Wednesday, July 6, 2011

කෑම රෙසපි අඩංගු බ්ලොග් වල අප්සැට් කමෙන්ට්ස් සඳහා විසදුමක්.....

     මේක මං සියලුම බ්ලොග් පාඨකයින් උදේසා ගත්ත තීරණයක්.. මේ දවස් වල ගොඩක් අය කතා කරන මාතෘකාව තමා.. කෑම ජාති හදන එක..
        ඔය මාරයා අයියා හිටපු ගමන් දාන කෑම ජාති හදන එව්වා එහෙම.. ඊලගට ගියාම හරේ අයියාගේ සෝස් හැදිල්ල.. හා අද හවස මං දැක්කා.. නලියා.. ලියලා තිබ්බා චිලිපෙස්ට් එකක් හදා ගන්න විදිය ගැන..  ඕක දැක්ක ගමන්ම මට හිතුනා මේ පොස්ට් එක ලියන්න ඕනෙමයි කියලා..  වෙන මුකුත් නෙවේ.. මේක ඇවිල්ලා ස්පෙශල් බීමක්.

අපි බලමු හදාගන්න විදිය...

අවශ්‍ය ද්‍රව්‍ය -

සියඹලා
වියළි මිරිස්‌ කරල් 2-3 ක්
ගම්මිරිස්‌ ඇට කිහිපයක්‌
සුදුලූනු

කරපිංචා
සූදුරු කොත්තමල්ලි ස්‌වල්පයක්‌
උම්බලකඩ
රතු ලූනු
ගොරකා බික්‌ 2 ක්‌ 3 ක්‌
ලුණු


සාදා ගන්නා ආකාරය෴
 
සියඹලා හෝදලා කියලා.. ඉස්ම ගන්න
මිරිස්‌, ගම්මිරිස්‌, සුදුලූනු, කරපිංචා, සූදුරු, කොත්තමල්ලි සියල්ල මිරිස්‌ ගලේ අඹරා රතු ලූනු, ලුණු, උම්බලකඩ හා ගොරකා දමා තම්බා ගන්න.
 

දැන් ඔන්න මේක බොන්න පුලුවන්.. ඔය එන බඩේ අමාරු වලට කියාපු විසදුම.. අර කාපු බීපු ජහ ජරාව ඔක්කෝම සුද්ද වෙලා යනවා.. 

ආ මේකේ නම තමා.. තැම්ඹුම් හොද්ද..

ඉතිං ඔය බ්ලොග් වල කෑම වට්ටෝරු දාන අයට දැන් පුලුවන් අවාසනයෙදි.. මෙකේ ලිංක් එක දාන්න හෝ.. මේක කොපි පෙස්ට් කරලා දාන්න.. උප මාතෘකාවක් යටතේ.. මෙන්න මෙහෙම...

වැරදිලාවත් අප්සට් උනොත්...!!!
                       මෙතැනට යන්න/ මෙහෙම කරන්න..


......................................................................................................................


පාලී: කතාවක් තියෙනවා මේ තැම්ඹුම් හොද්ද ආශ්‍රිතව.. එකත් මතක් කරන්නම්කෝ..


"ඉස්සර කාලේ අම්මලා පුතාලාට කියනවාලු.. පුතේ.. උබ කවදහරි ගේන ගෑනී, කිරි හොද්දක් හදන්න හරියකට දන් නැත්නම්.. අඩුම ගානේ තැම්ඹුම් හොද්දවත් හදන්න දන්නවද කියලා බලලා විවාහ කරගනින් කියලා"

හික් හික්.. ඔවා එහෙම අහලා.. යාලු වෙලා ඉන්න වෙන්ඩ නොනා එක්ක රන්ඩු කරනවා එහෙම නෙවේ ඕං.. දන් නැත්නම්  මේ රෙසැපිය ලියලා දෙන්ට බැරියැ :D :D

විශේෂ ස්තූතිය නදීකා අක්කා.. (හදන විදිය කිවේ එයා තමා :D)


එහෙනම් ආයුබෝවන්.. අපි කැපුනා.. !!!

PirateBunny෴

.

21 comments:

  1. තැම්බුම් හොද්ද නං පුළුවන්ලු. කිරි හොද්ද නං චාටර් :(

    ReplyDelete
  2. උඹ කොහෙන්ද බං ඉගෙන ගත්තෙ ඕක හදන්න?

    ReplyDelete
  3. මමත් අද තක්කාලි සෝස් ගැන ලිව්වා... මම මේකට ලින්ක් එකක් කමෙන්ට් කරන්නම්! :D

    ReplyDelete
  4. තැම්බුම් හොද්ද විතරක් නම් මදි. මොක්ද තැම්බුම් හොදිම කකා ඉන්න පුලුව නෑ.

    අපේ අම්මයි අප්පච්චියි කසාද බැදපු මුල්ම දවස්වල අපේ ආච්චි අම්මා බලලා තියෙන්නේ කිරි කැද හදාගන්න පුලුවන්ද කියලා. :)

    ReplyDelete
  5. අනේ බොලේ ගොරකයි සියඹලායි දෙකක් දාන්නෙ නැ,එක ජාතියක් දාන්නෙ.

    ReplyDelete
  6. මේක හදන හැටි කිවුවේ නදී අක්කානම්, මේක බීපුවාම හැදෙන ලෙඩේට හදාගන්න බෙහෙත ගැනත් කාගෙන් හරි අහලා ලියපං තව පෝස්ට් එකක්.. :D :D

    ReplyDelete
  7. අඩුම ගානේ මේකවත් පුරුදු වෙන්න ඔනේ..

    ReplyDelete
  8. අඩුම ගානේ මේකවත් පුරුදු වෙන්න ඔනේ..

    ReplyDelete
  9. අද කාලේ බොහොමයක් කෙල්ලෝ ඔය දෙකම හදන්න දන්නේ නෑ බං....

    ReplyDelete
  10. අනේ මෙහෙමත් බනියෙක්..මූ අපිට ගොරක සියඹලා දෙකම ගිල්ලවන්න හදන්නේ බඩට ඇසිඩ් ගස්සවන්නද..

    දැන් කියහංකෝ මේක බීලා කෙල උනාම දෙන්න ඕන ලින්ක් එක කොහාටද දෙන්නේ කියලා..:D

    අනේ බං නාන එකෙත් සීමාවක් තියා ගං...

    ReplyDelete
  11. මාරයා අයියා ලින්ක් එක තියෙන්නේ කෙලින්ම ටොයිලට් එකට... මම නං හදං බොයි ඕවා... බනියා අපිට මොනවා පොවන්න හදනවද මන්දා (මූ ලගදිම කසිප්පු හදන හැටි ගැනත් පෝස්ට් එකක් දායිද දන්නෑ)

    ReplyDelete
  12. මේක උබට දාන්න ඉස්සල්ලා අම්මට පෙන්නලා හරි වැරදි බලන්න තිබුනා බන්

    ReplyDelete
  13. එතකොට තැම්බුම් හොද්ද අප්සෙට් ගියොත් අපිට පෝස්ට් එකක් දාන්න වේ නේද?

    ReplyDelete
  14. කරවිල හොද්දක් හදනවිදිය කියහන්කො..............

    ReplyDelete
  15. ඇත්තටම මේ හොද්දට වතුර කොච්චර දාන්න ඕනද කියලා ලියලා නෑනේ..

    ReplyDelete
  16. අනිවාර්යෙන් මේකටම් බඩ සුද්ද වෙනවාමයි...

    ReplyDelete
  17. ඕක තෙම්පරාදු කරන්නේ නැද්ද?

    ReplyDelete
  18. හික් හික් බනියෝ මොකෑ මේ සියඹලයි ගොරකයි දෙකම දාලා මේක තැම්බුන් හොද්ද ?? නැතතං ඇඹුල් හොද්දද ??

    ReplyDelete
  19. මේක තැම්බුම් හොද්ද තමයි. ඉතා ගුණදාකයි. විශේෂයෙන් කුඩා දරුවන්ට කිරිදෙන මව්වරුන්ට, වයසක අයට, කෑම රුචිය නැති කොයි කාටත් ඉතාමත් ගුණදායකයි. හොදින් ආහාරය දිර වීමට අගනාය. තව ඔය උදේට අර ටොයිලට් ගියාම අපහසුවට පත්වෙන අයටත් ඉතාම ගුණදායකයි. පාවිච්චි කරලාම බලන්න සනීපෙ.
    හැබැයි ගැස්ට්‍රයිටීස් තියන අයටනම් හොඳ නැත.

    ReplyDelete
  20. මාරයගෙ කට්ලට් එකක් කන ගමං මේක බිව්වනං හරි.

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.