Sunday, December 4, 2011

1+2 = කීයද ?

මේ අපේ බාප්පා එක්ක චැට් එකක් දාගෙන ඉන්න ගමං බාප්පා කීව කතාවක්.. වැඩි වැල්වටාරම් නැතිව අපි කෙලින්ම බහිමු 89 ට.. ඒකිවේ භීශණ කාලෙ.. මතකද ? මට නම් මතක නැ.. මොකද මං ඉපදිලා තිබ්බෙ නැති නිසා..
      ඒ මගුල් වැඩක් නැ.. කතාව මේකයි.. ඒකාලෙ අපේ රට දැහැමින් මෙව්වා එකෙන් පාලණය කරන් උන්නෙ අතිගරු ජනාදිපති ම නැ ප්‍රේමදාස මහත්තයාලුනේ.. මං දන්නැ උන්නද නැද්ද කියලා මට ශුවරුත් නැ මොකද මං ඉපදිලා නැ.. හරිනෙ ඒ කතා වැඩක් නැ මේකයි කතාව, ඉතිං උන්දැට.. ආ සොරි, එතුමට ඔනි උනාලු  අගමැති කෙනෙක් පත්කොරගන්ට.. කාටද ? ප්‍රේමදාස මහත්තයාට.... ඉතිං ඒකාලෙ මොකක්දෝ කොරමයකට තිබ්බාලුනේ ජනාදිපතිටම අගමැති තෝර ගන්න පුලුවන් විදියෙ බලයක්..
    ඉතිං ඔන්න ඒ බලේ පොරයෝජනයට අරං ඒ කාලෙ මංත්‍රී පට්ටං තිබ්බ මහත්වරු 3 දෙනෙක් ගෙන්නව්වාලු ඉන්ටර්වීව් එකකට.. සිංහලෙන් කිවොත් සම්මුඛ සාකඡ්ඡාවකට.. හරිද.. ඉතිං ඕකට අවේ කවුද දන්නවද ? දන්නැනෙ ?
මුල්ම කෙනා විදියට ඒ කාලෙ අධ්‍යාපන ඇමති ලලිත් ඇතුලත් මුදලි මහත්තයයි
මහවැලි සංවර්ධණ ඇමති ගාමිණී දිසානායක මහත්තයි
ඩී බී නොහොත් ඩිංගිරි බංඩා විජේතුංග මහත්තයයි මේ ඉන්ටර්වීව් එකට අවාලු..
ඔන්න දැන් ප්‍රේමදාස මහත්තයා ප්‍රශ්ණ අහනවලු..

ප්‍රේමදාස: ලලිත්! කියනවා බලන්න 1+2 කීයද ?

ලලිත්:  3 නේ සර් ?

ප්‍රේමදාස: තමුසෙ හරියන්නැ.. යනවා යන්න..! ගාමිණී කියනවා බලන්න 1+2 කීයද ?

ගාමිණීත් ඉතිං ඉගෙන ගත්ත පොරක්ලුනේ.. (මං නම් දන්නැ ඕං)

ගාමිණි: සර් 1 යි 2 යි 1කට තිබ්බාම  12 යි අනික් පැත්ත ගැහැව්වාම 21යි එකතු කලාම 3 යි අඩුකලාම 1 යි..

ප්‍රේමදාස.. නැනැනැ තමුසේ දන්නවා වැඩියි යනවා යන්න !!! ඩිබී තමුසේ කියනවා බලන්න 1+2 කීයද ?

ඩීබී: (රහසිං අහනවාලු) සර් කීයද කියන්න ඔනී ?

ප්‍රේමදාස: අන්න තමුසේ තමා නියම මිනිහා
කියලා අගමැති කරගත්තාලු..

හික් හික් මේක ඇත්ත කතාවක් කියලා තමා අපේ බාප්පා නම් කියන්නෙ.. හැබැයි මට කිසිම වගකීමක් ගන්න බැ මොකද මං ඉපදිලා උන්නෙ නැති නිසා..!!!

පාලි: මේ බ්ලොග් එක දේශපාලනේ පැත්තට යනවා වැඩිද මංදා.. :-/ ඒත් මෙව්වා විහිලු ඇ..!

එහෙනම් අපි කැපුනා
PirateBunny෴


(හසිත හා ඉන්දරේ සහොදරයන්ගේ කමෙන්ට් හමුවේ ටීබි ලෙස තිබූ නම ඩීබි ලෙස නිවැරැදි කරණ ලදි!)

19 comments:

  1. හිටපිය හාව අරන් යන්න සුදු වෑන් එකක් එවන්න..

    ReplyDelete
  2. ටිකිරි බංඩා විජේතුංග නෙමෙයි ඩිංගිරි බංඩා විජේතුංග. ඩී.බී. විජේතුංග

    ReplyDelete
  3. ටිකිරි බණ්ඩා නෙමෙයි, ඩිංගිරි බණ්ඩා
    ඩී.බී. විජේතුංග

    බුවා කිව්වලු “සර් කැමති ගාණක් දාගන්න සෑර්...“ කියලා :D

    ReplyDelete
  4. කොහොම නමුත් මෙතන ඇත්ත කතාව තමා ප්‍රේමදාස ජනාධිපතිතුමා ඩී.බී විජේතුංග මහත්තයාව අගමැති කරනවා කියන්නේ අවුරුද්දකට විතරයි. ඊට පස්සේ ඒක වාර්ෂිකව ලලිත් ඇතුලත්මුදලිට සහ ගාමිණී දිසානායකට දෙනවා කියලයි කියන්නේ.

    ඒත් 1993 ප්‍රේමදාස මහත්තයා මැරෙද්දිත් අගමැති විජේතුංග මහත්තයාමයි :) ඕවා තමා දේශපාලන සම්‍යක් ප්‍රයෝග

    ReplyDelete
  5. සම්මුඛ සාකච්ඡාව නෙවෙයි බං සම්මුඛ පරීක්ෂනය!

    ReplyDelete
  6. @Sabith
    සම්මුඛ පරීක්ෂනය හා සම්මුඛ සාකච්ඡාව දෙකටම කඩ්ඩෙන් කියන්නෙ interview කියලම තමා :)

    ReplyDelete
  7. එතකොට දැන් අවය පත් කරන්නේ කොහොමද කියලා උඹට හොයාබලන්න පුළුන්නේ බං. දැන් ඉතිං උඹ ඉපදිලානේ ඉන්නේ....! :D :D

    ReplyDelete
  8. ඔව් ඉතින් අන්තිමේ නියම මිනිහ රටේ ජනාධිපතිත් උනෙ ,නේද? :D :D

    ReplyDelete
  9. ඔය DB ගැන සුසන්ත සර් ගෙ කතාවක් තියනව..... දාන්න ඔ්න වෙලාවක! සර් කියන විදියට එයාට මුලු ජීවිතේම ලැබිල තියෙන්නෙ පිනට! :D

    ReplyDelete
  10. ඉපදිලා හිටියත් මට ඒ කාලෙනම් මතක නෑ ඕන්...

    ReplyDelete
  11. එතකොට මට ඉපදිලා අවුරුද්දනේ බං.. ඒ නිසා ඔන්න මම දන්නේ නෑ ඕවා...

    ReplyDelete
  12. කතාව කලින් අහල තියෙනවා උනත් මතකය අලුත් කළා...
    ප්‍රේමදාස මහත්තයාගේ ගම්උදා සම්බන්ධ කතාත් තියෙනවා මේ වගේම...
    සමහර ගම්උදා වල තිබ්බ ඔරලෝසු කණු ඇදයි කියලා කිව්වොත් ඒක කොයි තරම් කෙලින් තිබ්බ එකක් උනත් එයාට කෙලින් පෙන විදිහට හදන්න ඕනේ කියල නීතියකුත් තිබ්බලුනේ
    ඒ කාලේ හිටපු ඉංජිනේරු මහත්තුරු ලොකු කට්ටක් කාල තියෙනවා එයා නිසා
    තව මේ වගේ සෑහෙන්න කතා තියෙනවා මේ මනුස්සයා ගැන

    ReplyDelete
  13. අනේ අපිනම් දන්නේ නැහැ ඔව්වා,, අපි ඉපදිලත් නැතෝ..

    ReplyDelete
  14. පාර්ලිමේන්තුවට ගහපු . . මොලේට වදින බෝම්බෙං හානියක් උනේ නැත්තෙ ප්‍රේමදාස උන්නැහේට විතරයි කියනවනෙ . .

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.