Saturday, May 15, 2010

වේගය පිනවයි..But මරුවා කැදවයි..!

කොහොමද ඉතින් යාලුවනෙ ? කාලෙකින් අවේ මේ පැත්තෙ. ගොඩක් දෙනා අහනවා මොකද අලුත් ලිපියක් නැත්තෙ කියලා..ඉතින් හැමදාම කියන බොරුව කියලා ශේප් උනා :D

ම්ම් කියන්න කියලා කිසිම අදහසක් එන්නෑ අප්පා, මගෙ අදහස් IC එක පිච්චිලද කොහෙද :D  මේ දවස් වල මම පොඩි වැඩක් කරගෙන යනවා, දන්නවද මොකක්ද කියලා ? (දන්නෙ කොහොමද බන් මෙක කියවන උන්ට හිත් කියවන්න බැනේ) හික් හික් හික් ඒ මගේ හිත හොදේ :P  මේකයි වැඩේ මෙ දවස්වල මම සූටිම සූටි කෙටි කතාවක් ලියනවා :D එක ලගදීම බ්ලොග් එකේ පල කරන්නම්කෝ..!!

ඔන්න ඔය අස්සෙ හැමදාම වගේ බනී කොල්ලා තවත් බකට් 2-3 ක් ම පෙරල ගත්තා, මෙකයි උනේ

බකට්‍ No 1     : ඔයාලා දන්නව ඇතිනෙ මට රිවස් එකට උනත් 40-50ට යන්න දගලන මිනිහා කියලා :D ඔන්න ඉතින් තාත්තා වෑන් එක දුන්නා මල්ලිව ඉස්කෝලෙන් එක්කන් එන්න කියලා. මේ වෙලාවේ තද වැස්ස..! ආයි මොකද ඉතින් වැස්සේම වැන් එකක් ගෙනියනවා කියන්නෙ ඉතින් මල් 7 යී..! ඔනේ මගුලක් කියලා වැස්සෙම ඇරලා දාලා ගියා..මල්ලිට බඩ ගිනිත් ඇති නෙවැ  :P ගියපු ගමන්නම කොල්ලා ටාස්න් බාප්පා වගේ ගෙපලක් අයිනෙන් රිවර්ස් කලා හැරෙව්වා රූන් ගාලා අවා මල්ලි වැන්එකට නග්ග ගත්ත...සුරුස් ගාලා අවා..! අයී මොනවයි ගෙදරට එන කොටම තාත්තා ඉන්නවා අත්දෙකත් බැද ගෙන ඔරොප්පූ මූඩ්‍ එකෙම.. !!

තාත්තා : ඈ යකෝ කවුද බොට ලැයිශන් දුන්න එක ?

මම : එක්සැමිනර්නේ !!

තාත්තා : එක්සැමිනර් ? ඌ කිවද යකෝ වැස්සෙ 80ට විතර යන්න කියලා ?

මම : "ඔලුව කසයි" (උකුනොද මන්දා) නෑ ඉතින් මම වැස්සෙ බ්‍රෙක් චෙක් කරන්නත් එක්ක පාගලා අවේ..ඔන්නම් මල්ලිගෙන් අහන්න මම බ්රේක් චෙක් කරේ නැද්ද කියලා (ඊට දවස් දෙකකට කලින් පොඩ්ඩක් බ්‍රේක් ඇජෙස්කලා පුතංඩියගෙ හැටි දන්නවනේ තාත්තා :D )

තාත්තා : කවුද උබට කිවේ පාරේ යන ඇවුන්ව නාව ගෙන යන්න කියලා ?

මම : ඈ පිස්සුද මම නැව්වේ නෑ...!! මිනිස්සු එන තැන් වල මම ස්ලෝ කලානේ !!

තාත්තා : එහෙනම් බලපිය අර බාසුන්නහෙගෙ ඇගේ තියෙන වතුර පාර..! (එයා අපෙ ගෙදර වඩු වැඩ කරන්න අපූ බාස් කෙනෙක්)

මම : (හුටා.! මූ නෑවිලනෙ) ඈ බාසුන්නහෙ හොදටම ශුවර්ද මම පාගලා ගිහින් වතුර වලකින් ඇල්ලුවා කියලා ?

බාස් උන්නැහැ : නැතුව පුතේ මට හොදටම ශුවර්...! අනික මේ වගෙ සුදු වැන් එකක් තියෙන්නෙ මෙක විතරයි (නම්බර් ප්ලේට්‍ තියෙනවා හරිද !) :D

මම :  (නොදෝකින්..! මේ මනුස්සයම තෙමිලනෙ.) ම්ම් මොනා කරන්නද ඉතින් මම දැක්කේ නැනෙවැ.

තාත්තා : තෝ මනුස්සයෙක් යට කරලත් දැක්කෙ නැ කියාවි..!

මම : (අදනම් උකුණො ඔලුවෙ පිලුම්ගහනවද කොහෙද) මම ඉතින් බ්‍රේක් චෙක් කරානේ !!

තාත්තා : බ්‍රේක්..!  හෙමින් ගියානම් ඔය මගුල ඔන්නෑනේ !! අනික හෙමින් ගියාම අනතුරක් වලක්ව ගන්නත් පුලුවන්. ! පාගලා ගිහිල්ලා බ්‍රෙක් ගැහුවනම් ලිස්සලා ගිහිල්ලා පෙරලෙන්නත් තිබුනා..!!

මම :  ඔව් එකනම් ලර්නර්ස් එකේදිත් කිව්වා..! වහින කොට හෙමින් යන්න කියලා..!

තාත්තා :   ඈ යකෝ එහෙම කියලත් තෝ යන්නේ හයියෙන්ද ? මගේ වැරැද්ද..සම්පූර්ණයෙන් ලර්නර් දැම්මෙ නැ මම හිතුවෙ පොඩි එකා කාලේ ඉදන් වහනේ ගෙනියන නිසා ඔවා දන්නවා ඇති කියලා..!! ඔනෙ එකක් කර ගනින් මම දන්නැ..හැප්පිලා මැරුනොත් පෙට්ටියක් ගෙනැල්ලා දාලා වලලලා දාන්නම් !!

මම : (යන්තම් ගැලවිනි :D)  ඒත් ඉතින් වැන් එක අපි ටැස් කොරලා තියා ගන්න එක හොදයිනෙ..!

තාත්තා : මටනම් ටෙස් කරන්න ඔනේ නැ මම යන්නෙ හෙමින්.! මට යන්තම් බ්‍රේක් තිබ්බත් ඇති.!

මම : අපෝ එහෙනම් වාහනයක් ගත්තෙ මොකටද ? පයින් යන්න තිබ්බනෙ..!

බාස් උන්නහේ : එකනෙ මහත්තයෝ මේ මාත් ඔක අහන්න හිටියෙ..හැබැටම හෙමින් යනවනම් වාහනයක් ඔනේ නැනෙවැ.!

තාත්තා : (මගෙ දිහා රවා බලයි) හා ගිහින් දැන් වැන් එක හෝදපිය..!!

මම : (හුටා..! බනියා නහින්නෙ කට නිසාලූ)  හා හොදන්නම් ඉතින්...!

මෙ ඔක්කොම අසා සිට බාසුන්නහේ මෙන්න මෙහෙම කතාවක් කිවා අන්තිමට

හැබැටම පුතේ මාව නාව ගෙන, ඉස්කෝලෙ ගාවට ගිහිල්ලා, මල්ලිත් අර ගෙන, ඇවිල්ලා ගෙදරට එන කොට තමා මාත් අවේ..! හික් හික් ඒ බාසුන්නහේ බයිසිකලෙන් 400m විතර ප්‍රමාණයක් තමා එන්න තිබ්බෙ මම ඒ ඩිංගට ගිහිල්ලා ඇවිල්ලා. හිතා ගත්තැහකිනෙ වේගේ ?

මම මේ පොස්ට් එක දාලා පොර වෙන්න දගලන්නෙ නැ..මම කියන්නෙ මෙකෙන් ගන්න තියෙනවනම් අදර්ශයක් ගන්න..! ඇත්තටම අපි වේගෙන් ගිහිල්ලා සිත පිනව ගත්තට එකෙන් වෙන අනතුරූ දායක තත්වය ගැන හිතන්නෙ නැ.! අපි කොතරම් අරක්ශා කාරී විදියට ගියත් පාරේ යන මිනිස්සුන් සමහර විට නොසැලකිලිමත් වෙන්න ඉඩ තියෙනවා..! ඉතින් එවැනි අනතුරක් වෙන් ගියොත් සාමාන්‍යයෙන් අඩුම ගානෙ අනතුරේ බලපතර කම අඩු කර ගන්න හරි පුලුවන්..!

සාමාන්‍යයෙන් අනතුරක් වෙන්න ගියොත් එක වලක්ව ගන්න පුලුවන් ක්‍රමය 2ක් කියලා දෙන්නම්.

1. වේගෙන් ගිහිල්ලා වාහනේ හසුරව ගන්න බැරි වේගෙන වගේ අවොත් ටක්ගාලා ඇක්සලේටරයෙන් කකුල අරන්, ක්ලච් එක පාගලා දෙවැනි ගියර් එකට දාගන්න, ඉට පස්සෙ ක්ලච් එක හෙමිට දෙන ගමන් බ්‍රේරේක් එක වැර දාලා පාගන්න (ඒකට රිදෙන්නෙ නැ:)

2. ක්‍රමේ තමා එහෙම වේගෙ අඩු කර ගන්න බැරිනම් කොහෙ හරි තියෙන තාප්පෙක වහනේ පැත්තක් අතුල්ලගෙන යන විදියට අල්ල ගන්න. වහනෙ පැත්තක් ඩැමජ් උනාට කමක් නැ ජීවිතේ බෙරෙනවනෙ !!

3 තනියෙම යනවනම් වහනෙ දොර ඇරලා එලියට පනින්න :D අතක් පයක් කැඩුනට ජිවිතේ බෙර ගත්තැහැකි :D

කොහොම බන කිවත් මටනම් 80 වෙන් මෙහානම් යන්නම බැ :D ඔන්න දැන් එකටත් කොක්කක් වැටිලා.. ඉස්සර වේගෙන් ගිහිල්ලා අහු උනොත් දඩ කොලේ ගෙවලා ශෙප් වෙතැහැකි
දැන් එව්වා හරි යන්නැ කෙලින්ම උසාවී දානවලු..!

දැන් කල් පනා කරනවා ඇති වේග සීමාවන් දක්වන පුවරු ගොඩක් පාරවල් වල නෑ කියලා.. ඉස්සර අපිට අයිතියක් තිබ්බා ඒ ගැන අහන්න. මතකනෙ දවසක් මාත් ඔක ඇහුවා කියලා කිවා.. :D
එත් දැන් එහෙම අහන්නත් බැහැ.. දැන් එම වැරැද්ද සලකන්නෙ, අදික වෙගයෙන් දාවනය, අනාරක්ශිත ලෙස දාවනය, නොසැලකිලිමත් ලෙස දාවනය කියන අංශ වලට. !

මේ ඔක්කොගෙන්ම වෙන්නෙ මේ අහිංසක බනියගෙ ආසාව නැති වෙන එක.. මොනා කරන්නද ඉතින්..ආංඩුවට සල්ලිත් එපැයැ නේද ? :-)

අපේ ඉතින් සමහර අයියලා අක්කලා දන්නවා උසාවී ගානෙ රිංගන්නෙ නැතිව ඔක ගොඩින් පොලිස් මාමලා එක්ක බේර ගන්න ක්‍රම.. මම කියන්න ඔනේ නැනෙ ? දන්නවනෙ ? දන්නෙ නැත්නම් කාගෙන් හරි අහගන්න හොදේ :D

බකට්‍ No 2 : සමාවෙන්ට ඔනේ දැන් මගේ අත රිදෙනවා පස්සෙ දවසක එකත් කියන්නම්කෝ  !! :D


ඉතින් මගෙ මෙ කතාව අසා සිට ඔබ සැමට බොහෝම පිං  ඈ ...
කෙටි කතාවකුත් සමඟ අයේ සමග හම්බු වෙමුකෝ...එතකම් අයුබෝවේවා !!


                                                                                                   Bunny...!

23 comments:

  1. අපාරදේ තාත්තට තිබුනේ හොඳවයින් ටොක්කක් දෙන්න . . .

    උපදෙස් ටික කියෙව්වාම් මතක් වුනේ ඉස්සර සැමුවෙල් ඇනස්ලි බර්ටි මර්සි ගේ "විනෝද සමය" ප්‍රෝග්‍රෑම් එකේ කෑල්ලක්.

    එකේ කියනවා බල්ලෙක් බුරාගෙන කන්න පැනගෙන එද්දී "කී කිරිඳිය" මොටක් හොයාගෙන බල්ලට දමලා ගහන්න කියලා ..

    ඒ වෙලාවට කී කිරිඳිය හොයනන් මතක් වෙන්නේ කාටද . . හික් හික් ඒ වගේ තමයි අර උපදෙස් ටික ගැනත් . .

    ReplyDelete
  2. ඒ දවස් වල මගෙත් ප්‍රියතම වැඩක් තමයි ස්පීඩ් යන එක. 80 මගෙත් සාමාන්‍ය ගාන හැබැයි 120 තමයි වැඩිම ගිහින් තියෙන්නේ. දැන් කියලත් වෙනසක් නැහැ. මේ ලඟදි නෙළුවට ගිය සංචාරෙදි ඕක අත් හදා බැලුවා ආයෙමත්. තව පොඩ්ඩෙන් ලයිසන් නැතුව කොළඹ එන්න වෙන්නේ, යන්තම් ගැලවුනේ අර කියලා තියෙන විදියට පොලිස් මාමාගේ පොඩි එකාගේ කැටේට දාන්න ගානක් දීලා. හික්..හික්..
    :D

    ReplyDelete
  3. හොද වෙලාවට එදා මැරතන් එක දවසේ කෑම අරන් එන්න යද්දී උඹට නොදී මං බයික් එක අරන් ගියේ. අනුන්ට උපදෙස් දෙන්න කලිං ඒ විදියට කරපං. නැතිතං වැදි බණ වෙයි.

    ReplyDelete
  4. කාලෙකින් හා පැටිය ලිපියක් ලියල... හැබැයි මාත් කැමති නම් තමයි අධික වේගයෙන් රිය පදවන්න.වෑන් එකක් නම් හොඳයි. කාර් වල ඉස්සරහ දිග වැඩියි නෙව...

    දෙවෙනි බකටි එක ලියන්න එන්නෙ කවදද?

    හැබැයි ඉතින් හා පැටියටම වැරදි කීව එකට මම නම් එකඟ නැහැ.ඇයි වදේ ශ්‍රී ලංකාවේ මහා මාර්ග කිවට ඒවා වරුසාව කාලෙට ඉතින් වාරි මාර්ග වෙනව නෙව. එහෙනම් තිබ්බෙ බෝට්ටුවක් අරන් දෙන්න. නැද්ද මම අහන්නේ ....

    ReplyDelete
  5. @දුකා :අනෙ මන්දා දුකා අයියෙ ටොකු කෙසේවෙතත් පොඩි කාලෙනම් කැවා හම්බානෙක කියලා :-) මතක් වෙනකොටත් චූබරයි වගේ :D
    මමනම් ඔය පොත් කියවන්න ටිකක් හොරයි :D මෙකයි පුස්ථකාලාදි පති එක්ක පොඩි වලියක් තිබ්බා..(එයාගෙ දූ නම් හරි ශෝක් අප්පා) :P

    හැබැටම මොනාද ඔය කී කිරිදිය කියන්නෙ ? අහලවත් නැති දෙයක් නෙ..අපිනම් දන්නෙ අහු වෙන පොලූ කැල්ලකින් නෙලලා අරින්න කියලා :-)

    මේකේ 1 සහා 3 එවනම් කරන්න අමාරුයි එත් 2 එක කරතැහැකි :-)

    ReplyDelete
  6. අපට තියෙන වාහන සහ පාරවල් අතර තියෙන්නෙ ප්‍රතිලෝම සම්බන්ධයක්..වාහන ගොඩාක් හොඳ ස්පීඩ් වලට සපෝට්..ඒත් පාරවල් බෑ කියනව..ඕකට හොඳ විසඳිම තමා මයික්‍රො වෑන් 2ක් තියාගන්න එක..කොච්චර දත කෑවත් වේගෙන් යන්න බෑ,,,ගියත් වැදිල මිස බ්‍රේක් වදිනව බොරු...ඒ වාගෙම වාහනෙ බ්‍රේක් ඩවුන් ස්පීඩ් එක හරිම වැඩි..2ක් ගන්න ඕනි හැපුනම සහ බ්‍රේක් ඩවුන්වලදි පාවිච්චි කරන්න .....

    ReplyDelete
  7. @Ansh Lucky Sri Jay

    හැබැටම උබ නෙලුව පාරෙද 120ට ගියෙ ? මම නම් හිතන්නැ :D එහෙනම් ඉතින් ගගෙ තමා ඉන්න වෙන්න :-) ඒ අපේ ගම බොල !! :-)

    ReplyDelete
  8. @ගයාන් තාරක, එකනෙ මම එදා ඔයාටම දුන්නෙ..බුදු අම්මෙ අපි කෙසේ වෙතත් කොල්ලනම් යනවා ඇරදාලා :-D

    ReplyDelete
  9. @wath අක්කෙ කාර් තමා හොදම අදික වෙගෙන් යන්න :-) මොකද ඉස්සරහා හොබ්බක් තියෙන නිසා වහනෙ හැප්පුනොත් ඉස්සරහා යන අයට වෙන ඩැමේජ් එක අඩු වෙන්න පුලුවන්, එත් වැන් එකක් එහෙම හැප්පුනොත් 80% විතර අනිවා මැරෙනවා !!

    ලගදිම ලියනවා :-)


    අනෙද කියන්නෙ ඔන්න වත් අක්කට විතරයි මෙක හරියෙටම තෙරුනෙ..!

    කො කො කට අරින්න රු 5 දාන්න :D

    අපේ පාර මේ ලගදි කාපට්‍ කලේ එහෙම වෙලත් වතුර වලවල් හැදිලා !! කාපට්‍ එකේ හොද කම තමා ඉතින්...!

    ReplyDelete
  10. @indi
    සහතික ඇත්ත..! හැබැයි නවීන වාහන වලනම් ABS කියලා බ්‍රේක් සිස්ටම් එකක් එනවා..! එකනම් හරි අපූරූ තාක්ශනයක්..! ලංකාවට එළට ගැලපෙනවා..!

    මයික්‍රෝ කිවෙ අර ලංකාවෙ හදනවා කියන එකද ? අපොයි එක කෝ‍රියන් වාහනයක් නේ ? එවනම් කොහෙත්ම ලංකාවට ගැල පෙන්නෙ !!

    ReplyDelete
  11. නියම ලිපියක්, මාත් කැමතිම දෙයක් තමයි වේගෙන් යන එක. හැබැයි අනෙක් පැත්තෙ සීට් එකේ ඉන්න කෙනාගෙ නම් බොක්ක හීට් වෙනව.

    ReplyDelete
  12. :D රේස් එකක් තියලා බලමුද බනියෝ :P

    වේගෙන් යන එක නරක වැඩක්මත් කියන්න බෑ. ලක්ෂ ගාණක් දීලා වාහනයක් ගන්නේ පැයට හැතැප්මයි වේගෙන් ගමනක් යන්නත් නෙවෙයිනේ....

    අධික වේගෙන් රිය පැදවීම ගැන මගේ අදහසනම් මේකයි. ජර්මනියේ Nurburgring ට්‍රැක් එක වගේ ( එච්චරම ලොකු එකක් නොවුනත් ) එකක් ලංකාවෙත් හැදුවානම් සල්ලි දීලා ඕනෙම කෙනෙක්ට තමන්ගේ වාහනෙන් වේගෙන් ලැප් එකක් යන්න අවස්ථාව දීලා, ඒ වගේ දේකින් ඔය හිරිය අඩුවෙයි නේද..? ඒ වගේ දේකට එකඟ වෙන සෑහෙන කට්ටියක් ලංකාවේ ඉන්නවා මට හිතෙන්නේ..
    එතකොට මාමලාට හොරෙන් හයියෙන් යන්න ඕනෙ නෑනෙ

    ReplyDelete
  13. බනී මල්ලි මේ වෙබ් සයිට් එකත් බලලම ඉන්න . .

    http://www.speakuporelse.org/

    ReplyDelete
  14. බනි අයිය මරු ජොලිනෙ ගන්නෙ...එල එල. අර ලියනව කිව්ව කෙට කතාවත් ඉක්මනටම දාන්න....මේකත් ඉතින් හරියට කෙටි කතාවක් වගේ තමා :D

    ReplyDelete
  15. බනියා නහින්නෙ කට නිසාලූ! හික්ස්
    බලාගෙන යනකොට මෙ බනියාත් එසේ මෙසේ බනියෙක් නෙමෙයි....

    ReplyDelete
  16. Praසන්ன.. ඒ ගැනනම් කවර කතාද...අපෙ තාත්තා එක්ක ගියොත් නම් මම හෙඩ් සෙට් එකක් අරන් යනවා :D

    ReplyDelete
  17. @හෙළයා. මාත් ඔට්ටුයි තියලා බලමු :D

    ඒ කතාවනම් සහතික ඇත්ත, එහෙම එකක් පටන ගන්නවනම් මම ඒ හරියෙන් ගේ හදා ගන්නවා :D

    වැඩේ තියෙන්නෙ එකේ අන්තිමට වාහන කෙසේ වෙතත් බෝට්ටු පදින්න වෙයිද දන්නැ...!

    ReplyDelete
  18. Leo Sadeepa...අයියෝ මම flash player එක දාගෙන නැ.. මගෙ අන්තර්ජාල සේවාව සීමිත නිසා වීඩියෝ නොබලන්න විකල්පයක් හැටියට :D

    ReplyDelete
  19. @හසිත ජයසූරිය ඔව් මල්ලි මේ ජොලි අයේ නාකීවෙලා ගන්නයැ... ගන්න කාලේ ගන්ට ඔනේ..
    ඔව ඔව ඉක්මනටම දානවා..ඉවසලා බලන් ඉන්නකෝ...! :-)

    ReplyDelete
  20. @හසී... ටිකක් දාන්ගලේ වැඩි උනාට බනී කොලුවා හරි හොද එකා :D

    ReplyDelete
  21. අප්පා මෙහෙමත් බනියෙක් , බලාගෙන !!

    ReplyDelete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. එළනේ අයියේ.
    මටත් ඔය හයියෙන් යන උනනම් තියෙනවා.මොක උනත් තාම වයස මදි නිසා ලයිසොන් නම් නෑ.හැබැයි කාර් එකේනම් ගියා පැයට 100ක් විතර.ඊට වඩා යන්න බෑ.වාහනේ පාවෙනව.නැත්නම් එළ.හයියෙන් යන්න ඕනනම් කතරගම යන්න.හම්බන්තොට හරියේ ඉඳන් පොලිස් මාමලා අඩුයි.මටනම් හම්බුනේ 2පලක විතරද කොහෙද....

    හික්z...


    http://kgdilanka.blogspot.com/2010/09/blog-post_22.html

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.