Showing posts with label Songs. Show all posts
Showing posts with label Songs. Show all posts

Thursday, November 3, 2011

චන්ද්‍රමඩුළු යට සුරංගනාවන්..

හැමදාම මගේ වාද බයිල අහන නිසා මං මේ නිකමට වගේ සිංදුවක් ගැන ලියන්න හිතුවා.. :D මං මේක තෝර ගත්තෙ මේකෙ තේරුමට වඩා රසවත් වගේම වැදගත් කතාවක් මේක තුල තියෙන නිසා.. ගොඩක්ම සරළ ගීතයක් නිසා ඔනිම කෙනෙක්ට සිංදුව දැක්ක ගමං තේරුම තෙරෙනවානේ..
මේකෙ ඇත්ත කතාව මේකයි..
එක එක විද්‍යාත්මක පරීක්ශණ වලින් ඔප්පු වෙලා තියෙනවා.. පොඩි ළමයින්ට බොරු කියලා නලවන එක අන්තිම නරක ප්‍රතිඵළ ගේන වැඩක් කියලා.. ඒත් අම්මලා තාත්තලා කොහොම හරි බලන්නෙ මර ලතෝනි දීලා අඩන එකා කොහොම හරි නිදිකරව ගන්නනේ :D නමුත් මහින්ද අල්ගම මහත්තයා මේක හරි අපූරු විදියට ගීතයකින් පැහැදිලි කරනවා.. පොඩි ළමයින්ට බොරු කියලා නලවන්න ගන්න මහන්සියට වඩා එක පාරින්ම ඇත්ත කියලා නලවන්න පුලුවන්..
      මට ඕකට ඇසින් දුටු සාක්ශියක් විදියට තියෙන්නෙ අපේ ලොකු අම්මාගෙ ලොකු පුතාගේ පුතා.. අවු 3 දි විතර වගේ මට මතකයි.. බෙහෙත් බොන්න අදි මදි කරනවා.. ලොකු අයියා අවා.. ලගට කතා කරලා කිවා පුතේ.. මේ බෙහෙත් හරිම තිත්තයි.. ඒත් ඔයාට සනීප වෙන්න නම් බොන්නම වෙනවා කියලා හරි ආදරයෙන් කිවා.. මෙන්න කොල්ලා දඩස් ගාලා ගිහින් ඉල්ලගෙන බෙහෙත් ටික බීවේ.. මං උඩ ගියා මේ මොකද උනේ කියලා.. :D
     ඒ වගේම තමා අපේ මල්ලිත්.. ඌට කියලා දෙයක් කරගන්න නම් ආදරෙන්ම කතා කරන්න ඔනි.. මෙහෙ වරෙන් යකෝ කිවොත්.. ජීවිතෙට කරන්නැ.. :D

හැබැයි මට තව අවුලක් තියෙනවා.. මේ සිංදුව ලියලා තියෙන්නෙ 1970 ගනන් වල වගේ.. ඒ කාලේ ඕක විද්‍යාත්මකව ඔප්පු උනා නම්.. ඇයි තාමත් අම්මලා තාත්තලා බොරු කියලා ළමයි නිදිකරවන්නෙ ? 


සිංදුව අහලා බලන්න.. හරි අපූරු සිංදුවක්.. 



චන්ද්‍රමඩුළු යට සුරංගනාවන්
දූ සනහන්නට කතා කියනවලු...
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැළවිලි ගී මමයි කියන්නේ...

රන් තැටියට කිරි පැණි පුරවාගෙන
හදහාමී දූ බලන්න එනවලු...
දුවේ එපා ඒ කතා අහන්නට...
හඳහාමී කෙලෙසද මෙහි එන්නේ

කිරි මුට්ටිය නුඹෙ ඟගේ ගියාලූ
ඟගට උඩින් කිරි කොක්කු ගියාලූ...
දුවේ එපා ඒ කතා අහන්නට
මමයි නුඹට ලේ කිරිකර දෙන්නේ...
 
දූ අල්ලන්නට හැන්දෑ යාමේ
මල්ලක් අරගෙන බිල්ලෙක් එනවලු...
ධීර දුවේ මා බිය නොම වන්නේ
සිහළ ලෙයයි නුඹ සිරුර දිවෙන්නේ...

චන්ද්‍රමඩුළු යට සුරංගනාවන්
දූ සනහන්නට ගීත ගයනවලු...
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැළවිලි ගී මමයි කියන්නේ...


පද රචනය - මහින්ද අල්ගම.
සංගීතය - නන්දා මාලිනී.

මොකද දන්නැ සිංදුවේ video එක මෙතැන දාන්න බැහැ.. ඒක නිසා මේ link එකෙන් ගිහින් බලන්න...




Friday, September 16, 2011

අල්ලපු ගෙදර නගා..

  අල්ලපු ගෙදර නගා කීවේ අර දත් සුදුම සුදු කෙනා නෙවෙ.. අපේ ගේ ඉස්සරහා ඉන්න නංගිට.. මේක මේ fb එකේ ඉන්න හුගක් අයට ප්‍රශ්ණක් වෙච්ච මාතෘකාවක් නේ.. ඇත්තටම අල්ලපු ගෙදර නගා කුතුහලය දනවන සුලු මාතෘකාවක්.. :D
    ගොඩක් මේක කියවන අයගේ ගෙවල් ලඟ අල්ලපු ගෙදර නගාලා ඇති.. උන් එක්ක සෙල්ලම් කරලා ඇති.. කතා කරනවා ඇති.. අනම් මනම් නේ.. ඒත් මට මේ ලොකේ පේන්නම බැරි චරිතේ ඔය අල්ලපු ගෙදර නගා වෙන්ටැති..!!


ඉතිහාසය..
     ඇත්තටම මෙයා ඉපදුනේ කොහෙද අනම් මනම් මට මතකයක් නැ.. අපේ ගේ ඉස්සරහා ලස්සන ගෙයක් තිබ්බා.. කටු මැටි ගහපු.. හැමදාම අක්කලා දෙන්නයි මමයි පිටි පස්සෙ ගෙදර අක්කයි නංගියි ඔය ගෙදරට යනවා.. ඒ ගෙදර උන්නෙ දිග රැවුලක් තියෙන සීයා කෙනෙක්..
           ඒ සීයාගෙ නම මහතුන්. ගමේ අය කිවේ මහතුන් මාමා කියලා.. ඉතිං සීයා අඩියක් මඩියක් ගැහුවාම ලස්සනට සිංදු කියනවා.. ඒ වගේම අපිට මාරම ආදරෙයි.. ඔය සීයාගෙ තව යාලූ සීයා කෙනෙක් එනවා හැන්දැවට.. බට නලා ගහන්න පුලුවන් හෙන ලස්සනට.. ඉතිං අපි හැන්දැවට කරන්නෙ අර සීයලාගෙ ගේ ඉස්සරහා තියෙන ඇදේ වාඩි වෙලා සිංදු කියන එක..!
           දවසක් මං ඉස්කොලේ ඇරිලා එන කොට.. (ඉස්කොලේද, මොන්ටීසෝරිද මංදා) අනේ අර ගේ ඉස්සරහා ඩෝසර් කරලා දාලා.. ගෙදරත් බාගෙට කඩලා.. :'(

     මට දැන් ලොකූ ප්‍රශ්ණයක් මේක.. ඇයි එහෙම කලේ අනම් මනම්.. අපි හැමෝටම මාරම දුකයි.. අර සීයා පේන්න උන්නෙත් නැහැ.. ටික දවසක් යද්දි ඒ කඩපු ගෙට පස්සට වෙන්න අලුතින් ගෙයක් හැදෙන්න ගත්තා.. ඒක නම් මහ මෙලෝරහක් නැති ගෙයක්.. මූසල පාටයි.. අර මැටි ගහපු ගෙදර තිබ්බා ඊට වඩා ලස්සනක්..! කොහොම කොහොම හරි ගේ හදලා ඉවර උනා.. දැන් ගෙදර අය පදින්චිත් උනා.. අඩේ මෙන්න අර සීයා ඉන්නවා..
      ඒ එක්කම තව මට වඩා පුංචි කෙල්ලො දෙන්නෙක් ඉන්නවා..! අෆොයි.. සීයාගෙ ළමයින් වත්ද ? මට තව ඉරිසියා හිතුනා.. ඇයි යකෝ.. මෙච්චර කල් සීයා අපි එක්ක උන්නෙ.. තව දෙන්නෙක් ආවොත් අපිට ආදරෙ නැති වෙනවානේ..!! එහෙම වෙන්න දෙන්න පුලුවන්ද..!! ඉතිං ඕක දැන ගන්න මං ලොකු ප්ලැන් එකක් ගැහුවා..! ඔය ගේ ඉස්සරහා තිබ්බා ජම්බු ගහක්.. තාමත් ඕක තියෙනවා.. ඉතිං ඔය ගෙදරට පැන ගත්තා ජම්බු කඩන්න කියලා.. සීයා ගේ ඉස්සරහාට එන කොට ජම්බු ගහට නැගලා ඒක මහ හයියෙන් හොලවලා.. ජම්බු ටික බිමට කඩලා දැම්මා.. කාටවත් නැනේ :-D

 ඔන්න සීයා දුවගෙන ඇවිත්.. හා හා පුතේ ඔය මොනාද කරන්නෙ කියලා ඇහුවාම.. ඔන්න මගේ ප්‍රශ්ණය අහන්න වෙලාව.. කවුද සීයේ අර ආපු ගැණු දෙන්නා ? සීයාගෙ ළමයිද ?  සීයා මහ හයියෙන් හිනා වෙනවා.. ඇයි යකෝ අවුරුදු 80 විතර සීයා කෙනෙක් ගෙන් අවුරුදු 7-8 විතර කෙල්ලො දෙන්නෙක් ඉන්නවාද ඇහුවාම මොන මෝඩයාට හිනා යන්නෙ නැත්තෙ :D අපි ඉතිං ඔය කාලෙ දන්නෙ බබාලා ගෙන්නෙ රෝස කැලෙන් කියලානේ :D :D

ඔන්න සීයා ස්ටෝරිය දිග ඇරියා.. ඒ සියාගෙ පුතාගේ බබාලා දෙන්නාලු.. ඔය ගේ හදලා තියෙන්නෙ සීයාගෙ පුතාට.. කලින් ඉදලා තියෙන්නෙ මහ ගෙදර.. සීයා තමා අර මං කීව කටු මැටි ගහපු ගෙදර තනියෙම උන්නෙ.. සීයාත් අර ගේ කඩපු එකට හුගක් අප්සට් එකේ ඉදලා තියෙන්නෙ.. කොහොම කොහොම හරි මහ මූසල දවසක අල්ලපු ගෙදර නගාගේ ගෙට අල්ලපු ගෙදරින් මහ සද්දයක් ඇහුනා.. බැලින් නම් මහතුන් සීයා ළිදට වැටිලා කියලා කෑ ගහනවා.. කොහොම කොහොම හරි අපේ තාත්තයි අර නංගිලාගෙ තාත්තයි කට්ටිය එකතු වෙලා සීයා උඩට ගත්තා.. සීයාට හොදටම වතුර පෙවිලා.. ප්‍රථමාදාර දුන්නා ඒත් කිසිම වැඩක් උනේ නැහැ.. සීයා නැති උනා..!  මං ඇඩුවත් එක්ක.. මරණේ තියෙන්නෙ අර අලුත් ගෙදර නිසා මරණේ බලන්නවත් ගියේ නැ..
   
     මගේ මතය.. සීයා නැති උනේ අර අලුත් ගෙදර හදපු එකේ දුකට.. සීයා ළිදට පැන්නා කියලයි මට නම් හිතෙන්නෙ.. මොකද අවුරුදු 80 විතර කෙනෙක් උනොත් මායි පොඩි අක්කයි අත් දෙකට වඩා ගන්න තරම් හයියක් තිබ්බා.. එහෙම කෙනෙක් ලිදට වැටෙන්නෙ කොහොමද ? ඒ වගෙම අඩි 3 ක් විතර උස ලිං ගැට්ටක් තියෙනවා.. ලිස්සලා ගියත් ඔලුව පැලිලා හරි බේරෙනවා ලිදට වැටෙන් නැහැ. ඒ වගෙම ලිදේ මැද හරියට දාපු බටේ කැඩිලත් නැහැ.. එක්කො සීයාව උස්සලා ලිදට දාලා.. එක්කෝ සීයා ලිදට පැනලා..  ඉතිං සීයා දුකෙන් උන්නෙ කියලා මටත් තෙරිච්ච එකේ ඔහොම දෙයක් කර ගන්න එක ගැන හිතන්න දෙයක් නැහැ.. ඒකට හේතුව අර නංගිලා දෙන්න යි එයාගෙ අම්මයි තාත්තයි මෙහාට ආපු එක.. කියලා තමා මගෙ පුංචි මොලේට තෙරුනේ.. ඔන්න මගේ තරහා ජනිත වෙන්නෙ ඔතැනින්.. මොන හේතුවකටද මංදා ඔය ඇන්ටියි අංකලුයි මාත් එක්ක යසට කතා කරනවා.. අර කෙල්ලො දෙන්නා විතරයි මට පේන්න බැරි :D


ඉතිං ඔහොම අපි ටික ටික ලොකු මහලු උනා..  ඉස්කොලේ ලොකු ලොකු පංති වල.. :D

පාඩම් කිරීල්ල
     අම්මියෝ උන් දෙන්නා පාඩම් කරනවා කියන්නෙ.. එක්කො කාඹරේට වෙලා පාඩම් කරහල්ලාකො.. ඔය පාඩම් කරන හැටියට අනිවා ඕකුන් දෙන්නා ලොකු පුටු දෙකකට යනවා..
ඒ වගේම මං කනේ ඇබ ගහන් උන්නෙ නැති නම්.. ඊට ආසන්න පුටුවකට යනවා.. ඒ තරමට සද්දෙ..
මේ ලගදි දවසක සැළලිහිණි සන්දේශයේ කවි වගයක් පාඩම් කලා..  ආයෙ හෝදන්න ඔනී නැ.. රාහුල හිමියි සැළලිහිණියයි දෙන්නාම නඩු දානවා..!


මා වැනි බිලින් දා
වර වර ළඟට කැන් දා
දුක සැප කුමන් දා
අසන නිරිඳෝ වෙන කොයින් දා


අල්ලපු ගෙදර නගාගේ තාත්තා රට යෑම෴

       කොහොම කොහොම හරි ඔය අංකල් රට ගියා.. අවුරුදු කීපයකට.. ඉතිං ඔන්න එක එක ජාතියේ සෙල්ලම් බඩු අනම් මනම්  ගෙනැල්ලා දීලා.. (ඉරිසියාවෙත් බෑ) :D

ඕගන් එක

       එක දවසක් අමුතු අමුතු සද්ද ඇහෙනවා ගේ ඇතුලෙන්.. හොයලා බලද්දි ඕගන් එකක් ගෙනැල්ලා දීලා.. අෆොයි.. දැන් නම් මං ඉරිසියාවෙ පැලෙනවා.. :D 
        මුන් ඕකෙන් පුරුදු වෙනවා නම් කමක් නැහැ ඒකෙ තියෙන මියුසික් කෑල්ලක් දාගෙන.. ඒකට ගැලපෙන්නැති සිංදුවක් මහ හයියෙන් කියනවා..! මට ඉතිං ඔය වෙලාවට මල විකසිත වෙනවා..!  ඕක එක්කො හෙමින් කියාපල්ලාකො.. ගෙදර තියෙන අලි කැසට් එකට මයික් එකක් ගහගෙන ඔකෙන් කියන්නෙත්..! ඒ අස්සෙ ඒක ඕගන් එකටත් අල්ලනවා.. ඒ වෙලාවට නම් මල් පාත්තියක්ම විකසිත වෙනවා..! :D

ඔක්කොම හොදයි මහ හයියෙන් සිංදු කියන එක තරම් අල්ලන් නැති වෙන මුකුත් නැ මට..! එක්කකො කියහල්ලාකො ලස්සනට.. නිකං මේ අහක ඉන්න ගැරඩි අද්දනවා..!

වයලීං එක

      ඔහොම ඉදලා ඉදලා ලොකු නංගි යනවා මියුසික් කලැසියකට.. අලි මදිවට කොටි කිවාලු.. මෙන්න ගෙනැල්ලා වයලීං එකක්.. අෆොයි.. පොඩි නංගි ඔගන් ගහනවා.. ලොකු නංගි "ස" "ප" මදිනවා.. එහෙන් "රී" ගන්නවා.. ආයේ "ග" ගන්නවා. මට එපා වෙලා ගගේ මාලු ඇගේ නටනවා..! අම්මපා.. බෝම්බ ගහලා මදිනේ..!!  කාක් රැලක් ආවා වගේ..! මොන කරුමයක්ද..


දහම් පාසල් මියුසික් ප්‍රැක්ටිස්


    ඔහොම ඉදලා ඉදලා ඔන්න තව සෙල්ලම් පටන් ගත්තා මුන් දෙන්නා.. අනේ අම්මපා පුලුවන් වැඩක් එපැයැ කරන්න.. දහම් පාසලේ තැගිප්‍රදානෝත්සවේට සිංදු කියන්න ළමයින්ට පුරුදු කරනවා..
ඒ වගේ සති 2-3 ක් නම් අනේ කිසිම හතුරෙකුට වෙන්න නාකයි..! මං පුදුම පවක් කරලා තියෙන්ට ඇති ඒ කාලේ..!!


ෆෝන් හැදිල්ල

         තව මට එපාම කරපු එකක් තමා.. ෆොන් එකේ මොකක් හරි මගුලක් කරගෙන උස්සන් එනවා.. ඒ ඇන්ටි..! එක්කො පාස්වර්ඩ් දාලා කියයි.. එක්කො කීපැඩ් ලොක්.. යකෝ කීපැඩ් ලොක් එක වත් ඇරගන්න බැරිද මංදා..! මුන්ට ගේම් ගහන්නයි.. මං ලොක් අරින්නයි..

තව දවසක් ෆෝන් එක උස්සන් එනවා.. පුතේ මේකට මොකදෝ මංදා අකුරු එහෙ මෙහෙ ගිහින්නෙ කියාගෙන.. බැලින් නම් චයිනිස් වලට ලැන්ග්වෙජ් එක මාරු කරගෙන..! අෆොයි ඉතිං මං පැය ගානක් කටු කාලා අන්තිමට කඩ්ඩට මාරු කරලා දුන්නා..!
ඔය ගෑනි ගැන ලියන්න නම් මට බ්ලොග් පිට 3-4 ක් වත් යයි.. අයේ

ජම්බු ගහ

තව මල පනින වැඩක් තමා මං ඉස්සර අත් පත් කරගෙන උන්න ජම්බු ගහ ලොකු නංගි අයිති කරගන්නෙ..!  අනේ අම්මපා ඕකි ජම්බු ගහෙන් වැටිලා අතක් පයක් කඩා ගත්තෙ නැනෙ.. !! (පස්සෙ නම් ජම්බු ගහෙන් වැට්ටා;-)

අම්මේ ඔය සක්කර වට්ටම් දෙක ගැන නම් කියන්න මට මේ බ්ලොග් ලිපි 3-4 ක් වත් ලියන්න වෙනවා.. ඒක නිසා මේ මදැ.. අම්මපා මට සැකයි ඕකුන් දෙන්නා මට අතවරයක් වත් කරයිදෝ කියලා.. ! :D

ඔන්න කිවා.. මට ඔය කෙල්ලො දෙන්නා පේන්න බෑ හරියේ..!!!


කෙල්ලො දෙන්නෙක්ගේ අතවරයට පත් මං
PirateBunny :D



.

Friday, November 13, 2009

මා හැදු පාසැල් මව්නි දයාදර.........

පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්
පෙම් බස් දෙඩුවෙමු උයන් කොනක හිද
ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු
දෙපාවාරු නැත ඔබ හැර යන්නට..//

නිල් තණ පලසේහි ගැටුනු දෙපාවයි
කෝල හැගුම් කෙලි කවට සිනාවයි..//
මල් නැටුමයි කලගෙඩි නැටුමයි
මගේ දැස තුල යලිත් ඇදේවිද..//

පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්
පෙම් බස් දෙඩුවෙමු උයන් කොනක හිද
ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු
දෙපාවාරු නැත ඔබ හැර යන්නට..//

නෙත කදුලින් හසකෙමින් මුවාකල
සොදුරු පැතුම් පුරවා මනමත්කල..//
මගෙ කෙලිලොල් විය ගෙවුනු වගයි..
මා හැදු පාසල් මවුනි දයාදර..//


පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්
පෙම් බස් දෙඩුවෙමු උයන් කොනක හිද
ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු
දෙපාවාරු නැත ඔබ හැර යන්නට..//

ගායනය:- සෝමතිලක ජයමහා -නිලා වික්‍රමසිංහ
ගැහැනූකෙනාගෙ නම නම් දන්නැ :D

මේ සිංදුව මට ඊයේ ලැබුනෙ. ඇත්තටම මේ සිංදුව මගේ හිතට තදින්ම ඇල්ලුවා ඇත්තම කිව්වෙත් මේක මම දැනට 8 පාරක් විතර ඇහුව දැන්නම් කට පාඩම්. මේ සිංදුවේ තේරුම ඔයාලට හිතා ගන්න පුලුවන්නෙ. කොහොම හරි ඉස්කෝලේ යන කාලේ පිස්සු කෙලිය හැටි මතක් වෙනකොට නම් දැන් ඇත්තටම දුක හිතෙනවා. මම මේ සිංදුව ඊයේ අහන කොට ඇස්දෙකට කදුලු අවා. අයෙමත් මට ඉස්කෝලේ යන්න පුලුවන්නම් කියලා හිතුනා.

ඔයාලටත් මේක අහන්න ඔනේ නම් මෙතනින් බාගන්න පියමන් කෙරුවෙමු
```````````````````````````````````````````````````````