Wednesday, November 2, 2011

ඔලුව පලා ගැනීම..

 අර නපුරු නදී දන්නවද ? අර ගලායන ජීවිතේ ලියන්නෙ.. අන්න එයාගේ පොස්ට් එකේ මං දැක්කා තිබ්බා කාගෙදෝ අහිංසකයෙක්ගෙ ඔලුවක් පලලා :D ඉතිං ඔය සම්බන්දව මටත් ජිවිතාවර්ජන 3 ක්ම තියෙනවා :D

මං මෙහෙම උන්නාට මගේ ඔලුවේ පැච් 3 ක් තියෙනවා :D ඔය හිටපු ගමන් ගොන් වැඩ කරන්නෙත්.. මෝඩ වැඩ කරන්නෙත් ඕකෙ ප්‍රතිඵලයක් නිසාදෝයි මට නිකමට වගේ හිතෙනවත් එක්ක :D

හාවා පොඩි එකා කාලේ
පළමු පැල්ම ඇති උනේ ඉස්සර මට තාත්තා දීලා තිබ්බා නැවකින් ගෙනාව කප්පියක්.. මං ඕක තල්ලු කර කර තමා සෙල්ලම් කරන්නෙ.. මට ඔනිනනම් අවු 3 2/1 වෙන්ටැති  එච්චර බරකුත් නැති නිසා ඕක මගේ ප්‍රදාණ සෙල්ලම් භාංඩය.. අනික ඒකෙ කෑලි ගලවන්නත් බැරි නිසා තාත්තාට තව සෙල්ලම් බඩු අරන් දෙන්න ඔනි කමක් තිබ්බෙත් නැ.. ඇයි ඉතිං ඒක කැඩෙනවායැ :D.. ඉතිං හැමදාම තල්ලු කර කර ඉන්න බැරි නිසාම මං ඒක එලියට අරන් ගියා වෙන සෙල්ලමක් කරන්න හිතාගෙන.. මෙන්න තියෙනවා අලි කානුවක්.. ඒකෙ  වතුර හෝගාලා ගහං යනවා.. ඉතිං මං කලේ කානුව උඩ තිබ්බ මඩුවේ ලණුවක් ගැට ගහලා වරුවක් විතර දගලලා දගලලා අර කප්පිය උඩට අරං ගැට ගහ ගත්තා.. අර ඇලේ වතුර ගන්න :D  ශිට්..වැඩි වෙලාවක් ගියේ නැ.. දඩෝං.. කප්පිය මගේ ඔලුව උඩ.. රතුපාටට මොනාදෝ එනවා.. හුටා වෙන මොනා එන්නද.. ලේ...!! මං හොරාට අතින් වහ ගත්තා පැලිච්ච තැන.. හෙමීට ගෙට රිංගලා ඇදට වෙලා නිදා ගත්තා.. මෙන්න තාත්තා එනවා දුවගෙන.. අන්තිමෙ මාව උස්සන් ගිහින් බෙහෙත් දාගෙන ආවා.. තාත්තා දැකලා මං ඔලුවට අත තියාගෙන ගෙට රිංගනවා.. පස්සෙ ලේ පාර දිගේ තමා හොයාගෙන ඇවිල්ලා තියෙන්නෙ.. තාත්තා එදා දැක්කෙ නැත්නම් මං ලේ ගිහිල්ලම මැරෙනවා :D

...

දෙවැනි පැල්ම ඇති උනේ අර නදී අක්කා වගේ නපුරු කෙල්ලෙක් නෙවේ කොල්ලෙක් ගහපු ගල් පාරකට.. මං 2ක වසරෙදි.. අපේ පංතිය තිබ්බෙ A අනික් පංතිය B.. B එක එක්ක අපි හෙනම ෆිට්.. C එකේ උන් මහ වසවර්ති රැලක්..! ඉතිං හැමදාම C එකත් එක්ක ගහ ගන්නවා :D අපිට විදෙශාදාර වගේ B එකෙන් සහයෝගය ලැබෙනවා..  :D අනේ මං නම් හැබැයි කවදාවත් ඔය වලියකට ගිහින් තිබ්බෙ නැ.. අන්තිම අහිංසකයි බොරු නම් අහලා බලන්න ඔනි කෙනෙක්ගෙන් :P
ඉතිං ඔය වලියක් අන්තිමේ පංති කාඹරෙන් එළියට ගියා.. ඒ ගිහින් පිට්ටනියට යන කම් ගියා.. මාත් ඉතිං ඕක බලන්න පස්සෙන් ගියා...
ශෘශෘශෘශෘශෘශෘශඌඌඌඋ උඩිං ආපු රොකට් ලොංචර් එකක් වගේ අලි කලුගලක් ටොකොස් යන ශබ්දය නිකුත් කරමින් මගේ ඔලුව උඩට පත බෑ උනා.. හුටා.. මට තරු විසික්කා උනා.. ඔලුව හිරි වැටිලා ගියා :D මට මොනා උනාද මංදා.. රිදෙන්නෙත් නැහැ.. එකෙක් ඇවිත්.. අඩේ ඔන්න යකෝ ලේ බේරෙනවා කිවා.. ඔන්න එතැකොට නම් මං අම්බානෙක බය උනා..  ඉතිං මං මිස්ටවත් කියන්න ගියේ නැ.. අපේ පංතියේ එකෙක්මයි ගහලා තියෙන්නෙ වැරදිලා ගහලා තියෙන්නෙ.. මිස්ට කිවොත් අපි දීර්ඝකාලීනව ගෙනාව සටනට Dot එක තියන්න වෙන නිසා..
      පඩිපෙලෙන් වැටුනා කියලා ඇගේ දූවිලි ටිකකුත් ගාගෙන ගොඩින් ශේප් කරගත්තා :D මිස් ඒපාර බෙහෙත් දම්මවලා ගෙදරට කොල් කරලා තාත්තා ඇවිත් මාව එක්කගෙන ගියා.. :D කෝම කෝම හරි අපි 8 වසරට විතර එන කම් ඔය වලි තිබ්බා.. ගහගෙන ඉවර වෙලා අන්තිමේ ගැණ ළමයි ගේන වතුර වලිනුත් ගහ ගන්නවා.. :D ඔන්න ඒක තමා අපේ හෙන හුරාට තිබ්බෙ.. ගැණු ළමයි අන්තිමේ අර ගඩාෆි අංකල් පාවා දුන්නා වගේ අපිව පාවලා දුන්නා :-/

..

තුන්වැනි පැල්ම ඇති උනේ අපේ ගේ පිටිපස්සෙ කාණුවක් තිබ්බා. මං කුස්සියේ ඉදන් වේගෙන් ඇවිල්ලා දොර ලගින් පැන්නා පෙව්මන්ට් එකට.. හුටා.. දියසෙවෙල් කාපු පෙව්මන්ට් එකේ මං ලිස්සලා ගිහින් දඩෝං කානුවේ.. මට දැන් කරකියා ගන්න දෙයක් නැ.. කොච්චර දැගලුවත් එළියට එන්න බෑ මං හිර වෙලා කාණුවේ.. ඒ පාර කෑ ගැහැව්වාම අපේ මාමා කෙනෙකුයි තාත්තයි ඇවිල්ලා බොහොම අමාරුවෙන් උඩට ගත්තා.. කාණුවේ වැටිලා තිබ්බ කොන්ක්‍රීට් වලට හයි වෙච්ච ගල් වගේක ඔලුව ඇනිලා පැලිලා තිබ්බා.. කොම හරි බෙහෙත් දාගෙන අවා..

හැබැයි කවදාවත් මට තාත්තා ඔලුව පලාගන්නවා කියලා බැනලා නම් නැ.. මට මතකයි අම්මාට කියනවා මේකා ඔලුව තලා ගන්නැතිව පලා ගත්ත එකම මදෑ කියලා.. :D