Friday, February 26, 2010

බනීට රජකම ලැබුනොත් !

         

ඔන් ඉතින් මේක අමුතු තාලේ මාතෘකාවක් වේවි. මේ කියන්ට යන්නෙ බනියාට හිතිච්ච තවත් සිතුවිල්ලක් ගැන.
             බනියා කැරට් අලයක් හප හප ඉන්නකොට නිකමට හිතුනා රජකම ලැබුනොත් මොකැ කරන්නෙ කියලා. මඩ හොදා ගත් කල ගොවියා රජකමට සුදුසුයි කියනවනම් හාවෙක් කැලෙන් එලියට ඇවිත් රජ කමට එන්ටර් වෙන එක කජ්ජක්ද කියලා හිතුනා.
අප්පා... මේන් එනවා අයිඩියාස්. ඔන්න මට හිතුන දේවල්...


1. මුලින්ම කරන්නෙ වල් හාවෝ අල්ලලා දානවා හිරේ. (ඔය අහිංසක සිල්වා වගේ ඉන්න හාවෝ)
2. හොද වැඩක් කරන හාවෝ මගේ ඇමතිමණ්ඩලය කරගන්නවා. (ඇමතිලා 20ක් පමනි!)

ඔන්න දැන් වැඩ පටා....න් ගන්නවා..

3. සියලුම පාරවල් අයිනෙන් තියෙන නිවාස, පේමන්ට් කඩ, කැතයි කියලා හිතෙන ඔනම දෙයක් පාරෙන් 100m වෙන්න ඇතුලට ගෙනියනවා.

4.පාරවල් දෙපැත්තෙ ගස්, වැල්, මල්,  හිටවලා. උද්‍යාන හදලා පිස්සු නටනවා :P

5. මුහුදු අයිනෙ නිදහසේ ඇවිදින්න තැන්, BBQ, කුඩාරම්, රෝද සපත්තු පදින්න තැන්, බොට්‍ටු පදින්න ඔනේනම් බෝට්ටු, නිසි කසල ප්‍රතිචක්රීකරණ වැඩ සටහන් ( Eg: කුණු කුඩ,etc)

6. සියලුම ධිවරයින්ට අදි ආරක්ෂිත විශේෂිත හාබර්.

7. කාර්පට්‍ කර මන්මාවත්.(අදිවේගි මාර්ග අවශ්‍ය නැත.)

8. අදිවේගී දුම්රිය මාර්ග. සියලුම ශිට් එකක් යටම 230V විදුලි සැපයුමක් හා WiFi Zone,
     Coin laptops :D ,  A/C


9. පරිගණක උපාංග රටවල් වලින් ගෙන්වීම තහනම්! සියලුම දෑ ලංකාව තුල සාදා ගත යුතුයි. (පිටරට සමාගම් වල වැඩ කරන ලාංකිකයින් වහාම ලංකාවට පැමිණිය යුතුයි.) අවශ්‍ය  අමු ද්‍රවය සදහා ණය සහන.

10. භාවිතා කල  වාහන ගෙන්වීම තාහනම්! බ්‍රැන්ඩ් නිව් වාහන අවශ්‍යනම් පමණයි! සියලුම වාහන Made In Sri lanka :D

11. අභ්‍යාවකාශ මද්‍යස්ථානයක්. නාසාහි වැඩ කරන සියලුම ශ්‍රි ලාංකිකයින් වහාම පැමින වැඩ පටන් ගත යුතුය.

12. අදි වේගී අන්තර් ජාල සේවාවන් ( ලිමිටඩ් සේවාවන් තහනම්.!  එම අයතන විසින්  ලබා දෙන  වේගය 20Mbps වලට වඩා අඩුනම් වහාම ඉවත් කරගතයුතුය.!)  විශේශයෙන්ම නුවරට :D @Malinthe :P

13. සියලුම ආහාර ලංකාවේ ඒවා පමණි! (කැරට් සදහා මුල් තැන :P )

14. CTB බස් (සිලෝන් ටකරන් බස්) ඉවතට. (සියලුම බස් A/C විය යුතුය.)

15. සියලුම පාසල් සදහා එකම සැලකිල්ල. (එකක්වත් ලොකු නැත) අවම සිසුන් ගනන 1500 යි.
      එක එක ගාස්තු එකතු කිරිම තහනම්. ළමයින් පාසලට ගැනිම සදහා කඩදාසි පෝරමයක් පිරවීම සෑහේ. ඇවැසිනම් අන්තර්ජාලයෙන් ඉල්ලුම් කල හැක :D (පගාව ගැනිම සපුරා තහනම්)  :)

16. සියලුම පරිගණක මෘදුකාංග රටවල් වලින් ගෙන්වීම තහනම්. ලංකාවේම නිපදවා ගත යුතුය.
     ( නිල OS  එක ලිනක්ස් පාදක කරගත් එකක් විය යුතුය.) හොර එවා තහනම් !

17. ...................

තව ගොඩා.........ක් තියෙනවා.. එවා ලියාගන්න වෙලාවක් නෑ :( අයේ පස්සෙ දවසක රජ කම ලැබුනොත් ඉතුරුවා දාන්නම් :P

ඉතින් යාලුවනේ මේවා කැරට් එහෙම නෙවේ දෙනවා කිවොත් අනිවා දෙනවා. :)

ඉතින් මගේ මේ විකාර අදහස් කියවලා ඔයාලගෙ වටිනා කාලය කාගත්තට බොහෝම ස්තුතියි! :D
  
කමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා හොදේ :D

                                                                                                                    Bunny !

.