Saturday, January 23, 2010

FireFox සමග අලුත් වෙන්න -foxtab

මේක මට අහම්බෙන් වගේ හම්බ වෙච්ච FireFox Add-ons එකක්. ඉතින් ඔයාලටත් කියලා දෙන්න ඔන නිසා මේක ලියන්න හිතුවා.

මේ Add-ons එකෙන් අපිට පුලුවන් අපි දැනට FireFox Browser එකේ open කරගෙන තියෙන tab සියල්ලම ත්‍රිමාණ අකාරයකට බලා ගන්න.




අපි බලමු කොහොමද මේකෙන් වැඩ ගන්නෙ කියලා. මුලින්ම මෙන්න මෙතනින් ගිහිල්ලා මේක install කරගන්න.

ඊටපස්සෙ browser එක restart කරගන්න.

ඔන්න දැන් හරි. දැන් බලමු අපි කොහොමද මේකෙන් වැඩ ගන්නෙ කියලා.

මුලින්ම ඔයා ctrl + tab බට්න්ස් තදකරන්න එතකොට tab ටික ඉස්සරහට ඒවී
ctrl +Shift+tab බට්න්ස් තදකරලා බලන්න එතකොට tab ටික පිටි පස්සට යාවී.

කොහොමද ලස්සනද ?

මේකේ ඔයාට වෙනස්කම් කරගන්න ඔනනම් F12 ඔබන්න.එතකොට මේකේ setting වෙනස් කරන්න එකක් ඒවී. මේකෙන් ඔයාට කැමති කැමති විදියට ටැබ් ගමන් කරන්න හදා ගන්න පුලුවන්.




ඇත්තටම මේක හරිම අපුරුයි නේද ?
ඉතින් ඔයාට වැඩි විස්තර දැන ගන්න ඔනනම් මේක හදපු අයගෙ වෙබ් අඩවියට ගිහින් බලන්න
http://www.foxtab.com/gettingstarted/

ඉතින් අයෙ මේ වගේ එකක් හම්බුනොත් කියන්නම් කෝ.... (කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා!)
                                                          එතකන් අයුබෝවේවා....!



.