Showing posts with label තාත්තා. Show all posts
Showing posts with label තාත්තා. Show all posts

Thursday, August 30, 2012

සාස්තරේ..

අද හවස අපේ බාප්පා සිරා කතාවක් කිවා.. සාස්තරයක් අහන්න ගිහින් වෙච්ච සීං එකක්..
අපේ මිනිස්සුන්ට සාස්තර කියන එක හරි ලොකුයිනේ.. ඉතිං මේකයි කතාව.
මේක උනේ 1978 විතරලු.. තාත්තලාග වෙළක් තිබිලා තියෙනවා. එකෙ මැණික් ඉල්ලමක් අහු වෙලා.. ඉතිං මිනිස්සු දම්මවලා හාරලා හාරලා.. කිසිම මැණිකක් අහු වෙලා නැහැ.. ඉතිං මේකට මොකද උනෙ කියලා බලන්න ඒකාලෙ සුප්‍රසිද්දම සාස්තර කියන තැනකට ගියාලු සාස්තරේ අහන්න..
ඉතිං ඔන්න බාප්පයි. අපේ තාත්තයි.. තව වැඩ කරපු දෙන්නෙකුයි එක්ක ගිහින් සාස්තරපලට

ඔන්න දැන් ඒ සාස්තර කියන ආච්චි, එහෙනම් මං කියන එව්වා ලියාගන්න පස්සෙ මගෙන් අහන්න එපා කිවෙ මොනාද කියලා දැන් ඔන්න ආරූඩ වෙලා කියන් කියන් යනවාලු..

අච්චි: ඕ මේ අය ඇවිල්ලා ඉන්නෙ නැති වූ යමක් හොයාගෙන.. ඕ ඕ... එහෙම නේද?
තාත්තා: නැනැ එහෙම දෙයක් නෙවේ
ආච්චි: ඕ ඕං ම්ම්ම් මේ ඇවිල්ලා ඉන්නෙ භූමි දෝශයක් ගැන සොයා ගන්න නේද.. ඒ භූමියට කොඩිවිනයක් කරලා තියෙනවා කියලා පෙන්නුම් කරනවා.. ඕ ඕ.. එහෙම නේද?
තාත්තා: නැනැ එහෙම දෙයක් නෙවේ..
ආච්චි: මෙතැන කවුරු හරි මත් වතුර බීපු කෙනෙක් ඉන්නවා ඒකයි මේ හරියට පෙන්නෙ නැත්තෙ..
ඒකාලෙ බාප්පයි තාත්තයි එහෙම බොන්නෙ නැහැලු.. එත් එතැන සැකේට හිටිය කෙනෙක්ව එළියට යවලා..
ඔන්න ආයෙ දැන් අහනවාලු සාස්තරේ හරියන්නැහැමලු

ඉතිං ඔහොම ආච්චි එක එක දේවල් කියනවාලු කියනවාලු.. ඒත් මැණික් ඉල්ලම ගැන වචයනක් කිවේ නැහැලු.. 
දැන් ආච්චිට කේන්ති ගිහින් දෙවියන්ට බැන බැන අහනවාලු.. ඒත් කොහෙත්ම කියා ගන්න බැරි වෙලා.. ඊට පස්සෙ ආරුඩෙන්ම කිවාලු.. සත්‍යක් කියවුනේ නැත්නම් බුලත් පඩුරු අරන් යන්න කියලා.. ඉතිං ආරුඩෙත් ඉවර වෙලා.. තාත්තයි බාප්පයි සල්ලිත් අරන් එළියට ආවාලු..

එළියට එන්න හදද්දි අර ආච්චි ඇහුවාලු..
මුකුත්ම කියවුනේ නැතෙයි?
නැහැ කිසිම දෙයක් කියවුනේ නැහැ කියලා තාත්තා කියලා..
ආච්චි අහනවාලු එහෙනම් මොනා ගැනද අහන්න ආවේ කියලා..
තාත්තා ඒපාර විස්තරෙ කියලා.. මෙහෙම ඉඩමක මැණික් ඉල්ලමක් තියෙනවා ඒත් මැණික් නැ කියලා..

ආච්චි එක පාරටම කිවාලු ඉතිං හත් දෙයියනේ මං භූමියක් ගැන කිවානේ..??

පාලී: කතාව තේරුනේ නැත්නම් 3 වැනි පරිඡ්චේදෙ කියවලා බලන්න!!


වෙලා තියෙන්නෙ තාත්තයි බාප්පයි මැණික් හැරුවාට ඒ ගැන වැඩිය හොයලා නැහැ.. එතැන ඉන්න මැණික් ගැන දන්න එකා.. හොද මැණික් ටික අරගෙන තාත්තට සාමාන්‍ය ගානට වටින ගල් කැලි වගයක් දීලා මාරු වෙල..!!



Saturday, May 26, 2012

නිවන්සුව..


මේක මේ මට අමතක වෙලා තිබ්බ රසකතාවක්.. අද තාත්තා මතක් කරලා දුන්නෙ.. ඉතිං ලියන්ඩ හිතුනා..

අපෙ අත්තම්මා.. අම්මාගෙ අම්මා.. නැති වෙලා.. අපි ගියා මල ගෙදර.. මං ටිකක් විතර පුංචී.. මට ඒ හැටි ගානකුත් තිබ්බෙ නැහැ.. අපෙ අම්මා නම් අඩාගත්තු ගමන්මයි.. එත් මට නම් ඒක ට්‍රිප් එකක සතුටක් ගෙනාවේ. ඒ ඇයිද මං දන්නැ.. සමහර විට අම්මාගෙ පවුලෙ ඔක්කොම නෑ දැයො එකතු වෙන නිසායි.. ඒ අයගෙ ළමයි එක්ක හොද හැටි නටන්නයි පුලුවන් වෙන නිසා වෙන්ඩැති..

බීම බොන්න.. ගඟේ පීන පීන නටන්න. බෝට්ටු පදින්න.. මාලු අල්ලන්න. තව මං ආසම කරන වැලි පොලවේ බොරු වලවල් හාරලා.. කවුරු හරි චුටි ළමයෙක් ගෙනැල්ලා ඒ වලට දාන්න.. මැංගුස් කඩන්න.. කන්නෙලියෙ යන්න.. කැලේ ඇතුලෙ රවුන් ගහන්න.. කොච්චර සුංදර පරිසරයක්ද ඒක.. ?

අත්තම්මාගේ මරණෙ මුල් දවස් වල වැඩකටයුතු සාමකාමීව උනා.. අපේ ගමේ අයත් අත්තම්මලාගෙ ගමට ඇවිල්ලා තිබ්බා.. ඒ අපෙ තාත්තා වෙනුවෙන්..
ඉතිං ඒ අතරෙ.. වැඩි හිටි කෙනෙක් වෙන.. අපි ආදරෙට කියන රාලහාමි සීයත් ඇවිල්ලා උන්නෙ..
ඒ සීයා තමා පංසලේ දහම්පාසලේ ප්‍රදාණ ආචාර්ය..
            ඔනම වැඩකදි පැනලා දෙන්න සීයා මාර දක්ශයි.. ඉතිං ඒ වෙලා වල හීනියට කොර වෙච්ච වෙලාවලුත් නැත්තෙම නැ..

දවසක් දහම් පාසලේ සමිතිය වෙලාවේ.. සියාට කතාවක් තිබ්බා.. සීයා නොදන්නා සංගීතයක් ගැන කියලා මාර චාටර් එකක් කැවේ.. ගත්තා මයික් එක..


අකුරු මැකි නැ කොල ගැලවී නැ බොද වී නැ සිතුවම්..
ඉස්සර වාගේ.. තාමත් මතකයි හෝඩි පොතේ පාඩම්.. //

මේ ඊරී.. බිම සීරි.. කුන්ඩුමනී හිස පීරි..
දෝසිය පුරාවා දීසි දමා ලා.. හුටා!!

ඊට පස්සෙ මොනාදෝ බයිලා වගයක් කියලා ශේප් උනා..

එත් අද කතාව ඕක නෙවෙ...! මල ගෙදර.. සීයටත් ගමෙන් ගිය අයගෙන් කතා කරන්න කතාවක් දුන්නා.. ශෝකය ප්‍රකාශ කිරීම!

ඇත්තටම අද ඉතා සෝචනීය දවසක්.. අපේ මේ උපාසක මහතාගෙ (අපෙ තාත්තා) ප්‍රිය බිරිද ගේ ආදරණීය මවු තුමිය අද අප දමා යන්නට සැරසී ඇත.. මේ උපාසක මහතා (අපේ තාත්තා) ඉතා අගනා සේවයක් ගමට කරමින් නම දිනාගෙන සිටින මනුස්සයෙක්.. ඔහුට නිතැනින්ම උදව් උපකාර කරන්නෙ ඔහුගේ ප්‍රිය බිරිද.. එවන් දුවෙක් ලබන්න මේ අද අපෙන් සමුගන්න මවු තුමිය වාසනාවන්ත වී ඇත.. ඉතිං ඒ මහතාට (අපෙ තාත්තාට) අපි නිවන්සුව ප්‍රාර්ථණා කරමු..!!

මලා..! අහන් උන්න මිනිස්සු කොහොම හිනාව තදකර ගෙන හිටියද කියන එක මාර ප්‍රශ්ණයක්!!


ද බනී..෴


..

Thursday, March 29, 2012

නඩයකට සෙට් විය..!!

පටන් ගන්නෙ කොහෙන්ද මංදා.. දවස් 3 ක් කරපු හරිය මේකෙ ලියන්නත් බැ.. කෙටියෙන් ලියලා දාන්නම්..
        හුගක් කාලෙකට පස්සෙ අපේ ගෙදර කට්ටිය සමඟ පිට බස් එකක ට්‍රිප් එකක් යන්න දාගත්තා.. අපෙ ගෙවල් කිට්ටුව අදුරන ඇන්ටි කෙනෙක් තමා මේක සංවිදාණය කරලා තිබ්බෙ.. ඉතිං අපේ තාත්තත් යං කියලා අපිත් ලැස්තිකරව ගත්තා.. අපේ බාප්පලයි ගෙදර අයත් සෙට් උනා.. ගමන තිබ්බෙ මෙහෙම..

කන්දෙවිහාරය > කළුතර බෝධිය > කැළණිය විහාරය > මහනුවර දළදාමාලිගාව > සිරිපාදය..

ඉතිං උදේ පාන්දර 4 ට විතර ගමන පිටත් වෙලා කන්දෙවිහාරෙත් වැදගත්තා.. උදෙම්ම නැගිට්ටාම පැයක් ඇතුලත කන්න බඩගිනි වෙන ලෙඩක් මට තියෙන නිසා මං තිං කැ ගහන්න ගත්තා බඩ ගිනී කියලා :D  අනේ ඉතිං මං නිසා මුලු නඩේම උදෙපාන්දර කනවා :P
කන්දෙවිහාරෙ ඒවට පහසුකම් හදලා තියෙනවා කිසි කරදරයක් නැ..

එතැන වැඩකටයුතු ඉවර කරලා අපි ආවෙ කළුතර බෝදියට.. නමුත් එතැන නවතින්නෙ නැතිව දිගටම යන්න යෝජනා උන නිසා, පඬුරු දාලා කෙලින්ම කැළණියට ගීයා.. කෙලින්ම කීවට ඉතිං වංගුත් තිබ්බා :D
 අපේ ඩ්‍රයිවර් උන්නැහෙත් ට්‍රිප් වලට කියාපු උංදැ.. ගෝලයත් ඒ හා සමානයි.. ගෝලයා කිවට ඒ මනුස්සයාටත් ඩ්‍රයිවින් හැකි.. ඔන්න ගාල්ලෙ අය ට්‍රිප් යනවා නම් කියන්න එ බස් එක සෙට් කරලා දෙන්නම්.. ගානත් අඩුයි.. ගාල්ල මහනගර සභාවේ ඉන්ජිනෙරු ඒකකයේ බස් එක :D අපේ බාප්පාලාගෙ වර්ක්ශොප් එකෙ බස් එක නිසා තමා අරන් ආවේ ඒක..හැබැයි ඉදිරියට නම් ගනන් වැඩි කරන කතාවක් කිවා..!

එව්වා වැඩක් නැ.. ට්‍රිප් එකෙ රසමුසු තැන් හා දුක හිතෙන දේවල් තමා මට මේකෙ ලියන්න ඔනේ උනේ..

අපි 3 වැනියට ආවේ කැළණියට,  එතැන ගිහින් බාප්පත් එක්ක තර්ක කර කර වටේ ඇවිද්දා.. තර්කය තිබ්බෙ කැළනිය විහාරය වටේ තියෙන අමුතු කහපාට පාශාණය හා ඒක කරපු කාලසීමා.. ඉතිං ඇවිදලා කරලා අපි ගියා විහාරය ඇතුලට.. ඇතුලට ගියාම මගේ කැමරාව දැක්ක හාමුදුරු නමක් පැනලා කියාපි හාහා පුතා පොටොස් නම් ගන්න එපා කියලා.. මං එහෙමයි හාමුදුරුවනේ කියලා මාරු උනා.. අහන්නත් තිබ්බා පොටොස් දිය වෙනවද ෆ්ලැශර් එලියට කියලා.. එත් මයේ මොකො කියලා මං ඇතුල බලලා එලියට එන්න ආවා..
ඒත් මට ප්‍රශ්ණ කොටියයි.. විහාර ගෙයි මැද චිත්‍ර හරිම සරලයි.. වටේ ඒවා සංකීර්ණයි.. 
මං බාප්පාගෙ කනට කරලා ඇහුවා.. මොකක්ද මෙහෙම වෙන්න හේතුව කියලා.. බාප්පා.. මං දන්නෙ කොහොමද දරුවො ඔව්වා.. අන්න අර හාමුදුරුවන්ගෙන් අහන්න..
මල සේකයි.. අර මට ෆොටො ගන්න එපා කිව හාමුදුරුවො.. ඒත් ඉතිං ප්‍රශ්ණයක් තියාගෙන එතැනින් යන්න හොද නැති නිසා මං ගියා අහන්ඩ.. හෆ්ෆෙ කියන්න දෙයක් නැ හරිම හොද හාමුදුරු නමක්..

මහත්තයෝ මේක කොටස් දෙකකට හදලා තියෙන්නෙ.. එකක් නුවර යුගයේ චිත්‍ර.. ඒවා අවුරුදු 1800 ගානක් පරණයි.. මේ එළියෙ තියෙන ඒවා ඊට අවුරුදු 100 කට පස්සෙ කරපුවා.. ඒකයි ඒවා සංකිර්ණ හා කලාත්මක අතින් උසස්..

කිවත් වගේ කතාව ඇත්ත..
ඔන්න කොහෙන්දෝ ඉදන් අපෙ බාප්පත් පාත් වෙලා.. මගේ කතාවට බාදා කරලා..

බාප්පා: හාමුදුරුවනේ අර ටිවි එකෙ රෙඩියෝ එකේ එහෙම කිව අර අලුතින් කරපු මැණික් පුටුව කොයි?

හාමුදුරුවො: මැණික් පුටුව ? හොහ්.. ඒක හොද මැණික් පුටුව.. අනේ මහත්තයෝ මහත්තයාලත් මේ මාධ්‍යයෙන් ලොකුවට පෙන්නන දේවල් වලට රැවටෙනවානේ.. එකත් අතකින් මහත්තයා සාදාරණයි.. ඕකෙ පෙන්නන්නෙ ඇත්ත වගේනෙ.. ඒක මහත්තයෝ කොන්ක්‍රට් පුටුවක්.. මේ ඉමිටෙශන් ගල් වගයක් අල්ලලා.. මං කිවා ඒක ගෙනාපු හාමුදුරුවන්ට.. වහාම අරන් යන්න කියලා.. මහත්තයෝ මේක පූජනීය තැනක්.. බුදුන් වැඩිය තැනක්.. මෙතැන්ට ඔනි කොන්ක්‍රිට් පුටෘවක් නෙවේ.. එක්කො ඔන්න ඕක හදපං කලුවර ලීයෙන්.. එක්කො මොනා හරි වටින දේකින්.. එහෙමනෙ වෙන්න ඔනි.. කොන්ක්‍රිට් කියන්නෙ වටින දෙයක් නෙවෙ..

බාප්පා: ඒක ඇත්ත හාමුදුරුවනේ.. සමාජේ දැන් මිනිස්සුන්ව මුලා කරලා.. පුජනීය දේවල් විකුණලා.. රට මොන පැත්තට යනවද මංදා..

හාමුදුරුවො: මහත්තයෝ මේක අපේ රටේ ප්‍රදාණ උන්ගෙ වැරදි.. උන් කියන්නෙ මොකක්ද අපෙ උන් කරනවා.. දැන් මේ පුතා හැදුනේ පන්සලේ.. ගුණ ධර්ම දන්නවා.. හොදට හැදිලා තියෙනවා.. මූ දන්නවා සමාජේ ඉන්න ඔනි හැටි.. මූට පෙනවා සමාජෙ වැරදි .. ඒත් නරකට හැදිච්ච එකා නරකමයි.. ඌට බලය ලැබුනු තැන .. ඒක විනාස කරලා.. රටත් විනාස කරලා.. තමනුත් විනාස වෙනවා..

බාප්පා: එහෙයි.. එතකොට හාමුදුරුවනේ තියෙනවා කියන ඇත්ත මැණික් පුටුව ?

හාමුදුරුවෝ.. ඒක මහත්තයො බලන්න ඔන්නම් වෙහෙර වහන්සෙ කඩාගෙන ඇතුලට යන්න.. එක්කො ඒක ඉස්කැන් කරලා බලන්න..

අපි ටක් ගාලා හාමුදුරුවන්ට වැදලා එතැනින් මාරු උනා.. 

බාප්පා: එයාගෙ පුතාලා දෙන්නා පැත්තට හැරිලා ඔන්න තෙරුනානෙ.. කොමද එදා මතකද.. අම්මා ටිවි එක දාගෙන.. අපිට මැච් එක බලන්න දුන්නෙත් නැනෙ? ලොකුවට අහන් හිටියා පුටුව බලන්න.. ඔය කරලා තියෙන්නෙ.. අම්මපා මේක හාමුදුරුවො ලව්වම පැහැදිලි කරන්න ඔනි.. අන්න ගිහින් කියන්න අම්මට පුටුව පෙන්නනවා කියලා හාමුදුරුවන්ට කිවාම..

ඉතිං අපේ බාප්පාගෙ පුතා මේක කිවාම ඇඹරෙනවා.. ඌට යන්න කම්මැලි කමට.. නඩෙ ගාව ඕක කියන්නත් එපැයැ.. ඉතිං මං වැඩෙ බාර ගත්තා.. මං හෙමිට ගිහින් පුංචි අම්මටයි අපේ අම්මටයි කිවා. අන්න ගිහින් බලන්න මැණික් පුටුව පෙන්නනවා කියලා.. මේක ඇහුනා විතරයි නඩේ හිටය ඔක්කොම ගෑණු කට්ටිය .. මෙන්න යනවා පුටුව බලන්න.. මං හෙන ගේමක් දීලා හිනාව තද කර ගත්තෙ.. කට්ටියම ගිහින් මූන පුම්බගෙන ඔරව ඔරව එනවා..

මැණික් පුටුව දැක්කයි?
පැය 2-3 ක් යනකන් මාත් එක්ක කවුරුවත් කතා කලේ නම් නැ :D

සත්‍ය අවබෝද කරන්න පුජා භුමියේ ඉදන් බොරුවක් කිවට ඒක පවක් නෙවෙ කියලයි මගේ මතය නම්..!!
................
එතැනින් ඇවිල්ලා අපි නුවරත් ගිහින්.. කෙලින්ම සිරිපාදෙට ගියා..

ඔතැන ඉදන් තමා මට කලකිරෙන දේවල් ටික වෙන්න ගත්තෙ..

නඩේ කට්ටිය එකි නෙකාගෙ අදහස් වලට විරුද්ද වෙමින් හිතෙ හැටියට වැඩ කරන්න ගත්තා.. නඩේ ගුරාට කැ ගහලා කන්ඩායම සෙට් කරගන්න ඒ හැටි හැකියාවක් තිබ්බෙ නැ.. උන්දැත් වයසයි..
ඉතිං තාත්තා කිවා.. අපේ ගෙදර අයයි.. බාප්පලාගෙ ගෙදර අයයි.. එකට යමු කියලා.. එහෙම කියලා අපි 4 ට විතර නගින්න ගත්තා..
අපි එක්ක ඔය ට්‍රිප් එකට කට්ටිය එකතු කරපු අත්තම්මාගෙ පොඩි දුවයි.. එයාගෙ දුවයි ආවා.. ඉතිං අපි කට්ටිය හෙමින් හෙමින් කරුනාකරනවා.. මොකද අපේ අම්මට හා පුංචි අම්මට ඒ හැටි ඉක්මනට යන්න අමාරුනිසා... කොහොම කොහොම හරි කරුණාකරා..
ටිකක් දුර ගියාම.. පාර 2ට බෙදෙන තැනක් හම්බෙනවා.. එතැන එක මිනිහෙක් ඉදන් කියනවා.. මේ පැත්තෙන් යන්න.. සමන් දෙවියන්ගෙන් ආරක්ශාව අරගෙන යන්න කියලා.. අපේ අම්මලා තාත්තලත් යන නිසා.. මාත් ගියා ඒ පැත්තෙන්.. පාට පාට රෙදි වලින් හදාපු පොඩි පංසලක්..
හාමුදුරුවො 3 නමක්.. ඒ හාමුදුරුවෝද නැත්නම් නිකං සිවුර පෙරව ගත්ත උන්ද මංදන්නැ.. එකෙක්ගෙ මූනෙන් කපටි කම වැහෙනවා.. ඒ කතාකරපු විලාසෙට මට දෙන්න තිබ්බා දත් ඇන්ද ගැලවෙන්න..
"පිංවතුනී.. මෙතැන අපි කරන්න යන්නෙ සිරිපාදේ වාර කාලයට හා අවාර කාලය කියන දෙකටම විවෘතව තිබෙන පංසලක් හදන්න.. ඒකට ඔබලාගේ ආදාරය අවශ්‍යයි.. ඒ සඳහා මේ ජිවන් කරපු නූලක් ගැට ගසා ගන්න.."
අම්මපා ඉතිං මගේ ඇගේ මාලු නටනවා.. මුං සමන් දෙවියන්ගෙ ආරක්ශාව කියලා මොකක්දො මගුලක් ගැටගහන්න හදනවා.. ඒකත් නිකං කඩේ රු 20 නූල.. මුං ලග රු 100 යි.. 
ඒකත් හා කියමුකො තව එකෙක් නිකං කිංඩියට වගේ කියනවා.. ඔය පඩුරු දැම්මා නොදැම්මාට කා එක්කවත් අපේ අමනාපයක් නැ කියලා.. අනේ මංදා මට යක්ශ කෙන්තියි..

ඇත්ටම ඒක පංසල් කඩයක්.. පංසලුත් තියෙනවා පංසල් කඩත් තියෙනවා..  මිනිස්සු සල්ලි මත්තෙ නැහෙනවා.. තමන් දෙන ආදාරයක් ගන්නවා මිස.. ඉල්ලන සිරිතක් බුදුහාමුදුරුවොවත් දේශණාකරලා නැහැ.. අනික සිරිපාදෙ කියන්නෙ ලංකාවේ උසම පූජනීය ස්ථාණය.. ඕකට  රජයෙන් ආදාර දෙන්න බැරිද පංසලක් හදන්න ?


ඉතිං එතැනටත් බැන බැන ආවා ඉස්සරහාට... සිරිපාදේ හරියටම නගින්න පටන් ගන්නෙ මකර තොරණ ගාවින්.. එතැන ටිකක් ඉස්සරහාට ගියාම සැතපෙන පිලිමෙ.. එතැනට තමා හැමෝම බාරහාර වෙලා යන්නෙ.. මෙන්න එතැනත් හාමුදුරුවො කෙනෙක්.. හැමෝටම අඩගහල වැදගන්න කිවා.. ඒ වගේම හැමොටම බිම වාඩි වෙන්නත් කිවා.. දැන් ගාතාවගයකුත් කියලා කියලා දේශණ වගේකුත් දීලා.. එක පාරට කියාපි.. මේ සමන්දෙවියන්ගෙ අඩවිය.. බාරහාර වෙලා ගියෙ නැති 11 දෙනෙක් මේ වාරෙ බිලිගත්තා.. ඒක නිසා හැමොම බාර වෙලා යන්න කියලා.. මිනිස්සුත් සූ ගානවා..
ඒක කිව විදියට හිත පොඩ්ඩක් හරි ගැස්සෙන් නැත්නම් ඒක පුදුමයක්.. මට දැන් හරිම අමාරුයි දණගහගෙන ඉදලා.. කකුල් දෙක රිදෙනවා.. ඒ අස්සෙ හාමුදුරුවො කැ ගහනවා නැගිටින්න එපා එක්කෙන්ක් වත් කියලා.. අපි බන අහන්න හරි ගාතා කියන්න හරි තමන්ට පහසු ඉරියව්වකින් ඉන්න ඔනි.. නැතිව හාමුදුරවන්ට ඔනි ඉරියව්වෙන් නෙවෙ.. එහෙම එක විදියකට ඉන්න ඔනි කියලා නීතියක් නැ කොහෙවත්.. අනික තමන්ට ඉන්න විදිය අපහසු නම් ඒ ගාතා වලට හිත යන්නෙත් නැ.. හිතන්නෙ නැගිටින්නෙ කොයි වෙලෙද කියලා.. මටත් උනේ ඒ ටකමයි.. ඔනි මගුලක් කියලා දඩස් ගාලා මං නගිට්ටා.. මිනිස්සු මගේ දිහා බලනවා.. මටත් ලැජ්ජයි.. මං එහෙන්ම නැගිටලා වැද ගත්තා.. මෙන්න 2-3 දෙනා නැගිටිනවා..
ඊට පස්සෙ හාමුදුරුවො කියාපි .ඔය හැමොම පඩුරු දාලා යන්න කියලා.. රු 20 ට වඩා පඩුරු දාන හැමොටම සමන්දෙවියන්ගෙ මුද්‍රත වර්ණ ඡායාරූපයක් නොමිලේ කියලත් මට කියනවා ඇහුනා.. අනේ ඉතිං මිනිස්සු ඒකත් අරගත්තා..
සාසනේට ගිය කලක්..!!

(අනේ දෙයියනේ කියලා මට හීරිම් තුවාලයක් වත් නැතිව මං ශ්‍රීපාදෙ වැදගෙන ගෙදර ආවා.. පලවෙනි පාර ගියා වගේ කකුල් රිදෙන්න ගත්තෙත් නෑ..)

 එතැනිනුත් ගැලවිලා
සීත ගඟුලේ කෝඩු කාරයෝ ටික බස්වලා.. එතැන කරන්න ඔනි දේවල් කරලා.. අපි උඩට එන්න ආවා.. ටිකක් දුර ඇවිත් මහන්සි නිසා කඩේකින් තේ එකක් බොන්න ගියා.. තේ බීලා ඉවර උනාම අපේ ගෙදර අයට විතරක් රු 250 තේ 5 ට.. 1ක් 50 යි..
ඒක හරිම අසාදාරණ මිලක්.. හේතුව ඇහුවාම කිවේ වතුර අදින්න අමාරුයි සීනි තේ කොල ගෙන්න අමාරුයි කියලා.. ඒත් එක කොප්පෙකට වැටෙන වතුර සීනි තේ කොල ප්‍රමාණෙ අනුව.. රු 50 කියන්නෙ අන්තිම අසාදාරණ මිලක්.. දැන් බීප දේ දෙන්න බැරි නිසා අපි සල්ලි දීලා ආවා..  ටිකක් දුර ඇවිල්ලා බලද්දි බාප්පලා කට්ටිය මිසින්.. ඒක කොහොම උනාද කියලා කියන්න අපිට තෙරෙන්නෙත් නැ..
ඒකට විද්‍යාත්මක හේතුවක් ඇති.. මිනිස්සු නම් කියන්නෙ සමන් දෙවියො තම තමන්ගෙ කට්ටිය එහෙම වෙන් කරනවා කියලා.. ඇත්තටම ඒක ගමනටත් පහසුයි.. මං හිතන විදියට නම් එතැන වෙන්නෙ අපි වැඩිපුරුම හොයන්නෙ අපේ ලඟම අය ගැන නිසා.. මට අම්මා තාත්තා යද්දි බාප්පලා එක්ක යන්න බැහැනේ.. අන්න ඒ වගේ.. මං වැඩි පුර බලන්නෙ අම්මා තාත්තා හා අක්කයි මල්ලියි ගැන.. ඉතිං අපි ඒ කට්ටිය එක්ක යනවා.. අනික් අයත් එහෙම හිතනවා.. ඉතින් කන්ඩායම 2 ට කැඩෙනවා..

ඔහොම තවත් ටිකක් දුර නැග්ගාම අර අපි එක්ක ආපු නැන්දයි එයාගෙ දූයිත් අපෙන් වෙන් වෙලා.. දැන් කොහෙන් කියලා හොයන්නද.. අපි 5 දෙනා ආවා උඩටම.. එතැනට ආවාම තව තැනක මල් විකුණනවා..
ආ ගන්න ගන්න මල්.. මෙතැන තමා අවසාන කඩේ.. මෙතැනින් අරන් යන්න.. අර මැලවිච්ච මල් වගයක් විකුණනවා.. මලක් රු 20 ද කොහෙද.. අපිත් ඉතිං අවසන් කඩේනෙ.. මල් අරගෙන ගියා.. මෙන්න තව ටිකක් උඩට යද්දි ඔනි තරම් මල් කඩ තියෙනවා.. අරු කියලා තියෙන්නෙ අමූලික බොරු..
ඔච්චර පූජනීය තැනක ඉදන්.. එහෙම කරන්න තරම් ඒ මිනිස්සු පිරිහිලා..

ඉතිං අපි මල් තියලා වැදලා කියලා ආවා.. එතැන උඩ ඉන්න දෙන්නැ මිනිස්සුන්ට බහින්න කියනවා.. සෙනග වැඩි නිසා.. අපි ශ්‍රීපාද පද්මයට නමස්කාර කරන්න ගියාම පොලිසියෙන් කිවා අනික් පැත්තෙන් යන්න කියලා.. ඒ කියන්නෙ පිට පස්ස පැත්තෙන් ගිහින් නමස්කාර කරන්න.. මාත් ඉතිං කලින් ගියෙ ඉස්සරහින් නිසා වෙනසකට කියලා අනික් පැත්තෙන් ගියා.. පිරිමි අයට විතරයි එන්න දෙන්නෙ.. මමයි මල්ලිය තාත්තයි.. එතැනින් ගිහින් වදින්න හදන කොට බහින්න තියෙන පැත්තෙන් මිනිස්සු කලබලේ ඇවිල්ලා වදිනවා.. අපිට වදින්නත් නැ බහින්නත් නැ.. ඒ අස්සෙ ගෑනු අයත් ඇවිත්.. මිනිස්සු හරිම ආර්ත්මාර්තකාමි වෙලා..
අනික් මිනිස්සු දුක් විදගෙන පෝලිමෙ ඇවිත් වදින්න හදනවා.. මේ මිනිස්සු ලෙසිවට බහින පැත්තෙන් නගිනවා..

ඒකෙන් මං බලන්නම හිටපු දෙයක් මට අමතක උනා.. ශ්‍රීපාද පද්මය ඉස්සරහින් ගිහින් එතැන බිත්තියේ තියෙනවාලු වීදුරු කැල්ලක් දාලා හදාපු පොඩි සිදුරක්.. එකෙන් ඇහැ තියලා බැලුවාම මැණික් ගල් වගයක් පේනවා.. බාප්පා නම් කීවේ ඒක තමා ඇත්ත ශ්‍රීපාදය කියලා.. මීට අවු 20 කට විතර කලින් බාප්පා එතැන බැලුවාම මැණික් ගල් 6 කට වඩා තිබිලා තියෙනවා..
නමුත් මේ පාර බලද්දි 1කම 1ක මැණිකයිලු පෙනුනේ.. ලාවට LED බල්බ් එකක් වගේ.. එළියක්..
 අපේ දේශප්‍රේමී මහත්හොරු ටික ඒ මැණික් ගල් ටිකත් අරගෙනද දන්නෙ නැහැ.. :)
ශ්‍රීපාදයේ යන්න ඉන්න කෙනෙක් නොවරදාවම එතැන බලන්න.. ඒක හරි වටිනවා.. මට 2පාරක් ගිහිල්ලත් බලා ගන්න බැරි උන එක නම් හරිම අපරාදයක් :-/

ඉතිං එතැනින් පහලට ඇවිත් අපි නැවතත් පල්ලම් බහින්න උනා.. යනවා යනවා යනවා.. හරිම හෙමින්..  එක අතකින් හෙමින් යන එකත් හොදයි.. මොකද අපෙ අම්මට පඩි බහින්න හරියට අමාරු උනා.. ටිකක් පහලට බැහැලා බලද්දි තමා වැඩෙ තෙරුනේ..
නගින පැත්තෙ එකට 3-4 දෙනා.. බහින පැත්තෙ අයට ඉඩ නැහැ.. ඉතිං උඩ මිනිස්සු බහින්න ප්‍රමාද වෙනවා කියන්නෙ අරගොල්ලා නගින්න හිටගෙන ඉන්න එපැයි..  3-4 දෙනෙක් මෝඩ වැඩ කලාම.. අනික් අයත් ඒකට පට් ගාලා අනුවර්තණය වෙනවා.. අනේ මංදා ලංකාවෙ උන්දැලාගෙ හැටිය.. කොච්චර කිවත් කවුරුවත් තෙරුම් ගත්තෙ නැ.. එත් ඔය සීතලේ ගුලිවෙලා හිටය කපල් වලට නම් ලොකු පල්ලම ඒක.. හික් හික් .. :D


තව තැනකදි අපි පඩි ටිකක් පලල් තැනක් බලලා එක්කෙනා එක්කෙනා උඩට වෙන්න පඩි පෙලෙ වාඩි උනා අමාරුම නිසා.. කාලකන්න පොලිස්කාරයො දෙන්නෙක් ඇවිල්ලා කැ ගහන්න ගත්තා.. ඔතනින් නැගිටනවා.. ඔතැන හිටියාම අනික් මිනිස්සු යන්නෙ කොහොමද කියලා.. තිරිසන්නු..!!



අපි පාංදර 5.30 ට විතර වගේ ඉරසේවයත් බලාකියා ගත්තා.. අපේ නඩේ අනික් අය උඩට නැගලා .. රෑම බැහැගෙන.. එහෙම යන ගමනේ තෙරුමක් නැ.. කොහොම හරි අපේ ගෙදර අයයි බාප්පලාගෙ ගෙදර අයයි තමා ඉරසේවය දැක්කෙ.. අනික් අය දැකලා තිබ්බෙ නැහැ...

බස් එකට ඇවිල්ලා බැලුවාම අර නැන්දයි දූයි ඉන්නවා.. ඒ නැන්දාගෙ දූට උඩදි බඩගින්නක් ඇවිල්ලා.. ඉතිං අතේ සතයක් වත් තිබිලා නැහැ.. (හරිම දුප්පත මිනිස්සු දළුකඩලා තමා ජිවත් වෙන්නෙ.. මනුස්සයත් දාලා ගිහිල්ලා)
ඉතිං අර දූ අඩනවාලු අනේ මගේ අම්මෙ මට වතුර ටිකක් හරි අරන් දෙන්න කියලා.. ඉතිං මේ නැන්දා කඩේකට ගිහින් වතුර ටිකක් ඉල්ලලා.. කඩේ උන් වතුර දෙන්න බැහැ කියලා.. ඒකටත් සල්ලි ඉල්ලලා..
මේ මිනිස්සුන්ගෙ මනුස්සකම් වලට මොනා වෙලාද?
අර නැන්දා අඩ අඩ දූවත් වඩාගෙන  පහලට බැහැලා.. බස් එකට ඇවිල්ලා තමා වතුර දීලා තියෙන්නෙ..
මට ඔය කතාව කියද්දිත් හිත මොකදෝ වෙලා ගියා.. එත් අර තිරිසන් මිනිස්සුන්ට එහෙම හැගීමක් ආපු නැති එක ගැනයි පුදුමේ.. උන්ගෙ හිත් ගල්වෙලා සීතලට..

මේ හැම දේකින්ම මට එක දෙයයි තෙරුනේ.. චූටිම චූටි කඩදාසි කැල්ලක් පස්සෙ මිනිස්සු දුවන දිවිල්ල.. කවදාවත් හතිවැටෙන්නෙ නම් නැ.. අන්තිමේ මැරුනාම අරන් යන්න දේකුත් නැහැ.. !!

................

කතාව දිග වැඩී.. ගන්න යමක් ඇති කියලා හිතනවා...
සිරිපාදෙ ගැන කලින් පාරක් ලියලා ඒකට තාම බැනුම් අහනවා.. මේ පාර කුණුහරුප තිබ්බොත් නම් ඒවා ඩිලිට් කරනවා :)

සසර කලකිරුනු මම
ද බනී...


..

Tuesday, January 17, 2012

හොරු ඇල්ලීමෙ මන්තරය..

    එකල සුංදර ගමක් ඌ තෙල්දෙණිය ගැන තාත්තා කියද්දි මට මතක් වෙන්නෙ ලස්සනට උස ගස්වල දම් පාට මල් පිපිලා, ඒ මල් පාර පුරාම වැටිලා ලස්සන රෙදි පාපිස්සක් වගේ, රූස්ස අතු මුලු නගරයම හෙවන කරනවා සිසිල් කරනවා.. තාත්තා කියන විට මට ඒක දැනෙන විදිය මේ බ්ලොග් එකේ අකුරු කරන්න මට තේරෙන්නෙ නැ.. ඒ තරම්ම සුංදරත්වයක් ඒ නගරයේ තිබිලා තියෙනවා.. ඒ මල් පාපිසි උඩින් සිසිල් සුවය විදිමින් යන්න අපි පිංකරලා නැති හැටි.. 
                  සම්පත්  අතින් ඉහලම අගයක ඒ නගරෙ මිනිස්සු ඉදලා තියෙනවා..ඒ වගේම සහෝදරත්වය.. දෙමල සිංහල කිසිම භේදයක් තිබිලා නැ..  හැමදාම උදේ ඉදන් රැ වෙනකම් එහා මෙහා දුවන මිනිස්සු කිසිම කම්මැලි කමක් නැතිව තම තමන්ගෙ රාජකාරි කරගන්න පුලුවන් වටපිටාවක් තිබිලා තියෙනවා..
පිරිසිදු හුලං, මල් පිපිච්ච ගහ කොල.. කුරුල්ලො.. සත්තු.. මට මැවිලා පේනවා..
ඉතිං මේ කතාවත් ඒ නගරෙ කොණක සිද්ද වෙච්චි කතාවක්

වර්ශය: මතක නැ
ගම:  නුවර,තෙල්දෙණිය..
ස්ථාණය: වික්ටෝරියා ඩෑම් එක හදන හරිය..
        අපේ තාත්තා ගෙදරින් ගිහින් නුවර පදිංචි වෙලා තියෙන්නෙ ඔය තෙල්දෙණිය කියන ගමේ.. වැඩි කලක් යන්න මත්තෙන් යාලුවො රොත්තක් තාත්තාට ඉදලා තියෙනවා. තාත්තා ජිවත් වෙන්න කරලා තියෙන්නෙ ලී වෙළදාමම තමා..
ඒ කාලෙ තාත්තා ලග සේවකයෝ 80 විතර වැඩ කරාලු.. වික්ටොරියා ජලාශෙ හදන නිසා ගොඩක් වැඩ තිබිලා.. ඒ ප්‍රජෙක්ට්‍ එකට කැපෙන ගස් අයින් කරන වැඩ එහෙම..
ඉතිං ලොකු ලී මඩුවක් තිබිලා තියෙනවා.. දවසක් උදේ තාත්තා නැගිටිලා බලද්දි ලොකු කොස් ලෑල්ලක් අඩුයිලු..
දැනට උනත් තාත්තාට මරු මතකයක් තියෙනවා, දෙයක් තිබ්බෙ කොතැනද ඒක හරියටම මතකයි.. ඉතිං තරුණකාලෙ ඕක මහ කජ්ජක්ද
තාත්තා ඒකාලෙ උන්න විශ්වාශම ගෝලයා උණු සිරිපාලට කතා කරාල...

තාත්තා: සිරි පාල කෝ මෙතැන තිබ්බ කොස් ලෑල්ල ?
සිරිපාල: අනේ දන්නැ ගාලු (තාත්තාට ඒ කාලෙ හැමොම කීයලා තිබ්බෙ ගාලු කියලා, ඒ ගාල්ලෙන් ආපු නිසා)
තාත්තා: වෙන්න බැහැනේ.. මට හොදටම මතකයි මෙතැන ලෑල්ලක් තිබ්බා කියලා..
සිරිපාල: ඉතින් කවුද ඕක ගත්තෙ?
තාත්තා: ම්ම් මම දන්නෙත් නැහැ.. බලමු අපි අල්ලගමු හොරා.. උඹ ඕක කාටවත් කියන්නෙ එහෙම නෑ ඕං..!
සිරිපාල: එහෙමයි..

ඉතිං තාත්තා කල්පනා කරාලු හොරා අල්ල ගන්න විදියක්.. ටිකක් දවල් වෙලා සිරිපාලට කතා කරලා කිවාලු, හවසට ඔය වැඩ කරන හැමෝම වගේ සෙට් වෙන කඩ මංඩියට ගිහින්, හීං අඩියක් ගහලා ඉන්න කියලා.. ඒ වගෙම කරන්න ඔනී දේත් කිවාලු.. මූත් බොස් කියපු දෙනේ.. හරි බොස් කියලා සිරිපාල අඩිය ගහන තැනට ගිහින්..
ඔන්න දැන් හවස් වෙලා.. කට්ටියම හීනියට අඩියක් ගහන්න අරං...

තාත්තා ඔතැනට ඇවිත්..
       සිරිපාල..තමුසෙ මොකද මෙතැන කරන්නෙ ? කෝ මම කීව ඉරටු 3 සුද්ද කරලා තෙල් ගෑවද ?
ඔහොම බීලා ඉන්න උන් එක්ක මේ මතුරන වැඩ කරන්න බැ මනුස්සයෝ.. පොඩ්ඩක් පේ වෙලා කරන්න ඔනි.. මුං දන්නැ මයේ හැටි.. මම ඔය හොරාව ලේසියෙන් යවන්නැ.. ඔන්න බලපංකො අද හවස වෙද්දි.. ඕකා කටින් ලේ දාගෙන ගම වටේම ගිහින් තමා ඔය කොස් ලෑල්ල අරන් එන්නෙ...! මුං දන්නෙ නැ ගාල්ලෙ උංගෙ හැටි..!!
එහෙම කියලා තාත්තා එන්න ඇවිත්.. පැයක් යන්න කලිං ඔන්න වැඩ කරන එකෙක් එනවාලු ඔලුව කහ කහ..
අනේ මුදලාලි.. අර වැඩේ කරන්න එපා.. මමයි ලෑල්ල ගත්තෙ.. මම ආයෙ ඒක ගෙනැල්ලා තියන්නම්.. අනේ මුදලාලි.. වදින්නම්.. මතුරන්න නම් එපා..

තාත්තටත් ඉතින් හරි සතුටුයි.. වැඩේ හරි ගියානේ.. ඉතිං සමාව දීලා.. ඔය ලෑල්ල නැති උන එක ලොකු පාඩුවක් නොවුනත්.. අනික් උන් කරන එක නවත්තන්නයි තාත්තට ඔනි වෙලා තිබිලා තියෙන්නෙ..

බාප්පා කියපු විදියට නම් තාත්තා ලග ඉදලා තියෙන්නෙ  ලෝක අංඩපාලයෝ ටිකක්.. ඒත් ඔය සීමාවේ හොරකමක් නම් වෙලා නැහැ කවදාවත්.. ඒ වගේම උන් තාත්තාට පන දෙන්න උනත් ඉදලා තියෙන්නෙ.. තාත්තාගෙ කකුල කැඩිලා ඉන්න වෙලාවේ අතට පයට එක එක මිනිස්සු උදව් කරලා.. අපේ මස්සිනා.. නැත්නම් අපේ ලොකු අක්කාගෙ මහත්තයා, උන්දැත් පොඩි කාලේ තාත්තා ලගට එනවාලු බලලා යන්න.. ඒ මොකටවත් නෙවේ තාත්තාට ලැබෙන මිදි ඇපල් ටික කාලා යන්න :D

ඒත් පස්සෙ ඔය ගම වික්ටොරියා ජලාශෙට වැහිලා ගිහින්.. මිනිස්සු ඇඩුවාලු එදා.. ඒත් කරන්න දෙයක් නැති නිසා මහවැලියෙන් දීපු ඉඩම් වලට ඇවිල්ලා.. තාත්තටත් එතැනින් ඉඩමක් ලැබිලා..  ඒක අදටත් ප්‍රසිද්ද ගාලු වාඩිය කියලා.. ඔය ගාලු වාඩියෙත් හරි අපූරු කතා සෙට් එකක්ම තියෙනවා..
ඉඩ තියෙන හැටියට ලියලා දාන්නම් ...

 එහෙනම් අපි ගියා
 ද bunny.... ;-)




.

Sunday, December 25, 2011

හාවාගේ සුනාමි මතක සටහං..

මහ ලොකු දෙයක් කියන්න නැති උනත් සුනාමියෙන් මට තියෙන අත්දැකීම කියලා දාන්න හිතුනා.. ඒ ඔක්කොටම හේතුව පොඩි මෑන්ගෙ ලිපිය දැකලා ආපු අදහසට..


ඊයෙ ඒ කියන්නෙ 2004 දෙසැම්බර් 26 වැනිදා තිබ්බ "ඊයේ" .. අපේ පවුලේ අයයි, අයියාගෙ පවුලේ අයයි ගොඩක් සතුටෙන් උන්න දවසක්.. නැදැයෝ රොත්තක් එක්කාසු උනාම එන සතුට කියන්න ඔනි නැනේ..
ඉතිං අපි ඔක්කෝමලා එදා රෑ සාකච්ජා කරලා තිබ්බෙ අද වගේ දවසක ඒ කියන්නෙ 2004 දෙසැම්බර් 26 වෙනිදට යන්න හිතාගෙන උන්නු ගමන ගැන, ඒ කොහෙවත් නෙවේ කලුතර බෝධිය වදින්න,
 අයියා ගවයින් නිදහස් කරගැනීමේ පිංකමකට ආදාර කරලා තිබ්බා ඉතිං ඒ ආදාර කල අයට එදාට එන්න කියලා ලියුම් ඇවිල්ලා තිබ්බා.. ඉතිං ඔන්න ඕකට තමා අපි යන්න ලැස්ති උනේ..

කතා කරගත්තා වගේම පාංදර 4 ට විතර නැගිට්ටෙ 5 ට වත් ගෙදරින් පිටත් වෙන්න ඔනී කියලා හිතා ගෙන.. කවුරු කවුරුත් ලකලැහැස්ති වෙද්දි 5 කෑලිවත් නැ ඔක්කොම සෙට් කරගත්තාම 6.30 විතර වෙලා.. පරක්කු උණ එක පරක්කු උණානේ කියලා අපේ තාත්තත් ගිහිල්ලා පංසලට.. තාත්තාගේ මොන දේ කලේ නැතත් ලොකුම රාජකාරිය පෝය දාට ගිහිං පංසලේ අඩු පාඩු බලන එක.. ප්‍රදාණ දායක මහත්තයා විදියට තාත්තට ලොකු වගකීමක් බැදිලා තිබ්බා.. තාත්තා ඒක දේව කාරියක් විදියට සැලකුවේ..  කවුරු කවුරුත් තාත්තට බනින්න උන්නා ප්‍රමාදය නිසා.. කොහොම කොහොම හරි ගොඩක්ම පරක්කුයි..
        මේං එනවා තාත්තා ඇවිල්ලා විස්තරේ කියන්නත් තව පැය භාගයක් විතර ගත්තා.. හයියෝ මාර කට්ටක් කාලා..
එදා සිල් ඇත්තන්ට උදේ දානේ නැහැලු, දෙන්න නියම වෙලා තිබ්බ කට‍ටියටත් මොකක්දෝ කරදරයක් වෙලා.. ඉතිං තාත්තා කඩේට ගිහින් අඩුම කුඩුම ගෙනැල්ලා, අයේ උයන්න අය හොයාගෙන ගිහින්, ගමේ ඔය උයන පිහන වැඩ වලට දක්ශ කට්ටියක් උන්නා ගමේ කෙලවරටම.. ඒ අය හොයන්න ගියාම කුකුලෙක් කොටන්න ඇවිල්ල තාත්තට, එතැන තිබ්බ කූඩයකින් තාත්තා කුකුලා වහලා තමා අර ගෙදරට ගිහින් ඒ කට්ටිය එක්කාසු කරගෙන ඇවිල්ලා උයලා දානේ දෙන්න කියලා ඔක්කෝම හදලා තමා තාත්තා ගෙදර ඇවිල්ලා තියෙන්නෙ..

 ඉතිං දැන් ඔක්කෝම හරි,  ඔන්න මමයි අයියයි ලොකු අක්කයි, අයියාගෙ තව යාලුවෙකුයි 4 දෙනා කාර් එකට නැගලා ඉස්සර වෙලා ආවා, අනික් කට්ටිය වෑන් එකේ එන්න හිටියේ.. අපි කොහොම හරි ගෙදර ඉදං 3km විතර ආවා.. පාර අයිනේ ලොකූ බෝගහක් තියෙනවා, එතැනදිම මාතර බස් එකක් ලයිට් ගහලා අපිව නවත්තලා කැ ගැහුවා යන්න එපා යන්න එපා මුහුද ගොඩ ගලනවා කියලා..

අපි හිතුවේ බොරු කියලා.. මාතර බස් එකක් අපේ පාරේ යන්න විදියකුත් නැ, බස් එකේ මිනිස්සුත් කියනවා යන්න එපා යන්න එපා කියලා, කාර් එකේ A/C අඩු උනාද මංදා.. මට ඉහෙන් කනෙන් දාඩිය දාන්න ගත්තා.. කවදාවත් අහලා දැකලා තිබ්බ දෙයක්ද.. ? අපි දඩස් ගාලා බෝ ගහ ගාවින්ම හරවගෙන ආයෙ ගෙදර යන්න අවා.. අපි එන කොට ගෙදර අය අඩ අඩා ඉන්නවා, කෝල් ගන්නත් බෑ සිග්නල් නැති නිසා,

ඒ අයත් වාහනේ එළියට ගන්න හදන කොටම CEB එකේ කැබ් එකේ කට්ටියක් ඇවිල්ලා ගෙට්ටුව හරස් කරලා නවත්තලා කියලා යන්න එපා මුහුද ගොඩ ගලනවා කියලා, ඒ අයගේ කැබ් එකක් අතුරුදහන් වෙලා.. අර වොල්කි ටොල්කි එකට පනිවිඩ හෝ ගාලා එනවා.. මෙහෙන් ගහගෙන ගිහිල්ලයි අරහෙන් ගහගෙන ගිහිල්ලයි.. පනිවිඩ කෝටියියි..

කොහොම හරි අපි ඒ විදියට බේරුනා.. අර පාන්දර 5 ට ගමන යන්න පිටත් උනා නම්. අද මේක ලියන්න මම නැති වෙන්න පුලුවන්..  එදා දවසේ හරි අමුතු බාදක තොගයක් ආවා අපේ ගමනට..
මම් නම් හිතන්නෙ ඒ හැම දෙයක්ම ආගමානුකූලව ජීවත් වුනු නිසා වෙන්න ඇති..

      එදා හවස අපේ ගමනට යන්න ආපු මාමලාගේ ගෙදර නැන්දයි එයාගෙ පුතයි ගිහින් දාන්න අපි ආවා උඩුගම තිබ්බ ගමකට.. එයාලා දාලා එන කොටම ලයිට් ගහගෙන ආපු වෑන් එකක් නවත්තලා තිබ්බ බස් එක අස්සෙන් ඉස්සර කලා.. ආපු වේගෙට අපේ වාහනේ දොරත් ගලවගෙන දඩෝං ගාලා හැප්පුනා.. ඒ වාහනේ පැත්තම ඉවරයි.. අපේ ඉස්සරහා මූණයි දොරයි තැලිලා ගිහින් තිබ්බා.. තාත්තාගෙ අතෙන් ලේ ගලනවා හෝ ගාලා.. අපේ මල්ලි ගොඩක් චූටියි.. එයා විලාප තියලා අඩනවා..

බැහැලා ගිහින් අපි කතා කලා.. මොකක්ද මනුස්සයෝ කලේ වැරැද්ද තමුන්ගේ නේද ? අපේ මාමා පොලීසියේ කියලා මතක් උනේ ඒ වෙලාවේ.. ඒ මනුස්සයා වෙව්ලනවා..
තාත්තා ලේ බෙරෙන අතත් එහෙන්ම තියාගෙන කතා කලා.. ඇයි කලබලෙන් දැම්මෙ ?

අනේ මහත්තයෝ අපේ නංගිගේ දරුවා නැති වෙලා.. වතුර පාරට අහු වෙලා.. මේ හිනිදුම ඉස්පිරිතාලේ ඉන්නවා කියලා ආරංචියක් ආවා ඒ හොයන්න යන ගමං..

ඉතිං මනුස්සයෝ තමංගේ නංගිගේ දරුවා වෙනුවෙන් තමන්ගෙ ජිවිතෙත් නැති කරගෙන අනුන්ගෙ ජිවිතත් නැති කරන්නද හදන්නෙ ? අපේ තාත්තා පුදුම අනුකම්පාවකිං කතා කලේ..
එදා හැමෝටම විපතක් වෙලා තිබ්බ නිසාත්,, ජීවිත ගොඩක් නැති උන නිසත් තාත්තා කැ ගහන්න බනින්න ගියේ නැහැ.. 

කොහොම කොහොම හරි ගොඩක් පරක්කු වෙලා ඉන්ශුවරන්ස් එකෙනුත් ඇවිත් පොලිසියෙනුත් ඇවිත් මනින වැඩ එහෙම කරලා අපි එන්න ආවා.. රෑ වෙලා. පොලිසියේ ටිවී එකේ සුනාමියේ විඩියෝ පෙන්නනවා.. අර ගාල්ලෙ මනුස්සයා වීඩියෝ කල එක ITN එකේ පතුරු ගහනවා..
අන්තිමේ පොලිසියෙන් අර මනුස්සයාට කිවා අපේ වාහනේ හදා ගන්න සල්ලි දෙන්න කියලා.. එහෙම දෙන්න උනා නම් පනස්දාහක් වත් දෙන්න වෙන වෙනවා.. තාත්තා කිවා.. හරි මේ කලබල ඉවර උනාම අපි ඒක මොනා හරි කරගම්මු.. ඔයා අපේ ගෙදර ඇවිල්ලා යන්න කියලා ඇඩ්රස් එක දුන්නා.. හැමොටම කරදරයක් උණ වෙලාව නිසා තාත්තා අනුකම්පා කරලා කියන්න ඇති..

ඒත් ගොඩක් කල් බැලුවා ඒ මනුස්සයා පලාතකවත් ආවෙ නෑ.. සල්ලි ගන්න බලාපොරොත්තුවක් තිබ්බෙ නැහැ.. ආයෙ පොලිසී ගිහින් ඒ මනුස්සයා හොයන්න උනන්දු උනෙත් නැ.. ඉන්ශුවරන්ස් එකෙන් සල්ලි දීලා තිබ්බා වාහනෙ හදන්න..

27 වෙනිදා තමා එපාම කරපු දවස.. මිනිස්සු හෝ ගාලා එනවා ලෑලි හොයන්න

අනේ මහත්තෝ අපේ නෝනා නැති වෙලා.. බොඩි එක දෙන්න පෙට්ටියක් ඉල්ලනවා.. පෙට්ටි නෑ කොහෙවත්. ලෑලි ගෙනියන්න ආවා පෙට්ටියක් හදාගන්න..
       ඔහොම 20 කට වැඩි පිරිසක් ආවා ලෑලි ගෙනියන්න.. ඒ එක්කෙනෙක්ගෙන් වත් සල්ලි ගන්නෙ නැතිව තාත්තා තිබ්බ තිබ්බ හැම ලෑලිකැලි හොය හොය දුන්නා..
ඒ වෙලාවේ ඒ මිනිස්සුන්ගෙ හිත් වල තිබ්බ දුක නැති කරන්න ගොඩක් වෙලා එක එක දේවල් කියලා හිත් හදන්න ගත්තා..
චූටි ළමයින්ට.. වයසක අයට.. තරුණ අයට.. එක එක සයිස් වලිං ලෑලි.. බොහොම කලකිරීමකිං දුකකිං අපි කරන්න පුලුවන් උදව් කලා..
පෙට්ටි නැති, අදුර ගන්න බැරි ගොඩක් අයගේ මිනී බැකෝ වලිං ලොකු වලවල් හාරලා සමූහ මිනී වලවල් වලට දාලා වහලා දාලා තිබ්බා...

දවස් ගානක් යන කම් කරන්ට් එක තිබ්බෙ නැ.. අයියලාගෙ ගෙදර අය පිටත් කෙරෙව්වා.. අයියයි අක්කයි දවස් 2-3 ක් ඉන්න නැවතුනා අපේ ගෙදර.. ඒ අයත් කොළඹ පාරින් යන්න බැරි නිසා ගොඩක් ලොකු රවුමක් ගහගෙන ගිහින් තිබුනේ.. යන කොට පංසලක් තිබිලා ඒකෙ අනාත වෙච්චි අය හුගක් උන්නාලු.. අක්කාගෙයි අයියාගෙයි බෑග් වල තිබ්බ හැම ඇදුමක්ම ඒ අයට බෙදලා දීලා තිබ්බා...

ඉතිං ඔන්න ඕවා තමා මගේ මතක සටහං.. ගොඩක් අයට සුනාමිය අමතක වෙලා ගිහින් ඇති.. ඒත් මගේ හිතේ තාමත් ඒවා චිත්‍රයක් වගේ ඇදිලා තියෙනවා...


bunny.෴

Monday, November 21, 2011

මා දුටු "ගාමනී"

මුලින්ම කියන්ටොන අපේ තාත්තා මං දන්න විදියට ඒකාලේ ඡංදේ දුන්නෙ UNP එකට.. අපිත් පොඩි කාලේ ඉදන්ම නිකන්ම UNP උනා.. මොකද වැඩිපුරම දකින්නෙ කොළපාට කොඩි නිසා.. දේශපාලනය කියන්නෙ මොන මගුලක්ද කියලවත් දන්නැති අපි පාටක් අල්ලගෙන ඉස්කොලේ එවුන් එක්ක මරාගත්තා.. ඒ තාත්තලාගේ පැත්ත ගන්න ඔනි නිසා.. !!
    කාලය ඔහොම ගෙවිලා ගියා.. UNP කියන එකේ තෙරුම දැනෙන්න ගත්තා.. ඒ විතරක් නෙවේ.. අනික් පක්ශ, පාට මිනිස්සු ගැන එක එක කතා, කට කතා අහන්න දකින්න ලැබුනා.. නිල් පාට පැත්ත හරි රතු පාට පැත්ත හරි මොන පාට හරි උනත්.. මට කොළපාට තරම් එක පාටක් වත් අල්ලව්වෙ නැ.. ඒ තරමට මං තාත්තාව විශ්වාශ කරා.. දේශපාලණ පක්ශයකට මාව නිකන්ම තල්ලු වෙලා ගිහින් තිබ්බා.. මට ඒක නවත්ත ගන්න බැරි උනා.. මං කොළපාට උනා..! (නැනැ හම තළෙලුයි)

පසු කාලිනව වෙනසක් උනා.. යුද්දය ඉවර උනා.. අලුත් කෙනෙක් රජ කම ගන්න අවා.. මගේ දේශපාලණ උණ වැඩි උනා.. පාරෙ තියෙන පොස්ටර් එකක් නැර බැලුවා.. මට ඔහු වීරයෙක් වගේ පෙනුනා.. මං එයාගේ පැත්ත ගත්තා.. තාත්තත් එයාගෙ පැත්තට නිකන්ම ඇවිල්ලා තිබුනා..

ඉතිං මම ජෙනරාල් සරත් ෆොන්සේකා මහත්තයාගේ පැත්ත ගත්තා.. එතුමාගේ ගුණ වර්ණනා කලා.. අනික් පාටවල් වලින් සමාජයේ මිනිස්සු මිරිකේද්දි අපිට ෆොන්සේකා මහත්තයා වීරයෙක් වෙන්න ගත්තා.. ජීවිතෙට දැකලවත් තිබුනේ නැති මනුස්සයා මට වීරයෙක් වෙන්න වැඩි කාලයක් ගියේ නැ.. "යුද්දෙ ඉවරකලේ ඒ මනුස්සයා.." අන්න එහෙමයි අපි හැම තිස්සෙම ඒ මනුස්සයාගැන හිතාගත්තෙ..!

නමුත් ඔය සියල්ලම අවසං වී එතුමා හිරේට යනකම් වත් මට ඡංද බලය තිබුනේ නැ..! නමුත් මගේ ඡංදය සරත් මහත්තයාට වෙන්වෙලා තිබ්බා...!



ලොකු ටෝක්ස් නැති චේද තුන හතරකින් මට පෙන්නන්න උවමනා කලේ මං කැමති දේශපාලන පක්ශය ගැන..

+මචං බනියා උඹ ගාමනී බැලුවද ?
 

*නැ බං උඹ ලග තියෙනවද ?

+ඔව් ඕයි මේක අරන් පලයං සිරා කතාව..

*අඩේ මං ෆිල්ම් හෝල් එකේ බලන්න යන්න උන්නෙ බං.. මැක්සා ඇ..
මං පෙන් එක උදුරගෙන ගෙදර එන්න පිටත් උනා.. ..
      දඩිබිඩියේ ගෙනැල්ලා දාලා බැලුවා.. මගේ ලේ රත්වෙන්න වෙලා ගියේ නැ.. සදරු අයියාගෙ යාලුවාගෙ කතාව මට මතක් වෙන්න වැඩි වෙලා ගියේ නැහැ.. මගේ ඇගේ ලේ නලියලා ඇගේ මයිල් කෙලින් වෙලා තරහෙන් ෆෝවර්ඩ් කලේ බයටම.. මොකද මට ලේ හෙල්ලෙන එව්වා බලන්න බැරිකමට, ගැහැනුන්ගෙ පිරිමින්ගෙ බෙලිකපන එකට.. ඒ වගේම අර ළමයා පොලවේ ගහන සිද්දියට.. මගේ හිත සලිත වෙන්න මහ වෙලාවක් ගියේ නැ.. සඳරු අයියා කියන්න වගේ
          "මම මීට දින කීපයකට උඩදී අපේ එහා ගමේ සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරපු ගාමනී චිත්‍රපටිය බැලුවා .ඒත් ඒ චිත්‍රපටිය තුළ තිබුණේ මගේ ගමට හුඟක්ම සමාන පරිසරයක් විතරයි . චිත්‍රපටියේ පළමු විනාඩි විස්ස නම් සියේට සීයක්ම ඇත්ත සිදුවීමක්. ඒත් අනික් ටික කතාවක්ම විතරයි"

ඇත්තටම මුල් විනාඩි 20 තුල කතාව සත්‍ය එකක් කියලා තෙරුම් ගත්තෙ සඳරු අයියාගෙ කතාවෙන්.. ෆිල්ම් එකේ දී ප්‍රේක්ශකයාගෙ හිරි ගඩු පිප්පෙන්න, මයිල් කෙලින් වෙන්න, ලේ රත් වෙන්න තියෙන එකම හරිය ඔය ටික විතරයි..
ඔය ටික බලද්දි අපිට මොකක්ද මතක් වෙන්නෙ ? "යුද්දය" නේ ? ඔනී පොඩි එකෙක්ට යුද්දය ගැන දැනෙන්න කරපු සාර්ථක නිර්මාණයක් විදියට මං ඕක දකිනවා.. ඒ වගේම අපේ මහ උන්ගේ හිත වෙනස් කරගන්න බලකරන චිත්‍රපටියක් විදියට මම දකිනවා..

මට කතා කරන්න ඔනේ උනේ මේ චිත්‍රපටිය ෆිල්ම් හෝල් වල යද්දිත් අපි අතරට ආවේ කොහොමද ?
එක වෙබ් අඩවියක දැක්ක විදියට මෙකේ නිර්මාතෘ කියලා තිබ්බෙ පිටපත ලබාදෙද්දි ඒකෙ තව පිටපතක් හොරෙන් අරගෙන අන්තර්ජාලයට මුදා හැරලා කියලා.. එහෙම වෙන්න පුලුවන්ද ?
චිත්‍රපටියක අවසාන ෆිල්ම් රෝල.. එහෙම නැත්නම් DVD එකක් කියලා හිතමු.. නිශ්පාදක තුමා, ඔන්න මචං ඕක ෆිල්ම් හෝල් වල දාලා මට කීයක් හරි හොයලා දියං කියනවද ? නැහැනේ, වගකීමකින් ඊට වගකිවයුතු පාර්ශවයකට නෙ ලබාදෙන්නෙ චිත්‍රපටි ශාලා වලට බෙදන්න.. ඒ මනුස්සයාත් කීයක් හරි හොයාගන්න වැඩේ නැතිකරගෙන ෆිල්ම් එක එළියට දාවි කියලා හිතනවද ?
      ඔය බෙදාහරින්නා හැර චිත්‍රපටි ශාලා හිමිකාරයින්ට ඔවාගේ පිටපත් ගන්න නම් ගන්න තියෙන එකම ක්‍රමය මගේ දැනිමේ හැටියට චිත්‍රපටිය දාවණය වෙද්දි කැමරාවක් අල්ලං ඉදලා වීඩියෝ කරගන්න එක විතරයි.. (මීට අමතර ක්‍රමයක් තියෙනවා නම් මාව නිවැරදි කරන්න) නමුත් මං බලපු වීඩියෝව හොද තත්වයක තිබ්බා.. ඒක ටොරන්ට් එකකින් භාගත්ත එකක් කියලා සාක්ශි තිබ්බා.. එහෙනම් ඒක කැමරා කොපියක් නෙවෙ.. නමුත් මට දැනුනේ ඒක කැමරා කොපියක් බව අගවන්න බොරු අසාර්ථක උත්සාහයක යෙදිලා තිබ්බා..
      මෙන්න මට හිතෙන විදිය.. මේකට මුලුමනින්ම දේශපාලණික බලපැමක් මත හෝ දේශපාලකයින්ගෙ උවමනාව මත සිද්ද වෙච්ච චිත්‍රපටියක් විදියටයි මම දකින්නෙ, මං එහෙම කියන්න හේතුව මේකයි
        ජිවිතේට "ගෝනගල" ගම දැකලා නැති කොළඹ උන්ට තමා මුලින්ම මේ චිත්‍ර පටිය අහුවෙන්නෙ.. මොකද අන්තර්ජාලෙම ජිවත් වෙන මිනිස්සු වැඩි හරියක් ඉන්නෙ කොළඹ පැත්තෙ නිසා.. ඔබට මතක ඇති කාලයක රජයට කොළඹ නගර සභාව දිනාගන්න පුලුවන් උනාද ? නැහැනේ නේද ? ඒ මොකද යුද්දය කලේ කොහොමද ඒකට උර දුන්නෙ කවුද ඔය සියල්ලම ගැන හිතන්න මොලයක් තිබ්බ උන් ටිකක් උන්නෙ ඔය කොළඹ නිසා.. ඕකට සාක්ශියක් විදියට මට තියෙන්න මේ දවස්වල සෝශල් නෙට්වර්ක් වල වෙන කතා බහා FB, Twitter ඉන්න උදවියට ඕක මං පැහැදිලි කරන්න ඔන අරුමයක් නෙවේ.. තව රූපවාහිනි මාද්‍ය.. කොටින්ම අපේ ගමේ ඇන්ටනාව අඩි 40 උස්සව්වත් පෙනුන චැනල් දෙකයි ඒ රූපවාහිනි හා ITN  ඔය දෙකම කලේ මොකක්ද ? ආන්ඩුවේ වැරදි වහලා නිවැරදී දේම විතරක් මිනිස්සුන්ට පෙන්වන එක.. ඉතිං උතුරෙන් මෙහා ඉන්න මිනිස්සු රජයේ හොද විතරක් දකිමින් සිහින ලෝකයක තනිවෙනවා..  ඒ වගේම බිස්නස් කරන උදවිය.. බිස්නස් කරන අයට ලොකුම සහනයක් දීලා තිබ්බෙ UNP එකෙන්.. මේ දැන් ඉන්න රජතුමාගේ පක්ශයෙන් කවදාවත් සහනයක් තිබ්බෙ නැ.. හොයපල්ලා.. අපිට දියල්ලා කියන මතය උඩයි ඒ අය උන්නෙ.. අපේ තාත්තා UNP උනෙත් ඕක නිසා වෙන්නැති..ඒක නිසා කොළඹ බලප්‍රදේශය කවදාවත් රජතුමාගේ පක්ශයට දිනාගන්න බැරි උනා..

        ඉතිං මේ චිත්‍රපටිය යොදාගෙන අර කොළඹ උදවියගේ හිත වෙනස් කරන්න උණු කරන්න අපූරු විදියට දේශපාලණික උපක්‍රමයක් භාවිතා කලා,  "ගාමනී" එලියට දාලා එක.. රු 150 ට පෙව්මන්ට් එකේ විකුණන ෆිල්ම් එක ගන්න ටිවි එකේ ගාමනී ට්‍රේල එක දැක්ක ඔනි එකෙක්ට හිතෙනවා නිතැනින්ම..

      ඒ වගේම ටොරන්ට් එකක් අමාරුවෙන් බාගන්න එකා ඕක දන්න දන්න හැමොටම දීලා හෙන ආසාවෙන් පොර වෙනවානේ.. පෙන් එකෙන් ඕක වෙන එකෙක්ට දෙන එකේ එකම තෘප්තිය ඒක තමා..
ඉතිං ෆිල්ම් හෝල් වල ප්‍රදර්ශණය වෙද්දිත්, ගාමනී රට පුරා තියෙන ප්ලෙයර් වල.. කොම්පියුටර වල ප්ලේ වෙන්න වැඩි කාලයක් ගියේ නැ..

ඔය චිත්‍රපටියට ගිය වියදම කෝටි 3ක් කියලා හිතමු.. ඕක දේශපාලකයෙක්ට මහලොකු ගානක්ද ? මෝයකටෙන් පොල් ලෙල්ලක් ගියා වගේ ඕක.. ගාමනී අන්තර්ජාලෙට දාලා ඉවර වෙලා, ඔන්න මචංලා අපි ෆිල්ම් එක නෙට් එකට දැම්මා කියලා තව පබ්ලිසිටියක් දෙන්නත් එක්ක නඩුවකුත් දැම්මා.. චිත්‍රපටිය විකිණීම තහනම් කියලා.. අපි ඒක නිසානේ දන්නෙ අඩේ ඩවුන්ලෝඩ් කරගන්න ටොරන්ට් ඇති කියලා..
ඔය නඩුව දැම්මට ඕක එලියට දාපු උන්, විකුණපු උන් එකෙක් වත් පොලිසියෙන් අල්ල ගත්තද ?

දැන් ඔක්කොම හරි.. යුද්දය ඉවර කල එක නම් මාර පිනක්.. ගෝනගල ගමේ වගේම අනික් දුශ්කර ගම් වලත් මිනිස්සු ආයෙ අඩන එකක් නැ ඔන්න ඔහොමයි ඕක බලපු හුගක් අය හිතනවා ඇත්තෙ.. එතැනදි නිකන්ම මතක් වෙන්නෙ ගොඩක් අයට අපේ රජතුමා.. රජතුමනි මේ හාවාට නම් එහෙම හිතුනේ නෑ ඕං..!  යුද්දයෙන් අඩපු මිනිස්සු තාම අඩනවා.. ඒ බඩගින්නට.. අඩනවා නෙවේ ඇඩෙනවා..
      මට ඔනි ඔනි දේ මේකයි කියලා දෙපාරක් ඇඩුවාම දුක හිතිලා අරන් දීපු තාත්තට මට කැමරාව අරන් දෙන්න විදියක් නැ පුතෙ කිවාම මගේ පපුව හෝස් ගාලා ගියා.. ඒක කලේ ඔබයි රජතුමනි..!

      ඉතිං මේ ආන්ඩුව අර ගන්න බැරිවෙච්ච ඡංද කෑලි ටික ගන්න අසාර්ථක උත්සාහයක යෙදුනා කියලයි මේ හාවට හිතෙන්නෙ..

ආයෙ මතක් කරනවා මං සරත් ෆොන්සෙකාගේ පැත්ත ගත්තා කියලා උඩින්ම කියලා තියෙනවා.. ඒ වගෙම මේ ආන්ඩුව පිලිකුල් කරනවා කියලත් බය නැතිව කියනවා.. ඇයි මට මොනා කරන්නද ? වැඩිම උනොත් කොන්දක් නැති ඇනොනිමස් කෙනෙක් කුණුහරුපයක් දෙකක් කියලා දාවි.. ඒ උනා කියලා මාව මරන්නද ? මැරෙන්න උනත් මට කිසි බයක් නැ..

මට හිතුනන විදිය වැරදි සම්පුර්ණ අසත්‍ය විකාර කතාවක් වෙන්නැති.. ඒ ගැන බය නැතිව කමෙන්ට් කරන්න.. මොකද මේ අන්තර්ජාලෙ ඉන්නෙ අපි අපි විතරයි.. මට බැන්නට මං  තරහා නැ කා එක්කවත් :)

එහෙනම් ජය..!!
PirateBunny෴
...

Wednesday, November 2, 2011

ඔලුව පලා ගැනීම..

 අර නපුරු නදී දන්නවද ? අර ගලායන ජීවිතේ ලියන්නෙ.. අන්න එයාගේ පොස්ට් එකේ මං දැක්කා තිබ්බා කාගෙදෝ අහිංසකයෙක්ගෙ ඔලුවක් පලලා :D ඉතිං ඔය සම්බන්දව මටත් ජිවිතාවර්ජන 3 ක්ම තියෙනවා :D

මං මෙහෙම උන්නාට මගේ ඔලුවේ පැච් 3 ක් තියෙනවා :D ඔය හිටපු ගමන් ගොන් වැඩ කරන්නෙත්.. මෝඩ වැඩ කරන්නෙත් ඕකෙ ප්‍රතිඵලයක් නිසාදෝයි මට නිකමට වගේ හිතෙනවත් එක්ක :D

හාවා පොඩි එකා කාලේ
පළමු පැල්ම ඇති උනේ ඉස්සර මට තාත්තා දීලා තිබ්බා නැවකින් ගෙනාව කප්පියක්.. මං ඕක තල්ලු කර කර තමා සෙල්ලම් කරන්නෙ.. මට ඔනිනනම් අවු 3 2/1 වෙන්ටැති  එච්චර බරකුත් නැති නිසා ඕක මගේ ප්‍රදාණ සෙල්ලම් භාංඩය.. අනික ඒකෙ කෑලි ගලවන්නත් බැරි නිසා තාත්තාට තව සෙල්ලම් බඩු අරන් දෙන්න ඔනි කමක් තිබ්බෙත් නැ.. ඇයි ඉතිං ඒක කැඩෙනවායැ :D.. ඉතිං හැමදාම තල්ලු කර කර ඉන්න බැරි නිසාම මං ඒක එලියට අරන් ගියා වෙන සෙල්ලමක් කරන්න හිතාගෙන.. මෙන්න තියෙනවා අලි කානුවක්.. ඒකෙ  වතුර හෝගාලා ගහං යනවා.. ඉතිං මං කලේ කානුව උඩ තිබ්බ මඩුවේ ලණුවක් ගැට ගහලා වරුවක් විතර දගලලා දගලලා අර කප්පිය උඩට අරං ගැට ගහ ගත්තා.. අර ඇලේ වතුර ගන්න :D  ශිට්..වැඩි වෙලාවක් ගියේ නැ.. දඩෝං.. කප්පිය මගේ ඔලුව උඩ.. රතුපාටට මොනාදෝ එනවා.. හුටා වෙන මොනා එන්නද.. ලේ...!! මං හොරාට අතින් වහ ගත්තා පැලිච්ච තැන.. හෙමීට ගෙට රිංගලා ඇදට වෙලා නිදා ගත්තා.. මෙන්න තාත්තා එනවා දුවගෙන.. අන්තිමෙ මාව උස්සන් ගිහින් බෙහෙත් දාගෙන ආවා.. තාත්තා දැකලා මං ඔලුවට අත තියාගෙන ගෙට රිංගනවා.. පස්සෙ ලේ පාර දිගේ තමා හොයාගෙන ඇවිල්ලා තියෙන්නෙ.. තාත්තා එදා දැක්කෙ නැත්නම් මං ලේ ගිහිල්ලම මැරෙනවා :D

...

දෙවැනි පැල්ම ඇති උනේ අර නදී අක්කා වගේ නපුරු කෙල්ලෙක් නෙවේ කොල්ලෙක් ගහපු ගල් පාරකට.. මං 2ක වසරෙදි.. අපේ පංතිය තිබ්බෙ A අනික් පංතිය B.. B එක එක්ක අපි හෙනම ෆිට්.. C එකේ උන් මහ වසවර්ති රැලක්..! ඉතිං හැමදාම C එකත් එක්ක ගහ ගන්නවා :D අපිට විදෙශාදාර වගේ B එකෙන් සහයෝගය ලැබෙනවා..  :D අනේ මං නම් හැබැයි කවදාවත් ඔය වලියකට ගිහින් තිබ්බෙ නැ.. අන්තිම අහිංසකයි බොරු නම් අහලා බලන්න ඔනි කෙනෙක්ගෙන් :P
ඉතිං ඔය වලියක් අන්තිමේ පංති කාඹරෙන් එළියට ගියා.. ඒ ගිහින් පිට්ටනියට යන කම් ගියා.. මාත් ඉතිං ඕක බලන්න පස්සෙන් ගියා...
ශෘශෘශෘශෘශෘශෘශඌඌඌඋ උඩිං ආපු රොකට් ලොංචර් එකක් වගේ අලි කලුගලක් ටොකොස් යන ශබ්දය නිකුත් කරමින් මගේ ඔලුව උඩට පත බෑ උනා.. හුටා.. මට තරු විසික්කා උනා.. ඔලුව හිරි වැටිලා ගියා :D මට මොනා උනාද මංදා.. රිදෙන්නෙත් නැහැ.. එකෙක් ඇවිත්.. අඩේ ඔන්න යකෝ ලේ බේරෙනවා කිවා.. ඔන්න එතැකොට නම් මං අම්බානෙක බය උනා..  ඉතිං මං මිස්ටවත් කියන්න ගියේ නැ.. අපේ පංතියේ එකෙක්මයි ගහලා තියෙන්නෙ වැරදිලා ගහලා තියෙන්නෙ.. මිස්ට කිවොත් අපි දීර්ඝකාලීනව ගෙනාව සටනට Dot එක තියන්න වෙන නිසා..
      පඩිපෙලෙන් වැටුනා කියලා ඇගේ දූවිලි ටිකකුත් ගාගෙන ගොඩින් ශේප් කරගත්තා :D මිස් ඒපාර බෙහෙත් දම්මවලා ගෙදරට කොල් කරලා තාත්තා ඇවිත් මාව එක්කගෙන ගියා.. :D කෝම කෝම හරි අපි 8 වසරට විතර එන කම් ඔය වලි තිබ්බා.. ගහගෙන ඉවර වෙලා අන්තිමේ ගැණ ළමයි ගේන වතුර වලිනුත් ගහ ගන්නවා.. :D ඔන්න ඒක තමා අපේ හෙන හුරාට තිබ්බෙ.. ගැණු ළමයි අන්තිමේ අර ගඩාෆි අංකල් පාවා දුන්නා වගේ අපිව පාවලා දුන්නා :-/

..

තුන්වැනි පැල්ම ඇති උනේ අපේ ගේ පිටිපස්සෙ කාණුවක් තිබ්බා. මං කුස්සියේ ඉදන් වේගෙන් ඇවිල්ලා දොර ලගින් පැන්නා පෙව්මන්ට් එකට.. හුටා.. දියසෙවෙල් කාපු පෙව්මන්ට් එකේ මං ලිස්සලා ගිහින් දඩෝං කානුවේ.. මට දැන් කරකියා ගන්න දෙයක් නැ.. කොච්චර දැගලුවත් එළියට එන්න බෑ මං හිර වෙලා කාණුවේ.. ඒ පාර කෑ ගැහැව්වාම අපේ මාමා කෙනෙකුයි තාත්තයි ඇවිල්ලා බොහොම අමාරුවෙන් උඩට ගත්තා.. කාණුවේ වැටිලා තිබ්බ කොන්ක්‍රීට් වලට හයි වෙච්ච ගල් වගේක ඔලුව ඇනිලා පැලිලා තිබ්බා.. කොම හරි බෙහෙත් දාගෙන අවා..

හැබැයි කවදාවත් මට තාත්තා ඔලුව පලාගන්නවා කියලා බැනලා නම් නැ.. මට මතකයි අම්මාට කියනවා මේකා ඔලුව තලා ගන්නැතිව පලා ගත්ත එකම මදෑ කියලා.. :D

Tuesday, November 1, 2011

තුන් සරණය..!!


උදේ පාංදරම අපේ ගලායන ජීවිතය ලියන අක්කා එයාගේ fb වෝල් එකේ දාලා තිබ්බා මෙන්න මේ තුන් සරණය වීඩියෝව..  ඕක අහද්දි දකිද්දි මට මතක් උනේ තාත්තා කියපු කතා දෙක තුණක්..
   ඉස්සර මහියංගනය නුවර පාරේ තිබ්බ වංගු ගැන මතක අය දන්නවා ඇති ඒ වංගුවක් ගන්න බස් ඩ්‍රයිවර් කෙනෙක් කොච්චර නම් දුකක් අවදානමක් ගන්නවාද කියලා.. වැරදිලා හරි ක්ලච් බැලැන්සිං අවුලක් උනොත් ඉන්න වෙන්නෙ ඊලග වංගුවේ තමා :D (දැන් නම් වංගු අඩු කරලා පාර ලස්සනට හදලා..)
        අපේ තාත්තා අවු 18 ගෙදරින් පැනලා ගිහින් සූරිය වැව පැත්තෙ පාරක් කපන එකක වැඩකරලා තිබ්බා.. තාත්තාට තිබිලා තියෙන්නෙ පාර කපන කොට අහු වෙන ගස් ටික කපලා අයින් කරලා දෙන එක.. ඉතිං තාත්තා ගෝලය දාගෙන වැඩ කරලා.. පස්සෙ මදුරුවො කන එක ඉවසන්න බැරිම තැන ගෙදර එන්න ඇවිල්ලා.. මැලෙරියාව හැදේවි කියලා..!!
        ඔහොම සල්ලි ටිකකුත් හොයාගෙන ආයෙ ගිහින් නුවරට.. ඊලගට කරලා තියෙන්නෙ නුවර මහියංගන පාරට බස් එකක් දාලා, ඒකෙ වැඩ කරලා තියෙන්නෙ තාත්තයි තව නුවරින් හොයා ගත්ත ඩ්‍රයිවර් කෙනෙකුයි... මේ මනුස්සයා දන්නැහැලු තාත්තාට ලයිශන් තියෙනවා.. වාහන පදින්න පුලුවන් කියලා.. ඒ කාලේදි තාත්තාට අවු 21 වගෙලු.. බරවාහන  ඩ්‍රයිවින් ලයිශන් අරන් තියෙන්නෙත් අලුතමලු.. ඉතිං තාත්තා දවසක් බලාන ඉන්නවාලු ඩ්‍රයිවර් බස් එකේ ක්ලච් එක උඩ කොයි වෙලෙත් කකුල තියාගෙනමලු යන්නෙ.. ඉතිං දැන් කාලෙ වගෙ නෙවෙනෙ.. ඉස්සර ඩ්‍රයිවින් ලයිශන් ගන්න පුරුදු කරද්දි හැම දේම කියා දෙනවානේ.. තාත්තත් ලයිශන් ගත්ත අලුත වගේ නිසාම මතකයිලු ක්ලච් එක උඩ කකුල තියාගෙන යන්න හොද නෑ නේද කියලා.. ඉතිං අර මනුස්සයාට තාත්තා කියලා ක්ලච් එක උඩ කකුල තියාගෙන යන්න එපා.. ක්ලච් ප්ලෙට් එක යාවී.. අනික කන්දක් නගින නිසා ක්ලච් එක අනිවා පරිස්සම් කරගන්න ඔනී කියලා..
මෑත කාලීණ හුන්නස් ගිරිය පාර හරියෙ යන බස් එකක්
     මේ මිනිහත් හා කියලා ඔහොම අවාලු හුන්නස්ගිරිය හරියට.. හුන්නස්ගිරියේ හරි ප්‍රසිද්ද රොටි කඩයක් තියෙනවා.. ඔකේ රෑ ට්‍රිප් එකේ අනිවා නවත්තනවාලු රොටි කන්න.. දැන් ඔක්කොම රොටි කාලා තේ එකක් බීලා හේම අවාම ඩ්‍රයිවර් උන්දැ නැලු..!!   දැන් මිනිස්සුත් බය වෙලා හොදටම හොයනවාලු.. කිසිම හොඩුවාවක් නැහැලු..  ඉස්සර මිනිස්සු හරි නිහතමානී අහිංසකයිනේ.. දැන් වගේ නම් ගොලයාටත් අල්ලගෙන ගහනවානේ.. ඉතිං මිනිස්සු තාත්තාට කියනවාලු  මහත්තයෝ දැන් මොකද කරන්නෙ කියලා.. මිනිස්සු සීතලේ වෙව්ලනවත් එක්කලු.. තාත්තා කිවාලු හරි කමක් නැ ඔක්කොම නගින්නකෝ කියලා නග්ග ගත්තාලු බස් එකට.. දැන් තාත්තා බස් එක අරගෙන එනවාලු.. ඔහොම 18 වංගුවලට කිට්ටු වෙන කොට ඔන්න ඔය උඩ දාලා තියෙන තුන් සරණය එක මනුස්සයෙක් කියන්න අරගෙන.. මුලු බස් එක පුරාම විහිදිලා යන්න සද්දෙට කියනවාලු.. අනික් මිනිස්සුත් ඒකට සහභාගී වෙලා.. කොහොම හරි රෑ වෙන්න කලින් තාත්තා මහියංගනේට බස් එක ගෙනිච්චාලු.. ඒ වගෙම පාරෙ ඉන්න හැම මනුස්සයෙක්ම එක්ක ගියාලු.. සල්ලි අරගන්නෙ නැතිව.. නමුත් ඒ මිනිස්සු බලෙන් සල්ලි දිලාලු බස් එකෙන් බැහැලා තියෙන්නෙ :) අන්තිමේ ආච්චිලා සියලා පවා වදින්න එනවාලු තාත්තාට :-D

කාලයක් යනකම්ම මිනිස්සු 18 වංගුව කිට්ටු වෙද්දි හා බහිද්දි තුංසරණය කියන්න පුරුදු උනාලු..

පස්සෙ උදේ තාත්තා අවාලු නුවරට.. නුවර ගිහින් බලන කොට අර ඩ්‍රයිවර් ඉන්නවාලු කඩයක තේ එකක් බිබි..
තාත්තා ඌ අල්ලලා දෙකක් ඇනලා කිවාලු..
   යකෝ අපේ තාත්තා මට දෙයක් කියලා දීලා තිබ්බා..ඒ තමා දෙයක් කරන්න පටන් ගන්නවා නම් ඒ ගැන පොඩි හරි දැනුමක් ඇතිව කරන්න කියලා.. අරු දහ අතෙ වැදලා සමාව අරගෙන..
පස්සෙ මිනිහා ගැන කිසිම අරංචියක් හොයා ගන්න බැරි වෙලා.. මිනිස්සු කිවේ පිස්සු හැදිලා මලා කියලාලු..!!
...

දැන් ඔහොම පටන් ගත්ත රස්සාව කරන්න ඔනේ නිසා තාවකාලිකව ගෝලයෙක් හොයා ගත්තාලු ටිකට් කඩන්න.. පළමු දවසෙම හුන්නස්ගිරිය හරියට අවාලු.. ඔකේ අර රොටි කඩේ ලග බස් එක රිවස්කරන නිසා පස්ස බලන්න කියලා.. මූත් හා කියලා බැහැලා ඇවිත්.. හරි හරි අයියා ගන්න ගන්න කිවාලු.. තාත්තාත් රිවස් කරනවාලු.. දඩෝං ගාලා සද්දයක් ඇහිලා.. අරූ උඩ පනිනවාලු හුරේ හැප්පුනා හැප්පුනා කියලා :D

තාත්තාට කොහොම කොහොම හරි හෙන අකරතැබ්බ තොගයක් වෙලා තියෙනවා.. පස්සෙ වික්ටෝරියා ප්‍රොජෙක්ට් එකේ ලී සම්බන්ද වැඩ ලැබුනු නිසා ඔය බස් දිවිල්ලත් නවත්තලා දාලා.. .

........

වික්ටොරියා ප්‍රොජෙක්ට‍ එක ඉවර උනාම ආයෙ තාත්තා වෑන් එකක් අරගෙන හයර් කරන්න ගත්තාලු ගොඩක්ම හයර් ගිහින් තියෙන්නෙ සිරීපාදේ තමා.. සිරිපාදේ යද්දිත් මිනිස්සු කියන්නෙම ඔය තුන් සරණය කවි ටිකලු.. තාත්තාට ඕක දැන් කට පාඩම්.. දැනටත් මහියංගනය පැත්තෙ යන්න ගියාම ඔය
කවි තාත්තා අතින් කියවුන් නැත්නම් හරිම පුදුමයි :D
ඒ වගෙම ඕවා හරු බලගතු හිත මෝහණය කරන කවි.. කිසිම දවසක වාහනේ යද්දි කරදරයක් වෙලා නැහැ.. ලොකුම කරදරය තිබිලා තියෙන්නෙ පොලිසියෙන් ඒ වැඩිපුර මිනිස්සු දාගෙන දාවණය කිරීම  කියලා රු 20 දඩය දෙන නිසා.. :D

තාත්තාගෙ ජිවිත කතාවේ පුදුම රස කතා තොගයක් තියෙන්නෙ.. පුලු පුලුවන් වෙලාවට ලියලා දාන්නම්..
මං මාර අඩම්බර වෙනවා එයා මගේ තාත්තා වෙච්ච එක ගැන..!! :)


..