Monday, October 24, 2011

ලී මෝලක් දුටුවෙමි..

ලී මෝලක් දුටුවෙමි කිවාට.. හැමදාම උදේ පාන්දර 8 ට වගේ නැගිට්ට මෙට්ටෙන්ම මට පේන්නෙ ලීමෝල.. මොකද ඒක මගේ නැදැයෙක් වෙන තාත්තාගේ වියාපාරේ.. :D  හැමදාම කොක්ක දාලා මඩ ගහලා.. ගියාට මේ මාතෘකාව ගැන ලියන්න කියලා බල කලේ (මරණ තර්ජන) මාරයාම තමා.. :D

ඉතිං ලී මෝලක් ගත්තාම කතා කරන්න මාතෘකා එමටයි.. ඒවා කැටගරි කලොත්.. නැත්නම් ගොනු කලොත් මෙන්න මෙහෙමයි..

01. ගස් කැපීම
02. ඉරීම
03. විකිණීම..

මෙව්වාගෙ උප මාතෘකා වැටෙනවා.. ඒවා කතා කරන කොට බලමු..

01. ගස් කැපීම

මෙකෙන් තමා අපි කඳන් ගේන්නෙ
   කොච්චරවත් හැමදාම දකින්නෙ ලීමෝලක් උනාට මං ඔය ගස් කපන මාතෘකාව ගැන එච්චර දන්නැ.. මොකද අපි ලීමොලක් කරාට ගස් කපන්න යන්නැ.. ඒවා කපන්න වෙනම අය ඉන්නවා.. ඒ අයට සල්ලි දීලා තමා අපි කදන් ගන්නෙ.. ඒවා ගන්නෙ කියුබික් අඩි ගානට.. ගස් වල වර්ගේ හැටියට කියුබික් අඩි යක යම් කිසි වෙළද පොලේ මිලක් තියෙනවා.. ඒ ගානට තමා ගන්නෙ..!!  වෙළද පොලේ මිලක් කිවාට අපි එළෝලු ගන්න පොළ ගැන සිහි කරගන්න එපා.. මොකද කදං ගොඩ ගහගෙන ලාබයි ලාබයි ගාන්නෙ නැනේ.. :D
     ඉතිං අපි එහෙම කඳං කාට හරි කියලා ගෙන්න ගන්නවා.. නැතිනම් අපේ වාහනෙන් ගිහිල්ලා පටවං එනවා.. ලී මෝලක් කියන්නෙ කාර්යබහුල රැකියාවක් විදියට ගස් කපන්න යන කාලය මහ අපරාදයක්.. ඊට ලාබයි ගස් ගන්න එක..

ගහක් කපන කොට උඩ කපන්න එක්කෙනෙකුයි.. යට කපන්න තව කෙනෙකුයි කියලා මිනිස්සු දෙන්නෙක් එනවා.. උඩ කපන කෙනා කරන්නෙ අතු කපන එක.. ගහ අවට ගෙවල් තියෙනවා නම් අතු කඹේකින් බානවා.. යට කපන කෙනා කරන්නෙ පොරවකින් හරි දම්වැල් කියතකින් හරි ගහ නියම ආකාරයට ගෙවල් එහෙම තියෙනවා නම් බේරලා කපන්නේ..

මෙන්න මේ පිංතූරේ තියෙන විදියට තමා කපන්න ඔනේ.. ඔය කඩ ඉරි වලින් ලකුණු කරලා තියෙන විදියට කැපුම් දාලා තමා කපන්නෙ. අංක 1 හා 2 කියන කඩ ඉරි වලින් කපලා.. කොටසක් අයින් කරලා දානවා.. ඒකට කියන්නෙ "අළුව" කියලා..  ඊ ලගට අංක 3 විදියට කෙලින් කැපුමක් දානවා.. ඊට පස්සෙ තියෙන්නෙ දුවන්න තමා :D ඔය ගහ කපන්න කලින් ගොඩක් හොදයි ගහේ මුදුනට කඹයක් දා ගන්න එක.. එතකොට අපිට ඔනි ඔනි පැත්තට ඇදලා ගන්න පුලුවන්නෙ..

ගස් කපද්දි කලුවරට කපන්න එපා කියලා කාලයක් තියෙනවා... ඒ ගැන නම් විද්‍යාත්මක හේතුවක් දන්නැහැ මං.. කලුවරට කැපුවාම ගුල්ලො ගහනවාලු :D මං හිතන්නෙ උන් කලුවරට වෙන්නැති එලියට එන්නෙ..

02. ඉරීම. 


ඉරීම කියන්නෙ මේ කඩදාසියක් ඉරනවා වගේ ඉරන එක නෙවේ.. අවශ්‍ය ගානට කඳෙන් ලැලි හෝ ලී කපලා ගන්න එක.. ඒ වගෙම ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්.. මේකට යන්ත්‍ර සූත්‍ර අවශ්‍යයි අද කාලෙ හැටියට නම්.. මොකද අපි හැමෝම කාර්‍ය්‍ය බහුල වෙලානේ.. ඉතිං හැම දෙයක්ම ඉක්මන් වෙන්න ඔනේ.. ඉස්සර මිනිස්සු ගස් ඉරද්දි යන්ත්‍ර තිබ්බෙ නැනේ.. තිබ්බෙ පට්ටල් ක්‍රමය කියලා දෙයක්..

මේකෙ කරන්නෙ මිනිස්සු හදා ගන්නවා පට්ටලයක්.. කණු 4 ක් ඉංදලා.. එකේ හරහාට ලී එහෙම දාලා අටව ගන්නවා.. ඕක මෙහෙමයි කියලා පැහැදිලි කරන්න බැ.. මං පිංතූරයක් හදුවා පහල බලන්න..


මේකෙ උඩ එක මනුස්සයෙකුත්.. පහල තව මනුස්සයෙකුත් ඉදගෙන ඔය කියත උඩ පහත අදිනවා.. එතැකොට ඉරෙනවානේ කදං.. ඔහොම තමා ඒ කාලෙ ඉරුවේ..

ලංකාවෙ නිශ්පාදීත ප්‍රේම් සෝ මැශිම
දැන් නම් එක එක ජාතියේ යන්ත්‍ර සුත්‍ර තියෙනවා.. අපි පාවිච්චි කරන්නෙ මුල්ම කාලේ ජනප්‍රිය වෙච්ච රෝල් බංකු කියන කියත් වර්ගය.. ඒ වගෙම තව "ප්‍රේම් සෝ" කියලා ලංකාවේ හදන මැශින් එකකුත් තියෙනවා..   රෝල් බංකු කියත ගැන නම් මිනිස්සු ගොඩක් දන්නවා.. නමුත් ප්‍රෙම්සෝ මැශිම ගැන වැඩි කෙනෙක් දන්නැ.. මොකද ඒක එච්චර ප්‍රසිද්ද මැශිමක් නෙවෙන නිසා.. නමුත් මේ වෙන කොට ගොඩක් ලී මෝල් වල මේ මැශිම දකින්න පුලුවන්.. ප්‍රේම්සෝ මැශිම හයි කරන්නෙ නැත්තෙ ගොඩක් වියදම් යන නිසා.. ඒ වෙනුවට දැන් "බෑන්ඩ්සෝ" කියලා කියත් වර්ගයක් එනවා ලාබෙට.. නමුත් ඒකත් ලක්ශ 15 පැනලා.. :D

ප්‍රේම්සෝ මැශිම හයි කරන්න සිමෙන්ති කොට්ට 200 ක කොන්ක්‍රීට් එකක් බිම වලක් හාරලා දාන්න ඔනේ.. ඒ මැශිමේ ලොකු රෝදය තත්පරයට වට 58 ක වේගයකින් කැරකෙනවා ඒකෙ අත එහා මෙහා යන්න සලස්වලා ඒකට අමුනපු කියතෙන් තමා කඳ ඉරෙන්නෙ.. ඒ අත එහා මෙහා යන කොට ඇතිවෙන  ඝර්ශණය අඩු කරන්න තමා එහෙම ලොකු කොන්ක්‍රීට් එකක් දාන්නෙ.. ඉස්සර පට්ටල් ක්‍රමය යාන්ත්‍රික උනා කිවොත් මේ මැශිමට ගැලපෙනවා.. ඇත්තටම ඒ ක්‍රියාවලියම මෝටරයක් හා තව ගියර් පද්දතියක් ආදාරයෙන් තමා සිද්ද වෙන්නෙ..

ප්‍රේම් සෝ මැශිමේ පසුපස  පෙදෙස
ප්‍රේම්සෝ මැශිමේ තියෙන වාසිය තමා.. ඔනේම ලොකු කොටයක් ඉරන්න පුලුවන් වීම හා.. අවම අපතේ යෑම.. රෝල් බංකුවට වඩා මේ මැශිම වාසිදායක වෙන්නෙ ඒකයි.. මොකද මේකෙ කියතේ ඝනකම 3mm වඩා අඩු නිසා.. ඉතිං ලොකු ලීකුඩු ප්‍රමාණයක් වැටෙන්නෙත් නැ..  ඒ වගේම ඔනෑම තද ලීයක් කිසිම කරදරයක් නැතිව ඉරා ගන්න පුලුවන්..
ඒ වගෙම අඩු ශ්‍රම දායකත්වයක් තමා යන්නෙ.. බාසුන්නහේ හා ගෝලයා යන දෙන්නා විතරක් හිටියාම හොදටෝම ඇති..

අවාසියක් විදියට ගත්තොත් තියෙන්නෙ මේකෙන් ලීයක් හෝ ලෑල්ලක් ඉරෙන්න යන වෙලාව වැඩි වෙන එක.. නමුත් අපතේ යන එක වැලකෙන නිසා ඒක ඒකෙන් අවාසියක් වෙන්නෙ නැහැ....

රෝල් බංකු කියත
රෝල් බංකු නිශ්පාදණය කරන්නෙත් ලංකාවෙමයි.. මොරටුව පැත්තෙ මිනිස්සු තමා හදන්නෙ.. 80% විතර ලී වලින් තමා හදන්නෙ.. මේකෙදි කදං ඉරන කොට මිනිස්සු 3 දෙනෙක් ඔනේ. මැද ඉන්නෙ බාසුන්නහේ.. පිටි පස්සෙන් හා ඉස්සරහින් ගෝලයෝ දෙන්නෙක් ඉන්න ඔනේ..

මේකෙ වාසි වලට වඩා තියෙන්නෙ අවාසී තමා :D මුලින්ම අපතේ යන එක වැඩියී.. තව අනතුරු බහුල මැශිමක්.. ශ්‍රමදායකත්වය වැඩී..
මහන්සි වෙන්න ඔනේ..
වාසී විදියට තියෙන්නෙ ඉක්මනට ඉරන්න පුලුවන් එක විතරමයි.. :D



මේ මාතෘකාව ගැන කතා කරන්න දේවල් එමටයි.. පිංතුරත් වැඩී වගේම කරුණුත් වැඩී නිසා මේක කොටස් දෙකකට කඩලා දානවා.. එතැකන් මේක කියවන්න ඉතිරි ටිකෙන් අපි කතා කරන්නෙ ලීමොල් හිමියන් ඔබව යම් යම් වේලාවල් වල අන්දන ආකාරය :D හා තව මැශින් කීපයක් ගැන.. ඒ අතර මං හදපු මැශිමකුත් තියෙනවා.. ඉතිං ඒ ටික ඊලග ලිපියෙන් බලාපොරොත්තු වෙන්නකො :D

Bunny෴

77 comments:

  1. හරි බනියට ලී මෝලක් තියෙන බව නොදන්නා අයට ප්‍රකාශ කරන ලදී

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ලී මෝල් ගැන තාක්ෂණික ලිපියක් නේ! :)

    ReplyDelete
  4. මෙන්න බනියා හා මා අතර මේ ළගකදී සිදුවූ සංවාදයක සරල සංක්ෂිප්තයක්...
    .................................................
    බනීයා- අයියේ මට කියහංකෝ බං මෙච්චර සල්ලි තිබිලත් ඇයි කෙල්ලෝ මං ගැන උනන්දුවක් නැත්තේ..?

    මම- උඹට සල්ලි තිබුනා කියලම වැඩක් නැහැ බනියා ඒක ටිකක් පෙන්නහං..කෑලි වැටෙයි ඕසෙට...

    බනියා- ඉතිං බං අයියේ කොහොමද එක පාරටම කියන්නේ මං පහු ගිය දවස්වල තාත්තා අළුතින් ගත්ත හයිබ්‍රිඩ් එක ගැන කියලත් කිසිම සුගතියක් නැහැනේ..?

    මම- මල්ලියේ කාර් එකක් ගත්තටම මදි..ඒකට පැට්ට්‍රල් ගහන්නත් උඹට ආදායං තියෙනවා කියලා පෙන්නන්නත් ඕන...

    බනියා- හරි බං අයියේ ඕකට පෙට්ට්‍රල් ගහන එක මොකක්ද මං ඕන දේකට සල්ලි ගන්නේ තාත්තාගේ සාක්කුවට බැහැලානේ..ඉතිං ඒක ලිව්වැකිද ඕකේ?

    මම- පිස්සුද යකෝ..ඒවා ලියනවද.. උඹ ලියහං උඹලට සල්ලි එන විදිය...

    බනියා- ඉතිං බං අයියේ සල්ලි එන්නේ ලී මෝලෙන්නේ... මං කොහොමද ඒක ලියන්නේ...

    මම- සිම්පල් වැඩක්නේ බං.. උඹ ලීමෝලක ක්‍රියාකාරීත්වය ගැන ලිපියක් දාහං.. ඒ ගමන්ම පොටෝ කෑලි ටිකකුත් දාහං "අපි මෙකෙන් තමා අරක කරන්නේ".."මේකෙන් තමා අපි මේක කරන්නේ" කියලා එතකොට ඕක බලන උන්ට තේරෙයි මේ කියන්නේ උඹලගේම මෝලක් ගැන විත්තිය.. ඕනනං හිමිහිට ඒ අස්සෙන් උඹලගේ ගේ එහෙමත් අහුවෙන්න පොටෝ එකක් දාහං..හැබැයි ඊට කලින් ගේ අහල පහල සුද්ද කරලා ඉඳින්..

    බනියා- අම්මේ අයියේ උඹනං දෙයියෙක් මං මේ පාරවත් බලන්න උඹ කිව්ව විදියට දාලා... වැඩේ ගොඩ යයි නේද..?

    මම- හරි බනියා ඕනනං බලහං පෝස්ට් එක දාලා පැයක් යන්න කලින් කවුරුම හරි ගෑණු ළමයෙක් උඹ කියන්නේ මොකක්ද කියලා තේරුං ගන්නේ නැද්ද කියලා..:D

    බනියා- එහෙනං අයියේ උඹ මේ කල උදව්ව හින්දා මං උඹේ නමත් පෝස්ට් එකේ දානවා ඈ..

    මම- හා හා දා ගනින්..මයේ මොකෝ...

    ..................................................

    ReplyDelete
  5. අපිටත් ලී ටිකක් නොමිලේ ගන්න පුලුවන් වෙයි නේද?

    ReplyDelete
  6. අන්න මලයො මාරයිය දීල උඹට නැතිවෙන්නම.

    ReplyDelete
  7. අඩෝ මාරයා.. උඹ පස්සෙ ඇවිල්ලා අර වැද වැටිච්ච චැට් එක දාන්නද මෙතැන ? :D

    ReplyDelete
  8. kawuda danne baniya mechchara salli karayek kiyala..........

    ReplyDelete
  9. මට පේන්නෙ මිලි තුනක වාසිය ගන්න විසාල බලශක්තියක් අපතෙ යවනව වගේ. මොකද ඔය ප්‍රේම් සෝ එකේ දාල තීන්න කෑල්ල සර්කියුලර් සෝ එකක හරි වර්ටිකල් බෑන්ඩ් සෝ එකක හරි ඉරා ගත්තනං වියදම බොහොම අඩුයි. ඒ නිසා ඒ වගේ වැඩ නිතර එනවනං තාත්තට කියහන් එහෙම එකක් ගන්න කියල. අනික මොරටුවට ආවොත් පෙනෙයි කඳන් ගොඩ ගහල ලාබයි ලාබයි කියල විකුණනව.

    ReplyDelete
  10. ආ ඒකනෙ කියන්නෙ. කොහෙ ලී ඉරුවත් මොරටුවට එන්න ඕනයි කියලා..හික්ස්...

    ReplyDelete
  11. අඩේ බනියා උඹට මෙච්චර සල්ලි තිබිලත් තාම කෙල්ලෙක් සෙට් උනේ නැද්ද බං. කෙල්ලෝ මෝඩයි බං උඹලා වගේ සල්ලි කාටයෝ ඉන්නැද්දි සත පහක් අතේ නැති හිඟ්න්නොත් එක්කමගේ යාළු වෙන්නේ... :D

    ReplyDelete
  12. බනියත් හේනම් මෝල්කාරයෙක්.... ගොඩක් සල්ලි හේම ඇති නේ.....

    ReplyDelete
  13. උඹ ඉවරයි පුතෝ මාරයා කාලා උඹව .....
    ලංකාදීපේ දැම්මා වගේ තමා .....

    අපි මුකුත් හිතන්නෙ නැහැ ඇත්තම කියපං අර මාරයා කියලා තියෙන්නෙ ඇත්තද?

    අපි ලංකාදීපේ ඇඩ් එකක් දාමු මහා ලී මෝල් හිමි බනියාට මනමාලියෙක් සොයයි කියලා ....

    ReplyDelete
  14. මෙන්න තවත් ගස් හොරෙක් .උබ ගැන කෙල්ලෝ හිතන්නේ ඔහොමයි..

    ReplyDelete
  15. මාත් මේ බනියගෙ මෝල බලන්න ආව :D

    ReplyDelete
  16. මාර අයියගේ ගාන හරියට ගෙව්වේ නැද්ද.වැඩේ ලීක් වුනේ.

    ReplyDelete
  17. කෙල්ලෙක් ගන්න ඉස්සෙල්ල මෝල (ලී) උඹේ නමට ලියාගනිං.

    ReplyDelete
  18. ලී මෝලයි, කොටන් අදින වාහනෙයි, ලක්ෂ කීයකදො ප්‍රේම් සෝ එකයි.... හරි හරි හරි. :P
    පවුලෙ එකම පුතාද?

    ReplyDelete
  19. අයියේ ඔයාගේ ඊළඟ ලිපියත් කියවලාම ඉතිරි මැසින් වල ගණං ටිකත් බලලම මම ඔයාට කැමතිද නැද්ද කියන්නම් හොඳේ

    ReplyDelete
  20. හොද ලිපියක්. දිගටම කරගෙන යන්න.

    ReplyDelete
  21. බනියට මෝල් කියලා පත්තරේ ඇඩ් එකක් දැකාලා ආවේ . . හික්ස්

    ReplyDelete
  22. ඔය මාරයගේ ලනු කන්න එපා හාවෝ . .

    මෙන්න අහ ගනින් නියම උපදෙස්

    එක්සයිස් කරලා මුලින්ම බඩයි කඳයි ටිකක් කෙට්ටු කර ගනින් (කෙල්ලෝ කෑම්ති නෑ මහත කොල්ල්න්ට). .

    ජෙල් ටිකක් ගාලා කොන්ඩේ ස්පයික් කර ගනින් . . .

    සන්ග්ලාස් එක්ක දාගෙන හවහට හවහට ගාලු පැත්තේ දවස් දෙක තුනක් කැරකියන් . .

    බොගේ ඔය අහිංසක හිනා මූන දාන්න නම් එපා ටිකක් රෆ් වගේ හිටපන් (කෙල්ලෝ කැමති නෑ අහිංසක කොල්ලන්ට)

    ලී මෝල් තියෙන බව කිය කියා ඉන්න ඕන නෑ උඹ සතියෙන් ගොඩ . .

    ReplyDelete
  23. සුදු නංගි කෙනෙක්Monday, October 24, 2011 2:35:00 AM

    අලේ, සෝක් අය්යා කෙනෙක් වගෙ.

    ReplyDelete
  24. කළු නංගි කෙනෙක්Monday, October 24, 2011 2:37:00 AM

    තව මැෂිං ගැන කියන්ඩ තියෙනවලු. අය්යම හදපු මැසිමකුත් තියෙනවලු. අනේඒඒඒඒඒඒ

    ReplyDelete
  25. මොකක්ද දුකා ඒ කලේ.. උඹ මූව කෑවනේ.. සික් කඳ බඩ ගැන කියන්න කිව්වේ කවුද..? අපි දෙන්නා කතා වෙලා කරපු වැඩක් මේක... නැතිව මං දානවද මේවා... නැත්තං මූ කොච්චර ලිව්වත් කෙල්ලන්ට මේවා තේරෙන එකක් නැහැ කියලා හිතලයි මං ගානට අර ටික දැම්මේ..මඩ වගේ පෙනුනට දැන් බනියට මේකේ රිප්ලයි කරන්න බැරි වෙන තරමට අරෙහෙ බුකියේ කෙල්ලෝ චැට් එකට ඇවිල්ලා... චී චී දැන් මේ උඹ කරපු වැඩෙන් ගහපු ප්ලෑන වතුරේනේ..

    ReplyDelete
  26. සුදු නංගිගෙ තාත්තාMonday, October 24, 2011 2:38:00 AM

    සිමෙන්ති කොට්ට දෙසීයක කොන්ක්‍රීට් එකක් මොකටද ළමයො?

    ReplyDelete
  27. අය්යගෙ මැසිමෙ විස්තර දානකං ආසාවෙන් බලාන ඉන්නවා.

    ReplyDelete
  28. මෝල් අය්යකෙනෙක්.

    ReplyDelete
  29. ආ මේකද මේ බනියගෙ මෝල ? අදනෙ දැක්කෙ !

    ReplyDelete
  30. ඉස්සර රේඩියෝ ඇඩ් එකක් තිබුණා, මුලින්ම මහා සද්දයක් දාලා ඊලඟට කියනවා ඒ හඬ ඇසෙන්නේ මාළිගාවත්ත ලී මෝලෙනි කියලා.

    නින්දෙන් ගොරොවන උන්ට ඒ ඇඩ් එක කියලා තමයි විහිළු කරන්නේ.

    බැන්දට පස්සේ තමයි ඒවා තේරෙන්නේ!

    ReplyDelete
  31. අනේ ඉතිං කවදද මාව බලන්න කට්ටිය එන්නේ..?

    ReplyDelete
  32. අය්යෙ, අපි අර ප්‍රේම් සෝ මැසිම ලක්ෂ පහළවකට විතර විකුණගෙන, සල්ලිත් අරන්, ලී අදින ටිපර් එකෙන් පැනල යංද? මොකද, ඔය මෝලෙ සද්දෙ අහ අහ ඔතන ඉන්ඩ කන් තියෙන කෙල්ලෙක් කැමති වෙන්නෙ නෑනෙ.

    ReplyDelete
  33. 1. ඝර්ශණය අඩු කරන්න තමා එහෙම ලොකු කොන්ක්‍රීට් එකක් දාන්නෙ..

    ෂුවර්ද?

    2. මේ කම්මලේ අනතුරු වලින් ආරක්‍ෂාව හරිම අඩුයි වගේ.

    ReplyDelete
  34. බනියගෙ මැසිමMonday, October 24, 2011 2:59:00 AM

    ඊලඟට මං ගැන... කියහංකො බලන්ට.

    ReplyDelete
  35. අනේ බනියා කෙල්ලෙක් දා ගන්න කරදර වෙන තරම... පව් අප්පා...3D Max දනන කොල්ලෙක් නේද බනියා...දැන් පවුලෙ ඉන්නෙ බනියා විතරද? නැත්තම් 10ක් විතර ඉන්නවා නම් කෙල්ලට ඔය ලී මෝල ගැන කීවාට වැඩක් නැහැනෙ මලේ... හක හක...

    ආ මාරයා අයියා අන්න සංසාරෙම නාවලා.. පොඩ්ඩක් ගිහින් ප්‍රීති වෙන්න..

    ReplyDelete
  36. අය්යෙ අර කරදරයක් නැතුව ඉරා ගන්ට පුළුවන් මැසිම හෙන විසාලයිනෙ බං

    ReplyDelete
  37. ගුරුන්නාන්සෙMonday, October 24, 2011 3:04:00 AM

    ගස් කපනකොට, ඒවෑ තියෙන කුරුළු කූඩු කැඩෙන හින්දා, ඒ පවට තමා බොට කෙල්ලෙක් හරි යන්නෙ නැත්තෙ.

    ReplyDelete
  38. අය්යෙ, මෝලෙ ඉඳන් බලද්දි ඔයැයි කාමරේ පේන හැටියෙත් පොටෝවක් දාන්ට.

    ReplyDelete
  39. කළු එකීලෑ අප්පාMonday, October 24, 2011 3:15:00 AM

    ඊලඟ ලිපියෙන් කතා කරන්නෙ ලී මෝල් හිමියන් අපව අන්දන ආකාරයලු.
    එතකොට ලී මෝල් හිමියන්ගෙ පුත්තු, අපේ කෙල්ලන්ව අන්දන විදිහ කතා කරන්ට බලාපොරොත්තු වෙන්නෙ ඊටත් පස්සෙ ලිපියෙන්ද?

    ReplyDelete
  40. මේ හොර හාවා තමා එහෙනම් හොරෙන් කොටන් බිස්නස් කරන්නේ...

    ReplyDelete
  41. අය්යා බනී හින්දා අය්යට හරි යන්නෙ ඉතින් හා පැටික්කියක් තමා.

    ReplyDelete
  42. ඒ බනි අයියෙ අපි දෙන්නා පැනලා යන්ද?
    ටික කාලෙකට ලුණුයි බතුයි කාලා ඉදිමු රත්තරනේ. පස්සෙ අම්මලා කැමති වුනාම ගෙදර එමු. හැබැයි අර කංකලච්චලේනම් මට ඉන්න බෑ.
    මම ඔයාට බොක්කෙන්ම ලව් මෙයා.. :*

    ReplyDelete
  43. "මේකෙ කරන්නෙ මිනිස්සු හදා ගන්නවා පට්ටලයක්.. කණු 4 ක් ඉංදලා.. එකේ හරහාට ලී එහෙම දාලා අටව ගන්නවා.. ඕක මෙහෙමයි කියලා පැහැදිලි කරන්න බැ.. මං පිංතූරයක් හදුවා පහල බලන්න.."
    කියලා අයියා දාලා තියෙන පින්තූරේ දැක්කාම මගේ හිතේ අයියා ගැන හටගත්තු ප්‍රේමය සුටුස් ගාලා හිඳීලා හියා. ඇයි දෙයියනේ අයියා ඒකේ කොටේ විතරක්යැ අට්ටාලෙත් එක්ක ඉරනවනේ. අර වලිගේ මැද්දෙන් දාං ඇබේ ගලවපු වඳුරා හොඳා කියලා හිතුනා. ඔහොම ගියොත් අයියා කවදා හරි අර ලක්ස ගානක් දීලා තාත්තා ගත්තු ප්‍රේම් සෝ මැසිමත් දෙකට ඉරලා දායි.

    ReplyDelete
  44. @අන්තිම ඇනෝ. එතැනදි කරන්නෙ ඒ ඉස්සරහා තියෙන ලීයට ටිකක් පස්සට වෙන්න තව ඒ වගේ ලීයක් දානවා.. ඉස්සරහා තියෙන එක ගලවනවා.. ඊට පස්සෙ ඉතිරි ටික කපනවා.. එහෙම මාරු කර කර තමා කපන්නෙ.. ඕක හිතන්න බැරි කෙනෙක් එක්ක නම් අනේ මචං තරහා අවසර.. මට නම් එපා බොලයි නංගිවත් :D

    ReplyDelete
  45. හප්පා උඹ ඉවරයි කොල්ලෝ..හෑබයි දෑන් නම් අනිවා කෙල්ලෙක් සෙට් වෙයි වගේ....

    ReplyDelete
  46. එල ලිපිය බනියා දන්නෙ නැති දේවල් ගොඩක් දැන ගත්තා... ලී මෝල බනියා සහ බනී මාර මඩ ගැන හික් හික් හික්

    ReplyDelete
  47. ගල් කපන මැසිමකුත් තියෙනවයි...

    ReplyDelete
  48. ලිපිය හොඳයි..! ඊට වැඩි දෙයක් නොකියමි. :D

    ReplyDelete
  49. ඇයි රත්තරන් අන්තිම ඇනෝට විතරක් උත්තර? මමත් බලාන ඉන්නෙ ඔයාගෙන් වචනයක්.

    ReplyDelete
  50. ඇයි බනි අයියා මේ විදියට මගෙ හිත පාරන්නෙ. අනේ මගෙ සුදු අයියෙ මම ඔයාගෙන් උත්තරයක් ලැබෙනකං ඉවසිල්ලක් නැතුව ඉන්නෙ.

    ReplyDelete
  51. බඩ තිබුණට කමක් නෑ අය්යෙ, මං මනාපයි. ඔයත් බේද සලකන්නෙ නෑ නේද?
    ප.ලි. ලී මෝල ඔයා නමට නේද?

    ReplyDelete
  52. ලී මෝලක් කිවුවම මම හිතාගෙන ආවෙ වෙන එකක්.

    ReplyDelete
  53. අප්පා... අපිත් මෝල බලං යන්ඩ ආවා...
    ලිපිය නං මරු. මඩපාරෙත් වරදක් නෑ නේ?

    ReplyDelete
  54. අපිටත් දවසක ඉර පායාදෝ... නැද්ද බං බනියෝ... (තරහ අවසර...)

    ReplyDelete
  55. හික්ස්.පව් නෙ මේ බනි අය්ය ගෑන හිත ගිය නන්ගියෙක් ඉන්නවානෙම් විහිළුවට නෑතුව ලියන්නකෝ.

    ReplyDelete
  56. අම්මෝ.ලී මෝල බලන්න අපිත් එන්නම්කෝ ට්‍රිප් එකක්.මේ අලෝ මම අර කලින් කමෙන්ට් එක දෑම්මෙ විහිළුවට හොදේ.

    ReplyDelete
  57. @ මාතලන් :- මුගේ සයිස් එකට ඒ මැසිමත් තියෙනවන්ම්.. මෝල බලාගෙන මූට සෙට් වෙන කෙල්ලොන්ට බඩු පැකට්...

    ReplyDelete
  58. බනියෝ.... තාත්තගේ ලී මෝල ගැන දාන්නේ නැතුව උඹේ මෝලේ ක්‍රියාකාරීත්වය ගැන වටිනා ලිපියක් දාපන්.... කෙල්ලෝ වැටෙයි සුටුස් ගාලා (ක්‍රියාකාරීත්වය හොඳ නං විතරක්...)

    ReplyDelete
  59. මම නම් අදයි දැන ගත්තේ බනියා ගැන...මාර බ්ලොග් එකේ පෝස්ට් එකක් දැකලයි මම ආවේ...මාර අයියා දීපු උපදෙස් හරියටම පිලි පැදලා වගේ :)) දැන් ඉතින් ෂුවර් එකටම වැඩේ හරි යනවා...

    ReplyDelete
  60. අනේ අසරණ බනියා....මාරයාට සිතින් පිං දිදී හැම තැනම බැන බැන යයි. හික්ස්. එෆ්.බී එකේ තියෙනව දැකලයි ආවේ. :D :D

    ReplyDelete
  61. මචන් දැන් කදන් යන රේට් එකත් දාපන් එක ඊලග එකෙන්........

    ReplyDelete
  62. අනිත් ලිපිය දාද්දී බනියට කෙල්ලෙක් සෙට් වේවි වගේ...

    ReplyDelete
  63. මාරයට පින්සිද්ධ වෙන්ඩ මාත් මෝල බලාගත්තා... :)

    ReplyDelete
  64. සැලෙන්න එපා බනියෝ........ ඔහොම එක එක ක්‍රම ටෙස්ට් කොරගෙන යද්දි කොල්ලා ගොඩයන්නේ නැතෑ..........

    ReplyDelete
  65. බනියා මාරයාගේ ලණු කෑවා සේ..

    ReplyDelete
  66. අර පලමුවෙනි රූපෙ පැත්තකින් තියෙන්නෙ බනියගෙ ගෙ මයෙ හිතෙ.

    ReplyDelete
  67. ලොල් ය.. කෙල්ලෙක් හම්බ වුණාද?

    ReplyDelete
  68. හෙලිදරව්ව වගේ ද නැත්තං පලි කැල්ලක් වගේද නැත්තං මඩක් ද අර මාරයා ගහලා තියෙන්නෙ.....

    බනියා ඉන්න හැටියට එහෙම මානසික පීඩනයකින් ඉන්නවා කියලා කොහොම හිතන්ඩද නේද? සිනහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා/බනියා....

    ReplyDelete
  69. "ඉතිරි ටිකෙන් අපි කතා කරන්නෙ ලීමොල් හිමියන් ඔබව යම් යම් වේලාවල් වල අන්දන ආකාරය :D.."
    බනියෝ...තාත්ත ගෙදරින්‍ දොට්ට දැම්මහම යන්න තැනකුත් හොයාගෙනම ඊලඟ කොටස ලියන එක තමා ඇඟට ගුණ....හිකිස්.. :D

    ReplyDelete
  70. හප්පේ...බනියට මෝලක් හය් කොරල දෙන්න, මාර පුත්තරය වෙලා තියෙන මහන්සියක්...."රොමාගෙ වාසනාවෙ" කියනව වගේ "කෘතඥ වෙයං කොළුවො.... කෘතඥ වෙයං"

    ReplyDelete
  71. මේ පොස්ට් එක බනියා ගේ 'මෝල' ගැනයි...

    ReplyDelete
  72. හප්පේ කෙල්ලෙක් වෙනුවෙන් වෙලා තියෙන මහන්සියක්...

    ReplyDelete
  73. මාර උපදෙස් අනුව වැඩේ ගොඩ ගියාද බනියෝ...

    කෝ ගෙදර පොටෝ කෑල්ලක් දාලා නෑනෙ බන් මාරයා ඔච්චර කියලත්..

    අපේ පැත්තෙ නම් තියෙන්නේ බෑන්ඩ් සෝ තමයි...

    ReplyDelete
  74. හා ගෙදරට මුලින්ම ගොඩ වැදුන දවසේ හාවා ඇදගෙනම නාලානේ
    හරියට අර නරියත් එක්ක එකතු වෙලා ලැබූ කිරිබත් උයපු හාවට වෙච්ච වැඩේ වගේ වැඩක්නේ උඹටත් වෙලා තියෙන්නේ

    (මම මේ මාරයට එහෙම නරිය කිව්වා නෙමෙයි)

    ReplyDelete
  75. එල පොස්ටුව කෙල්ලෝ ගැන නම් නොකියමි

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.