Saturday, May 15, 2010

වේගය පිනවයි..But මරුවා කැදවයි..!

කොහොමද ඉතින් යාලුවනෙ ? කාලෙකින් අවේ මේ පැත්තෙ. ගොඩක් දෙනා අහනවා මොකද අලුත් ලිපියක් නැත්තෙ කියලා..ඉතින් හැමදාම කියන බොරුව කියලා ශේප් උනා :D

ම්ම් කියන්න කියලා කිසිම අදහසක් එන්නෑ අප්පා, මගෙ අදහස් IC එක පිච්චිලද කොහෙද :D  මේ දවස් වල මම පොඩි වැඩක් කරගෙන යනවා, දන්නවද මොකක්ද කියලා ? (දන්නෙ කොහොමද බන් මෙක කියවන උන්ට හිත් කියවන්න බැනේ) හික් හික් හික් ඒ මගේ හිත හොදේ :P  මේකයි වැඩේ මෙ දවස්වල මම සූටිම සූටි කෙටි කතාවක් ලියනවා :D එක ලගදීම බ්ලොග් එකේ පල කරන්නම්කෝ..!!

ඔන්න ඔය අස්සෙ හැමදාම වගේ බනී කොල්ලා තවත් බකට් 2-3 ක් ම පෙරල ගත්තා, මෙකයි උනේ

බකට්‍ No 1     : ඔයාලා දන්නව ඇතිනෙ මට රිවස් එකට උනත් 40-50ට යන්න දගලන මිනිහා කියලා :D ඔන්න ඉතින් තාත්තා වෑන් එක දුන්නා මල්ලිව ඉස්කෝලෙන් එක්කන් එන්න කියලා. මේ වෙලාවේ තද වැස්ස..! ආයි මොකද ඉතින් වැස්සේම වැන් එකක් ගෙනියනවා කියන්නෙ ඉතින් මල් 7 යී..! ඔනේ මගුලක් කියලා වැස්සෙම ඇරලා දාලා ගියා..මල්ලිට බඩ ගිනිත් ඇති නෙවැ  :P ගියපු ගමන්නම කොල්ලා ටාස්න් බාප්පා වගේ ගෙපලක් අයිනෙන් රිවර්ස් කලා හැරෙව්වා රූන් ගාලා අවා මල්ලි වැන්එකට නග්ග ගත්ත...සුරුස් ගාලා අවා..! අයී මොනවයි ගෙදරට එන කොටම තාත්තා ඉන්නවා අත්දෙකත් බැද ගෙන ඔරොප්පූ මූඩ්‍ එකෙම.. !!

තාත්තා : ඈ යකෝ කවුද බොට ලැයිශන් දුන්න එක ?

මම : එක්සැමිනර්නේ !!

තාත්තා : එක්සැමිනර් ? ඌ කිවද යකෝ වැස්සෙ 80ට විතර යන්න කියලා ?

මම : "ඔලුව කසයි" (උකුනොද මන්දා) නෑ ඉතින් මම වැස්සෙ බ්‍රෙක් චෙක් කරන්නත් එක්ක පාගලා අවේ..ඔන්නම් මල්ලිගෙන් අහන්න මම බ්රේක් චෙක් කරේ නැද්ද කියලා (ඊට දවස් දෙකකට කලින් පොඩ්ඩක් බ්‍රේක් ඇජෙස්කලා පුතංඩියගෙ හැටි දන්නවනේ තාත්තා :D )

තාත්තා : කවුද උබට කිවේ පාරේ යන ඇවුන්ව නාව ගෙන යන්න කියලා ?

මම : ඈ පිස්සුද මම නැව්වේ නෑ...!! මිනිස්සු එන තැන් වල මම ස්ලෝ කලානේ !!

තාත්තා : එහෙනම් බලපිය අර බාසුන්නහෙගෙ ඇගේ තියෙන වතුර පාර..! (එයා අපෙ ගෙදර වඩු වැඩ කරන්න අපූ බාස් කෙනෙක්)

මම : (හුටා.! මූ නෑවිලනෙ) ඈ බාසුන්නහෙ හොදටම ශුවර්ද මම පාගලා ගිහින් වතුර වලකින් ඇල්ලුවා කියලා ?

බාස් උන්නැහැ : නැතුව පුතේ මට හොදටම ශුවර්...! අනික මේ වගෙ සුදු වැන් එකක් තියෙන්නෙ මෙක විතරයි (නම්බර් ප්ලේට්‍ තියෙනවා හරිද !) :D

මම :  (නොදෝකින්..! මේ මනුස්සයම තෙමිලනෙ.) ම්ම් මොනා කරන්නද ඉතින් මම දැක්කේ නැනෙවැ.

තාත්තා : තෝ මනුස්සයෙක් යට කරලත් දැක්කෙ නැ කියාවි..!

මම : (අදනම් උකුණො ඔලුවෙ පිලුම්ගහනවද කොහෙද) මම ඉතින් බ්‍රේක් චෙක් කරානේ !!

තාත්තා : බ්‍රේක්..!  හෙමින් ගියානම් ඔය මගුල ඔන්නෑනේ !! අනික හෙමින් ගියාම අනතුරක් වලක්ව ගන්නත් පුලුවන්. ! පාගලා ගිහිල්ලා බ්‍රෙක් ගැහුවනම් ලිස්සලා ගිහිල්ලා පෙරලෙන්නත් තිබුනා..!!

මම :  ඔව් එකනම් ලර්නර්ස් එකේදිත් කිව්වා..! වහින කොට හෙමින් යන්න කියලා..!

තාත්තා :   ඈ යකෝ එහෙම කියලත් තෝ යන්නේ හයියෙන්ද ? මගේ වැරැද්ද..සම්පූර්ණයෙන් ලර්නර් දැම්මෙ නැ මම හිතුවෙ පොඩි එකා කාලේ ඉදන් වහනේ ගෙනියන නිසා ඔවා දන්නවා ඇති කියලා..!! ඔනෙ එකක් කර ගනින් මම දන්නැ..හැප්පිලා මැරුනොත් පෙට්ටියක් ගෙනැල්ලා දාලා වලලලා දාන්නම් !!

මම : (යන්තම් ගැලවිනි :D)  ඒත් ඉතින් වැන් එක අපි ටැස් කොරලා තියා ගන්න එක හොදයිනෙ..!

තාත්තා : මටනම් ටෙස් කරන්න ඔනේ නැ මම යන්නෙ හෙමින්.! මට යන්තම් බ්‍රේක් තිබ්බත් ඇති.!

මම : අපෝ එහෙනම් වාහනයක් ගත්තෙ මොකටද ? පයින් යන්න තිබ්බනෙ..!

බාස් උන්නහේ : එකනෙ මහත්තයෝ මේ මාත් ඔක අහන්න හිටියෙ..හැබැටම හෙමින් යනවනම් වාහනයක් ඔනේ නැනෙවැ.!

තාත්තා : (මගෙ දිහා රවා බලයි) හා ගිහින් දැන් වැන් එක හෝදපිය..!!

මම : (හුටා..! බනියා නහින්නෙ කට නිසාලූ)  හා හොදන්නම් ඉතින්...!

මෙ ඔක්කොම අසා සිට බාසුන්නහේ මෙන්න මෙහෙම කතාවක් කිවා අන්තිමට

හැබැටම පුතේ මාව නාව ගෙන, ඉස්කෝලෙ ගාවට ගිහිල්ලා, මල්ලිත් අර ගෙන, ඇවිල්ලා ගෙදරට එන කොට තමා මාත් අවේ..! හික් හික් ඒ බාසුන්නහේ බයිසිකලෙන් 400m විතර ප්‍රමාණයක් තමා එන්න තිබ්බෙ මම ඒ ඩිංගට ගිහිල්ලා ඇවිල්ලා. හිතා ගත්තැහකිනෙ වේගේ ?

මම මේ පොස්ට් එක දාලා පොර වෙන්න දගලන්නෙ නැ..මම කියන්නෙ මෙකෙන් ගන්න තියෙනවනම් අදර්ශයක් ගන්න..! ඇත්තටම අපි වේගෙන් ගිහිල්ලා සිත පිනව ගත්තට එකෙන් වෙන අනතුරූ දායක තත්වය ගැන හිතන්නෙ නැ.! අපි කොතරම් අරක්ශා කාරී විදියට ගියත් පාරේ යන මිනිස්සුන් සමහර විට නොසැලකිලිමත් වෙන්න ඉඩ තියෙනවා..! ඉතින් එවැනි අනතුරක් වෙන් ගියොත් සාමාන්‍යයෙන් අඩුම ගානෙ අනතුරේ බලපතර කම අඩු කර ගන්න හරි පුලුවන්..!

සාමාන්‍යයෙන් අනතුරක් වෙන්න ගියොත් එක වලක්ව ගන්න පුලුවන් ක්‍රමය 2ක් කියලා දෙන්නම්.

1. වේගෙන් ගිහිල්ලා වාහනේ හසුරව ගන්න බැරි වේගෙන වගේ අවොත් ටක්ගාලා ඇක්සලේටරයෙන් කකුල අරන්, ක්ලච් එක පාගලා දෙවැනි ගියර් එකට දාගන්න, ඉට පස්සෙ ක්ලච් එක හෙමිට දෙන ගමන් බ්‍රේරේක් එක වැර දාලා පාගන්න (ඒකට රිදෙන්නෙ නැ:)

2. ක්‍රමේ තමා එහෙම වේගෙ අඩු කර ගන්න බැරිනම් කොහෙ හරි තියෙන තාප්පෙක වහනේ පැත්තක් අතුල්ලගෙන යන විදියට අල්ල ගන්න. වහනෙ පැත්තක් ඩැමජ් උනාට කමක් නැ ජීවිතේ බෙරෙනවනෙ !!

3 තනියෙම යනවනම් වහනෙ දොර ඇරලා එලියට පනින්න :D අතක් පයක් කැඩුනට ජිවිතේ බෙර ගත්තැහැකි :D

කොහොම බන කිවත් මටනම් 80 වෙන් මෙහානම් යන්නම බැ :D ඔන්න දැන් එකටත් කොක්කක් වැටිලා.. ඉස්සර වේගෙන් ගිහිල්ලා අහු උනොත් දඩ කොලේ ගෙවලා ශෙප් වෙතැහැකි
දැන් එව්වා හරි යන්නැ කෙලින්ම උසාවී දානවලු..!

දැන් කල් පනා කරනවා ඇති වේග සීමාවන් දක්වන පුවරු ගොඩක් පාරවල් වල නෑ කියලා.. ඉස්සර අපිට අයිතියක් තිබ්බා ඒ ගැන අහන්න. මතකනෙ දවසක් මාත් ඔක ඇහුවා කියලා කිවා.. :D
එත් දැන් එහෙම අහන්නත් බැහැ.. දැන් එම වැරැද්ද සලකන්නෙ, අදික වෙගයෙන් දාවනය, අනාරක්ශිත ලෙස දාවනය, නොසැලකිලිමත් ලෙස දාවනය කියන අංශ වලට. !

මේ ඔක්කොගෙන්ම වෙන්නෙ මේ අහිංසක බනියගෙ ආසාව නැති වෙන එක.. මොනා කරන්නද ඉතින්..ආංඩුවට සල්ලිත් එපැයැ නේද ? :-)

අපේ ඉතින් සමහර අයියලා අක්කලා දන්නවා උසාවී ගානෙ රිංගන්නෙ නැතිව ඔක ගොඩින් පොලිස් මාමලා එක්ක බේර ගන්න ක්‍රම.. මම කියන්න ඔනේ නැනෙ ? දන්නවනෙ ? දන්නෙ නැත්නම් කාගෙන් හරි අහගන්න හොදේ :D

බකට්‍ No 2 : සමාවෙන්ට ඔනේ දැන් මගේ අත රිදෙනවා පස්සෙ දවසක එකත් කියන්නම්කෝ  !! :D


ඉතින් මගෙ මෙ කතාව අසා සිට ඔබ සැමට බොහෝම පිං  ඈ ...
කෙටි කතාවකුත් සමඟ අයේ සමග හම්බු වෙමුකෝ...එතකම් අයුබෝවේවා !!


                                                                                                   Bunny...!

Saturday, April 10, 2010

"හා" නෝනට ගමන් මල්ලක් !!

ඔන්න ඉතින් bunny කොලුවා කාලේකින් අවා මේ පැත්තේ. දැන්නම් මාස 1 1/2 ට විතර කිට්ටු වෙලා ! මොනා කරන්නද අනේ ඉතින් වැඩ වැඩ වැඩ !!

 දැන් ඉතින් කතාවට බහිමු ! මෙකයි කතාව..මම කලින් කිවනේ හා කැල්ලක් සෙට් වෙච්ච කතාව :-P (හාවගේ ගැනු සතා නෙවැ හා කැල්ල කියන්නෙ. :)  අනේ ඉතින් මෙයාව කරේ තියාගෙන ගිහින් දැන්නම් bunny ගේ පිටේ පැත්තක් බකල් ගහලා වගේ ! මොනා කරන්නද ඉතින් බැද ගත්ත බෙරේ ගහන්ටත් එපැයැ :-D අනේ ඉතින් දැන් නුවර එහෙමත් යන්න වෙන කොට බැග් දෙකක් උස්සන් යන්න වෙන නිසා. අපේ කල්හාර මලයා කිවා බැක්පැක් එකක් ගමු කියලා ! එවගෙ ඉතින් හොද හැටි ඇදුම් ටිකටයි නෝනටයි ඉඩ තියෙනවා නෙවැ.. :-)

ඔන්න ඉතින් නිවාඩු දවසක් බලලා මායි කල්හාරයයි ගියා කොළඹ පැත්තෙ පොඩි විසිට් එකක් දාලා බලන්න..
අපිට පොඩි ඉඟියක් දිලා තිබ්බා ඒ කිව්වෙ මේ E-mail එක්ක ඇවිත් තිබ්බා නෝලිමිට් එකේ බැක්පැක් තියේනවා කියලා හරිම ලාබෙට !. අනෙ ඉතින් අපිත් ගියා එකට. නෝදෝකින් විතරක් ගත් කටටම කිවනේ දැන් එවා කරන්නේ නෑ කියලා. කෝකටත් තව ශාඛාවක් තියේ කියලා එකට යන්න කිවා (තැනනම් දන්නෑ මාත් ඔහේ ගියා ;) අනේ නොදෝකින් එතනිනුත් කීවේ  අර කතාවමයි. ඒ මදිවට මොකෙක්ද එකෙක් ඉන්ගිරිසියෙන් කියවන් කියවන් ගියා. මාත් හුම් හුම් ගැවා එච්චරයි අපි ටික් ගාලා එතනින් මාරු උනා :D

ඔන්න ඒපාර අපිට ඩනිශ්ක අයියත් සෙට් උනා බැක්පැක් හොයන වැඩේට. ඔන්න ඉතින් ඔනේ මගුලක් කියලා අපි ගියා මෙවට ප්‍රසිද්ද යුනිටි ෆ්ලාසා එකට. අපි 3 දෙනා බෙදිලා ගියා එක එක කඩ වලට.. අම්මෝ මේවගෙ ගනන් ! ඔන්න අපිට පොඩි බඩ ගින්නක් වගේ අවා නිසා MC එකපැත්තට ගියා කන්න කියලා, කාලා බීලා ඔක්කොම ඉවර කරලා MC එකෙත් පොඩ්ඩක් කැරකිලා බැලුවා. ඔහ් ඔන්න එපාර ඩනිශ්ක අයියට සපත්තු පිස්සුවක් හැදිලා :P සපත්තුවකුත් තේරුවා :-D එකත් අරන් අයේ අවා යුනිටියට. ම්ම් එකේ හිටිය කොල්ලට පොඩි ටොකක් කාරිය දාලා බොහෝම අමාරුවෙන් 6200 කට එකක් ගත්තා :-( මොනා කරන්නද නොනත් පරිස්සම් කර ගන්න එපැයැ :) ඒත් එක්කම තව USB  Hub එකකුත් ගත්තා. ඔක්කොම 7000ක් :-O apoyyy

                                              මෙන්න මෙක තමා මම ගත්ත.

අයේ ඉතින් මම විතරක් බැක්පැක් අරන් හරියනවද ? කල්හාරටත් එකක් ගන්ට එපැයැ. උගෙ බජට් එකට හරියන්න බැග් යුනිටියේ නෑ, ඉතින් දැන් ඩැනී අයියටත් ගෙදර යන්න ඔනේ කිව නිසා එයාට යන්න කියලා අපි ගියා අයේ  මල්වත්ත පාරේ පොඩි විසිට් එකක් දාන්න ! අම්මේ බැග් කඩ වැහි වැහැලා !හිතා ගන්න බෑ අපිටම :-) ඔහොම ඉතින් එකෙන් එක කඩවල් වල ගනන් අහ අහ ගියා..අනේ දැන් අපිටම එපා වෙලා එක එක බැග්  තියෙනවා එකක් තෝර ගන්න බෑ :-)
           කොහොම හරි එක කඩේකින් පැය ගානක් එහා මෙහා කර කව කව බලලා, කතා කරලා එකක් තෝර ගත්තා  ඊට පස්සෙ  කඩේ අයියට් පොඩි දුක හිතෙන ටෝක් එකක් දැම්මා.. :-D  අනෙ ඉතින් ඌ කියාපි ඉස්කොලෙ යන මල්ලිලානේ ඔන්න මල්ලො මෙක මේ *000 ගානට ගන්න කියලා දුන්නා :D එකත් අරන් විගහට ගෙදර එන්න ඔනේ කියලා එන්න හැදුවාම මතක් උනා මගේ පොන් එකට ලැප්ටොප් එකෙන් චාර්ජ් වෙන කෙබල් එක්ක හදා ගන්න ඔනේ නෙද කියලා.

අනෙ ඉතින් එක මම පස්සෙ දවසක විස්තර  ඇතිව  දාන්නම් කොහොමද හදා ගන්නෙ කියලා ! නැත්නම් මෙතන අච්චාරුවක් වෙනවනේ :D

අපොයි දුක හිතෙන කතාව කියන්න බැරි උනානේ :-(

මේ ඔක්කොම අරගෙන ගෙදර එන්න කියලා හිතාගෙන බස් එකක නැග්ගා. අනෙ මගේ අහින්සක පෙන් එක එකේදි හැලිලා :-( මොනවා කරන්නද හිතා හදා ගෙන ගෙදර අවා !

අනෙ ඉතින් මේ කතාව අහන් හිටියට බොහොම ස්තුතියි ඈ :-D
අයේ හමුවෙමුකෝ !!
                                   
                                     සුභ අලුත්වුරුද්දක් වේවා හැමෝටම
                     

                                                                                                 Bunny !

Wednesday, March 17, 2010

bunny ටත් හාවියෙක් :P

                ඔන්න ඉතින් කාලෙකින් මේපැත්තෙ ආවා. මේක ලියන්නෙත් වැඩ ගොන්නක් තියාගේන :D. මේක බලන අය හිතාවි bunny ට ගිය කල මොකක්ද කියලා :D. ඇත්තම කීවොත් හා කැල්ලක් නෙවේ.  මේක මේ ලැප්ටොප් එකක් නෙ :) මාත් ඉතින් අවුරුදු ගානක් පෙරුම් පුරලා මීට දවස් පහකට විතර උඩදි ගත්තනෙ ලැප්ටොප් එකක්.


මෙහෙම හිටියට හෙන වැඩ කාරයා ! ඔනේ දෙයක් බෑ නොකියා කරලා දෙනවා :) ඉතින් මගෙ වැඩ වලට ගොඩක් පහසුයි මොකද දැන් මෙයා ඉන්නවනෙ :D

මේ තියෙන්නෙ මේකේ විස්තර ටික  :D

General

    * Recommended Use Corporate business , Small business
    * Built-in Devices Wireless LAN antenna , Speaker
    * Width 14.6 in
    * Depth 10.0 in
    * Height 1.3 in
    * Weight 5.5 lbs
    * Localization English / United States
    * Notebook type Budget , Thin-and-light (4-6 lbs.)
    * Screen type Widescreen
    * Wireless capabilities IEEE 802.11b , IEEE 802.11g

Processor

    * Processor Intel Core 2 Duo T5870 / 2.0 GHz
    * Multi-Core Technology Dual-Core
    * 64-bit Computing Yes
    * Data Bus Speed 800.0 MHz
    * Chipset Type Mobile Intel GME965 Express

Cache Memory

    * Type L2 cache
    * Cache size 2.0 MB

RAM

    * Installed Size 3.0 GB / 4.0 GB (max)
    * Technology DDR2 SDRAM - 800.0 MHz
    * RAM form factor SO DIMM 200-pin

Environmental Parameters

    * Environmental standards EPEAT Gold , EPA Energy Star
    * Min Operating Temperature 41.0 °F
    * Max Operating Temperature 95.0 °F
    * Humidity Range Operating 10 - 90%
    * Shock Tolerance 125.0 g @ 2ms half-sine pulse (operating) / 200.0 g @ 2ms half-sine pulse (non-operating)
    * Vibration Tolerance 0.75 g @ RMS (random) (operating) / 1.5 g @ RMS (random) (non-operating)

Storage Controller

    * Storage controller type Serial ATA
    * Storage Controller / Serial ATA Interface Serial ATA-300

Storage

    * Floppy Drive None
    * Hard Drive 500.0 GB - Serial ATA-300 - 5400.0 rpm
    * Storage Removable None
    * Hard drive type Portable

Optical Storage

    * Type DVD±RW (±R DL) / DVD-RAM - Integrated
    * CD / DVD read speed 24x (CD) / 8x (DVD)
    * CD / DVD write speed 24x (CD) / 8x (DVD±R) / 2.4x (DVD+R DL)
    * CD / DVD rewrite speed 16x (CD) / 4x (DVD±RW) / 5x (DVD-RAM)
    * Disc Labeling Technology LightScribe Technology

Optical Storage (2nd)

    * 2nd optical storage type None

Card Reader

    * Card reader type Card reader
    * Supported flash memory cards MultiMediaCard , SD Memory Card

Display

    * Display Type 15.6 in TFT active matrix
    * Max Resolution 1366 x 768 ( WXGA )
    * Widescreen Display Yes
    * Features BrightView , LED-backlit

Video

    * Graphics Processor / Vendor Intel GMA X3100 Dynamic Video Memory Technology 4.0
    * Max Allocated RAM Size 384.0 MB

Audio

    * Audio output type Sound card
    * Audio output compliant standards High Definition Audio
    * Audio Input Microphone

Notebook Camera

    * Camera Type Integrated
    * Sensor Resolution 2 Megapixel

Input Device(s)

    * Input device type Touchpad , Keyboard , Pointing stick


Networking

    * Networking Network adapter
    * Networking / Wireless LAN Supported Yes
    * Wireless NIC Intel PRO/Wireless 3945ABG
    * Data link protocol IEEE 802.11a , Ethernet , Fast Ethernet , IEEE 802.11g , Gigabit Ethernet , IEEE 802.11b
    * Networking / Bluetooth Class Class 2
    * Remote management protocol SNMP
    * Networking standards IEEE 802.11b , IEEE 802.11a , IEEE 802.11g

Expansion / Connectivity

    * Expansion Slots Total (Free) 1.0 ( 1.0 ) x Memory - SO DIMM 200-pin , 2.0 ( 0.0 ) x ExpressCard/34
    * Interfaces 1.0 x Audio - VGA - Mini-phone stereo 3.5 mm , 3.0 x Network - Line-out/headphones - 15 pin HD D-Sub (HD-15) , 1.0 x Display / video - Input - RJ-45 , 1.0 x Microphone - Ethernet 10Base-T/100Base-TX - Mini-phone stereo 3.5 mm , 1.0 x Hi-Speed USB - 4 pin USB Type A

Miscellaneous

    * Features Power-on password , HP Night Light , DriveLock , Enhanced Pre-Boot Security , One-Step Logon , Ownership tag , Security lock slot (cable lock sold separately) , Memory change alert , HP Disk Sanitizer , HP Enhanced DriveLock , System password , HP 3D DriveGuard , HP DuraKeys , HP SpareKey
    * Compliant Standards VCCI , GOST , GS , MIC , A-Tick , CE , ICES , UL , BSMI , CSA , FCC , CCC , SABS

Power

    * Power device form factor External
    * Voltage Required AC 120/230 V

Battery

    * Technology 6-cell Lithium ion
    * Installed Qty 1.0 / 2.0 (max)
    * Battery capacity 47.0 Wh
    * Mfr estimated battery life 6.25 hour(s)

Operating System / Software

    * Fedora :D

Manufacturer Warranty

    * Service & Support 1 year warranty



ඉතින් ආයේ හම්බවෙමුකෝ !

                                                                                                Bunny !

Tuesday, March 2, 2010

ඔන්න බනීත් දැන් ලාංකිය සිතුවිලි වලට ගියා !!

ඔන්න බනී ළමයත් මේ අලුතින් ආපු ලාංකීය සිතුවිල් සින්ඩිකෙටරයට දාලා කියලා හැරුනු තැපැලෙන්ම ලිපියක් ආවා නෙවැ. හරිම සතුටුයි. ඔයාලත් තම තමන්ගෙ බොලග් අඩවි මේකට ඇඩ් කරගන්න මෙන්න ලින්ක් එක ලාංකීය සිතුවිලි

Friday, February 26, 2010

බනීට රජකම ලැබුනොත් !

         

ඔන් ඉතින් මේක අමුතු තාලේ මාතෘකාවක් වේවි. මේ කියන්ට යන්නෙ බනියාට හිතිච්ච තවත් සිතුවිල්ලක් ගැන.
             බනියා කැරට් අලයක් හප හප ඉන්නකොට නිකමට හිතුනා රජකම ලැබුනොත් මොකැ කරන්නෙ කියලා. මඩ හොදා ගත් කල ගොවියා රජකමට සුදුසුයි කියනවනම් හාවෙක් කැලෙන් එලියට ඇවිත් රජ කමට එන්ටර් වෙන එක කජ්ජක්ද කියලා හිතුනා.
අප්පා... මේන් එනවා අයිඩියාස්. ඔන්න මට හිතුන දේවල්...


1. මුලින්ම කරන්නෙ වල් හාවෝ අල්ලලා දානවා හිරේ. (ඔය අහිංසක සිල්වා වගේ ඉන්න හාවෝ)
2. හොද වැඩක් කරන හාවෝ මගේ ඇමතිමණ්ඩලය කරගන්නවා. (ඇමතිලා 20ක් පමනි!)

ඔන්න දැන් වැඩ පටා....න් ගන්නවා..

3. සියලුම පාරවල් අයිනෙන් තියෙන නිවාස, පේමන්ට් කඩ, කැතයි කියලා හිතෙන ඔනම දෙයක් පාරෙන් 100m වෙන්න ඇතුලට ගෙනියනවා.

4.පාරවල් දෙපැත්තෙ ගස්, වැල්, මල්,  හිටවලා. උද්‍යාන හදලා පිස්සු නටනවා :P

5. මුහුදු අයිනෙ නිදහසේ ඇවිදින්න තැන්, BBQ, කුඩාරම්, රෝද සපත්තු පදින්න තැන්, බොට්‍ටු පදින්න ඔනේනම් බෝට්ටු, නිසි කසල ප්‍රතිචක්රීකරණ වැඩ සටහන් ( Eg: කුණු කුඩ,etc)

6. සියලුම ධිවරයින්ට අදි ආරක්ෂිත විශේෂිත හාබර්.

7. කාර්පට්‍ කර මන්මාවත්.(අදිවේගි මාර්ග අවශ්‍ය නැත.)

8. අදිවේගී දුම්රිය මාර්ග. සියලුම ශිට් එකක් යටම 230V විදුලි සැපයුමක් හා WiFi Zone,
     Coin laptops :D ,  A/C


9. පරිගණක උපාංග රටවල් වලින් ගෙන්වීම තහනම්! සියලුම දෑ ලංකාව තුල සාදා ගත යුතුයි. (පිටරට සමාගම් වල වැඩ කරන ලාංකිකයින් වහාම ලංකාවට පැමිණිය යුතුයි.) අවශ්‍ය  අමු ද්‍රවය සදහා ණය සහන.

10. භාවිතා කල  වාහන ගෙන්වීම තාහනම්! බ්‍රැන්ඩ් නිව් වාහන අවශ්‍යනම් පමණයි! සියලුම වාහන Made In Sri lanka :D

11. අභ්‍යාවකාශ මද්‍යස්ථානයක්. නාසාහි වැඩ කරන සියලුම ශ්‍රි ලාංකිකයින් වහාම පැමින වැඩ පටන් ගත යුතුය.

12. අදි වේගී අන්තර් ජාල සේවාවන් ( ලිමිටඩ් සේවාවන් තහනම්.!  එම අයතන විසින්  ලබා දෙන  වේගය 20Mbps වලට වඩා අඩුනම් වහාම ඉවත් කරගතයුතුය.!)  විශේශයෙන්ම නුවරට :D @Malinthe :P

13. සියලුම ආහාර ලංකාවේ ඒවා පමණි! (කැරට් සදහා මුල් තැන :P )

14. CTB බස් (සිලෝන් ටකරන් බස්) ඉවතට. (සියලුම බස් A/C විය යුතුය.)

15. සියලුම පාසල් සදහා එකම සැලකිල්ල. (එකක්වත් ලොකු නැත) අවම සිසුන් ගනන 1500 යි.
      එක එක ගාස්තු එකතු කිරිම තහනම්. ළමයින් පාසලට ගැනිම සදහා කඩදාසි පෝරමයක් පිරවීම සෑහේ. ඇවැසිනම් අන්තර්ජාලයෙන් ඉල්ලුම් කල හැක :D (පගාව ගැනිම සපුරා තහනම්)  :)

16. සියලුම පරිගණක මෘදුකාංග රටවල් වලින් ගෙන්වීම තහනම්. ලංකාවේම නිපදවා ගත යුතුය.
     ( නිල OS  එක ලිනක්ස් පාදක කරගත් එකක් විය යුතුය.) හොර එවා තහනම් !

17. ...................

තව ගොඩා.........ක් තියෙනවා.. එවා ලියාගන්න වෙලාවක් නෑ :( අයේ පස්සෙ දවසක රජ කම ලැබුනොත් ඉතුරුවා දාන්නම් :P

ඉතින් යාලුවනේ මේවා කැරට් එහෙම නෙවේ දෙනවා කිවොත් අනිවා දෙනවා. :)

ඉතින් මගේ මේ විකාර අදහස් කියවලා ඔයාලගෙ වටිනා කාලය කාගත්තට බොහෝම ස්තුතියි! :D
  
කමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා හොදේ :D

                                                                                                                    Bunny !

.

Wednesday, February 24, 2010

බනියට තවත් අකර තැබ්බයක් !

කොහොමද යාලුවනේ. ඔන්න මම කාලෙකින් මේපැත්තෙ අවා. අද මට මරු වැඩක් තමා උනේ මම ගියා අද අපේ ටවුමට මූසිකයක් ගන්න කියලා හිතාගෙන. තවත් යාලුවෙක් එක්ක ගියේ උගේ පෝන් එක කැඩිලා ඒක හදා ගන්නත් එක්ක. ඉතින් මගෙ යාලුවගෙ මොටෝ බයික් එකෙන් තමා ගියේ. ඉතින් මට ලැයිසොන් ලැබිච්ච හින්දා මම තමා අරන් ගියේ ඒක.  (ලයිශන් අරන් මාස 4ක් විතර උනා අද තමා බයික් එකක් ඇල්ලුවෙ)  ඔන්න ඉතින් ඔක්කොම රාජකාරි ටික කරගෙන ඉවර  වෙලා අපි එන්න කියලා හැරුනා. හපොයි වැඩි දුරක් යන්න උනේ නෑ නැවැත්තුවෙ නැතෑ සුදු ඉරි මාමා කෙනෙක් ;D. අපොයි  මම 61 km/h ට ගිහින්. දැන් මොනා කරන්නද. ඔන් ඉතින් පුජාව පටන් ගත්තා. මෙයා මගේ ඔක්කොම වැරදි කියන්න ගත්තා.

රාල හාමී:   මම බලන් හිටියෙ ඈත ඉදන්ම. මොකෑ මෙච්චර හදිස්සියක්. අනික අර බස් එකට ඉස්සර කරන කොට තොට මතක් උනාද සිග්නල් දාන්න ඔනේ කියලා ?. බලපන් තොගෙ මීටරේ කැඩිලද ? ඈබොල මොකද අර අස්ස කුලප්පුව හැදිච්ච එකා වගේ ඈ ? "

මම : ඉතින සැර් මේ පාරේ 80ට යන්ට ඇහැකි නේද ? අනික බස් එක කොට කොට නේ ගියේ !

යාලුවා : කකුලෙන් ගසයි!

රාල හාමී: ඈ බොල වල් හාවෝ තෝ හිතුවද මේක රේස් පදින තැනක් කියලා ?

මම : නෑ මාමේ මේ මම කීවේ.....

රාල හාමි:  ඈ ඒපාර තොට මම මාමා උනාද ?

මම : සොරි සර් මේකයි. මට කෙනෙක් කීවා මේ පාරේ 80ට යන්න ඇහැකි කියලා මම අදුරන කෙනෙක් කීවා. ඉතින් මම 60ට අවා. අනික තාම මේ පාරේ වේග සීමා දාලා නෑනේද ? ( රාල හාමිගේ මූන ඇබුල් වේ)

රාල හාමි : හා හා ගනින් ලැයිසන් ඉන්ශුරන්ස්,

මම: ආ මෙන්න

රාල හාමි: ඈ බොලන් උබට තාම ටෙම්පරියක් නේද තියෙන්නෙ ? ඒක තියාගෙනද මේ අශ්ව රේස් යන්නෙ ?..   ( මට කියන්න  හිතුනි මම හොරෙන් බයික් පැද්ද තරම) :D

මම :  :D (හැරි :P)

මම : සර් අදුරනවද,   ****රාල හාමිව ?

රාල හාමි:  ඔව් දන්නවා.

මම:  ඒ අපේ මාමා නෙ. (:O)

රාල හාමී:   ඇ ඈ මේ අර අපි කැර කෙන කූඩු තරගෙදි (ඒ කුඩුව ප්‍රථම ස්තානය හිමි කරගත්තා) මොටර් එහෙම හයි කරලා අපිට උදව් කරපු පුතා නේද ?(දැන් පුතා වී ඇත) අයියෝ බන් කලින් කියන්න එපැයැ මට මතක නැති උනානේ  හරි හරි පුතා. එහෙනම් පරිස්සමෙන් ගෙදර යන්න හොදේ. 

යාලුවා : බොහොම ස්තුතියි අන්කල්! :)  (රාල හාමි කෙනෙකුට අන්කල් කියන්න චැන්ස් එකක් අරන් දුන්නට ඌ මට හොදටම ස්තුති කලා :P )

ඉතින් අපි පරිස්සමෙන් 80km/h විතර ගෙදර ආවා :P
ඔන්න ඕකයි අන්තිමේ උනේ. මටයි යාලුවටයි හොදොටෝම හිනා..

ඉතින් ආයේ මේ වගේ කතාවකින් හම්භවෙමුකෝ එතකන් අයුබෝවන්!!

පා:ලි: 
          මම කලින්ම දැන ගත්තා රාල හාමි මවා අදුරනවා කියලා ඒකයි පොර ටෝක් දැම්මෙ. වෙන කෙනෙකුටනම් බනියාට මෙවන් දෙයක් කියා ගත නොහැක. එහෙම උනානම් ඉතින් කලිසමේම තමා යන්නෙ :P)

                                                                                                     bunny !!




.

Tuesday, February 9, 2010

Fedora හි තිරය මත සිදුකරන දේවල් රෙකෝඩ් කරගමු .!

            මෙන්න බනීට තවත් එළම එළ මෘදුකාංගයක් හම්බුනා. මේකෙන් පුලුවන් ඔයාලගෙ කම්පියුටර් එකේ තිරය මත පේන දෙවල් රෙකෝඩ් කරගන්න. මේකේ විශේෂත්වය තමයි සම්පුර්ණයෙන්ම නොමිලේ ඒ කියන්නෙ මේක GPL (GPL-General Public License) ඉතින් කිසි අවුලක් නැ ඔයාට. අනික මේක බොහොම කුඩා මෘදුකාංගයක්. (463 kb ) :D  
ඉතින් මේක පාවිච්චි කරලා ඔයාට එක එක වැඩ කරගන්න පුලුවන්. ඔන්නම් මොනව හරි මෘදුකාංගයක් ගැන පාඩමක් වගේ කරන්න පුලුවන්.

                                හරි හරි අපි මේක install කාරා ගාමුකෝ මුලින්ම.
ඔයා  Terminal  එක අරගෙන එකේ ඔය රතු පාට කල කොටස්  ටයිප් කරන්න


[anushka@Bunny ~]$ su -
Password:******

[root@Bunny ~]# yum install gtk-recordmydesktop


මම දන්න තරමින් මේක Ubuntu මත වැඩ කරනවා. 
එකට මේක දෙන්න

sudo apt-get install gtk-recordmydesktop

(Ubuntu පාවිච්චි කරන කෙනෙක් මේක කරලා බලලා කියන්න වැඩද කියලා හොදේ)


දැන් ඔක්කොම හරි ඊලගට මෙන්න මේකට යන්න..
          
                  Applications > Sound & > Video > gtk-recordMydesktop

ඉලගට මෙන්න මෙහෙම එකක් ඒවී..
 

මේකේන්  පුලුවන් දැන් ඔයාට ඔන දෙවල් රේකෝර්ඩ් කරගන්න. එකට කරන්න ඔන මේකේ තියෙන ඔය Record කියන බොත්තම ඔබන එක විතරයි. ඊට පස්සෙ ඔය තිරය නැති වෙලා යනවා ඔන්න දැන් රෙකෝඩ් වෙනවා.. දැන් ඉතින් මේක නවත්වන්නත් ඔනනෙ.  ඒකට කරන් ඔන ඔයාගේ උඩ තියෙන panel එකේ බලන්න පොඩි Button  එකක් ඇති. අන්න එක උඩ click කරන්


ඊලගට මෙන්න මෙහෙම එකක් ඇවිත් නැති වෙලා යාවී..


 ඊලගට එන එකෙන්   කැමති තැනකට Save කරගන්න.. 
ඔන්න දැන් ඔක්කොම හරි.. දැන් බලන්න සේව් කරපු තැන විඩියෝ එක තියෙනවද කියලා :)


මේකේ තව වැඩක් තියෙනවා. මෙන්න මේ පහල තියෙන කොටසේ මවුස් පොයින්ටර් එක තියලා පහලට අදින්න(මෙතන නෙවේ හොදේ ඔයාගේ මෘදුකාංගයෙ) එතකොට රතු පටින් ඇදේවි.

අන්න දැන් බලන්න රෙකෝඩ් කරලා. මොකද වෙලා තියෙන්නෙ ? ඔයා අර ඇදපු කොටස විතරයි රෙකෝර්ඩ් වෙන්නෙ. 
මේකේ  Advanced කියන කොටසින්  වෙනස්කම් කිපයක් කරගන් පුලුවන්. ඉතින් ඔයාලම අත්හදා බලන්නකෝ...

කොහොමද මේක නියමයි නේද ?
ඉතින් මේ ගැන මොනවහරි කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා හොදේ....
ගියපාරනම් කවුද හොද හාවෙක් මට බැනලා තිබ්බා මම අනුන්ගෙ ඒවා කොපි කරලා දානවා කියලා. ඉතින් මගේ මේ බලොග්  එක බලන ඔයාල දන්නවනෙ මම අනුන්ගෙන් කොපිකරලද නැද්ද කියලා.  ඉතින් මමනම් එවගෙන් සැලෙන්නෙ නෑ :) . හැමදාමත් ඔයාලට වටිනා දෙයක් දෙන්න තමා මම උත්සාහ කරන්නෙ.  අයෙමත් මේ වගේ දෙයක් ලැබුනොත් ඔයාලට අනිවා කියනවා... :) 
  
                        ඉතින් අදට අයුබෝවන්!

                                                                                                Bunny !


..