Thursday, November 3, 2011

චන්ද්‍රමඩුළු යට සුරංගනාවන්..

හැමදාම මගේ වාද බයිල අහන නිසා මං මේ නිකමට වගේ සිංදුවක් ගැන ලියන්න හිතුවා.. :D මං මේක තෝර ගත්තෙ මේකෙ තේරුමට වඩා රසවත් වගේම වැදගත් කතාවක් මේක තුල තියෙන නිසා.. ගොඩක්ම සරළ ගීතයක් නිසා ඔනිම කෙනෙක්ට සිංදුව දැක්ක ගමං තේරුම තෙරෙනවානේ..
මේකෙ ඇත්ත කතාව මේකයි..
එක එක විද්‍යාත්මක පරීක්ශණ වලින් ඔප්පු වෙලා තියෙනවා.. පොඩි ළමයින්ට බොරු කියලා නලවන එක අන්තිම නරක ප්‍රතිඵළ ගේන වැඩක් කියලා.. ඒත් අම්මලා තාත්තලා කොහොම හරි බලන්නෙ මර ලතෝනි දීලා අඩන එකා කොහොම හරි නිදිකරව ගන්නනේ :D නමුත් මහින්ද අල්ගම මහත්තයා මේක හරි අපූරු විදියට ගීතයකින් පැහැදිලි කරනවා.. පොඩි ළමයින්ට බොරු කියලා නලවන්න ගන්න මහන්සියට වඩා එක පාරින්ම ඇත්ත කියලා නලවන්න පුලුවන්..
      මට ඕකට ඇසින් දුටු සාක්ශියක් විදියට තියෙන්නෙ අපේ ලොකු අම්මාගෙ ලොකු පුතාගේ පුතා.. අවු 3 දි විතර වගේ මට මතකයි.. බෙහෙත් බොන්න අදි මදි කරනවා.. ලොකු අයියා අවා.. ලගට කතා කරලා කිවා පුතේ.. මේ බෙහෙත් හරිම තිත්තයි.. ඒත් ඔයාට සනීප වෙන්න නම් බොන්නම වෙනවා කියලා හරි ආදරයෙන් කිවා.. මෙන්න කොල්ලා දඩස් ගාලා ගිහින් ඉල්ලගෙන බෙහෙත් ටික බීවේ.. මං උඩ ගියා මේ මොකද උනේ කියලා.. :D
     ඒ වගේම තමා අපේ මල්ලිත්.. ඌට කියලා දෙයක් කරගන්න නම් ආදරෙන්ම කතා කරන්න ඔනි.. මෙහෙ වරෙන් යකෝ කිවොත්.. ජීවිතෙට කරන්නැ.. :D

හැබැයි මට තව අවුලක් තියෙනවා.. මේ සිංදුව ලියලා තියෙන්නෙ 1970 ගනන් වල වගේ.. ඒ කාලේ ඕක විද්‍යාත්මකව ඔප්පු උනා නම්.. ඇයි තාමත් අම්මලා තාත්තලා බොරු කියලා ළමයි නිදිකරවන්නෙ ? 


සිංදුව අහලා බලන්න.. හරි අපූරු සිංදුවක්.. 



චන්ද්‍රමඩුළු යට සුරංගනාවන්
දූ සනහන්නට කතා කියනවලු...
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැළවිලි ගී මමයි කියන්නේ...

රන් තැටියට කිරි පැණි පුරවාගෙන
හදහාමී දූ බලන්න එනවලු...
දුවේ එපා ඒ කතා අහන්නට...
හඳහාමී කෙලෙසද මෙහි එන්නේ

කිරි මුට්ටිය නුඹෙ ඟගේ ගියාලූ
ඟගට උඩින් කිරි කොක්කු ගියාලූ...
දුවේ එපා ඒ කතා අහන්නට
මමයි නුඹට ලේ කිරිකර දෙන්නේ...
 
දූ අල්ලන්නට හැන්දෑ යාමේ
මල්ලක් අරගෙන බිල්ලෙක් එනවලු...
ධීර දුවේ මා බිය නොම වන්නේ
සිහළ ලෙයයි නුඹ සිරුර දිවෙන්නේ...

චන්ද්‍රමඩුළු යට සුරංගනාවන්
දූ සනහන්නට ගීත ගයනවලු...
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැළවිලි ගී මමයි කියන්නේ...


පද රචනය - මහින්ද අල්ගම.
සංගීතය - නන්දා මාලිනී.

මොකද දන්නැ සිංදුවේ video එක මෙතැන දාන්න බැහැ.. ඒක නිසා මේ link එකෙන් ගිහින් බලන්න...