Saturday, July 2, 2011

එකමත් එක සොඳුරු හැඳෑවක. එකමත් එක නොවන සොඳුරු හදවත් පෙළක්. එකට මුණගැහුන මොහොතක්...

      මාතෘකාව නම් ටිකක් දිගයි.. ඒ වගේම ඔක "කියලා හොරකම්" කරපු එකක් :D ඇත්තටම ඊයේ සොදුරු දවසක් .. මොකද අපි ගාල්ල හා ඒ අවට ඉන්න බ්ලොග් ලියන්නන් ටික එකතු කරගෙන පොඩ්ඩක් කතා බහ කරලා විනෝද උනා.. ඇත්තටම සිරා දවසක්,,


කෙලින්ම මඩ වියාපෘතියට බැහැලා බැහැ.. මුල ඉදන්ම පටාආආං ගන්ටොන..


මේ අදහස මුලින්ම මට අවේ.. මටද.. හිමන්ශිටද (හිමහංසි) කියලා මතක නම් නැහැ.. කොහොම හරි.. එයාගේ බල කිරිම හා තර්ජන වල ප්‍රතිඵලයක් විදියට තමා.. අපි හැමෝටම එකට වීනෝද වෙන්න මේ චාන්ස් එක ලැබුනේ :D
                  ඉතිං හිමන්ශියා කිවා අයියේ කොම හරි මුන් ටික එකතු කරගන්න ඔනේ කියලා.. ඉතිං ජිවිතෙ පලමු වතාවට මං ගෘප් එකක් හැදුවා (FB එකේ :D) ඒකට ඉන්න ඉන්න ඔක්කොම උන් ඇදලා දැම්මා ගාල්ලෙ අය.. (අවසරය මත)

දැන් ඔන්න ස්ටෙට් එකක් එහෙම දැම්මා මෙහෙම සෙට් වෙනවා කියලා.. දැන් ඔන්න දිනේටත් කිට්ටුයි.. ඊලග ගැටලුව මුං කොම හරි එක තැනකට ඇද ගන්න ඔනේ නේ.. ඉතිං කන්ටැක් කරගන්න මගේ නම්බර් එක දැම්මා වොල් එකේ.. අෆොයි.. කතා කරන්න ඔන්නැ.. මට රැ තිස්සෙ කෝල් :D (ආදරෙටද මංදා මුං, ඉකේ :P) ( beep.. beep.. මිස්කොල් ගහපු උන්ට නම් :P)

ඉතිං කොහොම හරි අමාරුවෙන් මං රෑ 12 ට විතර නිදා ගත්තා.. ඊ ලගට පාන්දර කුකුලා කරේ තියාන 8 ට විතර නැගිටිලා.. ලක ලැස්ති උනා.. :D ඊ ලගට අපේ පාරේ බස් එකේ ගාල්ලට අවා.. අවා නෙවේ කෙටුවා.. එකෙන් උනේ ගාල්ලට එන කොට 11.10 වගේ වෙලා.. (සංවිදායකයා නම් වෙලාවට වැඩ කොහෙද මේ ලංකාවෙ බස්නේ අවුල් :D) 


කොම හරි මං එන කොට.. සෝස මල් අක්කයි හිමන්ශියයි ඇවිල්ලා උන්නා...ආපු ගමන්ම හිමන්ශියා කිවේ
     අයියේ.. බඩ ගිනියි :D (ආපු වෙලේ ඉදන් කන්න දෙන කම්ම කිවේ ඔය ටික විතරයි..)


ආයෙ ටික වෙලාවකිං වත් අක්කයි එයාගේ නංගියි ආවා..ආයෙ ඒ දෙන්න යන්න ගියා ගාල්ලට ආපු නැව බලන්න කියලා..

මරු.. මගේ ෆොන් එකේ බැට්රිය බැහැලා..  දැන් ඉතිං මට මල විකසිත වෙනවා.. කලබලේට බැට්රිය චාර්ජ් කරගන්න උන්නැ..


කොම කොම හරි එකා එකා එන්න ගත්තා.. ඉතිං අනික් අය එන කම්.. මම යි කල්හාරයි. හිමංශියයි.. ජනරන්ග අයියයි.. සෙව්වන්දි අක්කයි.. අපි ටික ගියා "සමුදුරු කෞතුකාගාරය" බලන්න..  හරි අපූරු තැනක්.. රු 50 ට නිදහසේ කතා කර කර ඉන්න පුලුවන් සුපිරි තැනක් :D ආ බලන්න දෙවලුත් තියෙනවා :D
කොහොම හරි ජනරන්ග අයියා.. අපිට මාර විදියට (කොලේ බලාගෙන) එකේ තියෙන දෙවල් විස්තර කරලා දුන්නා. එකේ හිටිය ගැණු ළමයා බයේ උන්නෙ ජොබ් එක ගහලා යයි කියලා :D
ජනරන්ගයියා ඒ තරම් සද්දෙට, ලස්සනට පෑහදිලි කරලා දුන්නා අපිට :D අනිවා ඔකේ ලොක්කෙක් උන්නා නම් ජනරන්ගයියා ගන්නවා වැඩට :D


අනේ මංදන්නැ ෆ්ලැශර් එකට කෞතුකාගාර බඩු දියවෙනවා කියලා බොඩ් එකක් ගහලා තිබ්බා.. එකෙන් පොටොස් ගන්න උන්නැ.. පස්සෙ තමා දන්නෙ ඒ "බෝඩ්" එකට ස්පොන්සර් කරලා තිබ්බෙ..
කෞතුකාගාය පල්ලෙහා තට්ටුවේ තිබ්බ පොත් හා වෙනත් පොටෝ එහෙම විකුණන කඩෙන් කියලා ;-) 

ඉතිං උන්ටත් බැන බැන එළියට එන කොට රිද්මත්  (පොඩී මෑන්) ඇවිල්ලා උන්නා.. ඊ ලගට ටිකක් උඩට යන කොට වෙනත් කෞතුකාගාරයක් බලන්න ගිය කිඩෝ මලයත් ඇවිල්ලා තිබ්බා :D


කොහොම කොහොම හරි රිද්ම හා කිඩෝ දෙන්නා කෞතුකාගාර 3-4 කම බිත්ති ටික සල්ලි දීලා බලාගෙන අවිල්ලා තිබ්බා :P 

බොරු දෙසා බෑම aka My self
ඉතිං හැමෝම තම තමන්ගේ බොරු ටික කිය කිය ඉන්න අතරෙ.. කලු aka - Kaz කොලුයි හුස්නියි ආවා බයික් එකෙන්.. බයික් එකක් කිවේ පුට් සයිකලයක් අමුතු පැටන් එකේ :D

අනේ අම්මපා හුස්නිය ආපු ගමන්.. මචං.. ක්‍රිකට් ගහමු ? ඌ යන කම් කලේ ඔය ටික කිව එක..
යකෝ ක්‍රිකට් ගහන්න නම් පිත්තකුයි බෝලයි ගෙන්ට එපැයැ.. මූ ස්ටම්ප් 4 ක් උස්සන් ඇවිල්ලා.. :D (එල්ලෙ ගහන්නද මංදා එව්වයින් :D)


වෝටර් බෝයි
ඉතිං ඉතිරි බොරු ටික (my self) කිය කිය ඉන්න කම්.. අපේ වෝටර්බෝයි තනතුර කල කල්හාර ප්‍රමුඛ කිඩෝ යැව්වා කන්න ගේන්න.. (ඔය අතරෙ, හිමන්ශිගේ රු 50 කට ජනරන්ගයියා විද්දා කියලා තමා ආරංචිය :P) එව්වා නම් ඉතිං අපිට මොකටද නේද ? :D
අපේ බඩගිනි නිවන්න ඉක්මනට කෑම ගෙන්න ගිය අරුන් දෙන්නාට ස්තුතියි මෙතන්දි පලකරන්ටොන (නැත්නම් ඌ මගේ බෙල්ල මිරිකනවානේ) :D


ඊ ලගට කලේ Kaz අයියාගේ බයික් එක කඩන්න පටන් ගත්ත එක :D ඔකෙන් බනියා වැඩ දාන්න ගිහින් ඇදගෙන වැටිලා.. අත්‍යවශ තැනකට දරුණ ප්‍රහාරයක් එල්ල උනා :-D   (විලිලාජ්ජාවක් තියෙන එකෙක් ඒ වැදිච්චි තැන අතගාන්න යන්නැ.. මොනා කරන්නද ඉවසන් උන්නා) :D


බයික් එක උඩ තමා ඔය ඉන්නෙ අපේ උං.. බයික් එක දෙකට නැවිලා තිබ්බා ගෙදර යද්දි :P
  ඔන්න ප්‍රමුඛයා එනවා ගම හරහා දිව්ව එකා වගේ.. දාඩිය දාගෙන :D
නිල නොලත් වාර්තා වලට අනුව නම් කෙල්ලෙක් එලවන් අවා කියලා තමා දැනගන්න ලැබුනේ :P



ඊ ලගට බඩගින්නෙ මැරෙන්ට හදපු හිමංශියාට කන්න දිලා.. අපිත් කාලා බිච් එක පැත්තට එන්න ගත්තා..
ගැන්සිය

ඇවිල්ලා.. එතැනත් සිරා ෆන් එකක් ගත්තා.. 
ඒ අස්සෙ කොටුවේ උඩ ඉදන්.. එකෙක් මුහුදට පනින්න හදනවා කෙල්ල එක්ක තරහා වෙලා.. අපේ කට්ටියට ඉතිං ආයේ නරියාට චිකන් හට් එක බාර දුන්නා වගේ තමා :D


කොල්ල පනින්න හදයි.. අපේ උන්..


අයියා.. පනින්න අයියා.. ඔයාට බැරි නැ අයියා.. කියලා මහ හයියෙන් කැ ගහනවා :D
අර ලැජ්ජාවට දුවන්න ගත්තා.. ආයෙ ඔන්නැ.. හොද සූවක් ආවා :D ඌ නම් මැරෙන දවසටත් ඕක මතක් වෙවි අනිවා :D

...............................................................................................................................................................................



ඉතිං ඔය අතරෙ.. සෙව්වන්දි අක්කා හෝ හිමන්ශියා තෙමා ගත්තා කියලා කතාවක් කිඩෝ. මට කිවා. අපි නම් ඔන්න දන්නැ ඔවා..  :P
හස්ත මුද්‍රාවෙන් පෙන්නුම් කරන දේ නම් මං දන්නැ ඕං..


ඊ ලගට හැමොම එතනින් උඩට ඇවිල්ලා.. ජන(අ)ප්‍රිය සිංදු හා ප්‍රශස්ථි කවි ගායනා කරමින්.. කාලය කැවා.. ඉතිං අන්තිමට දුක නම්බර්ස් ටිකත් හුවමාරු කරන්..හැමෝම විසිරිලා ගෙවල් බලා පිටත් උනා.. 
අයිස් ක්‍රිම් අරන් දුන් "anonymous" ට විශේෂ ස්තූතිය :P (මට චොකලට් ice එකක් වෙනම අරන් දුන්නා :D )
මේ කතාවේ වැඩි විස්තර.. (මඩ නැතිව) ලියලා තිබ්බා කිඩෝ මල්ලි.. ඒක මෙතනින් බලන්න


පාලී: "සැයූ: ලොලිපොප් අනතුරු සහිතයි.. ඇදන් ඉන්න ශර්ට් රැකගන්න" (දන්නො දනිති)


තව මඩ තියෙනවා.. මං එච්චරම මඩ ගහන්න දක්ශ නැ නෙවැ :P එහෙනම් ආයේ හම්බ වෙමු.. 

හොව්..


නැ:පා:ලි: කලින් පොස්ට් දෙකටම කමෙන්ට් කලේ නැහැ.. එක මහත්තයෙක් තොප්පියක් දාගෙන අඩන්න ගත්තා Google+ එකේ.. එව්වාට තිං අපි මොනා කරන්නද නේද ? :D 


PirateBunny෴

.