Wednesday, July 20, 2011

රසවිංදනය..

මේක මේ... මේ පාර A/L විභාගෙට සිංහල ලියන උදැවියට පොරයෝජනාත්මක වෙන්න කියලා තමා ලියන්ට තනන්නේ.. අපි අද රසවිංදනය ගැන කතා කරමු..!
අද මං රසවිංදනයට තෝර ගන්නෙ..
    MBBS, මැකැනික්, අති දක්ශ, වෙන්ඩ මහාචාර්ය,   ප්‍රවීන මංඤඤං කවි රචක ඒ.ඒ. අනුෂ්ක ලක්මාල් මහතාගේ මෙව්වා එකක්.. (ඔය ළමයි "මෙව්වා" කියන එකට සිංහල තෙරුම මගෙන් අහන්නැ.. එවා ගෙදර ගිහින් කාගෙන් හරි අහගන්න.!)

මේක ඒ මහතා විසිං රචනා කලේ one zero zero  කියන බ්ලොග් එක සඳහා.. ඉතිං ඒ මහතාගේ මෙන්න මේ සටන කියන මංඤඤං මෙව්වා එක තමා මං අද රසවිංදනයට උපුටා ගන්නෙ.. ඇත්ත වශයෙන්ම කිවත්.. මේ මංඤඤං මෙව්වා එක.. ඒ මහතා කොච්චර ලස්සනට හා අපූර්ත්වයෙන් හෙබිව ලියලා තියෙනවා කිවත්.. ඕක හුගක් අයට තෙරිලා නැහැ..  ඉතිං මං ඒක නිසාම අද මේ බ්ලොග් එක තුල රසවිංදනය කියන පාඩම තුලිං ඔබට පැහැදිලි කරලා දෙන්නම්..!


එකෙක් අත ඉඹලා දෙයි..
තව එකෙක් අතට අත දී දෙයි..
තව එකෙක් වැදලා දෙයි..
වැන්දාම නම් ලැජ්ජයි..
කවදාවත් දැකලා නැති..
එකෙක් ආ මලයා ගා දෙයි..
මාත් ආ අයියා ගායි.. අක්කා ගායි..
අතට අත දෙයි..
ගේ හරියේ කොළ පිරෙයි..
කඩදාසි, ඩේ කාඩ්, දු:ක: කාඩ්, etc
ගේ හැම තැනම..
හනික මා කෙල පිහිදාගයි..
නැත්නම් විස බීජ එයි..
ගේ හරියේ ඩෙටෝල්ද නැත..
නැත්නම් ඩිංගක් බොන්නවත් තිබිනි..
නැන්දාල ඇත.. මාමලාද ඇත.
එකෙක් එක පාටක්..
තව එකෙක් තව පාටක්..
පාට පාට ලෝකයක්..
මෙ ඔක්කොටම දෙන්නෙ කොහොමද ?
ඔක්කොටම තියෙන්නෙ XXX තුනයි...එක පාටයි..! ㋛
ඔක්කෝටම දීලා නිකා ඉන්නවා..
එතකොට හැමෝම මට හොද කියයි..
මටත් හෙන සතුටුයි..!



අපි මේක පැහැදිලි වෙන්නත් එක්කලා.. කොටස් වලට කඩාලා.. ඒ එකෙන් එකට විස්තර කරගමු..!



එකෙක් අත ඉඹලා දෙයි..
තව එකෙක් අතට අත දී දෙයි..


      ඒ කියන්නෙ අත ඉඹලා දෙනවාලු.  අතට අත දෙනවාලු.. සිංහලෙන් කියන්නෙ shake a hand කියලා  අන්න ඒක තමා මෙතැනදි කියන්නෙ..

තව එකෙක් වැදලා දෙයි..
වැන්දාම නම් ලැජ්ජයි..

     මෙතැනදි කියන්නේ වැදලත් මේ දෙනවා කියන දේ දෙනවාලු.. වැන්දාම මේ කවිය තුල ඉන්න පොරට ලැජ්ජායිලු..! 


   
කවදාවත් දැකලා නැති..
එකෙක් ආ මලයා ගා දෙයි..

     කවදාවත් දැකලා නැති පොරක්.. ගෙදරටම ඇවිල්ලා..  ආ මල්ලි..බොක්ක.. වකුගඩුව කෝමද මචං, වචන වලින් ආමංත්‍රණය කරලා.. ඔය දෙනවා කියන දේ දෙනවාලු..

මාත් ආ අයියා ගායි.. අක්කා ගායි..
අතට අත දෙයි..

     ඉතිං මේ මංඤඤං මෙව්ව එක තුල ඉන්න මනුස්සයා.. ඉහත ආකාරයටම ආමංත්‍රණය කරලා අතට අත දෙනවාලු..

ගේ හරියේ කොළ පිරෙයි..
කඩදාසි, ඩේ කාඩ්, දු:ක: කාඩ්, etc
ගේ හැම තැනම..

       මෙතැනදි ගම්‍ය වෙන්නෙ.. මේ මෙව්වා එක තුල ඉන්න පොරගේ ගෙදර, කඩදාසී වලිං පිරිලා ගිහින්ලු.. ඒ කියන්නෙ මොනවද ? අර අත පය ඉඹලා දීපු පොරවල් ලා දීපුවා..! මොනාද ? ඡංද පත්‍රිකා.. (බොරු පොරොන්දු)

හනික මා කෙල පිහිදාගයි..
නැත්නම් විස බීජ එයි..
ගේ හරියේ ඩෙටෝල්ද නැත..
නැත්නම් ඩිංගක් බොන්නවත් තිබිනි..


      මෙතැනදි කෙලින්ම පැහැදිලි වෙන්නෙ.. මේ මෙව්වා එක තුල ඉන්න මනුස්සයා.. අති පිරිසිදු බුවෙක් බව.. මොකද ඩෙටොල් පාවිච්චි කරන පවුලක් විසබීජ වලින් තොරයිලුනේ.. ඒකයි මේ එක වරම ඩෙටොල් බොන්න හදන්නෙ.. මොකද වෙන්ඩ මංත්‍රීලා එක එකාගේ අත් ඉඹලා මොන ජරාව ගේනවද දන්නැනේ..

නැන්දාල ඇත.. මාමලාද ඇත.
එකෙක් එක පාටක්..
තව එකෙක් තව පාටක්..
පාට පාට ලෝකයක්..


    ඡංදයක් උනාම ඔනෑම කෙනෙක්ට ඉල්ලතැහැකිනේ.. මං කියන්නෙ මේ සත්තුන්ට ඉල්ලන්න නම් බැහැ.. නමුත් ඒ වගේ මිනිස්සුන්ට ඉල්ලතැහැකි නෙවැ.. ඒකට ස්ත්‍රි පුරුශ බේදයක් නැ කියලා තමා රචකයා කියන්නෙ. ඒ වගේම.. පාට කීපයක් තියෙනවා.. තැඹිලි, සුදු, කලු.. ඔය වගේ..

මෙ ඔක්කොටම දෙන්නෙ කොහොමද ?
ඔක්කොටම තියෙන්නෙ XXX තුනයි...එක පාටයි..! ㋛


     මෙතනදි කවිය තුල ගැබ්ව ඉන්න මනුස්සයා අහන්නෙ මේ අත පය ඉඹලා.. ලෙව කාලා ආදරය කරුණාව පෙන්නපු.. මිනිස්සු සෙට් එකට, හිතක් පපුවක් නැතිව එක් කෙනෙක්ට විතරක් ඡංදෙ දෙන්නෙ කොහොමද කියලා.. මොකද හැමෝටම මනාපයි මේ මෙව්වා එක තුල ඉන්න පොර..!
ඔය XXX 3 කිං සදහං වෙන්නෙ කතිර.. (නරක සමණලයා මේ වෙන මගුලක් නෙවේ ඩෝ) :D :D

ඔක්කෝටම දීලා නිකා ඉන්නවා..
එතකොට හැමෝම මට හොද කියයි..
මටත් හෙන සතුටුයි..! 
      අවසං වශයෙන් මෙම මංඤඤං මෙව්වා එක තුල ඉන්න පොර.. ඉතා අලංකාර අන්දමිං අති ප්‍රභල තීරණයකට එනවා.. ඒ තමා මෙවර අර අල වෙලා ගිය චංදයට හැමෝටම කතිර ටික දෙන්න.. ඒ කියන්නෙ චන්දය ඉල්ලන හැමෝටම මනාපය ගහනවාලු..! අවසං වශයෙන් ඌට හෙන සතුටුලු..!!

මෙතැනදි මේ මංඤඤං නිසදැස වගේ එක ලීව පොරට පොඩි වැරදීමක් සිද්ද වෙලා තියෙනවා.. "එතකොට හැමෝම මට හොද කියයි.."
මේක වෙන්න බැරි දෙයක් නේ.. මොකද ඡංදයක් තුලදී තමන්ගේ පුද්ගලිකත්වය රකිනවා කියන දෙයක්ලුනේ... (අනේ මං නම් දන්නැ ඔව්වාගේ ඇත්ත නැත්ත, කවුද දන්නෙ ඔව්වා ඒ ලෙසටම කොරනවා කියලා නේද?)  ඉතිං හැමෝම කොහොමද හොද කියන්නෙ ?
...............................................................................................................................

මං හිතනවා අද පාඩම ලෙසටම පැහැදිල උනා කියා..
සෝ
තවත් අපි යතා කාලයේදී මෙවැනි රසවිංදනයකිං මුණගැසෙමු.. එතකං ආයුබෝවං..!!!

PirateBunny෴


.

Saturday, July 16, 2011

රැවුල වැවීම තුලිං තම්බියෙක් වීම හා FB මගිං විඥ්ඥාණය පහල කරවීම..!

 අනම් මනම් ඔන්නැහැ.. මේ  පිටියෙ අප්පු කියන මහත්තයයි අනුෂ්ක ලක්මාල් කියන කොල්ලයි එක්ක ගිය චැට් එකක්.. මං හොරකම් කරලා දැම්මා මේකේ :D
බලන්නකො අපේ මිනිස්සුන්ගේ දේශප්‍රේමය..!!
 

පිටියෙ අප්පු  අඩෝ තම්බියා

Anushka Lakmal  eh ? මං සිංහල ඩෝ

පිටියෙ අප්පු ඒවුනාට තෝ රැවුල වවලා තියෙන්නෙ තම්බියෙක් වගේනෙ

Anushka Lakmal ඇයි මුස්ලිම් උන්ට විතරද රැවුල වහන්න හොද ?

පිටියෙ අප්පු එවුනාට තම්බියෙක් විදියට හැසිරෙන එක නෝන්ඩි නෙ

Anushka Lakmal නැ කිසිම නෝන්ඩියක් නෑ


පිටියෙ අප්පු ලැජ්ජ නැද්ද ළමා දූෂක , ස්ත්‍රී දූෂක , මිනීමරු , කල්ලිවාදී මානසික රෝගියෙක්ව අදහනවා කියල ප්‍රසිද්ධියෙ පෙන්නන්න ?

Anushka Lakmal
lol කිසිම ලැජ්ජාවක් නැහැ.. මොකද මං මුස්ලිම් කියන මානසිකත්වයෙන් ඉන්නෙ නැහැ

Anushka Lakmal ඒ වගේම උඹලා වගේ, ජාතී වාදය ඇදගෙන කැ ගහන්නෙත් නැහැ

පිටියෙ අප්පු උඹලට ජාතිවාදය මතක් වෙන්නෙ උඹෙ අල්ලපු ගෙදරට තම්බියෙක් ආපු දාට එතකල් මතක් වෙන්නෙ නෑ අල්ලපු වත්තෙ මුස්ලිම් පල්ලියක් හැදුන දාට එතකල් මතක් වෙන්නෙ නෑ බය වෙන්න එපා අපි ඒ වගකීම ජාතිය වෙනුවෙන් ඉටු කරනවා

Anushka Lakmal
මාර දේශප්‍රේමයනේ.. එහෙනම් අර පාර්ලිමෙන්තුවේ කරන විගඩම් නවත්තලා ඉන්න ඉස්සෙල්ලාම මොකද මුස්ලිම් ජාතිය රට විනාස කරනවා කියන එක නෙවේ

පිටියෙ අප්පු
    ඒකට මට බලය නෑ 

Anushka Lakmal
අන්න අතන ඉන්න උණුයි ඒක කරන්නෙ පාර්ලිමෙන්තු හැත්ත

පිටියෙ අප්පු මට බලය තියෙන විදියටයි මම වැඩ කොරන්නෙ

Anushka Lakmal බලය නැත්නම් කැ ගහන්නෙ මොකද ? දැන් මුස්ලිම් ජනතාව මරන්නද හදන්නෙ ? නියමයි නියම දේශප්‍රේමය

පිටියෙ අප්පු මම එහෙම මතයක් කොහෙවත් කියල නෑ

Anushka Lakmal බය වෙන්න එපා අපි ඒ වගකීම ජාතිය වෙනුවෙන් ඉටු කරනවා ඕක කිවේ මං නෙවේ නේ ? වගකීම කියන්නෙ මුස්ලිම් ජනතාව රටිං පන්වන එකද ?

පිටියෙ අප්පු ඒකෙන් මුස්ලිම් අය මරනවයි කියල අදහස් වෙනවද ?

Anushka Lakmal පොඩි අදහසක් එනවා නැතිව වෙන කරන්න දෙයක් නැහැ නේද ?

පිටියෙ අප්පු වෙන කොරනන් ගොඩක් දේවල් තියෙනවා

Anushka Lakmal ඔව් එකම දේ අරාබියට වීසා දෙන එක තමා
 
පිටියෙ අප්පු නෑ

Anushka Lakmal එහෙනම් ?

පිටියෙ අප්පු මිනිස්සුන්ගෙ විඥ්ඥාණය එළිපෙහෙළි කරන එක


Anushka Lakmal සිංහල උංගෙද ?

පිටියෙ අප්පු ඔව්

Anushka Lakmal දැන් සිංහල මිනිස්සුන්ගේ විඥ්ඥාණය පහල කරවන්න කියන්නෙ මොනාද ? අර මට කලින් කියපුවාද ?

පිටියෙ අප්පු ඇත්තටම මුස්ලිම් උන්ගෙත් විඥ්ඥාණෙ එළි වෙනවා

Anushka Lakmal
ඔයාලා free රැවුල කප්පනවාද සිංහල මිනිස්සුන්ගෙ ?

පිටියෙ අප්පු හයියෝ ඔබතුමා නම් නියම තම්බියෙක්

Anushka Lakmal මුස්ලිම් උන්ගේ විඥ්ඥාණෙ පහල කරවන්න දගලන්න එපා

පිටියෙ අප්පු
ඔව් ඔව්

Anushka Lakmal පහල වෙනකම් ඉන්න දෙන්න

පිටියෙ අප්පු මාත් ඔබතුමාගෙ විඥ්ඥාණෙ පහල කොරවන්න යන්නෙ නෑ

Anushka Lakmal නෑ මගේ විඥ්ඥාණෙ පහල කරවන්න ඔනී නැහැ

පිටියෙ අප්පු
මොකද ඔබතුමාත් තම්බියෙක් නේ ඒක තමයි ඔබතුමා තම්බියානේ

Anushka Lakmal
රැවුල වැවුවා කියලා තම්බියෙක් වෙනවා කියන්න තරම් පික්සුවක් තියෙන මනුස්සයෙක්ද විඥ්ඥාණෙ පහල කරවන්න හදන්නෙ ?


පිටියෙ අප්පු
නෑ ඔබතුමාගෙ තියෙන්නෙ තම්බි මනසක් කියල මට විද්‍යාමාන වුන නිසා
 
Anushka Lakmal lol මං කොණ කපාගෙන නැ මචං

පිටියෙ අප්පු
ඒකත් කොර ගනින්

Anushka Lakmal මාර කතාවක්නේ ඔබතුමා කියන්නෙ රැවුන වවන හැම පිරිමියාම මුස්ලිම් වෙනවද ? ඒක මාර අප්‍රභංස කතාවක් නේද ?

පිටියෙ අප්පු උඹ බය වුනා නේද ?හූ

Anushka Lakmal
අපෝ නැහැඋදේ පාංදර ලේ ටික පිරිසිදු උනා
 
පිටියෙ අප්පු හැක් හැක් හැක් බය වීමෙන්ද ?

Anushka Lakmal නෑ හිනාවෙන්

පිටියෙ අප්පු මට ඕන වුනේ මුස්ලිම් අයගෙ රැවුල වැවිල්ලයි , ඔබතුමාගෙ රැවුල වැවිල්ලයි , ස්ටයිල් දෙකම එකයි කියන්නයි

Anushka Lakmal නෑ මං රැවුල වවන්නෙ ස්ටයිල් එකකට නෙවේ පසු වාසී රැසක් අපේක්ශාවෙන්
 
පිටියෙ අප්පු ගෑණු 4ක් ගන්නද ?


Anushka Lakmal
අද කාලේ හැටියට ගෑනු 4 ක් තියා 1 කෙනෙක් වත් නඩත්තු කරගන්න පුලුවන් කියලද හිතන්නෙ ?

පිටියෙ අප්පු ඔය තම්බිලා කොරන්නෙ නැගෙනහිර පැත්තෙ හරි හරියට පවුලක ළමයි අඩුම 10 යි

Anushka Lakmal ඔව් ඒ ආගම ජනප්‍රිය කරන්න කියලා දෙන උල්පන්දම් වල ප්‍රතිපලනේ ඔව්වා.. ආසාවත් එක්ක දෙක මික්ස් උනාම ආගමේ ජනප්‍රියත්වයත් වැඩි වෙනවා ඒ ආගමට තව එකෙක් වැඩි වෙනවා ඒ වගේම අර මිනිහාගේ ආසාවත් ඉශ්ඨ වෙනවා

පිටියෙ අප්පු
ඒක ආගමක් නෙවි

Anushka Lakmal
එහෙමනම් ?

පිටියෙ අප්පු ආගමක් කියල ඉදිරිපත් කෙරුවට මගෙ ප්‍රොෆයිල් එකෙ තියෙනවා සාක්කි කැමති කෙනෙක්ට බලන්න පුළුවනි ඒ අනුව ගත්තොත් ඕක ත්‍රස්තවාදයක් පැහැදිලිවම සමාජයෙක් ප්‍රතික්ෂේප කළ යුතු ත්‍රස්තවාදයක්

Anushka Lakmal
වෙන්න පුලුවන් මට පේන විදියට ඔය ආගමේ බහුතරයක් මෝඩයින් රට කැත කරන්නෙ උන් කිවොත් හරි නමුත් මට මුස්ලිම් යාලුවෝ ඉන්නවා ඔයා කියන්නෙ ආගමක් වෙනුවෙන් උන්ව තරහා කරගන්නද ? නමුත් උන් ආගම මත්තෙ නැහෙන්නෙ නැහැ උං පංසල් හිටං යනවා මේ ලගදි එකෙක් මාත් එක්ක පිරිත් ගෙදරක නයිට ගැහැව්වා උං කිවේ නැ මේක මචං විකාරයක් කියලා

පිටියෙ අප්පු
එහෙම උන් ඉන්නවා මගෙ යාළුවොත් එයාලට තමයි මැදහත් අය කියන්නෙ

Anushka Lakmal
එහෙමනම් ඔයා පොදුවේ කතා කරන්නෙ ඇයි ?

පිටියෙ අප්පු නමුත් අපිට තියෙන ප්‍රශ්නේ අන්තවාදී උන් එක්කයි උන් ලංකාවෙ පන්සල් වනසනවා සිංහල උරුමය වනසනවා ඒවා ඉවසන්න බෑ

Anushka Lakmal උදාහරණ තියෙනවද ?

පිටියෙ අප්පු
කූරගල බුද්ධංගල දෙවනගල මුහුදු මහා විහාරය කිරලාගල මරදානෙ පන්සල් කීයක් දැන් නැද්ද ?

Anushka Lakmal
පිලිගන්නවා උං ඕවා විනාස කලේ කොමද ? කඩලා බිදලාද ?

පිටියෙ අප්පු ඩෝසර් කරලා

Anushka Lakmal
හෙහෙහෙ

පිටියෙ අප්පු
දීඝවාපියෙ කළා වගේ තමයි

Anushka Lakmal
ඩෝසර් කරනකම් අපේ සිංහල උන් බලං උන්නද ?

පිටියෙ අප්පු
ඒ කාලෙ කොළඹ හිටියෙ සිංහලයො නෙවි ඒකයි පුරස්නේ උන් තම්බිලට -beep- දුන්නා

Anushka Lakmal
ආ ආ ආ දැන් එතකොට මේ හුගක් ඉස්සර කතාවක් අල්ලන් නේ ඔයා කතා කරන්නෙ ?

පිටියෙ අප්පු ඔව් ඉතිං උන්ට මොකක්ද තියෙන අයිතිය කොයි කාළෙ හරි ලංකාවෙ උරුමය වනසන්න ? කවුරු දුන්න අයිතියක්ද ?

Anushka Lakmal
සිංහල අපිම තමා අයිතිය දීලා තියෙන්නෙ

පිටියෙ අප්පු
හැබෑව

Anushka Lakmal
මොකද අර කලින් කිවේ ෘෘ දුන්නා කියලා ඒ වගේම ලංකාවට එන්න දුන්නෙත් අපිමනේ

පිටියෙ අප්පු
ඔව්

Anushka Lakmal
සිංහල අපි

පිටියෙ අප්පු
දැං තව දුරටත් ඉවසුවොත් තව අවුරුදු 20 කින් මුන් බහුතරය වෙනවා රටේ ඊට පස්සෙ ඉතිං ලංකාව පකිස්තානයක් තමයි
බංග්ලාදේශයක් තමයි ඒක වෙන්න යන එක නවත්තන එක තමයි අපේ අරමුණ

Anushka Lakmal දැන් ඔයා ඔය විංඤඤානය පහල කරන්න ක්‍රියාමාර්ග ගත්තද ?

පිටියෙ අප්පු
ඔව්

Anushka Lakmal මොනාද ඒ ? fb එකෙන් මිනිස්සු දැනුවත් කරන එකද වෝල් වල ලියලා ? 

පිටියෙ අප්පු
  මම භාවිතා කරන්නෙ ඉන්ටර්නෙට් එක
මොකද මගේ හැකියාව අනූව ඒක තමයි කළ හැකි එකම දේ


සෑයූ: ආගමට අපහාස වන අයුරින් කමෙන්ට් කලොත් එව්වා මකනවා හරියේ..!! 





Piratebunny෴

.

Sunday, July 10, 2011

මේ ## තලගොයා සර්..!

මේක ඇවිල්ලා මං වැස්සට වැරදිලා ඉස්කොලෙට ගිය දවසක වෙච්ච සීං එකක්.. කට කහනවාට වැස්සට කිවාට එදා හොට රතුවෙන්න පායපු දවසක්...

සුර්්‍යා පායලා දිලෙන්නෙ.. පරිසරේ සුංදරයි ලස්සනයි..

අනම් මනම් ඔන්නැ.. කතාව මේකයි
             (වැරදිලා වත් එකෙක් හරි අහන්න එපා මේක බනියාට උන එකක්ද කියලා.. එහෙම උනොත්.. මේ හාවා නරක හාවා කියන්න එපා හරියේ) :D :D

ඔන්න බනියයි.. බනියාගේ අති(ප)ජාත පාපමිත්‍ර සේනාවයි.. ආතල් එකේ ක්ලාස් කට් පාරක් දාලා කයියක් ගගහා ඉන්නවා..

කට්ටා: හම්මට සිරි.. මචං උබලාට කියන්න විද්‍යාව තමා යකෝ මගේ ජිවිතේ කෑවේ..!

නුවන්: ඒ මොකද බං ?

කට්ටා: උබට කියන්න බං.. මං දවසක් ගහක් යට උන්නා මචං සිරාවට සිංදුවක් කියාන හරිද..

සුප්පු: නෑ..ඉතිං කාක්කෙක් කක්කා කලාද ?

කට්ටා: නැ යකෝ.. මගේ ඔලුවට වැටුනා මචං.. හෙන චූටි ගොබොල්ලක්..

නුවන්: අම්මට සිරි.. ඒක තමා මචං... මං නිකමට එත් බැලුවා උබට අනක් එනවාද කියලා.. ඔලුව තාම ගෙඩි ගැහිලානේ ?

කට්ටා: නැ බොල.. මට ඒක වැටිච්ච ගමන්ම සිහි උනේ.. අර ඇපල් ගහක් යට උන්න එකා.. ඌ බං වැරදිලාහරි.. පොල්, කොස්, වරකා, දුලියන් වගේ ගහක් යට උන්නා නම් ? අපිට මෙහෙම දුකක් නැනේ බං..!

නුවන්: උබේ කතාවත් හරි බං. ඔය අනම් මනම් ඔලුවට දාගත්තු උන් නැත්නම්.. බං අපි මෙහෙම කටු කනවද ?

බනී: අඩොව්.. අර බලපල්ලා.. තලගොයෙක්..

කට්ට: අම්මට සිරි.. මොනාද හාරන්නෙ ඌ.. බිත්තර වගයක් නේද ?

නුවන්: ශිකේ පවුකාර සතා.. මොනාද දන්නැ බිත්තර කනවා.. ඉක්.. අප්පිරියිය..! :-/

සූප්පු: අඩෝ කට වහගනිල්ලා.. ඕක තමා ආහාර දාමය..!

කට්ටා: අනේ කට වහගනින් සූප්පුවෝ.. අහාර දාමය කියලා කොහොමද.. ඌ මහ පවක් කරගන්නෙ..
(කට්ටා ඌව එලවන්න ලැස්තිවෙයි)

බනී: ඔන්න ඔහොම ඉන්න දියං බං.. ඕක එලව්වාට ආයේ එනවානේ..

කට්ටා: එහෙම කොහොමද යකෝ ? බලපං ඔය බිත්තර වල අයිති කාරිය..  කොච්චර දුකක් වේදනාවක් විදලාද බිත්තරයක් දාගන්නෙ ? ඌ මිනිහා එක්ක "මෙව්වා" කරලා.. මාස ගානක් බලන් ඉදලා.. පැටියෙක් බිහිකර ගන්න දගලන්නෙ.. මේ යකා ඒකිගේ හීන ඔක්කෝම බොද කරන්න නේ හදන්නෙ ?

බනී: හාහා කට වහගනින්.. අපෝ උබේ කට නම් අම්මපා...!

ආ ළමයි.. විද්‍යාව පාඩම මෙතැනද කරන්නෙ ? 

කට්ටා: බලපං මචං මේ #ස තලගොයා.....

අඩෝ විද්‍යාව සර් යකෝ...............!!!!!


පා:ලී: 
      කට්ටාට එදා සර් අතින් සිදු ඌ දේ තවමත් අප දන්නෙ නැත.. කට්ටාගේ සියලුම වචන සැට් එක සර් විසිං අසා තිබිනි.. බ්ලොග් එක්ක තුල කුණුහරුප ලිවිය හැක.. ඒත් හාවා හොද එකා නිසා ඒ කිසිවක් නොලියෙව්වෙමි (මුගේ බොරු, සිංඩිවලින් එලවනවා නේ;)

සෝ කතාව තෙරුනාද මංදා.. තෙරුන් නැතත් මට කරන්න දෙයක් නැනේ ඉතිං.. මොනා කරන්නද නේද ? :D හික් හික් :D

නෑ:ප:ලි :  "මෙව්වා" යන වචනයට වෙනත් සුද්ද සිංහලයේ ඇති අගනා වචනයක් දන්නෝ ආදේශ කරගත්වා..!!! සර්ට මල පැන්නේ ඒකටයැයි අපිට ආරංචී විය..!


PirateBunny෴

.

Wednesday, July 6, 2011

කෑම රෙසපි අඩංගු බ්ලොග් වල අප්සැට් කමෙන්ට්ස් සඳහා විසදුමක්.....

     මේක මං සියලුම බ්ලොග් පාඨකයින් උදේසා ගත්ත තීරණයක්.. මේ දවස් වල ගොඩක් අය කතා කරන මාතෘකාව තමා.. කෑම ජාති හදන එක..
        ඔය මාරයා අයියා හිටපු ගමන් දාන කෑම ජාති හදන එව්වා එහෙම.. ඊලගට ගියාම හරේ අයියාගේ සෝස් හැදිල්ල.. හා අද හවස මං දැක්කා.. නලියා.. ලියලා තිබ්බා චිලිපෙස්ට් එකක් හදා ගන්න විදිය ගැන..  ඕක දැක්ක ගමන්ම මට හිතුනා මේ පොස්ට් එක ලියන්න ඕනෙමයි කියලා..  වෙන මුකුත් නෙවේ.. මේක ඇවිල්ලා ස්පෙශල් බීමක්.

අපි බලමු හදාගන්න විදිය...

අවශ්‍ය ද්‍රව්‍ය -

සියඹලා
වියළි මිරිස්‌ කරල් 2-3 ක්
ගම්මිරිස්‌ ඇට කිහිපයක්‌
සුදුලූනු

කරපිංචා
සූදුරු කොත්තමල්ලි ස්‌වල්පයක්‌
උම්බලකඩ
රතු ලූනු
ගොරකා බික්‌ 2 ක්‌ 3 ක්‌
ලුණු


සාදා ගන්නා ආකාරය෴
 
සියඹලා හෝදලා කියලා.. ඉස්ම ගන්න
මිරිස්‌, ගම්මිරිස්‌, සුදුලූනු, කරපිංචා, සූදුරු, කොත්තමල්ලි සියල්ල මිරිස්‌ ගලේ අඹරා රතු ලූනු, ලුණු, උම්බලකඩ හා ගොරකා දමා තම්බා ගන්න.
 

දැන් ඔන්න මේක බොන්න පුලුවන්.. ඔය එන බඩේ අමාරු වලට කියාපු විසදුම.. අර කාපු බීපු ජහ ජරාව ඔක්කෝම සුද්ද වෙලා යනවා.. 

ආ මේකේ නම තමා.. තැම්ඹුම් හොද්ද..

ඉතිං ඔය බ්ලොග් වල කෑම වට්ටෝරු දාන අයට දැන් පුලුවන් අවාසනයෙදි.. මෙකේ ලිංක් එක දාන්න හෝ.. මේක කොපි පෙස්ට් කරලා දාන්න.. උප මාතෘකාවක් යටතේ.. මෙන්න මෙහෙම...

වැරදිලාවත් අප්සට් උනොත්...!!!
                       මෙතැනට යන්න/ මෙහෙම කරන්න..


......................................................................................................................


පාලී: කතාවක් තියෙනවා මේ තැම්ඹුම් හොද්ද ආශ්‍රිතව.. එකත් මතක් කරන්නම්කෝ..


"ඉස්සර කාලේ අම්මලා පුතාලාට කියනවාලු.. පුතේ.. උබ කවදහරි ගේන ගෑනී, කිරි හොද්දක් හදන්න හරියකට දන් නැත්නම්.. අඩුම ගානේ තැම්ඹුම් හොද්දවත් හදන්න දන්නවද කියලා බලලා විවාහ කරගනින් කියලා"

හික් හික්.. ඔවා එහෙම අහලා.. යාලු වෙලා ඉන්න වෙන්ඩ නොනා එක්ක රන්ඩු කරනවා එහෙම නෙවේ ඕං.. දන් නැත්නම්  මේ රෙසැපිය ලියලා දෙන්ට බැරියැ :D :D

විශේෂ ස්තූතිය නදීකා අක්කා.. (හදන විදිය කිවේ එයා තමා :D)


එහෙනම් ආයුබෝවන්.. අපි කැපුනා.. !!!

PirateBunny෴

.

Tuesday, July 5, 2011

බනියා හිර ගත වෙයි 'ද' ?

  කලින් පොස්ට් 3-4 ටම රිප්ලයි දැම්මෙ නැහැ.. පොස්ට් ලිවත්.. කමෙන්ට් කරන එක දැන් කම්මැලි කමක් වෙලා.. :D
               කොච්චර ලේ කෝප උනත්.. හිනා වෙලා ඉන්න පුලුවන් මෙහෙම ලියලා.. එකට වැටෙන කමෙන්ට්ස් බැලුවාම.. ඒක නිසා 2-3 පාරක්ම කල්පනා කරලා ලියන්න හිතුවා.. මෙකත් අර කලින් ලිවා වගේ පොලිස් කතාවක්..
        දැන් නම් මට ලංකාවේ පොලිසිය තිත්ත වේගෙන එන්නෙ.. (කලිනුත් එහෙමයි) එත් රටක් උනාම නීතියක් කියලා දෙයක් තියෙන නිසා කරබාගෙන උන්නා.. මේක නම් නොකියාම බැරි දෙයක්.. මීට කලිනුත් පොලිසියෙන් මට ප්‍රශ්නයක් අවා.. ඒක කලින් ලිවේ නැහැ.. එත් අද දෙකම ලියන්නයි හදන්නෙ..

අද රෑ 9 ට විතර ගෙට්ටුවට කවුදෝ තඩිබානවා ඇහුනා..  මං යන කොටම.. ගෙට්ටුව ඇරෙන සද්දය ඇහෙනවා.. මං හිතුවේ තාත්තා ගෙට්ටුව අරින්න ඇති කියලා..
        මෙන්න මං යන කොට ගෙට්ටුව ගාව පොලිස් මහත්තයෙක්.. එතුමාම ගෙට්ටුව ඇරලා..

මං : මොකක්ද වෙන්න ඔනේ ?

රාලහාමි : මේ එක්සිඩන්ට් එකක් වෙලා හන්දියේ.. ඒක මනින්න ටේප් එක ගෙන්න අමතක උනා.. ටේප් එක ඉල්ලගන්න අවේ..

මං : දිග ටේප් නම් නැ.. අඩි 5 එකක් දෙන්නද ?

රාලහාමි :  අහ්.. මෙහෙම තැනක ටේප් එකක් නැද්ද ? (අපේ වියාපාරය අනුව අනිවාර්්‍යෙන්ම ටෙප් එකක් තියෙනවාමයි)

මං : නැති නිසා තමයි කිව්වේ නැහැ කියලා.. !

රාලහාමි : ආ එහෙමද ? එහෙනම් කොට ටේප් එක දෙන්න

මං : ටේප් එක දෙන ගමන්.. රාලහාමි කවුද දැන් අලුතින් අපු OIC ?
එක්සිඩන්ට් එකක් උනාම ටේප් එකක් ගෙන්න ඔනේ කියලා දන්නෙ නැද්ද ? 

රාලහාමි කාගේදෝ නමක් කියලා, නැනැ ඔය ටේප් එක හරියන්නැ කියලා යන්න ගියා..

...................................................................................................................................................................
මං අහන්නෙ.. රටේ නීතිය ක්‍රියාත්මක කරන හැත්ත වෙලා.. ලැජ්ජ නැතිව ගෙට්ටුව ඇරන් එන්නෙ අහවල් දේකටද ?

ඔච්චර රටේ අනතුරු සිද්ද වෙනවා.. එහෙම වෙද්දි.. අනිවාර්‍යයෙන්ම ටේප් එකක් ගෙනියන්න ඔනේ කියලාවත් මතක නැති එවුන්ට රස්සාව දුන්නෙ කොහොමද ? එහෙම උන් රස්සාවේ තියන්නෙ මොකටද ?

..................................................................................

දෙවැනි කතාව..

මේක උනේ මාස 2 කට විතර කලින්.. එත් ඔහොම හැන්දැවක.. 119 emergency service කියලා ගහපු ජිප් එකක් නවත්තලා අපේ ගේ ඉස්සරහා.. ගේට්ටුව අරින්න කියලා..  මාත් ඉතින් හදිස්සි කාරණයක්ද දන්නැහැනේ කියලා ගියා ගෙට්ටුව ගාවට ගිහින් පොඩ්ඩක් ඇරියා ගෙට්ටුව..

රාලහාමි : මුදලාලි ඉන්නවද ?

මං : ඉන්නවා.. හැබයි නිදි..

රාලහාමි : නැගිට්ටවන්න බැරිද ?

මං : නිදාගත්තාම ඇහැරෙන කම් සාමාන්‍යයෙන් අපි නැගිට්ටවන්නෙ නැහැ.. මොකක්ද කාරණය ?

රාලහාමි : තාත්තා හම්බවෙන්න අවේ..

මං : මං කිවානේ ඉතිං නිදි කියලා.. වෙන්න ඔනේ මොකක්ද ? මං කරන්න පුලුවන් දෙයක් නම් කරන්නම්..

රාලහාමි : අපිට ලෑලි ටිකක් ගන්න ඔනේ.. පොලිසියේ වැඩකට..

මං : ආ අහ්.. මං නම් මේ වියාපාරය ගැන දන්නැහැ.. තාත්තා තමා දන්නෙ.. තාත්තා එක්ක කතා කරගන්නවද ? (මං දන්නවානේ ඉතිං දඩයක් කියලා ;)

රාලහාමි : එහෙමනම් තාත්තාව නැගිට්ටවන්න බැරිද ?

මං : කලින් මං කිවානේ.. නිදා ගත්තාම අපි නැගිට්ටිවන්නෙ නැහැ.. ඔන්නම් හෙට උදේට එන්න.. තාත්තා උදේට ඉදීවි..

රාලහාමි : බැබැ මේ දැන් හදිස්සි වැඩක් ..

මං : එහෙමනම් කරන්න දෙයක් නැහැ.. වෙන තැනකින් ගන්න.

රාලහාමි : ආ එහෙමද ? මේහේ මොන පොලිසියටද අයත් වෙන්නෙ රාලහාමි ? (එයා එක්ක අපු වෙන කෙනෙක්ගෙන් අහනවා)

2 රාලහාමි : ****** ට තමා.. (එයාලාගේ පොලිස් කොඨාශයම තමා)

රාලහාමි : ආ එහෙමනම් ඉතිං අපිත් උවමනා වේවිනේ.. අපි අයේ එන්නැ හරිද..

මං : ඔව් ඉතිං උවමන වෙවී.. පැමිණිල්ලක් එහෙම තිබ්බොත් දාන්න එන්න එපැයැ..  ඔය මහත්තයා කවුද ? නම කියනවද මට ?

රාලහාමි : මං **** පොලිසියේ OIC (ඔරවගෙන ටක් ගාලා මාරු උනා.. නම කියන් නැතිව)

____________________________________________________________________________________________

"රාලහාමි : ආ එහෙමනම් ඉතිං අපිත් උවමනා වේවිනේ.. අපි අයේ එන්නැ හරිද.."

මේ යකා එහෙම කියන්න හෙතුව.. අපිකරණ වියාපාරයෙදි.. හදිස්සියෙවත් යම් කිසි දෙයක ප්‍රශ්ණයක් උනොත් පගාව දීලා බෙරෙන්න පුලුවන් කියන අදහසින් නේ ?

අපි නීතියට වැඩ කරනවා නම් එක එක යක්කුන්ට දෙකට නැවෙන්නෙ මොකටද ? ඔහොම OIC ලා පොලීසි වලට පත් කරන්නෙ මොක්කුන්ද ?

........................
මේ ප්‍රශ්ණ දෙකෙන් මට තාම ගැටලුවක් අවේ නැහැ.. සමහර විට ඉදිරියට කුමක් හෝ දේකදි පොලිසියට යන්න උනොත්.. අනිවා මුන් මට විරිද්දව උපරිමයෙන්ම දඩුවම් කරන්න හදාවි..

එත් මට අවුලක් නැහැ.. මං නීතියට වැඩ නම්.. පොලීසි මොකටද ? කාටවත් දෙකට නැවෙන්නෙ මොකටද ?
පොලීසිය කියන්නෙ අපේ සේවකයෝ.. එහෙම අයට ඔලුව කසන්න අවශ්‍ය නැහැ නේද ? ඔලුව කසන්න ඔනේ වැරැද්දක් කලා නම් නේ ?

අයුක්තියට කතා කරන්න කවදාවත් බය වෙන්න නරකයි..!


PirateBunny..෴



පාලි: මේක ලියන අතරෙ, හිතාදර බ්ලොග් සහෝදරියක් එක්ක පොඩි වලියක් ගියා.. මේ පොස්ට් එකෙ තියෙන දේ වල් වල තරහත් එක්ක කවදාවත් නැතිව මං එයාට බැන්නා.. කරපු වරදට සමාව ඉල්ලනවා එයාගෙන්.... ගැණු ළමයින්ට දෙයක් කියන්න කලින් 2 පාරක් නෙවේ 3-4 පාරක්ම හිතන්ටොන ;-)..
තව ඔනෙවාට වඩා open වෙන්නත් නරකයි :D
කටත් පරිස්සම් කරගන්ටොන..!


..

Saturday, July 2, 2011

එකමත් එක සොඳුරු හැඳෑවක. එකමත් එක නොවන සොඳුරු හදවත් පෙළක්. එකට මුණගැහුන මොහොතක්...

      මාතෘකාව නම් ටිකක් දිගයි.. ඒ වගේම ඔක "කියලා හොරකම්" කරපු එකක් :D ඇත්තටම ඊයේ සොදුරු දවසක් .. මොකද අපි ගාල්ල හා ඒ අවට ඉන්න බ්ලොග් ලියන්නන් ටික එකතු කරගෙන පොඩ්ඩක් කතා බහ කරලා විනෝද උනා.. ඇත්තටම සිරා දවසක්,,


කෙලින්ම මඩ වියාපෘතියට බැහැලා බැහැ.. මුල ඉදන්ම පටාආආං ගන්ටොන..


මේ අදහස මුලින්ම මට අවේ.. මටද.. හිමන්ශිටද (හිමහංසි) කියලා මතක නම් නැහැ.. කොහොම හරි.. එයාගේ බල කිරිම හා තර්ජන වල ප්‍රතිඵලයක් විදියට තමා.. අපි හැමෝටම එකට වීනෝද වෙන්න මේ චාන්ස් එක ලැබුනේ :D
                  ඉතිං හිමන්ශියා කිවා අයියේ කොම හරි මුන් ටික එකතු කරගන්න ඔනේ කියලා.. ඉතිං ජිවිතෙ පලමු වතාවට මං ගෘප් එකක් හැදුවා (FB එකේ :D) ඒකට ඉන්න ඉන්න ඔක්කොම උන් ඇදලා දැම්මා ගාල්ලෙ අය.. (අවසරය මත)

දැන් ඔන්න ස්ටෙට් එකක් එහෙම දැම්මා මෙහෙම සෙට් වෙනවා කියලා.. දැන් ඔන්න දිනේටත් කිට්ටුයි.. ඊලග ගැටලුව මුං කොම හරි එක තැනකට ඇද ගන්න ඔනේ නේ.. ඉතිං කන්ටැක් කරගන්න මගේ නම්බර් එක දැම්මා වොල් එකේ.. අෆොයි.. කතා කරන්න ඔන්නැ.. මට රැ තිස්සෙ කෝල් :D (ආදරෙටද මංදා මුං, ඉකේ :P) ( beep.. beep.. මිස්කොල් ගහපු උන්ට නම් :P)

ඉතිං කොහොම හරි අමාරුවෙන් මං රෑ 12 ට විතර නිදා ගත්තා.. ඊ ලගට පාන්දර කුකුලා කරේ තියාන 8 ට විතර නැගිටිලා.. ලක ලැස්ති උනා.. :D ඊ ලගට අපේ පාරේ බස් එකේ ගාල්ලට අවා.. අවා නෙවේ කෙටුවා.. එකෙන් උනේ ගාල්ලට එන කොට 11.10 වගේ වෙලා.. (සංවිදායකයා නම් වෙලාවට වැඩ කොහෙද මේ ලංකාවෙ බස්නේ අවුල් :D) 


කොම හරි මං එන කොට.. සෝස මල් අක්කයි හිමන්ශියයි ඇවිල්ලා උන්නා...ආපු ගමන්ම හිමන්ශියා කිවේ
     අයියේ.. බඩ ගිනියි :D (ආපු වෙලේ ඉදන් කන්න දෙන කම්ම කිවේ ඔය ටික විතරයි..)


ආයෙ ටික වෙලාවකිං වත් අක්කයි එයාගේ නංගියි ආවා..ආයෙ ඒ දෙන්න යන්න ගියා ගාල්ලට ආපු නැව බලන්න කියලා..

මරු.. මගේ ෆොන් එකේ බැට්රිය බැහැලා..  දැන් ඉතිං මට මල විකසිත වෙනවා.. කලබලේට බැට්රිය චාර්ජ් කරගන්න උන්නැ..


කොම කොම හරි එකා එකා එන්න ගත්තා.. ඉතිං අනික් අය එන කම්.. මම යි කල්හාරයි. හිමංශියයි.. ජනරන්ග අයියයි.. සෙව්වන්දි අක්කයි.. අපි ටික ගියා "සමුදුරු කෞතුකාගාරය" බලන්න..  හරි අපූරු තැනක්.. රු 50 ට නිදහසේ කතා කර කර ඉන්න පුලුවන් සුපිරි තැනක් :D ආ බලන්න දෙවලුත් තියෙනවා :D
කොහොම හරි ජනරන්ග අයියා.. අපිට මාර විදියට (කොලේ බලාගෙන) එකේ තියෙන දෙවල් විස්තර කරලා දුන්නා. එකේ හිටිය ගැණු ළමයා බයේ උන්නෙ ජොබ් එක ගහලා යයි කියලා :D
ජනරන්ගයියා ඒ තරම් සද්දෙට, ලස්සනට පෑහදිලි කරලා දුන්නා අපිට :D අනිවා ඔකේ ලොක්කෙක් උන්නා නම් ජනරන්ගයියා ගන්නවා වැඩට :D


අනේ මංදන්නැ ෆ්ලැශර් එකට කෞතුකාගාර බඩු දියවෙනවා කියලා බොඩ් එකක් ගහලා තිබ්බා.. එකෙන් පොටොස් ගන්න උන්නැ.. පස්සෙ තමා දන්නෙ ඒ "බෝඩ්" එකට ස්පොන්සර් කරලා තිබ්බෙ..
කෞතුකාගාය පල්ලෙහා තට්ටුවේ තිබ්බ පොත් හා වෙනත් පොටෝ එහෙම විකුණන කඩෙන් කියලා ;-) 

ඉතිං උන්ටත් බැන බැන එළියට එන කොට රිද්මත්  (පොඩී මෑන්) ඇවිල්ලා උන්නා.. ඊ ලගට ටිකක් උඩට යන කොට වෙනත් කෞතුකාගාරයක් බලන්න ගිය කිඩෝ මලයත් ඇවිල්ලා තිබ්බා :D


කොහොම කොහොම හරි රිද්ම හා කිඩෝ දෙන්නා කෞතුකාගාර 3-4 කම බිත්ති ටික සල්ලි දීලා බලාගෙන අවිල්ලා තිබ්බා :P 

බොරු දෙසා බෑම aka My self
ඉතිං හැමෝම තම තමන්ගේ බොරු ටික කිය කිය ඉන්න අතරෙ.. කලු aka - Kaz කොලුයි හුස්නියි ආවා බයික් එකෙන්.. බයික් එකක් කිවේ පුට් සයිකලයක් අමුතු පැටන් එකේ :D

අනේ අම්මපා හුස්නිය ආපු ගමන්.. මචං.. ක්‍රිකට් ගහමු ? ඌ යන කම් කලේ ඔය ටික කිව එක..
යකෝ ක්‍රිකට් ගහන්න නම් පිත්තකුයි බෝලයි ගෙන්ට එපැයැ.. මූ ස්ටම්ප් 4 ක් උස්සන් ඇවිල්ලා.. :D (එල්ලෙ ගහන්නද මංදා එව්වයින් :D)


වෝටර් බෝයි
ඉතිං ඉතිරි බොරු ටික (my self) කිය කිය ඉන්න කම්.. අපේ වෝටර්බෝයි තනතුර කල කල්හාර ප්‍රමුඛ කිඩෝ යැව්වා කන්න ගේන්න.. (ඔය අතරෙ, හිමන්ශිගේ රු 50 කට ජනරන්ගයියා විද්දා කියලා තමා ආරංචිය :P) එව්වා නම් ඉතිං අපිට මොකටද නේද ? :D
අපේ බඩගිනි නිවන්න ඉක්මනට කෑම ගෙන්න ගිය අරුන් දෙන්නාට ස්තුතියි මෙතන්දි පලකරන්ටොන (නැත්නම් ඌ මගේ බෙල්ල මිරිකනවානේ) :D


ඊ ලගට කලේ Kaz අයියාගේ බයික් එක කඩන්න පටන් ගත්ත එක :D ඔකෙන් බනියා වැඩ දාන්න ගිහින් ඇදගෙන වැටිලා.. අත්‍යවශ තැනකට දරුණ ප්‍රහාරයක් එල්ල උනා :-D   (විලිලාජ්ජාවක් තියෙන එකෙක් ඒ වැදිච්චි තැන අතගාන්න යන්නැ.. මොනා කරන්නද ඉවසන් උන්නා) :D


බයික් එක උඩ තමා ඔය ඉන්නෙ අපේ උං.. බයික් එක දෙකට නැවිලා තිබ්බා ගෙදර යද්දි :P
  ඔන්න ප්‍රමුඛයා එනවා ගම හරහා දිව්ව එකා වගේ.. දාඩිය දාගෙන :D
නිල නොලත් වාර්තා වලට අනුව නම් කෙල්ලෙක් එලවන් අවා කියලා තමා දැනගන්න ලැබුනේ :P



ඊ ලගට බඩගින්නෙ මැරෙන්ට හදපු හිමංශියාට කන්න දිලා.. අපිත් කාලා බිච් එක පැත්තට එන්න ගත්තා..
ගැන්සිය

ඇවිල්ලා.. එතැනත් සිරා ෆන් එකක් ගත්තා.. 
ඒ අස්සෙ කොටුවේ උඩ ඉදන්.. එකෙක් මුහුදට පනින්න හදනවා කෙල්ල එක්ක තරහා වෙලා.. අපේ කට්ටියට ඉතිං ආයේ නරියාට චිකන් හට් එක බාර දුන්නා වගේ තමා :D


කොල්ල පනින්න හදයි.. අපේ උන්..


අයියා.. පනින්න අයියා.. ඔයාට බැරි නැ අයියා.. කියලා මහ හයියෙන් කැ ගහනවා :D
අර ලැජ්ජාවට දුවන්න ගත්තා.. ආයෙ ඔන්නැ.. හොද සූවක් ආවා :D ඌ නම් මැරෙන දවසටත් ඕක මතක් වෙවි අනිවා :D

...............................................................................................................................................................................



ඉතිං ඔය අතරෙ.. සෙව්වන්දි අක්කා හෝ හිමන්ශියා තෙමා ගත්තා කියලා කතාවක් කිඩෝ. මට කිවා. අපි නම් ඔන්න දන්නැ ඔවා..  :P
හස්ත මුද්‍රාවෙන් පෙන්නුම් කරන දේ නම් මං දන්නැ ඕං..


ඊ ලගට හැමොම එතනින් උඩට ඇවිල්ලා.. ජන(අ)ප්‍රිය සිංදු හා ප්‍රශස්ථි කවි ගායනා කරමින්.. කාලය කැවා.. ඉතිං අන්තිමට දුක නම්බර්ස් ටිකත් හුවමාරු කරන්..හැමෝම විසිරිලා ගෙවල් බලා පිටත් උනා.. 
අයිස් ක්‍රිම් අරන් දුන් "anonymous" ට විශේෂ ස්තූතිය :P (මට චොකලට් ice එකක් වෙනම අරන් දුන්නා :D )
මේ කතාවේ වැඩි විස්තර.. (මඩ නැතිව) ලියලා තිබ්බා කිඩෝ මල්ලි.. ඒක මෙතනින් බලන්න


පාලී: "සැයූ: ලොලිපොප් අනතුරු සහිතයි.. ඇදන් ඉන්න ශර්ට් රැකගන්න" (දන්නො දනිති)


තව මඩ තියෙනවා.. මං එච්චරම මඩ ගහන්න දක්ශ නැ නෙවැ :P එහෙනම් ආයේ හම්බ වෙමු.. 

හොව්..


නැ:පා:ලි: කලින් පොස්ට් දෙකටම කමෙන්ට් කලේ නැහැ.. එක මහත්තයෙක් තොප්පියක් දාගෙන අඩන්න ගත්තා Google+ එකේ.. එව්වාට තිං අපි මොනා කරන්නද නේද ? :D 


PirateBunny෴

.