Showing posts with label මඩ. Show all posts
Showing posts with label මඩ. Show all posts

Friday, March 9, 2012

ඇල්බට් මංත්‍රී තුමා..

ඔන්න අද හවස අපේ ගෙදරට මනුස්සයෙක් ආවා.. ව්‍යාපාර සම්බන්ද වැඩකට.. ඉතිං මේ මනුස්සයා මොනාදෝ මොනාදෝ කියවලා කියවලා අන්තිමෙ කිවා.. පුතා දන්නැ.. අහවල් මනුස්සයා මගේ යාලුවා.. තාත්තා හිටියා නම් හොදට අදුරනවා.. ඔහොම අනම් මනම් කියලා මාව අන්දන්න හැදුවෙ.. මං තිං හා අංකල් එහෙමනම් තාත්තා ඉන්න වෙලාවක එන්නකො කියලා ශෙප් එකෙ කැපුනා..
     ඉතිං උන්දැ ගියාට පස්සෙ අපේ මැණිකා.. මැණිකා කිවෙ මයේ ගෑනී නෙවෙ.. අපේ ගෙදර වැඩ කරන මනුස්සයෙක්.. (ඔය උන්දා ගැන කතා 2-3 කුත් මං ලියලා ඇති..)   ඉතිං මිනිහා මං ලගට කිට්ටු වෙලා කිවා.. පුතා දන්නැ.. අරූ අර රටබයිලා ගැහුවට ඔය ඇල්බට් කියන පොර මහ මෝඩ ගහක්.. කියලා කතාව පටන් ගත්තා..

 කතාව:-
    මේ ඇල්බට් කියන මනුස්සයා ඡංදෙ ඉල්ලන්න ගිහින්.. ඉතිං ගමේ මිනිස්සුන්ට හොදට සලකලා.. අනේ ගමේ හැම වයසක මනුස්සයෙක්ම එයාගෙ අම්මා තාත්තා වගේලු ඒ දවස් වල.. කෙල්ලො කොල්ලො තමන්ගෙ ළමයි වගේලු.. තවත් සමහරු සහෝදරියො වගේලු.. නැදැයෝ ගොඩාආආඅයි ලු..
 ඉතිං ඉතිං ඔන්න ඡංදෙ දවසත් කිට්ටු වෙලා.. හැමොම ඡංදෙ දාල ඇවිත් වෙන්ඩ මංත්‍රිතුමාගෙ ගෙදරට සෙට් උනාලු.. එදා ඉතින් රජ පාටිලු.. අනම් මනම් බයිට් ජාතිද.. ලොකු ලොකු බීම ජාතිද.. අත පය දෙකම දිග ඇරලා වියදම් කරලා.. හැටක් විතර සෙනගත් ඉන්නවාලු ගෙදර.. වෙන මොකටද ? සතුටට සතුටට..
ඉතිං ඔහොම  කකා බිබි ඉන්න කොට ඡංද ප්‍රතිෆලත් ඇවිල්ලා.. දැන් ඔන්න වෙන්ඩ මංත්‍රිතුමාගෙ කකුල වෙව්ලනවාලු.. බිම හාරනවාලු.. ලගින් ඉන්න උන් හයියෙන් මිරිකනවාලු..
         ඔව් අහවල් ආසනයේ අහවල් මංත්‍රී.. මංත්‍රී ඇල්බට් මහතා.. ඡංද 14 ක් ළබාගෙන ඇත...
වෙන්ඩ මංත්‍රීට හීන් දාඩිය දාලා.. අර කකා බිබි උන්නු සෙනගටත් මොකදෝ උනාලු..

විනාඩි පහක් විතර නිශ්ශබ්දව  හිටිය මංත්‍රි තුමා..

සිකේ.. දවල්ට කන්න දෙන්න ගෙනාපු බත් පාර්සල් 50...?


පස්සෙ ඇහිකුංඨකයා මැරිච්ච නයා වගේ ගෙදරටම වෙලා උන්නාලු මේ මනුස්සයා.. කාලයක් පිස්සු වගෙත් තිබ්බාලු.. පවු ඉතිං..


පාලි: සාමාන්‍යයෙන් මගේ පොස්ට් එකකට කමෙන්ට් වැටෙන්නෙ 20 කට අඩු සංඛ්‍යාවක්.. ඒත් විවෙචන හා ආගම වගේ දේවල් වලදි කමෙන්ට් වැඩි මොකද? කවදාවත් දැකලා නැති අයත් කමෙන්ට් කරනවා.. මරු :D

Friday, February 3, 2012

අල වුනු හීන වලට විසදුම්

පොඩි කාලෙ ඉදන්ම අපිට හීන තියෙනවා.. වැසිකිලි බරක් තරම් උසට..ගාල්ලෙ ඉදන් අනුරාදපුරෙ වගෙ දුර ගමනක් යද්ද බස් එකේදි වැසිකිලි බරක් අවොත් දැනෙන සනීපෙ ගැන අමුතුවෙන් කියන්න ඔනෙ නැනෙ..ඉතිං ඔය හැම දේකටම වඩා වැසිකිලි බර උසයි..!! මහ මෙරටත් වඩා :D

මේ ලගදි දවසක මොංටිසෝරි කොන්සර්ට් එකක විඩියො එකක් බැලුවා.. බැලුවා කියන්නෙ PC එකෙ දාලා පෙන්නන්න උනා.. 
ඕක අම්මලා තාත්තලාට හරි වැදගත් උනාට මට නම් නිකං කහනවා වගෙ ඔක බලන්න.. මං ඉතිං අහක බලං උන්නා.. මෙන්න පොඩි එකෙක් කතා කරනවා.. අවසානයෙ කියනවා.. එයාගෙ හීරෝ බැට් මැන් කියලා...
මට බකස් ගාලා හිනා ගියා..  අපෙ ගෙදර ඔක්කොම මට එරෙව්වා.. මං මොනා කරන්නද හිනා ගියාට..
සමහර විට ඒ පොඩි එකා බැට් මැන් කියන්නෙ මොකාද කියලවත් දන්නවද දන්නැ..ටිච කියන දේ කරන්න එපැයැ.. මට මතකයි අපි නම් ඉස්සර මොන්ටිසොරියෙ වැඩ කරන්නෙ ටිච දෙන රයිට් එකට වඩා ටිචගෙ උම්මා එකට :D ඕං ඉතිං කියයි පොඩි කාලෙත් වල් කම කියලා.. ඔවා ඉතිං නොතෙරෙන කමටනෙ.. :D

මාතෘකාවෙ හැටියට මේක නෙවෙ කතාව.. මේක ඇවිල්ලා අපෙ ප්‍රසිඩන්ට් මාමා ලංකාවාසීංට දීපු හීන හා අලවුනු හීන වලට විකල්ප..!!
ඔය අතරින් ටිකක් වැඩිපුර කතා කරපු අපි දැකපු දේවල් ගැන කතා කරමු.


01 හම්බන්තොට වරාය
       ඕකට වරාය කිවාට.. තාම නැවු අවෙ නැනෙ හරියකට.. ඉතිං මං යෝජනා කරන්නෙ ඒ පැත්තෙ කොල්ලො කුරුට්ටන්ට.. බල්ටි ගහලා වතුරට පනින්න.. තව නානාප්‍රකාරයෙ ජල ක්‍රීඩා කරන්න, හංස බොට්ටු පදින්න.. ඔය වගෙ එක එක දෙවල් දාලා ආසියාවෙ ලොකුම ස්විමිං පූල් එක කරමු කියලා.

02 රංමිණිතැන්න ටෙලිසිනමා ගම්මානය
        ඇත්තටම මේකෙ අපෙ ලංකාවෙ නලුනිලියො ටික දැම්මොත් උංගෙ තියෙන සුදත් ගිහිල්ලා අන්තිමට කරන්න වෙන්නෙ අප්‍රිකාවෙ වගේ ගොත්‍රික ජාතින් ඉන්න ෆිල්ම් විතරයි.. ඉතිං මං යෝජනවා කරනවා ඕකෙ ෆිල්ම් කරන එක නවත්තලා.. පිට රට ඉන්න සුද්දො සුද්දියන්ට අවුව තපින්න තැන් හදලා දෙමු කියලා..! ඇයි 7 දෙයියනෙ උං මුහුදු අයිනෙ ඉදන් කොයි තරම් දුකක් විදිනවද හම කලුකරගන්න
පොඩි ටිකට් එකක් කැඩුවාම ඕකට ගිය වියදම කවර් කරගත්තැහැකිනේ..

03 වීරවිල ගුවන් තොටුපොල
       ඔය හියිවෙ එකෙ රේස් පදින ලොකු මහත්තුරුයි සාමාන්‍ය පාරෙ බෙල්ල කඩා ගන්න දගලන අපි වගේ හිච්චි කොල්ලන්ටයි තියෙන ලොකු අඩුපාඩුවක් තමා, තියෙන විසෙ ඇරගන්න කාර් ට්‍රැක් එකක් නැති වෙච්චි එක.. ඉතිං මං කියන්නෙ ප්ලේන් පාර්ක් කරන්න කටුනායක තියෙන නිසා.. ඕකෙ කාර් ට්‍රැක් එකක් හැදුවා නම් හරිනෙ පොඩි පොඩි වැඩ කැලි දාලා අතල් එකක් ගන්න.. එතැකොට පාරෙ වෙන අනතුරුත් අඩු වෙලා අනික් මිනිස්සුන්ටත් කරදරයක් නැනෙ.. ඔය නාමල් අංකල්ගෙ රෙස් වලට කොළඹ ටවුම හිරකරන්න ඔනෙත් නැනෙ..

04 ක්‍රිකට් ක්‍රීඩාංගනය
      ඕකෙ ක්‍රිකට් ගැහැව්වොත් අපෙ ක්‍රිකට් ටීම් එක එතැනම කරවල වෙනවා.. එක නිසා මම යොජනා කරන්නෙ මහා පරිමාන කරවලා වේළනා ගාරයක් හදමු කියලා.
"kingපක්ශ පිරිසිදු කරවල"

05 නොරොච්චොල් ගල් අගුරු බලාගාරය
     (මුලින්ම මේකට දෙයක් හිතුනෙ නැ.. ඔන්න ආයෙ කල්පනා කරාම හරිනේ..)
මෙකෙන් කරන්න තියෙන්නෙ රටෙ ඔක්කොම කුණු ටික ගිහින් දානවා ඔතැනට.. පස්සෙ ගල් අගුරු වෙනුවට ප්ලාස්ටික් කැලි කඩ දාසි හැම මගුලම දාලා ගිනිතියනවා. අනික් පැත්තෙන් විදුලිය ගන්නවා.. කුණුත් පිච්චෙනවා.. විදුලියත් ලැබෙනවා.. සිම්පල් ප්ලැන් එකක්

06 මිහිං ලංකා
    මේකෙන් කරන්න වෙන්නෙ ලංකාවෙ හරි පිට රට හරි උංට රටවටෙ ට්‍රිප් එකක් දාලා එන්න චැන්ස් එකක් දෙන එක තමා.. තව මේකට හෙලිකොප්ටර් 2-3 ක් අරං සුදු පාට කරලා.. සුදු වැන් වෙනුවට රෙන්ට් කරන්නත් හැකිනෙ ? නැද්ද මං අහන්නෙ?

අනේ මංදා තව එව්වා ඇති මතක් වෙන්නෙත් නැ.. ඔය කමෙන්ට් එකකිං ලියලා යන්නකො එහෙම මතක් උනොත්.. මං මේක අප්ඩෙට් කරන්නම්..

ඉතිං මං කියන්නෙ.. ජනාදිපති මාමට ආයෙ ඔහොම හීන දෙන්න කලිං.. ඕක හරියටම ප්ලැන් කරලා.. ගන්න පුලුවන් තරම් හැම තැනින්ම ආදාර අරං ඔය කරන මගුලක් කරන්න.. ඊලගට හදලා ඉවර වෙලා අපිව සර්ප්‍රයිස් කරන්න වගේ "ටරා" ගාලා ඔපන් කරන්න.. 
අපිට උනත් එතැකොට තමා කික් එකක් එන්නෙ.. නැද්ද මං අහන්නෙ ?


පාලී: මාව උස්සන්න සුදු වැන් නම් එවන්න එපා.. මැරෙන්න කලිං ආසාවක් තියෙනවා හෙලිකොප්ටරෙක යන්න.. එක නිසා අරමිහිං ලංකා සුදු හෙලිකොප්ටර් ප්‍රජෙක්ට් එක පටන් ගෙන ඒකෙ මුල්ම මගියා විදියට මාව ගන්න..

එහෙනම් ජය  වේවා..!!

 ද බනී..

Thursday, January 26, 2012

පාරේ යන්න දන්නවද ?

පාරක වාහනයක් ගෙනියද්දි  ලර්නස් එකෙ කියලා දෙන දෙවල් වලට අමතරව ටිකක් ලියන්න කියලා හිතුවා.. ලියන්න දෙයක් නැද්ද මංදා :D
  අපි කොච්චර සල්ලි දීලා ලර්නස් එකට ගියාට, අවු 2-3 ක් වාහනයක් පැදලා ඉගෙන ගන්න දෙවල් එකෙන් කියලා දෙන්නෙ නැහැ..
කොටින්ම කවදාවත් නයිට් ලර්නස් එකක් තියෙනවද ? නැනෙ.. අපි කොහොමද රෑට වාහනෙ ගෙනියන්න පුරුදු වෙන්නෙ ?
           මට මතකයි මම ලර්නස් එකට ගිය කාලෙ එක කොල්ලෙක් මගෙන් ඇහුවා මචං කොහොමද ලයිට් දාන්නෙ කියලා.. ඔන්න තත්වෙ.. මට නම් ඔවා ඇබිටිල්ලන් කොල්ලා කාලෙ ඉදන්ම දැකලා දැකලා හුරු පුරුදු නිසා ඔය ඔනි බට්න් එකක් ලිවර් එකක් ගැන දන්නවා, එත් ගෙදර වාහනයක් නැති කෙනෙක් එක වරම ලර්නස් ඇවිල්ලා, ලයිශන් එක අරගෙන, ජොබ් එකකට ගියොත් ? රෑට එහෙම ගමනක් යද්දි එයා ටිකක් අපහසු තාවයට පත් වෙන්න පුලුවන් නේ.. නේද ?

අපි මුලින්ම බලමු වාහනේක ලාම්පු ගැන, ඔය කුප්පි ලාම්පු, චිමිනි ලාම්පු නෙවෙ, මෙවා ඇවිල්ලා විදුලි ලාම්පු හරිද ? 12v හො 24v අගයකින් තමා මේවා ක්‍රියාත්මක වෙන්නෙ..  ඒ වගෙම එක එක W  අගයන් වලිං තියෙනවා 60w 100w අන්න ඒ වගෙ.. අපි ඔය ගෙදර දාන බ්ල්බ් වගේ පොඩියට හදපු එලිය වැඩි බල්බ් තමා මෙවට යොදා ගන්නෙ, ඉස්සර සාමාන්‍ය පිලමන්ට් තාක්ශණේ තමා තිබ්බෙ.. දැන් ටිකක් වැඩි දියුනු කරලා එක එක විදියට එනවා.. ඒ අතරින් ප්‍රසිද්ද "හෙලජන්"  හා HID කියන තාක්ශණය. මේ අතරින් HID කියන ලාම්පු ඉතා දීප්තිමත් හා ඉදීරියෙන් එන වාහනයට පහසු වෙන විදියට තමා හදලා තියෙන්නෙ.. පාරෙ ලොකු ප්‍රදේශයක් මේ බල්බ් වලට ආලොකයෙන් ආවරණය කරන්න පුලුවන්..
හෙලජන් කියන ලාම්පුත් මේ හා සමාන උනාට ඉදිරියෙන් එන කෙනාට ටිකක් සැර එළියක් තමා එන්නෙ..

මේ ප්‍රධාන විදුලි ලාම්පු  On Off කරන්න තියෙන ලිවරය හෝ බට්න් වාහනේ මාදිලිය අනුව වෙනස් වෙන්න පුලුවන්..  ස්ටීරින් වීල් එකෙ දකුණු අත පැත්තට තමා ලාම්පු වල ස්චිච් එන්නේ..

වම් අත පැත්තට එන්නෙ වාහනෙ වයිපර් එකේ වේග අඩු වැඩි කරන ලිවර් එකයි වීදුරුවට වතුර විදින මොටරෙ ක්‍රියාත්මක කරන ස්විච් එකයි විතරයි..

මෙම දකුණු අත පැත්තෙ ලිවරයේ අග කොටස කරකවන්න තමා හදලා තියෙන්නෙ.. එක කොටස් 3 කට කරකවන්න පුලුවන්

1. Parking
2. Headlamp On

3. Auto හා Off

1. Parking
   මේක අපි යොදන්නෙ රාත්‍රී කාලයේදි වාහනේ පාරක් අයිනෙ වගේ නවත්තලා තියෙද්දි.. හා රාත්‍රී ධාවනයේදි
          සාමාන්‍යයෙන් අපි වාහනයක් ගෙනියන කොට හවස 6 විතර උනා කියලා හිතමු. එතැකොට ටිකක් අහස කලුවරයිනෙ ? අපේ වාහනෙ සමහර විට පිටිපස්සෙන් එන වාහනේට නොපෙනී යන්න පුලුවන්.. මේ Parking කියන අවස්ථාවට දැම්මාම.. පිටි පස්සෙ බ්‍රේක් ලයිට් වල බල්බ් දෙකක් පත්තු වෙනවා.. රතු පාටට.. ඒ වගෙම ඉස්සරහා පොඩි සුදු බල්බ් දෙකක් පත්තු වෙනවා..
වාහනේ මුලු හතරෙබල්බ් 4 ක් පත්තු වෙනවා  
 එතකොට ඉස්සරහින් හා පසු පසින් එන වාහන වලට දැන ගන්න පුලුවන් අ මෙන්න මෙතැන වාහනයක් නවත්තලා හරි ධාවනය වෙමින් පවතිනවා කියලා..

2. Headlamp On 
       මේකට දැම්මාම ඔන්න ඉදිරි පස ලාම්පුව ON වෙනවා , හැබැයි අර ප්‍රධාන ලාම්පු වල බල්බ් එකේ 1ක පිලමන්ට් එකයි පත්තු වෙන්නෙ, ඒ කියන්නෙ "ඩිම්" කියන අවස්ථාව.. දැන් අපි කොහොමද ලයිට් එක "ෆුල්" කරගන්නෙ ? ඒ කියන්නෙ බල්බ් එකේ තියෙන ෆිලමන්ට් දෙකම පත්තු කරලා වැඩි ආලෝකයක් ලබා ගන්න.. ඒකට කරන්නෙ අර ලිවර් එක පහලට කරන එක එතැකොට "ටික්" ගාලා ශබ්දයක් එනවා
ආයෙ එළිය අඩු කරන්න ඔනි නම් උඩට කරනවා..
මේ ලිවර් එක හරියට ඔය ගේම් ගහන්න ගන්න "ජෝඉස්ටික්" එකක් වගේ ඒකෙ 4 පැත්තකට හොලවන්ඩ පුලුවන්නෙ නේද ? ඔය ඉස්සර සෝනිඑරික්සන් ෆෝන් වලත් තිබ්බා ජෝඉස්ටික් එකක්

ඔය පාරෙ යද්දි දැකලා ඇති, සමහර වාහන ලයිට් 1ක 1ක පාරක් ගහගෙන යනවා.. එකෙන් අදහස් වෙන්නෙ මොකක්ද ? සමහර විට ඒ ඔයාගෙ යාලුවෙක් වෙන්ඩ පුලුවන්.. එහෙම නැත්නම් ඉදිරියෙන් පොලීසිය යන මාර්ග සංඤාව වෙන්නත් පුලුවන්.. ඔවා ඉතිං අපිට ආදෙරට කරන වැඩ නෙ නේද ?    

දැන් ඔන්න අපි දකිනවා පොලිසියෙන් ඉන්නවා පාරෙ අයිනක,ඉතිංඅපි වේගය එහෙම අඩු කරලා හිනාවකුත් දාගෙනනෙ යන්නෙ එතැනින්.. ඇයි අපි නීති කඩලා නැනෙ :D
ඔන්න අපිටත් අර කලින් එකා ලයිට්‍ ගහගෙන ගියා වගේ අපේ ඉස්සරහාට එන කෙනෙක්ට දන්වන්න හිතෙනවා.. එතකොට කොමද කරන්නෙ ? ලයිට්‍ එක ෆුල් කරන්න අරක ටික් ටික් ගාලා ඉස්සරහාට කඩන එක කරදරයි නේ ? ඒකට ලෙසි ක්‍රමයක් තියෙනවා ඒ තමා
මේ ලිවර් එක උඩට උස්සන්න.. එතකොට "ලයිට්‍ එක ෆුල් වෙනවා" ටික් ගාලා සද්දයක් එන්නෙ නැ..  අතටත් පහසුයි.. 
ඔවා මෙතැන කිවට තෙරෙන්නෙ නැ හරියකට.. කාගෙ හරි වාහනෙක බලන්න.. ඔය ලයිට් පත්තු වෙන්නෙ නැත්නම් ඕක හයියෙන් අල්ලන්න ගිහින් කඩන්න එහෙම එපා ප්ලාස්ටික් නේ :D ඊට කලින්  වාහනේ ඉස්ටාර්ට් කරන්න :D

3. Auto
      
මේක ගොඩක් අලුත් වාහන වල එන දෙයක්.. පරන ඒවා ගේ නම් මම දැකලා නැහැ, මෙතැනට දැම්මාම වෙන්නෙ.. අපි වාහනේ රැට ගෙනැල්ලා නැවැත්තුවාම සමහර විට ලයිට් ඔෆ් කරන්න අමතක වෙන්න පුලුවන්.. එත් අපි වාහනෙ නැවැත්තුව ගමන් auto mode  එකේ ස්විච් එක දාලා තිබ්බා නම්.. අර ප්‍රධාන ලාම්පු ස්ව්‍යංක්‍රීයවම ක්‍රියා විරහිත වෙනවා.. අපිට අරක කර කව කව ඉන්න ඔනි නැහැ..  අපි රෑකට කොහෙ හරි ගිහින් හදිසීයෙ හරි ලයිට් එක ON එකේ තියෙද්දි වාහනේ එන්ජිම oFF කලොත් ඉක්මනටම වාහනේ බැටරිය බැහැලා යනවා නේ ? එතැකොට ස්ටාර්ට් කරලා ඉවරයි.. ගොඩක්ම මේක එන්නෙ auto gear වාහන වලට.. මොකද ඒවා තල්ලු කරලා ස්ටාර්ට් කරන්න බැරි නිසා

 .....................................................

මේ කතාව උනේ අපි ලර්නස් එකට ගිය කාලෙ.. මම නම් දවස් 5 යි ලර්නස් එකට ගියේ ඒකත් ඒ වාහනේ හුරු වෙන්න කියලා දුන්න නිසා..

සමහරු මෙලො දෙයක් දන්නෙ නැතිව ඇවිල්ලා තිබ්බා.. ඔය අතරෙ උන්නා හැට පැනලා හොට ඇනිච්ච ටයිප් එකෙ අංකල් කෙනෙක්..  මෙයා පොලීසියෙලු වැඩ කලේ.. වයස අහන්න ගියෙ නැ ඉතිං හරි නැනෙ.. කොහොම ලයිශන් ගත්තද මංදා..
 මේ අංකල් සම්පුර්ණෙන්ම ඉගෙන ගන්න තමා ඇවිත් තිබ්බෙ.. දවසක් සර් කිවා සිග්නල් දාන්න කියලා.. මේකා කලේ පැනපු ගමන් වයිෆර් එක පැත්තෙ ස්විච්ච එක ටොකොස් ගාලා පහලට ඇදපු එක.. හුටා.. කෑල්ල ගැලවිලා අතට ආවා... :D
ඔය වගේ සුංදර අත්දැකිම් වෙනවා ඉතිනං ලර්නස් එකකදි.. ඒකට ගිහින්ම තමා ඒ ආතල් එක විදින්න ඔනි.. මම නම් මාරම ආස  ඔය ලර්නස් එකෙ වැන් එකෙ පිටි පස්සෙ යන්න.. ඩ්‍රයිව් කරන එකා මොකක් හරි වැරැද්දක් කරලා දඩස් ගාලා වාහනෙ නවත්ත ගත්තාම, සර් ඌ දිහා බලන බැලිල්ල..ඌ ඔලුව කසන එක.. සර්ගෙ වචන..
වචනෙන් කියන්න බැරි හැගීමක්.. :D මට ආයෙ ලර්නස් යන්ඩ හිතෙනවා..
....
අපේ ලර්නස් එකෙ නෙවෙ තව නුවර තෙල්දෙණිය පැත්තෙ ලර්නස් එකක මෙහෙම සීං එකක් වෙලා තිබ්බා, බර වාහන ලයිශන් ගන්න කොල්ලෙක් ඇවිල්ලා.. මු මහ මැට්ටෙක්ලු
සර් ගෙන ගුටි කන එකමලු වැඩෙ.. දවසක් මූට මල පැනලා වාහනේ අල්ලලා වික්ටොරියා ජලාශෙට.. මු වාහනෙන් පැනලා.. සර් එතැනම මැරිලා.. අනික් උන් හුගක් තුවාල උනාලු.. එක පැත්තකින් තියමු.. 
ඔක්කොටම හරියන්න වාහනේ පිටි පස්සෙ ගහලා තියෙනවාලු මෙන්න මෙහෙම..!

"ඔබටත් මෙවන් සේවාවක් අවශ්‍ය නම් අමතන්න"


 :D
.........
ඒ වගෙම තමා දැන් අලුතින් හදපු E1 පාර.. එහෙම නැත්නම් කවුරුත් දන්න හයිවේ එක.. ඕකෙ නීති රීතිත් ටිකක් සැරට තියෙනවා නේ.. ඔය ප්‍රධාන ලාම්පු වල එළිය අඩු වැඩි කරන එක මම නම් හිතන්නෙ අනිවා ඔය පාරෙදි දැනගෙන ඉන්ඩ ඔනි..
අපි හිතමු වංගුවක් කියලා.. එකෙදි එනවා වාහනයක් එන්නෙත් ආයෙ 100 විතරනේ.. ඒ එන වේගෙන් අපිත් වංගුව ගන්නවා.. ඒකෙ එළිය හුගක් සැරයි.. සමහර විට අපිට කරකියා ගන්න දෙයක් නැතිව වාහනේ පැත්තකට ගිහින් ලොකු අනතුරක් වෙන්න පුලුවන්..
              අපි කොහොමද ඉදිරියෙන් එන වාහනේ අලොකය අපිට සැර වැඩී කියලා ඒ අයට දැනුම් දෙන්නෙ ?

මුලින්ම ඔයා වාහනේ ප්‍රධාන ලාම්පුව 2-3 පාරක් ඩිම් ෆුල් කරන්න.. දන්නවානෙ කරන විදිය ?
ඒත් ඒ එන කෙනා එහෙම එළිය අඩු කලේ නැත්නම්. ඔයත් ෆුල් කරගෙන යන්න..

හැම විටම ඔබේ ඉදිරියට වාහනයක් එනවා නම් අනිවාර්‍යයෙන්ම වාහනේ එළිය අඩු කරන්න.. ඒකෙන් ගොඩක් අනතුරු වලක්ව ගන්න පුලුවන්..
 හැමොම එහෙම කරනවා නම් රාත්‍රී කාලයේදි වාහන ගෙනියන්න හැමොටම පහසු වෙවි..
අර්ත්මාර්ථකාමී වෙන්ඩ එපා.. වාහනයක් ගෙනියන කොට ඉවසීම හුගක්ම වැදගත්.. !

ඔයාගේ වාහනේ පිටි පස්සෙන් ප්‍රධාණ ලාම්පු දල්වාගෙන, නලාව එක දිගට නාද කරමින් වාහනයක් ඉස්සර කිරීමට ඉඩ ඉල්ලන්නෙ නම්.. නොපමාව ඉඩ ලබා දෙන්න..

එම වාහනය තුල 

විලිරුදාවෙන් ඉස්පිරිතාලයක් කරා ගෙනියන අම්මා කෙනෙක්
නැතිනම් අසාද්‍ය රෝගියෙක්
ප්‍රභූවරයෙක්
අවසන් හුස්ම පොද හෙලන්න කලින් එන්න කියලා කතා කල, සිය සමීපතමයෙක් දකින්න යන කෙනෙක් වෙන්න පුලුවන්

මොකක්ම හෝ හදිසි අවස්ථාවක් වෙන්න පුලුවන්

මෙවන් අවස්ථාවලදී අපි ඔවුන්ට ඉස්සර කරගන්න දුන්නා කියලා කිසිම පාඩුවක් වෙන්නෙ නැහැ..
පොඩි මදි පුංචි ගතියක් නිතැනින්ම දැනෙන්න පුලුවන්
නමුත් ඊට වඩා විපතක් වෙන්න පුලුවන් ඉඩ නොදුන්නොත්..
පාරෙ යද්දි හැමෝම ගැන හිතන්න.. හැමෝම ලාංකිකයෝ..!

...............


 කහ ඉරි මත ඉස්සර කිරීම නීතියෙන් සපුරා තහනම් ! බොහො විට ඔබ වාහනයකට ඉස්සර කරද්දි කහ ඉරේ මනුස්සයෙක් මාරු වෙන්න ඉඩ තියෙනවා.. ඔබ ඉස්සර කරන්න ගන්න වේගයත් සමග අර මනුස්සයා හැප්පුනොත්..95% ම මරණය ටලක් වෙන්න ඉඩ කඩ වැඩී!!

ඒ වගේමයි වම් අත පැත්තෙන් වාහන ඉස්සර කරන්න තහනම්!
දැන් නරක පුරුද්දක් ඇති කරන් ත්‍රීවිල් මහත්වරු හා මෝට බයිසිකල් මහත්වරු..
ලොකු වාහනයක් දකුණු පැත්තට බර  උණු ගමන් ඉස්සර කරගන්න ලේසිවට මෝට බයිසිකල් වම් අත පැත්තෙන් දානවා.. වැරදිලා හරි අර වාහනය වම් අත පැත්තට කැපුවොත් ?
වැරැද්ද එන්නෙ ඒ වාහනේ ඉන්න කෙනාටමයි.. මොකද පොලිසියෙන් උසාවියෙන් කියන්නෙ ඒ වාහනේ කෙනා දකුණු අත පැත්තෙන් ඉස්සර කරන්න ගිහින් හැප්පුවා කියලා.. නමුත් වැරැද්ද වම් අත පැත්තෙන් දැම්ම කෙනාගෙ අතේ..!!

වම් අත පැත්තෙන් ඉස්සර කරන්න තහනම්, ඒක වැරදී, ලොකු අනතුරු වලට අත වැනිල්ලක්..!

........

වාහනේ බ්‍රේක්  දක්ශ කාර්මිකයෙකු ලවා නියමිත ගානට හදා ගන්න.. 
අලුත්ම වාහන වල abs කියන බ්‍රේක් ක්‍රමයක් තියෙනවා.. ඒකෙදි වෙන්නෙ වාහනේ රෝද 4  ට එක සමානව තෙල් ප්‍රමාණයක් නොයවා පරිගණකයක් ආදාරයෙන් එම රෝදය තියෙන තත්වය දැනගෙන ඊට සරිලන තෙල් ප්‍රමාණයක් යවන එක..
අපි හිතමු ඉස්සරහා වම් අත පැත්තෙ රෝදය තියෙන තැන මඩ වලක් ඉතිං ලිස්සනවා..
වාහනේ රෝද 4 ටම එක සමාණව තෙල් ගියොත් ? වාහනේ පැත්තකට ලිස්සලා යන්න පුලුවන් නේද ?
නමුත් ABS බ්‍රේක් තියෙන වාහනයෙදි අර වම් අත පැත්තෙ රෝදයට තෙල් ටිකක් වැඩි පුර යවලා රෝදය ලිස්සන එක නතර කර ගන්නවා, එතකොට නියමිත ගානට රෝද 4 එක වරම නැවතිලා වාහනෙ කරදරයකින් තොරව නවත්ත ගන්න පුලුවන්..

..


ඊ ලගට වැදගත් ශීට් බෙල්ට්


  අලුත් වාහන වල දන්නවා ඇති "එයාර් බෑග්" කියලා ක්‍රමයක් තියෙනවා..  ඒකෙදි වෙන්නෙ වාහනේ අනතුරකට ලක් උනොත් ශ්‍රනිකවම වාතය පිරවුණු බැලූන් එකක් වගේ කොටසක් ඉදිරි පස දෙන්නාගෙ මූන හා පපුව ආවරණය වෙන විදියට පිම්බෙන එක..
වාහනේ මාදිලිය අනුව ඔය එයාර් බැග් අඩු වැඩි වෙන්න පුලුවන්..
ඉතිං බොහො දෙනෙක් කියන්නෙ ශීට් බෙල්ට් එක නොදා හිටියොත් එයාර් බැග් එක එන්නෙ නැහැ කියලා.. ඒක බොරු කතාවක්, ඇත්තටම වෙන්නෙ ශීට්‍ බෙල්ට් එක දාගෙන ඉන් නැතිව එයාර් බැග් එක අවොත්.. අපේ ඇගේ බර බැග් එකට ගිහින් ඒක පුපුරලා අනතුරෙන් වෙන හානිය නොවැලැක් වෙන එක.. ශිට්‍ බෙල්ට්‍ එකෙන් වෙන්නෙ වාහනේ හැප්පෙද්දි එන ගැස්සිම වලක්වලා අපිව ශීට් එකට තදකරගෙන අල්ල ගන්න එක.. පස්සෙ එයාර් බැග් එක අපේ මූන හා පපුව වහගෙන අපිව ආරක්ශා කරනවා..

සංඥා ලාම්පු
 සංඤා ලාම්පු නැත්නම් සිග්නල් ලයිට් කියන ඒවා.. වාහනයක් හරවද්දි ඉස්සර කරද්දි නියමිත විදයට දල්වන්න.. අර මං උඩ කීව ලයිට් ඩිම් පුල් කරන ලිවර් එකෙම තමා සිග්නල් ලයිට් වල ස්විච් දෙක එන්නෙ.. උඩට කලාම වම් අත පැත්තටත්
පහතට කලාම දකුණු අත පැත්තටත් සිංග්නල් ලයිට් වැටෙනවා..

මෙච්චරයි මට මතක් වෙන්නෙ..
 ආයෙ මොනා හරි මතක් උනොත් ලියලා දාන්නම්..
 මතකනේ.. පාරෙ යද්දි ඉවසීම තමා වැදගත්ම !!

යන්න කලින් මේ විඩියෝ එකත් බලන්න මේ කොළම ටවුමේ CCTV කැමරා වලට අහු වෙච්චි දර්ශණ ටිකක්..





ප්‍රදණාම හෙතුව මොකක්ද ? ඉවසීම නැති කම හා කල්පනාව නැති කම..!!


ගිහින් එන්නම්
ද බනී-


.

Saturday, January 21, 2012

මගෝඩි මැණිකා

මේකත් අර මගෝඩි මැණිකාගෙ කතන්දර ටිකක්.. මගෝඩි මැණිකා එපිසොඩ් 1ක කියෙව්වෙ නැත්නම්.. හොයාගෙන බලන්න.. මේ ලිපියට පස්සෙ, ලිපියට, පස්සෙ ලිපිය :D :D (link එක දැම්මාම මුං කම්මැලි වෙනවා) :D

මං කිවානෙ මේ මැණිකා කියන පොර රටෙ හැම තැනකම වගේ එක එක රස්සාවල් කරලා තියෙනවා කියලා, ඒ රස්සාවල් අතරට එකතු වෙන්න ඔනි තව එකක් තමා මූ "සුදුවා" පෙරලා.. එහෙම නැත්නම් ඔය කවුරුත් දන්න "කසිප්පු"
           ඔය කසිප්පු පෙරන එකත් ලොකු ගේමක් දීලා කරන්න ඔනි ජොබ් එකක්නෙ.. ඒ වගෙම හැම අතින්ම දක්ශ වෙන්ඩ ඔනි, තාක්ශණික දැනුම, කිරුම් මිණිම් කටයුතු, වගේම මලල ක්‍රීඩා වලට දක්ශ වෙන්න ඔනි, 
තාක්ශණික දැණුම ඔනි වෙන්නෙ ඕවා පෙරන ක්‍රියාවලියට..  කිරුම් මිණුම් වැඩ ඔනි වෙන්නෙ. ඕවා පෙරද්දි දාන මැරිච්ච සත්තු, නරක් වෙච්ච පළතුරු, සීනි වගේ දේවල් කිරලා මැණලා දානෙක..
දැන් ඉතිං මේක කියවන අපේ ටියුබ් ලයිට් බබාලා බලනවා ඇති මොකටද මේ  මලල ක්‍රීඩා ඔනි වෙන්නෙ කියලා..  ඔය මලල ක්‍රීඩා වලිං මේකට අවශ්‍ය වෙන්නෙ දෙජාතියයි.. ඒ තමා ගම හරහා දිවීම ඉසව්ව හා බර ඉසිලීම ඉසව්! ගම හරහා දුවන්නෙ ඉතිං කාකි කබායක් දැක්කොත් කියලා අමුතුවෙන් කියන්ඩ ඔනි නැනේ.. බර උස්සන්න ඔනි වෙන්නෙ ඔය පෙරන ජාති  කිසි ගේමක් නැතව උස්සං එහා මෙහා යන්න.. ! ඔය කාකි කබා නැතිව නිකං සරං කෑල්ලක් ගහන් එන අයත් ඉන්නවාලු.. ඒවා නම් ඔට්ටු නෑ නේද ?
ඔන්න වැඩ බැරි උනත් ගම ගාල්ලෙ කියලා, නරක කෝචොක් කරන උන්ට හූවක් තියලා පස්ස පැත්ත කරකවලා පෙන්නන්න පුලුවං මට දැන්..! මේ ලගදි පත්තරෙ තිබ්බා අපේ ගම කිට්ටුව ඉස්කොලෙක පරන ටොයිලට් වලක කසිප්පු වගයක් තිබිලා අහු උනා කියලා.. (නැනැ කසිප්පු වල ඇතුලෙ ඉදන් පෙරලා නැ.. පෙරපුවා හංගලා තියෙන්නෙ වල ඇතුලේ)
ඒකෙ හොදම හරිය වෙන්නෙ මෙතෙක් කල් පාරම්පරිකව ආපු තඹ බට තාක්ශණය වෙණුවට මිලෙන් අඩු රේඩිරේටර් වගයක් භාවිතා කරලලු සිසිලන වැඩ වලට.. කෝම කලාද කියලා නම් මම් දන්නැ ඔන්න..!
     දැන් තාම මාරම සීං එක වෙන්නෙ.. මේ කතාවට කසිප්පු කතාවක් ආවෙ කොහොමද ? ඒක ගනන් ගන්න එපා ඒක වෙනම කතාවක්.. ඔය දන්නැති උදවියට දැනගන්න තමා කීවෙ.. මේවා බලලා google කරලා එහෙම හොයනවා නෙවෙ කසිප්පු පෙරන්න ඕං!! :D
දැන් ඔයා ඔය කසිප්පු සීං එක හිතෙන් අයින් කරගන්ඩ හරිද.. මොකද මං කතාව කියන්න යන්නෙ..

ඔන්න අපේ කතා නායකයා.. කවුද ? කසිප්පු ? නැඈඈඈඈඈඈඈ...  මැණිකා මැණිකා..! ඉතිං ඔන්න ඔය මැණිකා උන්නාලු පිටකොටුවෙ පෙව්මන්ට් එකේ කඩේක..  හරිද ? ඉතිං මේකා  කරන තරමක් කරන්නෙ මගෝඩි වැඩනේ... ඔන්න දවසක් මේකලාට බොන්න නෑලු, නුවරින් ඇවිත් පෙව්මන්ට්‍ එකෙ බඩු විකුණන උං සෙට් එකක් ඉන්නවාලු.. මුං බොන්නෙ හොද හොද ස්පෙශල් බ්‍රැන්ඩ්ලු..  මුංට දැන් ඉරිසියාවෙත් බැහැලු, ඇයි දෙයියනේ මුං වේලෙනවා. අරුන් බොනවා..
බලං ඉන්න බැරිම තැන මැණිකයි උගෙ යාලුවො ටිකයි ගහලා ප්ලැන් එකක්, මුං කරලා තියෙන්නෙ හිස් අරක්කු බෝතලයක් අරං ඒකට කහට දාලා, දැන් අර නුවරිං ආපු උං කිට්ටුව තියං බොනවාලු, කලිං ප්ලැන් කරගත්ත විදියට  2-3 දෙනෙක් යැව්වාලු වැඩකට..

ඔන්න එක පාරටම අර කලින් යවපු සෙට්‍ එක දුවගෙන එනවාලු.. ඒ.... පොලීසියෙන් පොලීසියෙන් කියලා.. ඉතිං මැණිකයි අර කහට බිබි හිටපු අනික් උණුයි දුවන්න අරං.. ඒක දැකපු නුවර උණුත් අර ඔක්කොම ජාති ටික දාලා දුවලා.. ඉතිං රවුමක් ගහං ආපු මැණිකලාගේ සෙට් එක අර නුවර උංගෙ බෝතල් සිගරට් බයිට්‍ටික අරන් උංගෙ කාඹරේට මාරු වෙලා... :D

.........

ඔන්න තව දවසක් ඒත් අර උඩ විදියටම මැණිකලා සෙට් එක වේලෙනවාලු.. කොරගන්න දෙයක්ම නැලු.. බිස්නසුත් අන්තිම සවුත්තුයිලු.. මුංගෙ අතීජාත මිත්‍රයෙක් ඉදලා තියෙනවා හාවා කියලා, (මේ මං හාවා නෙවේ ඕං) කොළඹ හෝටලේක  තමා වැඩ කරලා තියෙන්නෙ.. මේ හොටලේ අයිති සුද්දෙක්ටලු.. ඉතිං මේ සුද්දා හරිම බය එකෙක්ලු අනිවින කොඩිවින කියන දෙවල් වලට.. එදත් මුං ටික ප්ලැන් කරලා සුද්දාව අංදලා ගානක් කඩා ගන්න.. මුං කරලා තියෙන්නෙ කහ නූල් වගේකුයි මල් ටිකකුයි තව පොඩි බෝතලේකුයි ගෙනැල්ලා සුද්ද නිතර යන එන හොටලේ තැනක තියලා..
ඉතිං මේක දැක්ක සුද්දා අම්බානෙක බය වෙලා.. දැන් අර හාවාට දහ අතේ වදිනවාලු මොකක් හරි කරන්ඩ කියලා.. මූ කියලා ආ මේකට අපේ ගමේ නියම ඇදුරෙක් ඉන්නවා.. මං ඌ එක්ක එන්නම් කියලා.. ඉතිං සුද්දත් එක පයින්ම කැමති වෙලා මූට ගමනට යන විය හියදම් එහෙම දීලා  :D
ඉතිං මූ ඕකත් අරන් ඇවිත් මැණිකලා එක්ක හොදට බීලා..
ඉතිං දැන් කොඩිවිනේ කපන්නත් එපැයැ, කෝ ඇදුරෙක් ? මුං කරලා තියෙන්නෙ මැණිකාව ඇදුරා කරලා.. අර සුද්දා දන්නවද ඔය මංතර යංතර ගුරුකම්.. ඉතිං මැණිකා ඇවිල්ලා හෝ ගාලා වැඩ පටන් ගෙන කොඩිවිනේ කපන්න.. ඉතිං ඔහොම පැය භාගයක් විතර බොරුව කරලා.. අන්තිමට වැඩේට 50000 ක් ගත්තාලු..
මුං මාස ගානක් කිසිම කරදරයකින් තොරව ඉදලා තියෙනවා සුද්දාට පිංසිද්ද වෙන්න :D

මං නම් මේ වගේ දංත ඩොකෙක් දැකලම නැ :D

එහෙනම් ඉතිං අපි ගොහින් එන්නම්..
බග්ස් බනී...!!


.

Thursday, January 12, 2012

තෙල් ඉතිරියට අමතරව හයිබ්‍රිඩ් එකකට ජීවිතයේ ලොකු වෙනසක් කල හැක :)

"තෙල් ඉතිරියට අමතරව හයිබ්‍රිඩ් එකකට ජීවිතයේ ලොකු වෙනසක් කල හැක" :)

මෙන්න මෙහෙම මම ස්ටෙට් එකක් දාලා තිබ්බා අද.. ඕක දැකපු මහත්මයෙක් මෙහෙම ඇහුවා (චැට් එක) හිනා වෙන්නෙ එහෙම නැ ඕං, ඒ මහත්මයා මට වඩා දැනුම  අතිං පොරක්.. (කාර් ගැන දන්නැති උනාට) :D
සාහිත්‍යට, බ්ලොග් කරණයට ලැදි කෙනෙක්.. එයාලා තමා සිංඩී කියන දේ හදුන්වලා දුන්නෙත්.. සමහරු නම් දන්නවා ඇති.. එත් නම කියන්නැ මම පුලුවන් නම් හොයා ගන්න.. :D

.............

(ඔහු)

ආ බනී
මොකද්ද හැබෑට හයිබ්‍රිඩ් එකක් කියන්නෙ

(මම)


hybrid car
:D

(ඔහු)
කාරෙකක්ද
ඔහ්
:D
හ්ම්හ්ම්

(මම)

ow ow :D
http://automobiles.honda.com/insight-hybrid/price.aspx?Model=ZE2H7CEW
මෙන්න මේකක්

(ඔහු)
ohh
i see
:D

(මම)
:D

(ඔහු)
මං හිතුව නිකං සාස්පානක් වගේ දෙයක් කියල තෙල් ඉතුරු කරනව කිව්වම
:D

(මම)
ROFL :D :D
හාහාහාහා :D

(ඔහු)
මම මේ උය උය ඉඳල ආපු ගමන්
anyways
I have no idea about cars
:D

Saturday, January 7, 2012

මල වෙඩිමයි.. අවු 3 යි.. O_o

ජය වේවා bunny.. ඔල්ද බෙස්ට් වල් හාවා..!!මයි කන්ගඩුලෙශන් බනියා..
අම්මට හුඩු #@*% බනියා.. එළ ඇ..

ස්තූතියි ස්තූතියි
ස්තූතියි ස්තූතියි
ස්තූතියි ස්තූතියි..

අද ඇත්තටම සතුටු දවසක්.. මං ඉතිං ඒක සැමරුවා.. පාටියකුත් දුන්නා.. රු 200 ගත්තෙ වතුර එක දෙන්න, ඒක වෙනම කතාවක්..  :D :D
අද සතුටු වෙන්න හෙතුව.. මයේ බ්ලොග් එකට අවු 3 ක් පිරෙන්නෙ අදට.. මේ අවුරුද්දෙ කිසිම පොස්ට් එකක් නොදා නලිය නලිය උන්නෙ මේක දාන්න ඔනී නිසාමයි..
අද තිබ්බ gtg එක ගැන දැම්මෙ නැත්තෙත් ඒක නිසාමයි :D එහෙම බැලුවාම නිකං ආර්ත්මාර්තකාමි වගේ.. ඒත් තිං මොනා කරන්නද නේද ? :D

      බ්ලොග් එක ගැන කවදා ලියන්න බැරිද.. ඒ වගේද අද දවස.. 7 වෙනිදා. අම්මේ අමතක වෙන්නැ ජිවිතෙට.. මයේ කකුලෙ තාම වැලි අෆ්ෆා.. හෝද ගන්නත් ලෝබයි :D




 ඇත්තට අද ගහන්න තරම් මඩ නැ (මගේ ගිණුමට බර ගානක් පගාව ඇවිල්ලා තියෙන්නෙ ::D:D)

උදේ පාංදර අලි ජංජාලෙ.. මම් කුකුලා කරේ තියාන හරියට 8 වෙද්දි ගාල්ලෙ බස්ටැන්ඩ් එකේපාලම උඩට අවා.. සෙට් එකක් උන්නා.. කොම කොම හරි දවල් වෙද්දි ඔක්කොම වගේ අවා.. මායි පොඩි මැනුයි ගියා කෑම ඔඩර් එක බාර දෙන්න.. ගිහිං එද්දි පාලම උඩ උන්න අපේ ඇවුන් ටික පොලිසියෙන් එලවනවා..
අනේ බුදු පුතේ වදින්නම්.. පාලම අලවලා වගේ තියෙන්නෙ.. වැඩිය ඕක උඩ ඉන්න එපා.. කඩා වැටුනොත් අපරාදෙනේ කියලා..
මට තිං මේක දැක්කාම මලේ මල.. මම් පොලිස්කාරයාට ගහන්නත් ගියා.. ඔය නලිං කාරියවසම් තමා පැනලා අල්ල ගත්තෙ එපා බං එපා.. පවු අරුං කියන කතාව ඇත්ත තමා කියලා.. නලියා නැත්නම් අරූ අද දැඩිසත්කාරේ.. ඉතිං අපි පහලට බැස්සා..

උදෙන්ම ආපු සෙට් එක.. :D
ඊට පස්සෙ ආපු උංගේ නම් ටික ගන්න ඔනි නිසා.. මම් හදපු ඩොක් එකේ ප්‍රින්ට‍ අවුට් එකක් ගන්න කියලා කඩවල් 2-3 කට ගියා.. කොහෙද.. එකක් වත් ඇරලා නැ.. අන්තිමේ ඇතැරලා දාලා අවා එන්න.. ඇවිල්ලා නිකමට වගේ ලැප් එක අදින්න බෑග් එක ඇරියා.. අම්මට සිරි.. ලැප ගෙනැල්ලා නැනේ O_o
අයියේ මෙන්න මේකෙ තියෙන එක ප්‍රින්ට් කරග්න ඔනි කියලා එතැන කඩේ ලැප අදින්න ගියා නම් කොන්ක්‍රිට් කියලා බලන්නැ එතැන පලං යනවා අනිවා :D
අපේ ගැණු ළමයි උන්න නිසා තිං අතිං ලියව්වා අන්තිමේ :D
 
නොකියා ඉන්න බැරි කතා ටිකකුත් තියෙනවා..

වෙනි අයියා අලි පාර්සලයක් දුන්නා.. දීලා කියනවා.. මචං හාවා.. උඹ අර x අදුරනවද ? ඔව් බං අයියෙ මොකද සීං එක? අඩෝ මේ ලවු ලෙටර් එක දියං බං..
අඩෝ මෙච්චර අලි පාර්සලයක් ? ඔව් බං පොතක් ඇතුලෙ දාලා තියෙන්නෙ ගෙදරිං දැක්කොත් හරි නැනෙ.. :D

.........
ඔක්කොම නටලා ෆන් අරන් කාපු බීපු තැන් අස් කරලා දාලා, ගෙදර එන්න එන කොට තමා මාරම අප්සට් එක :-/

අඩෝ අසෙලයා ගියේ නැනේ ?
ඌ පල්ලෙහා බං.. නැ බං ඌ පාගලා ගියා උඩ ඇත්තෙ..
පල ඩෝ ඌ උඩ කියක් ඔට්ටුද..
1000 ක් ඔට්ටුයි.. ඌ පහල..
නැ යකෝ ඌ උඩ ගියා දැක්කෙ නැද්ද ඌ ඉස්සර වෙලා ගියා..
හරි හරි යමල්ලා ගිහින් බලමු..
 .. අම්මට සිරි හාවා..  අපි මෙච්චර බැස්සද බං?
ඒක තමා මේ මාත් කල්පනා කලේ..
ටිකක් දුර ශොට් කට් එකෙන් පැමිණි.. වෙනි, බුල්ටො, හාවා etc :D
යනවා යනවා පඩිපෙලේ ඉවරයක් නැ.. එන කොට මතකයි මුල්ම හරියෙ තිබ්බෙ කලුගල්.. එක තැනකවත් කලු ගල් නැනෙ.. ඔක්කොම පඩිපෙල් ? මගුලයි මේං අලි ගේට්ටුවක්..?
අම්මට උඩු.. මෙතැනට කොහෙන්ද යකෝ ගේට්ටුවක් අවේ ? O_O
යකෝ  උදේ ආ ඩිංගට පඩි පෙලකුත් දාලා ගේට්ටුවකුත් දාලද ?
නැ යකෝ තොට එච්චර වෙරිද ? නොදොකිං මුසලයා.. මේ බලහං මේ පඩි දිය සෙවෙල් කාලා..

අම්මට සිරි ඔව් නේන්නන්..
අඩෝ පාර වැරදිලා ඩෝ .. මගුලයි.. කමක් නැ ඕම පැනපං ගෙට්ටුවෙන්.. 
අනේ ඉතිං දන්න සියල්ල වැඩ දාලා ගෙට්ටුවෙන් පැන්නා මාත්.. (අඩෝ වැටෙන් පැන්නා කියලා කියලා තිබ්බොත් මරනවා හරියේ) :D :D
.........

අද අවාසනාවන්තම සිද්දිය උනේ අපේ කිඩෝ මලයට.. ඇත්තම කිවොත් ඌ තමා හැමදේම හොයලා බලලා කෙරුවේ.. ඌට ඉතිං ගෙදරින් එන්න දුන්නැනෙ.. :-/

පසු විපරම් වලිං හොයා ගත්ත විදියට කේස් එක මේකයි.. කිඩොට එන්න එපා කියලා කේස් එක දාලා තිබ්බත් තව ටිකක් නාහෙන් ඇඩුවා නම් එන්න දෙනවා.. ඒත් මේ අපේ අභිතයා වැඩේ කාලානේ..

ඇන්ටි.. කිඩෝ පුතා එවන්න අපි පරිස්සම් කරගන්නම්..
අනේ පුතේ ඒක නම් කරන්න අමාරුයි..
බය වෙන්න එපා ඇන්ටි "සිහිනයත්" එනවා කිවානේ..

ආ සිහින පුතා එනවද ? ඒ පුතාට ටිකක් විසේ නේද ? එහෙනම් එවන්න බැ කොමත්..

.......


ඉතිං අද දවසේ සුපිරිම ෆන් එකක් ගත්තා.. ආපු හැමෝටම ස්තූතියි..
ආයේ අපි සෙට් වෙමු..!

ආයෙ කියන්න ඔනි.. මගේ බ්ලොග් එක හදන්න උදව් කරපු ඩැනියාට එහෙම ස්තුතී කරන්න ඔනි.. ඌ නිසා තමා මම් බ්ලොග් ලියන්නෙ..
තව මේක බලන, මට කමෙන්ට් කරන "උඹ" . "උඹ" නිසා තමා මං මේක ලියන්නෙ..!! :)

එහෙනම් මට ජය වේවා.. !! ලෝක විනාසේ උනේ නැතෝත් තව අවු කිපයක් මේක අදින්න ඔනි :D


..