Sunday, March 20, 2011

Hanthana Linux zzzz :-D

         මේක මේ කාලෙක ඉදන්ම දාන්න උන්න පොස්ට් එකක්.. කොහෙද ඉතිං අර වඩුවාගේ ගෙදර පුටුව නැ.. බාලගිරි දෝසේ අද නෙවේ හෙට වගේ කල් දම දමා උන්න එකක්.. (වෙන මුකුත් නෙවේ කම්මැලිකම)


ඉතිං අවසරයි.. මා මෙතනට පැමිණියේ හන්තාන ලිනක්ස් සම්බන්දයෙන් වචන ස්වල්පයක් ඔබ හමුවේ තැබීමටයි..

         මෙහෙමයි මේකත් ලිනක්ස් පාදක කරගත්තු මෙහෙයුම් පද්දතියක්..
මේකේ බේස් එක කරගත්තෙ අපි fedora කියන මෙහෙයුම් පද්දතිය.. විශේෂයෙන්ම මේක ගන්න හේතු උනේ ආරක්ශාව අතින් ටිකක් තදේට ඉන්න නිසා :-D   ඊලගට අපි මේක තව චූටි කරලා හැදුවා හන්තාන CD එකක්.. චූටි කරා කිවේ CD එකට කොම හරි ඔබාගන්නත් එපැයැ.. ඉතිං කලේ XFCE කියන අතුරු මුහුනත දාලා.. අද්‍යාපණික මෘදුකාංග දාලා..
           විශේෂයෙන්ම මේක වැදගත් වෙන්නෙ ඉස්කෝල වලට.. මොකද ඉතිං ඉස්කොල වල තියෙන මැශින් ගැන දන්නවානේ..(මහන මැශින් නෙවේ මේ කොම්පීතර් :D ) අන්තර්ජාල පහසුකම් නැ.. වෙන ලිනක්ස් OS එකක් දැම්මට Mp3 බලන්න බැ.. ඔය යාලුවෝ එක්ක අනම් මනම් Video බලන්න බැ ;-) නේද ? :P        අනික ඉතිං ඉස්කොලේ මැසිමකින් මොනා හරි ඉගෙන ගන්නවා නම් ඉතිං අඩුගානේ පිරියඩ් 8 ම කට්කරගන්න බලාපොරොත්තු වෙන්ටෝන...මොකද මැශිම ලෝඩ් කරගන්න පිරියඩ් එකයි.. මෘදුකාංගේ ලොඩ් වෙන්න පිරියඩ් එකයි.. චිත්‍රයක් ඇන්දා කියමු.. ඒක අදින්න පිරියඩ් 4 දාමු.. ඔන්න ඇදලා සෙව් කරන්න පිරියඩ් එකයි.. ක්ලොස් කරන්න පිරියඩ් එකයි.. ශට්ඩවුන් කරන්න නම් තිං ;-) තත්පරයයි.. (බිත්තියෙන් ඔෆ්කරන්න බැරියැ :P හිහ් හිහ් හිහ් )
       මොනා උනත් ලංකාවේ ආර්තිකේ හැටියට හැම පාසලකටම ලොකු ලොකු මැශින් දෙන්න බැහැනෙවැ.. අනික ඉතිං එව්වාට දාන මෘදුකාංග වලට ඊට වඩා වියදම් දරන්ට එපැයැ ;-)
ඉතිං ඔය IT (Itin Takaran) කරද්දි බනියලත් ඔය දුක්ක දෝමනස්සයන්ට මූන දුන්නා... ඒ වගෙමයි අපි පිහිටවා ගත්තු SLUG (දක්ශිණ ලිනක්ස් සංසදය) එකෙන් කල ලිනක්ස් වැඩමුලු වලටයි ගියාම අන්තර්ජාල පහසුකම් නැති උනාම එන කට්ටයි නිසා..  අපිටම කියලා මෙහෙයුම් පද්දතියක අවශ්‍යතාවය අපිට ආවා.. ඉතිං ඒක නිසා ඩනිශ්ක අයියාගේ අදහසකට අනුව අපි හන්තාන ලිනක්ස් LiveCD එකක් විදියට දොරට වැඩම්මව්වෙ..

දැන් මේ ඔක්කොම තව තවත් දියුනු කරලා Live DVD එකක් නිකුත් කලා..
එකෙනම් තියෙන්නෙ Gnome කියන අතුරු මුහුනතයි KDE කියන එකයි.. තව අලුතින්ම ආව Gnome Shell කියන එකයි.. (මං නම් පුද්ගලිකව කැමති Gnome වලට :)

ඉතිං මේකේ හිතාගන්න බැරි තරම් මෘදුකාංග දාලා තියෙනවා..  ඔයාලත් උස්තාහා කරලා බලන්න... මෙන්න මෙතනින් බාගන්න පුලුවන්..
මේක පිලිබද
වැඩිවිස්තර දැන ගන්න ඔනි නම් මෙතන බලන්න

ඉතිං රු 60000/= විතර මිල කරන පොඩි මැශිමකට.. තව රු50000/= ක් විතර මෘදුකාංග වලට වියදම් කරලා රජයේ පාසල් වලට දෙන මැශින් වලින්.. ඔය මෘදුකාංග වලට යන වියදම අඩු කරන්න ලිනක්ස් දැම්මොතිං තව එක පාසලකට හරි IT ලැබ් එකක් දෙන්න පුලුවන් නේද ?


බලාබලාලාබලාලබාබලා.....

මේ ගැන වැඩි විස්තර දැන ගන්න ඔන්නම් මෙන්න මෙතනින් ගිහිල්ලා ඩනිශ්ක නවින් අයියාගේ බ්ලොග් එකේ බලන්න..ඩනිශ්ක අයියා තමා මෙකේ මුලසුන අරගෙන වැඩ කරන්නෙ.. බනියත් හන්තාන එකට සම්බන්දයිලු.. මොනා කරනවද කියලා බනියා නම් දන්නැ..

ඒ වගේමයි හෙන සෙටාර් එකක් මෙක වටේ ඉන්නවා.. :-D දැනට ඉස්කෝල 3-4 ක්ම සම්පුර්ණයෙන්ම පාවිච්චි කරන්නෙ හන්තාන.. ඒ වගේම  ඉන්ටර්නෙට් කැෆේ 2 ක් විතර තනිකරම හන්තාන :-)

ඉතිං ඒ ආඩම්බරයත් හිතේ තියාගෙන මං සමුගන්නවා.. ඉතිං ඔයත් උත්සාහ කරලා බලන්න.. මොනා හරි ගැටලුවක් තියෙනවා නම් ඩනිශ්ක අයියාම අල්ල ගන්න හොදේ :P මං නම් ඉතිං බිසි නෙවැ :P

ආ අමතකම උනා.. මේක ඩවුන්ලොඩ් කලා කියලා සතයක්වත් ඔනේ නැ හොදේ  :D පුලුවන් නම් යාලුවන්ටත් බෙදලා දෙන්න.. ඉස්කොලේ ගිහිල්ලා හොරාට ඉස්කොලේ මැශිමකටත් දාන්න.. සර් හො මිස් කවදාවත් බනින එකක් නැ :-)
(බැන්නත් මටයැ :P :P :P )

පා:ලි: ඉදිරියට හන්තාන මත ඉදන් වැඩ කරගන්න විදියේ පොඩි පොඩි බ්ලොග් පොස්ට් ටිකක් දාන්නයි කල්පනාවා.. ඔය අලංකාර කටයූතුවලට කැමතියි නෙවැ.. හෙනම් රැදී ඉන්න බනී එක්ක.. අපි කැපුනා

හෙනම් ටටා..!!