Showing posts with label ඡංදය. Show all posts
Showing posts with label ඡංදය. Show all posts

Friday, March 9, 2012

ඇල්බට් මංත්‍රී තුමා..

ඔන්න අද හවස අපේ ගෙදරට මනුස්සයෙක් ආවා.. ව්‍යාපාර සම්බන්ද වැඩකට.. ඉතිං මේ මනුස්සයා මොනාදෝ මොනාදෝ කියවලා කියවලා අන්තිමෙ කිවා.. පුතා දන්නැ.. අහවල් මනුස්සයා මගේ යාලුවා.. තාත්තා හිටියා නම් හොදට අදුරනවා.. ඔහොම අනම් මනම් කියලා මාව අන්දන්න හැදුවෙ.. මං තිං හා අංකල් එහෙමනම් තාත්තා ඉන්න වෙලාවක එන්නකො කියලා ශෙප් එකෙ කැපුනා..
     ඉතිං උන්දැ ගියාට පස්සෙ අපේ මැණිකා.. මැණිකා කිවෙ මයේ ගෑනී නෙවෙ.. අපේ ගෙදර වැඩ කරන මනුස්සයෙක්.. (ඔය උන්දා ගැන කතා 2-3 කුත් මං ලියලා ඇති..)   ඉතිං මිනිහා මං ලගට කිට්ටු වෙලා කිවා.. පුතා දන්නැ.. අරූ අර රටබයිලා ගැහුවට ඔය ඇල්බට් කියන පොර මහ මෝඩ ගහක්.. කියලා කතාව පටන් ගත්තා..

 කතාව:-
    මේ ඇල්බට් කියන මනුස්සයා ඡංදෙ ඉල්ලන්න ගිහින්.. ඉතිං ගමේ මිනිස්සුන්ට හොදට සලකලා.. අනේ ගමේ හැම වයසක මනුස්සයෙක්ම එයාගෙ අම්මා තාත්තා වගේලු ඒ දවස් වල.. කෙල්ලො කොල්ලො තමන්ගෙ ළමයි වගේලු.. තවත් සමහරු සහෝදරියො වගේලු.. නැදැයෝ ගොඩාආආඅයි ලු..
 ඉතිං ඉතිං ඔන්න ඡංදෙ දවසත් කිට්ටු වෙලා.. හැමොම ඡංදෙ දාල ඇවිත් වෙන්ඩ මංත්‍රිතුමාගෙ ගෙදරට සෙට් උනාලු.. එදා ඉතින් රජ පාටිලු.. අනම් මනම් බයිට් ජාතිද.. ලොකු ලොකු බීම ජාතිද.. අත පය දෙකම දිග ඇරලා වියදම් කරලා.. හැටක් විතර සෙනගත් ඉන්නවාලු ගෙදර.. වෙන මොකටද ? සතුටට සතුටට..
ඉතිං ඔහොම  කකා බිබි ඉන්න කොට ඡංද ප්‍රතිෆලත් ඇවිල්ලා.. දැන් ඔන්න වෙන්ඩ මංත්‍රිතුමාගෙ කකුල වෙව්ලනවාලු.. බිම හාරනවාලු.. ලගින් ඉන්න උන් හයියෙන් මිරිකනවාලු..
         ඔව් අහවල් ආසනයේ අහවල් මංත්‍රී.. මංත්‍රී ඇල්බට් මහතා.. ඡංද 14 ක් ළබාගෙන ඇත...
වෙන්ඩ මංත්‍රීට හීන් දාඩිය දාලා.. අර කකා බිබි උන්නු සෙනගටත් මොකදෝ උනාලු..

විනාඩි පහක් විතර නිශ්ශබ්දව  හිටිය මංත්‍රි තුමා..

සිකේ.. දවල්ට කන්න දෙන්න ගෙනාපු බත් පාර්සල් 50...?


පස්සෙ ඇහිකුංඨකයා මැරිච්ච නයා වගේ ගෙදරටම වෙලා උන්නාලු මේ මනුස්සයා.. කාලයක් පිස්සු වගෙත් තිබ්බාලු.. පවු ඉතිං..


පාලි: සාමාන්‍යයෙන් මගේ පොස්ට් එකකට කමෙන්ට් වැටෙන්නෙ 20 කට අඩු සංඛ්‍යාවක්.. ඒත් විවෙචන හා ආගම වගේ දේවල් වලදි කමෙන්ට් වැඩි මොකද? කවදාවත් දැකලා නැති අයත් කමෙන්ට් කරනවා.. මරු :D

Friday, February 3, 2012

අල වුනු හීන වලට විසදුම්

පොඩි කාලෙ ඉදන්ම අපිට හීන තියෙනවා.. වැසිකිලි බරක් තරම් උසට..ගාල්ලෙ ඉදන් අනුරාදපුරෙ වගෙ දුර ගමනක් යද්ද බස් එකේදි වැසිකිලි බරක් අවොත් දැනෙන සනීපෙ ගැන අමුතුවෙන් කියන්න ඔනෙ නැනෙ..ඉතිං ඔය හැම දේකටම වඩා වැසිකිලි බර උසයි..!! මහ මෙරටත් වඩා :D

මේ ලගදි දවසක මොංටිසෝරි කොන්සර්ට් එකක විඩියො එකක් බැලුවා.. බැලුවා කියන්නෙ PC එකෙ දාලා පෙන්නන්න උනා.. 
ඕක අම්මලා තාත්තලාට හරි වැදගත් උනාට මට නම් නිකං කහනවා වගෙ ඔක බලන්න.. මං ඉතිං අහක බලං උන්නා.. මෙන්න පොඩි එකෙක් කතා කරනවා.. අවසානයෙ කියනවා.. එයාගෙ හීරෝ බැට් මැන් කියලා...
මට බකස් ගාලා හිනා ගියා..  අපෙ ගෙදර ඔක්කොම මට එරෙව්වා.. මං මොනා කරන්නද හිනා ගියාට..
සමහර විට ඒ පොඩි එකා බැට් මැන් කියන්නෙ මොකාද කියලවත් දන්නවද දන්නැ..ටිච කියන දේ කරන්න එපැයැ.. මට මතකයි අපි නම් ඉස්සර මොන්ටිසොරියෙ වැඩ කරන්නෙ ටිච දෙන රයිට් එකට වඩා ටිචගෙ උම්මා එකට :D ඕං ඉතිං කියයි පොඩි කාලෙත් වල් කම කියලා.. ඔවා ඉතිං නොතෙරෙන කමටනෙ.. :D

මාතෘකාවෙ හැටියට මේක නෙවෙ කතාව.. මේක ඇවිල්ලා අපෙ ප්‍රසිඩන්ට් මාමා ලංකාවාසීංට දීපු හීන හා අලවුනු හීන වලට විකල්ප..!!
ඔය අතරින් ටිකක් වැඩිපුර කතා කරපු අපි දැකපු දේවල් ගැන කතා කරමු.


01 හම්බන්තොට වරාය
       ඕකට වරාය කිවාට.. තාම නැවු අවෙ නැනෙ හරියකට.. ඉතිං මං යෝජනා කරන්නෙ ඒ පැත්තෙ කොල්ලො කුරුට්ටන්ට.. බල්ටි ගහලා වතුරට පනින්න.. තව නානාප්‍රකාරයෙ ජල ක්‍රීඩා කරන්න, හංස බොට්ටු පදින්න.. ඔය වගෙ එක එක දෙවල් දාලා ආසියාවෙ ලොකුම ස්විමිං පූල් එක කරමු කියලා.

02 රංමිණිතැන්න ටෙලිසිනමා ගම්මානය
        ඇත්තටම මේකෙ අපෙ ලංකාවෙ නලුනිලියො ටික දැම්මොත් උංගෙ තියෙන සුදත් ගිහිල්ලා අන්තිමට කරන්න වෙන්නෙ අප්‍රිකාවෙ වගේ ගොත්‍රික ජාතින් ඉන්න ෆිල්ම් විතරයි.. ඉතිං මං යෝජනවා කරනවා ඕකෙ ෆිල්ම් කරන එක නවත්තලා.. පිට රට ඉන්න සුද්දො සුද්දියන්ට අවුව තපින්න තැන් හදලා දෙමු කියලා..! ඇයි 7 දෙයියනෙ උං මුහුදු අයිනෙ ඉදන් කොයි තරම් දුකක් විදිනවද හම කලුකරගන්න
පොඩි ටිකට් එකක් කැඩුවාම ඕකට ගිය වියදම කවර් කරගත්තැහැකිනේ..

03 වීරවිල ගුවන් තොටුපොල
       ඔය හියිවෙ එකෙ රේස් පදින ලොකු මහත්තුරුයි සාමාන්‍ය පාරෙ බෙල්ල කඩා ගන්න දගලන අපි වගේ හිච්චි කොල්ලන්ටයි තියෙන ලොකු අඩුපාඩුවක් තමා, තියෙන විසෙ ඇරගන්න කාර් ට්‍රැක් එකක් නැති වෙච්චි එක.. ඉතිං මං කියන්නෙ ප්ලේන් පාර්ක් කරන්න කටුනායක තියෙන නිසා.. ඕකෙ කාර් ට්‍රැක් එකක් හැදුවා නම් හරිනෙ පොඩි පොඩි වැඩ කැලි දාලා අතල් එකක් ගන්න.. එතැකොට පාරෙ වෙන අනතුරුත් අඩු වෙලා අනික් මිනිස්සුන්ටත් කරදරයක් නැනෙ.. ඔය නාමල් අංකල්ගෙ රෙස් වලට කොළඹ ටවුම හිරකරන්න ඔනෙත් නැනෙ..

04 ක්‍රිකට් ක්‍රීඩාංගනය
      ඕකෙ ක්‍රිකට් ගැහැව්වොත් අපෙ ක්‍රිකට් ටීම් එක එතැනම කරවල වෙනවා.. එක නිසා මම යොජනා කරන්නෙ මහා පරිමාන කරවලා වේළනා ගාරයක් හදමු කියලා.
"kingපක්ශ පිරිසිදු කරවල"

05 නොරොච්චොල් ගල් අගුරු බලාගාරය
     (මුලින්ම මේකට දෙයක් හිතුනෙ නැ.. ඔන්න ආයෙ කල්පනා කරාම හරිනේ..)
මෙකෙන් කරන්න තියෙන්නෙ රටෙ ඔක්කොම කුණු ටික ගිහින් දානවා ඔතැනට.. පස්සෙ ගල් අගුරු වෙනුවට ප්ලාස්ටික් කැලි කඩ දාසි හැම මගුලම දාලා ගිනිතියනවා. අනික් පැත්තෙන් විදුලිය ගන්නවා.. කුණුත් පිච්චෙනවා.. විදුලියත් ලැබෙනවා.. සිම්පල් ප්ලැන් එකක්

06 මිහිං ලංකා
    මේකෙන් කරන්න වෙන්නෙ ලංකාවෙ හරි පිට රට හරි උංට රටවටෙ ට්‍රිප් එකක් දාලා එන්න චැන්ස් එකක් දෙන එක තමා.. තව මේකට හෙලිකොප්ටර් 2-3 ක් අරං සුදු පාට කරලා.. සුදු වැන් වෙනුවට රෙන්ට් කරන්නත් හැකිනෙ ? නැද්ද මං අහන්නෙ?

අනේ මංදා තව එව්වා ඇති මතක් වෙන්නෙත් නැ.. ඔය කමෙන්ට් එකකිං ලියලා යන්නකො එහෙම මතක් උනොත්.. මං මේක අප්ඩෙට් කරන්නම්..

ඉතිං මං කියන්නෙ.. ජනාදිපති මාමට ආයෙ ඔහොම හීන දෙන්න කලිං.. ඕක හරියටම ප්ලැන් කරලා.. ගන්න පුලුවන් තරම් හැම තැනින්ම ආදාර අරං ඔය කරන මගුලක් කරන්න.. ඊලගට හදලා ඉවර වෙලා අපිව සර්ප්‍රයිස් කරන්න වගේ "ටරා" ගාලා ඔපන් කරන්න.. 
අපිට උනත් එතැකොට තමා කික් එකක් එන්නෙ.. නැද්ද මං අහන්නෙ ?


පාලී: මාව උස්සන්න සුදු වැන් නම් එවන්න එපා.. මැරෙන්න කලිං ආසාවක් තියෙනවා හෙලිකොප්ටරෙක යන්න.. එක නිසා අරමිහිං ලංකා සුදු හෙලිකොප්ටර් ප්‍රජෙක්ට් එක පටන් ගෙන ඒකෙ මුල්ම මගියා විදියට මාව ගන්න..

එහෙනම් ජය  වේවා..!!

 ද බනී..

Sunday, December 4, 2011

1+2 = කීයද ?

මේ අපේ බාප්පා එක්ක චැට් එකක් දාගෙන ඉන්න ගමං බාප්පා කීව කතාවක්.. වැඩි වැල්වටාරම් නැතිව අපි කෙලින්ම බහිමු 89 ට.. ඒකිවේ භීශණ කාලෙ.. මතකද ? මට නම් මතක නැ.. මොකද මං ඉපදිලා තිබ්බෙ නැති නිසා..
      ඒ මගුල් වැඩක් නැ.. කතාව මේකයි.. ඒකාලෙ අපේ රට දැහැමින් මෙව්වා එකෙන් පාලණය කරන් උන්නෙ අතිගරු ජනාදිපති ම නැ ප්‍රේමදාස මහත්තයාලුනේ.. මං දන්නැ උන්නද නැද්ද කියලා මට ශුවරුත් නැ මොකද මං ඉපදිලා නැ.. හරිනෙ ඒ කතා වැඩක් නැ මේකයි කතාව, ඉතිං උන්දැට.. ආ සොරි, එතුමට ඔනි උනාලු  අගමැති කෙනෙක් පත්කොරගන්ට.. කාටද ? ප්‍රේමදාස මහත්තයාට.... ඉතිං ඒකාලෙ මොකක්දෝ කොරමයකට තිබ්බාලුනේ ජනාදිපතිටම අගමැති තෝර ගන්න පුලුවන් විදියෙ බලයක්..
    ඉතිං ඔන්න ඒ බලේ පොරයෝජනයට අරං ඒ කාලෙ මංත්‍රී පට්ටං තිබ්බ මහත්වරු 3 දෙනෙක් ගෙන්නව්වාලු ඉන්ටර්වීව් එකකට.. සිංහලෙන් කිවොත් සම්මුඛ සාකඡ්ඡාවකට.. හරිද.. ඉතිං ඕකට අවේ කවුද දන්නවද ? දන්නැනෙ ?
මුල්ම කෙනා විදියට ඒ කාලෙ අධ්‍යාපන ඇමති ලලිත් ඇතුලත් මුදලි මහත්තයයි
මහවැලි සංවර්ධණ ඇමති ගාමිණී දිසානායක මහත්තයි
ඩී බී නොහොත් ඩිංගිරි බංඩා විජේතුංග මහත්තයයි මේ ඉන්ටර්වීව් එකට අවාලු..
ඔන්න දැන් ප්‍රේමදාස මහත්තයා ප්‍රශ්ණ අහනවලු..

ප්‍රේමදාස: ලලිත්! කියනවා බලන්න 1+2 කීයද ?

ලලිත්:  3 නේ සර් ?

ප්‍රේමදාස: තමුසෙ හරියන්නැ.. යනවා යන්න..! ගාමිණී කියනවා බලන්න 1+2 කීයද ?

ගාමිණීත් ඉතිං ඉගෙන ගත්ත පොරක්ලුනේ.. (මං නම් දන්නැ ඕං)

ගාමිණි: සර් 1 යි 2 යි 1කට තිබ්බාම  12 යි අනික් පැත්ත ගැහැව්වාම 21යි එකතු කලාම 3 යි අඩුකලාම 1 යි..

ප්‍රේමදාස.. නැනැනැ තමුසේ දන්නවා වැඩියි යනවා යන්න !!! ඩිබී තමුසේ කියනවා බලන්න 1+2 කීයද ?

ඩීබී: (රහසිං අහනවාලු) සර් කීයද කියන්න ඔනී ?

ප්‍රේමදාස: අන්න තමුසේ තමා නියම මිනිහා
කියලා අගමැති කරගත්තාලු..

හික් හික් මේක ඇත්ත කතාවක් කියලා තමා අපේ බාප්පා නම් කියන්නෙ.. හැබැයි මට කිසිම වගකීමක් ගන්න බැ මොකද මං ඉපදිලා උන්නෙ නැති නිසා..!!!

පාලි: මේ බ්ලොග් එක දේශපාලනේ පැත්තට යනවා වැඩිද මංදා.. :-/ ඒත් මෙව්වා විහිලු ඇ..!

එහෙනම් අපි කැපුනා
PirateBunny෴


(හසිත හා ඉන්දරේ සහොදරයන්ගේ කමෙන්ට් හමුවේ ටීබි ලෙස තිබූ නම ඩීබි ලෙස නිවැරැදි කරණ ලදි!)

Monday, November 21, 2011

මා දුටු "ගාමනී"

මුලින්ම කියන්ටොන අපේ තාත්තා මං දන්න විදියට ඒකාලේ ඡංදේ දුන්නෙ UNP එකට.. අපිත් පොඩි කාලේ ඉදන්ම නිකන්ම UNP උනා.. මොකද වැඩිපුරම දකින්නෙ කොළපාට කොඩි නිසා.. දේශපාලනය කියන්නෙ මොන මගුලක්ද කියලවත් දන්නැති අපි පාටක් අල්ලගෙන ඉස්කොලේ එවුන් එක්ක මරාගත්තා.. ඒ තාත්තලාගේ පැත්ත ගන්න ඔනි නිසා.. !!
    කාලය ඔහොම ගෙවිලා ගියා.. UNP කියන එකේ තෙරුම දැනෙන්න ගත්තා.. ඒ විතරක් නෙවේ.. අනික් පක්ශ, පාට මිනිස්සු ගැන එක එක කතා, කට කතා අහන්න දකින්න ලැබුනා.. නිල් පාට පැත්ත හරි රතු පාට පැත්ත හරි මොන පාට හරි උනත්.. මට කොළපාට තරම් එක පාටක් වත් අල්ලව්වෙ නැ.. ඒ තරමට මං තාත්තාව විශ්වාශ කරා.. දේශපාලණ පක්ශයකට මාව නිකන්ම තල්ලු වෙලා ගිහින් තිබ්බා.. මට ඒක නවත්ත ගන්න බැරි උනා.. මං කොළපාට උනා..! (නැනැ හම තළෙලුයි)

පසු කාලිනව වෙනසක් උනා.. යුද්දය ඉවර උනා.. අලුත් කෙනෙක් රජ කම ගන්න අවා.. මගේ දේශපාලණ උණ වැඩි උනා.. පාරෙ තියෙන පොස්ටර් එකක් නැර බැලුවා.. මට ඔහු වීරයෙක් වගේ පෙනුනා.. මං එයාගේ පැත්ත ගත්තා.. තාත්තත් එයාගෙ පැත්තට නිකන්ම ඇවිල්ලා තිබුනා..

ඉතිං මම ජෙනරාල් සරත් ෆොන්සේකා මහත්තයාගේ පැත්ත ගත්තා.. එතුමාගේ ගුණ වර්ණනා කලා.. අනික් පාටවල් වලින් සමාජයේ මිනිස්සු මිරිකේද්දි අපිට ෆොන්සේකා මහත්තයා වීරයෙක් වෙන්න ගත්තා.. ජීවිතෙට දැකලවත් තිබුනේ නැති මනුස්සයා මට වීරයෙක් වෙන්න වැඩි කාලයක් ගියේ නැ.. "යුද්දෙ ඉවරකලේ ඒ මනුස්සයා.." අන්න එහෙමයි අපි හැම තිස්සෙම ඒ මනුස්සයාගැන හිතාගත්තෙ..!

නමුත් ඔය සියල්ලම අවසං වී එතුමා හිරේට යනකම් වත් මට ඡංද බලය තිබුනේ නැ..! නමුත් මගේ ඡංදය සරත් මහත්තයාට වෙන්වෙලා තිබ්බා...!



ලොකු ටෝක්ස් නැති චේද තුන හතරකින් මට පෙන්නන්න උවමනා කලේ මං කැමති දේශපාලන පක්ශය ගැන..

+මචං බනියා උඹ ගාමනී බැලුවද ?
 

*නැ බං උඹ ලග තියෙනවද ?

+ඔව් ඕයි මේක අරන් පලයං සිරා කතාව..

*අඩේ මං ෆිල්ම් හෝල් එකේ බලන්න යන්න උන්නෙ බං.. මැක්සා ඇ..
මං පෙන් එක උදුරගෙන ගෙදර එන්න පිටත් උනා.. ..
      දඩිබිඩියේ ගෙනැල්ලා දාලා බැලුවා.. මගේ ලේ රත්වෙන්න වෙලා ගියේ නැ.. සදරු අයියාගෙ යාලුවාගෙ කතාව මට මතක් වෙන්න වැඩි වෙලා ගියේ නැහැ.. මගේ ඇගේ ලේ නලියලා ඇගේ මයිල් කෙලින් වෙලා තරහෙන් ෆෝවර්ඩ් කලේ බයටම.. මොකද මට ලේ හෙල්ලෙන එව්වා බලන්න බැරිකමට, ගැහැනුන්ගෙ පිරිමින්ගෙ බෙලිකපන එකට.. ඒ වගේම අර ළමයා පොලවේ ගහන සිද්දියට.. මගේ හිත සලිත වෙන්න මහ වෙලාවක් ගියේ නැ.. සඳරු අයියා කියන්න වගේ
          "මම මීට දින කීපයකට උඩදී අපේ එහා ගමේ සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරපු ගාමනී චිත්‍රපටිය බැලුවා .ඒත් ඒ චිත්‍රපටිය තුළ තිබුණේ මගේ ගමට හුඟක්ම සමාන පරිසරයක් විතරයි . චිත්‍රපටියේ පළමු විනාඩි විස්ස නම් සියේට සීයක්ම ඇත්ත සිදුවීමක්. ඒත් අනික් ටික කතාවක්ම විතරයි"

ඇත්තටම මුල් විනාඩි 20 තුල කතාව සත්‍ය එකක් කියලා තෙරුම් ගත්තෙ සඳරු අයියාගෙ කතාවෙන්.. ෆිල්ම් එකේ දී ප්‍රේක්ශකයාගෙ හිරි ගඩු පිප්පෙන්න, මයිල් කෙලින් වෙන්න, ලේ රත් වෙන්න තියෙන එකම හරිය ඔය ටික විතරයි..
ඔය ටික බලද්දි අපිට මොකක්ද මතක් වෙන්නෙ ? "යුද්දය" නේ ? ඔනී පොඩි එකෙක්ට යුද්දය ගැන දැනෙන්න කරපු සාර්ථක නිර්මාණයක් විදියට මං ඕක දකිනවා.. ඒ වගේම අපේ මහ උන්ගේ හිත වෙනස් කරගන්න බලකරන චිත්‍රපටියක් විදියට මම දකිනවා..

මට කතා කරන්න ඔනේ උනේ මේ චිත්‍රපටිය ෆිල්ම් හෝල් වල යද්දිත් අපි අතරට ආවේ කොහොමද ?
එක වෙබ් අඩවියක දැක්ක විදියට මෙකේ නිර්මාතෘ කියලා තිබ්බෙ පිටපත ලබාදෙද්දි ඒකෙ තව පිටපතක් හොරෙන් අරගෙන අන්තර්ජාලයට මුදා හැරලා කියලා.. එහෙම වෙන්න පුලුවන්ද ?
චිත්‍රපටියක අවසාන ෆිල්ම් රෝල.. එහෙම නැත්නම් DVD එකක් කියලා හිතමු.. නිශ්පාදක තුමා, ඔන්න මචං ඕක ෆිල්ම් හෝල් වල දාලා මට කීයක් හරි හොයලා දියං කියනවද ? නැහැනේ, වගකීමකින් ඊට වගකිවයුතු පාර්ශවයකට නෙ ලබාදෙන්නෙ චිත්‍රපටි ශාලා වලට බෙදන්න.. ඒ මනුස්සයාත් කීයක් හරි හොයාගන්න වැඩේ නැතිකරගෙන ෆිල්ම් එක එළියට දාවි කියලා හිතනවද ?
      ඔය බෙදාහරින්නා හැර චිත්‍රපටි ශාලා හිමිකාරයින්ට ඔවාගේ පිටපත් ගන්න නම් ගන්න තියෙන එකම ක්‍රමය මගේ දැනිමේ හැටියට චිත්‍රපටිය දාවණය වෙද්දි කැමරාවක් අල්ලං ඉදලා වීඩියෝ කරගන්න එක විතරයි.. (මීට අමතර ක්‍රමයක් තියෙනවා නම් මාව නිවැරදි කරන්න) නමුත් මං බලපු වීඩියෝව හොද තත්වයක තිබ්බා.. ඒක ටොරන්ට් එකකින් භාගත්ත එකක් කියලා සාක්ශි තිබ්බා.. එහෙනම් ඒක කැමරා කොපියක් නෙවෙ.. නමුත් මට දැනුනේ ඒක කැමරා කොපියක් බව අගවන්න බොරු අසාර්ථක උත්සාහයක යෙදිලා තිබ්බා..
      මෙන්න මට හිතෙන විදිය.. මේකට මුලුමනින්ම දේශපාලණික බලපැමක් මත හෝ දේශපාලකයින්ගෙ උවමනාව මත සිද්ද වෙච්ච චිත්‍රපටියක් විදියටයි මම දකින්නෙ, මං එහෙම කියන්න හේතුව මේකයි
        ජිවිතේට "ගෝනගල" ගම දැකලා නැති කොළඹ උන්ට තමා මුලින්ම මේ චිත්‍ර පටිය අහුවෙන්නෙ.. මොකද අන්තර්ජාලෙම ජිවත් වෙන මිනිස්සු වැඩි හරියක් ඉන්නෙ කොළඹ පැත්තෙ නිසා.. ඔබට මතක ඇති කාලයක රජයට කොළඹ නගර සභාව දිනාගන්න පුලුවන් උනාද ? නැහැනේ නේද ? ඒ මොකද යුද්දය කලේ කොහොමද ඒකට උර දුන්නෙ කවුද ඔය සියල්ලම ගැන හිතන්න මොලයක් තිබ්බ උන් ටිකක් උන්නෙ ඔය කොළඹ නිසා.. ඕකට සාක්ශියක් විදියට මට තියෙන්න මේ දවස්වල සෝශල් නෙට්වර්ක් වල වෙන කතා බහා FB, Twitter ඉන්න උදවියට ඕක මං පැහැදිලි කරන්න ඔන අරුමයක් නෙවේ.. තව රූපවාහිනි මාද්‍ය.. කොටින්ම අපේ ගමේ ඇන්ටනාව අඩි 40 උස්සව්වත් පෙනුන චැනල් දෙකයි ඒ රූපවාහිනි හා ITN  ඔය දෙකම කලේ මොකක්ද ? ආන්ඩුවේ වැරදි වහලා නිවැරදී දේම විතරක් මිනිස්සුන්ට පෙන්වන එක.. ඉතිං උතුරෙන් මෙහා ඉන්න මිනිස්සු රජයේ හොද විතරක් දකිමින් සිහින ලෝකයක තනිවෙනවා..  ඒ වගේම බිස්නස් කරන උදවිය.. බිස්නස් කරන අයට ලොකුම සහනයක් දීලා තිබ්බෙ UNP එකෙන්.. මේ දැන් ඉන්න රජතුමාගේ පක්ශයෙන් කවදාවත් සහනයක් තිබ්බෙ නැ.. හොයපල්ලා.. අපිට දියල්ලා කියන මතය උඩයි ඒ අය උන්නෙ.. අපේ තාත්තා UNP උනෙත් ඕක නිසා වෙන්නැති..ඒක නිසා කොළඹ බලප්‍රදේශය කවදාවත් රජතුමාගේ පක්ශයට දිනාගන්න බැරි උනා..

        ඉතිං මේ චිත්‍රපටිය යොදාගෙන අර කොළඹ උදවියගේ හිත වෙනස් කරන්න උණු කරන්න අපූරු විදියට දේශපාලණික උපක්‍රමයක් භාවිතා කලා,  "ගාමනී" එලියට දාලා එක.. රු 150 ට පෙව්මන්ට් එකේ විකුණන ෆිල්ම් එක ගන්න ටිවි එකේ ගාමනී ට්‍රේල එක දැක්ක ඔනි එකෙක්ට හිතෙනවා නිතැනින්ම..

      ඒ වගේම ටොරන්ට් එකක් අමාරුවෙන් බාගන්න එකා ඕක දන්න දන්න හැමොටම දීලා හෙන ආසාවෙන් පොර වෙනවානේ.. පෙන් එකෙන් ඕක වෙන එකෙක්ට දෙන එකේ එකම තෘප්තිය ඒක තමා..
ඉතිං ෆිල්ම් හෝල් වල ප්‍රදර්ශණය වෙද්දිත්, ගාමනී රට පුරා තියෙන ප්ලෙයර් වල.. කොම්පියුටර වල ප්ලේ වෙන්න වැඩි කාලයක් ගියේ නැ..

ඔය චිත්‍රපටියට ගිය වියදම කෝටි 3ක් කියලා හිතමු.. ඕක දේශපාලකයෙක්ට මහලොකු ගානක්ද ? මෝයකටෙන් පොල් ලෙල්ලක් ගියා වගේ ඕක.. ගාමනී අන්තර්ජාලෙට දාලා ඉවර වෙලා, ඔන්න මචංලා අපි ෆිල්ම් එක නෙට් එකට දැම්මා කියලා තව පබ්ලිසිටියක් දෙන්නත් එක්ක නඩුවකුත් දැම්මා.. චිත්‍රපටිය විකිණීම තහනම් කියලා.. අපි ඒක නිසානේ දන්නෙ අඩේ ඩවුන්ලෝඩ් කරගන්න ටොරන්ට් ඇති කියලා..
ඔය නඩුව දැම්මට ඕක එලියට දාපු උන්, විකුණපු උන් එකෙක් වත් පොලිසියෙන් අල්ල ගත්තද ?

දැන් ඔක්කොම හරි.. යුද්දය ඉවර කල එක නම් මාර පිනක්.. ගෝනගල ගමේ වගේම අනික් දුශ්කර ගම් වලත් මිනිස්සු ආයෙ අඩන එකක් නැ ඔන්න ඔහොමයි ඕක බලපු හුගක් අය හිතනවා ඇත්තෙ.. එතැනදි නිකන්ම මතක් වෙන්නෙ ගොඩක් අයට අපේ රජතුමා.. රජතුමනි මේ හාවාට නම් එහෙම හිතුනේ නෑ ඕං..!  යුද්දයෙන් අඩපු මිනිස්සු තාම අඩනවා.. ඒ බඩගින්නට.. අඩනවා නෙවේ ඇඩෙනවා..
      මට ඔනි ඔනි දේ මේකයි කියලා දෙපාරක් ඇඩුවාම දුක හිතිලා අරන් දීපු තාත්තට මට කැමරාව අරන් දෙන්න විදියක් නැ පුතෙ කිවාම මගේ පපුව හෝස් ගාලා ගියා.. ඒක කලේ ඔබයි රජතුමනි..!

      ඉතිං මේ ආන්ඩුව අර ගන්න බැරිවෙච්ච ඡංද කෑලි ටික ගන්න අසාර්ථක උත්සාහයක යෙදුනා කියලයි මේ හාවට හිතෙන්නෙ..

ආයෙ මතක් කරනවා මං සරත් ෆොන්සෙකාගේ පැත්ත ගත්තා කියලා උඩින්ම කියලා තියෙනවා.. ඒ වගෙම මේ ආන්ඩුව පිලිකුල් කරනවා කියලත් බය නැතිව කියනවා.. ඇයි මට මොනා කරන්නද ? වැඩිම උනොත් කොන්දක් නැති ඇනොනිමස් කෙනෙක් කුණුහරුපයක් දෙකක් කියලා දාවි.. ඒ උනා කියලා මාව මරන්නද ? මැරෙන්න උනත් මට කිසි බයක් නැ..

මට හිතුනන විදිය වැරදි සම්පුර්ණ අසත්‍ය විකාර කතාවක් වෙන්නැති.. ඒ ගැන බය නැතිව කමෙන්ට් කරන්න.. මොකද මේ අන්තර්ජාලෙ ඉන්නෙ අපි අපි විතරයි.. මට බැන්නට මං  තරහා නැ කා එක්කවත් :)

එහෙනම් ජය..!!
PirateBunny෴
...

Wednesday, July 20, 2011

රසවිංදනය..

මේක මේ... මේ පාර A/L විභාගෙට සිංහල ලියන උදැවියට පොරයෝජනාත්මක වෙන්න කියලා තමා ලියන්ට තනන්නේ.. අපි අද රසවිංදනය ගැන කතා කරමු..!
අද මං රසවිංදනයට තෝර ගන්නෙ..
    MBBS, මැකැනික්, අති දක්ශ, වෙන්ඩ මහාචාර්ය,   ප්‍රවීන මංඤඤං කවි රචක ඒ.ඒ. අනුෂ්ක ලක්මාල් මහතාගේ මෙව්වා එකක්.. (ඔය ළමයි "මෙව්වා" කියන එකට සිංහල තෙරුම මගෙන් අහන්නැ.. එවා ගෙදර ගිහින් කාගෙන් හරි අහගන්න.!)

මේක ඒ මහතා විසිං රචනා කලේ one zero zero  කියන බ්ලොග් එක සඳහා.. ඉතිං ඒ මහතාගේ මෙන්න මේ සටන කියන මංඤඤං මෙව්වා එක තමා මං අද රසවිංදනයට උපුටා ගන්නෙ.. ඇත්ත වශයෙන්ම කිවත්.. මේ මංඤඤං මෙව්වා එක.. ඒ මහතා කොච්චර ලස්සනට හා අපූර්ත්වයෙන් හෙබිව ලියලා තියෙනවා කිවත්.. ඕක හුගක් අයට තෙරිලා නැහැ..  ඉතිං මං ඒක නිසාම අද මේ බ්ලොග් එක තුල රසවිංදනය කියන පාඩම තුලිං ඔබට පැහැදිලි කරලා දෙන්නම්..!


එකෙක් අත ඉඹලා දෙයි..
තව එකෙක් අතට අත දී දෙයි..
තව එකෙක් වැදලා දෙයි..
වැන්දාම නම් ලැජ්ජයි..
කවදාවත් දැකලා නැති..
එකෙක් ආ මලයා ගා දෙයි..
මාත් ආ අයියා ගායි.. අක්කා ගායි..
අතට අත දෙයි..
ගේ හරියේ කොළ පිරෙයි..
කඩදාසි, ඩේ කාඩ්, දු:ක: කාඩ්, etc
ගේ හැම තැනම..
හනික මා කෙල පිහිදාගයි..
නැත්නම් විස බීජ එයි..
ගේ හරියේ ඩෙටෝල්ද නැත..
නැත්නම් ඩිංගක් බොන්නවත් තිබිනි..
නැන්දාල ඇත.. මාමලාද ඇත.
එකෙක් එක පාටක්..
තව එකෙක් තව පාටක්..
පාට පාට ලෝකයක්..
මෙ ඔක්කොටම දෙන්නෙ කොහොමද ?
ඔක්කොටම තියෙන්නෙ XXX තුනයි...එක පාටයි..! ㋛
ඔක්කෝටම දීලා නිකා ඉන්නවා..
එතකොට හැමෝම මට හොද කියයි..
මටත් හෙන සතුටුයි..!



අපි මේක පැහැදිලි වෙන්නත් එක්කලා.. කොටස් වලට කඩාලා.. ඒ එකෙන් එකට විස්තර කරගමු..!



එකෙක් අත ඉඹලා දෙයි..
තව එකෙක් අතට අත දී දෙයි..


      ඒ කියන්නෙ අත ඉඹලා දෙනවාලු.  අතට අත දෙනවාලු.. සිංහලෙන් කියන්නෙ shake a hand කියලා  අන්න ඒක තමා මෙතැනදි කියන්නෙ..

තව එකෙක් වැදලා දෙයි..
වැන්දාම නම් ලැජ්ජයි..

     මෙතැනදි කියන්නේ වැදලත් මේ දෙනවා කියන දේ දෙනවාලු.. වැන්දාම මේ කවිය තුල ඉන්න පොරට ලැජ්ජායිලු..! 


   
කවදාවත් දැකලා නැති..
එකෙක් ආ මලයා ගා දෙයි..

     කවදාවත් දැකලා නැති පොරක්.. ගෙදරටම ඇවිල්ලා..  ආ මල්ලි..බොක්ක.. වකුගඩුව කෝමද මචං, වචන වලින් ආමංත්‍රණය කරලා.. ඔය දෙනවා කියන දේ දෙනවාලු..

මාත් ආ අයියා ගායි.. අක්කා ගායි..
අතට අත දෙයි..

     ඉතිං මේ මංඤඤං මෙව්ව එක තුල ඉන්න මනුස්සයා.. ඉහත ආකාරයටම ආමංත්‍රණය කරලා අතට අත දෙනවාලු..

ගේ හරියේ කොළ පිරෙයි..
කඩදාසි, ඩේ කාඩ්, දු:ක: කාඩ්, etc
ගේ හැම තැනම..

       මෙතැනදි ගම්‍ය වෙන්නෙ.. මේ මෙව්වා එක තුල ඉන්න පොරගේ ගෙදර, කඩදාසී වලිං පිරිලා ගිහින්ලු.. ඒ කියන්නෙ මොනවද ? අර අත පය ඉඹලා දීපු පොරවල් ලා දීපුවා..! මොනාද ? ඡංද පත්‍රිකා.. (බොරු පොරොන්දු)

හනික මා කෙල පිහිදාගයි..
නැත්නම් විස බීජ එයි..
ගේ හරියේ ඩෙටෝල්ද නැත..
නැත්නම් ඩිංගක් බොන්නවත් තිබිනි..


      මෙතැනදි කෙලින්ම පැහැදිලි වෙන්නෙ.. මේ මෙව්වා එක තුල ඉන්න මනුස්සයා.. අති පිරිසිදු බුවෙක් බව.. මොකද ඩෙටොල් පාවිච්චි කරන පවුලක් විසබීජ වලින් තොරයිලුනේ.. ඒකයි මේ එක වරම ඩෙටොල් බොන්න හදන්නෙ.. මොකද වෙන්ඩ මංත්‍රීලා එක එකාගේ අත් ඉඹලා මොන ජරාව ගේනවද දන්නැනේ..

නැන්දාල ඇත.. මාමලාද ඇත.
එකෙක් එක පාටක්..
තව එකෙක් තව පාටක්..
පාට පාට ලෝකයක්..


    ඡංදයක් උනාම ඔනෑම කෙනෙක්ට ඉල්ලතැහැකිනේ.. මං කියන්නෙ මේ සත්තුන්ට ඉල්ලන්න නම් බැහැ.. නමුත් ඒ වගේ මිනිස්සුන්ට ඉල්ලතැහැකි නෙවැ.. ඒකට ස්ත්‍රි පුරුශ බේදයක් නැ කියලා තමා රචකයා කියන්නෙ. ඒ වගේම.. පාට කීපයක් තියෙනවා.. තැඹිලි, සුදු, කලු.. ඔය වගේ..

මෙ ඔක්කොටම දෙන්නෙ කොහොමද ?
ඔක්කොටම තියෙන්නෙ XXX තුනයි...එක පාටයි..! ㋛


     මෙතනදි කවිය තුල ගැබ්ව ඉන්න මනුස්සයා අහන්නෙ මේ අත පය ඉඹලා.. ලෙව කාලා ආදරය කරුණාව පෙන්නපු.. මිනිස්සු සෙට් එකට, හිතක් පපුවක් නැතිව එක් කෙනෙක්ට විතරක් ඡංදෙ දෙන්නෙ කොහොමද කියලා.. මොකද හැමෝටම මනාපයි මේ මෙව්වා එක තුල ඉන්න පොර..!
ඔය XXX 3 කිං සදහං වෙන්නෙ කතිර.. (නරක සමණලයා මේ වෙන මගුලක් නෙවේ ඩෝ) :D :D

ඔක්කෝටම දීලා නිකා ඉන්නවා..
එතකොට හැමෝම මට හොද කියයි..
මටත් හෙන සතුටුයි..! 
      අවසං වශයෙන් මෙම මංඤඤං මෙව්වා එක තුල ඉන්න පොර.. ඉතා අලංකාර අන්දමිං අති ප්‍රභල තීරණයකට එනවා.. ඒ තමා මෙවර අර අල වෙලා ගිය චංදයට හැමෝටම කතිර ටික දෙන්න.. ඒ කියන්නෙ චන්දය ඉල්ලන හැමෝටම මනාපය ගහනවාලු..! අවසං වශයෙන් ඌට හෙන සතුටුලු..!!

මෙතැනදි මේ මංඤඤං නිසදැස වගේ එක ලීව පොරට පොඩි වැරදීමක් සිද්ද වෙලා තියෙනවා.. "එතකොට හැමෝම මට හොද කියයි.."
මේක වෙන්න බැරි දෙයක් නේ.. මොකද ඡංදයක් තුලදී තමන්ගේ පුද්ගලිකත්වය රකිනවා කියන දෙයක්ලුනේ... (අනේ මං නම් දන්නැ ඔව්වාගේ ඇත්ත නැත්ත, කවුද දන්නෙ ඔව්වා ඒ ලෙසටම කොරනවා කියලා නේද?)  ඉතිං හැමෝම කොහොමද හොද කියන්නෙ ?
...............................................................................................................................

මං හිතනවා අද පාඩම ලෙසටම පැහැදිල උනා කියා..
සෝ
තවත් අපි යතා කාලයේදී මෙවැනි රසවිංදනයකිං මුණගැසෙමු.. එතකං ආයුබෝවං..!!!

PirateBunny෴


.