Monday, January 11, 2010

වාහනය ඇල්ලිම සපුරා තහනම් !! ?

ඔන් හැමෝටම සුභම සුභ නව වසරක් වෙන්නට ඔන මේ ලබුවාවු 2010 නව වසර !

කාට කාටත් සුභ නව වසරක් කිව්වට මටනම් මේ වසර සුභ නෑ වගේ. මේ කියන්න යන්නෙ මට මෙතෙක් කාලයකට සිද්දනොවූ විරු කතාවක්
මේක උනේ අද උදේ 10.00 විතර (2010.01.12). ඊයේ දිනයේ මම ගිහින් අපේ අලුත ගත්ත වැන් එකට CD player එකක් හයිකරගෙන අවා. ඒකට අවශ්‍ය බපල් දෙක මම මයි හැදාගත්තෙ. ඉතින් ඔකේ එක බපල් එකක් ඊයෙම හදලා ඉවර කරලා අද උදේ අනික් එක හදන්න මැශින් තියෙන තැනට මම වැන් එක රිවස් කලා. කරුමේ කියන්නෙ අපේ ගෙදරට අපු මෝට බයික් එකක් පිටිපස්සෙ නවත්තලා තබිලා මම ඒක දැක්කෙ නෑ මම රිවස් කලා. අපොයි දෙයියනේ බයික් එකත් පෙරල ගෙන මම රිවස් කරලා තියෙන්නෙ. :( වැන් එකේ පිටි පස්සෙ දොර පොඩ්ඩක් තැලිලා. ඉතින් හත්දෙයියනේ අර බයික් එකේ අපු දෙන්නට පොඩ්ඩක් කෑගහන්න තිබුනනේ. මුන් දෙන්නා මෝඩ ජෝඩුව වගේ බලාගේන ඉදලා. උන්ට ගානක් නෑ මොකද රජයෙන් දීපු බයික් එකක් ඒක. අපෝයි ඉතින් තාත්තගෙන් හොදටම අහගත්තා කන්දෙකෙ ඇගිලි ගහගන්න තරමටම. දැන් ඉතින් බනීට වැන් එක ඇල්ලිම සපුරා තහනම් වෙලා. (තාව කාලිකව) :-)

මට තාමත් දුක එදා පිස්සා ගහලා හදාගෙන ඇවිත් වැඩි දවසක් උන නැති එක. අනික මම වාහන ගෙනියන්න මුලින්ම පුරුදු උනෙත් අපිට දැන් තියෙන වර්ගයේම කලින් තිබුනු වැන් එකෙන් ඒ මම 6 වසරෙ විතර ඉන්න කාලේදි ඉතින් මෙච්චර කල් මගේ අතින් කිසිම අනතුරක් අපේ වාහන වලට වෙලා නෑ. අපේ ලොරිය දිග අඩි 22 ක් විතර මට ඔන තැනක ගෙනියන්න පුලුවන් කිසි අවුලක් නැතුව. මට දුක මටම මේක උන එක ගැන.
මම මේ උන වැඩෙන් හොද දේවල් ටිකක් ඉගන ගත්තා

1. වහනය රිවස්කරන කොට හොදට පිටිපස්ස බලන්ට ඔන (වාහන පුරුදු වෙන කෙනෙක්නම් වාහනයෙන් පිටට ඔලුව දාලා පිටි පස්ස බලාගෙන රිවස් කරන්න බෑ. කන්ණාඩි දෙකෙන්ම පුරුදු වෙන්න.) නැත්නම් ලයිශන් ගන්න ගියාම ඔලුව දැම්මොතින් පේල් ! :)

2. වහනයක් ගමන් කරන කොට කැසට් එක උපරිම වැඩිකරන්නට හොද නෑ (මොකද මම ඒ වෙලාවේ කැසට් එකේ volume maximum (80w) කරගෙන හිටියෙ)

3. රිවස් එකකදි A/C (වායුසමීකරන) තිබුනට කමක් නෑ ග්ලාස් එක පොඩ්ඩක් පහතට දාගන්නට (මම ඒ වෙලාවේ ග්ලාස් වහගෙන හිටියේ)

4. වට පිටාව ගැන හොදටම සැලකිලිමත් වෙන්න ඔන.

තව දෙයක් මට හොදටම පැහැදිලි උනා. මම ලයිශන් ගන්න කලින් මීට වඩා සැලකිලිමත්ව වාහනේ අරගෙන යනවා (රැට එහෙම හොරෙන් තමා ගෙනියන්නෙ;-). ) අපිට ලයිශන් ලැබුනා කියලා හැම දේම ඉගන ගත්තා කියලා හිතන්න නරකයි තව දේවල් අපිට ඉගන ගන්න තියෙනවා කියලා හිතාගෙන වහනය පරිස්සමෙන් ගෙනියන්න ඔන.
ඉතින් මම හිතනවා ගොඩක් ලයිශන් ගන්න එහෙම ඉන්න අයට මේක වැදගත් වේවි කියලා ඒකයි මම මේක පෝස්ට කරන්න හිතුවෙ. ඉතින් අදට මේ ඇති. අයේ හම්බවෙමුකෝ.!

...