Showing posts with label මහියංගනය. Show all posts
Showing posts with label මහියංගනය. Show all posts

Tuesday, November 1, 2011

තුන් සරණය..!!


උදේ පාංදරම අපේ ගලායන ජීවිතය ලියන අක්කා එයාගේ fb වෝල් එකේ දාලා තිබ්බා මෙන්න මේ තුන් සරණය වීඩියෝව..  ඕක අහද්දි දකිද්දි මට මතක් උනේ තාත්තා කියපු කතා දෙක තුණක්..
   ඉස්සර මහියංගනය නුවර පාරේ තිබ්බ වංගු ගැන මතක අය දන්නවා ඇති ඒ වංගුවක් ගන්න බස් ඩ්‍රයිවර් කෙනෙක් කොච්චර නම් දුකක් අවදානමක් ගන්නවාද කියලා.. වැරදිලා හරි ක්ලච් බැලැන්සිං අවුලක් උනොත් ඉන්න වෙන්නෙ ඊලග වංගුවේ තමා :D (දැන් නම් වංගු අඩු කරලා පාර ලස්සනට හදලා..)
        අපේ තාත්තා අවු 18 ගෙදරින් පැනලා ගිහින් සූරිය වැව පැත්තෙ පාරක් කපන එකක වැඩකරලා තිබ්බා.. තාත්තාට තිබිලා තියෙන්නෙ පාර කපන කොට අහු වෙන ගස් ටික කපලා අයින් කරලා දෙන එක.. ඉතිං තාත්තා ගෝලය දාගෙන වැඩ කරලා.. පස්සෙ මදුරුවො කන එක ඉවසන්න බැරිම තැන ගෙදර එන්න ඇවිල්ලා.. මැලෙරියාව හැදේවි කියලා..!!
        ඔහොම සල්ලි ටිකකුත් හොයාගෙන ආයෙ ගිහින් නුවරට.. ඊලගට කරලා තියෙන්නෙ නුවර මහියංගන පාරට බස් එකක් දාලා, ඒකෙ වැඩ කරලා තියෙන්නෙ තාත්තයි තව නුවරින් හොයා ගත්ත ඩ්‍රයිවර් කෙනෙකුයි... මේ මනුස්සයා දන්නැහැලු තාත්තාට ලයිශන් තියෙනවා.. වාහන පදින්න පුලුවන් කියලා.. ඒ කාලේදි තාත්තාට අවු 21 වගෙලු.. බරවාහන  ඩ්‍රයිවින් ලයිශන් අරන් තියෙන්නෙත් අලුතමලු.. ඉතිං තාත්තා දවසක් බලාන ඉන්නවාලු ඩ්‍රයිවර් බස් එකේ ක්ලච් එක උඩ කොයි වෙලෙත් කකුල තියාගෙනමලු යන්නෙ.. ඉතිං දැන් කාලෙ වගෙ නෙවෙනෙ.. ඉස්සර ඩ්‍රයිවින් ලයිශන් ගන්න පුරුදු කරද්දි හැම දේම කියා දෙනවානේ.. තාත්තත් ලයිශන් ගත්ත අලුත වගේ නිසාම මතකයිලු ක්ලච් එක උඩ කකුල තියාගෙන යන්න හොද නෑ නේද කියලා.. ඉතිං අර මනුස්සයාට තාත්තා කියලා ක්ලච් එක උඩ කකුල තියාගෙන යන්න එපා.. ක්ලච් ප්ලෙට් එක යාවී.. අනික කන්දක් නගින නිසා ක්ලච් එක අනිවා පරිස්සම් කරගන්න ඔනී කියලා..
මෑත කාලීණ හුන්නස් ගිරිය පාර හරියෙ යන බස් එකක්
     මේ මිනිහත් හා කියලා ඔහොම අවාලු හුන්නස්ගිරිය හරියට.. හුන්නස්ගිරියේ හරි ප්‍රසිද්ද රොටි කඩයක් තියෙනවා.. ඔකේ රෑ ට්‍රිප් එකේ අනිවා නවත්තනවාලු රොටි කන්න.. දැන් ඔක්කොම රොටි කාලා තේ එකක් බීලා හේම අවාම ඩ්‍රයිවර් උන්දැ නැලු..!!   දැන් මිනිස්සුත් බය වෙලා හොදටම හොයනවාලු.. කිසිම හොඩුවාවක් නැහැලු..  ඉස්සර මිනිස්සු හරි නිහතමානී අහිංසකයිනේ.. දැන් වගේ නම් ගොලයාටත් අල්ලගෙන ගහනවානේ.. ඉතිං මිනිස්සු තාත්තාට කියනවාලු  මහත්තයෝ දැන් මොකද කරන්නෙ කියලා.. මිනිස්සු සීතලේ වෙව්ලනවත් එක්කලු.. තාත්තා කිවාලු හරි කමක් නැ ඔක්කොම නගින්නකෝ කියලා නග්ග ගත්තාලු බස් එකට.. දැන් තාත්තා බස් එක අරගෙන එනවාලු.. ඔහොම 18 වංගුවලට කිට්ටු වෙන කොට ඔන්න ඔය උඩ දාලා තියෙන තුන් සරණය එක මනුස්සයෙක් කියන්න අරගෙන.. මුලු බස් එක පුරාම විහිදිලා යන්න සද්දෙට කියනවාලු.. අනික් මිනිස්සුත් ඒකට සහභාගී වෙලා.. කොහොම හරි රෑ වෙන්න කලින් තාත්තා මහියංගනේට බස් එක ගෙනිච්චාලු.. ඒ වගෙම පාරෙ ඉන්න හැම මනුස්සයෙක්ම එක්ක ගියාලු.. සල්ලි අරගන්නෙ නැතිව.. නමුත් ඒ මිනිස්සු බලෙන් සල්ලි දිලාලු බස් එකෙන් බැහැලා තියෙන්නෙ :) අන්තිමේ ආච්චිලා සියලා පවා වදින්න එනවාලු තාත්තාට :-D

කාලයක් යනකම්ම මිනිස්සු 18 වංගුව කිට්ටු වෙද්දි හා බහිද්දි තුංසරණය කියන්න පුරුදු උනාලු..

පස්සෙ උදේ තාත්තා අවාලු නුවරට.. නුවර ගිහින් බලන කොට අර ඩ්‍රයිවර් ඉන්නවාලු කඩයක තේ එකක් බිබි..
තාත්තා ඌ අල්ලලා දෙකක් ඇනලා කිවාලු..
   යකෝ අපේ තාත්තා මට දෙයක් කියලා දීලා තිබ්බා..ඒ තමා දෙයක් කරන්න පටන් ගන්නවා නම් ඒ ගැන පොඩි හරි දැනුමක් ඇතිව කරන්න කියලා.. අරු දහ අතෙ වැදලා සමාව අරගෙන..
පස්සෙ මිනිහා ගැන කිසිම අරංචියක් හොයා ගන්න බැරි වෙලා.. මිනිස්සු කිවේ පිස්සු හැදිලා මලා කියලාලු..!!
...

දැන් ඔහොම පටන් ගත්ත රස්සාව කරන්න ඔනේ නිසා තාවකාලිකව ගෝලයෙක් හොයා ගත්තාලු ටිකට් කඩන්න.. පළමු දවසෙම හුන්නස්ගිරිය හරියට අවාලු.. ඔකේ අර රොටි කඩේ ලග බස් එක රිවස්කරන නිසා පස්ස බලන්න කියලා.. මූත් හා කියලා බැහැලා ඇවිත්.. හරි හරි අයියා ගන්න ගන්න කිවාලු.. තාත්තාත් රිවස් කරනවාලු.. දඩෝං ගාලා සද්දයක් ඇහිලා.. අරූ උඩ පනිනවාලු හුරේ හැප්පුනා හැප්පුනා කියලා :D

තාත්තාට කොහොම කොහොම හරි හෙන අකරතැබ්බ තොගයක් වෙලා තියෙනවා.. පස්සෙ වික්ටෝරියා ප්‍රොජෙක්ට් එකේ ලී සම්බන්ද වැඩ ලැබුනු නිසා ඔය බස් දිවිල්ලත් නවත්තලා දාලා.. .

........

වික්ටොරියා ප්‍රොජෙක්ට‍ එක ඉවර උනාම ආයෙ තාත්තා වෑන් එකක් අරගෙන හයර් කරන්න ගත්තාලු ගොඩක්ම හයර් ගිහින් තියෙන්නෙ සිරීපාදේ තමා.. සිරිපාදේ යද්දිත් මිනිස්සු කියන්නෙම ඔය තුන් සරණය කවි ටිකලු.. තාත්තාට ඕක දැන් කට පාඩම්.. දැනටත් මහියංගනය පැත්තෙ යන්න ගියාම ඔය
කවි තාත්තා අතින් කියවුන් නැත්නම් හරිම පුදුමයි :D
ඒ වගෙම ඕවා හරු බලගතු හිත මෝහණය කරන කවි.. කිසිම දවසක වාහනේ යද්දි කරදරයක් වෙලා නැහැ.. ලොකුම කරදරය තිබිලා තියෙන්නෙ පොලිසියෙන් ඒ වැඩිපුර මිනිස්සු දාගෙන දාවණය කිරීම  කියලා රු 20 දඩය දෙන නිසා.. :D

තාත්තාගෙ ජිවිත කතාවේ පුදුම රස කතා තොගයක් තියෙන්නෙ.. පුලු පුලුවන් වෙලාවට ලියලා දාන්නම්..
මං මාර අඩම්බර වෙනවා එයා මගේ තාත්තා වෙච්ච එක ගැන..!! :)


..