Showing posts with label foods. Show all posts
Showing posts with label foods. Show all posts

Sunday, August 21, 2011

Car ඩ්‍රීම්ස්..

ඔය චූටි කාලෙ ඉදන්ම මට තියෙන උණක් තමා ලොකු ලොකු වාහන හා.. අලුත් ජාතියේ කාර් එහෙම පැදලා බලන්න.. ඉතිං මෙන්න මේ ලගදි හැදුනා hybrid උණක් :D ඉතිං හෝ ගාලා වෙබ් එක හුරලා හුරලා..   විස්තර හොයන්නත්..    ස්ටේට් හිටං දැම්මා.. :D ඔය ස්ටෙට් එකක හරි අපූරු වලියක් ගියා..   එකෙදි.. හයිබ්‍රිඩ් වාහනේ අඩුපාඩුයි.. අද කාලේ හැටියට තියෙන ලාබම වාහනේ ගැනයි, එක එක අය කියපු කතා තමා මේ :D







Hybrid


වාසී:

01. තෙල් ඉතිරිය. (සාමාන්‍ය වාහනයකට වඩා යාන්තමිං)
02. දුම්පරික්ශාවක් අවශ්‍ය නොවීම.

අවාසී:

01. වහනයක ඔය කියන තරම් අඩුවෙන් petrol කරන්නෙ නැහැ.
02. ඒ පොඩි වෙනසක් නිසා ලොකු risk එකක් අරගන්න එක මෝඩ කමක්.
03. වාහනේ second hand market නැහැ.
04. කැඩුනොත් හරි හැප්පුනොත් හරි sorry ම තමා. හදන්න තියෙන තැන් අඩුයි. ගනන් ඇහුවොත් පිස්සුම හැදෙනව.
05. වාහනේ අම්බානක පාහතයි.
06. කිසිම ගතියක් නැහැ.

07. වතුරේ ගියොත් වාහනේ පිරීමට ඉඩ තියෙනවා.
08. පිට පස්සෙන් හැප්පුනත් පුපුරන්න ඉඩ තියෙනවා..
09. බට් කිරිලි අනම් මනම් බැ.. ජෙනුයින්ම කෑලි දාන්ටොන.

ඉතිං මේ සියල්ලම අහං ඉදලා අංතිමේ බනියා ගත්තා තීරණයක්.. ගන්නවා කියලා බරකරත්තයක් :D
අද කාලෙ හැටියට කොච්චර ලාබදායීද කියලා තීරණය කරන්න පහල බලන්න.. 


Cow Cart

අවාසී:

01. බාල යකඩෙන් ලාඩම් ගැහුවොත් ඉක්මනින් ගෙවී යාම,
02. රට තණකොල සොයා යන්න අවශ්‍ය වීම..
03. වේගය අඩු වීම.



වාසී:


01. වියදම අඩුයි (තෙල් ඔන්නැ..)
02. second hand market එකක් තියෙනවා..
03. කැඩුනත් ගෙදර උනත් හදා ගත්තැහැකි.
04. හැප්පෙන්නෙ නැ.. (හප්පන් ගියොත් මිස)
05. ලේලන්ඩ් ලොරියකටත් වඩා උසයි.. යට වදින්නැ..
06. මාරම ලස්සනයි.. 

07. වතු‍රට‍ ‍මොකුත් වෙන්නෙත් නැ
08. යට එල්ලිලා යන්ඩත් ඇහැකි.
09. පොලිස් කාරයෝ නවතන්නේ නෑ.
10. කවුරුත් උස්සන්නේ නෑ.
 
11. Voice Recognize එකකුත් තියේ. කරත්ත කවි සින්දු ශ්‍රවණ කල හැකිය.
12. පසු කාලීන ආයොජනයක් තියෙනවා.. (ගොම පොහොර ගන්න පුලුවන්) (හයිබ්‍රිඩ් එකේ සල්ලි ෆික්ස් ඩිපොසිට් එකක් දානවා බැංකුවේ)
13. අයිතිකාරයාටම එලවතෑකි
14. Alarm Service.
15. Park Anywhere for free! 
16. No Break Oil or No Gear Oil
17. ආදායම් බලපත්‍ර, ඉන්ශුවරන්ස්, ඩ්‍රයිවිං ලැයිසොං කිසිවක් ඇවැසි නැත..  
18. දුම් පරික්ශාවක් අවැසිම නැත..
19. ටයර් වල හුලං යන්නෙ නැත..
20. Facebook Status වලිත් නැත... 

 ∴ අද කාලේ හැටියට වාසී දායකම වාහනය.. කරත්තය.. :D මාත් ගන්නවා කරත්තයක්.. 

පාලි: කරත්තය ඇදගෙන යෑම සදහා ඇබැර්තු ඇත..

ඔන්න කලිංම කිවා.. මං ඩ්‍රයිවර්..!!



අපි කැපෙනවා හෙනම්.. වාහනයක් ගන්න කලිං පොඩ්ඩක් හිතලා බලන්න :D

වාහනයක් ගන්න ගිය මං
PirateBunny



.





  වීශේෂ ස්තූතිය
ශාලිත, බිංකු, ගයාන් කණිශ්ක etc etc

දානේ ගෙදරකදි කල යුතු හා නොකල යුතු දැ..

මේක මේ මං හුග කාලයක් තිස්සෙ ලියන්න උන්න එකක්.. අපි අහිංසක.. හැදියාවක් තියෙන.. තරුණ මහලු ළමයි විදියට.. දානේ ගෙයක් තුලදී.. සංවරව හා.. විනීතව හැසිරෙන්නෙ, ඒ වගේම දානෙ ගෙයක් තුලදි කල යුතු හා නොකල යුතු දේවල් තියෙනවා.. අපි බලමු ඒ මොනාද කියලා.. ..!!



කල යුතු දෑ..

01. දානෙ ගෙදරට යැමට පෙර සීනි 1kg හො ඒ වගේ දෙයක් කඩෙන් ගත යුතුය.
02. බෙර සද්දය ඇසෙන දිසාවට හො.. දානය පැවැත් වෙන තැනට යා යුතුය..
03. ගෙනාපු දේ (සීනි කිලෝ එක etc) දානේ දෙන ගෙදර කෙනෙක්ට දෙන්ටොන..
04. අනිවා දානය වැලදිය යුතුය..!
05. ඩෙසට් එකට බඩේ ඉඩ තියා ගතයුතුමය..!
06. වහාම.. ගෙදර පැමිණිය යුතුය (කාපු බීපු තැන් වල මැස්සෙක් වත් ඉන්නැ)


නොකල යුතු දෑ..

01. සීනි 500g ට වඩා අඩු ප්‍රමාණයක් ගෙන නොයා යුතුය..
02. හාමුදුරුවන් වැලදීමට ප්‍රථම දානය අපි නොවැලදිය යුතුය..!
03. සුප් කියා, හාමුදුරුවෝ අත හේදූ කොප්පයේ ඇති දෑ නොබිය යුතුය..!
04. කන්ද වගේ බත් පිගාන නැති විය යුතුය..
05. ඩෙසට් ජාති 3-4 ක් නොකා සිටිය යුතුය..
06. ශබ්ද පුජාව කරන නලා කරු ඉදිරියේ.. දෙහි වැනි දෑ නොහපා සිටිය යුතුය..!
07. ශබ්ද නගා කතා නොකර යුතුයි..
08. කුස්සිය පලාතෙවත් නොයා යුතුය..!
09. කිසිදා වාහනයකිං දානෙ ගෙදරට නොයා යුතුය.. (වෑන් වගේ)


අනේ මංදා.. ඔන්න ඔව්වා පිලිපදින්ටකො.. සමාජෙ ඉන්න වැදගත්ම පුද්ගලයෙක් වෙන්න හැකි.. :D
මං යනවා ටටා..!
Pirate Bunny

Tuesday, August 9, 2011

හින්ඤංකිතර රස කතාවක්

එක්ස්කියුස්මි.. මාතෘකාව කියවන්න ගිහින් හක්ක පන්න ගන්න එපා...!!!

         වැඩි වල් පල් නැතිව ශොර්ට් කතාවක් කියලා දාන්න අවේ.. මෙව්වාට නම් හිනා යන්නෙ නැහැ තිං.. ඒත් පොඩී ආදර්ශ කෑල්ලක් තියෙනවා ජීවිතෙට ගන්න ඔනි..!!

මේක මට අහන්න ලැබුනේ අද දවාලේ.. කල්හාර මලයයි, ඒකා එක්ක අපු මෙමරි අප්සට් කොල්ලෙක් එක්කයි.. කතා කර කර ඉද්දි..

ඔය වල්හාරයා.. ඌප්ස් සොරි සොරි.. කල්හාර මලයා ඇදන් අපු කොල්ලා ගැන වචන දෙක තුනක් කියන්න ඔනී.. මැන්ස් පොලිසියේ පෙට්ටි කඩලා කියලා මොකක්දෝ ආන්දෝලනාත්මක කතාවක් යනවා (මොකද මං දිහා අමුතු විදියට බලන්නෙ :P) නැ මං කිවේ පොලිස් බයික් එකේ පෙට්ටිය කඩලා කියලා..
ඔක වෙලා තියෙන්නෙ පාරෙ යද්දි ට්‍රැෆික් බයික් එකක අර කිව කොල්ලයි උගේ යාලුවයි හැප්පිලා.. ඉතිං පොරගේ සිහිය විකල් වෙලා..

 පොලිසියෙදි : සර් මාව හැප්පිලාලු
 අයියට : අයියේ මාර සීං එක.. මාව හැප්පිලාලුනේ..
 ඩොක්ටර්ට : අනේ මං දන්නැ ඩොක්ටර් මාව හැප්පිලාලු..
ඔක්කොම ලු ලු ලු... :D

හොදම ආතල් එක තමා.. මුව හැප්පිලා ගෙදර ගිහින් දාපු කල්හාරයාගෙන් අහනවාලු.. මචං උඹ කවුද ?
:D :D

ඉතිං මේ ඔය කොල්ලා කීව කතාව..
මේ ඉන්නෙ කල්හාර උගේ දඩුමොණරයත් එක්ක හා
ලෝක යුද්ද කාලේ භාවිතා කරපු හෙල්මට්ටුවක් සමග..
       ඔය කොල්ලාගේ අයියා බයික් හදන මැන් කෙනෙක්ලු.. ගාල්ලෙ ප්‍රසිද්ද ආයතනයක්.. (මට නම් නම මතක නැහැ :D)  ඉතිං අපේ කල්හාරයා ගේ දඩුමොණරය වගේ තියෙන චැලියෙ (aka හැලිය)  මොකක්දෝ ලෙඩක් ඇවිල්ලා ඕක හදා ගන්න ගියාලු.. බැලින් නම් එන්ජින් එක ඇතුලේ ටයිමින් චේන් එක ඇජෙස් කරන්න තියෙන වීල් එක මිසිං ලු.. දැන් හැම තැනම හොයලා තිබිලාම නැහැ..
       මේන් එක පාරටම අර අයියා ට මල විකසිත වෙලා ශුද්ද හෝඩියේ අකුරු 75 ම කියවගෙන කියව ගෙන බයික් එක කලිං හදපු එකාට බැනන් බැනන් යනවාලු..
පස්සෙ බැනලා බැනලා ඉවර වෙලා....

 අයියා : කවුද මල්ලි මේ බයික් එක කලිං ගලවපු #බලදාරියා විසිං කපා හරින ලදි# ?

 කල්හාර : මං අයියේ...

අර අයියා කටිනුයි පස්ස පැත්තෙනුයි හැම තැනින්ම හිනා වෙනවාලු බඩ අල්ලං :D

ඉතිං ගන්න තියෙන ආදර්සෙ තෙරෙනවානේ ? තැන නොබලා කතා කිරීම තමා..


-------------------------------part 2----------------------------------------

මේක මේ රේඩියොවකදි ඇහිච්චි කතාවක්..

ඔන්න කොල්ලෙක් කඩේකට ගිහින් මුදලාලිට කියනවාලු.. මුදලාලි.. මට හූනු බිත්තර සත 5 දෙන්න කියලා.. ඉතිං ඔය හූනුබිත්තර තියෙන බෝතලේ රාක්කෙ උඩමලු තියෙන්නෙ.. ඔතන්ට මුදලාලි උස නැලු.. ඉතිං මුදලාලි ගේ ඇතුලට ගිහින් ස්ටුල් එකක් අරන් ඇවිල්ලා.. ඒක උඩට නැගලා බෝතලේ අරන් හූනු බිත්තර සත 5 ක දුන්නාලු.. දීලා ස්ටුල් එක තිබ්බ තැනම තියලා ඇවිත් ඉන්න කොට.. 
           ඔන්න අර වගේම ආයේ කොල්ලෙක් ඇවිල්ලා අර විදියටම හූනු බිත්තර සත 5 ක ඉල්ලුවාලු.. මුදලාලිත් ඉතිං ආයෙමත් ස්ටුල් එක ගෙනැල්ලා.. කලිං විදියටම හූනු බිත්තර සත 5ක දීලා කොල්ලාව යැව්වාලු..
         ඔන්න ආයෙත් කොල්ලෙක් ඇවිල්ලා ආයෙම ඉල්ලුවාලු.. ඉතිං අර උඩ විදියටම කරලා.. ඒ කොල්ලාව පිටත් කරලු..
ඉතිං මේක මල කරුමයක් නිසා ස්ටුල් එක තිබ්බ තැනින්ම තියෙන්න ඇරියාලු..

ඔන්න ආයේ කොල්ලෙක් ඇවිල්ලා අහන්නත් කලිං  මුදලාලි අහනවාලු.. ආ පුතාටත් හූනු බිත්තර සත 5ක ඔනිද කියලා.. කොල්ලා කියනවාලු නැ එපා මුදලාලි කියලා.. මුදලාලිටත් හරි සතුටුලු.. ඉතිං අර ස්ටුල් එක ආයෙම තිබ්බ තැනින් ගිහින් තියලා ඇවිල්ලා අහනවාලු.. පුතාට මොනවද ඔනි කියලා..
අර කොල්ලා කියනවාලු..
                මුදලාලි මට හූනු බිත්තර සත 10 ක දෙන්න කියලා..!! :D


ලියන්නට දෙයක් නැති තැන
 කාලය කාල දැම්ම මං
PirateBunny෴.

.

Wednesday, July 6, 2011

කෑම රෙසපි අඩංගු බ්ලොග් වල අප්සැට් කමෙන්ට්ස් සඳහා විසදුමක්.....

     මේක මං සියලුම බ්ලොග් පාඨකයින් උදේසා ගත්ත තීරණයක්.. මේ දවස් වල ගොඩක් අය කතා කරන මාතෘකාව තමා.. කෑම ජාති හදන එක..
        ඔය මාරයා අයියා හිටපු ගමන් දාන කෑම ජාති හදන එව්වා එහෙම.. ඊලගට ගියාම හරේ අයියාගේ සෝස් හැදිල්ල.. හා අද හවස මං දැක්කා.. නලියා.. ලියලා තිබ්බා චිලිපෙස්ට් එකක් හදා ගන්න විදිය ගැන..  ඕක දැක්ක ගමන්ම මට හිතුනා මේ පොස්ට් එක ලියන්න ඕනෙමයි කියලා..  වෙන මුකුත් නෙවේ.. මේක ඇවිල්ලා ස්පෙශල් බීමක්.

අපි බලමු හදාගන්න විදිය...

අවශ්‍ය ද්‍රව්‍ය -

සියඹලා
වියළි මිරිස්‌ කරල් 2-3 ක්
ගම්මිරිස්‌ ඇට කිහිපයක්‌
සුදුලූනු

කරපිංචා
සූදුරු කොත්තමල්ලි ස්‌වල්පයක්‌
උම්බලකඩ
රතු ලූනු
ගොරකා බික්‌ 2 ක්‌ 3 ක්‌
ලුණු


සාදා ගන්නා ආකාරය෴
 
සියඹලා හෝදලා කියලා.. ඉස්ම ගන්න
මිරිස්‌, ගම්මිරිස්‌, සුදුලූනු, කරපිංචා, සූදුරු, කොත්තමල්ලි සියල්ල මිරිස්‌ ගලේ අඹරා රතු ලූනු, ලුණු, උම්බලකඩ හා ගොරකා දමා තම්බා ගන්න.
 

දැන් ඔන්න මේක බොන්න පුලුවන්.. ඔය එන බඩේ අමාරු වලට කියාපු විසදුම.. අර කාපු බීපු ජහ ජරාව ඔක්කෝම සුද්ද වෙලා යනවා.. 

ආ මේකේ නම තමා.. තැම්ඹුම් හොද්ද..

ඉතිං ඔය බ්ලොග් වල කෑම වට්ටෝරු දාන අයට දැන් පුලුවන් අවාසනයෙදි.. මෙකේ ලිංක් එක දාන්න හෝ.. මේක කොපි පෙස්ට් කරලා දාන්න.. උප මාතෘකාවක් යටතේ.. මෙන්න මෙහෙම...

වැරදිලාවත් අප්සට් උනොත්...!!!
                       මෙතැනට යන්න/ මෙහෙම කරන්න..


......................................................................................................................


පාලී: කතාවක් තියෙනවා මේ තැම්ඹුම් හොද්ද ආශ්‍රිතව.. එකත් මතක් කරන්නම්කෝ..


"ඉස්සර කාලේ අම්මලා පුතාලාට කියනවාලු.. පුතේ.. උබ කවදහරි ගේන ගෑනී, කිරි හොද්දක් හදන්න හරියකට දන් නැත්නම්.. අඩුම ගානේ තැම්ඹුම් හොද්දවත් හදන්න දන්නවද කියලා බලලා විවාහ කරගනින් කියලා"

හික් හික්.. ඔවා එහෙම අහලා.. යාලු වෙලා ඉන්න වෙන්ඩ නොනා එක්ක රන්ඩු කරනවා එහෙම නෙවේ ඕං.. දන් නැත්නම්  මේ රෙසැපිය ලියලා දෙන්ට බැරියැ :D :D

විශේෂ ස්තූතිය නදීකා අක්කා.. (හදන විදිය කිවේ එයා තමා :D)


එහෙනම් ආයුබෝවන්.. අපි කැපුනා.. !!!

PirateBunny෴

.