයි..
           ජිවිතේ කරගත්ත ලොකුම ගොන් කම.. මෙවන් විපතක් සතුරෙක්ටවත් නොවේවා... දැන් නම් ගමේ ජීවත් වී වැඩක් නැත.. වහබෝතලයක් ගන්න අතේ සතේ නැත..

පිටි පස්සෙ ඉදලා තියෙන්නෙ ගමේ පංසලේ ලොකු හාමුදුරුවෝ බොලව්.... :-(

අනේ අම්මපා.. අරයකාට හාමුදුරුවෝ ඉස්සරහින් තියාගෙන යන්න බැරි උනේ මොන මගුලක් නිසාද මංදා.. :-/ ඒත් කමක් නැ.. පොඩි හිනාවක් දාගෙන පලයල්ලාකෝ යන ගමනක්.. මොන මගුලකටද මම යන දිහා ඇහුවේ...

ලංකාවේ වාහන වල වීදුරු ටිංටඩ් කරන එක තහනම් කියන, නීතියට නම් මම එක පයින්ම කැමතියි..!!

පා:ලී: ඔය වාහන වල යන අයට බනිද්දි. පොඩ්ඩක් පිටිපස්සෙ ඉන් වුද කියලා බලන්න අමතක කරන්න එපා ඕං...!!

මොනා හරි බකට් එකක් පෙරල ගන්න මම 
Bunny...

..

Friday, January 28, 2011

කුමාරි නැන්දා..

හලෝව්..  (ඔව් ඔව් බනියා තමා මේ..)

කලින් පොස්ට් එකේදි බනියා ඉල්ලන්  මඩ නැමක් කරගෙන වගේ දැනුන නිසා ඒ පොස්ට් එක යටට යන්න මේක දානවා හිහ් හිහ් හිහ් :P 

         ඔන්න බනියාට මතක් උණා  කිතිකාවාගෙන සිරාවටම හිනා වෙතැහැකි කතා පිංචක්.. 
ඔන්න මෙදා පාර නම් කතාව දික් කරන්න වැල් වටාරම් ගහන්නැ, මේක පොඩි කතාවක්..

  මේක වෙලා තිබ්බෙ අපේ අයියන්ඩිට... (අයියන්ඩි = මස්සිනා) ඉතිං අයියයි අපේ අක්කයි ගියාලු පාර්ටියකට.. පාර්ටියක් කිවාට ඒක ගෙදර අයට සංවිදානය කල එකක්ලු, ඒ ඇන්ටියි ඇන්ටිගේ මහත්තයායි ඒ අයගේ පවුලේ අයටයි විතරමලු.. පිට අය කියලා ගිහින් තියෙන්නෙ අපේ අයියයි අක්කයි විතරයිලු.. ඇන්ටිගේ නම කුමාරි ලු.. නුවර ප්‍රසිද්ද ඉස්කෝලෙක ටිචැර් කෙනෙක් ලු..

ඕං ඉතිං මේ පාර්ටිය අස්සේ හිනියට පිරිමි සැට් එක මදුවිත තොල ගානවාලු (ඔව් බොල අරක්කු තමා) මේ ගෙදර අංකල්ට සතුට වැඩිකමටමද මංදන්නැලු ඩිංගක් අනික් අයට වඩා වෙරිලු..  ඔහොම ඔහොම සෙට් එක බොන අතරේ ගෑනු පරාන ටික කුස්සියට සෙට් වෙලා එළවලු කපනවාලු, උයනවාලු.. එක විකාරයක්ලු..අපෙ අක්කත් ඉතිං ගිහින් ඒ පැත්තට.. ඕං මොකක්දෝ එකකට අයියත් ගිහින් කුස්සිය පැත්තට.. මේං යන කොට කුමාරි ඇන්ටියි තව ඇන්ටි කෙනෙකුයි, ගලවලා දාපු වාහන ශීට් එකක් උඩට වෙලා කතා කර කර ඉන්නවාලු.. ඔන්න ඔතන්ට ඇවිල්ලා අර අංකලුත්.. අංකල්ට බඩ ගිනි වෙලා දැන් හම්බානෙක කනවාලු.. ඔය කන අතරේ එක වරම අර ශීට් එකේ කෙලවර උන්න ඇන්ටි නැගිට්ටාලු..

ඔය අතරේ දිඩීං ගාල කැබිනට් එකක් පෙරලෙන සද්දයක් එක්ක බුදු අම්මෝ ගාන සද්දයක් ඇහුනලු..

හුටා....

වාඩි වෙලා උන්න වාහන ශීට් එක උඩ ගිහින්, කුමාරි ඇන්ටි කැබිනට් එකත් පෙරලන් වැටිලා..අතත් වීදුරුවකට කැපිලා...

මෙන්න මේකයි රසම හරිය..

තමන්ගේ ගෑනි වැටුනාම වෙන පිරිමියෙක් නම් නැගිට්ටවන්න හරි යනවානේ.. 

අර අංකල් හැරිලා බලලා මෙහෙම කිවාලු


කුමාරි.. ! මම බිව්වෙ. ඔයා මොකද වැටෙන්නෙ ?

ඒ පාර අපේ අයියයි අක්කයි ඇන්ටිව නැගිට්ටවලා බෙහෙත් දාන්න එක්කං ගියාලු.. එතකනුත් අර අංකල් කෑම කනවාලු :-D

 ...............
හෙනම් ඔය ඔරලුසුවේ කට්ට ඩිංගක් ආපස්සට කරකවා ගන්ට..ගිය කාලය ගතැහැකිනේ :P

බොලාලාගේ කාලය කැ මම
bunny

.

Wednesday, January 26, 2011

බුදු අම්මෝ...!!

       මා දන්නා තරමින් බ්ලොග් මකුණෝ නැත.. සිටී නම් මෙලාහකට මාගේ බ්ලොග් එක මකුණු දැල් වලින් පිරී ඇත..  බොහෝ දෙනෙක් පෝස්ට් එකක් දැමීමට මත්තෙන් මකුණු දැල් කඩනවායි තෙපලන්නේ මකුණුවන්ට ආචාර කිරීමක්දැයි බනියාට සිතුනු වාර අනන්තයය..!
තමාගේ ඇවරදි අහිංසක මකුණන් කෙරිහි පැටවීම හෙන කුප්ප වැඩකි..!

එව්වයින් කාරී නැත.. අර කොහෙවත් යන වැපානිසා, නිසා මට බ්ලොග් එක මතක් විය..! ඒකා බස් එකේ තව විගඩමක් පටන් ගෙන ඇත.. එනම් බ්ලොග් සතියකි.. බස් එක යනූ මේ මහපාරේ අතුරු පාරේ දුවන CTB නොහොත් සිලෝන් ටකරන් බස් එකක් හෝ ජිවිතයේ අනියත කියා දෙන පුද්ගලික බස් එකක් නොවේය.. මොකක් හරි මගුලක් කරන්න හදන Google ලාගේ තව විගඩමකි..!  එනම් Google Buzz ය .. 

එය හරි ආතල්ය.. කාට කාටත් මඩ ගැසීමට ඒ මඩ edit කර කර ගැසීමටද එය අපූරු මෙවලමකි.. මාත් බස් සාමාජිකයෙකි.. රෑ දෙගොඩහා හරියටත් බස් පැදීමට මාත් පුරුදු විය.. තාම බරවාහන ලැයිසොම් නැතත් ඒ බස් එකට පොලිස් මාමලා අත දාන්නේ නැත..! එහෙන් මෙහෙන් Goo-gle ලා කින්ඩි දැම්මත්.. අපි සැලෙන්නේ නැත..

එව්වායින් මෙව්වායින් කතාව රෝන්ග් සයිඩ් එකට යන බව බනියාට හැගිනි.. එව්වා මෙව්වා නැතිනම් බ්ලොග් පෝස්ට් එක පුංචී වේ.. ඒකට මම කැමති නැත.. එම නිසා හෙන බොරු තොගයක් ඇදබා කතාව ලොකු කිරීමට බනියා හෙන සමත්ය..!  මොනා උනත් මේ කතාව ගල්පැලෙන ඇත්තයය..!

බනියලාට ක්‍රේන් එකක් ඇත.. ඉන්ගිරිසියෙන් කිවොත් දොඹකරයක් ය.. මෙකෙන් කරන්නෙ මිනිස්සුන්ට උස්සන්න බැරි දේවල් ඉස්සීමය.. (හොරකම් නෙවේ යකෝ) කොටන් උසුලීමට බනියලාගේ තාත්තා මෙය ගත්තේය.. 


මේ ඉන්න අතරේ හෙන ලොකු ප්‍රෙජ්ට් කට්ටක් වැටිනි.. එනම් වහලකට කාප්ප ඉස්සීමටය.. එකල්හී මෙන් ලී දමා වහලවල් ගැසීම දැන් අඩුවී ඇත.. දැන් ගන්නෙ යකඩෙන් තැනූ කාප්පය.. ඒවා හරි බරය.. උස්සන්නට ක්‍රේන් එකක් ඇවැසිය..! මේ වැඩේ පැවරුනේ බනියාටය.. කොල්ලා වැඩ කාරයා බව තාත්තා දැන ගන්නට ඇත..! (කොලර් එක අදිමින්)

කෙසේ හෝ එම කාප්ප ඉස්සීමට ඇවැසි තැනට සැපත් විය.. හත් ඉලව්වකි..! කාප්ප ඉස්සීමට ක්‍රේන් එක දිග මදිය.. වහල හෙන උසය.. එක කාප්පයක් තිබීමට හැක.. අනික් දෙක තියන්න දිග මදිය.. එය තියන්න නම් එම ශාලාව ඇතුලට ලොරිය ගතයුතුය.. අනේ හෙනගහපිය වටේටම අඩි 2 ක් විතර උස කොන්ක්‍රීට් එකක් දමා ඇත.. ස්වීමින් පූල් එකක් සැදීමට සුදුසුයැයි බනියාට සිතිනි..

කොසේ හෝ බාස්ගේ දෙමාපියන්ට පිං දෙමින් උස අඩු තැනක් බලා කොන්ක්‍රීට් කනු දමා ලොරිය ඇතලට ගත්තෙමි.. ගත්තේ ලොරිය අඹරලාදැයි බනියාට පසෙක් ඌවේ ඇතුලට ආ පසුය.. ආයේ ගැනීම ශුවර් නැතැයි සිතිනි.. අවුලක් නැත එක කාප්පයක් තියා ගත්තේය..හෙන ගහපිය ඕන් වැස්සක් වහිනවා.. මෝඩ බාසා අඩි දෙකක් උඩට කොන්ක්‍රීට් දැම්මේ අහවල් මගුලකටදැයි කියමින් වටේ පිටේ උං නැවතත් දෙමාපියන්ට පිං දෙන්න පටන් ගත්තෝය.. බාසාගේ වරදක් නැත.. එහි අයිතිකාරයාට ඔය කලින් වැටහිය යුතුය..

වැස්ස පැවුවේය.. නැවතත් වැඩට බැස්සෙමි.. කාප්පය මම උස්සා දුන්නෙමි.. දැන් ඇත්තෙ ගානට තබා වෙල්ඩින් කිරීමටය.. වෙල්ඩින් කරන මනුස්සයා කාප්පෙට වැඳ නමස්කාර කරමින්, අපි හිනා ගස්සා එය දිගේ පාස්සන තැනට බඩගාන්නට විය.. 

අපි ඉතින් එය පාස්සන්න දී බලා සිටියෙමු.. ස්වල්ප මොහොතකින්  

බුදු අම්මෝ ගා සද්දයක් ඇසිනි..  අපි ගනන් ගත්තේ නැත..

ආයෙමත් බුදු අම්මෝ.... බුදු අම්මෝ.... ගා දෙපාරක්ම ඇසිනී.. කවුදෝ කෙනෙක් වෙල්ඩින් ප්ලාන්ට් එක ඕෆ්කරනවා දුටිමි.. හත් ඉලව්වයි අර යකාට කරන්ට් එක වැදිලා..

ඒ මනුස්සයා පෙර පිනකට බේරිණි..  වැටුනා නම් වැටෙන්නේ පහල තිබූ කම්බි 4 ක් උඩටය.. 

වැරැද්ද ඒකාගේ අතේය.. වැස්ස වේලාවන්හී වෙල්ඩින් කිරීම නුවනට හුරු නැත.. earth  වීමට බලන්නෙ ඇග හරහාය.. අනික ඒ බූරු පැටියා අතේ රෙදි අත් මේස් දෙකක් දමාගෙන ඇත.. එයද තෙතබරිතය.. දැන ගත් ආකාරයට අත ගලව ගත හැකි වී නැත.. වෙලාවට වෙල්ඩින් ප්ලාන්ට් එක ඕෆ් කල නිසා ඌ බේරිනී..

හිනා යන කෑල්ල මේකය.. (හිනා යන්නැත්නම් කරුණාකර කිතිකාව ගන්ට)

අරූ ඔක්කොම දමලා ගහලා බිමට පැමිණියේය.. අපි කටක් අරින්න පෙර. ඌ කීවේ,
              බලා පල්ලාකෝ මචං ඒකෙත් හැටි.. මොනා කලත් අම්මානේ අපිට අන්තිමට මතක් වෙන්නෙ..

ඒක නෙවේ මොන #%$@ ගේ පුතාද යකෝ මම කියන්න කලින් ප්ලාන්ට් එක ඔන් කලේ ???

..............
කෝමින් කෝම හරි වැඩ අවසන් කර ලොරිය එළියට ගත්තෙමි.. හරි මගුලකි.. ලොරිය වලක වැටී එරිනි.. හැහ්... ඒ අස්සේ ලොරියේ මා සමග පැමිණී එකාගේ කකුලේ ඇණයක් ඇනී ඇත.. කෝම කෝම හරි පැයක් පමණ දගලා ලොරිය ගත්තෙමි.. ලොරියෙම ගොස් බේත් දමාගෙන පැමිණියෙමි..
 එදානම් අම්බානෙක බනියා නැහිනි.. හෙම්බත් වී හෙම්බත් වී ගෙදරට පැමිණ ගෙට ගොඩවෙනවාත් සමගම ලිස්සා වැටිනි..

 වද දෙන කොට අහවල් උන් වද දෙන්න  මදි නොකියන්න.. දෙයියෝ suxs...!!
පා : ලී : මෙකෙන් ගන්න යමක් තියෙනවා නම් ගන්ට ඇහ් :-D

ජීවිතේම අල පාත්තියක් කරගන්න දගලන 
මම
Bunny...

.

Saturday, January 1, 2011

ඌ ගියා...මූ ආවා...හා පැරා පත්තුකිරිල්ල..

හලෝව්.. ඔන්න බනියාට හිතුනා පලවෙනිදා මොනා හරි කොටලා දාන්න...
ඇත්තම කීවොත් ආසාවට.. නැතුව මේ ලියන්න කියලා කිසිම වැදගත් දෙයක් නැ..

ලියන්නත් එපැයැ මොනා හරි... ම්ම්ම්ම්..
හරි අලුත් අවුරුද්ද ලබද්දි කරපු කුපාඩි වැඩක් කියන්නම් :D

අනේ ඉතිං මහලොකු දෙයක් නෙවෙ.. දන්නවාද දන්නැ වාහන වලට එනවා රතුපාට පොඩි ගැජට් එකක්..ඕක තියෙන්නෙ වාහනේ වම් පැත්තෙ, කැබින් එක යට.. SOS කියලත් කියනවා ඒකට.. පරණම වාහන වල ඇත්තෙත් නැ.. සාමාන්‍ය 1991 පස්සෙ වගේ හදපුවාගෙ ආවා..  හමුදාවේ මාමලා නම් කියන්නෙ පැරාද කොහෙද.. මේක ඇත්තටම පාවිච්චි කරන්නෙ ජිවිත ගලවා ගන්න.. අපි හිතමු අපි කැලේක ගියා කියලා ?

ඔන්න වාහනේ කැඩෙනවා..  අපි කොහොමද දැනුම් දෙන්නෙ ?

ඕක මොකක්ද ඇස් ඇම් ඇස් එකක් ගහමු..
ඒ මොකටද ? කෝල් එකක්ම දෙමුකෝ..
අපි 1919 ට ගහමු..
මෝඩයෝ 1919  ගහලා රාජ්‍ය තොරතුරු අංශයට කතාකරන්නද කියන්නෙ ?? 
119 ට කතා කරනවා.. 
හුටා... හැබැමයි..
ඒ මාර කේස් එක.. මේ මගුලේ සල්ලි නැනෙ..
හයියෝ...කාපං මාව..
මම හරක් මස් කන්නැනෙ බං.. හිහ් හිහ් හිහ් :P
Grrrrr.....

දැන් මොකද කරන්නෙ ? මට බඩත් ගිනිය.. 
අපෝ කනබනේමයි..
ඉන්නවාකෝ..

....
ඔය මොකක්ද ? 
පැරා එකක්..
කොහෙද තිබ්බෙ මන් දැකලාම නැනෙ මෙච්චර කාලෙකට.. 
ඇයි මෝඩයෝ වාහනේ කැබින් එක ගාවනේ තියෙන්නෙ..
ආ හෙමද.. දැන් ඕකෙන් කෝමද දැනුම් දෙන්නෙ ? 

මේක පත්තු කරනවා.. අහසට අල්ලන් ඉන්නවා.. ඔය කවුරු හරි හෙලිකොප්ටරයක් දැක්කොත් බාන්නෙ නැතැ..

ඔන්න ඔහොමයි ඕකෙන් දැනුම් දෙන්නෙ... හැබැයි පොඩි කොස්සක් තියෙනවා.. අපේ රටේ හැම විටම ආරක්ශක හෙලිකොප්ටර් ගමන් කරනවද ? බනියා දන්න විදියට නම් පිටරට වලනම් දිවිගලවාගැනිමේ අංශ තියෙනවාලූ....

ඉතිං ඕක අපිට වැඩක් වෙන එකක් නැ.. වෙන්නෙ නැ කියන්නත් බැ.. බනියාට නම් ඕක වැඩක්ම නැ.. මොකද බනියා Y පරම්පරාවේ හාවෙක් නෙ :D කැලවල් වල රින්ගන්නෙ නැ වාහන වලින්..
ඉතිං මේ ලගදි බනියා රට ගිහින් එන කොට.. රට කිවේ උඩ රට.. ;-) මගදි දැක්කා වාහන කෑලි විකුනන කඩයක්.. ඔය ලොකු ලොකු වාහන එහෙම දැක්කාම උණ ගතියක් පෙන්නුම් කරනවා කියලා ඔයාලා දන්නවා ඇතිනෙ.. :D ඉතිං ගියේ JCB එකක් දෙකක් අතගාලා බලලා එන්න :D බලනවා කිවාට තාත්තා එවලෙ කිවේ අරන් දෙන්නම් අඩන්නැතිව වරෙන් කියලා.. ඒත් තාම සෙල්ලම් JCB යක් වත් ලැබුනෙ නැ :-(

ඉතින් මෙතන තියෙන කැලි දැක්කාම එන්න හිතෙන්නෙ නැ.. තාත්තා අදිනවා යමං යමං කියලා.. කොහෙද..බනියා හෙලවෙන්නෙ නැ.. අන්තිමට මොනා හරි ගනින් කියලා තාත්තා රු 200 දුන්නා.. රු 200 ට මොනා ගන්නද ?

  මරු.. මෙන්න තියෙනවා දිලිසි දිලිසි බෝඩ් ලැල්ලක්.. 1කක් 100 යි.. කියලා.. බලන කොට අර කීව ජාතියේ පැරා පෙට්ටියක්ම.. මරු අප්පා.. දැක්කාම පෙට්ටියම උස්සන් එන්න හිතයි... ඉතිං බනියා ගත්තා එයින් ලස්සනම කවරේ තියෙන දෙකක්ම.. මෙව්වා මේ අලුත් එවා නෙවෙ.. උන් ගේන වාහන මූනු වල අර කැබින් එක යට තිබිච්චා ගලවලා වෙනම විකුණනවා.. හිහ් හිහ් ලංකාවනේ ;-) ඉතින් බනියා අරන් ගිහින් දුන්නා එකේ ඉන්න මාමා කෙන්ක්ට.. හුටා... බෝඩ් එකේ 100 ගහලා තියෙන්නෙ.. ඒ වෙන මොකක්ද එකක්ලු.. මේවා 150 ලු.. ශැක්.. රු 100 ක් එපැයි තව.. තාත්තා පේන තෙක්මානෙක නැ.. හොයාගන්නෙ කහොමද.. අරක නිකන්  ජපානේ පංචිකාවත්ත වගේ... මොනා කරන්නද.. දුක සිතින් එකක් පෙට්ටියට දාලා අනික් එක අරන් ආවා..

මීව් මීව් මීව්...

ඔන්න අලුත් අවුරුද්ද කිට්ටුයි... රතිඤඤා ගන්න යන්න උනෙත් නැ.. :-/ කොරන්න දේකුත් නැ... ඔන්න බනියාට ටිකිරි මොලේ පහල උනා.. ගත්තා අර ගෙනාව පැරා එක.. පත්තු කරම්දෝ නොකරම්දෝ.. පත්තු කරන්න ලෝබයි වගේ.. අලුත්ම එකක්නෙ ... හිහ් හිහ් හිහ්..

ඔන්න ආයෙ කල්පනා වෙච්චි කැබ් එකෙත් එකක් තිබ්බා නේද කියලා :D
මරු මෙන්න තියෙනවා.. හැබැයි පොඩි කොස්සක්.. ඒකේ ගනිපෙට්ටිය වගෙ කැල්ලක් එන්න ඔනේ.. කැබ් එකෙ එකේ ඒක නැ.. අපරාදේ,.. දැන් මොනා කරන්නද.. ඕනෙ එකක් කියලා ගත්තා බනියා ගිනිපෙට්ටියක්.. පත්තු කලා.. අල්ලන් උන්නා.. අපොයි පත්තු වෙන්නෙම නැ.. මල්ලි කැ ගහනවා ඔන්න පත්තු උනා දිඩින්.. එහෙන් තාත්තා කකුලකට ඉරට්ටකින් අනිනවා.. මම උඩ ගිහින් බිම වැටුනා..

හුරේ... මෙන්න පත්තු උනෝ....

ලස්සනේ බැ... රතුපාට එලියක් වදිනවා අහසට.. හරි ලස්සනයි.. ගමේ මිනිස්සු කලබල වෙලා ඇවිල්ලා බලනවා මේ මොනවිජ්ජුම්බරයක්ද කියලා... ඉතිං ප්‍රශ්න වැලයි.. බනියාට එපා වෙන්නම ප්‍රශ්න අහනවා.. තව පත්තු වෙන්නත් තියෙනවා.. ඊලග අවුරුද්දට කියලා බිමට තියලා නිමලා දැම්මා.. මිනිස්සුත් ගියා.. දැන් තාත්තාගෙන් ප්‍රශ්න.. කොහෙන්ද ගත්තෙ ? කාගෙන් අහලද ගත්තෙ.. අනම් මනම්.. පත්තු කරන කොට ඕවා කීවේ නැනෙ තාත්තෙ.. හිහ් හිහ්..

පසුව අසාදැනගන්නා පරිදි ඒව්වාගෙ තියෙන්නෙ මැග්නීසියම්ලූ.. ඉතින් ඉක්කෝලෙදිත් බනියා මැග්නිසියම් පත්තු කලා මතකයි.. ඉතින් ඔයාලා මේ මෝඩ වැඩෙ බලලා වාහන වල තියෙන පැරා එක ගලවන්න යනවා එහෙම නෙවේ ඕං... කාට හරි මෙයින් එකක් ඔනේ නම් 150 සමග බනියා අමතන්න ;-) මම රට ගිහින් එන කොට ගෙනැල්ලා දෙන්නම් හොද එකක්... හිහ් හිහ් හිහ්

කොහොම කොහොම හරි බනියා පලවෙනිදාට පෝස්ට‍ කැල්ලක් ලිය ගත්තා ඕං.. :D වැඩක් උනාද මන්දා.. කමක් නැ.. මට ඔනේ උනේ හැමෝටම සුභ පතන්න....


  එහෙනම් මේ ලැබුවාවූ නව වසර සෑම බ්ලොග් කරුවෙක්ටමයි එයාලාගෙ පවුලේ උදවියටයි අනික් බලන්නන්ටයි හැමෝටම සුභම සුභ නව වසරක් වේවා....

BugsBunny

.

Wednesday, December 15, 2010

පොලිස් කතා..

    න්නා මැල්වෙයාර්, අර වෙයාර්, මගේ වෙයාර්.. ඔක්කොම කරදර වලින් ගැලවිලා අයේ නැවුම් සිතින් සාදු කාරයක් දෙන්න පිංවතුනී...

මේ මොන මගුලක්දැ ? :S මූට විකාරද මංදා....

මේ පේනවද බනියා ඇවිල්ලා... මේ මේ ? මේ ඉන්නෙ.. අන්න ඌ තමා..

මාත්තුරුකාව දැක්ක ගමන් පේනවානේ බකට් එකක් කියලා ? ඔව්වොව් බකට් එකක් තමා..
එකක් නම් මදැ. 2-3 ක්ම... මෙන්න මේකයි සිද්දිය හරියේ..

කතා අංක 1 ක..

           බනියාලාගේ තාත්තායි බනියයි දවසක් වැඩක් කර කර ඉන්න ගමන් කෝල් එකක් ආවා...ම්ම්ම් ආවේ එසේමෙසේ කෙනෙක් ගෙන් නෙවේ... කවුද දන්නවද ? පොලිසියේ OIC මහත්තයාගෙන්... (හෝව් හෝව් දුවන්න එපා... අල්ලන්න ආවේ නැ ඔයාව :P)


තාත්තා : හෙලෝව්....


OIC: #$^%$#$@%$^&*^%%&#


තාත්තා : ආ හරි හරි


OIC: %$#%*&&@%$*%@*@


තාත්තා : හරි හරි මම එවන්නම්.. 

මේ මොන මගුලක්දැ.. මට ඇහෙන්නෙ නැ කවුද කතාකරන්නෙ කියලා....

දන්නවානේ වැඩිහිටියන්ගේ කතා පොඩිහිටියෝ අහන් ඉන්නේ නැහැ නෙවැ.. (අනේ මුගේ පොඩි)

ඉතිං බනියාට මාර කුතුහලේ.. අහම්දෝ නොහාම්දෝ..

"ඉබ්බා ගඟට දාද්දි, අනේ දාපං කොල්ලො කීවාලු"..

තාත්තා කියාපි පොලීසියට ගිහින් වරෙන් කියලා.. හුටා..මේ මොන වෙඩිං එක්ද කඩා පාත් උනේ .. මම උඩ ගියා..
ඔයාලා දන්නවානේ මේ බනියා අංතෙටත් තච චුට්ටක් එහා අහිංසකයා (මම කියන්නැ)

බනී: ඒ මොකද තාත්තෙ ඒ ?

තාත්තා: අන්න පොලිස් මාමා කෙනෙක් මැරිලාලු..

බනී: නියමයිනේ :D

තාත්තා: අනේ කට වහාගනින්

බනී: කට වහගෙන කොහොමද කතාකරන්නෙ ?

තාත්තා: උබට පංඩිත කම් ඔනේ නැ.. අන්න OIC මහත්තයයි තව පොලිසියේ 2-3
දෙනෙකුයි ඒ මල ගෙදර එක්ක යන්න වාහනේ එවන්න පුලුවන්ද ඇහුවා.. මම හා කිවා

බනී: (කවදා කාපු ඇස්බැස්ටෝස් ශීට්ද) දැන් මමද යන්න ඔනේ ?

තාත්තා: එහෙනම් උබ මේ වැඩේ කරපං මම යන්නම්

බනී: හෝව් හෝව් හෝව්... එපා තාත්තේ දුර ගමනක්නේ, මම යන්නම් ;-)

තාත්තා: එහෙනම් ගිහින් වරෙන්.. පොලීසියට ගිහිල්ල අහන්න OIC මහත්තයා කොහෙද කියලා..

බනී: අනේ තාත්තෙ මම ඔය මගුල ඇතුලට වැස්සකටවත් ගිහිල්ලා නැනෙ...

තාත්තා: ඉතිං අද යනවාකෝ..

බනී: අර මෑන්ස්ට.. නෑ නෑ මේ OIC මහත්තයාට  එන්න බැරි වේද එළියට..

තාත්තා: ආ එහෙනම් මම කියන්නම් එළියට එන්න කියලා..

බනී: හරි හරි මම යන්නම්...

ඔන්න බනියා නමෝ විත්තියෙන් ගියා පොලීසියේ ගෙට්ටුව ගාවටම.. කොල්ලා නිකන් පොර වගේ නැවැත්තුවා ගෙට්ටුව ඉස්සරහාම.. (වෙනදා ඔතන අහලකිංවත් වාහනේ තියන්නැ :D )
ඔන්න එනවා බනියා විතර වගේ 3 යි කාලක් විතර ඇති මනුස්සයෙක්...

ම්ම්ම්ම් මේ බනියාද ?

බනියා: ඔව් ඔව් මම තමා බනියා..

ආ මම තමා OIC

බනියා.. ආ මාමේ මට මේ තාත්තා එන්න කිවා කොහෙද යන්න ඔනේ කියලා..         (මාමා හිහ්හ් හිහ්හ් ;-)

OIC : ඔව් ඔව් පුතේ මේ මලගෙදරකට යන්න ඕනේ බද්දෙගමට එහා..

බනියා: හුටා.. හේමද.. මම පාරවල් දන්නැනෙ ?

OIC : අවුලක් නැ පුතේ මම කියන්නම්..

බනියා: එළකිරි.. හෙනම් යං..

ඔං ඉතිං OIC මහත්තයි පොලිසියෙ දෙවනි මහත්තයයි.. ඒ මහත්තයාලාගේ සේනාවයි. සේනාව කීවෙ ඔක්කොම 4 දෙනයි ගියේ... හිහ්හිහ්හ්හිහ් :D

ඔන්න දැන් අර පාරෙන් මේ පාරෙන් අර වංගුවෙන් මේ වංගුවෙන් හැරි හැරි යනවා...

ඉතිං බනියා නෝර්මල් එකෙ 40 ට වගේ තමා පාගලා ගියේ.. කියන්න බැනේ.. නීතිගරුක මහත්තයෙක් ඉස්සරහා තියාගෙන 40 ට යන පාරේ 60 ට පාගලා නිකං අනම් මනම් අහගන්නෙ මොකටද නේ ?

අනේ මංදා OIC මහත්තයා ගේ මූණ බෙරි වෙලා.. ඉවසලා ඉවසලා බැරිම තැනද කොහෙද කියාපී සාජන් මේ පුතා එක්ක කොළඹ ගියොත් නම් දවස් 2 ක් වත් යාවී නේද ?..
(හුටා.. මේ මොන විලිලැජ්ජාවක්ද උනේ... 80-100 ට පාගන කොල්ලාට ඔහෙම කතා කියන එක වැරදියිනේවැ.)

OIC: හැබැටම පුතේ මීට වඩා වේගෙන් යන්නම බැරිදැ ?

ඊට පස්සෙ උණ දේ කියන්න ඔනේ නැනේ ?

සම්පූර්ණ ගමණට ගියේ පැය 1.30 යි... අපි ආයේ ගාල්ලෙ..

පිටි පස්සෙ ආපු සාජන් මහත්තයා නම් පොලිසිය ගාවට ගෙනැල්ලා බැස්සුවාම කීවේ..
පුතේ පරිස්සමින් යන්න හොදේ... :P

පා:ලී   හැබැටම අපි දවසක් යන්න ගන්න දුර ගමනකට OIC මහත්තයෙක්ව දාගෙන ගියොත් වරුවෙන් යන්න පුලුවන්නෙ ? ඉතිං වදේ ලංකාවේ පාරවල් දියුනු කරන්නෙ මක්කටැ ? හැම වාහනේකටම OIC මහත්තයෙක් ගානේ පත්කරානම් ඉවරනේ :P

නැ.පා.ලී: මේ ගිය ගමනේදි බනියයි OIC මහත්තයායි එක්ක වගුරු බිම් ගොඩකරගැනීම පිලිබදව පොඩි උණසුම් වලියක් යන්න ගියා.. ඒකයි... ඊලග පොලිස් කතා 2 කුයි එක්ක බනියා ආයේ එනවා හොදේ... දන්නවානේ මම පොරොන්දුවක් දුන්නොත් දුන්නා තමා :D :D (අනේ පල බොරු නොකිය, කලිනුත් ඔහොම තමා කිවේ..)


                                                    හැමදාම බකට් පෙරලගන්න 
මම 
         Bugs Bunny


.

Wednesday, September 29, 2010

ebay ගණුදෙනුව හා අතුරු කථා...

ගිය පාර 3 වෙනි බකට් එකක් තිබ්බා කීවත් මට නම් එහෙම එකක් මතක නැ... ;-)


මොනා කරන්නද... මාව සින්ඩිකෙටර් සෙට් එකෙන් එලවන්න කලින් මොනා හරි ලියලා දාන්න ඔනේ කියලා ආවෙ....

මාත්තුරු කාවෙ විදියට බනියා ebay එකෙන් මොනාදෝ ගෙන්නලා...මැන්ස්ට පොඩි හුට්ටරක් පටයකුත් වෙලාලු... (යකො මමනෙ බනියා ?)

මෙන්න මේකයි උනේ අයියෝ මට කම්මැලියි :-(

කමක් නැ ලියනවා.....

ඇත්තටම මෙන්න මේකයි උනේ...
කොල්ලා ගියානේ නුවර, මතකනෙ තිබුනා පේරා පැකල්ටියෙ engex කියලා ප්‍රදර්ශණයක් ? අන්න ඒක බලන්න.. මැන්ස් ගියේ අපෙ පිස්සා මල්ලි එක්ක... දන් අය දන්නවා කවුද මැන්ස් කියලා... මිනිහා ඉස්සර බ්ලොග් ලිවා...දැන් නම් බ්ලොග් එකේ කෑලිවත් නැ... මෙන්න මට ඒකේ අෂ්ඨාවශේශ  ලැබුනා ගුගල් කරාම... (ඕකට ගියෙ නැතත් කාරි නැ) :P

ආ තව පැකල්ටියෙ ඉදලා අපිට හම්බුනානේ නාගයෙක්... :D 

මොනාද මන් කිය කිය උන්නෙ ? ආ හරි හරි

මෙකයි, මගෙ ජන්ගමයා දන්නවනේ ? (ලොකේ ඇති දුක්විදිනා ෆොන් අතරින් 2 වැනි තැන හිමිකරගෙන තියෙනවා ඒක..) පලමු තැන ඔය උඩ සඳහන් කර පිස්සා මලයගෙ එක ;-) hikz

ඉතින් ඔය ෆොන් එක ගෙනා දවසෙ ඉදන් බිම වැටෙන එකමයි වැඩෙ... ගෙනාපු දවසෙත් මෙසෙ උඩින් වැටුනා :-D  අනේ ඉතින් ඔහොම ඔහොම වැටි වැටි ඉදලා අන්තිමට ඩිස්ප්ලෙ එකේ කොටසක් කලු පාට උනානෙ :-( ගාල්ලෙ කඩෙකින් ඇහැව්වම 2500 ක් ඔනේ කිවා ඩිස්ප්ලේ එකට තව හයි කරන්න 400 කුත්...අනේ මගේ කට.. !!!
කෙසින් එකෙත් පතුරු ගැලවිලා ඒකට 1200 ක් ඔනෙලු :-( :-( දැන් නම් මට ඇඩෙන්න වගේ...
මොනා කරන්නද... ඔහොම ඉතින් මාස කීපයක් පාවිච්චි කලා ඒත් මේක මහ ඇනයක්... ඉතින්  මායි පිස්සයි ප්‍රදර්ශනෙත් බලලා කියලා නුවර සිරි බලන්න ආවා ටවුම පැත්තට... ම්ම්ම් KCC එක දැක්කෙ ඊට පස්සෙ :D

අපේ මලින්ත, ගයන්ත, ඩිප්ස්, ප්‍රභාශ්, එහෙම දන්නවා KCC එකේ පඩි පෙල ලග තියෙනවා වාඩි වෙන්න වගේ නිකන් පඩියක් ඕක උඩ නැගලා ඉද්දැද්දි පිස්සට මගෙ ජන්ගම කතාව කිවා... මෙන් මේකා කියාපි ebay එකෙන් ගම්මු කියලා.. දෙයියනේ ebay එක කියලා එකක් තියෙනවා නේද කියලා ඌ කිවමයි මට මතක් උනේ ;-) ....

ඉතින් ඔන්න බලලා බලලා අඩු ගානට ඩිස්ප්ලේ එකක් හෙව්වා... මේන් තියෙනවා ලංකා මුදලින් බලද්ද රු:1245.00 ගානක්, තව ඒ එක්කම ඒකට tool set එකකුත් නිකන් දෙනවලු... අඩෙ ඒ එක්කම ආසාවට වගේ කේසින් එකකුත් බැලුවා...700ය ගානක්.. ඒකටත් tool set එකක් නිකන් ලැබෙනවලු මැක්සා..!!! (මට ෆොන් කඩ කාරයගේ අත්තම්මා ට හැමනියන් කාලෙකම වතුර ලැබෙන්න ඔනේ කියලත් මතක් උනා)

කොල්ලට පිං සිද්ද වෙන්න උගෙ සල්ලි වලින් ඔය දෙකම ගත්තා... (ඕකා සල්ලි කාරයා;-) :P
දැන් නම් බනියට පුල් හැපී....!!
 ඔන්න ඉතින් පෙරිදා ඩිස්ප්ලේ එක ගෙදරට ආවා කියලා පිස්සා කියාපී.... හුරෙ...!!!
ගන්නකම් ඉවසිලි නැ... :D කොහොමින් කොහොම හරි ඊයෙ අරගත්තා.. ගෙනාපු ගමන්ම දාලා බැලුවා.. ශා... සෝක් එකට වැඩ... ම්ම්ම් පොඩි කේස් එකක්...ඩිස්ප්ලේ එක නිකන් නිල් පාටයි වගේ.. ඒ එක්කම තද නිල්පාටින් රවුමක "D" අකුරකුත් පේනවා...

    හුටා..!!

ඩිස්ප්ලේ එකේ අරක්ශාවට ගහන ඉස්ටිකරේ ගලවලා නැ... ආයි ගලවපියකො..... ඉතින් ගලවලා කියලා ආයෙමත් හයිකර දැන් තියෙනවා ටොප් එකට :D

පොඩි......ඊ කෙස් එකක් :-( තාම කේසින් එක නම් ආවෙ නැහැ..... කමක් නැ එනදවසක එන්නෙ නැතැ...


තව මොනාදෝ කියන්න ඔනේ කියලා මතකයක් තිබ්බා...එත්...
අනේ මන්දා මගෙ Random-access memory එකෙ පොඩි කේස් එකක් :-(


අප්පට සිරි අමතක වෙනවා තව ඩිංගෙන්... අපි ගියා book fair බලන්න... අපි කිවේ පිස්සා එක්කම තමා ඉතින්... ඉතින් අර පොත් කන්දරාව අතරින් පොත් 4 ක්ම අර ගත්තා ;-)

තව එක්කෙන්ක්ට එන්න කිවා... එයා අනම් මනම් කියලා එන්න බැ කිවනේ :-(
කමක් නැ... තරහම තරහයි කියලා මතක තියාගත්තොත් හොදා !!! :-D

වස කම්මැලයි...මම කැපෙන්නද එහෙනම් ?

ආ මේ නිකමට වගේ මම බ්ලොග් එකේ දින වකවානු ගැන පොඩි රිසච් පාරක් දැම්මා.. මගෙ බ්ලොග් එකට අවුරුද්දයි මාස 6 ක් වෙලා...

බ්ලොග් එකේ හැපි බර්ත්ඩේ එක අමතක උනානෙ මට :-(

ගිහින් එන්නම් 
                                                  හැමදාමත් පිස්සු කෙලින මම බනි...

Saturday, April 10, 2010

"හා" නෝනට ගමන් මල්ලක් !!

ඔන්න ඉතින් bunny කොලුවා කාලේකින් අවා මේ පැත්තේ. දැන්නම් මාස 1 1/2 ට විතර කිට්ටු වෙලා ! මොනා කරන්නද අනේ ඉතින් වැඩ වැඩ වැඩ !!

 දැන් ඉතින් කතාවට බහිමු ! මෙකයි කතාව..මම කලින් කිවනේ හා කැල්ලක් සෙට් වෙච්ච කතාව :-P (හාවගේ ගැනු සතා නෙවැ හා කැල්ල කියන්නෙ. :)  අනේ ඉතින් මෙයාව කරේ තියාගෙන ගිහින් දැන්නම් bunny ගේ පිටේ පැත්තක් බකල් ගහලා වගේ ! මොනා කරන්නද ඉතින් බැද ගත්ත බෙරේ ගහන්ටත් එපැයැ :-D අනේ ඉතින් දැන් නුවර එහෙමත් යන්න වෙන කොට බැග් දෙකක් උස්සන් යන්න වෙන නිසා. අපේ කල්හාර මලයා කිවා බැක්පැක් එකක් ගමු කියලා ! එවගෙ ඉතින් හොද හැටි ඇදුම් ටිකටයි නෝනටයි ඉඩ තියෙනවා නෙවැ.. :-)

ඔන්න ඉතින් නිවාඩු දවසක් බලලා මායි කල්හාරයයි ගියා කොළඹ පැත්තෙ පොඩි විසිට් එකක් දාලා බලන්න..
අපිට පොඩි ඉඟියක් දිලා තිබ්බා ඒ කිව්වෙ මේ E-mail එක්ක ඇවිත් තිබ්බා නෝලිමිට් එකේ බැක්පැක් තියේනවා කියලා හරිම ලාබෙට !. අනෙ ඉතින් අපිත් ගියා එකට. නෝදෝකින් විතරක් ගත් කටටම කිවනේ දැන් එවා කරන්නේ නෑ කියලා. කෝකටත් තව ශාඛාවක් තියේ කියලා එකට යන්න කිවා (තැනනම් දන්නෑ මාත් ඔහේ ගියා ;) අනේ නොදෝකින් එතනිනුත් කීවේ  අර කතාවමයි. ඒ මදිවට මොකෙක්ද එකෙක් ඉන්ගිරිසියෙන් කියවන් කියවන් ගියා. මාත් හුම් හුම් ගැවා එච්චරයි අපි ටික් ගාලා එතනින් මාරු උනා :D

ඔන්න ඒපාර අපිට ඩනිශ්ක අයියත් සෙට් උනා බැක්පැක් හොයන වැඩේට. ඔන්න ඉතින් ඔනේ මගුලක් කියලා අපි ගියා මෙවට ප්‍රසිද්ද යුනිටි ෆ්ලාසා එකට. අපි 3 දෙනා බෙදිලා ගියා එක එක කඩ වලට.. අම්මෝ මේවගෙ ගනන් ! ඔන්න අපිට පොඩි බඩ ගින්නක් වගේ අවා නිසා MC එකපැත්තට ගියා කන්න කියලා, කාලා බීලා ඔක්කොම ඉවර කරලා MC එකෙත් පොඩ්ඩක් කැරකිලා බැලුවා. ඔහ් ඔන්න එපාර ඩනිශ්ක අයියට සපත්තු පිස්සුවක් හැදිලා :P සපත්තුවකුත් තේරුවා :-D එකත් අරන් අයේ අවා යුනිටියට. ම්ම් එකේ හිටිය කොල්ලට පොඩි ටොකක් කාරිය දාලා බොහෝම අමාරුවෙන් 6200 කට එකක් ගත්තා :-( මොනා කරන්නද නොනත් පරිස්සම් කර ගන්න එපැයැ :) ඒත් එක්කම තව USB  Hub එකකුත් ගත්තා. ඔක්කොම 7000ක් :-O apoyyy

                                              මෙන්න මෙක තමා මම ගත්ත.

අයේ ඉතින් මම විතරක් බැක්පැක් අරන් හරියනවද ? කල්හාරටත් එකක් ගන්ට එපැයැ. උගෙ බජට් එකට හරියන්න බැග් යුනිටියේ නෑ, ඉතින් දැන් ඩැනී අයියටත් ගෙදර යන්න ඔනේ කිව නිසා එයාට යන්න කියලා අපි ගියා අයේ  මල්වත්ත පාරේ පොඩි විසිට් එකක් දාන්න ! අම්මේ බැග් කඩ වැහි වැහැලා !හිතා ගන්න බෑ අපිටම :-) ඔහොම ඉතින් එකෙන් එක කඩවල් වල ගනන් අහ අහ ගියා..අනේ දැන් අපිටම එපා වෙලා එක එක බැග්  තියෙනවා එකක් තෝර ගන්න බෑ :-)
           කොහොම හරි එක කඩේකින් පැය ගානක් එහා මෙහා කර කව කව බලලා, කතා කරලා එකක් තෝර ගත්තා  ඊට පස්සෙ  කඩේ අයියට් පොඩි දුක හිතෙන ටෝක් එකක් දැම්මා.. :-D  අනෙ ඉතින් ඌ කියාපි ඉස්කොලෙ යන මල්ලිලානේ ඔන්න මල්ලො මෙක මේ *000 ගානට ගන්න කියලා දුන්නා :D එකත් අරන් විගහට ගෙදර එන්න ඔනේ කියලා එන්න හැදුවාම මතක් උනා මගේ පොන් එකට ලැප්ටොප් එකෙන් චාර්ජ් වෙන කෙබල් එක්ක හදා ගන්න ඔනේ නෙද කියලා.

අනෙ ඉතින් එක මම පස්සෙ දවසක විස්තර  ඇතිව  දාන්නම් කොහොමද හදා ගන්නෙ කියලා ! නැත්නම් මෙතන අච්චාරුවක් වෙනවනේ :D

අපොයි දුක හිතෙන කතාව කියන්න බැරි උනානේ :-(

මේ ඔක්කොම අරගෙන ගෙදර එන්න කියලා හිතාගෙන බස් එකක නැග්ගා. අනෙ මගේ අහින්සක පෙන් එක එකේදි හැලිලා :-( මොනවා කරන්නද හිතා හදා ගෙන ගෙදර අවා !

අනෙ ඉතින් මේ කතාව අහන් හිටියට බොහොම ස්තුතියි ඈ :-D
අයේ හමුවෙමුකෝ !!
                                   
                                     සුභ අලුත්වුරුද්දක් වේවා හැමෝටම
                     

                                                                                                 Bunny !

Wednesday, March 17, 2010

bunny ටත් හාවියෙක් :P

                ඔන්න ඉතින් කාලෙකින් මේපැත්තෙ ආවා. මේක ලියන්නෙත් වැඩ ගොන්නක් තියාගේන :D. මේක බලන අය හිතාවි bunny ට ගිය කල මොකක්ද කියලා :D. ඇත්තම කීවොත් හා කැල්ලක් නෙවේ.  මේක මේ ලැප්ටොප් එකක් නෙ :) මාත් ඉතින් අවුරුදු ගානක් පෙරුම් පුරලා මීට දවස් පහකට විතර උඩදි ගත්තනෙ ලැප්ටොප් එකක්.


මෙහෙම හිටියට හෙන වැඩ කාරයා ! ඔනේ දෙයක් බෑ නොකියා කරලා දෙනවා :) ඉතින් මගෙ වැඩ වලට ගොඩක් පහසුයි මොකද දැන් මෙයා ඉන්නවනෙ :D

මේ තියෙන්නෙ මේකේ විස්තර ටික  :D

General

    * Recommended Use Corporate business , Small business
    * Built-in Devices Wireless LAN antenna , Speaker
    * Width 14.6 in
    * Depth 10.0 in
    * Height 1.3 in
    * Weight 5.5 lbs
    * Localization English / United States
    * Notebook type Budget , Thin-and-light (4-6 lbs.)
    * Screen type Widescreen
    * Wireless capabilities IEEE 802.11b , IEEE 802.11g

Processor

    * Processor Intel Core 2 Duo T5870 / 2.0 GHz
    * Multi-Core Technology Dual-Core
    * 64-bit Computing Yes
    * Data Bus Speed 800.0 MHz
    * Chipset Type Mobile Intel GME965 Express

Cache Memory

    * Type L2 cache
    * Cache size 2.0 MB

RAM

    * Installed Size 3.0 GB / 4.0 GB (max)
    * Technology DDR2 SDRAM - 800.0 MHz
    * RAM form factor SO DIMM 200-pin

Environmental Parameters

    * Environmental standards EPEAT Gold , EPA Energy Star
    * Min Operating Temperature 41.0 °F
    * Max Operating Temperature 95.0 °F
    * Humidity Range Operating 10 - 90%
    * Shock Tolerance 125.0 g @ 2ms half-sine pulse (operating) / 200.0 g @ 2ms half-sine pulse (non-operating)
    * Vibration Tolerance 0.75 g @ RMS (random) (operating) / 1.5 g @ RMS (random) (non-operating)

Storage Controller

    * Storage controller type Serial ATA
    * Storage Controller / Serial ATA Interface Serial ATA-300

Storage

    * Floppy Drive None
    * Hard Drive 500.0 GB - Serial ATA-300 - 5400.0 rpm
    * Storage Removable None
    * Hard drive type Portable

Optical Storage

    * Type DVD±RW (±R DL) / DVD-RAM - Integrated
    * CD / DVD read speed 24x (CD) / 8x (DVD)
    * CD / DVD write speed 24x (CD) / 8x (DVD±R) / 2.4x (DVD+R DL)
    * CD / DVD rewrite speed 16x (CD) / 4x (DVD±RW) / 5x (DVD-RAM)
    * Disc Labeling Technology LightScribe Technology

Optical Storage (2nd)

    * 2nd optical storage type None

Card Reader

    * Card reader type Card reader
    * Supported flash memory cards MultiMediaCard , SD Memory Card

Display

    * Display Type 15.6 in TFT active matrix
    * Max Resolution 1366 x 768 ( WXGA )
    * Widescreen Display Yes
    * Features BrightView , LED-backlit

Video

    * Graphics Processor / Vendor Intel GMA X3100 Dynamic Video Memory Technology 4.0
    * Max Allocated RAM Size 384.0 MB

Audio

    * Audio output type Sound card
    * Audio output compliant standards High Definition Audio
    * Audio Input Microphone

Notebook Camera

    * Camera Type Integrated
    * Sensor Resolution 2 Megapixel

Input Device(s)

    * Input device type Touchpad , Keyboard , Pointing stick


Networking

    * Networking Network adapter
    * Networking / Wireless LAN Supported Yes
    * Wireless NIC Intel PRO/Wireless 3945ABG
    * Data link protocol IEEE 802.11a , Ethernet , Fast Ethernet , IEEE 802.11g , Gigabit Ethernet , IEEE 802.11b
    * Networking / Bluetooth Class Class 2
    * Remote management protocol SNMP
    * Networking standards IEEE 802.11b , IEEE 802.11a , IEEE 802.11g

Expansion / Connectivity

    * Expansion Slots Total (Free) 1.0 ( 1.0 ) x Memory - SO DIMM 200-pin , 2.0 ( 0.0 ) x ExpressCard/34
    * Interfaces 1.0 x Audio - VGA - Mini-phone stereo 3.5 mm , 3.0 x Network - Line-out/headphones - 15 pin HD D-Sub (HD-15) , 1.0 x Display / video - Input - RJ-45 , 1.0 x Microphone - Ethernet 10Base-T/100Base-TX - Mini-phone stereo 3.5 mm , 1.0 x Hi-Speed USB - 4 pin USB Type A

Miscellaneous

    * Features Power-on password , HP Night Light , DriveLock , Enhanced Pre-Boot Security , One-Step Logon , Ownership tag , Security lock slot (cable lock sold separately) , Memory change alert , HP Disk Sanitizer , HP Enhanced DriveLock , System password , HP 3D DriveGuard , HP DuraKeys , HP SpareKey
    * Compliant Standards VCCI , GOST , GS , MIC , A-Tick , CE , ICES , UL , BSMI , CSA , FCC , CCC , SABS

Power

    * Power device form factor External
    * Voltage Required AC 120/230 V

Battery

    * Technology 6-cell Lithium ion
    * Installed Qty 1.0 / 2.0 (max)
    * Battery capacity 47.0 Wh
    * Mfr estimated battery life 6.25 hour(s)

Operating System / Software

    * Fedora :D

Manufacturer Warranty

    * Service & Support 1 year warranty



ඉතින් ආයේ හම්බවෙමුකෝ !

                                                                                                Bunny !

Friday, February 26, 2010

බනීට රජකම ලැබුනොත් !

         

ඔන් ඉතින් මේක අමුතු තාලේ මාතෘකාවක් වේවි. මේ කියන්ට යන්නෙ බනියාට හිතිච්ච තවත් සිතුවිල්ලක් ගැන.
             බනියා කැරට් අලයක් හප හප ඉන්නකොට නිකමට හිතුනා රජකම ලැබුනොත් මොකැ කරන්නෙ කියලා. මඩ හොදා ගත් කල ගොවියා රජකමට සුදුසුයි කියනවනම් හාවෙක් කැලෙන් එලියට ඇවිත් රජ කමට එන්ටර් වෙන එක කජ්ජක්ද කියලා හිතුනා.
අප්පා... මේන් එනවා අයිඩියාස්. ඔන්න මට හිතුන දේවල්...


1. මුලින්ම කරන්නෙ වල් හාවෝ අල්ලලා දානවා හිරේ. (ඔය අහිංසක සිල්වා වගේ ඉන්න හාවෝ)
2. හොද වැඩක් කරන හාවෝ මගේ ඇමතිමණ්ඩලය කරගන්නවා. (ඇමතිලා 20ක් පමනි!)

ඔන්න දැන් වැඩ පටා....න් ගන්නවා..

3. සියලුම පාරවල් අයිනෙන් තියෙන නිවාස, පේමන්ට් කඩ, කැතයි කියලා හිතෙන ඔනම දෙයක් පාරෙන් 100m වෙන්න ඇතුලට ගෙනියනවා.

4.පාරවල් දෙපැත්තෙ ගස්, වැල්, මල්,  හිටවලා. උද්‍යාන හදලා පිස්සු නටනවා :P

5. මුහුදු අයිනෙ නිදහසේ ඇවිදින්න තැන්, BBQ, කුඩාරම්, රෝද සපත්තු පදින්න තැන්, බොට්‍ටු පදින්න ඔනේනම් බෝට්ටු, නිසි කසල ප්‍රතිචක්රීකරණ වැඩ සටහන් ( Eg: කුණු කුඩ,etc)

6. සියලුම ධිවරයින්ට අදි ආරක්ෂිත විශේෂිත හාබර්.

7. කාර්පට්‍ කර මන්මාවත්.(අදිවේගි මාර්ග අවශ්‍ය නැත.)

8. අදිවේගී දුම්රිය මාර්ග. සියලුම ශිට් එකක් යටම 230V විදුලි සැපයුමක් හා WiFi Zone,
     Coin laptops :D ,  A/C


9. පරිගණක උපාංග රටවල් වලින් ගෙන්වීම තහනම්! සියලුම දෑ ලංකාව තුල සාදා ගත යුතුයි. (පිටරට සමාගම් වල වැඩ කරන ලාංකිකයින් වහාම ලංකාවට පැමිණිය යුතුයි.) අවශ්‍ය  අමු ද්‍රවය සදහා ණය සහන.

10. භාවිතා කල  වාහන ගෙන්වීම තාහනම්! බ්‍රැන්ඩ් නිව් වාහන අවශ්‍යනම් පමණයි! සියලුම වාහන Made In Sri lanka :D

11. අභ්‍යාවකාශ මද්‍යස්ථානයක්. නාසාහි වැඩ කරන සියලුම ශ්‍රි ලාංකිකයින් වහාම පැමින වැඩ පටන් ගත යුතුය.

12. අදි වේගී අන්තර් ජාල සේවාවන් ( ලිමිටඩ් සේවාවන් තහනම්.!  එම අයතන විසින්  ලබා දෙන  වේගය 20Mbps වලට වඩා අඩුනම් වහාම ඉවත් කරගතයුතුය.!)  විශේශයෙන්ම නුවරට :D @Malinthe :P

13. සියලුම ආහාර ලංකාවේ ඒවා පමණි! (කැරට් සදහා මුල් තැන :P )

14. CTB බස් (සිලෝන් ටකරන් බස්) ඉවතට. (සියලුම බස් A/C විය යුතුය.)

15. සියලුම පාසල් සදහා එකම සැලකිල්ල. (එකක්වත් ලොකු නැත) අවම සිසුන් ගනන 1500 යි.
      එක එක ගාස්තු එකතු කිරිම තහනම්. ළමයින් පාසලට ගැනිම සදහා කඩදාසි පෝරමයක් පිරවීම සෑහේ. ඇවැසිනම් අන්තර්ජාලයෙන් ඉල්ලුම් කල හැක :D (පගාව ගැනිම සපුරා තහනම්)  :)

16. සියලුම පරිගණක මෘදුකාංග රටවල් වලින් ගෙන්වීම තහනම්. ලංකාවේම නිපදවා ගත යුතුය.
     ( නිල OS  එක ලිනක්ස් පාදක කරගත් එකක් විය යුතුය.) හොර එවා තහනම් !

17. ...................

තව ගොඩා.........ක් තියෙනවා.. එවා ලියාගන්න වෙලාවක් නෑ :( අයේ පස්සෙ දවසක රජ කම ලැබුනොත් ඉතුරුවා දාන්නම් :P

ඉතින් යාලුවනේ මේවා කැරට් එහෙම නෙවේ දෙනවා කිවොත් අනිවා දෙනවා. :)

ඉතින් මගේ මේ විකාර අදහස් කියවලා ඔයාලගෙ වටිනා කාලය කාගත්තට බොහෝම ස්තුතියි! :D
  
කමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා හොදේ :D

                                                                                                                    Bunny !

.

Tuesday, December 8, 2009

අලූත්ම විස්තර !

ඕන්න ඉතින් අයෙමත් බනි බලොග් එක පැත්තෙ අවා. මේදවස් වලනම් බනිට ගොඩක් දෙවල් සිද්ද උනා. කොහෙද ඉතින් බලොග් එකක් ලියා ගන්න තරම් කාලයක් නැ නොවැ අපිට. තවත් දෙයක් තමා බනිට මේ කොහෙදයන උණකුත් හැදුනනෙ. දොස්තර මාමනම් කිව්වෙ ඇදටම වෙලා දොයිය ගන්න කියලා. මොනපිස්සුද එයානම් කියයි.දැන්නම් බනිට ටිකක් සනිපයි.

ඔහොම යනකොට බනිට තවත් උණක් හැදුනනෙ. ඒක ඇවිල්ලා ලැප්ටොප් උණක්. අප්පා!! ඒක තමා හොද කරගන්න බැරිම උනේ. කොහොමින් කොහොම හරි දන්න කියන කඩේකට කියලා එකක් ගෙන්නව ගත්තා. අපරාදෙ ගෙන්නව ගත්තාමනෙ කියන්නෙ ඒක හරි නැ කියලා. ඒකට ඉස්තුතිවන්ත වෙන්න ඔනෙ කට්ටිය ගොඩක් ඉන්නවා විසේශයෙන්ම අපේ ගයාන් මලයයි,ඩනිශ්ක අයියවයි මතක් කරන්න ඔනෙ. එයාල තමයි ඒ ලැප් එකේ අඩු පඩු හොයල බලල මට විස්තර කරේ. ඒක මේ cq61 කියලා ලැපක්නෙ ඒවගෙ ලිඩ් එක ඉක්මනටම යනවලු. හැබැයි මැසිමනම් සිරා. මොනව කරන්නද කොහොමින් කොහොම හරි අදහස අතැරල දාල ඒ තිබුනු උණත් හොද කරගත්තා.

මේ අතරේ බනිගෙ තාත්තා ගත්තනෙ වැන් එකක්. හික්..හික්..හරි ලස්සනයි ඒක. නිවාඩු කාලෙට හැමොම එකතුවෙලා යාපනේ පැත්තෙ අයෙමත් පොඩි ට්‍රිප් එකක් යන්න තමා කට්ටියගෙම අදහස. හපොයි ඒකටත් හෙන හුරෙක් කඩාගෙන පැන්නනෙ. කොහෙද යන පිස්සෙක් ගෙදරටම ඇවිල්ලා ගැහුවනෙ තඩි කලු ගලකින් වැන් එකේ පිටි පස්සට. පිටිපස්සෙ දොරේ විදුරුව කුඩේ කුඩු. තහඩුවත් ටිකක් විතර තැලිලා. කොහොම හරි එලවගෙන ගිහිල්ලා පිස්සව අල්ලගත්තා. අල්ලලා අත්දෙක ගැට ගැහුවා. මේන් මෙකා අත්දෙක ගැට ගහලම ඉන්දැන්නිද් කොහොම හරි ලිස්සලා දුවන්න ගත්තනෙ දුවල ගිහින් වැටුනෙ පින් ළිදට. ඒපාර ඒකෙනුත් ගොඩ අරගෙන කකුල් දෙකත් ගැට ගහල අරගෙන අවා. ඇවිත් කෝල් කලා පොලිසියට.
ඔන් ඉතින් ඔය වෙලාවට තමයි හොද හොද දෙවල් මතක් වෙන්නෙ කොල් කලාම කියනවනෙ එවන්න කෙනෙක් නැ කියලා. ඔහොම පැයක් විතර ඉදලා අයෙමත් ගත්තා කොල් එකක්. ඒපාර කියනවා එවන්න වාහනයක් නැතිලු. අනෙ මෙහෙමත් පෝලීසි ! මොනව කරන්නද පිස්සෙක්ට උනත් මෙහෙම වද දෙන්න පුලුවන්ද? පැය 6ක් විතර බලන් ඉදලා අන්තිමට කකුල් දෙක විතරක් ලිහලා දාලා යන්න ඇරියා. කොහොමින් කොහොම හරි පිස්සත් යන්ට ගියා. ඔන්න ඊයෙ තමා වැන් එක පේන්ට් කරලා අයෙමත් යතා තත්වයට ගත්තෙ. දැන් ඔන්න ආයෙමත් ගෙනාව වගේම තියෙනවා. හික් හික්.. මාර පිස්සෙක් !.
දැන්නම් ඔන්න නිදිමතයි. අදට ඇති අයෙත් හම්බ වෙමුකෝ එතකම් බායී..!

Sunday, September 20, 2009

අහිතකර අධිශබ්ද ඔබේ මොළයත් කනත් විනාශ කරයි

මිනිසාගේ බාහිර කන,මැද කන හා අභය්‍යන්තර කන යනුවෙන් ඉතා පැහැදිලිව හදුනාගත හැකි ප්‍රධාන කොටස් තුනකි. අප බොහො විට කන යනුවෙන් හදුන් වන්නේ පිටතට නෙරා ඇති කර්ණිකාවෙන් හා ධ්වනි තරංග මැද කන වෙතට යොමු කරන බාහිර ශ්‍රවන නාලයෙනි.
ශ්‍රවන නාලයේ සිදුර මදක් ආවරණය කරන පේශිමය තැල්ල ට්‍රගසය (Tragus) නම් වේ. කර්ණිකාවේ පහත කොටසට අනුඛණ්ඩිකාව යයි කියති. බාහිර ශ්‍රවන නාලය (External Auditory Meatus ) අඟල් 1 1/4ක් පමණ දිගය. නාලයේ පිටත 1/3ක් සියුම් කෙස්වලින් අස්තරණය වී ඇත. එම කොටසේ ස්වේද ග්‍රන්ට්‍ ඉටි වැනි කලාඳුරු නම් නම් ශ්‍රරාවයක් හටගනි.මේ සියුම් කේස් හා කලඳුරු මගින් දුවිලි,ක්ෂුද්‍ර ජීවීන් වැනි දේ කන තුළට පිවිසිම වැළකේ. අධික වශයෙන් කලාඳුරු එක්රැස් වීමෙන් කන්බෙරය (Tympanic Membrance ) තෙරපෙයි. එවිට වෛද්‍යවරයකු ලවා එම කලාඳුරු ඉවත් කරවාගත යුතුය. මැද කනේ පියස්ස සෑදි ඇත්තෙ ඉතා සියුම් අස්ථි තහඩුවකිනි. මැද කන හරහා කුඩා ශ්‍රවණ අස්ථිකා (auditory Ossicles) පිහිටා ඇත.
ඒවා මුද්ගාරිකාව (Malleus ),නිඝාතිය (Incus) හා ධරණකය (Stapes) යන නම් වලින් හැදින්වේ.
මුද්ගාරිකාව කන් බෙරයේ ඇතුලු පැත්තට සවි වී තිබේ. එතැනින් පටන් ගන්නා අස්ථිකා දාමය කර්ණ පටහ කුහරය හරහා විරුද්ධ පැත්තේ බිත්තිය දෙසට යයි. මෙම බිත්තියේ කුඩා කවුළුවක් තිබෙන තිබෙන අතර එය අණ්‍ඩාකාර ගවාක්ෂයයි. මෙම කවුළුව තුළින්. අණ්ඩාකාර ගවාක්ෂයට ඇතුළතින් ආලින්දය (Vestbule) නම් වු මාධ්‍ය කුහරයක් තිබේ. මෙය උඩ පැත්තෙන් අර්ධ චක්‍රාකාර නාල තුනක් සමග සම්බන්ධ වේ.
බාහිර ශ්‍රවන නාලය ඔස්සේ ධ්‍‌වනි තරංග මැද කන වෙතට ළඟාවෙන අතර ඇතුළු කන වෙත ශබ්දය ගෙනයා හැකි ක්‍රම තුනක් තිබේ. ඉතා වැදගත් ක්‍රමය වන්නේ කන්බෙරය කම්‍පනය කිරීමයි. ජිවිත කාලය තළදි ශ්‍රවණ හැකියාව වටින් විට වෙනස් වේ. ස්නායු අන්ත උත්තේජනය (Enthusiam) වී ශ්‍රවණ ස්නායුව ඔස්සේ ස්නායු ආවේග (Neuro Impulse) මොලයට යයි. සාමාන්‍ය නීරෝගි කනකට තාරතාවේ (Pitch) වෙනස්කම් 1500ක් පමණ හදුනා ගත හැක. අධි ශබ්ද ප්‍රභේදයන්ට බලවේග (Power) යන්ත්‍ර, යානා හා ගුවන්යානා ශබ්ද, අධි සංගීත ශබ්ද යනාදිය ඇතුළත් වේ. කන් ඇසීම ආරක්ෂා කර ගනිමේ යෝග්‍යතම ක්‍රමය කන් ඇබ භාවිතා කරීමයි. සමහර සංගීත උත්සවවලදි Decibel එකක 100 ඉක්මවා යාම කර්ණ ආසාදනයට මුලික හේතුව වේ. මොළයේ සමහර කොටස්වලට හානි පැමිණිමෙන් සමතුලිකතාව නැතිවිමෙන් කෙලින් සිට ගැනිමේ හා ඇවිදීමේ හැකියා පරිහේ..