සුර්්‍යා පායලා දිලෙන්නෙ.. පරිසරේ සුංදරයි ලස්සනයි..
අනම් මනම් ඔන්නැ.. කතාව මේකයි
(වැරදිලා වත් එකෙක් හරි අහන්න එපා මේක බනියාට උන එකක්ද කියලා.. එහෙම උනොත්.. මේ හාවා නරක හාවා කියන්න එපා හරියේ) :D :D
ඔන්න බනියයි.. බනියාගේ අති(ප)ජාත පාපමිත්‍ර සේනාවයි.. ආතල් එකේ ක්ලාස් කට් පාරක් දාලා කයියක් ගගහා ඉන්නවා..
කට්ටා: හම්මට සිරි.. මචං උබලාට කියන්න විද්‍යාව තමා යකෝ මගේ ජිවිතේ කෑවේ..!
නුවන්: ඒ මොකද බං ?
කට්ටා: උබට කියන්න බං.. මං දවසක් ගහක් යට උන්නා මචං සිරාවට සිංදුවක් කියාන හරිද..
සුප්පු: නෑ..ඉතිං කාක්කෙක් කක්කා කලාද ?
කට්ටා: නැ යකෝ.. මගේ ඔලුවට වැටුනා මචං.. හෙන චූටි ගොබොල්ලක්..
නුවන්: අම්මට සිරි.. ඒක තමා මචං... මං නිකමට එත් බැලුවා උබට අනක් එනවාද කියලා.. ඔලුව තාම ගෙඩි ගැහිලානේ ?
කට්ටා: නැ බොල.. මට ඒක වැටිච්ච ගමන්ම සිහි උනේ.. අර ඇපල් ගහක් යට උන්න එකා.. ඌ බං වැරදිලාහරි.. පොල්, කොස්, වරකා, දුලියන් වගේ ගහක් යට උන්නා නම් ? අපිට මෙහෙම දුකක් නැනේ බං..!
නුවන්: උබේ කතාවත් හරි බං. ඔය අනම් මනම් ඔලුවට දාගත්තු උන් නැත්නම්.. බං අපි මෙහෙම කටු කනවද ?
බනී: අඩොව්.. අර බලපල්ලා.. තලගොයෙක්..
කට්ට: අම්මට සිරි.. මොනාද හාරන්නෙ ඌ.. බිත්තර වගයක් නේද ?
නුවන්: ශිකේ පවුකාර සතා.. මොනාද දන්නැ බිත්තර කනවා.. ඉක්.. අප්පිරියිය..! :-/
සූප්පු: අඩෝ කට වහගනිල්ලා.. ඕක තමා ආහාර දාමය..!
කට්ටා: අනේ කට වහගනින් සූප්පුවෝ.. අහාර දාමය කියලා කොහොමද.. ඌ මහ පවක් කරගන්නෙ..
(කට්ටා ඌව එලවන්න ලැස්තිවෙයි)
බනී: ඔන්න ඔහොම ඉන්න දියං බං.. ඕක එලව්වාට ආයේ එනවානේ..
කට්ටා: එහෙම කොහොමද යකෝ ? බලපං ඔය බිත්තර වල අයිති කාරිය.. කොච්චර දුකක් වේදනාවක් විදලාද බිත්තරයක් දාගන්නෙ ? ඌ මිනිහා එක්ක "මෙව්වා" කරලා.. මාස ගානක් බලන් ඉදලා.. පැටියෙක් බිහිකර ගන්න දගලන්නෙ.. මේ යකා ඒකිගේ හීන ඔක්කෝම බොද කරන්න නේ හදන්නෙ ?
බනී: හාහා කට වහගනින්.. අපෝ උබේ කට නම් අම්මපා...!
ආ ළමයි.. විද්‍යාව පාඩම මෙතැනද කරන්නෙ ?
කට්ටා: බලපං මචං මේ #ස තලගොයා.....
අඩෝ විද්‍යාව සර් යකෝ...............!!!!!
පා:ලී:
කට්ටාට එදා සර් අතින් සිදු ඌ දේ තවමත් අප දන්නෙ නැත.. කට්ටාගේ සියලුම වචන සැට් එක සර් විසිං අසා තිබිනි.. බ්ලොග් එක්ක තුල කුණුහරුප ලිවිය හැක.. ඒත් හාවා හොද එකා නිසා ඒ කිසිවක් නොලියෙව්වෙමි (මුගේ බොරු, සිංඩිවලින් එලවනවා නේ;)
සෝ කතාව තෙරුනාද මංදා.. තෙරුන් නැතත් මට කරන්න දෙයක් නැනේ ඉතිං.. මොනා කරන්නද නේද ? :D හික් හික් :D
නෑ:ප:ලි : "මෙව්වා" යන වචනයට වෙනත් සුද්ද සිංහලයේ ඇති අගනා වචනයක් දන්නෝ ආදේශ කරගත්වා..!!! සර්ට මල පැන්නේ ඒකටයැයි අපිට ආරංචී විය..!
PirateBunny෴
.
බලපන් බනියෝ උබ මෙතන හෙන හොද එකා පාට් එකක්නේ මවලා පෙන්නලා තියෙන්නේ ඇත්ත කියපිය තෝත් කුණුහර්ප කියලා කෑවා නේද ගුටි
ReplyDeleteහිකිස්..මරු විද්‍යා පාඩම.. :P
ReplyDeleteවැඩේ කියන්නෙ එක සැරෙන්ම මෙවුව කොලට මෙවුව වෙන්නෙ නෑනෙ.... සමහර විට එකසියගානට මෙවුව කොරල වෙන්න ඇති මෙවුව කරගත්තෙ :D
ReplyDeleteකට්ටා සර්ගෙන් බඩ කට පිරෙන්න කෑවද ...
ReplyDeleteසුවර් එකටම බනියා තමයි කාලා තියෙන්නේ සර්ගෙන් “ජල ගුටි“...
ReplyDeleteපෙනේද මෙවුන්ගෙ තියන ඇට්ටර කොම,ක්ලාස් කට් කරලා
ReplyDeleteහිහි හිහි ....අනේ ඇනේ බනී ඔයාටත් මෙව්වා වෙන්නෙ මාර එව්වා නේද?
ReplyDeleteචිකේයියා...කුණුහරුප...අපිනම් ඕව කියන්නෙ නෑනේ. හතර පෝයටම සිල් ගන්නව. බොරුනම් බලන්නකෝ. මම තාම බ්ලොග් කෙරුවාවට අලුත් නේ. මෙන්න ලින්ක් එක. ගිහිල්ලම බලන්නකෝ යහපත් හිච්චි කොල්ලා... ;)
ReplyDeletehttp://hichchikolla.blogspot.com/
අනේ උඹලගෙ විද්‍යා පාඩම. වෙලාවට සර් ආවෙ. නැත්නම් තව දුර යනවා...
ReplyDelete