Showing posts with label Trix. Show all posts
Showing posts with label Trix. Show all posts

Thursday, August 30, 2012

සාස්තරේ..

අද හවස අපේ බාප්පා සිරා කතාවක් කිවා.. සාස්තරයක් අහන්න ගිහින් වෙච්ච සීං එකක්..
අපේ මිනිස්සුන්ට සාස්තර කියන එක හරි ලොකුයිනේ.. ඉතිං මේකයි කතාව.
මේක උනේ 1978 විතරලු.. තාත්තලාග වෙළක් තිබිලා තියෙනවා. එකෙ මැණික් ඉල්ලමක් අහු වෙලා.. ඉතිං මිනිස්සු දම්මවලා හාරලා හාරලා.. කිසිම මැණිකක් අහු වෙලා නැහැ.. ඉතිං මේකට මොකද උනෙ කියලා බලන්න ඒකාලෙ සුප්‍රසිද්දම සාස්තර කියන තැනකට ගියාලු සාස්තරේ අහන්න..
ඉතිං ඔන්න බාප්පයි. අපේ තාත්තයි.. තව වැඩ කරපු දෙන්නෙකුයි එක්ක ගිහින් සාස්තරපලට

ඔන්න දැන් ඒ සාස්තර කියන ආච්චි, එහෙනම් මං කියන එව්වා ලියාගන්න පස්සෙ මගෙන් අහන්න එපා කිවෙ මොනාද කියලා දැන් ඔන්න ආරූඩ වෙලා කියන් කියන් යනවාලු..

අච්චි: ඕ මේ අය ඇවිල්ලා ඉන්නෙ නැති වූ යමක් හොයාගෙන.. ඕ ඕ... එහෙම නේද?
තාත්තා: නැනැ එහෙම දෙයක් නෙවේ
ආච්චි: ඕ ඕං ම්ම්ම් මේ ඇවිල්ලා ඉන්නෙ භූමි දෝශයක් ගැන සොයා ගන්න නේද.. ඒ භූමියට කොඩිවිනයක් කරලා තියෙනවා කියලා පෙන්නුම් කරනවා.. ඕ ඕ.. එහෙම නේද?
තාත්තා: නැනැ එහෙම දෙයක් නෙවේ..
ආච්චි: මෙතැන කවුරු හරි මත් වතුර බීපු කෙනෙක් ඉන්නවා ඒකයි මේ හරියට පෙන්නෙ නැත්තෙ..
ඒකාලෙ බාප්පයි තාත්තයි එහෙම බොන්නෙ නැහැලු.. එත් එතැන සැකේට හිටිය කෙනෙක්ව එළියට යවලා..
ඔන්න ආයෙ දැන් අහනවාලු සාස්තරේ හරියන්නැහැමලු

ඉතිං ඔහොම ආච්චි එක එක දේවල් කියනවාලු කියනවාලු.. ඒත් මැණික් ඉල්ලම ගැන වචයනක් කිවේ නැහැලු.. 
දැන් ආච්චිට කේන්ති ගිහින් දෙවියන්ට බැන බැන අහනවාලු.. ඒත් කොහෙත්ම කියා ගන්න බැරි වෙලා.. ඊට පස්සෙ ආරුඩෙන්ම කිවාලු.. සත්‍යක් කියවුනේ නැත්නම් බුලත් පඩුරු අරන් යන්න කියලා.. ඉතිං ආරුඩෙත් ඉවර වෙලා.. තාත්තයි බාප්පයි සල්ලිත් අරන් එළියට ආවාලු..

එළියට එන්න හදද්දි අර ආච්චි ඇහුවාලු..
මුකුත්ම කියවුනේ නැතෙයි?
නැහැ කිසිම දෙයක් කියවුනේ නැහැ කියලා තාත්තා කියලා..
ආච්චි අහනවාලු එහෙනම් මොනා ගැනද අහන්න ආවේ කියලා..
තාත්තා ඒපාර විස්තරෙ කියලා.. මෙහෙම ඉඩමක මැණික් ඉල්ලමක් තියෙනවා ඒත් මැණික් නැ කියලා..

ආච්චි එක පාරටම කිවාලු ඉතිං හත් දෙයියනේ මං භූමියක් ගැන කිවානේ..??

පාලී: කතාව තේරුනේ නැත්නම් 3 වැනි පරිඡ්චේදෙ කියවලා බලන්න!!


වෙලා තියෙන්නෙ තාත්තයි බාප්පයි මැණික් හැරුවාට ඒ ගැන වැඩිය හොයලා නැහැ.. එතැන ඉන්න මැණික් ගැන දන්න එකා.. හොද මැණික් ටික අරගෙන තාත්තට සාමාන්‍ය ගානට වටින ගල් කැලි වගයක් දීලා මාරු වෙල..!!



Tuesday, July 17, 2012

Car Remote Controler එකකට බැටරියක් දාන්න දන්නවද?

අද මම වාහනෙට නැගලා ස්ටාර්ට් කරන්න හැදුවාම මෙන්න මෙහෙම පනිවිඩයක් පෙන්න ගත්තා ඒ විතරක් නෙවෙ warning beep එකකුත් ඇහුනා.. කල්පනා කරලා කල්පනා කරලා මම මගෙ ජපන් භාශාවි පිලිබද දැනුම භාවිතා කරලා මෙක තෙරුම රිමොට් එකේ බැටරිය බැහැලා කියලා සොයා ගත්තා :D

මෙය intelligent remote controller එකක් නිසා වාහනෙට මේක අත්‍යාවශයයි.. ඉතින් අපි බලමු බැටරිය මාරු කරගන්නෙ කොහොමද කියලා
.............................
අම්මෙ තාත්තෙ නැන්දෙ මාමේ අක්කෙ අයියෙ නංගියෙ මල්ලියෙ.. මම අද මේ ගැන ඔබලාට කියන්න හදන්නෙ රිමොට් කොන්ට්‍රොලර්යක බැටරිය මාරු කරගන්නෙ කෙසෙද කියාය.. යම් හෙයකින් මෙම සිඟිති වැඩේට ඔබ සෙවා මද්‍යස්ථාණයකට ගියහොත්. හිරි නොවට්ටා ඔබෙ දත් 2-3 ක් ගැලවිමෙ සම්භාවිතාව වැඩි හෙයින්.. ඔබට මෙය නිවසේදිම රු 80 ත් 100 ත් අතර මුදලකින් කර ගත හැක..

ඔව් පලමුව ඔබ ගන්න ඔබේ සුරතට රිමොට් එක.. බලන්න එහි හතර කොන.. එහි ඇති පිහි තුඩක් හො ඒ හා සමාන දෙයක් දැමිමට තැනක්.. එතැනට දමා රිමොට් එක දෙපලු කරගන්න.. නැත්නම් මෙම tool එක සොයා ගන්න..


(හිරෙන එකට නම් ඔන්න මං වගකියන්නැ පුතෙ..)

එසේ නොමැති නම් බලන්න චූටි ඇන තිබෙන්න පුලුවන්.. ඒවා පරිස්සමට ගලවා ඔබෙ තේ බොන කෝප්පයට දමා ගන්න.. මොකද එම ඇන එහෙ මෙහෙ විසිරෙන බැවින්..
සැයු: ඔබේ තේ කොප්පය වියලිව පිරිසිදුව තිබිය යුතුය!

දැන් ඔබට  එය මෙසෙ දිස් විය යුතුය.. මෙසේ දිස්වෙන්නෙ නැත්නම් ඔබ තවමත් පිහියක් හො අර උඩ තියෙන ටූල් එක සොයනවා විය යුතුය.. නොමැති නම් තාත්තාගෙන් හො බලදාරියෙක්ගෙන් බැනුම් අසනවා විය යුතුමය!



දැන් සිරුවෙන් මෙම බැටරිය ඉවත් කර අලුත් බැටරියක් ගෙන සවිකර (+ - මාරු කරගන්න එපා ඇ)
සිරුවෙන් ගැලවු පලු දෙක එකට තබා.. සවිකර ගන්න.. නිවැරදිව සවි ඌවේ නම් "ටක්" යන හඩක් ඇසේවි..

මෙම ඡායා රූප ලබා ගත්තෙ Honda Insight මාදිලියෙ රථයෙකිනි.. ඔබෙ රථයෙ මාදිලිය අනුව මෙය වෙනස් විය හැක.. ගැටලුවක් ඇතොත් විසේසඤ ද බනි මහතා අමතන්න :P:P 

පාලී: මෙහි කාර් එකක් ගැන සඳන් වෙන නිසා ඔබ වරදවා වටහා ගැනිමෙන් වලකින්න.. මොකද මම කාර් පෙන්නා ගැණු ළමයින් සොයනා කොල්ලෙක් නෙවේ... මට ඇත්තෙ ඔබෙ වටිනා දත හා කාලය ඉතිරි කර දිමෙ අහිංසක පරම චේතනාව පමණි.. :D




...

Saturday, January 21, 2012

මගෝඩි මැණිකා

මේකත් අර මගෝඩි මැණිකාගෙ කතන්දර ටිකක්.. මගෝඩි මැණිකා එපිසොඩ් 1ක කියෙව්වෙ නැත්නම්.. හොයාගෙන බලන්න.. මේ ලිපියට පස්සෙ, ලිපියට, පස්සෙ ලිපිය :D :D (link එක දැම්මාම මුං කම්මැලි වෙනවා) :D

මං කිවානෙ මේ මැණිකා කියන පොර රටෙ හැම තැනකම වගේ එක එක රස්සාවල් කරලා තියෙනවා කියලා, ඒ රස්සාවල් අතරට එකතු වෙන්න ඔනි තව එකක් තමා මූ "සුදුවා" පෙරලා.. එහෙම නැත්නම් ඔය කවුරුත් දන්න "කසිප්පු"
           ඔය කසිප්පු පෙරන එකත් ලොකු ගේමක් දීලා කරන්න ඔනි ජොබ් එකක්නෙ.. ඒ වගෙම හැම අතින්ම දක්ශ වෙන්ඩ ඔනි, තාක්ශණික දැනුම, කිරුම් මිණිම් කටයුතු, වගේම මලල ක්‍රීඩා වලට දක්ශ වෙන්න ඔනි, 
තාක්ශණික දැණුම ඔනි වෙන්නෙ ඕවා පෙරන ක්‍රියාවලියට..  කිරුම් මිණුම් වැඩ ඔනි වෙන්නෙ. ඕවා පෙරද්දි දාන මැරිච්ච සත්තු, නරක් වෙච්ච පළතුරු, සීනි වගේ දේවල් කිරලා මැණලා දානෙක..
දැන් ඉතිං මේක කියවන අපේ ටියුබ් ලයිට් බබාලා බලනවා ඇති මොකටද මේ  මලල ක්‍රීඩා ඔනි වෙන්නෙ කියලා..  ඔය මලල ක්‍රීඩා වලිං මේකට අවශ්‍ය වෙන්නෙ දෙජාතියයි.. ඒ තමා ගම හරහා දිවීම ඉසව්ව හා බර ඉසිලීම ඉසව්! ගම හරහා දුවන්නෙ ඉතිං කාකි කබායක් දැක්කොත් කියලා අමුතුවෙන් කියන්ඩ ඔනි නැනේ.. බර උස්සන්න ඔනි වෙන්නෙ ඔය පෙරන ජාති  කිසි ගේමක් නැතව උස්සං එහා මෙහා යන්න.. ! ඔය කාකි කබා නැතිව නිකං සරං කෑල්ලක් ගහන් එන අයත් ඉන්නවාලු.. ඒවා නම් ඔට්ටු නෑ නේද ?
ඔන්න වැඩ බැරි උනත් ගම ගාල්ලෙ කියලා, නරක කෝචොක් කරන උන්ට හූවක් තියලා පස්ස පැත්ත කරකවලා පෙන්නන්න පුලුවං මට දැන්..! මේ ලගදි පත්තරෙ තිබ්බා අපේ ගම කිට්ටුව ඉස්කොලෙක පරන ටොයිලට් වලක කසිප්පු වගයක් තිබිලා අහු උනා කියලා.. (නැනැ කසිප්පු වල ඇතුලෙ ඉදන් පෙරලා නැ.. පෙරපුවා හංගලා තියෙන්නෙ වල ඇතුලේ)
ඒකෙ හොදම හරිය වෙන්නෙ මෙතෙක් කල් පාරම්පරිකව ආපු තඹ බට තාක්ශණය වෙණුවට මිලෙන් අඩු රේඩිරේටර් වගයක් භාවිතා කරලලු සිසිලන වැඩ වලට.. කෝම කලාද කියලා නම් මම් දන්නැ ඔන්න..!
     දැන් තාම මාරම සීං එක වෙන්නෙ.. මේ කතාවට කසිප්පු කතාවක් ආවෙ කොහොමද ? ඒක ගනන් ගන්න එපා ඒක වෙනම කතාවක්.. ඔය දන්නැති උදවියට දැනගන්න තමා කීවෙ.. මේවා බලලා google කරලා එහෙම හොයනවා නෙවෙ කසිප්පු පෙරන්න ඕං!! :D
දැන් ඔයා ඔය කසිප්පු සීං එක හිතෙන් අයින් කරගන්ඩ හරිද.. මොකද මං කතාව කියන්න යන්නෙ..

ඔන්න අපේ කතා නායකයා.. කවුද ? කසිප්පු ? නැඈඈඈඈඈඈඈ...  මැණිකා මැණිකා..! ඉතිං ඔන්න ඔය මැණිකා උන්නාලු පිටකොටුවෙ පෙව්මන්ට් එකේ කඩේක..  හරිද ? ඉතිං මේකා  කරන තරමක් කරන්නෙ මගෝඩි වැඩනේ... ඔන්න දවසක් මේකලාට බොන්න නෑලු, නුවරින් ඇවිත් පෙව්මන්ට්‍ එකෙ බඩු විකුණන උං සෙට් එකක් ඉන්නවාලු.. මුං බොන්නෙ හොද හොද ස්පෙශල් බ්‍රැන්ඩ්ලු..  මුංට දැන් ඉරිසියාවෙත් බැහැලු, ඇයි දෙයියනේ මුං වේලෙනවා. අරුන් බොනවා..
බලං ඉන්න බැරිම තැන මැණිකයි උගෙ යාලුවො ටිකයි ගහලා ප්ලැන් එකක්, මුං කරලා තියෙන්නෙ හිස් අරක්කු බෝතලයක් අරං ඒකට කහට දාලා, දැන් අර නුවරිං ආපු උං කිට්ටුව තියං බොනවාලු, කලිං ප්ලැන් කරගත්ත විදියට  2-3 දෙනෙක් යැව්වාලු වැඩකට..

ඔන්න එක පාරටම අර කලින් යවපු සෙට්‍ එක දුවගෙන එනවාලු.. ඒ.... පොලීසියෙන් පොලීසියෙන් කියලා.. ඉතිං මැණිකයි අර කහට බිබි හිටපු අනික් උණුයි දුවන්න අරං.. ඒක දැකපු නුවර උණුත් අර ඔක්කොම ජාති ටික දාලා දුවලා.. ඉතිං රවුමක් ගහං ආපු මැණිකලාගේ සෙට් එක අර නුවර උංගෙ බෝතල් සිගරට් බයිට්‍ටික අරන් උංගෙ කාඹරේට මාරු වෙලා... :D

.........

ඔන්න තව දවසක් ඒත් අර උඩ විදියටම මැණිකලා සෙට් එක වේලෙනවාලු.. කොරගන්න දෙයක්ම නැලු.. බිස්නසුත් අන්තිම සවුත්තුයිලු.. මුංගෙ අතීජාත මිත්‍රයෙක් ඉදලා තියෙනවා හාවා කියලා, (මේ මං හාවා නෙවේ ඕං) කොළඹ හෝටලේක  තමා වැඩ කරලා තියෙන්නෙ.. මේ හොටලේ අයිති සුද්දෙක්ටලු.. ඉතිං මේ සුද්දා හරිම බය එකෙක්ලු අනිවින කොඩිවින කියන දෙවල් වලට.. එදත් මුං ටික ප්ලැන් කරලා සුද්දාව අංදලා ගානක් කඩා ගන්න.. මුං කරලා තියෙන්නෙ කහ නූල් වගේකුයි මල් ටිකකුයි තව පොඩි බෝතලේකුයි ගෙනැල්ලා සුද්ද නිතර යන එන හොටලේ තැනක තියලා..
ඉතිං මේක දැක්ක සුද්දා අම්බානෙක බය වෙලා.. දැන් අර හාවාට දහ අතේ වදිනවාලු මොකක් හරි කරන්ඩ කියලා.. මූ කියලා ආ මේකට අපේ ගමේ නියම ඇදුරෙක් ඉන්නවා.. මං ඌ එක්ක එන්නම් කියලා.. ඉතිං සුද්දත් එක පයින්ම කැමති වෙලා මූට ගමනට යන විය හියදම් එහෙම දීලා  :D
ඉතිං මූ ඕකත් අරන් ඇවිත් මැණිකලා එක්ක හොදට බීලා..
ඉතිං දැන් කොඩිවිනේ කපන්නත් එපැයැ, කෝ ඇදුරෙක් ? මුං කරලා තියෙන්නෙ මැණිකාව ඇදුරා කරලා.. අර සුද්දා දන්නවද ඔය මංතර යංතර ගුරුකම්.. ඉතිං මැණිකා ඇවිල්ලා හෝ ගාලා වැඩ පටන් ගෙන කොඩිවිනේ කපන්න.. ඉතිං ඔහොම පැය භාගයක් විතර බොරුව කරලා.. අන්තිමට වැඩේට 50000 ක් ගත්තාලු..
මුං මාස ගානක් කිසිම කරදරයකින් තොරව ඉදලා තියෙනවා සුද්දාට පිංසිද්ද වෙන්න :D

මං නම් මේ වගේ දංත ඩොකෙක් දැකලම නැ :D

එහෙනම් ඉතිං අපි ගොහින් එන්නම්..
බග්ස් බනී...!!


.

Thursday, January 19, 2012

රිප්ලයි ත්‍රෙඩ්..

දැන් අලුත්ම  ත්‍රෙඩ් එක තමා ඔය බ්ලොගර් වල රිප්ලයි බට්න් එක..
            එක දවසක් උදේක නිකං කල්පනා උනා බ්ලොග් එකේ රිප්ලයි කරන්න ලේසි ක්‍රමයක් තිබ්බා නම්
wordpress.org වල වගේ කියලා.. ඉතිං එහෙම කල්පනා කරද්දි නිකං ගූගල් කරලා බැලුවා.. මෙන්න තියෙනවා එළ එකක්..  ඉතිං දාලා බැලුවා.. මරු ඒක.. හැබැයි කමෙන්ට් එකකට රිප්ලයි කරාම.. ආයෙ රීලොඩ් වෙලා එන කොට නම් එපා වෙනවා.. :-/ නමුත් වරදකුත් නැ.. ටිකක් ෆන් ගත්තැහැකි රිප්ලයි වලදි ;)
මෙන්න හවස් වෙද්දි සෝරොවා කියනවා උගෙ බ්ලොග් එකට ඉබේම ඇවිල්ලාලු ඔය රිප්ලයි බට්න් එක.. මේකා බොරුවක් කිවාවත්ද ? එත් 2-3 ක් බලද්දි බ්ලොග් වලට මෙක ඇවිල්ලා O_o
Google ලා මගේ ස්ටේට්‍ එක කියෙව්වා වත්ද ?  :D
ඒ වෙනකොටත් මම 3-4 දෙනෙක්ගෙම බ්ලොග් වලට ඕක දාලා දීලා තිබ්බෙ..(දාලා දුන්නා කියන්නෙ තිං ලිංක් එක දුන්නා ;)

නිකං වාදබයිල මොකටද දාන විදිය එකින් එක පිලිවෙලට බලමු



01:මුලින්ම ඔයා මේකට යන්න


http://www.bloggertrix.com/2011/11/how-to-add-reply-option-to-blogger.html

02: ඒකේ කියලා දීලා තියෙන විදියට කරන්න

දැන් හරිනෙ
මෙහෙම තමා දාන්නෙ.. :D

ඒ හැටි අමාරුවක් නැනේ.. බලන්ඩකො කරලා .. ලේසි වැඩක්.. :D



බොහොම අමාරුවෙන් ලිපිය ටයිප් කලේ.. කෝඩ් එක දාන්න එහෙම හෙන කට්ටක් කැවා :P
ලයික් කරලා කමෙන්ට් කරලා ශෙයාර් කරලා යන්ඩ ඇ.. :D
අවුලක් උනොත් වහාම හාවා අමතන්න..!! :D


Thursday, August 18, 2011

උඹට කෙල්ලෙක් ඕනෑමනම් හොයලා දෙන්නම්කො...!

ඔන්න ඔහොමයි හිට් වැඩි කරගන්න පුලුවන් ජාතියේ මාතෘකා දාන්නෙ.. තෙරුනානේ ? :D
(තාත්තා බැන්ඩ් එකේ මං ආස කරන සිංදුවක..(අරාබිය) චූටි කොටසක් ඔය..)

මාතෘකාව වගේම.. අන්තර්ගතයත් හොල්සිම් වගේ ඉස්තරම් වෙන්ටොන.. ඒක නිසා මෙහෙම කියන්නම්.. මේක..
කෙල්ලෙක් යාලු කරගන්න කොට ඇත්තටම මේක මාර වැදගත් වෙන ටිප් එකක්.. හොදට අහගන්න..

අපි දැන් හොද ලස්සන හුරුබුහුටි.. රූමත්.. cute  කියලා හිතෙන කෙල්ලෙක් දැක්කාම.. නිකං මොකදෝ වෙනවානේ ? නේද :D සෝ එයා In a relationship නෙවේ නම්.. මෙන්න ෆෝන් නම්බර් එක දෙන්න උපක්‍රමයක්.. :D


 මුලින්ම ඔයා එයා චැට් එකට ඇදලා ගන්ටොන.. හරිද.. ඊට පස්සෙ.. බයිලා ටිකක් ගගහා ඉන්නවා.. (key කඩනවා) (not mal) ඊට පස්සෙ..  මොකක් හෝ දෙයක් ගැන වලියක් දාගන්නවා.. අපි චැට් එකක් ආකාරයෙන්ම  මේක පැහැදිලි කර ගම්මු..

කෙල්ල : හූම්...
කොල්ලා : මූකලං බස්සි..
කෙල්ල: නැනැ Eagle..
කොල්ලා: එහෙමනම් ඊගල් වගේම කැ ගහන්න..
කෙල්ල: ක්‍රැක් ක්‍රැක්..
කොල්ලා: අෆෝ කාක්කෙක් වගෙනේ.. :D
කෙල්ල: එහෙමනම් කොමද කැ ගහන්නෙ හරියටම ?
කොල්ලා: ඒක චැට් එකේ කියන්නෙ කොහොමද  ?
කෙල්ල: ඒකනේ..
කොල්ලා: හා ඔයා කැමති නම් මට කෝල් එකක් දෙන්න එහෙනම් 071 92##### (වැදගත් නම්බරයක් මේක හරී) :D
 

කෙල්ල: :P
..................................................
ඔන්න ඔහොමයි.. දැන් පැහැදිලිනේ ? කෙල්ල කැමති නම්.. අනිවා කෝල් එකක් දේවි.. :D අත්දුටුවයි..ප්‍රත්‍යක්ශද මංදා :D
කරලා බලලා රිසාල්ට් එක කියන්නකො :D

සෑයූ : මේක නංගිලා.. අක්කලා නම් අත්හදා බලන්න ගිහින්.. තියෙන යාලු කමුත් නැති කරගන්න එපා ඔන්න :D මොකද අද කාලේ කෙල්ලෙක් නම්බර් එක දුන්නොත්.. අනිවා ඒ කෙල්ල වල් කෙල්ලෙක්..ගානට දානවානේ..  සෝ එහෙම උනොත්.. මේ හාවා වගකීම බාරගනු නොලැබේ.. :D






















එහෙනම් අපි කැපෙනවා..
හැපි මල් ටයිම්.. :D

Piratebunny






.

Wednesday, July 6, 2011

කෑම රෙසපි අඩංගු බ්ලොග් වල අප්සැට් කමෙන්ට්ස් සඳහා විසදුමක්.....

     මේක මං සියලුම බ්ලොග් පාඨකයින් උදේසා ගත්ත තීරණයක්.. මේ දවස් වල ගොඩක් අය කතා කරන මාතෘකාව තමා.. කෑම ජාති හදන එක..
        ඔය මාරයා අයියා හිටපු ගමන් දාන කෑම ජාති හදන එව්වා එහෙම.. ඊලගට ගියාම හරේ අයියාගේ සෝස් හැදිල්ල.. හා අද හවස මං දැක්කා.. නලියා.. ලියලා තිබ්බා චිලිපෙස්ට් එකක් හදා ගන්න විදිය ගැන..  ඕක දැක්ක ගමන්ම මට හිතුනා මේ පොස්ට් එක ලියන්න ඕනෙමයි කියලා..  වෙන මුකුත් නෙවේ.. මේක ඇවිල්ලා ස්පෙශල් බීමක්.

අපි බලමු හදාගන්න විදිය...

අවශ්‍ය ද්‍රව්‍ය -

සියඹලා
වියළි මිරිස්‌ කරල් 2-3 ක්
ගම්මිරිස්‌ ඇට කිහිපයක්‌
සුදුලූනු

කරපිංචා
සූදුරු කොත්තමල්ලි ස්‌වල්පයක්‌
උම්බලකඩ
රතු ලූනු
ගොරකා බික්‌ 2 ක්‌ 3 ක්‌
ලුණු


සාදා ගන්නා ආකාරය෴
 
සියඹලා හෝදලා කියලා.. ඉස්ම ගන්න
මිරිස්‌, ගම්මිරිස්‌, සුදුලූනු, කරපිංචා, සූදුරු, කොත්තමල්ලි සියල්ල මිරිස්‌ ගලේ අඹරා රතු ලූනු, ලුණු, උම්බලකඩ හා ගොරකා දමා තම්බා ගන්න.
 

දැන් ඔන්න මේක බොන්න පුලුවන්.. ඔය එන බඩේ අමාරු වලට කියාපු විසදුම.. අර කාපු බීපු ජහ ජරාව ඔක්කෝම සුද්ද වෙලා යනවා.. 

ආ මේකේ නම තමා.. තැම්ඹුම් හොද්ද..

ඉතිං ඔය බ්ලොග් වල කෑම වට්ටෝරු දාන අයට දැන් පුලුවන් අවාසනයෙදි.. මෙකේ ලිංක් එක දාන්න හෝ.. මේක කොපි පෙස්ට් කරලා දාන්න.. උප මාතෘකාවක් යටතේ.. මෙන්න මෙහෙම...

වැරදිලාවත් අප්සට් උනොත්...!!!
                       මෙතැනට යන්න/ මෙහෙම කරන්න..


......................................................................................................................


පාලී: කතාවක් තියෙනවා මේ තැම්ඹුම් හොද්ද ආශ්‍රිතව.. එකත් මතක් කරන්නම්කෝ..


"ඉස්සර කාලේ අම්මලා පුතාලාට කියනවාලු.. පුතේ.. උබ කවදහරි ගේන ගෑනී, කිරි හොද්දක් හදන්න හරියකට දන් නැත්නම්.. අඩුම ගානේ තැම්ඹුම් හොද්දවත් හදන්න දන්නවද කියලා බලලා විවාහ කරගනින් කියලා"

හික් හික්.. ඔවා එහෙම අහලා.. යාලු වෙලා ඉන්න වෙන්ඩ නොනා එක්ක රන්ඩු කරනවා එහෙම නෙවේ ඕං.. දන් නැත්නම්  මේ රෙසැපිය ලියලා දෙන්ට බැරියැ :D :D

විශේෂ ස්තූතිය නදීකා අක්කා.. (හදන විදිය කිවේ එයා තමා :D)


එහෙනම් ආයුබෝවන්.. අපි කැපුනා.. !!!

PirateBunny෴

.

Tuesday, June 28, 2011

blog එකේ හිට්ස් වැඩිකරගැනීමේ ක්‍රම සහ විධි

මේක මගේ ඔලුවට ආවේ.. අර මලින්තයාගේ කතාවක් එක්ක.. මායි සුදාරක මලයයි (අර චූටි එකා) එක්ක ටිවිටර් එකේ පොඩි සද්දයක් දාගෙන ඉන්න කොට..

වැඩේ උනේ මෙහෙමයි.. සුදාරක ගේ ටිවිට් එකකටයි මගේ ටිවිට් එකකටයි.. මලින්ත දාලා තිබ්බා..
මෙන්න මෙහෙම..
Malinthe Samarakoon

අපි 1ක ඉදන් යං...

01. බ්ලොග් එකක් අටව ගතයුතුය.. ටෙම්ප්ලට් එක බලන එකා අංඤකොරොස් වෙලා යන්න තියෙන්ටොන

02. මෙකේ ඇඩ් 100-200 දැම්මට අවුලක් නැත. (කියක් හරි එනවා නම් මොකද නේද ? ) :D

03. පොස්ට් වල නම් එච්චර ගුණාත්මක බවක් ඇවැසි නැත.. (අලුත්ම ක්‍රමේ ඔය බයිලා ගහපු බ්ලොග් එකකිං සුරුස් ගාලා හොරකම් කරලා දාන්නත් පුලුවන්..නැත්නම් google කරලා, එක්කෝ yahoo සර්ච් පාරක් දාලා මොකක් හරි සොෆ්ට්වෙයාර් කැල්ලක විස්තර එක්ක තඩී පොටො එකක් දැම්මාම මදැ.. ඔන්න පොස්ට්)

(වැදගත්ම ටික)

04. කාගේ හරි බ්ලොග් එකක් අල්ලලා හොදට බැනලා පෝස්ට් එකක් දාන්න..

05. බ්ලොග් ලියන උන්ගේ, අඩුපාඩු, සොශල් මිඩියා වල අඩුපාඩු දාලා පොස්ට් එකක් දාන්න

06. බ්ලොග් ලියන උන්ට ඇනෙන්න පොස්ට් එකක් දාන්න (මෙක නම් සුදාරකයාගේ ප්‍රර්්‍යේශණත්මක වචනයක් :D )

07. තමන්ගේ ආගමේ තියෙන අඩුපාඩුවක්.. හෝ මොකක් හරි ජනප්‍රිය කතාවක වචනයක් දෙකක් සැරට ලියලා.. දාන්න..

08. තමන්ගේ දුක කියලා ඇඩෙන පොස්ට් එකක් දාන්නත් පුලුවන්. Eg: අනේ මට ලියුකේමියාව වගේ ලු මං මැරේලු :'( (අන්න ඒ වගේ)

09. නිලියකගේ මොකක් හරි ඕප දූපයක් හොයලා දාන්න, ඔය කවුරු හරී ජනප්‍රිය නිලියක් ඔඩෙල් බැග් එකක් අරන් පාරේ ගියා කියලා කිවත් ඇති..  (උඩ කියපු සියල්ලට වැඩියෙන් හිට්ස් එනවා ඒකට)

10. වැදගත්ම දේ මාතෘකාව.. මාතෘකා වලට උදාහරණ ටිකක් දෙන්නම් එවාගෙන් ඉගෙන ගන්න

 i  ආදරය   (ඔබමයි මගේ ජීවේ දාලා යන්නැ වස්තුවේ)
 ii  බුට්      (ඔබට හොද නම් මට මොකද)
 iii  රාගය   (ගැනියෙක් සමග සංසර්ගයේ යෙදිනි) 
 iv හැකින්     (ආතල් එකේ හැක් කරමු) (හැක් කිරිල්ල හෙවත් මරාගෙන කෑම)

11. තියෙන හැම බ්ලොග් එකකම කමෙන්ට් එකකිං ඔයාගේ බ්ලොග් එකේ URL එක දාගෙන යන්න (මරා ගන්නවා බලන්න මේ පැත්තට එන්න) අන්න ඒ වගේ

12. අල්ලපු ගෙදර එකා හරි කමක් නැ සුරුට්ටුවක්, බීඩියක්, ගන්ජා etc.. බොනවා දැක්කොත්.. සුරුස් ගාලා ඔයා කැරැක්ටර් එක මාරු කර ගන්න......
ඒ කියන්නෙ           අල්ලපු ගෙදර "මිනිහා = ඔයා" වෙන්න ඔනේ... ඔන්න දාන්න පොස්ට් එකක්.. මේක බීවා.. අරක බීවා කියලා.. හිට්ස් ඒවි නාන්න...

13. මංත්‍රී මාමා කෙනෙක් හරි රටේ ලොක්කෙක් හරි කරපු හොද දෙයක් ගැන දාන්නත්

14. කුණුහරුපෙන් තමන් හරි ඇනෝනිමස් කමෙන්ට් එකක් දාගන්න..


ඉතිං මේ ටික මදැ.. මේවා කරලා බලන්න.. ආයේ කියන්න දෙයක් නැ.. අවුරුදු ගානක පලපුරුද්ද මත ලියපුවා මෙවා..  හිට්ස් ඒවි එපා කියන්න..  :D


මේවා ලිවා වගේ නෙවේ.. බනියාට මරණ තර්ජනත් එන්න තියෙන මෙව්වා එක වැඩියි.. මොකද මං දැක්කා සුදාරක මලයා අර මලින්තගේ ටීවිට් එකෙන් පස්සෙ මෙන්න මෙහෙම දාලා තිබ්බා.. :D


Supun Sudaraka
අම්මටහුඩු වෙනව. මගේ ඊළඟ පෝස්ට් 10 ඇතුළත ඒ වගේ එකකුත් ලියනව. ;)
 
 
PirateBunny..෴ 
 
.