Sunday, December 11, 2011

ඉන්සයිට් ප්‍රේමය.. (දික්කල කෙටිකතාවක්)

පාර පේන්නෙ නැති තරමට වැස්සය.. වතුර වලවල් වලිං හෙමීට කාර් එක ඉදිරියටම දාවනය කලේ පන ගැහි ගැහිය.. වෙන මොකටවත් නොව බැටරියට වතුර ගියොත් පුපුරයි යන සමාජයෙන් ගෙන ආ බියටමය..! මෙවන් වාහනයක් ගැනීම ගැන මම මටම හිතින් බැන බැන ඉදිරියට ඇදෙන්නට විය.. මා ගමන් ගත් දිශාවේ ඒ හැටි පාරවල් හුරු පුරුදු නොමැති මුත් කෙසේ හෝ වාහණය දාවණය කරවන්නට මම සමත් විය..
වැස්ස තවමත් අඩුවී නොමැත විදුලි කෙටිල්ලද ඒ හා සමානව හරි හරියේ අහස සමග ද්වංද සටනකට පෙලඹී ඇත.. සීතලද ඒහා සමානව මාගේ ඇටකටු හිල් කරමින් ඇගතුලට කාවදින්නට විය.. ජනේලය පහත්කර බැලුවේ මා දැන් ඉන්න ප්‍රදේශය ගැන හෝඩුවාවක් ලබාගැනිමේ අරමුණිනි.. මගේ යටිසිත සමග පොර බැදී මා ඉන්නෙ වෙල්යායක් මැද්දැවේ යැයි තීරණය කරගත්තෙමි.. විගැහින් ජනේලය උස්සා ඉදිරියට ඇදෙන්නට විය..
   ඉදිරියට ඇදෙන මා හට සුදු පැහැති යමක් ඉදිරිපස වීදුරුවෙන් පෙනෙන්නට විය. මගේ ඇස් අදහා ගතනොහැකි විය.. පාර අයිනේ වැටී උන්නෙ කුඩා ගැහැනු දැරිවියකි.. දෙවරක් කල්පනා නොකර මා විගසින් වාහනය නතර කර ඇය කරා ඇදෙන්නට විය, තත්පර කීපයක් යන්නට මත්තෙන් මා තෙමිච්ච කුකුලෙක් මෙන් කීරීමට වැස්ස සමත් විය..
කුඩා ළමයෙකුයි සිතූ මුත් ඇය වයස 18 ක පමණ වන තරමේ පෙනුමක් තිබිනි.. නිතැනින්ම මට වටහා ගත හැකි ඌවෙ ඇයට අකුණු සැර වැදී ඇති බවය.. අවශ්‍ය ප්‍රථමාදාර දී, වහා වහා මම ඇයව වත්තම් කරගෙන වුත් කාර් එකේ පිටි පස අසුනෙන් ඇලකර තබා දුව විත් රියදුරු අසුනේ වාඩී වී විගසින් ස්පිරිතාලය කරා එන්නට විය.. ලඟම ස්පිරිතාලය ඌ කරාපිටියට මම විනාඩි කීහිපයකින් අවේ වාහනේට තිබූ ආසාවන්ද ඇතැරමිනි.. මං උන්නෙ මේ යකඩ ගොඩකට වඩා ජිවිතයක් බේර ගැනීම වටිනවා යන සංකල්පය මතම පමණි..
වහ වහා රෝහල ඇතුලටම වාහනය ගෙනගොස් ලෙඩා බාරදී මගේ විස්තරද ලබාදුනි ඇයව වහාප්‍රතිකාර සඳහා දැඩිසත්කාර ඒකකය කරා රැගෙන යන ලදි....
...
රාත්‍රී 12 පසුකරමින් පවතී.. කුඩා ළමුන් හඩන හඩ වල්, රෑහැයි නාදය අතරිං මගේ හිත අද දවසේ සිදු ඌ දෑ මතක් කරමින් මනසට වදදෙමින් ඇත... ගැහැනියකගේ  විලාප හඩක් මා සිත හිරිවට්ටමින් ඇසෙන්නට විය,
ඈ කවුද ? ඇගේ දෙමාපියන් කවුද ? ඒ ගෙදර අයට මේ පණිවිඩය දෙන්නෙ කෙලෙසද ? අපේ ගෙදර අය මොනවා කල්පනා කරනවා ඇත්ද ?
එසැනින් මට මගේ ජන්ගම දුරකථනය සිහියට නැගිනි,  මගේ ඔනැම කුණුගොඩකට කරගහන්න කිසි විටෙක පසුනොබසින මගේ අතිජාත මිත්‍ර ගයියා සිහි විය, මාගෙ වයසේ නොවූවත් ඌ හා මා අතර ඇත්තෙ දැඩි මිත්‍රත්වයකි..! වහා වහා මම ඔහුගේ දුරකථනයට ඇමතුමක් ගත්තෙමි..
හින හෙන්නෙ මං
මේ විල් තීරේ පිය මැන්නෙ..
ඌ කිඹුලාගේ කැමතිම ගීතය ජංගමයට දමාගෙන ඇත.. මට සියල්ල අමතක වී බකස් ගා හිනායන්නට විය.. මා අසලින් මැදි වියේ නර්ස් නොනා කෙනෙකු මගේ දිහා බලා ඔරවමින් යන්නට ගියෝය..!
වහා හිනාව තදකර ගත් මා 989 වැනි විදුලි බුබුලත් පුපුරවා ගත් තෝමස් අල්වා එඩිසන්ගේ මුහුනත මවාගත්තෙමි..
මොකද යකෝ මේ මහ රෑ නිදා ගන්න දීපියව්කො #@(*#@*&#%@ ඒ ගයියාගෙ හඩ
අඩෝ බං පොඩි අවුලක් උනා.. මම ලාමක හඩින් කියන්නට විය..
     තොපිලත් මොනා හරි අවුලක් දාගන්නෙ අපි නිදාගන්න ගත්තාම... අම්මපා දවාලට නිකං ඉන්නවා ඒ වෙලාවට දාගන්න ලෙඩක් මගුලක්  ඔනි ඉස්කුරුප්පුවක් දාගනින්කො.. මේ මහරැම වදදෙන්නෙ
හරි හරි බං අහපංකො සීං එක.. මාර අප්සට් එක ඕයි.. මං සියලුම විස්තර කියන්නට විය..
අම්මට සිරි.. හිටපං මං ටක් ගාලා එන්න..
නැනැ උඹ දැන් එන්න ඔන්නැ බං, උදේට වරෙන් පොඩ්ඩක් උඹ එක්ක කතා කරන්න ඔනි..
හරි හරි මචං අවුලක් උනොත් කතා කරහං ටක් ගාලා..
හරි මචං සුභ රාත්‍රියක්.. ඔහුගෙ කතාව අවසං කර වහාම ගෙදරට කෝල් එකක් ගෙන සිදු වූ සියල්ලම ලොකු අක්කට පැවසුවේ ඔනැම මොහොතක කලබල නොවී විසදිය හැකි එකම කෙනා ඇය වීම නිසාවෙනි.. ඇයගේ එකම ඉල්ලිම ඌවෙ මට ඉක්මනින් ගෙදර එන ලෙස මුත්, මා ගෙනා රෝගියාගේ විස්තර සොයාගන්නා තෙක් රෝහලෙන් පිටනොඑන්නට මා ඉටා ගත්තෙමි..!

කවුදෝ මගේ උරහිසට අනින්නට විය..
ඕයි නැගිටපං..!
ඒ ගයියාය.. මූ පාන්දරම රෝහලට ඇවිත් ඇත..
ලැජ්ජ නැද්ද යකෝ බංකු උඩ නිදාගන්න උඹට ? මූ මට දොස් නගන්නට විය.. එවිට සිහි ඌවෙ මට බංකුව උඩම නිංද ගොස් ඇතිබවය..
නින්ද ගියා බං මට මෙතැන..

පේනවා පේනවා.. තෝ මෙතන තව ටිකක් හිටියා නම් කක්කා ගියා කියාවි.. අනේ අම්මපා..!!
මලපෙරෙතයා පොලේ ගැහැව්වා වගේනෙ තෝ නිදාගෙන තියෙන්නෙ.. ලැජ්ජ නැද්ද මිනිහෝ ?

ඉතිං බං උඹ කියන්නෙ මෙතැන හොටෙල් එකක් කියලද ? එන එන එකාට රූම්ස් දෙන්න ? මගුලක් කියනවා..

හරි හරි මොකක්ද උනේ දැන් ? නැවතත් ගයියාගේ ලාමක හඩ..

ඇයි බං මං ඊයෙ රෑ කිවේ විස්තරේ.. ඊට එහා මං දෙයක් දන්නැ.. තාම ඩොකෙක් අවෙත් නැ..
වරෙන් යන්න ගිහින් විස්තරයක් අහං එමු.. ගයියා මාව අදින්නට විය..
හිටපං මං මූනට වතුර එකක් දාගෙන එන්න.. කබ කඩ කඩ ඩොකා ලගට යතැහැකිද.. අනික සීනිබෝල බෙහෙත් බඩුත් ඉන්න එකේ....
තෝ $@#@$@ මෙතැන ඇවිල්ල නර්ස් කෙනෙක්ටවත් ඉන්න දෙන්නැනෙ.. බලහං අපි වගේ විනීතව හැසිරියං..
අනේ මගෙන් මුකුත් නාහා ඉදිං.. මං දන්නැද්ද තොගේ හැටි..! හිටපං මං මූන හොදං එන්න.. මං විගහට ගොස් මූන හෝදන් ඩොක්ටර් හමුවීමට ගයියා සමග කොරිඩොව දිගේ ඇදෙන්නට විය..



ඉතිරි ටික පසුවට...෴


.

18 comments:

  1. යස්ස වැඩ වෙන්නේ බනී මලයටත්....

    ReplyDelete
  2. මාර සීන් කෝන් එක.. ඉතින් ඊට පස්සේ..???

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ඉතුරු ටිකත් දාන්ඩෝ :-)

    ReplyDelete
  5. ෂා...මෙයත් කතා ලියන්න අරන් නෙ...:)))

    ReplyDelete
  6. අනිත් කොටසත් දැම්මනම් මොකද උනේ කියලා බලන්න...

    ReplyDelete
  7. හප්පා මාර සීන් එකනේ ..ඉතිරියත් ඉක්මනට දාන්න....

    ReplyDelete
  8. ඉතුරු කොටසත් ඉක්මනට දාන්නකෝ අය්යේ.අපෝ ඔව් ගයාන් තමා හැම මඟුලටම අපිට මතක් වෙන්නෙ.

    ReplyDelete
  9. "මට වටහා ගත හැකි ඌවෙ ඇයට අකුණු සැර වැදී ඇති බවය.. අවශ්‍ය ප්‍රථමාදාර දී, වහා වහා මම ඇයව වත්තම් කරගෙන වුත්"

    ලොක්කා අපිටත් දැන්ගන්න ආසයි එහෙම වුණොත් කරන ප්‍රථමාධාරේ මොකක්ද කියලා :))

    ReplyDelete
  10. බනියා. ඇඬෙන සීන් එක නේ.
    දැං ඒකි ඇවිත් කියවිද “බනී ඔයා හරි සෝයි අනේ. මාව බේරගත්තා... ඒ නිසා මං ඔයාට ලව්.. උම්ම උම්ම උම්මා........... කියල“:P
    එයාගෙ කොල්ල දුවගන ආවොත් තමා සීන් එක නේ.

    ReplyDelete
  11. කෝ ඉතුරු ටික.... :(
    මචන් සිරාවටම මේක ඇත්ත සීන් එකක්ද.

    ReplyDelete
  12. අප්පට සිරි...මේ මොකද්ද මේ කතාව??
    දැන් ඉතින් බලන් ඉඩපන්කෝ ඊලග කොටස දානකම්..:/
    එල මචං..

    ReplyDelete
  13. කෝ ඉතිරිය ලබන සතියේද,

    ReplyDelete
  14. මගෙ අම්මෝ... මාර කතාවක්නෙ.... ඉතුරු ටිකත් ඉක්මනට දැම්ම නං.......

    ReplyDelete
  15. ඉක්මණින්ම ඉතුරු ටිකත් ඕණේ....

    ReplyDelete
  16. ඒ කතාව මරු ඈ... මේ ඔයා ඉගෙන ගත්තේ ඉංග්‍රිසි මාධයයෙන්ද?

    ReplyDelete
  17. හැක් හැක් බනියගෙ මනෝ පාර නං සුපිරි..... මූ හිතල තියෙන දුරක් හික්ස්

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.