Friday, March 9, 2012

ඇල්බට් මංත්‍රී තුමා..

ඔන්න අද හවස අපේ ගෙදරට මනුස්සයෙක් ආවා.. ව්‍යාපාර සම්බන්ද වැඩකට.. ඉතිං මේ මනුස්සයා මොනාදෝ මොනාදෝ කියවලා කියවලා අන්තිමෙ කිවා.. පුතා දන්නැ.. අහවල් මනුස්සයා මගේ යාලුවා.. තාත්තා හිටියා නම් හොදට අදුරනවා.. ඔහොම අනම් මනම් කියලා මාව අන්දන්න හැදුවෙ.. මං තිං හා අංකල් එහෙමනම් තාත්තා ඉන්න වෙලාවක එන්නකො කියලා ශෙප් එකෙ කැපුනා..
     ඉතිං උන්දැ ගියාට පස්සෙ අපේ මැණිකා.. මැණිකා කිවෙ මයේ ගෑනී නෙවෙ.. අපේ ගෙදර වැඩ කරන මනුස්සයෙක්.. (ඔය උන්දා ගැන කතා 2-3 කුත් මං ලියලා ඇති..)   ඉතිං මිනිහා මං ලගට කිට්ටු වෙලා කිවා.. පුතා දන්නැ.. අරූ අර රටබයිලා ගැහුවට ඔය ඇල්බට් කියන පොර මහ මෝඩ ගහක්.. කියලා කතාව පටන් ගත්තා..

 කතාව:-
    මේ ඇල්බට් කියන මනුස්සයා ඡංදෙ ඉල්ලන්න ගිහින්.. ඉතිං ගමේ මිනිස්සුන්ට හොදට සලකලා.. අනේ ගමේ හැම වයසක මනුස්සයෙක්ම එයාගෙ අම්මා තාත්තා වගේලු ඒ දවස් වල.. කෙල්ලො කොල්ලො තමන්ගෙ ළමයි වගේලු.. තවත් සමහරු සහෝදරියො වගේලු.. නැදැයෝ ගොඩාආආඅයි ලු..
 ඉතිං ඉතිං ඔන්න ඡංදෙ දවසත් කිට්ටු වෙලා.. හැමොම ඡංදෙ දාල ඇවිත් වෙන්ඩ මංත්‍රිතුමාගෙ ගෙදරට සෙට් උනාලු.. එදා ඉතින් රජ පාටිලු.. අනම් මනම් බයිට් ජාතිද.. ලොකු ලොකු බීම ජාතිද.. අත පය දෙකම දිග ඇරලා වියදම් කරලා.. හැටක් විතර සෙනගත් ඉන්නවාලු ගෙදර.. වෙන මොකටද ? සතුටට සතුටට..
ඉතිං ඔහොම  කකා බිබි ඉන්න කොට ඡංද ප්‍රතිෆලත් ඇවිල්ලා.. දැන් ඔන්න වෙන්ඩ මංත්‍රිතුමාගෙ කකුල වෙව්ලනවාලු.. බිම හාරනවාලු.. ලගින් ඉන්න උන් හයියෙන් මිරිකනවාලු..
         ඔව් අහවල් ආසනයේ අහවල් මංත්‍රී.. මංත්‍රී ඇල්බට් මහතා.. ඡංද 14 ක් ළබාගෙන ඇත...
වෙන්ඩ මංත්‍රීට හීන් දාඩිය දාලා.. අර කකා බිබි උන්නු සෙනගටත් මොකදෝ උනාලු..

විනාඩි පහක් විතර නිශ්ශබ්දව  හිටිය මංත්‍රි තුමා..

සිකේ.. දවල්ට කන්න දෙන්න ගෙනාපු බත් පාර්සල් 50...?


පස්සෙ ඇහිකුංඨකයා මැරිච්ච නයා වගේ ගෙදරටම වෙලා උන්නාලු මේ මනුස්සයා.. කාලයක් පිස්සු වගෙත් තිබ්බාලු.. පවු ඉතිං..


පාලි: සාමාන්‍යයෙන් මගේ පොස්ට් එකකට කමෙන්ට් වැටෙන්නෙ 20 කට අඩු සංඛ්‍යාවක්.. ඒත් විවෙචන හා ආගම වගේ දේවල් වලදි කමෙන්ට් වැඩි මොකද? කවදාවත් දැකලා නැති අයත් කමෙන්ට් කරනවා.. මරු :D