Wednesday, December 15, 2010

පොලිස් කතා..

    න්නා මැල්වෙයාර්, අර වෙයාර්, මගේ වෙයාර්.. ඔක්කොම කරදර වලින් ගැලවිලා අයේ නැවුම් සිතින් සාදු කාරයක් දෙන්න පිංවතුනී...

මේ මොන මගුලක්දැ ? :S මූට විකාරද මංදා....

මේ පේනවද බනියා ඇවිල්ලා... මේ මේ ? මේ ඉන්නෙ.. අන්න ඌ තමා..

මාත්තුරුකාව දැක්ක ගමන් පේනවානේ බකට් එකක් කියලා ? ඔව්වොව් බකට් එකක් තමා..
එකක් නම් මදැ. 2-3 ක්ම... මෙන්න මේකයි සිද්දිය හරියේ..

කතා අංක 1 ක..

           බනියාලාගේ තාත්තායි බනියයි දවසක් වැඩක් කර කර ඉන්න ගමන් කෝල් එකක් ආවා...ම්ම්ම් ආවේ එසේමෙසේ කෙනෙක් ගෙන් නෙවේ... කවුද දන්නවද ? පොලිසියේ OIC මහත්තයාගෙන්... (හෝව් හෝව් දුවන්න එපා... අල්ලන්න ආවේ නැ ඔයාව :P)


තාත්තා : හෙලෝව්....


OIC: #$^%$#$@%$^&*^%%&#


තාත්තා : ආ හරි හරි


OIC: %$#%*&&@%$*%@*@


තාත්තා : හරි හරි මම එවන්නම්.. 

මේ මොන මගුලක්දැ.. මට ඇහෙන්නෙ නැ කවුද කතාකරන්නෙ කියලා....

දන්නවානේ වැඩිහිටියන්ගේ කතා පොඩිහිටියෝ අහන් ඉන්නේ නැහැ නෙවැ.. (අනේ මුගේ පොඩි)

ඉතිං බනියාට මාර කුතුහලේ.. අහම්දෝ නොහාම්දෝ..

"ඉබ්බා ගඟට දාද්දි, අනේ දාපං කොල්ලො කීවාලු"..

තාත්තා කියාපි පොලීසියට ගිහින් වරෙන් කියලා.. හුටා..මේ මොන වෙඩිං එක්ද කඩා පාත් උනේ .. මම උඩ ගියා..
ඔයාලා දන්නවානේ මේ බනියා අංතෙටත් තච චුට්ටක් එහා අහිංසකයා (මම කියන්නැ)

බනී: ඒ මොකද තාත්තෙ ඒ ?

තාත්තා: අන්න පොලිස් මාමා කෙනෙක් මැරිලාලු..

බනී: නියමයිනේ :D

තාත්තා: අනේ කට වහාගනින්

බනී: කට වහගෙන කොහොමද කතාකරන්නෙ ?

තාත්තා: උබට පංඩිත කම් ඔනේ නැ.. අන්න OIC මහත්තයයි තව පොලිසියේ 2-3
දෙනෙකුයි ඒ මල ගෙදර එක්ක යන්න වාහනේ එවන්න පුලුවන්ද ඇහුවා.. මම හා කිවා

බනී: (කවදා කාපු ඇස්බැස්ටෝස් ශීට්ද) දැන් මමද යන්න ඔනේ ?

තාත්තා: එහෙනම් උබ මේ වැඩේ කරපං මම යන්නම්

බනී: හෝව් හෝව් හෝව්... එපා තාත්තේ දුර ගමනක්නේ, මම යන්නම් ;-)

තාත්තා: එහෙනම් ගිහින් වරෙන්.. පොලීසියට ගිහිල්ල අහන්න OIC මහත්තයා කොහෙද කියලා..

බනී: අනේ තාත්තෙ මම ඔය මගුල ඇතුලට වැස්සකටවත් ගිහිල්ලා නැනෙ...

තාත්තා: ඉතිං අද යනවාකෝ..

බනී: අර මෑන්ස්ට.. නෑ නෑ මේ OIC මහත්තයාට  එන්න බැරි වේද එළියට..

තාත්තා: ආ එහෙනම් මම කියන්නම් එළියට එන්න කියලා..

බනී: හරි හරි මම යන්නම්...

ඔන්න බනියා නමෝ විත්තියෙන් ගියා පොලීසියේ ගෙට්ටුව ගාවටම.. කොල්ලා නිකන් පොර වගේ නැවැත්තුවා ගෙට්ටුව ඉස්සරහාම.. (වෙනදා ඔතන අහලකිංවත් වාහනේ තියන්නැ :D )
ඔන්න එනවා බනියා විතර වගේ 3 යි කාලක් විතර ඇති මනුස්සයෙක්...

ම්ම්ම්ම් මේ බනියාද ?

බනියා: ඔව් ඔව් මම තමා බනියා..

ආ මම තමා OIC

බනියා.. ආ මාමේ මට මේ තාත්තා එන්න කිවා කොහෙද යන්න ඔනේ කියලා..         (මාමා හිහ්හ් හිහ්හ් ;-)

OIC : ඔව් ඔව් පුතේ මේ මලගෙදරකට යන්න ඕනේ බද්දෙගමට එහා..

බනියා: හුටා.. හේමද.. මම පාරවල් දන්නැනෙ ?

OIC : අවුලක් නැ පුතේ මම කියන්නම්..

බනියා: එළකිරි.. හෙනම් යං..

ඔං ඉතිං OIC මහත්තයි පොලිසියෙ දෙවනි මහත්තයයි.. ඒ මහත්තයාලාගේ සේනාවයි. සේනාව කීවෙ ඔක්කොම 4 දෙනයි ගියේ... හිහ්හිහ්හ්හිහ් :D

ඔන්න දැන් අර පාරෙන් මේ පාරෙන් අර වංගුවෙන් මේ වංගුවෙන් හැරි හැරි යනවා...

ඉතිං බනියා නෝර්මල් එකෙ 40 ට වගේ තමා පාගලා ගියේ.. කියන්න බැනේ.. නීතිගරුක මහත්තයෙක් ඉස්සරහා තියාගෙන 40 ට යන පාරේ 60 ට පාගලා නිකං අනම් මනම් අහගන්නෙ මොකටද නේ ?

අනේ මංදා OIC මහත්තයා ගේ මූණ බෙරි වෙලා.. ඉවසලා ඉවසලා බැරිම තැනද කොහෙද කියාපී සාජන් මේ පුතා එක්ක කොළඹ ගියොත් නම් දවස් 2 ක් වත් යාවී නේද ?..
(හුටා.. මේ මොන විලිලැජ්ජාවක්ද උනේ... 80-100 ට පාගන කොල්ලාට ඔහෙම කතා කියන එක වැරදියිනේවැ.)

OIC: හැබැටම පුතේ මීට වඩා වේගෙන් යන්නම බැරිදැ ?

ඊට පස්සෙ උණ දේ කියන්න ඔනේ නැනේ ?

සම්පූර්ණ ගමණට ගියේ පැය 1.30 යි... අපි ආයේ ගාල්ලෙ..

පිටි පස්සෙ ආපු සාජන් මහත්තයා නම් පොලිසිය ගාවට ගෙනැල්ලා බැස්සුවාම කීවේ..
පුතේ පරිස්සමින් යන්න හොදේ... :P

පා:ලී   හැබැටම අපි දවසක් යන්න ගන්න දුර ගමනකට OIC මහත්තයෙක්ව දාගෙන ගියොත් වරුවෙන් යන්න පුලුවන්නෙ ? ඉතිං වදේ ලංකාවේ පාරවල් දියුනු කරන්නෙ මක්කටැ ? හැම වාහනේකටම OIC මහත්තයෙක් ගානේ පත්කරානම් ඉවරනේ :P

නැ.පා.ලී: මේ ගිය ගමනේදි බනියයි OIC මහත්තයායි එක්ක වගුරු බිම් ගොඩකරගැනීම පිලිබදව පොඩි උණසුම් වලියක් යන්න ගියා.. ඒකයි... ඊලග පොලිස් කතා 2 කුයි එක්ක බනියා ආයේ එනවා හොදේ... දන්නවානේ මම පොරොන්දුවක් දුන්නොත් දුන්නා තමා :D :D (අනේ පල බොරු නොකිය, කලිනුත් ඔහොම තමා කිවේ..)


                                                    හැමදාම බකට් පෙරලගන්න 
මම 
         Bugs Bunny


.

20 comments:

  1. පට්ට කතාව බනියෝ. පොලිසියත් එක්ක යද්දී මොකට බයවෙනවද පොලිසියට :)) පොලිස් කතා ටිකත් දාමු බලන්න ඉක්මණට. වටිනා කියන කතා ටිකක් වෙන්න ඕනේ :)))

    ReplyDelete
  2. පට්ට පට්ට බනියෝ .තවත් ලියමු බලන්න.....

    ReplyDelete
  3. ela ela..... next 1 pls ......

    ReplyDelete
  4. maru kathawa thawa damu hode

    PCW

    ReplyDelete
  5. හරි හරි... මටනම් දැන් ආරංචිය බනියා මේ ගැම්ම ඇඟට අරගෙන පොලීසියේ ඕ.අයි.සී ව දාගෙන ගෙවල් කඩන්නත් යන්න ප්ලෑන් කරනවා කියලා...

    ඔහොම යං... ඔහොම යං....

    මේ එක නෙමෙයි... ඕ.අයි.සී ලා හයර් එකට ගන්න ඉන්නවද ? එතකොට ඔය ට්‍රිප් එකක් එහෙම යනකොට කීයක් හරි ගෙවලා ඕ.අයි.සී කෙනෙක්ව දාගෙන ගියානම් ඔය සුදු ඉරි කැපිලි හයි ස්පීඩ් දඩ වලින් බේරිලා එන්න ඇහැකිනෙ....

    ReplyDelete
  6. හික් හික්.... අනිත් බකට කථා ටිකත් ඉක්මනින් දාන්නකෝ

    ReplyDelete
  7. එතකොට මූණුපොතේ ඔය කතාවට කවුද කියල තිබ්බෙ "අපිට OIC මාමලා නෑනෙ" කියල.

    OIC බොලාගේ මාමණ්ඩියද ?

    ReplyDelete
  8. හහ්... මෙන්න වැඩක්... එයලා එලියේ ඉද්දි හයියෙන් යද්දි දඩ කොල මරනවා... එයාලව ඇතුලේ දාන් යද්දි එයාලාම හයියෙන් යන්නත් කියනවා... හහ්... :( ඇයි වඩේ....( වඩේ කිව්වේ මේ වදේ..) ඔය දඩ ගහද්දි මතක් වෙන්නේ නැද්ද දන් නැ.. අපිටත් මල ගෙවල් මගුල් ගෙවල් ඔක්කොම කෙහෙල්මල් අපිටත් තියෙන්වා...( නැ නැ මේ ආපු ගමන් බැන්නා නෙමේ බනියො.. කෙන්ති යන්නේ නැද්ද අප්පා... :) හරි හරි ගතියට ලියලා.. අහ්.. අර වරහන් ඇතුලේ එව්වා නම් කොර..)

    ReplyDelete
  9. මේ බනියෝ ඕ.අයි.සී. කාරයාගේ ඩමියක් තියාගනින් ඉස්සරහා සීට් එකේ....
    වැඩේ ලේසියි....
    මේ ඇත්තට බලපන්කෝ...ඕ.අයි.සී. කාරයට තේරුණදේ අපේ මේ ආණ්ඩු පක්ෂේට විපක්ෂෙට තේරෙන්නේ නැති හැටි....
    ස්පීඩ් අල්ලන මාමලටත් අවුලක් නෑ හයිස්පීඩ්...ඒත් ආණ්ඩුපක්ෂෙටයි විපක්ෂෙටයි ලොකු අවුලකිනේ තියෙන්නේ.....

    ReplyDelete
  10. හික්... එල බොලව්!

    ReplyDelete
  11. හිමින් එලවපන් බන්. මොකක් බන් වාහනේ ?

    ReplyDelete
  12. bannyata giya kala.. apooooi.. monawa unath haawa mata wada hodai.. boru porondu dunnata mehema hari blog post ekak liyala ne.. :D :D

    me barida oya OIC uncle wa mata adunnala denna?? me gewal paththe kollek innawa podi saddayak dammawanna ane..

    ReplyDelete
  13. @hasitha හිහ් හිහ් තැන්කූ මචං, වටින කතාද මන්දා :D ඉක්මනටම දාන්නම්..

    @Sachin තැන්කූ සහෝ :)

    @sameerausa තැන්කූ බොටත් :D

    @Friend ඔබටත් ස්තූතියි..!

    ReplyDelete
  14. @Anonymous ස්තූතියි :) දානවා දානවා :D

    @දුමී.. ඔව්වොව් මම OIC දාගෙන පියාබලා එනවා. මුලින්ම කඩන්නෙ දුමී අයියාලාගෙ ගෙදර :P අදහස දුන්නට සලකන්ට එපැයැ නැද්ද ? :P

    හැබැටම ඒකත් ඔව්.. ට්‍රිප් එකක් යනවානම් පාරේ ඉන්න පොලිස් මාමා කෙනෙක් හරි ඇදලා දාගෙන වාහනේ ඉස්සරහයින් තියාගන්ට ඔනේ :P

    ReplyDelete
  15. @හසී හරි හරි ඉක්මනටම දාන්නම් :D

    @chanakalin අපෝ පික්සුද බං..OIC මාමන්ඩිලා නම් හීනෙන්වත් නොහිතම් :D

    ReplyDelete
  16. @නිම්ශා හා හා ටීච.. ඔහොම කේන්ති ගත්තොත් වයසට යයි ඉක්මනටම :D බෝම තැන්කූ චූටි ටීච :D

    @෴ හසියා ෴
    අන්න ඒකත් නියම වැඩක්.. ඩමියක් හදාගත්තා නම් :D
    ඔව් බං.. මේ නීතී ක්‍රියාත්මක කරන අයට නැති උනක්නේ ඕවා හදන උන්ට තියෙන්නෙ.. කතාකරලා වැඩක් නැ උං ගැන නම්...

    ReplyDelete
  17. @Kanishka | කණියා
    තැන්කූ හිනාවට :P

    @Hasitha ජයසූරිය
    මොකැ බොලව් ? :P තැන්කූ කමෙන්ට්ටුවට..

    @Thilina.
    අවුල බං මම ඔය හෙමින් වචනෙටවත් කැමති නැති එක :D මම දන්නවා කවදා හරි අතක් පයක් කඩාගන්න එක ශුවර් කියලා බොහෝ දුරට ජීවිතයම.. ඒත් ඉතිං මැරෙන දවස බැහැයි නොකියා මැරෙන්නයි අද දවසේ සතුටිං ඉන්නයි මගේ කැමැත්ත :)

    වාහනේ මචං මිශ්ටුබිශ් ඉස්ටාර්ඩා කැබ් එකක් :)

    ReplyDelete
  18. @නිරහංකාර අහිංසකාවි
    හිහ් හිහ් හිහ් :D:D

    ආ කවුද අහිංසකාවිට සද්ද දාපු එකා ? මට කියන්න මොකක් හරි ආයේ කීවොත්..මම පැනලා දුවන්න :P


    .....................
    බලලා ගිය උන්ටයි.. කමෙන්ට් කල උන්ටයි නැවතත් ස්තූතියි.... :)

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.