Wednesday, January 9, 2013

ඉංගිරීසි

කාලෙකින් ආවා කියන්නෙ මට මගෙ බ්ලොග් එකෙ URL එක හොයා ගන්නත් මාර ගේමක් දෙන්න උනේ..
වනේ වන හතුරෙක්ටවත් වෙන්න නරක වැඩක් ඒක!! :D

බොරු ආටෝප මොකටද ආයුබොවන්ඩ
කතාව මේකයි..
ඕං මං තුමා ඉක්කොලෙ ගියාලුනෙ ඉස්සර.. ඉතිං අපි නිල් කලිසම් ගහන කාලෙ.. ඕං දවසක් අපේ පංතියට එන්න උන්න මිස් හෝ සර් ආවෙ නෑ.. ඉතිං ඒ වෙනුවට වෙන සර් කෙනෙක් ආවෙ.. ඒ සර් කරන්නෙ ඉංග්‍රීසි.. ඉතිං ඕං සර් ඇවිල්ලා මොන මොනාදෝ වගයක් කියනවා කියනවා.. අපිත් අහන් ඉන්නවා.. සර් අපෙ මුන බැලුවාම අපි හිනා වෙනවා.. ඔලුව වනනවා.. එක විකාරයයි!

ඉතිං ඕං සර් එක පාරටම වන්ස් අපෝන ටයිම් කියලා කතාවක් පටන් ගත්තා.. දැං තිං කියනවා කියනවා කියනවා.. හම්මෙ ඉංගිරීසි වැක්කෙරෙනවා.. අපිත් විරිත්තනවා හිනා වෙනවා.. හයියූ බලන්ඩ ඔනි ලග උන්නා නම්.. ඉතිං කතාව කියලා ඉවර උනා විතරයි අපෙ පංතියෙ උන්න ටිකක් බ්‍රයිට් බුවෙක් හක හක ගාලා හිනා වෙනවා..
අපිත් අංදුං කුංදුන් මේ යස අගේට උන්න එකාට මොන යකා ගැහුවද ?
මං කනට කරලා.. යකෝ තෝ මොකද මූසලයො මර ලතෝනි තියං හිනා වෙන්නෙ ඇ?
එතැකොට බුවා කියපි!
ඇයි බං, සර් කීවේ ජෝක් කතාවක්නෙ?






ගිහින් එන්නම් :D

Friday, December 14, 2012

rsinglish හී සයුර මත "අනුස්වාරය" හි දෝශය.

 බොහෝ දෙනෙක් දන්නා කියල පිස්සු මදුරයාගේ, RSinglish මෘදුකාංගය ගොඩක් අය භාවිතා කරනවා ඇති. ඔකෙ මුල් කාලෙ තිබ්බෙ මදුර කියන එකනෙ! නමුත් අපෙ ගයාන් මලයා හා මං තුමා ඇතුලුව මදුරයාට මරණ තර්ජන කලාට පස්සෙ ඕකටම තව Sayura එකකුත් ඇඩ් කර ගත්තා! සයුර කියන්නෙ ලිනක්ස් මත අනුරාධ අයියා හදපු ස්කීම් එකක් නේ! එත් ජනෙල් භාවිතා කරද්දි ලිනක්ස් උඩ පුරුදු වෙච්ච සයුර නැති උනාම වැඩියෙන් හොල්ලන අත නැති උනා වගේ තමා ;)
ඉතින් එකට විසදුම විදියට තමා RSinglish එක ඇතුලට සයුර ඔබව්වෙ!

ඉතින් කතාව මේකයි! සයුර හදලා දැම්මට පොඩි අවුලක් තිබ්බා "අනුස්වාරය" ටයිප් කරද්දි.. දැන් ගොඩක් අය බලයි මොකක්ද මේ අපි නොදන්න කුනුහරුපෙ කියලා!
අනුස්වාරය කියන්නෙ කවුරුත් සිංහලෙන් කියන බිංදුව :P (ං)

ඉතින් linux මත සයුරෙ අනුස්වාරය තිබ්බෙ "x" එකේ..
නමුත් ඔය මදුර හදපු එකෙ කොහේ තියෙනවද කියලවත් හොයාගන්ඩත් නැ..  ඉතින් ඕක හදපන් කිවාට මූ හදන්නෙත් නැ! මදුරයා තරම් කම්මැලි යකෙක් මං දැකලම නැ! එහෙව් එකේ මූ මෙහෙම මගුල් හදනවා කිවාමත් පුදුමයි :O
(ගයාන් මලයා නම් කිවෙ nG ටයිප් කලාම අනුස්වාරය එනවා කියලා. එත් ලිනක්ස් උඩ පුරුදු වෙච්ච කෙනෙක්ට ඕක මරනවා වගේ වැඩක්)

ඉතින් කරන්න තියෙන්නෙ මේකයි. මෙන්න මේක ඩවුන්ලෝඩ් කරන්න
ඊට පස්සෙ යන්ඩ C:\Program Files\rsinglish ඒක ඇතුලට ඔය ඩවුන්ලොඩ් කරපු එක රිප්ලෙස් කරන්න! ඊට පස්සෙ බලන්න වැඩද කියලා!!

අවුලක් නම් කමෙන්ට් කරන්ඩ!
හෙනම් අපි කැපුනා! !!

Saturday, October 6, 2012

නිවන් යන්න කැමතිද?

ඔන්න පංසලක හාමුදුරු නමක් උන්නලු,  මේ පංසල ලස්සනට චාම්ව තියෙන නිසා මෙකට දෙවි කෙනෙක් වැඩියලු.. ඉතිං ලොකු හාමුදුරුවන්ට කතා කරලා ඒ දෙවියෝ කිවාලු.. ඔබවහන්සේට මම නිවන් අවබෝද කරගන්න වරයක් දෙනවා කියලා, ලොකු හාමුදුරුවො ටිකක් කල්පනා කරලා කිවාලු. මට විතරක් අපරාදෙනෙ. ගමේ දායකයන්ටත් දෙමු කියලා.. ඉතිං දෙවියොත් වැඩේට සෙට්ලු.. ඔන්න ගංඨරෙ කාරිය එහෙම ගහලා ගමේ ඇත්තන්ව ගෙන්නුවාලු පංසලට,
      දෙවියො කිවාලු හා එහෙමනම් එක එක්කෙනා එන්න ඉස්සරහට නිවනට යවන්න කියලා. මුලින්ම ඔන්න සුමනදාස අවාලු..
අනෙ දෙයියෝ මං මේ සිමෙන්ති වගේකුත් ගෙනාව ගේ හදන්න තියෙනවා. එක කරලා දාලම නිවන් දකිනවා කියලා අයින් උනාලු..

ඊලගට වාරේ අවෙ අමරාට ලු.. අනේ දෙවියනෙ අපෙ ලොකු කෙලීව කසාද බදින්න කොල්ලෙක් ඉන්නවා. ඒ කාරිය ටික කරලා දාලම මං නිවන් දකිනවා කියලා අයින් උනාලු..


ඊලගට ග්‍රාම සේවක මහත්තයාට වාරය.. අනේ දෙයියෝ මේ මට අපු පැමිණිලි ටිකක් තියෙනවා.. ඒ ටික ඉවරයක් කරලම එන්නම්..

ඊලගට සියදෝරිස්.. අනේ අපේ ඉඩමෙන් කැල්ලක් අල්ලන් අර මනුස්සයෙක්. ඒකෙ නඩුවෙ තීංදුව මේ මාසෙ දෙනවා කිවෙ. ඒක බලලම මං එන්නම් දෙයියො!

ඔහොම ඔහොම ඔක්කොම එක එක එව්වා කියලා අයින් උනාලු.. දැන් ආවෙ හාමුදුරුවන්ගෙ වාරෙලු..
එහෙනම් ඉතිං ලොකුහාමුදුරුවො වත් නිවන් යවන් නම් නේද ? කියලා දෙවියො ඇහුවාලු..
අනේ දෙවියනේ පංසලෙ ආවාසගෙයි වහල කඩං වැටිලා ඒක ලබන ඉරිදා හදන්න ඉන්නෙ.. දැම්ම නම් නිවන් දකින්න බෑ මට..!!       
   දෙවියංගෙ ඇස්දෙක O_O මෙහෙම උනාලු.. ශුශ් ගාලා දුමක් ඇවිල්ලා දෙවියෝ වාශ්ප උනාලු.. !






 පලී: අපේ සමහර FB එකෙ ඉන්න උදවියත් ඔහොම්මයි.. දෙන්නෙ 1000 ටෝක්ස්.. කරන්න ගියාම .. වෙන වැඩ
"තොප්පි දමාගැනිමෙන් වලකින්න"


..





.

Thursday, August 30, 2012

සාස්තරේ..

අද හවස අපේ බාප්පා සිරා කතාවක් කිවා.. සාස්තරයක් අහන්න ගිහින් වෙච්ච සීං එකක්..
අපේ මිනිස්සුන්ට සාස්තර කියන එක හරි ලොකුයිනේ.. ඉතිං මේකයි කතාව.
මේක උනේ 1978 විතරලු.. තාත්තලාග වෙළක් තිබිලා තියෙනවා. එකෙ මැණික් ඉල්ලමක් අහු වෙලා.. ඉතිං මිනිස්සු දම්මවලා හාරලා හාරලා.. කිසිම මැණිකක් අහු වෙලා නැහැ.. ඉතිං මේකට මොකද උනෙ කියලා බලන්න ඒකාලෙ සුප්‍රසිද්දම සාස්තර කියන තැනකට ගියාලු සාස්තරේ අහන්න..
ඉතිං ඔන්න බාප්පයි. අපේ තාත්තයි.. තව වැඩ කරපු දෙන්නෙකුයි එක්ක ගිහින් සාස්තරපලට

ඔන්න දැන් ඒ සාස්තර කියන ආච්චි, එහෙනම් මං කියන එව්වා ලියාගන්න පස්සෙ මගෙන් අහන්න එපා කිවෙ මොනාද කියලා දැන් ඔන්න ආරූඩ වෙලා කියන් කියන් යනවාලු..

අච්චි: ඕ මේ අය ඇවිල්ලා ඉන්නෙ නැති වූ යමක් හොයාගෙන.. ඕ ඕ... එහෙම නේද?
තාත්තා: නැනැ එහෙම දෙයක් නෙවේ
ආච්චි: ඕ ඕං ම්ම්ම් මේ ඇවිල්ලා ඉන්නෙ භූමි දෝශයක් ගැන සොයා ගන්න නේද.. ඒ භූමියට කොඩිවිනයක් කරලා තියෙනවා කියලා පෙන්නුම් කරනවා.. ඕ ඕ.. එහෙම නේද?
තාත්තා: නැනැ එහෙම දෙයක් නෙවේ..
ආච්චි: මෙතැන කවුරු හරි මත් වතුර බීපු කෙනෙක් ඉන්නවා ඒකයි මේ හරියට පෙන්නෙ නැත්තෙ..
ඒකාලෙ බාප්පයි තාත්තයි එහෙම බොන්නෙ නැහැලු.. එත් එතැන සැකේට හිටිය කෙනෙක්ව එළියට යවලා..
ඔන්න ආයෙ දැන් අහනවාලු සාස්තරේ හරියන්නැහැමලු

ඉතිං ඔහොම ආච්චි එක එක දේවල් කියනවාලු කියනවාලු.. ඒත් මැණික් ඉල්ලම ගැන වචයනක් කිවේ නැහැලු.. 
දැන් ආච්චිට කේන්ති ගිහින් දෙවියන්ට බැන බැන අහනවාලු.. ඒත් කොහෙත්ම කියා ගන්න බැරි වෙලා.. ඊට පස්සෙ ආරුඩෙන්ම කිවාලු.. සත්‍යක් කියවුනේ නැත්නම් බුලත් පඩුරු අරන් යන්න කියලා.. ඉතිං ආරුඩෙත් ඉවර වෙලා.. තාත්තයි බාප්පයි සල්ලිත් අරන් එළියට ආවාලු..

එළියට එන්න හදද්දි අර ආච්චි ඇහුවාලු..
මුකුත්ම කියවුනේ නැතෙයි?
නැහැ කිසිම දෙයක් කියවුනේ නැහැ කියලා තාත්තා කියලා..
ආච්චි අහනවාලු එහෙනම් මොනා ගැනද අහන්න ආවේ කියලා..
තාත්තා ඒපාර විස්තරෙ කියලා.. මෙහෙම ඉඩමක මැණික් ඉල්ලමක් තියෙනවා ඒත් මැණික් නැ කියලා..

ආච්චි එක පාරටම කිවාලු ඉතිං හත් දෙයියනේ මං භූමියක් ගැන කිවානේ..??

පාලී: කතාව තේරුනේ නැත්නම් 3 වැනි පරිඡ්චේදෙ කියවලා බලන්න!!


වෙලා තියෙන්නෙ තාත්තයි බාප්පයි මැණික් හැරුවාට ඒ ගැන වැඩිය හොයලා නැහැ.. එතැන ඉන්න මැණික් ගැන දන්න එකා.. හොද මැණික් ටික අරගෙන තාත්තට සාමාන්‍ය ගානට වටින ගල් කැලි වගයක් දීලා මාරු වෙල..!!



Wednesday, August 8, 2012

ආදරය

ආදරය කියන දේ එක එක අය එක එක විදියටයි දකින්නෙ.. මේ විකාර පොස්ට් එක, ඒ ගැන කතා කරන්නයි..!



  • 2 වසරෙ පොඩි එකෙක් <හිතන්නෙ> අපෝ ඊයා..
  • බිස්නස් කාරයෙක් <හිතන්නෙ> සල්ලි උල්පතක්
  • දෙමාපියන් <හිතන්නෙ> මිනිමැරුමක් වගෙ
  • ඉස්කොලෙ ගුරුවරු <හිතන්නෙ> ලෝකෙ තියෙන වැරදිම වැඩේ
  • 10 වසරෙ දික්කලිසම් අදින කොල්ලො <හිතන්නෙ> කෙල්ලෙක් දාගන්න එක තමා ගේම..
  • මල්ලි <හිතන්නෙ> XXX
  • අලුත් කෆල් එකක් <හිතන්නෙ> ශහ් මෙක තමා ජිවිතෙ
  • පරන කෆල් එකක් <හිතන්නෙ> මොන කරුමක්ද මෙක 
  • බැදපු එවුන් <හිතන්නෙ> ජිවිතෙම ඉවරයි.
  • පොලිසිය <හිතන්නෙ> ස්ත්‍රී දූශණ වගේ
  • නීතීඥයො <හිතන්නෙ> නඩු නඩු
  • හාමුදුරුවො <හිතන්නෙ> කාමෙසුමිච්ඡාචාරා
  • කෙල්ලො <හිතන්නෙ> කොල්ලො අපෙ පස්සෙන් එන්න ඔනි..
  • ෆිල්ම් හදන උන් <හිතන්නෙ> පේමන්ට් එකෙ හරි විකුණ ගත්තැහැකි
  • බ්ලොගර්ස්ල <හිතන්නෙ> හිට් තියෙන්නෙ මෙව්වටනෙ.. 


ද හාවා..෴


.

Tuesday, July 17, 2012

Car Remote Controler එකකට බැටරියක් දාන්න දන්නවද?

අද මම වාහනෙට නැගලා ස්ටාර්ට් කරන්න හැදුවාම මෙන්න මෙහෙම පනිවිඩයක් පෙන්න ගත්තා ඒ විතරක් නෙවෙ warning beep එකකුත් ඇහුනා.. කල්පනා කරලා කල්පනා කරලා මම මගෙ ජපන් භාශාවි පිලිබද දැනුම භාවිතා කරලා මෙක තෙරුම රිමොට් එකේ බැටරිය බැහැලා කියලා සොයා ගත්තා :D

මෙය intelligent remote controller එකක් නිසා වාහනෙට මේක අත්‍යාවශයයි.. ඉතින් අපි බලමු බැටරිය මාරු කරගන්නෙ කොහොමද කියලා
.............................
අම්මෙ තාත්තෙ නැන්දෙ මාමේ අක්කෙ අයියෙ නංගියෙ මල්ලියෙ.. මම අද මේ ගැන ඔබලාට කියන්න හදන්නෙ රිමොට් කොන්ට්‍රොලර්යක බැටරිය මාරු කරගන්නෙ කෙසෙද කියාය.. යම් හෙයකින් මෙම සිඟිති වැඩේට ඔබ සෙවා මද්‍යස්ථාණයකට ගියහොත්. හිරි නොවට්ටා ඔබෙ දත් 2-3 ක් ගැලවිමෙ සම්භාවිතාව වැඩි හෙයින්.. ඔබට මෙය නිවසේදිම රු 80 ත් 100 ත් අතර මුදලකින් කර ගත හැක..

ඔව් පලමුව ඔබ ගන්න ඔබේ සුරතට රිමොට් එක.. බලන්න එහි හතර කොන.. එහි ඇති පිහි තුඩක් හො ඒ හා සමාන දෙයක් දැමිමට තැනක්.. එතැනට දමා රිමොට් එක දෙපලු කරගන්න.. නැත්නම් මෙම tool එක සොයා ගන්න..


(හිරෙන එකට නම් ඔන්න මං වගකියන්නැ පුතෙ..)

එසේ නොමැති නම් බලන්න චූටි ඇන තිබෙන්න පුලුවන්.. ඒවා පරිස්සමට ගලවා ඔබෙ තේ බොන කෝප්පයට දමා ගන්න.. මොකද එම ඇන එහෙ මෙහෙ විසිරෙන බැවින්..
සැයු: ඔබේ තේ කොප්පය වියලිව පිරිසිදුව තිබිය යුතුය!

දැන් ඔබට  එය මෙසෙ දිස් විය යුතුය.. මෙසේ දිස්වෙන්නෙ නැත්නම් ඔබ තවමත් පිහියක් හො අර උඩ තියෙන ටූල් එක සොයනවා විය යුතුය.. නොමැති නම් තාත්තාගෙන් හො බලදාරියෙක්ගෙන් බැනුම් අසනවා විය යුතුමය!



දැන් සිරුවෙන් මෙම බැටරිය ඉවත් කර අලුත් බැටරියක් ගෙන සවිකර (+ - මාරු කරගන්න එපා ඇ)
සිරුවෙන් ගැලවු පලු දෙක එකට තබා.. සවිකර ගන්න.. නිවැරදිව සවි ඌවේ නම් "ටක්" යන හඩක් ඇසේවි..

මෙම ඡායා රූප ලබා ගත්තෙ Honda Insight මාදිලියෙ රථයෙකිනි.. ඔබෙ රථයෙ මාදිලිය අනුව මෙය වෙනස් විය හැක.. ගැටලුවක් ඇතොත් විසේසඤ ද බනි මහතා අමතන්න :P:P 

පාලී: මෙහි කාර් එකක් ගැන සඳන් වෙන නිසා ඔබ වරදවා වටහා ගැනිමෙන් වලකින්න.. මොකද මම කාර් පෙන්නා ගැණු ළමයින් සොයනා කොල්ලෙක් නෙවේ... මට ඇත්තෙ ඔබෙ වටිනා දත හා කාලය ඉතිරි කර දිමෙ අහිංසක පරම චේතනාව පමණි.. :D




...

Tuesday, July 10, 2012

දිරච්ච ගස

 හැමදාම උදේට නැගිට්ටාම
ජනෙලෙන් පෙන්නෙ මට
දිරච්ච ගහමයි..
වෙලාවකට මහ මුස්පෙන්තුයි වගෙ හිතුනට
ඒකත් අපෙ ජීවිතේට සමයි නේද කියලත් හිතෙනවා
ඒකෙ සුන්දරත්වය මං විදින ගමන් එක එක දේ කල්පනා කරනවා
කොලයක් ඇහැට දකින්න නැතත් ඒක කුරුල්ලන්ට හෙවන ගේනවා
එයාගෙ පුංචි අත් විහිද ගෙන
කොල නැතත් සෙවන හදන්න අර අදිනවා..
හිතන්න
අපෙ ජීවිතෙත් මේ ගහම නේද..?
අපි ජිවත් වෙන්නෙ ඇයි?
වෙන කෙනෙක් පෝශණය කරන අරමුනෙන් නෙවෙද?
අපිත් ජිවත් වෙනවා තමා..
එත් අපි පිට අයව ජීවත් කරවන්න උත්සාහා ගන්නවා කියලා හිතෙන් නැද්ද?
අනිත් ගස් වලට වඩා කුරුල්ලො කැමති මේ දිරච්ච ගහට
මේ තියෙන්නෙ ඒ ගස
මේක ලියන කොටත් මේ ගහෙ කුරුල්ලො ගොඩක් ඉන්නවා..
මැරෙන්න යන ගහට සලකන කුරුල්ලො එතැන ඇත්ද?
නැත්නම්
ඔන්න උඹ මැරියන් අපිට උඹෙන් හෙවන විතරක් දියන්
කියන කුරුල්ලොත් ඇති නේද?
අපේ ජිවිතෙත් එහෙම නෙවෙද?
මකුළු අම්මා බලන්න
දරුවන්ට ආදරෙන් එයාව විනාශ වෙනකම් බලන් ඉන්නවා..
මේ ගහත් එහෙමයි..
එයා විනාශ වෙනවා..
ඒත් තාම දරුවන් රැක ගන්න හෙවන හදන්න හදනවා..

අපිත් දිරච්ච ගස් වැනිය..
අවශ්‍ය වන්නෙ දිරච්ච බව නොව.. කරන්න හැකි දේ ගැනය!!