Showing posts with label Linux. Show all posts
Showing posts with label Linux. Show all posts

Sunday, March 20, 2011

Hanthana Linux zzzz :-D

         මේක මේ කාලෙක ඉදන්ම දාන්න උන්න පොස්ට් එකක්.. කොහෙද ඉතිං අර වඩුවාගේ ගෙදර පුටුව නැ.. බාලගිරි දෝසේ අද නෙවේ හෙට වගේ කල් දම දමා උන්න එකක්.. (වෙන මුකුත් නෙවේ කම්මැලිකම)


ඉතිං අවසරයි.. මා මෙතනට පැමිණියේ හන්තාන ලිනක්ස් සම්බන්දයෙන් වචන ස්වල්පයක් ඔබ හමුවේ තැබීමටයි..

         මෙහෙමයි මේකත් ලිනක්ස් පාදක කරගත්තු මෙහෙයුම් පද්දතියක්..
මේකේ බේස් එක කරගත්තෙ අපි fedora කියන මෙහෙයුම් පද්දතිය.. විශේෂයෙන්ම මේක ගන්න හේතු උනේ ආරක්ශාව අතින් ටිකක් තදේට ඉන්න නිසා :-D   ඊලගට අපි මේක තව චූටි කරලා හැදුවා හන්තාන CD එකක්.. චූටි කරා කිවේ CD එකට කොම හරි ඔබාගන්නත් එපැයැ.. ඉතිං කලේ XFCE කියන අතුරු මුහුනත දාලා.. අද්‍යාපණික මෘදුකාංග දාලා..
           විශේෂයෙන්ම මේක වැදගත් වෙන්නෙ ඉස්කෝල වලට.. මොකද ඉතිං ඉස්කොල වල තියෙන මැශින් ගැන දන්නවානේ..(මහන මැශින් නෙවේ මේ කොම්පීතර් :D ) අන්තර්ජාල පහසුකම් නැ.. වෙන ලිනක්ස් OS එකක් දැම්මට Mp3 බලන්න බැ.. ඔය යාලුවෝ එක්ක අනම් මනම් Video බලන්න බැ ;-) නේද ? :P        අනික ඉතිං ඉස්කොලේ මැසිමකින් මොනා හරි ඉගෙන ගන්නවා නම් ඉතිං අඩුගානේ පිරියඩ් 8 ම කට්කරගන්න බලාපොරොත්තු වෙන්ටෝන...මොකද මැශිම ලෝඩ් කරගන්න පිරියඩ් එකයි.. මෘදුකාංගේ ලොඩ් වෙන්න පිරියඩ් එකයි.. චිත්‍රයක් ඇන්දා කියමු.. ඒක අදින්න පිරියඩ් 4 දාමු.. ඔන්න ඇදලා සෙව් කරන්න පිරියඩ් එකයි.. ක්ලොස් කරන්න පිරියඩ් එකයි.. ශට්ඩවුන් කරන්න නම් තිං ;-) තත්පරයයි.. (බිත්තියෙන් ඔෆ්කරන්න බැරියැ :P හිහ් හිහ් හිහ් )
       මොනා උනත් ලංකාවේ ආර්තිකේ හැටියට හැම පාසලකටම ලොකු ලොකු මැශින් දෙන්න බැහැනෙවැ.. අනික ඉතිං එව්වාට දාන මෘදුකාංග වලට ඊට වඩා වියදම් දරන්ට එපැයැ ;-)
ඉතිං ඔය IT (Itin Takaran) කරද්දි බනියලත් ඔය දුක්ක දෝමනස්සයන්ට මූන දුන්නා... ඒ වගෙමයි අපි පිහිටවා ගත්තු SLUG (දක්ශිණ ලිනක්ස් සංසදය) එකෙන් කල ලිනක්ස් වැඩමුලු වලටයි ගියාම අන්තර්ජාල පහසුකම් නැති උනාම එන කට්ටයි නිසා..  අපිටම කියලා මෙහෙයුම් පද්දතියක අවශ්‍යතාවය අපිට ආවා.. ඉතිං ඒක නිසා ඩනිශ්ක අයියාගේ අදහසකට අනුව අපි හන්තාන ලිනක්ස් LiveCD එකක් විදියට දොරට වැඩම්මව්වෙ..

දැන් මේ ඔක්කොම තව තවත් දියුනු කරලා Live DVD එකක් නිකුත් කලා..
එකෙනම් තියෙන්නෙ Gnome කියන අතුරු මුහුනතයි KDE කියන එකයි.. තව අලුතින්ම ආව Gnome Shell කියන එකයි.. (මං නම් පුද්ගලිකව කැමති Gnome වලට :)

ඉතිං මේකේ හිතාගන්න බැරි තරම් මෘදුකාංග දාලා තියෙනවා..  ඔයාලත් උස්තාහා කරලා බලන්න... මෙන්න මෙතනින් බාගන්න පුලුවන්..
මේක පිලිබද
වැඩිවිස්තර දැන ගන්න ඔනි නම් මෙතන බලන්න

ඉතිං රු 60000/= විතර මිල කරන පොඩි මැශිමකට.. තව රු50000/= ක් විතර මෘදුකාංග වලට වියදම් කරලා රජයේ පාසල් වලට දෙන මැශින් වලින්.. ඔය මෘදුකාංග වලට යන වියදම අඩු කරන්න ලිනක්ස් දැම්මොතිං තව එක පාසලකට හරි IT ලැබ් එකක් දෙන්න පුලුවන් නේද ?


බලාබලාලාබලාලබාබලා.....

මේ ගැන වැඩි විස්තර දැන ගන්න ඔන්නම් මෙන්න මෙතනින් ගිහිල්ලා ඩනිශ්ක නවින් අයියාගේ බ්ලොග් එකේ බලන්න..ඩනිශ්ක අයියා තමා මෙකේ මුලසුන අරගෙන වැඩ කරන්නෙ.. බනියත් හන්තාන එකට සම්බන්දයිලු.. මොනා කරනවද කියලා බනියා නම් දන්නැ..

ඒ වගේමයි හෙන සෙටාර් එකක් මෙක වටේ ඉන්නවා.. :-D දැනට ඉස්කෝල 3-4 ක්ම සම්පුර්ණයෙන්ම පාවිච්චි කරන්නෙ හන්තාන.. ඒ වගේම  ඉන්ටර්නෙට් කැෆේ 2 ක් විතර තනිකරම හන්තාන :-)

ඉතිං ඒ ආඩම්බරයත් හිතේ තියාගෙන මං සමුගන්නවා.. ඉතිං ඔයත් උත්සාහ කරලා බලන්න.. මොනා හරි ගැටලුවක් තියෙනවා නම් ඩනිශ්ක අයියාම අල්ල ගන්න හොදේ :P මං නම් ඉතිං බිසි නෙවැ :P

ආ අමතකම උනා.. මේක ඩවුන්ලොඩ් කලා කියලා සතයක්වත් ඔනේ නැ හොදේ  :D පුලුවන් නම් යාලුවන්ටත් බෙදලා දෙන්න.. ඉස්කොලේ ගිහිල්ලා හොරාට ඉස්කොලේ මැශිමකටත් දාන්න.. සර් හො මිස් කවදාවත් බනින එකක් නැ :-)
(බැන්නත් මටයැ :P :P :P )

පා:ලි: ඉදිරියට හන්තාන මත ඉදන් වැඩ කරගන්න විදියේ පොඩි පොඩි බ්ලොග් පොස්ට් ටිකක් දාන්නයි කල්පනාවා.. ඔය අලංකාර කටයූතුවලට කැමතියි නෙවැ.. හෙනම් රැදී ඉන්න බනී එක්ක.. අපි කැපුනා

හෙනම් ටටා..!!

Tuesday, February 9, 2010

Fedora හි තිරය මත සිදුකරන දේවල් රෙකෝඩ් කරගමු .!

            මෙන්න බනීට තවත් එළම එළ මෘදුකාංගයක් හම්බුනා. මේකෙන් පුලුවන් ඔයාලගෙ කම්පියුටර් එකේ තිරය මත පේන දෙවල් රෙකෝඩ් කරගන්න. මේකේ විශේෂත්වය තමයි සම්පුර්ණයෙන්ම නොමිලේ ඒ කියන්නෙ මේක GPL (GPL-General Public License) ඉතින් කිසි අවුලක් නැ ඔයාට. අනික මේක බොහොම කුඩා මෘදුකාංගයක්. (463 kb ) :D  
ඉතින් මේක පාවිච්චි කරලා ඔයාට එක එක වැඩ කරගන්න පුලුවන්. ඔන්නම් මොනව හරි මෘදුකාංගයක් ගැන පාඩමක් වගේ කරන්න පුලුවන්.

                                හරි හරි අපි මේක install කාරා ගාමුකෝ මුලින්ම.
ඔයා  Terminal  එක අරගෙන එකේ ඔය රතු පාට කල කොටස්  ටයිප් කරන්න


[anushka@Bunny ~]$ su -
Password:******

[root@Bunny ~]# yum install gtk-recordmydesktop


මම දන්න තරමින් මේක Ubuntu මත වැඩ කරනවා. 
එකට මේක දෙන්න

sudo apt-get install gtk-recordmydesktop

(Ubuntu පාවිච්චි කරන කෙනෙක් මේක කරලා බලලා කියන්න වැඩද කියලා හොදේ)


දැන් ඔක්කොම හරි ඊලගට මෙන්න මේකට යන්න..
          
                  Applications > Sound & > Video > gtk-recordMydesktop

ඉලගට මෙන්න මෙහෙම එකක් ඒවී..
 

මේකේන්  පුලුවන් දැන් ඔයාට ඔන දෙවල් රේකෝර්ඩ් කරගන්න. එකට කරන්න ඔන මේකේ තියෙන ඔය Record කියන බොත්තම ඔබන එක විතරයි. ඊට පස්සෙ ඔය තිරය නැති වෙලා යනවා ඔන්න දැන් රෙකෝඩ් වෙනවා.. දැන් ඉතින් මේක නවත්වන්නත් ඔනනෙ.  ඒකට කරන් ඔන ඔයාගේ උඩ තියෙන panel එකේ බලන්න පොඩි Button  එකක් ඇති. අන්න එක උඩ click කරන්


ඊලගට මෙන්න මෙහෙම එකක් ඇවිත් නැති වෙලා යාවී..


 ඊලගට එන එකෙන්   කැමති තැනකට Save කරගන්න.. 
ඔන්න දැන් ඔක්කොම හරි.. දැන් බලන්න සේව් කරපු තැන විඩියෝ එක තියෙනවද කියලා :)


මේකේ තව වැඩක් තියෙනවා. මෙන්න මේ පහල තියෙන කොටසේ මවුස් පොයින්ටර් එක තියලා පහලට අදින්න(මෙතන නෙවේ හොදේ ඔයාගේ මෘදුකාංගයෙ) එතකොට රතු පටින් ඇදේවි.

අන්න දැන් බලන්න රෙකෝඩ් කරලා. මොකද වෙලා තියෙන්නෙ ? ඔයා අර ඇදපු කොටස විතරයි රෙකෝර්ඩ් වෙන්නෙ. 
මේකේ  Advanced කියන කොටසින්  වෙනස්කම් කිපයක් කරගන් පුලුවන්. ඉතින් ඔයාලම අත්හදා බලන්නකෝ...

කොහොමද මේක නියමයි නේද ?
ඉතින් මේ ගැන මොනවහරි කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා හොදේ....
ගියපාරනම් කවුද හොද හාවෙක් මට බැනලා තිබ්බා මම අනුන්ගෙ ඒවා කොපි කරලා දානවා කියලා. ඉතින් මගේ මේ බලොග්  එක බලන ඔයාල දන්නවනෙ මම අනුන්ගෙන් කොපිකරලද නැද්ද කියලා.  ඉතින් මමනම් එවගෙන් සැලෙන්නෙ නෑ :) . හැමදාමත් ඔයාලට වටිනා දෙයක් දෙන්න තමා මම උත්සාහ කරන්නෙ.  අයෙමත් මේ වගේ දෙයක් ලැබුනොත් ඔයාලට අනිවා කියනවා... :) 
  
                        ඉතින් අදට අයුබෝවන්!

                                                                                                Bunny !


..

Tuesday, February 2, 2010

fedora මත පහසුවෙන් ඡායාරූප convert කරමු.

මෙන්න බනීට තවත් එළ මෘදුකාංගයක් හම්බඋනා. මේක ඡායාරුප අපිට කැමති කැමති ප්‍රමානයකට ලොකු පොඩි කරන්නයි,එහි දාරිතාව අඩුකරගන්නයි මේකෙන් පුලුවන්.මේකේ විශේෂත්වය මේකෙ ඔයාට ලැබෙන්නෙ සම්පුර්ණයෙන්ම නොමිලේ. (GPL-General Public License) ඉතින් කිසි  කරදරයක් නැතිව පාවිච්චි කරන්න පුලුවන්.
අනික දාරිතාව අතින් ඉතාම කුඩා මෘදුකාංගයක් (17kb ද කොහෙද :D). මෘදුකාංගය පොඩි උනාට වැඩනම් පොඩි නෑ :) මේකෙන් එක වර පොටෝ 100ක් උනත් එක වර convert කරගන්නත් පුලුවන්.ඔය Flickr වගේ එකකට පොටෝ අප්ලෝඩ් කරනවනම් මේක බොහොම වැදගත් වෙන්න පුලුවන්. 
     වැඩි විස්තර ඔනනම් මෙන්න මෙතන්ට යන්න. 
                                     කතාව ඇති.
                      
     අපි මේක මුලින්ම install කරගමු. ඒ සදහා පහත විදානයන් terminal එකේ ලබා දෙන්න.

[anushka@Bunny ~]$ su -
 Password:
[root@Bunny ~]# yum install nautilus-image-converter



මේ තද නිල් පාට කරපු ටික විතරක් ඔයා terminal එකේ type කරන්න නැත්නම් copy past කරගන්න
(terminal එක මත  past කරනකොට ctrl+Shift+ v යන buttons තදකරන්න)
     

මේක ubuntu වගේ os තුලත් වැඩකරනවා ඇති මම නම් අත්හදා බැලුවෙ නෑ. මේ පහත විදානය Ubuntu පාවිච්චි කරන අයට
         
sudo aptitude install nautilus-image-converter


දැන් ඔන්න ඔක්කොම හරි. ඊලගට අපි අපේ ඡායාරූප තියෙන තැනට ගොස් ඒය මත Right click කරන්න. ඉන්පසු ඒකේ තියෙන Resize Image කියන එක Click කරන්න.



දැන් පහත අකාරයේ මෙවලම් ටිකක් දිස්වේචි.





මේකේන් අපිට කැමති ආකාරයට size එක හදාගෙන resize button එක click කරන්න එතකොට අපේ කලින් ඡායාරුපය තිබුනු තැනටම Resize වුනු ඡායාරුපයත් save වේවි.


මේකේ තියෙන Rotate Image කියන එකෙන් ඔයාට පුලුවන් ඡායාරූප Rotate කරගන්න.(පොඩි අවුලකට තියෙන්නෙ මේ Rotate Image මෘදුකාංගය Resize Image එකටම අපු එකක්ද කියලා මට මතක නැහැ :D ඉතින් කලබල වෙන්න ඔන්නැ අත්හදා බලන්න මම එකත් කොකටත් කියලම තමා දැම්මෙ.)


ඉතින් ආයේත් මේවගේ මොකක් හරි ගැජට් එකක් හම්බුනෝතින් කියන්නම්කෝ. එතකම් අයුබෝවන් !






.

Friday, September 25, 2009

මොකටද Vista Gadgets..! මෙන්න Fedora වලටත් Gadget !

මේක මට අහම්බෙන් හම්බවෙව්ව දෙයක්. ඉතින් ඔයාලටත් කියන්න ඔන කියල හිතුන.

මුලින්ම බලන්නකො මේක....


කොහොමද හොදද?. නියමයි නේ....

ම්..ම්... මුනෙ හිනාව
අපි බලමු කොහොමද මේක ඔයාගෙ Fedora තියෙන computer එකට දාගන්නෙ කියල.
මුලින්ම Terminal එකට යන්නකෝ.
ඉට පස්සෙ මෙහෙම දෙන්න

   su -

ඊලගට

  yum install google*


දැන් හරි..

ඊට පස්සෙ
         Applications > Internet > Google Gadgets (Qt)

         මෙන්න Gadget
ඔයාට ඔන්නම් මේකට වෙනත් ගැජට් දාගන්න පුලුවන්.

ඒක කරන්නෙ මෙහෙමයි
මේ රතුපාට කරපු icon එක write click කරන්න
 

එකෙන් Add Gadgets.. click කරන්න


                                              කොහොමද ගැජට් තොගේ

ඔයාට ඔන ගැජ්‍ට් එකක් add කරගන්න

ඒ වගේමයි ඔයාට ගැජට් එකක් නිර්මණය කරගන්නත් පුලුවන්. ඒක කරන්නෙ මෙහෙමයි

Application > programming > Google Gadget Designer

මරු නේද..

ඔයාලත් උත්සාහකරල බලන්න.

අපිට ගැජට් බලන්න විස්ටම ඔනිද? විස්ට දේවිද ආ පුතේ ගැජට් එකක් හදන්න පුරුදු වෙන්න කියල Design Software එකක්. ? ඒක්‍ට Google

මේ වගේ තවත් Linux ගැජට් තියෙනවනම් මටත් කියන්න

Tuesday, July 7, 2009

Ubuntu සමග windows දැම්මද ?

ඔන්න මට හිතුන අපි කටත් ubuntu පාවිච්චි කරනකොට එන ප්‍රශ්නයක් ගැන කතා කරන්න.
ඔයා සමහර විට Ubuntu සමග ‌Windows (ජනේලේ) දාගෙන ඉන්නවනම් ඔයාට සමහර විට මෙක වෙලත් ඇති.
ඔයා දන්නව Ubuntu ‌Grub එකත් එක්ක ‌windos තරහයි කියල. මොකද ubuntu තියෙද්දි windos දැම්මොත් ubuntu ලොඩ් වෙන්නැ
Grub boot erra වගේ (මට හරියට මතකනැ මොකක්ද වචනෙ කියල) Erra messeg එකක් එනව. අපි බලමු කොහොමද මෙක හදාගෙන යලි ubuntu යතාතත්වයට ගන්නෙ කොහොමද කියල.


මුලින්ම Ubuntu Live CD එකකින් boot වෙලා ඉට පස්සෙ Terminal එකට යන්න.

මොනව කරන්නත් කලින් ඔයාගේ root Partition එකෙ අංකය හොය ගන්න ඔන

ඔයාට root partition අංකය හොයාගන්න ඔනනම් මෙන්න මේ විධානය දෙන්න

df -h

එතකොට මෙන්න මේ වගෙ එකක් එවි. එකෙ "/" කියන්නෙ root තමයි. sda3 කියන්නෙ අංකය.


ඉට පස් මෙන්න මෙ විධානය දෙන්න

sudo grub

ඊලගට මහෙම දෙන්න

grub> find /boot/grub/stage1

ඉට පස්සෙ root partition එකෙ අංකය ලබා දෙන්න ඔන (අර ඉස්සෙල්ල හොයාගත්තෙ අන්න එක)

grub> root (hd__)

eg:
root (hd2)

ඉට පස්සෙ මෙහෙම දෙන්න

grub> setup (hd0)

අන්තිමට මෙහෙම දෙන්න

grub> quit

ඉට පස්සෙ computer එක restart කරන්න

Friday, May 1, 2009

නිදහසෙ වැඩකරන්න නිදහස් මෘදුකාංග


මම අද ඉදන් පොඩි වැඩක් කරන්න යන්නෙ

මුලින්ම බලන්න මෙම මිල සටහන


පොඩ්ඩක් අපැහැදිලියි වගේද ?
එහෙනම් මෙන්න මේක
Download කරගෙනම බලන්න


මෙවා ගන්න ඔයාට සල්ලි තියෙනවද ?
ප්‍රශ්නයක් නැහැ අවුලක් කරගන්න...

එකට තමයි ඔය නිදහස් මෘදුකාංග නිර්මාණය කරල තියෙන්නෙ.

අපි පොඩ්ක් Linux ගේ ඉතිහාසය ගැන බලමු

1991 පමන වන විට ඉලෙක්ට්‍රොනික් ක්ෂේත්‍රයෙ විශාල පෙරලියක් ඇති කළ ට්‍රාන්සිස්ටර හා සංගෘහිත පරිපථ වලින් උපරිම ප්‍රයෝජන ගැනිමට පටන් ගත් කාලයකි. මේ කාලයේ දි පරිගණක ක්ෂේත්‍රයේ ද විශාල පෙරලියක් ඇති කරමින් විවිධාකාර දියුනු දෘඞාංග කොටස් එලිදැක්විනි.

නමුත් යමක අඩුවක් දකින්නට ලැබුණි.

එය අනෙකක් නොව හොද පළක මෘදුකාංගයකි

කෙසේවෙතත් මේ වන විට DOS ඉතා හොදින් පරිගණක මත ක්‍රියාකරමින් තිබුනි. මෙය බිල් ගේට්ස් වසින් Hacker වරයකුගෙන් ඩොලර් 50,000 කට මිලදි ගත් එකකි. මෙම හදිසියේ ඇතිවුනු පළක මෘදුකාංගයක කූට අලෙවිකරන උපක්‍රම හා අඩු මිල මගින් සැමට නොදැනීම ලොකයේ සියඵ පරිගණක ආක්‍රමණය කරන ලදී. පරිගණක භවිතා කරන්නන්ට වෙනත්‍ විකල්පයක් නොතිබිණි. Apple MAC කොතරම් හොද වුවත් එය මිලෙන් ඉතා අධික වීම එහට හේතූව විය.

තවත් විකල්පයක් විය. එය UNIX නම් විය. එයද ඉතා අධික මිලකට අලෙවි විය. එසේ කරන ලද්දේ එය සාමාන්‍ය පරිගණක වලට නොයන පරිදි රැක ගැනිමටය. එසෙම එය හදුන්වා දුන් Bell Lab එහි Source Code පිටතට නොයන ලෙස දැඩි ලෙස ආරක්ෂා කරන ලදි. ඒ නිසාම UNIX මතට මෘදුකාංග නිපදවිමක් නොමැති තරම් විය.

එසේම තවත් විකල්පයක් විය. මෙය MINIX ය. මෙම පලක වැඩසටහන Andrew S. Tanenbaum නම් මහාචාර්ය වරය විසින තම ශිෂ්‍යයන්ට පාළක වැඩසටහනක ක්‍රියාකාරිත්වය පැහැදිලි කිරිම සදහා නිපද වුවකි. එසේම මෙය Intel 8086 Microprocessorයට ගැලපෙන ලෙස සකස් කරන ලද්දකි. MINIX ඉතා අගනා පාලක වැඩසටහනක් නොවිය. නමුත් එහි Source Code ඕනැම කෙනෙකුට නොමිලේ ලබාගත හැකි විය. MINIX, C හා Assembly පරිගණක භාෂා වලින් නිපදවා ඇත.

එසේම "Operating Systems: Design and Implementation” නම් පොත මගින් MINIX හි ඇති 12000 වන Code පිළිබද වෙන වෙනම හදුන්වා දෙන ලදි. එම නිසා ඉතා පහසුවෙන්ම Hackers වරැන්ට ප්‍රථම වතාවට පාළක මෘදුකාංගයක් කියවිය හැකි විය. එසේම ලොව පුරා පරිගණක භාවිතා කරන සිසුන්ට මෙම පොත මගින් තම පරිගණකයේ පාළක වැඩසටහන කෙසේ ක්‍රියාකරන්නේ දැයි හොද වැටහීමක් ලබාගත හැකි විය. මෙයින් එක් අයෙකු වුයේ Linus Torvalds ය.

1991 දි Linus Benedict Torvalds, Helsinki විශ්ව විද්‍යාලයයේ පරිගණක විද්‍ය අංශයේ දෙවන වසරේ සිසුවෙකි. මෙම කාලයේදිම Richard Stallman විසින් GNU නමින් සම්පුර්ණයෙන්ම නොමිලයේ (GPL - General Public License) වු පාළක වැඩසටහනක් ඉදිරිපත් කිරිය. මේ පිළිබද උනන්දුවක් ඇති වු ලිනස් හට MINIX මගින් GNU ආකාරයේ පාළක වැඩසටහනක් ඉදිරිපත් කිරිමේ දැඩි ආශාවක් ඇති විය . වසර 1991 සැප්තැම්බර් හිදි ඔහු විසින් ප්‍රථම වතාවට Linux 0.01 ලෙස ප්‍රථමයෙන්ම එලිදැක් විය. එතැන් සිට සියඵ අභියෝග ජයගනිමින් දියුනු වු Linux දැන් පරිගණක ලොව ජයග්‍රහනය තමන් සතු කරගනිමින් දිනෙන් දින ඉදිරිය වෙත පියමන් කරමින් සිටි.

සම්පුර්ණයෙන්ම නොමිලයේ භාවිතා කරිමට හැකි වු Linux හි Source Code ද ඕනැම කෙනෙකුට වෙනස් කළ හැකි ලෙසද ඉදිරිපත් වි තිබුනි. එමනිසා විවිධ ආයතන හා විශ්ව විද්‍්‍යාල මගින් Iinux වෙනස් කරමින් නවතම පාලක වැඩසටහනක් ඉදිරිපත් කරන ලදි. Caldera, red Hat, SuSE, Mandrake, Debian Fedora හා Ubuntu වැනි විවිධ පාළක වැඩසටහන් කිහිපයකි. දැනට ලොව හොදම Linux මත නිමැවුනු පාලක වැඩසටහන ලෙස මෙම Ubuntu පළිගැනේ. Ubnutu (උබුන්ටු) යනු අප්‍රිකානු වචනයකි. එය මනුෂ්‍යත්වය හා ප්‍රජාව යන අරුත් ගෙන දෙන්නකි.


(මෙම ලිපිය සඳහා තොරතුරු Ray සඟරාව මගින් ලබාගන්නා ලදි)





ඉතිරි ටික පසුව ලියමි