Monday, September 26, 2011

BMICH නාලා මාටකය..

 ඔන්න අද ලියන්න හදන්නෙ මටම මඩ ගහගන්න පොස්ට් එකක්...... ;-)
  
         රටෙ තොටේ හැම මනුස්සයෙක්ම යනවා වගේ මාත් ගියා BMICH වන්දනවේ.. ඒ සාහිත්‍ය මාසය වෙනුවෙන් තිබ්බ බුක්ෆෙයාර් 2011 ට.. හැබැටම ඉතිං ඕකට ගියපු නැති එකෙක් ඉන්නවා නම් මගෙන් ගුටි නොකා ලබන අවුරුද්දෙවත් යන්න කියලා කාරුණිකව ඉල්ලනවා... හැබැයි ඔන්න මේ මං ගියා වගෙ නෙවෙ ඕං..!!

මං ගත්තු පොත්..
මං bmich එකට දවස් 2 ක්ම ගියා.. මුල්ම ගමන ගියේ අක්ෂරය  බ්ලොග් එකේ ලියන සෙට් එකෙ උන්දැලා එක්ක.. උන්දැලා කිවාට බවලත් උදවිය ඔක්කොම අවෙ නැහැ.. ඕකට අප්සට් එකෙ එක මහත්තයයෙක් ඇඩුවත් එක්ක.. :D
        එදා නම් හරි අෆූරු දවසක් විය.. කෙසේ නමුත් සෙට් එකේ මහතුන් හා නොනාවරුන් පොත් ගන්න එක ගැන නම් ඒ හැටි උනන්දුවක් පෙන්නව්වෙ නොමැත..  අරූට මඩ ගහනවා .. මූට මඩ ගහනවා.. මඩ නාගෙන කියාගෙන එව්වා හෝද ගන්න ගියේ "ගෝල්පේස් හෝගාන පොකුන" පැත්තටය.. ඔය හෝගාන පොකුන දැක්කෙ නැ කිව නුවර පැත්තෙ මහත්තුරු දෙන්නෙක් පැමිණ සිටියෝහ...එවුන්ගෙ දැඩි ඉල්ලිම මත අපි 101 මොරටුව කොටපිටුව බසයකට එල්ලිනි..

     මේ යන අතර තුරේ අහිංසක හාවාට 101 බස් රිය තුලදී දරුණු අතවරයකට ලක් වෙන්න සිදු උනි..
එනම් කෙල්ලන් 10-15 අතරේ තනී වී සිටීමට සිදුවීමයි.. මෙය දුටු අප සමග ආ සටකපටි කුප්පයෙක් මාගෙ ජන්ගම දුක අංකය අර මා වටා උන් කැකුළු මල් අතර බෙදා හරින්න ගත්තාය.. එතැන සිටී තනි සිංහල ගැණු ළමයින්ට සබ්ටයිට්ල් නැතිව ඒක තෙරුණාදැයි මට හරියාකාරව නොතෙරේ..
       කෙසේ නමුත් බස් එකේ තහඩුව ලෑලි නොවේ නම්  එතැන ගැස් ලාම්පුවකිං කපා හාරාගෙන යන්න තරම් මාගේ හිරි ඕතප් බිදීගියෝය..!!

වැරදිලාවත් එසේ උවහොත් අර කැකුළු මලක් බසයෙන් වැටී රොදයට අහු ඌ ටොනික් පියනක් සේ හෝ එඩ්නා චොකලට් එකට පැමිණි දුස්රාව අත ගත් මුත්තයියා මුරලිදරන්ගෙ රුව ඇති ස්ටිකරයක් වෙනවා නොවනු මානය..!!

     කෙසේ නමුත් අපි ගොල්පෙස් පැමිනියෙමි.. ගෝල්පෙස් හෝගාන පොකුණ ලගදි අපේ මහත්තයෙක් තම 27 වෙනි කුළුදුල් පෙම්වතී සමග අති බිහිසුණු රොමැන්ටික් නර්තණයක් ඉදිරිපත් කරමිං අප සිත් එකාලොකමත් කලෝය...

මේ නර්තණ දැක බලා තම උප්පැත්තියෙන්ම මනාව පිහිටී තිබූ අතිශය කුරිරු කුප්ප කට ඇරගන්නෙ නැතිව ඉන්න අවශ්‍ය නිසා අපි සමග ආ මහතෙක් තම පළමු පෙම්වතී සමග වේලාසනම පැන ගත්හ..

කතාව පටන් ගන්නෙ දැන්ය.. ඉහත සඳහන් කැකුළියන්ට දුක අංකය දී හෝරා කාලක් යන්නට මත්තෙන් ඇස් ඇම් ඇස් පනිවිඩයක් මාගෙ ජන්ගම දුකට එන්න විය..  මා අතර සිටි කුප්පයන්ගෙ හැටි දන්නා නිසා මා දුව ගොස් එම පණිවිඩය හොර රහසේ කියවීමට සිත් විය.. අහෝ කරුමයක මහත.. ඒ පණිවිඩිය අතුරු දහන් වී ඇත.. ලෙසටම පටි රෝල්ය.. කෙලෙසක හෝ  අපි සියල්ලොම විසිරී ගියෝය..!

ඌ සියල්ල මට ලියා ගන්නට වස කම්මැලිය.. එය වෙනම කතාවකි..




දෙවැනි දවස

       දෙවැනි දවසේ කිසි සෙත්ම BMICH පැමිණිමට සිතක් නොතිබිනි..මා උන්නෙ නුවර ගොස්ය.. කෙසෙ නමුත් කල්හාර මලයාගෙ දැඩි ඉල්ලිම මත කොළඹට පැමිණියේ මොකක්දෝ මගුලක තිබූ හයිබ්‍රිඩ් කාර් රෙපෙයාර් කරගැනිමේ මුලික දැනුම සෙමිනා එකකට හා ඒ කලැ සියට සෙට් වීමට හිතාගෙනය.. ඒක තිබ්බෙ නුගේගොඩ පැත්තෙ නිසා නිකන් ගිහින් චා කරගන්නෙ මොකටදැ සිති කල්හාරයා ගාල්ලෙ සිට එන ගමන් බසයෙන් බැස ගොස් විසතර ගෙන තිබිනි..ඇත්ත වශයෙන් එම කලැසියට ඉල්ලා තිබූ මුදල පික්ස් ඩිපොසිට් එකක් දමා තිබ්බා නම් අවුරුදු 5 ක් තුල තව හයිබ්‍රිඩ් කාර් එකක් ගන්නට හැකි මුදලකි. එම නිසා ඒ ගැන හිතින් අත් ඇර ගත්තෙමි..  කෙසේ හෝ කොළඹ ආ එකෙන් පරයෝජනයක් ගතයුතු චින්තනයෙන් මා සිට බැවින් BMICH එකට යන්න තීරණය කලෙමි.. කල්හාරයාට එන්නටයැයි කියා මා තනියෙම පැමිණියෙමි.. ගෙට්ටුව ලගටම පැමිනෙන විටම නොදන්නා අංකයකින් කොල් පැමිණියුහය.. සැකෙන් මෙන් අරන් බැලුවෙමි..
  හුරු පුරුදු කට හඩකි.. හෙන ස්වීට්ය.. කෙල්ලෙකි :D
අයියා ඔයාට මාව මතකදැයි මාගෙන් විමසුවෙමි.. හරි මගුලකි.. මාගෙ ඇන්ඩ්‍රයිඩේ 3G නැත.. තිබුනිනේ නම් මූන බලලා ඔව් නංගි මතකයි කියන්න තිබිනි.. අයියා එදා අර බස් එකේදි නම්බර් එක දුන්නෙ.. ඒ ඔයාද ? ආ හුටා.. සොරි නංගි ඒ මං නෙවෙ.. මගේ යාලුවෙක්..
ආ ඇත්තද අයියා.. එහෙනම් ඔයා කවුද ? ආ මං අර අරුනේ.. ආ ඒ ඔයාද.. හරි අයියා කොහෙද ඉන්නෙ ? මං ඉන්නෙ bmich එක ඉස්සරහා ෆොන්ඩ් එක ලග..  ආ අයියා එහෙනම් ෆුඩ් කොට් එකට එන්නකො.. මං හා හරි නංගි කියා කියන විට බිප් බිප් හඩක් ඇසිනි.. ආ ඒකි ෆොන් එක තියලා..

කෙසේ නමුත් තනියෙම ෆුඩ් කොට් එකට රිංගීම එතරම් සුභ නැත..නොදන්නා පලාතක එම කෙල්ලගේ වැඩිහිටියන් හෝ සිටි යේ නම් මං අද මේක ලියන්න වෙන්නෙ දැඩිසත්කාර ඒකකයේ සිටි හො හදිසි අනතුරු ඒකකයෙ විය යුතුය.. එබැවින් මම කල්හාරයාත් ඇදගෙන එන අදිඨනින් ගාල්ලෙ සිට පැමිණි සෙට් එක සොයා ඉදිරියට ගියෙමි..

මා යන විට හුරතල් දියනිය තම ඇකයේ හොවාගෙන අප්පච්චී කෙනෙක් සිටියෝය.. බැලින් නම් ඒ අයිස් නගාය.. ඒ සමගම තව ලවුඩ්ස්පීකරයක හඩ ඇති චාපා කෙල්ලද.. නගා කෙල්ලද සිටියෝය..
මා ආ පමණින් අනේ සුදු මල්ලියේ යැයි නගා කෙල්ල මාගෙ ඇග පුරා බටර් තට්ටුවක් ගැවෙ 7 අවුරුද්දක් කාන්තාරෙ කන්න නැතිව චාටර් වෙච්ච ඔටුවෙක් පාන් පෙත්තක් දුටු සේයකිනි.. බුදුන් ඉදිරියේ දමණය ඌ නාලාගිරි ඇත් කොල්ලා සේ මා දනින් නඔවැටී ලාවට ඇයි අක්කෙ යැයි ඇසුවෙමි.. මල්ලි අපිට බඩගිනියැයි කිවොය.. නොදොකිං මෙහෙමත් අක්කලා.. නුවර සිට පාන්දර ආපු එකාගෙන් බඩගිනිදැයි විමසන්නට මත්තෙන් තම ඔටු බඩ පුරවා ගන්න කෙල හලන මෙවන් අක්කලා නොපතන්.. !!
කෙසේ හො හාවාගෙ දුප්පත් පර්ස් එකේ ලොකු මුදලකට තට්ටු ඌයේය.. දණ්ත ඩොකෙක් ගාවට පැමිණ දත් සියල්ල ගලවා ගත් හාවෙක්ගෙ අසරණ දැසක් මා පෙන්නුම් කලද.. තව තවත් කෑම ජාති ඉල්ලා මා හිරිවට්ටන්නෙම නැතිව දත් ඇන්දම ගැලෙව්වොය.. කෙසේවුද මේ බඩගිනි ඔටු රැලට කන්න අරන් දී පොත් ගන්නට ඇදන් ගියෙමි.. අයිස් නගා හා කල්හාර මලයා සමග මම පොත් තෝරන අතර තුර නගා කෙල්ල හා ලවුඩ්ස්පිකර් චාපා තව සෙට් එක් පැමිණි ඇතයි කියා එළියට පැමිණියෝය..
         ස්ටෝල් අතර ඒ මේ අත කරකැවෙද්දි නැවතත් අර ස්විට් වොයිස් නොම්බරෙන් දුක ඇමතුමක් එන්නට විය.. අයියා අපි ගෙදර යන්න යදන්නෙ.. අයියා එනවද පොඩ්ඩක් එළියටයැයි ඇ විමසුවොය..
කෙසේ නමුත් කෙල්ලෙක් ගේ ඉල්ලිමක් අහක දාන්න මෙ හාවා සූදානම් නැත.. ඒලෙසේම වේලෙමින් උන් කල්හාරයාට මේ පොල් කැල්ල හපන්න සෙට් කරන අදිඨණින් මා ඌවත් ඇදගෙන එළියට පැමිණියෙමි මනුස්ස කමටමය.. නැවතත් අර කෙල්ල කොල් එකක් දුන්නෙමි.. අයියා කොතැනද ඉන්නෙ.. මං අහවල් තැන නංගි .. අපි යනවා අයියෙ යන්න.. තෝ මරනවා මං මොකක්ද යකෝ බයිට් කරන්නෙ.. ඈතින්  නගා කෙල්ලගෙ හා ලවුඩ්ස්පිකර් චාපාගෙ සිරික්කිය මාගෙ දැස මානයෙ පෙනෙන්නට විය..

කෙසේ හෝ පොත් 12 විතර අරගත්තෙමි.. ලවුඩ්ස්පිකර් චාපා මාගෙ තවත් දතක් ගලවා පොතක් ගත්තෙමි.. ඌට ඒක ගත්නිසා අහිසංක කෙල්ලෙක්ට ඉට්ටිකර් කාඩ් එකක් අරන් දෙන්න මට නොහැකි විය. . :-(

තව තවත් හෙන හෙන සීන් සිදුවිය.. යකඩ ඌණතාවයකින් පෙලෙන බැවින් මට එක දිගට ලිවීමට නොහැකිය.. එම නිසා මා මඩ වලින් ගැලවීමට මෙසේ ලියා තැබුවෙමි.. නගා කෙල්ල මඩක් ගහලා තිබ්බොත්.. බී කෙයාර්ෆුල් හරියෙ.. ඒලෙසින්ම මඩ ගැසු අයිස් හංසී ගේ බෙල්ල මිරීකීමට ඇත..

දැන් මං කැපෙමි.. සැමට මඩ තොර ජිවිතාන්තයක්...!!

Piratebunny෴


..