Showing posts with label Gear. Show all posts
Showing posts with label Gear. Show all posts

Thursday, January 26, 2012

පාරේ යන්න දන්නවද ?

පාරක වාහනයක් ගෙනියද්දි  ලර්නස් එකෙ කියලා දෙන දෙවල් වලට අමතරව ටිකක් ලියන්න කියලා හිතුවා.. ලියන්න දෙයක් නැද්ද මංදා :D
  අපි කොච්චර සල්ලි දීලා ලර්නස් එකට ගියාට, අවු 2-3 ක් වාහනයක් පැදලා ඉගෙන ගන්න දෙවල් එකෙන් කියලා දෙන්නෙ නැහැ..
කොටින්ම කවදාවත් නයිට් ලර්නස් එකක් තියෙනවද ? නැනෙ.. අපි කොහොමද රෑට වාහනෙ ගෙනියන්න පුරුදු වෙන්නෙ ?
           මට මතකයි මම ලර්නස් එකට ගිය කාලෙ එක කොල්ලෙක් මගෙන් ඇහුවා මචං කොහොමද ලයිට් දාන්නෙ කියලා.. ඔන්න තත්වෙ.. මට නම් ඔවා ඇබිටිල්ලන් කොල්ලා කාලෙ ඉදන්ම දැකලා දැකලා හුරු පුරුදු නිසා ඔය ඔනි බට්න් එකක් ලිවර් එකක් ගැන දන්නවා, එත් ගෙදර වාහනයක් නැති කෙනෙක් එක වරම ලර්නස් ඇවිල්ලා, ලයිශන් එක අරගෙන, ජොබ් එකකට ගියොත් ? රෑට එහෙම ගමනක් යද්දි එයා ටිකක් අපහසු තාවයට පත් වෙන්න පුලුවන් නේ.. නේද ?

අපි මුලින්ම බලමු වාහනේක ලාම්පු ගැන, ඔය කුප්පි ලාම්පු, චිමිනි ලාම්පු නෙවෙ, මෙවා ඇවිල්ලා විදුලි ලාම්පු හරිද ? 12v හො 24v අගයකින් තමා මේවා ක්‍රියාත්මක වෙන්නෙ..  ඒ වගෙම එක එක W  අගයන් වලිං තියෙනවා 60w 100w අන්න ඒ වගෙ.. අපි ඔය ගෙදර දාන බ්ල්බ් වගේ පොඩියට හදපු එලිය වැඩි බල්බ් තමා මෙවට යොදා ගන්නෙ, ඉස්සර සාමාන්‍ය පිලමන්ට් තාක්ශණේ තමා තිබ්බෙ.. දැන් ටිකක් වැඩි දියුනු කරලා එක එක විදියට එනවා.. ඒ අතරින් ප්‍රසිද්ද "හෙලජන්"  හා HID කියන තාක්ශණය. මේ අතරින් HID කියන ලාම්පු ඉතා දීප්තිමත් හා ඉදීරියෙන් එන වාහනයට පහසු වෙන විදියට තමා හදලා තියෙන්නෙ.. පාරෙ ලොකු ප්‍රදේශයක් මේ බල්බ් වලට ආලොකයෙන් ආවරණය කරන්න පුලුවන්..
හෙලජන් කියන ලාම්පුත් මේ හා සමාන උනාට ඉදිරියෙන් එන කෙනාට ටිකක් සැර එළියක් තමා එන්නෙ..

මේ ප්‍රධාන විදුලි ලාම්පු  On Off කරන්න තියෙන ලිවරය හෝ බට්න් වාහනේ මාදිලිය අනුව වෙනස් වෙන්න පුලුවන්..  ස්ටීරින් වීල් එකෙ දකුණු අත පැත්තට තමා ලාම්පු වල ස්චිච් එන්නේ..

වම් අත පැත්තට එන්නෙ වාහනෙ වයිපර් එකේ වේග අඩු වැඩි කරන ලිවර් එකයි වීදුරුවට වතුර විදින මොටරෙ ක්‍රියාත්මක කරන ස්විච් එකයි විතරයි..

මෙම දකුණු අත පැත්තෙ ලිවරයේ අග කොටස කරකවන්න තමා හදලා තියෙන්නෙ.. එක කොටස් 3 කට කරකවන්න පුලුවන්

1. Parking
2. Headlamp On

3. Auto හා Off

1. Parking
   මේක අපි යොදන්නෙ රාත්‍රී කාලයේදි වාහනේ පාරක් අයිනෙ වගේ නවත්තලා තියෙද්දි.. හා රාත්‍රී ධාවනයේදි
          සාමාන්‍යයෙන් අපි වාහනයක් ගෙනියන කොට හවස 6 විතර උනා කියලා හිතමු. එතැකොට ටිකක් අහස කලුවරයිනෙ ? අපේ වාහනෙ සමහර විට පිටිපස්සෙන් එන වාහනේට නොපෙනී යන්න පුලුවන්.. මේ Parking කියන අවස්ථාවට දැම්මාම.. පිටි පස්සෙ බ්‍රේක් ලයිට් වල බල්බ් දෙකක් පත්තු වෙනවා.. රතු පාටට.. ඒ වගෙම ඉස්සරහා පොඩි සුදු බල්බ් දෙකක් පත්තු වෙනවා..
වාහනේ මුලු හතරෙබල්බ් 4 ක් පත්තු වෙනවා  
 එතකොට ඉස්සරහින් හා පසු පසින් එන වාහන වලට දැන ගන්න පුලුවන් අ මෙන්න මෙතැන වාහනයක් නවත්තලා හරි ධාවනය වෙමින් පවතිනවා කියලා..

2. Headlamp On 
       මේකට දැම්මාම ඔන්න ඉදිරි පස ලාම්පුව ON වෙනවා , හැබැයි අර ප්‍රධාන ලාම්පු වල බල්බ් එකේ 1ක පිලමන්ට් එකයි පත්තු වෙන්නෙ, ඒ කියන්නෙ "ඩිම්" කියන අවස්ථාව.. දැන් අපි කොහොමද ලයිට් එක "ෆුල්" කරගන්නෙ ? ඒ කියන්නෙ බල්බ් එකේ තියෙන ෆිලමන්ට් දෙකම පත්තු කරලා වැඩි ආලෝකයක් ලබා ගන්න.. ඒකට කරන්නෙ අර ලිවර් එක පහලට කරන එක එතැකොට "ටික්" ගාලා ශබ්දයක් එනවා
ආයෙ එළිය අඩු කරන්න ඔනි නම් උඩට කරනවා..
මේ ලිවර් එක හරියට ඔය ගේම් ගහන්න ගන්න "ජෝඉස්ටික්" එකක් වගේ ඒකෙ 4 පැත්තකට හොලවන්ඩ පුලුවන්නෙ නේද ? ඔය ඉස්සර සෝනිඑරික්සන් ෆෝන් වලත් තිබ්බා ජෝඉස්ටික් එකක්

ඔය පාරෙ යද්දි දැකලා ඇති, සමහර වාහන ලයිට් 1ක 1ක පාරක් ගහගෙන යනවා.. එකෙන් අදහස් වෙන්නෙ මොකක්ද ? සමහර විට ඒ ඔයාගෙ යාලුවෙක් වෙන්ඩ පුලුවන්.. එහෙම නැත්නම් ඉදිරියෙන් පොලීසිය යන මාර්ග සංඤාව වෙන්නත් පුලුවන්.. ඔවා ඉතිං අපිට ආදෙරට කරන වැඩ නෙ නේද ?    

දැන් ඔන්න අපි දකිනවා පොලිසියෙන් ඉන්නවා පාරෙ අයිනක,ඉතිංඅපි වේගය එහෙම අඩු කරලා හිනාවකුත් දාගෙනනෙ යන්නෙ එතැනින්.. ඇයි අපි නීති කඩලා නැනෙ :D
ඔන්න අපිටත් අර කලින් එකා ලයිට්‍ ගහගෙන ගියා වගේ අපේ ඉස්සරහාට එන කෙනෙක්ට දන්වන්න හිතෙනවා.. එතකොට කොමද කරන්නෙ ? ලයිට්‍ එක ෆුල් කරන්න අරක ටික් ටික් ගාලා ඉස්සරහාට කඩන එක කරදරයි නේ ? ඒකට ලෙසි ක්‍රමයක් තියෙනවා ඒ තමා
මේ ලිවර් එක උඩට උස්සන්න.. එතකොට "ලයිට්‍ එක ෆුල් වෙනවා" ටික් ගාලා සද්දයක් එන්නෙ නැ..  අතටත් පහසුයි.. 
ඔවා මෙතැන කිවට තෙරෙන්නෙ නැ හරියකට.. කාගෙ හරි වාහනෙක බලන්න.. ඔය ලයිට් පත්තු වෙන්නෙ නැත්නම් ඕක හයියෙන් අල්ලන්න ගිහින් කඩන්න එහෙම එපා ප්ලාස්ටික් නේ :D ඊට කලින්  වාහනේ ඉස්ටාර්ට් කරන්න :D

3. Auto
      
මේක ගොඩක් අලුත් වාහන වල එන දෙයක්.. පරන ඒවා ගේ නම් මම දැකලා නැහැ, මෙතැනට දැම්මාම වෙන්නෙ.. අපි වාහනේ රැට ගෙනැල්ලා නැවැත්තුවාම සමහර විට ලයිට් ඔෆ් කරන්න අමතක වෙන්න පුලුවන්.. එත් අපි වාහනෙ නැවැත්තුව ගමන් auto mode  එකේ ස්විච් එක දාලා තිබ්බා නම්.. අර ප්‍රධාන ලාම්පු ස්ව්‍යංක්‍රීයවම ක්‍රියා විරහිත වෙනවා.. අපිට අරක කර කව කව ඉන්න ඔනි නැහැ..  අපි රෑකට කොහෙ හරි ගිහින් හදිසීයෙ හරි ලයිට් එක ON එකේ තියෙද්දි වාහනේ එන්ජිම oFF කලොත් ඉක්මනටම වාහනේ බැටරිය බැහැලා යනවා නේ ? එතැකොට ස්ටාර්ට් කරලා ඉවරයි.. ගොඩක්ම මේක එන්නෙ auto gear වාහන වලට.. මොකද ඒවා තල්ලු කරලා ස්ටාර්ට් කරන්න බැරි නිසා

 .....................................................

මේ කතාව උනේ අපි ලර්නස් එකට ගිය කාලෙ.. මම නම් දවස් 5 යි ලර්නස් එකට ගියේ ඒකත් ඒ වාහනේ හුරු වෙන්න කියලා දුන්න නිසා..

සමහරු මෙලො දෙයක් දන්නෙ නැතිව ඇවිල්ලා තිබ්බා.. ඔය අතරෙ උන්නා හැට පැනලා හොට ඇනිච්ච ටයිප් එකෙ අංකල් කෙනෙක්..  මෙයා පොලීසියෙලු වැඩ කලේ.. වයස අහන්න ගියෙ නැ ඉතිං හරි නැනෙ.. කොහොම ලයිශන් ගත්තද මංදා..
 මේ අංකල් සම්පුර්ණෙන්ම ඉගෙන ගන්න තමා ඇවිත් තිබ්බෙ.. දවසක් සර් කිවා සිග්නල් දාන්න කියලා.. මේකා කලේ පැනපු ගමන් වයිෆර් එක පැත්තෙ ස්විච්ච එක ටොකොස් ගාලා පහලට ඇදපු එක.. හුටා.. කෑල්ල ගැලවිලා අතට ආවා... :D
ඔය වගේ සුංදර අත්දැකිම් වෙනවා ඉතිනං ලර්නස් එකකදි.. ඒකට ගිහින්ම තමා ඒ ආතල් එක විදින්න ඔනි.. මම නම් මාරම ආස  ඔය ලර්නස් එකෙ වැන් එකෙ පිටි පස්සෙ යන්න.. ඩ්‍රයිව් කරන එකා මොකක් හරි වැරැද්දක් කරලා දඩස් ගාලා වාහනෙ නවත්ත ගත්තාම, සර් ඌ දිහා බලන බැලිල්ල..ඌ ඔලුව කසන එක.. සර්ගෙ වචන..
වචනෙන් කියන්න බැරි හැගීමක්.. :D මට ආයෙ ලර්නස් යන්ඩ හිතෙනවා..
....
අපේ ලර්නස් එකෙ නෙවෙ තව නුවර තෙල්දෙණිය පැත්තෙ ලර්නස් එකක මෙහෙම සීං එකක් වෙලා තිබ්බා, බර වාහන ලයිශන් ගන්න කොල්ලෙක් ඇවිල්ලා.. මු මහ මැට්ටෙක්ලු
සර් ගෙන ගුටි කන එකමලු වැඩෙ.. දවසක් මූට මල පැනලා වාහනේ අල්ලලා වික්ටොරියා ජලාශෙට.. මු වාහනෙන් පැනලා.. සර් එතැනම මැරිලා.. අනික් උන් හුගක් තුවාල උනාලු.. එක පැත්තකින් තියමු.. 
ඔක්කොටම හරියන්න වාහනේ පිටි පස්සෙ ගහලා තියෙනවාලු මෙන්න මෙහෙම..!

"ඔබටත් මෙවන් සේවාවක් අවශ්‍ය නම් අමතන්න"


 :D
.........
ඒ වගෙම තමා දැන් අලුතින් හදපු E1 පාර.. එහෙම නැත්නම් කවුරුත් දන්න හයිවේ එක.. ඕකෙ නීති රීතිත් ටිකක් සැරට තියෙනවා නේ.. ඔය ප්‍රධාන ලාම්පු වල එළිය අඩු වැඩි කරන එක මම නම් හිතන්නෙ අනිවා ඔය පාරෙදි දැනගෙන ඉන්ඩ ඔනි..
අපි හිතමු වංගුවක් කියලා.. එකෙදි එනවා වාහනයක් එන්නෙත් ආයෙ 100 විතරනේ.. ඒ එන වේගෙන් අපිත් වංගුව ගන්නවා.. ඒකෙ එළිය හුගක් සැරයි.. සමහර විට අපිට කරකියා ගන්න දෙයක් නැතිව වාහනේ පැත්තකට ගිහින් ලොකු අනතුරක් වෙන්න පුලුවන්..
              අපි කොහොමද ඉදිරියෙන් එන වාහනේ අලොකය අපිට සැර වැඩී කියලා ඒ අයට දැනුම් දෙන්නෙ ?

මුලින්ම ඔයා වාහනේ ප්‍රධාන ලාම්පුව 2-3 පාරක් ඩිම් ෆුල් කරන්න.. දන්නවානෙ කරන විදිය ?
ඒත් ඒ එන කෙනා එහෙම එළිය අඩු කලේ නැත්නම්. ඔයත් ෆුල් කරගෙන යන්න..

හැම විටම ඔබේ ඉදිරියට වාහනයක් එනවා නම් අනිවාර්‍යයෙන්ම වාහනේ එළිය අඩු කරන්න.. ඒකෙන් ගොඩක් අනතුරු වලක්ව ගන්න පුලුවන්..
 හැමොම එහෙම කරනවා නම් රාත්‍රී කාලයේදි වාහන ගෙනියන්න හැමොටම පහසු වෙවි..
අර්ත්මාර්ථකාමී වෙන්ඩ එපා.. වාහනයක් ගෙනියන කොට ඉවසීම හුගක්ම වැදගත්.. !

ඔයාගේ වාහනේ පිටි පස්සෙන් ප්‍රධාණ ලාම්පු දල්වාගෙන, නලාව එක දිගට නාද කරමින් වාහනයක් ඉස්සර කිරීමට ඉඩ ඉල්ලන්නෙ නම්.. නොපමාව ඉඩ ලබා දෙන්න..

එම වාහනය තුල 

විලිරුදාවෙන් ඉස්පිරිතාලයක් කරා ගෙනියන අම්මා කෙනෙක්
නැතිනම් අසාද්‍ය රෝගියෙක්
ප්‍රභූවරයෙක්
අවසන් හුස්ම පොද හෙලන්න කලින් එන්න කියලා කතා කල, සිය සමීපතමයෙක් දකින්න යන කෙනෙක් වෙන්න පුලුවන්

මොකක්ම හෝ හදිසි අවස්ථාවක් වෙන්න පුලුවන්

මෙවන් අවස්ථාවලදී අපි ඔවුන්ට ඉස්සර කරගන්න දුන්නා කියලා කිසිම පාඩුවක් වෙන්නෙ නැහැ..
පොඩි මදි පුංචි ගතියක් නිතැනින්ම දැනෙන්න පුලුවන්
නමුත් ඊට වඩා විපතක් වෙන්න පුලුවන් ඉඩ නොදුන්නොත්..
පාරෙ යද්දි හැමෝම ගැන හිතන්න.. හැමෝම ලාංකිකයෝ..!

...............


 කහ ඉරි මත ඉස්සර කිරීම නීතියෙන් සපුරා තහනම් ! බොහො විට ඔබ වාහනයකට ඉස්සර කරද්දි කහ ඉරේ මනුස්සයෙක් මාරු වෙන්න ඉඩ තියෙනවා.. ඔබ ඉස්සර කරන්න ගන්න වේගයත් සමග අර මනුස්සයා හැප්පුනොත්..95% ම මරණය ටලක් වෙන්න ඉඩ කඩ වැඩී!!

ඒ වගේමයි වම් අත පැත්තෙන් වාහන ඉස්සර කරන්න තහනම්!
දැන් නරක පුරුද්දක් ඇති කරන් ත්‍රීවිල් මහත්වරු හා මෝට බයිසිකල් මහත්වරු..
ලොකු වාහනයක් දකුණු පැත්තට බර  උණු ගමන් ඉස්සර කරගන්න ලේසිවට මෝට බයිසිකල් වම් අත පැත්තෙන් දානවා.. වැරදිලා හරි අර වාහනය වම් අත පැත්තට කැපුවොත් ?
වැරැද්ද එන්නෙ ඒ වාහනේ ඉන්න කෙනාටමයි.. මොකද පොලිසියෙන් උසාවියෙන් කියන්නෙ ඒ වාහනේ කෙනා දකුණු අත පැත්තෙන් ඉස්සර කරන්න ගිහින් හැප්පුවා කියලා.. නමුත් වැරැද්ද වම් අත පැත්තෙන් දැම්ම කෙනාගෙ අතේ..!!

වම් අත පැත්තෙන් ඉස්සර කරන්න තහනම්, ඒක වැරදී, ලොකු අනතුරු වලට අත වැනිල්ලක්..!

........

වාහනේ බ්‍රේක්  දක්ශ කාර්මිකයෙකු ලවා නියමිත ගානට හදා ගන්න.. 
අලුත්ම වාහන වල abs කියන බ්‍රේක් ක්‍රමයක් තියෙනවා.. ඒකෙදි වෙන්නෙ වාහනේ රෝද 4  ට එක සමානව තෙල් ප්‍රමාණයක් නොයවා පරිගණකයක් ආදාරයෙන් එම රෝදය තියෙන තත්වය දැනගෙන ඊට සරිලන තෙල් ප්‍රමාණයක් යවන එක..
අපි හිතමු ඉස්සරහා වම් අත පැත්තෙ රෝදය තියෙන තැන මඩ වලක් ඉතිං ලිස්සනවා..
වාහනේ රෝද 4 ටම එක සමාණව තෙල් ගියොත් ? වාහනේ පැත්තකට ලිස්සලා යන්න පුලුවන් නේද ?
නමුත් ABS බ්‍රේක් තියෙන වාහනයෙදි අර වම් අත පැත්තෙ රෝදයට තෙල් ටිකක් වැඩි පුර යවලා රෝදය ලිස්සන එක නතර කර ගන්නවා, එතකොට නියමිත ගානට රෝද 4 එක වරම නැවතිලා වාහනෙ කරදරයකින් තොරව නවත්ත ගන්න පුලුවන්..

..


ඊ ලගට වැදගත් ශීට් බෙල්ට්


  අලුත් වාහන වල දන්නවා ඇති "එයාර් බෑග්" කියලා ක්‍රමයක් තියෙනවා..  ඒකෙදි වෙන්නෙ වාහනේ අනතුරකට ලක් උනොත් ශ්‍රනිකවම වාතය පිරවුණු බැලූන් එකක් වගේ කොටසක් ඉදිරි පස දෙන්නාගෙ මූන හා පපුව ආවරණය වෙන විදියට පිම්බෙන එක..
වාහනේ මාදිලිය අනුව ඔය එයාර් බැග් අඩු වැඩි වෙන්න පුලුවන්..
ඉතිං බොහො දෙනෙක් කියන්නෙ ශීට් බෙල්ට් එක නොදා හිටියොත් එයාර් බැග් එක එන්නෙ නැහැ කියලා.. ඒක බොරු කතාවක්, ඇත්තටම වෙන්නෙ ශීට්‍ බෙල්ට් එක දාගෙන ඉන් නැතිව එයාර් බැග් එක අවොත්.. අපේ ඇගේ බර බැග් එකට ගිහින් ඒක පුපුරලා අනතුරෙන් වෙන හානිය නොවැලැක් වෙන එක.. ශිට්‍ බෙල්ට්‍ එකෙන් වෙන්නෙ වාහනේ හැප්පෙද්දි එන ගැස්සිම වලක්වලා අපිව ශීට් එකට තදකරගෙන අල්ල ගන්න එක.. පස්සෙ එයාර් බැග් එක අපේ මූන හා පපුව වහගෙන අපිව ආරක්ශා කරනවා..

සංඥා ලාම්පු
 සංඤා ලාම්පු නැත්නම් සිග්නල් ලයිට් කියන ඒවා.. වාහනයක් හරවද්දි ඉස්සර කරද්දි නියමිත විදයට දල්වන්න.. අර මං උඩ කීව ලයිට් ඩිම් පුල් කරන ලිවර් එකෙම තමා සිග්නල් ලයිට් වල ස්විච් දෙක එන්නෙ.. උඩට කලාම වම් අත පැත්තටත්
පහතට කලාම දකුණු අත පැත්තටත් සිංග්නල් ලයිට් වැටෙනවා..

මෙච්චරයි මට මතක් වෙන්නෙ..
 ආයෙ මොනා හරි මතක් උනොත් ලියලා දාන්නම්..
 මතකනේ.. පාරෙ යද්දි ඉවසීම තමා වැදගත්ම !!

යන්න කලින් මේ විඩියෝ එකත් බලන්න මේ කොළම ටවුමේ CCTV කැමරා වලට අහු වෙච්චි දර්ශණ ටිකක්..





ප්‍රදණාම හෙතුව මොකක්ද ? ඉවසීම නැති කම හා කල්පනාව නැති කම..!!


ගිහින් එන්නම්
ද බනී-


.

Saturday, January 14, 2012

ගියර් ඔයිල් ??

මේ කතාව ඇවිල්ලා අපේ ගෙදර වැඩ කරන සේවක මහත්තයෙක් කරපු මගෝඩි වැඩක් ගැන කතාවක්..
මේ පොරගේ නම ඇවිල්ලා රත්නපාල.. හැබයි ඔය නම කීවට කවුරුවත් වැඩිය දන්න නමක් නෙවේ. ප්‍රසිද්ද වෙලා තිබ්බෙ "මැණිකා" කියන නමින්.. මැණිකා කිවාට මේකා කෙල්ලෙක් නෙවෙ.. ළමයි දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්..
අපේ ගෙදර අවු 7 තිස්සෙ වැඩ කරනවා.. ඔය රත්ණපාල කියන නම දැනගත්තෙ මම මීට මාස 10 විතර උඩදි තමා.. ඒ කලිං වැඩ කරපු තැන මහත්තයෙක් ඇවිල්ලා රත්ණපාල කියලා ඇමතුව නිසා.. මං බැලුවා කවුද මේ රත්ණපාල කියන්නෙ කියලා.. මේං එනවා ඔලුව කහා කහා මැණිකා :D

ඔය නම කොච්චර ප්‍රසිද්ධ කිවෝත්, ඔන්න මේ මනුස්සයාගෙ ලොකු පුතා.. 1ක වසරට බාර දෙන්න ඉන්ටර්වීව් එකට ගියාලු, ලොකු සර් අහනවාලු පුතා.. පුතාගෙ තාත්තාගේ නම මොකක්ද කියලා.. කොල්ලා ගත් කටටම කිවාලු මැණිකා කියලා :D

කොච්චර මගෝඩි වැඩ කලත් හරිම හොද මනුස්සයෙක්.. හැබැයි බිව්වාම නම් ගන්න දෙයක් නැ අපි එවෙලෙට කියන්නෙ පෙත්තප්පු කියලා.. ඇගිල්ලෙන් ඇන ඇන කතා කරන්න එන්නෙ..
ඒ වගේම තමා ඔනි දෙයක් ටික් ගාලා ඉගෙන ගන්න දක්ශ කමක් තිබ්බා.. රටපුරාම ගිහිල්ලත් තිබ්බා.. එක එක ආයතන වල වැඩ කරලත් තිබ්බා

කොළඹ පේමන්ට් එකේ
බංඩාරවෙල කඩේක
අපේ ගමේ ලයිට් කණු හදන කෙනෙක් ලග
මිණී පෙට්ටි සාප්පුවක
ජර්මන් ටෙක් එකේ කැන්ටිමේ
හලාවත පැත්තෙ කඩේක
ලයිට් කණු ගෙනියන 10 වීල් ක්‍රේන් එකක
මැලිබන් බිස්කට් ඒජන්සියක
ගමේ ලැන්ඩ් මාස්ටරයක
ආයෙ කොළඹ බේකරියක
දැන් ඔය අන්තිමට ඇවිල්ලා ඉන්නෙ අපේ ගෙදර..

ඉතිං පුදුම අත්දැකීම් සම්බාරයක් තියෙන මනුස්සයෙක්..  ඉතිං මෙහෙම කටු කාපු මනුස්සයා මීට මාස කීපයකට කලිං ගෙනවා ත්‍රීවීල් එකක්, ඒ තමංගේ නෝනාගෙ මොකක්දෝ පඩියකින් මොනා හරි ජිල්මාට් එකකුක් දාලා ෆිනැන්ස් එකකුත් දාලා වාරික වශයෙන් ගෙවන්න තමා අරන් තිබ්බෙ.. ඉතිං මේක ගෙනැල්ලා ඉන්ශුවරන්ස් කරපු දවසට පස්සෙ දවසේ කඩේකට යන්න ඇවිත්, ගිහින් එන ගමන් වාහනේ වංගුවකදි අනික් පැත්ත ගහලා,, සයිඩ් එක චප්ප වෙලා තිබ්බා..
ආයෙ මාසෙකින් විතර ගල් වැටක හප්ප ගත්තා.. ආයේ තව ත්‍රීවිල් එකක මජ්ගාඩ් එකේ හප්ප ගෙන ගිහින් තිබ්බා.. පිටි පස්ස තලාගෙන ගෙදර ගැරජ් එකට දාන දාන හැම පාරකම... ඉන්ශුවරන්ස් එකේ උන්ටත් එපා වෙලා බනිනවාලු :D
මේ ඔක්කොම බේබදුකම නිසා, මොකද ඔය හැම එකක්ම වෙලා තියෙන්නෙ බීලා ඉන්න වෙලාවක..

ඉතිං මේ ලගදි මම ගියා මේ මනුස්සයලාගෙ ගෙවල් පත්තෙ.. ගෙවල් පැත්ත කියන්නෙ අපේ තාත්තාගෙ ගම ඉතිං ඒක.. මං බාප්පලාහාට ගිහින් එන ගමං මැණිකලහාටත් ගොඩ උනා.. ගියපු ගමං මේකා කියාපි.. පුතෙ බලන්නකො ත්‍රීවිල් එකෙන් අමුතු සද්දයක් එනවා.. මට නිකං අමුත්තක් දැනෙනවා කියලා.. මං කිවා එහෙනම් තෙල් අඩු ඇති බලන්න කියලා මං ගෙදර ආවා. ඒත් මේකා තෙල් බලලා නැ. ඊට පහු වෙනිදාම ටොකොස් ගාලා සද්දයක් අවාලු , වාහනේ නැවතිලා.. කොම හරි තල්ලු කරං ඇවිල්ලා ගැරජ් එකකටම දාලා.. ගලවද්දි වාහනේ එන්ජින් oil කලදක් නැලූ.. පිස්ටන් rings ඔක්කොම කැඩිලා.. බොර් එකත් කපාගෙන ගිහිල්ලා.. ලොකු වියදමක් කරලා හදලා.. ඊට පස්සෙ ක්ලච් ප්ලෙට් එහෙම දාලා, පිස්ටන් දාලා වාහනේ හදනවාලු, දැන් මේකට මාර කම්මැලි කමක් ඇවිල්ලා කොහොම හරි බොන්න යන්න ඔනිලු.. ඒත් සල්ලිත් නැලු.. වාහනේ හැම කෑල්ලකටම වියදම් කරන්නෙ නෝනාගෙ සල්ලි වලින්ලු..
බැරිම තැන මෙයා වාහනෙ හදන පොරට කියලා මල්ලි ගෙදර ගිහින් එන්නම්.. උඹ ඕක හදපං කියලා.. ගෙදර ඇවිත් නොනාට කියනවාලු

මැණිකා: මේ ඒයි.. වාහනේට ගියර් ඔයිල් ගේන්න අමතක උනානේ
ඒයි: ආ දැන් අර මං ඔයිල් අරන් දීලා ආවෙ ?
මැණිකා: ඒ මොනදා ඒ.. ඒ එන්ජිං ඔයිල්නෙ.. දැන් ඔනි ගියර් ඔයිල්
ඒයි: හරි දැන් කියක් යනවද ?
මැණිකා: 350 ක් වත් යයි ඉතිං..
ඒයි: මොනා කරන්නද ආ අරන් ගිහින් දාන්න..

ඉතිං මැණිකා රු 350 අරන් ඇවිල්ලා ඒකෙන් හොදට බීලා :D

ඊට අල්ලපු ගෙදර ඉන්නෙ වම්බොට්ටා කියලා කොල්ලෙක්.. මූ අවාලු මැණිකා හොයාගෙන.. අර නැන්දාගෙන් ඇහවාලු කෝ මැණිකා කියලා.. අන්න ගියර් ඔයිල් ගේන්න ගියා කිවාලු
වම්බොට්ටා අහලා මොකටද ගියර් ඔයිල් කියලා.. ඉතිං විස්තරෙ කිවාම නැන්දට පස්සෙ තමා සීන් එක තෙරිලා තියෙන්නෙ.. ත්‍රීවිල් වලට ගියර් ඔයිල් දාන්නෙ නැහැනෙ.. ඉතිං ගෙදර ආවාම හොදට දෙහි කපලා.. :D

මේ මනුස්සයාගෙ කතා ලියනවා නම් මට වෙනම "මැණිකා" කියලා බ්ලොග් එකක් පටන් ගෙන ලියතැහැකි :D ඒ තරමට රස කතා තියෙන මනුස්සයෙක්.. මේ කතාවත් මට අද කීවෙ.. කොච්චර මගෝඩි වැඩ කලත් ලැජ්ජ නැතිව එව්වා කියන අපූරුව තමා මරු :D


.............


මේ කතාව ඇවිල්ලා අපේ අයියා කීවේ.. අයියාගෙ ශොප් එකට ආවාලු මනුස්සයෙක්.. අනේ මල්ලි මට ජොබ් එකක් හොයලා දෙන්ටකෝ කියලා.. ඉතිං හා අයියා මම් බලන්නම් කියලා අයියත් පොරොන්ද උනාලු.. ඉතිං ඔන්න අයියාගෙ යාලු ඩොකෙක්ට කතා කරලා.. ඩොකා කැමති වෙලා වාහනේ ඩ්‍රයිවර් හැටියට ගන්න.. ඉතිං අර පොරට කිවාම හෙන හැෆීලු.. ඉතිං ජොබ් එකට ගිහින් පලවෙනි දවසේම.. ඩොකා ඇහුවාලු ඩ්‍රයිවර් උන්නැහැහේ වාහනෙ තෙල් වතුර බැලුවද කියලා.. මේ මනුස්සයා ඔව් කියලා..
ඔහොම දවස් 2-3 ක්ම ඇහුවාලු.. හරි මහත්තයා ඔක්කොම හරී කියනවාලු.. එත් කවදාවත් ඩොක්ටර් දැකලා නැලු තෙල් බලනවා.. දවසක් ඩොක්ට උදේ වැඩට යන්න එන්න කලිං උදේ කිවාලු අරින්න බලන්න බොනට් එක කියලා, ඉතිං මෙයා ඇරලා දොර.. ඩොක්ටර් කිවාලු ගන්නවා බලන්න oil කූර කියලා..
ඉතිං අර අංකල් ටිකක් වෙලා ඔලුව කසලා.. ඩොක්ටර්ගෙන් හෙමීට අහනවාලු.. ඩොක්ටර්.. කොහෙද මේකෙ ඔයිල් කූර තියෙන්නෙ කියලා..
*&#(*@^#*@&@#)@#@*&#^@%#

ඩොක්ටර් කියපු ටික අයියා මට කීවෙ නැලු :D

පස්සෙ ඔය ඩොකා ඇවිල්ලා අපේ අයියට කැ ගහලා.. බලපං උඹ කල වැඩේ මරු පොරක් තමා මට එව්වෙ කියලා..
එදායින් පස්සෙ අයියා කාටවත් ජොබ් නම් හොයලා දුන්නැලු..
..........


එහෙනම් ගිහින් එන්නම්
Bunny...෴



.

Monday, October 24, 2011

ලී මෝලක් දුටුවෙමි..

ලී මෝලක් දුටුවෙමි කිවාට.. හැමදාම උදේ පාන්දර 8 ට වගේ නැගිට්ට මෙට්ටෙන්ම මට පේන්නෙ ලීමෝල.. මොකද ඒක මගේ නැදැයෙක් වෙන තාත්තාගේ වියාපාරේ.. :D  හැමදාම කොක්ක දාලා මඩ ගහලා.. ගියාට මේ මාතෘකාව ගැන ලියන්න කියලා බල කලේ (මරණ තර්ජන) මාරයාම තමා.. :D

ඉතිං ලී මෝලක් ගත්තාම කතා කරන්න මාතෘකා එමටයි.. ඒවා කැටගරි කලොත්.. නැත්නම් ගොනු කලොත් මෙන්න මෙහෙමයි..

01. ගස් කැපීම
02. ඉරීම
03. විකිණීම..

මෙව්වාගෙ උප මාතෘකා වැටෙනවා.. ඒවා කතා කරන කොට බලමු..

01. ගස් කැපීම

මෙකෙන් තමා අපි කඳන් ගේන්නෙ
   කොච්චරවත් හැමදාම දකින්නෙ ලීමෝලක් උනාට මං ඔය ගස් කපන මාතෘකාව ගැන එච්චර දන්නැ.. මොකද අපි ලීමොලක් කරාට ගස් කපන්න යන්නැ.. ඒවා කපන්න වෙනම අය ඉන්නවා.. ඒ අයට සල්ලි දීලා තමා අපි කදන් ගන්නෙ.. ඒවා ගන්නෙ කියුබික් අඩි ගානට.. ගස් වල වර්ගේ හැටියට කියුබික් අඩි යක යම් කිසි වෙළද පොලේ මිලක් තියෙනවා.. ඒ ගානට තමා ගන්නෙ..!!  වෙළද පොලේ මිලක් කිවාට අපි එළෝලු ගන්න පොළ ගැන සිහි කරගන්න එපා.. මොකද කදං ගොඩ ගහගෙන ලාබයි ලාබයි ගාන්නෙ නැනේ.. :D
     ඉතිං අපි එහෙම කඳං කාට හරි කියලා ගෙන්න ගන්නවා.. නැතිනම් අපේ වාහනෙන් ගිහිල්ලා පටවං එනවා.. ලී මෝලක් කියන්නෙ කාර්යබහුල රැකියාවක් විදියට ගස් කපන්න යන කාලය මහ අපරාදයක්.. ඊට ලාබයි ගස් ගන්න එක..

ගහක් කපන කොට උඩ කපන්න එක්කෙනෙකුයි.. යට කපන්න තව කෙනෙකුයි කියලා මිනිස්සු දෙන්නෙක් එනවා.. උඩ කපන කෙනා කරන්නෙ අතු කපන එක.. ගහ අවට ගෙවල් තියෙනවා නම් අතු කඹේකින් බානවා.. යට කපන කෙනා කරන්නෙ පොරවකින් හරි දම්වැල් කියතකින් හරි ගහ නියම ආකාරයට ගෙවල් එහෙම තියෙනවා නම් බේරලා කපන්නේ..

මෙන්න මේ පිංතූරේ තියෙන විදියට තමා කපන්න ඔනේ.. ඔය කඩ ඉරි වලින් ලකුණු කරලා තියෙන විදියට කැපුම් දාලා තමා කපන්නෙ. අංක 1 හා 2 කියන කඩ ඉරි වලින් කපලා.. කොටසක් අයින් කරලා දානවා.. ඒකට කියන්නෙ "අළුව" කියලා..  ඊ ලගට අංක 3 විදියට කෙලින් කැපුමක් දානවා.. ඊට පස්සෙ තියෙන්නෙ දුවන්න තමා :D ඔය ගහ කපන්න කලින් ගොඩක් හොදයි ගහේ මුදුනට කඹයක් දා ගන්න එක.. එතකොට අපිට ඔනි ඔනි පැත්තට ඇදලා ගන්න පුලුවන්නෙ..

ගස් කපද්දි කලුවරට කපන්න එපා කියලා කාලයක් තියෙනවා... ඒ ගැන නම් විද්‍යාත්මක හේතුවක් දන්නැහැ මං.. කලුවරට කැපුවාම ගුල්ලො ගහනවාලු :D මං හිතන්නෙ උන් කලුවරට වෙන්නැති එලියට එන්නෙ..

02. ඉරීම. 


ඉරීම කියන්නෙ මේ කඩදාසියක් ඉරනවා වගේ ඉරන එක නෙවේ.. අවශ්‍ය ගානට කඳෙන් ලැලි හෝ ලී කපලා ගන්න එක.. ඒ වගෙම ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්.. මේකට යන්ත්‍ර සූත්‍ර අවශ්‍යයි අද කාලෙ හැටියට නම්.. මොකද අපි හැමෝම කාර්‍ය්‍ය බහුල වෙලානේ.. ඉතිං හැම දෙයක්ම ඉක්මන් වෙන්න ඔනේ.. ඉස්සර මිනිස්සු ගස් ඉරද්දි යන්ත්‍ර තිබ්බෙ නැනේ.. තිබ්බෙ පට්ටල් ක්‍රමය කියලා දෙයක්..

මේකෙ කරන්නෙ මිනිස්සු හදා ගන්නවා පට්ටලයක්.. කණු 4 ක් ඉංදලා.. එකේ හරහාට ලී එහෙම දාලා අටව ගන්නවා.. ඕක මෙහෙමයි කියලා පැහැදිලි කරන්න බැ.. මං පිංතූරයක් හදුවා පහල බලන්න..


මේකෙ උඩ එක මනුස්සයෙකුත්.. පහල තව මනුස්සයෙකුත් ඉදගෙන ඔය කියත උඩ පහත අදිනවා.. එතැකොට ඉරෙනවානේ කදං.. ඔහොම තමා ඒ කාලෙ ඉරුවේ..

ලංකාවෙ නිශ්පාදීත ප්‍රේම් සෝ මැශිම
දැන් නම් එක එක ජාතියේ යන්ත්‍ර සුත්‍ර තියෙනවා.. අපි පාවිච්චි කරන්නෙ මුල්ම කාලේ ජනප්‍රිය වෙච්ච රෝල් බංකු කියන කියත් වර්ගය.. ඒ වගෙම තව "ප්‍රේම් සෝ" කියලා ලංකාවේ හදන මැශින් එකකුත් තියෙනවා..   රෝල් බංකු කියත ගැන නම් මිනිස්සු ගොඩක් දන්නවා.. නමුත් ප්‍රෙම්සෝ මැශිම ගැන වැඩි කෙනෙක් දන්නැ.. මොකද ඒක එච්චර ප්‍රසිද්ද මැශිමක් නෙවෙන නිසා.. නමුත් මේ වෙන කොට ගොඩක් ලී මෝල් වල මේ මැශිම දකින්න පුලුවන්.. ප්‍රේම්සෝ මැශිම හයි කරන්නෙ නැත්තෙ ගොඩක් වියදම් යන නිසා.. ඒ වෙනුවට දැන් "බෑන්ඩ්සෝ" කියලා කියත් වර්ගයක් එනවා ලාබෙට.. නමුත් ඒකත් ලක්ශ 15 පැනලා.. :D

ප්‍රේම්සෝ මැශිම හයි කරන්න සිමෙන්ති කොට්ට 200 ක කොන්ක්‍රීට් එකක් බිම වලක් හාරලා දාන්න ඔනේ.. ඒ මැශිමේ ලොකු රෝදය තත්පරයට වට 58 ක වේගයකින් කැරකෙනවා ඒකෙ අත එහා මෙහා යන්න සලස්වලා ඒකට අමුනපු කියතෙන් තමා කඳ ඉරෙන්නෙ.. ඒ අත එහා මෙහා යන කොට ඇතිවෙන  ඝර්ශණය අඩු කරන්න තමා එහෙම ලොකු කොන්ක්‍රීට් එකක් දාන්නෙ.. ඉස්සර පට්ටල් ක්‍රමය යාන්ත්‍රික උනා කිවොත් මේ මැශිමට ගැලපෙනවා.. ඇත්තටම ඒ ක්‍රියාවලියම මෝටරයක් හා තව ගියර් පද්දතියක් ආදාරයෙන් තමා සිද්ද වෙන්නෙ..

ප්‍රේම් සෝ මැශිමේ පසුපස  පෙදෙස
ප්‍රේම්සෝ මැශිමේ තියෙන වාසිය තමා.. ඔනේම ලොකු කොටයක් ඉරන්න පුලුවන් වීම හා.. අවම අපතේ යෑම.. රෝල් බංකුවට වඩා මේ මැශිම වාසිදායක වෙන්නෙ ඒකයි.. මොකද මේකෙ කියතේ ඝනකම 3mm වඩා අඩු නිසා.. ඉතිං ලොකු ලීකුඩු ප්‍රමාණයක් වැටෙන්නෙත් නැ..  ඒ වගේම ඔනෑම තද ලීයක් කිසිම කරදරයක් නැතිව ඉරා ගන්න පුලුවන්..
ඒ වගෙම අඩු ශ්‍රම දායකත්වයක් තමා යන්නෙ.. බාසුන්නහේ හා ගෝලයා යන දෙන්නා විතරක් හිටියාම හොදටෝම ඇති..

අවාසියක් විදියට ගත්තොත් තියෙන්නෙ මේකෙන් ලීයක් හෝ ලෑල්ලක් ඉරෙන්න යන වෙලාව වැඩි වෙන එක.. නමුත් අපතේ යන එක වැලකෙන නිසා ඒක ඒකෙන් අවාසියක් වෙන්නෙ නැහැ....

රෝල් බංකු කියත
රෝල් බංකු නිශ්පාදණය කරන්නෙත් ලංකාවෙමයි.. මොරටුව පැත්තෙ මිනිස්සු තමා හදන්නෙ.. 80% විතර ලී වලින් තමා හදන්නෙ.. මේකෙදි කදං ඉරන කොට මිනිස්සු 3 දෙනෙක් ඔනේ. මැද ඉන්නෙ බාසුන්නහේ.. පිටි පස්සෙන් හා ඉස්සරහින් ගෝලයෝ දෙන්නෙක් ඉන්න ඔනේ..

මේකෙ වාසි වලට වඩා තියෙන්නෙ අවාසී තමා :D මුලින්ම අපතේ යන එක වැඩියී.. තව අනතුරු බහුල මැශිමක්.. ශ්‍රමදායකත්වය වැඩී..
මහන්සි වෙන්න ඔනේ..
වාසී විදියට තියෙන්නෙ ඉක්මනට ඉරන්න පුලුවන් එක විතරමයි.. :D



මේ මාතෘකාව ගැන කතා කරන්න දේවල් එමටයි.. පිංතුරත් වැඩී වගේම කරුණුත් වැඩී නිසා මේක කොටස් දෙකකට කඩලා දානවා.. එතැකන් මේක කියවන්න ඉතිරි ටිකෙන් අපි කතා කරන්නෙ ලීමොල් හිමියන් ඔබව යම් යම් වේලාවල් වල අන්දන ආකාරය :D හා තව මැශින් කීපයක් ගැන.. ඒ අතර මං හදපු මැශිමකුත් තියෙනවා.. ඉතිං ඒ ටික ඊලග ලිපියෙන් බලාපොරොත්තු වෙන්නකො :D

Bunny෴

Wednesday, October 5, 2011

gear වර්ග..

ඇත්තටම අපි වාහනයක් ගත්තාම.. අපිට ඔනි ඔනි විදියට පදින්න බැනෙ නෙද ? එක දන්නවානෙ..
එව්වායෙ ගියර් තියෙනවා.. ඒ ඒ වාහනෙට නියම රිතියක් තියෙනවා ඒකට අනුව වැඩ කරන්න ඔනි..
ඉතිං ගියර් ජාති දෙකක් තියෙනවා..

01 Manual gear   (ශ්‍රමික ගියර)
02 Auto gear  (සව්‍යංක්‍රීය ගියර)

01 Manual gear   (ශ්‍රමික ගියර)

 
මුල් අවදියේ පටන්. මේවනතෙක්ම පැමිණෙන තාක්ශණයක් තමා මේ මැනුවල් ගියර ක්‍රමය.. මේකෙදි වාහනයට බ්‍රෙක් එක හා ඇක්සලෙටරය ට අමතරව තව ක්ලච් එකක් එනවා.. ගියරයක් මාරු කරද්දි මේ ක්ලච් එක පාගන්න ඔනි.. ක්ලච් එකෙන් කරන්නෙ එන්ජිම හා ගියර් බොක්ස් එක අතර සම්බන්දය ඇති කිරිම හා විසන්දි කිරිම.. ක්ලච් එක පාගද්දි එන්ජිම එක්ක සම්බන්දය නැති වෙනවා.. ඇතැරියාම නැවත සම්බන්ද වෙලා එන්ජිම හා ගියර් බොක්ස් එක තුල දැතිරෝද කැරකෙන්න ගන්නවා..
මේ ක්ලච් එක පාගන්නෙ නැතිව ගියර් දාන්න පුලුවන්.. නමුත් ඉතාවෙගයෙන් කැරකෙන දැතිරෝදයක් අතරට තවත් දැතිරෝදයක් රින්ගවන්න ගියොත් මොකද සිද්ද වෙන්නෙ ? ඒවා සීරිමකට ලක් වෙන එක මෙන්ම.. කරාරාරාරාස්ස්ස්ස් ගාලා මහ ශබ්දයක් එන එක.. සාමාන්‍යයෙන් මට එහෙම උනොත් අපෙ තාත්තා නම් කියන්නෙ බලහං පුතෙ ගියර් බොක්ස් එක බිමදැයි කියා..!!

මේ ක්‍රමයෙදි ගියර් වර්ග 1 සිට 4 දක්වාත් 1 සිට 5 දක්වාත් 1 සිට 6 දක්වාත් .. විවිද විවිද ක්‍රම වලින් එන වාහන තියෙනවා..
1සිට4 එන වාහනක් විදියට ඩීමෝ බට්ටා වාහනය සලකන්න පුලුවන්..
ගොඩක්ම වාහන වල එන්නෙ 1 සිට 5 දක්වා...
ඔය පාරෙ යන බවුසර්.. කන්ටෙනර් පෙට්ටි ගෙනියන ප්‍රයිම්මුවර්.. (long vehicles) වල නම් 1සිට6 දක්වාම ගියර් ආපුවා මං දැකලා තියෙනවා.. මීට අමතරව සෑම වාහනයක පාසාම මේ ගියර් වලට අමතරනවා R එකක් එනවා.. ඒ කියන්නෙ රිවස් එකනේ..? නැතිනම් ඉතිං වාහනෙ N එකට දාලා (නිවුටල්) පිටිපස්සට තල්ලු කරන්න උනත් ඇහැකි.. !!

වාසි අවාසී

වාසි විදියට ගත්තොත් තියෙන්නෙ.. අපිට අවශ්‍ය තැනදි අපිට ඔනි ඔනි ආකාරයට ගියර් මාරුකරගන්න පුලුවන් කම..

ආයේ තල්ලු කරලා ස්ටාට් කරන්න පුලුවන් වීම.. මොකද මේවා වැඩකරන්නෙ කේබල් හෝ ලිවර් මගින්.. සියල්ලම යාන්ත්‍රික ක්‍රමෙකට.. ඉතිං 2 ගියරයට වගේ දාලා.. හොද තල්ලුවක් දැම්මොත්.. ඩික් ගාලා ස්ටාට් කරගන්න පුලුවන්.. හැබැයි ඉතිං එන්ජිමෙ දොශයක් නැත්නම් තමා..!

අවාසි විදියට තියෙන්නෙ ක්ලච් එක පාග පාග ගියර් මාරු කරන එක මල කරදරයක් වගෙම කකුල රිදෙන එක..!!

-මැනුවල් ගියර් තුල ගියර් වර්ග-
මෙතැනදි අපි සලකලා බලන්න ඔනේ දෙයක් තමා.. වාහනේ තියෙන තත්වය අපි හිතමු තැනිතලාවක 60kmh වෙගයකින් පාගලා යනවා.. අපි එහෙනම් අනිවා 5 ගියරයට දාගන්න ඔනිනේ ?

අපි හිතමු ලොකු පල්ලමක් කියලා.. අපි ඔය පල්ලමේ 5 ගියර් එකෙ අවොත් මොකද වෙන්නෙ ? අනිවා අපි දැඩිසත්කාරෙ.. එහෙම නැතිනම් හදීසි අනතුරු ඒකකයේ නේද ?

 ඉතිං අපි සාමාන්‍යයෙන් පල්ලමක වගේ කරන්නෙ.. පල්ලම දරුණු නම් first gear එකෙ (1 ගියරය) දාගෙන තමා පල්ලම බහින්ටෝන.. එතකොට එන්ජිම ස්ලෝ වෙලා.. වාහනය අමුතුම හිර ගතියකට එනවා.. හරියට බ්‍රෙක් එක පාගගෙන කන්ද බහිනවා වගේ.. එතකොට බ්‍රෙක් එකට කිසි අමාරුවක් නැතිව ආරක්ශාකාරීව කන්ද බැහැ ගන්න පුලුවන්..

(අතුරු කතා)
  මේක සිද්ද උනේ ගාල්ලෙ ඉන්ජිනේරු පැකල්ටිය ඇතුලේ පල්ලම බහිද්දි.. එදා ප්‍රදර්ශණයක් තිබ්බා.. අපිත් ඉතිං ඔකේ සහභාගිවෙලා උන්නෙ.. ඉතිං මායි සර්කෙනුකුයි ආවා පල්ලෙහාට එන්න.. මෝට බයික් එකක සර් කිවා මට පදින්න කියලා.. ඉතිං මාත් නැගලා.. සරුත් දාගෙන කන්ද බහිනවා... ඉතිං ගෙට්ටුවෙන් මිනිස්සු හෝගාලා එනවා.. කොකටත් කියලා බ්‍රෙක් ගහන්න බලද්දි.. අම්මට සිරි වෙන්න මෙන්න යකෝ බයික් එකේ බ්‍රෙක් නැහැ.. ඉස්සරහා බ්‍රෙක් බැලුවා.. ඒක නිකං ක්‍රි:පු 4 වන සියවසේ කේබල් එකක් වගේ.. දිරලා ගිහින්.. බ්‍රෙක් කියලා නාමයක් නැ.. මට ඉබේටම සර් කියවුනා.. සර්ට ගානක් වත් නැ.. අම්මපා මැරෙන්න බය නැද්දමද මංදා.. මට නම් ඉතිං අවසානය කියලා තමා එදා හිතුනේ.. මොනා කරන්නද.. දඩස් ගාලා දැම්මා ප්‍රස්ට‍ එකට.. බයික් එක ගැස්සිලා වගේ ගියා.. වෙන කරන්න දෙයක් නැ.. නවත්ත ගන්නත් එපැයැ.. හෙමින් හෙමින් කන්ද බැස්සුවා.. බ්‍රෙක් එක නැතිව.. ආපු වෙගෙට පාගලා ගිහින් තව දෙතුන් දෙනෙක් යට කරගෙනත් ගිහින්.. දඩෝන් ගාලා ගෙට්ටුවෙ වැදුනා නම්.. අනේ අම්මෙ.. මැරෙන එක සැපයි.. කෙල්ලො ඉස්සරහා එහෙම නොවී :D..  සෝ කිසි අවුලක් උනේ නම් නැහැ..

එත් අපේ සමහර උදැවිය.. නිසි තැනට ගියර් මාරුකරගන්න බැරිව තමා අඩුකඩාගන්නෙ..


02 Auto gear  (සව්‍යංක්‍රිය ගියර) 


මේ ජාතිය ගත්තාම ටිකක් අලුත් තාක්ශණයක්.. මුල් කාලෙ වාහන වල නොතිබ්බත්.. මං 14 ශ්‍රී කාර් එකක දැකලා තියෙනවා.. ඒ කාර් එකේ රවුමක් ගිහින් තියෙනවා..ඔයාලට උනත් එහෙම රවුමක් යන්න පුලුවන්.. පාරෙ යන කොට වාහනයක් නවත්තලා තිබ්බොත් වටෙ කැරකිලා රවුමක් ගහන්න පුලවන්නෙ නෙද ? ...කෝම හරි ටිකක් මෙලො රහක් නැති ගතියක් තමා දැනෙන්නෙ..  තත්පර කීපයක් ඇතුලත සැලකිය යුතු වේගයකට (පික්අප්) එන්න බැරි උනත් නරකම නැ.. ඊලගට නිකරුණේ තෙල් පිච්චිලා යන ගතියක් මට නම් දැනුනා..
            නමුත් එන්න එන්න තාක්ශණේ දියුනු කරලා.. දැන් නම් මැක්සා.. විශේෂයෙන්ම මේ ලගදි ජනප්‍රිය උන දෙමුහුන් (hybrid) වාහන වල නම් පික්අප් ගැන කියලා වැඩක් නැ සුපිරියි.. හේතුව තමා එන්ජිමට අමතරව බැටරියෙන් ක්‍රියාත්මක වෙන විදුලි මෝටරයක් අන්තර් ගත වීම... ඇක්සලෙටරය.. එහෙම නැතිනම් ගෑස් එක පෑගීම සන්වේදක (sensors) මගින් ගණනය කරලා.. ඒ වගෙම වාහනය තියෙන තත්වය (eg; කන්දක,තැනිතලාවක) බලලා..  වාහනය දාවනය විය යුත්තෙ, එන්ජිමෙන්ද, බැටරියෙන්, නැතිනම් ඔය දෙකෙන්මද කියලා තීරණය කරනවා.. එතකොට පික්අප් එකත් සිරා මෙන්ම.. ඉන්දන පිරිමැස්ම අතිනුත් ඉහලයි..! කොටින්ම කිවොත් මේ ගියර් ක්‍රියාත්මක වෙන්නෙ පරිගනකයක් ආදාරයෙන්..
     Auto gear ලිවරය අපිට එහා මෙහා හොලවන්න පුලුවන් උනත්.. රථය දාවනයේදි එහෙම කරන්න අවශ්‍ය නැහැ.. ඒ වගෙම වාහනයට ක්ලච් එකක්ද නැ.. හේතුව ඒවා සිදුවෙන්නෙ Auto නිසා.. auto ගියර් ලිවරය දිහා අපි බැලුවාම එක එක විදියේ සංකේතයන් වගයක් තියෙනවා..

P
R
N
D
L or B
S

P කියන්නෙ Parking
R කියන්නෙ Reverse
N කියන්නෙ Neutral/No gear
D කියන්නෙ Drive
L or B කියන්නෙ Low or Brake
S කියන්නෙ Sport 


Auto Gear වල වාසි අවාසි..

ප්‍රදානතම අවාසිය තමා.. මේ වාහන තල්ලු කරලා ස්ටාට් කරන්න බැරි කම.. හේතුව මේ ගියර ක්‍රියාත්මක වෙන්නෙ පරිගණකයක් අදාරයෙන් නිසා.. ඒ පරිගනකය ක්‍රියාත්මක වෙන්න විදුලිය අත්‍යාවශ්‍ය විම..
තව දෝශයක් හට ගැනුනොත්.. ලංකාවෙ ඉන්න මජං හූරන බාස්ලා ඕක කන එක.. මං මෙකෙන් කනවා කියලා අදහස් කලේ.. ලිවර් එක ගලවලා බඩගින්නට කනවා වගෙ දෙයක් නෙවෙ.. ඔව්වා ගලවලා දාලා ලෙඩෙ වැඩි කරන එක.. හොදම උදාහරණයක් තමා.. අපි වැරදි විදියට වාහනෙ බැටරි වයර් එක ගැලෙව්වොත්.. එහෙම නැතිනම් යම් විදියකින් ශෝට් උනොත්.. අනිවාර්යයෙන්ම අර පරිගනක මෘදුකාංගය අවුල් වෙනවා.. නැතිනම් දෝශ හටගන්නවා.. ඒ වෙලාවට කරන්නෙ.. ගියර් පද්දතිය ගලවලා සුද්ද කරන එක නෙවේ.. ඊට අදාල විසදුම හොයා ගන්න ස්කැන් එකක් කරන එක.. ඒකට සාමාන්‍ය මජං බාස්ලා හරියන්නෙ නැනෙ නේද ?...  හොදම දේ රථයට අදාල නියොජිත ආයතනයටම බාර දෙන එක..
තව දෙයක් මෙව්වායෙ ගියර් ඔයිල් හැම 30000km වලින් හෝ අවුරුදු 2 කට සැරයක් අනිවා මාරු කරන්න ඔනි...!! වාහනයට අදාල නියම තෙල් වර්ග තියෙන නිසා.. ටිකක් මිලෙන් අදිකයි..! 

වාසි විදයට ගත්තොත්  තියෙන්නෙ.. අපිට කරදරයක් නැති කම තමා.. මොකද අවශ්‍ය තැනට ක්ලච් එක පාග පාග ගියර් දාන්ටොන නැහැනෙ..!



මේක ලියන්න හිතුනු හේතුව ගැන තවමත් කල්පනා කරන මම
PirateBunny


..