Friday, December 24, 2010

උණ වර්ග.

    කලින් ලිපියේ සඳහන් කල, දෙවැනි පොලිස් කතා ඊලග ලිපියට ඇදදැමිනි.. හේතුව මේය මට මේ අවස්ථාවේ මතක් ඌවක් නිසාය.. නැතිනම් අමතක විය හැක..

උණ වර්ග කීපයක් ඇත.. මට සෑදී ඇති උණ වර්ග කිපයක් මෙසේ සටහන් කරමි...!

වයස අවුරුදු 10 දී පමන මට මෝටර් උණක් හැදිනි.. එනම් මෝටරයක් අරන් දෙන තුරු උණ ගෙන සිටීමයි.. එලෙස ගත් කල මම "ඒබ්‍රහම් කෝවුර්" මෙන් දක්ශය, කොවුර් මහතා කගෙදෝ ගැජමැටික් එකක් නිශ්ප්‍රභ කිරීම සදහා විනාඩී කීපයකට නාඩී වැටීම නවතා ඇත.. (උණ සැදුනේ කෙලසදැයි මම නොදනිමි)
 
    එකල්හී බනියාට දෙයක් ඔනැයැයි කී කල ඔනැමමය.. ඒ බනියාගේ හැටිය.. තාත්තාටද කරගත දෙයක් නොමැත.. බාප්පා ගෙදර පැමිණ තිබිනි.. "මල්ලි මෙන්න මූට මෝටරයක් අරන් දෙන්න කොහේ හරි ලෝකෙකින්" යැයි අපේ තාත්තා කියන්නාක් මෙන් මට මතකයක් ඇත..
මමද බාප්පාද වාහනේ නැග රට පුරා මෝටරයක් සොයා කරක් ගැහුවෙමි... එදා පෝය දවසකි.. කඩවල්ද වසා ඇත... බනියාගෙ ඉල්ලිමද ඉටුකර දියයුතුයැයි දැඩි අදිටනිකින් බාප්පා සිටියැයි සිතිය හැක.. ටවුමට කිට්ටුවෙන කල්හී කඩ කීපයක් ඇරතිබිනි.. ඒම කඩේ තිබුනේ වෙසක් කාලයට බුදුරැස්වලලු හදන්න ගන්නා වර්ගයේ කුඩා මෝටර්ය.. බනියාට මෙන්ම බාප්පාටද ඒ මෝටර් සැටිස් නැත.. සිංහලෙන්ම කීවොත් ඒවා මෙලෝ රහක් නැත.. වේගය පමණි කාර්යක්ශමතාවද මොක්දෝ මගුල ගන්න දෙයක් නැතැයි බාප්පා කඩේ මුදලාලිට විද්‍යාව පාඩමක් උගන්වනවා බනියාට යන්තමට මතකය..
 බනියාට ඕවා තෙරෙන්නෙ නැත.. ඌ පොඩි එකාය..
       ඔය මගුල් ගැන විස්තර දැනගන්න ඔනීනම් කනියා අමතන්න.. ඌද මොකක්දෝ ඇටමගුලක් අටවාගෙන ඕවාගේ RPM අගය CC හා මවුන්ට් කතා හා වෙනත් ජිල්බිරිස් ගැන කතා කරනවා මීට සති කීපයකට කලින් බනියා දුටුවෙමි.. එය දුට බනියාට තවත් උණක් සැදිනි එනම් Hovercraft උණකි.. එයටද බනියාට එන්ජිමක් ලැබිනි.. නමුත් එය වැඩකරන්නෙ නැත.. බනියා එන්ජින් ගැන හරිහැටි දන්නෙ නැත.. එය ගැලෙව්වොත් කැලී වැඩීවිය හැක.. SBU හමුවේදී කනියා මාව මුණ ගැසීමට පැමිනියේ කෝ බොල අර එන්ජිමයැයි කියාගෙනය.. මම උඩ ගියෙමි..  පසුව මතක් උන ආකාරයට කනියායි මමයි කතාකරගෙන සිටියේ SBU හමුවේදි ඒ එන්ජිම මස් කිරිමටය.. කාගේද පිනකට මට එය අමතක විය..

 බාප්පෙ මෝටරයක් යැයි බනියාට නැවතත් කියවිය..
             බනියාගේ නැත්නම් බාප්පාගේ පෙර පිනකට හෝ සෙඩ් එකේ අයිතිකාරයාගේ කරුමයකට TV හදන කඩයක් දුටිමි.. TV කීවාට එහි කැසට් හා තවත් දැ හදන බව පුවරුවක සඳහන් කර තිබිනි.. එහි අයිතිකරුට බාප්පා මාට වැලදී ඇති උණ ගැන පැවසුවෙමි.. එවිට තඩි කාඩ්බෝඩ් පෙට්ටියක් අවුස්සා මෝටර් කීපයක් එලියට ඇදගත්තෙමී.. කැමති එකක් තෝර ගන්නයැයි කඩ හිමියා පැවසුවෙමි.. බනියාට ඉවසිල්ලක් නැති විය සියල්ලම බදාගන්න සිතුනත් එකක් තෝරගන්නයැයි බාප්පාගෙන් නියෝගයක් ද ලැබිනි..!!
මෝටර තෝරාගැනිමට එතරම් දැනීමක් බනියාට නැත.. 10- 20 ගනන් කරත් තෙරෙන්නෙ පොඩී මෝටරයකි.. නැවතත් එහි තැන මාරු කර ගනන් කෙරිනි.. ඔන්න දැන් 100 එන්නෙ ලොකු මෝටරයටය.. පැනපු ගමන් එය තෝරාගතිමි..  හොදම දේ තේරීමට 10- 20 හොද ක්‍රමයකි බනියා විභාග වලදීද එය කල වාර එමට ඇත.. බොලාලා ඒවා කර මට බනිනවා හේම නෝවේ..!!!

බාප්පා විසින් කඩ හිමියාට රු100 දෙනවා බනියාට මතකය.. නැවතත් කඩහිමියා දෙස හැරී බනියා ඇසුවේ මෙම මෝටර් වැඩක් නැති ඒවාදැයි ලෙසය... කඩ හිමියා පැවසුවේ පාවිච්චියට ගතහැකි හා වැඩක් නැති ඒවාද ඇතිබවයය.. එලෙස බැලූ කල මෙකා කරන්නෙ කැසට් හදනවාට වඩා කැඩීමක් බව බනියාගෙ සූටි මොලයට කල්පනා විය..

මෝටරය ගෙන ගෙදර පැමිනියේ පුදුම සතුටකිනි.. හවස් වෙද්දීම උණ ගතියද පහලව ගොස් ඇත.. දොස්තර මාමාට රු300 - 400 දෙනවාට වඩා තාත්තා රු 100කින් බේරිනි.. පසුව එම මෝටරය වැඩ කීපයකටම යොදාගතිනි.. බනියා හා පොඩී මාමා එක්ක එකතු වී දොඹකරයක් සෑදුවෙමි.. එය නැවත ගලවා ඉස්කෝලෙ ගොස් එකලස් කර අත් වැඩ සදහා ලකුණු 100 ක්ද.. පංතියේ මැකෑනික් සම්මානයද ලබාගතිමි..! එදා තාත්තා සතුටුවෙන්න ඇතැයි බනියාට දැන් මතක් විය...
    මෙය කියවන ඔබ වැඩිහිටියෙක් නම් ඔබට අපේ බාප්පා ගේ චරිතය හෝ තාත්තාගෙ චරිතයෙන් ඔවදනක් ගත හැක.. ළමයින්ට අවශ්‍ය දේවල් ලබාදෙන්න.. ඒවාගෙන් පාඩුවක් වෙන එකක් නැතැයි බනියාටද සිතිනි.. (වැඩිහිටියා යනු පොඩිහිටියන්ට උපදෙස්දෙන්නාටය)

 අලියන්ටයි ළමයින්ටයි තියෙන්නෙ එකම දාංගලයක්ලූ.. අපේ අම්මා කියන විදියට මම තවම ළමයෙකි.. විසේය.. දගඟය.. දඟ වැඩ කරන්නෙ ලොකු ලොකු දේවල් වලින්ය..ඒවා උණ ලෙස සඳහන් කල හැක..

බනියාට තව උණක් තිබිනි එනම් වාහනය..
11 වසර සිංහල පොතේ සියදෝරිස්ටද බයිසිකල් උණක් තිබිනි.. එලෙසම මටද සැදුනේ කාර් උණකි...  ඇලියොන් හෝ කොරොල්ලා වර්ගයේ කාර් එකක් දුටු විට අතගාබැලීමට තරම් ඒ උණ දරුණුය.. තවද ප්‍රයිම්මූවර් වැනී තඩී වාහන දුටු විට කලන්ත ස්වභාවයක් හා ඉන්න තැන අමතක වීම වැනී රෝග ලක්ශනද ඇත...
            කලක සිට හයිස්පීඩ් යැමේ යම් උණක් ඇත.. (අසහණයක් ලෙසත් සැලකිය හැක) පොලීසියේ සිට අපේ තාත්තා කීවාත් අහන්නෙ නැති මේ උණ කෙලවර වන්නෙ අතක් හෝ පයක් නැතිනම් ජීවිතයම කඩා ගැනිමෙකින් යැයි බනියාට තේරී ඇත... නමුදු මේ උණ හොදවන්නේම නැත..
     මරණය බනියාට මෙන්ම ඔබටද පොදුය.. මැරෙන දවස මාරයා විසින් ඉන්ඩීකෙට් කල දවසට යා යුතුමය.. පස්ස ගසා පලක් නැත.. බනියාගෙ තියරිය නම් හෙට මලත් අද සතුටින් යන්නයි... කවදා හරි දිනක බනියා මැරිලා හෝ අන්න ඌ ඉස්පිරිතාලේ යැයි කවුරුන් හෝ ඉස්ටෙට් එකක් දමා තිබුනොත් හොල්මනක් වී ඇවිත් මැසිමේ අන්තර්ජාල සේවාවට යම් යම් බාදා ඇතිකරමි..!!  සනීප උවහොත් හොද බැනුමක් ඇසීමට සූදානම්ව සිටිනු..!!

අම්මා මම ළමයෙක්යැයි සැලකුවාද මම ඉලන්දාරියෙක්කැයි කිව හැක.. ඉලන්දාරින්ට සැදෙන උණවල් හුගක් ඇත.. ඒවා මේ බ්ලොග් අවකාශය පීරිමෙන් තොග වශයෙන් හොයා ගත හැක...

තව උණ වර්ග ඔනැ තරම් ඇත.. ඒවා ලීවොතින් ඔබට කරණ පාඩුවකි.. එනම් මෙම පිස්සු කතා අසා කා ගන්නා කාලයය.. කාලය රන් වලට වඩා මිල යැයි කියන්නෙ බොරුවක්ය ඔරලෝසුවක් හා බැටරියක් වැඩි ගානක් වන්නෙ නැත.. නමුත් කාලය නැවත ගත නොහැක.. කාලයට රිවස් ගියර් එකක් නැත.. කාලයට රිවස් ගියර් එකක් තිබ්බා නම්...... කියා හූල්ලපු අවස්තා බනියාට එමට ඇත....

අදට මේ ඇත.. මෙම කතාව හුදෙක් ඔබට අවවාද කීපයක් ගැනීමට හා මාගෙ last will එක නොහොත් අන්තිම කැමති පත්‍රයේ කොටසක් විය හැක...
 ඔබට සෑදී ඇති උණ වර්ග එක එක කමෙන්ටු වල කිව හැක..

පාලී: කමෙන්ට්ටු දැමීමේදි පට්ට, එළ මචං, මැක්සා බං අනම් මනම් තනිවචන දැම්මෙ නැතිවාට තරහා නැත.. අද සිට කමෙන්ට් කරන විට බනියාද කම්මැලි කම නැතිව බනින්න හරි දිගට කමෙන්ට්ටු ටයිප් කරමි.. ඔබද එලෙස කරන්න...

කියන්න අමතක උනානෙ... ඔබ සැමට සුභම සුභ නත්තලක් වේවා.. ඒ වගේම සුභ නව වසරකට ආසිරි වේවා.. !!

.                                                                               Bugs Bunny

15 comments:

  1. උඹට උණ විකාරෙද බං මේ මහ රෑ පෝස්ට් දාන්න? :D

    ReplyDelete
  2. @Kanishka | කණියා
    හිහ් හිහ් හිහ්.. නිකන් මතක් වෙලා දැම්මෙ බං :)

    ReplyDelete
  3. හෙහ් හේ‍හ් හේහ් හේහ්‍‍...

    බලං ගියාම යකෝ තොටයි මටයි තිබ්බ උණ වල ඒ හැටි වෙනසක් නෑ නෙවැ....මටත් ඔය වගේ උණ හැදිලා නිව්මෝනියා තත්වෙටත් ගිහින් තිබුණා...

    අසුවට අනුවට පාගලා, පොලොස් කාරයෙක්ගේ මල පන්නන ඇම්ම වගේම ට්‍රැෆික් ලයිට් නොදැක පොට්ටයෙක් ගානට යෑම.... නිව්මොනියා තත්වෙට පත්වී ඇති උණවලට හොදම උදාහරණෙවේ....

    "මරණය බනියාට මෙන්ම ඔබටද පොදුය.. මැරෙන දවස මාරයා විසින් ඉන්ඩීකෙට් කල දවසට යා යුතුමය.. පස්ස ගසා පලක් නැත.....බ්ලා බ්ලා බ්ලා...."
    ඕක මමත් ඉහලින් අනුමත කොරමි...ඒත් ආණ්ඩුපක්ෂය මෙන්ම විපක්ෂය දරන්නෙ ඔයිට හාත්පසින්ම වෙනස් වු මතයකි..එම මතයට කරබාගෙන සිටිනු විනා හසියට කොරන්ට දෙයක් නොමැත...ඒ ගැන අනේක වාරයක් කණගාටු වෙමින් කදුළු සලමි.....කෙදිනක හෝ ඒ දෙදෙනාට සත්‍ය වැටහෙනතුරු හසියා දුකින්ය...

    අර අන්තිමට දෙසා බාපු එකට මගෙනුත් ඔන්න ‍විෂ් යු ද සේම් පාරක්....අල්ලගනින්...අතෑරුණා කියලා නාහෙන් අඬන්න එන්න එපා ඕන්....

    ReplyDelete
  4. ාලය රන් වලට වඩා මිල යැයි කියන්නෙ බොරුවක්ය ඔරලෝසුවක් හා බැටරියක් වැඩි ගානක් වන්නෙ නැත.. නමුත් කාලය නැවත ගත නොහැක.. කාලයට රිවස් ගියර් එකක් නැත.. කාලයට රිවස් ගියර් එකක් තිබ්බා නම්...... අනිවා බනියො... මේ ටික නම් මටත් හැමතිස්සෙම හිතෙන දෙවල් තමා... ලියලා තියෙන එවා නම් ගති... උණ ගැන නම් කියන්න දන් නැ අප්පා... ඇවිත් නැද්ද කොහෙද...ආ එකක් තියෙනවා.. මට පොත් කියවන්න තියෙනවා කන්න බොන්න වත් උවමනාවක් නැ නොව... ඉස්සර පොඩි කාලේ මම කියන්නේ මම කවදාහරි බදින්නේ ගුණසෙන කාරයගේ පුතාව කියලා නේව.. එහෙම එකෙක් ඉන්නවද මන්දා ඉතින්.. දන්නවා නම් මට කොන්ටැක් කරන්න හරි.. ආයේ කියන්නම් බනියො ලිවිල්ල නම් එලට ලියලා.. ඔහොම්ම දිගටම ලියමු හරිය...

    අහ්...මේ ඔබතුමාටත් සුබම සුබ නත්තලක් වෙවා...

    ReplyDelete
  5. ලිපිය මාරය.......

    ‍පොඩි කාල‍යේ සිට තාමත් නිව්‍මෝනියාවටත් එහා ගිය මැ‍රෙන්න ආසන්නවම ඇති උණ සත්තුන්ට ඇති ආසාවය. සත්තුන් දැක්කාම ‍වෙව්ලා උණ වැඩිවී ඒකාව සුරතල් කර අතගා බැලීමට තරම් උත්සන්න වේ. (තාමත් ‍හොඳ නැත. )

    පසුව එක එක උණ සෑදුණි. කලක සිට ඉ‍ලෙක්‍ට්‍රොනික් උණක් ඇත. තාම ‍බෙ‍හෙත් ගත්‍තේ නැති බැවින් එයද මද පමනින් උත්සන්න ‍වෙමින් ඇත.

    තව එක එක අසාමාන්‍ය උණ පවතී.

    අන්තිම ටිකනම් පරම සත්‍යය. මාරයා නියම කල දිනට යාම සිදු විය යුතුමය. එය අමතක කලවුන් අමරණීය වන්නට ‍පොදි ගසාගනු දැකිය හැක.
    කාලය වටී උවද දැන දැනම නාස්ති කීරීම සැ‍වොම ‍ගොඩක් විට කරයි.

    කම්මැලි කම අතහැර ලියන්නට කී නිසා දිගැති ක‍මෙන්ටුවක් ලී‍වෙමි. දිග වැඩි නම් සමා වුව මැනැවි.........

    ReplyDelete
  6. අනේ බනියෝ..බොලාට පහු ගිය දොහේ මූණු පොත් උණ වැළදී තිබුණා මතක නැතිද..කොච්චර උණද කිව්වොත් මෙ බ්ලොගය පාළුවට ගොහින් තිබුණා අපට මතකය..
    දැන් දැන්නං ඉක්මනින් පෝස්ට් දැමීමෙ උණක් වැළදීගෙන එන ආකාරයක් දිස්වෙන කල අපටද හැපීයෑ..එළයෑ..පට්ටයෑ..මාරයෑ..හුටා ඒ මායෑ..

    ReplyDelete
  7. මල් හතයි ....කියා දැම්මාට වරදක් නැත

    ජය වේවා !!

    ReplyDelete
  8. මටත් දැන් නම් උණක් වැළඳෙන සෙයක් පවතී, දැන් හොඳටම හෙම්බිරිස්සාවය. ඔන්න කිවිසුමක් යන්න එන්නේ........ හචිස්......හම්මේ...
    මේ කිව්වේ නම් ඔය කිව්වා වගේ උණ නොව, හෙම්බිරිස්සා උණ ගැනය.

    ඔබටත් සුභ නත්තලක් හා සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  9. මේවා කියවද්දී නැති උණත් හැදෙන බවක් පෙනේ. නමුත් ඉන් කම් නැත. බනියාට ඇති උණවලින් කිපයක් මෙන්ම ඊටත් වඩා විවිධාකාර වූ උණ වර්ග රැසක් මේ කතා හසියාටත් වැලඳී ඇති බවත් ඒවායි කීපයක් මේ වනවිට සුවපත්ව ඇති බවත් තවත් කීපයක් සුව වීමට තවත් චිරාත් කාලයක් යන බවත් සතුටෙන් දන්වමි :))

    ReplyDelete
  10. මචන් සති අන්තේකට අවසාන කටයුතු සිද්ද වෙන විදිහක් බලලා හයිස්පීඩ් පලයන් මචන්

    ReplyDelete
  11. @෴ හසියා ෴
    හිහ් හිහ් හිහ් බොලට තියෙන්නෙ මගේ උණ සෙට් එකමනේ. බෝ උනාවත්ද? :D

    තැන්කූ කෙම්න්ටුවට..

    @නිම්ශා.. හාහාහා :D මම කියන්නම් ගුණදාස මහත්තයාගෙ පොත් හොයන්ට ඔනේ නැ.. මම පොත්කඩයක් දාගන්නම් ? :P

    ReplyDelete
  12. @හා පැටික්කි.. කිසිම අවුලක් නැ දිග කමෙන්ට්ටුවක් දැම්මට.. මම ස්තුති වන්ත වෙනවා මගේ කීම ඇහුවට :D
    ඔයාගේ උණ නම් සනීප වෙන්නම එපා.. ඕක සනීප උනොත් සත්තුන්ට වෙන පාඩුවක්නේ :D

    @මාරයා.. අනේ නැ බං මාරයියේ.. මුනූපොතේ ඔන්ලයින් උන්නට එකෙක් එක්කවත් චැට් එකට යන්නැ..වැඩ වැඩ වැඩ... :-/ මේ SBI gtg එකෙන් ආපු කික් එකට ලියාගෙන ලියාගෙන යන්නෙ :D

    ReplyDelete
  13. @හිස් අහස..
    මල් 7ද අදසිට තහනම් :D

    @Madhawa Habarakada
    හාහා උබ මේ වැහිකාලේ තෙමිලා.. සමයං එකක් බීහං :P

    @Hasitha හිහ් හිහ් හිහ්.. බොලාගෙ උණ වල් සනීප නොවේවායි පතමි.. උණ වර්ග හැදෙන් නැත්නම් ඉගනීමකුත් නැනෙ :)

    ReplyDelete
  14. @ම.

    බය වෙන්න එපා උබට බොන්න ගෙදරට හරි එවන්නම් :P

    ...........................
    කියවා බලා කමෙන්ට් කිරිමට කම්මැලි කමේ ගිය උන්ටත් ස්තූතී වේවා :D :D

    ReplyDelete
  15. මටත් ඔය වාහන උණ නං තදේටම තියනවා. ඔය කොරොල්ලා ඇලියොන් ප්‍රයිම් මූවර් එකී නොකී සියල්ලටම අමතරව තව තව උණද තිබේ. කට්ටියම එක අත්තෙ වගේ. මෝටර් උණ තදට නැතත් ටිකක් ඇත.

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.